Monday, September 30, 2013

හතළිස් පස්වෙනි කොටස : සාප්පු සවාරි සහ හිරකූඩු



සාමාන්‍යයෙන් පිරිමි ළමයි සාප්පු සවාරි යන්න අකැමැතීලු. ඒක බස්සිගෙ යාලු කිරිල්ලියො ගොඩාක් දෙනෙක් නිතරම කරන පැමිණිල්ලක්. මේ හේතුව නිසාම බස්සිටත් නිතරම යාලුවන්ගෙ තනියට සාප්පු සවාරි යන්න ආරාධනා ලැබෙනවා නිතරම. බස්සිලාගෙ කැම්පස් එක තියෙන්නෙ රෙදිපිලි සාප්පු වලට ප්‍රසිද්ධ පලාතක නිසා මේ ගමන් බිමන් වලට ඒ තරම් කාලයක් ගතවෙන්නෙත් නෑ.

පිරිමින්ගේ සාප්පු සවාරි ගැන කවුරු කොහොම කතා කිවුවත් බස්සා නම් බස්සිත් එක්ක ඇඳුම් පැළඳුම් තෝරන්න යන්නත්, කඩවල් ගානෙ ඇවිදින්නත් කවදාවත් අකැමැත්තක් පෙන්වලා නැහැ. ඇඳුම් සීයක් විතර තෝරලා බලලත් බස්සිගේ හිතට හරියන ඇඳුමක් හොයාගන්න බැරිවෙන වෙලාවට බස්සාම තමයි වෙනත් ටවුන් එකකට ගිහින් හරි ගැලපෙන ඇඳුමක් හොයලා දෙන්න උනන්දු වෙන්නෙ.

බස්සාටත් අනිත් කුරුල්ලන්ට වගේම සාප්පු සවාරි යාම එපා කරපු සබ්ජෙක්ට් එකක් වෙන්න ඇති. ඒත් බස්සි වෙනුවෙන් බස්සා කිසිම අවලාදයක් නොනඟා ඒ කැපකිරීම කරනවා.

බස්සා කිසිම දවසක බස්සි අඳින පළඳින විදිය ගැන අනවශ්‍ය තහංචි දාලත් නැහැ.

"බස්සෝ ඔයාට බැරිද මටත් නිකමට වාගෙ නීතියක් දෙකක් දාන්න?" බස්සි සමහර වෙලාවට අහනවා.

"මොන නීතියක්ද?" බස්සා නළල රැලි ගන්වමින් මා දිහා බැලුවා.

"හ්ම්ම්ම්.... කොටට අඳින්න එපා කියන්න."

"ඉතින් බස්සියෝ ඔයා අඳින්නෙ ඩෙනිම් කලිසම්නෙ."

"ඒකත් ඇත්ත තමයි නේද..... එහෙනම් වෙන මොකක් හරි එකක් කියන්න."

"ඒත්...... ඇයි?"

"නිකම්, ආසාවට වගේ."

"නංගියෝ, කුරුල්ලෙක්ගෙ, සමනලයෙක්ගෙ ලස්සන පේන්නෙ කූඩුවක හිරකරගෙන ඉඳිද්දි නෙමෙයි. ඒගොල්ලො නිදහසේ ඉගිල්ලෙනකොට. ඔයාට නීතිරීති දාල කොටුකරලා තියාගන්න මට කිසිම වුවමනාවක් නෑ. ඔයාගෙ ආදරේ මට උපරිමයෙන් විඳින්න පුලුවන් වෙන්නෙ ඔයා නිදහසේ ඉන්නකොට."

"බස්සෝ...... එතකොට ඔයාට බය හිතෙන්නෙ නැද්ද මම ඔයාව දාලා යාවි කියලා?" බස්සි පරිස්සමින් වචන ගැටගැහුවා.

"මම දන්න එක දෙයක් තියෙනවා. ඔයා මට ආදරේ කරන තාක් කල් ඔයා මාව දාලා යන්නෙ නෑ." බස්සා මගේ කෙස් රොදක් ඇඟිලි දෙකක පටලවමින් ඈත බැලුවා. "දවසක ඒ ආදරේ නැති වුනොත්, ඔයා අසතුටෙන් මගේ ළඟ ඉන්නවාට මම කැමතිත් නෑ."

"හ්ම්ම්ම්......." ඒ කතාව බස්සිගෙ හිතට බර වැඩියි.

"නීති රීති එන්නෙ අවිශ්වාසයත් එක්ක. ආදරේ පදනම් වෙන්නෙ විශ්වාසය මත. එතකොට නීතිරීති වලින් බැඳලා දාපු කිරිල්ලියෙක්ගෙ හිතේ ආදරේකට ඉඩක් තියේවිද?" බස්සා මගෙන් ඇහුවා.

බස්සිට දෙන්න උත්තරයක් තිවුනෙ නෑ.

"ඔයා ඒ විශ්වාසය කඩ කරන්නෙ නෑ කියලා මට විශ්වාසයි. එහෙනම් මම නීති දාලා ඔයාව හිර කරන්නෙ මොකටද?"



17 comments:

  1. විශ්වවිද්‍යාලයේ ආදරය තෝරන අපේ කාලයේ රෝමියෝ ජුලියට් ලාට අනිවාර්ය කියවීමක් ලෙස නිර්දේශ කරමි!

    ReplyDelete
    Replies
    1. හි හී.... :) බොහොම ස්තූතියි නාඩියා!

      Delete
  2. Yap I also agree with you! See bassi I told u ne!

    ReplyDelete
  3. නිතී ඊති වැඩි වුන තැන ආදරය රැදෙන්න ටික කාලයයි.. නිදහසයි විශ්වාසයයි තමයි වඩා වැදගත් වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. කුරුල්ලෙක්ගෙ වුනත් ලස්සන පේන්නෙ කූඩුවක හිර වෙලා ඉන්නකොට නෙමෙයි, නිදහසේ ඉගිල්ලෙද්දි නෙව. :)

      Delete
  4. //නීති රීති එන්නෙ අවිශ්වාසයත් එක්ක. ආදරේ පදනම් වෙන්නෙ විශ්වාසය මත.//ඒ කතාව නම් සම්පූර්ණ ඇත්ත. කොහොම වුණත් මට නම් ඔය සාප්පු සවාරි පේන්න බෑ ගෑනු ළමයෙක් වුණත්.

    ReplyDelete
    Replies
    1. අනේ අයියෝ ඒ මොකද? බස්සිටනම් මාසෙකට සැරයක්වත් ඇඳුම් කඩවල් ගානෙ රස්තියාදුවක් ගැහුවෙ නැත්නම් කෑවෙ බිවුවෙ නෑ වගේ....

      Delete
  5. හික්ස් සාප්පු සවාරි හි විහිලු වැඩක් නේ ඈ.

    ReplyDelete
    Replies
    1. ඒකෙ මොකක්ද අප්පේ තියෙන විහිලුව?

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. සහතික ඇත්ත.
    අනවශ්‍ය විදියට සැක කරමින් නීති දාමින් ඉන්න එකේ තේරුමක් නෑ.ඒක මහ මානසික වධයක්.හැමදාම ඔහොම සැහැල්ලුවෙන් ඉන්න සුභ පැතුම්! :)

    ReplyDelete
  8. නීති දාන එකටනම් මමත් එකෙන්ම විරුද්දයි... මෙන්න මෙහෙම සීන් එකක් තියෙනවනෙ බොලේ... මගේ එකී මට නීති දානවනෙ.. ඒකට මොකද කරන්න ඕන... මම ඕකිව මරනව.. එතකොට හරි... ...

    ReplyDelete
    Replies
    1. ගානක් නැතුව කියන හැටි විතරක්. කවුද කියාපං ඒකි? මම මේ කොමෙන්ටුවෙ කොපියක් වහාම යවන්නං. එතකොට ඔය මාන්දමික කතා ආයෙ නොකියන්න හදලා ගනීවි.

      Delete
  9. බස්සා අයගේ අදහස සමග තරයේ එකගයි ..................

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටුයි ඒ ගැන.... මල්ලිගේ GF ගෙ වාසනාව තමයි ඒකනම්.

      Delete