Tuesday, September 17, 2013

උපාධිය ලැබුවෙමි - 2 (ඉට්ටැයිල්)



උපාධිය කරන එක කොච්චර ලේසිද කියල හිතෙනව ඒක ගන්න යන එක දවසට කන්න වෙන චාටර් එක දැක්කම. හොඳ විස්වාසෙට ගන්ට ආයුබෝවං බස්සි සාරි අඳින්ට සැලුන් එකට යද්දි වෙලාව පාන්දර පහයි.

 
මොනවා වුනත් සැලුන් එකේ අක්කා බස්සි යනකොට ගැජමැටික්ස් ටික සේරෝම සූදානං කරගෙන ආයුධ සන්නද්ධ වෙලා හිටපු එකම ලොකු දෙයක්. මූණෙ මේක් අප් උලන ටිකට බස්සිට හීන් නින්දකුත් ගියාලු ඒ තරමට ඇස් පිහාටු බරයි ඒ වෙලාවෙ.

 
ඔක්කෝමත් හරි කොණ්ඩෙ හදන්ට ගියාම තමයි බස්සිට තරු විතරක් නෙමෙයි ග්‍රහලෝක පවා පේන්න ගන්නෙ. බස්සි ඉතින් පොඩ්ඩක් මිටි කෙල්ල නෙව. ඉතිං සැලුන් අක්කට ඕනෙ වුනාලු බස්සිගෙ මිටි කම කොණ්ඩෙන් වහන්ට. ඒකට උන්දෑ කොලේ නැමි පනාවක් වාගෙ එකක් බස්සිගෙ ඉස් මුදුනෙන් තියාල ඒක කොණ්ඩෙන් වහපු එකයි. (මේකට පොස් බාසාවෙන් කියන්නෙනම් Hair bumper කියලලු.)



ඒක වහලා, කටු හැටහුටහමාරක් ගහලා, පාප්ප ස්ප්‍රේ එක උලාපුවාම කොණ්ඩෙ දිස් වුනේ මෙන්න මෙහෙමයි.




මං බස්සාගෙ උසට මැච් වෙන්න ඉන්නවා නේද දැං? බස්සි කොච්චර උසද කිවුවොත් ඩ්‍රයිවින් ලයිසන් ගන්න උසට වැඩිපුර අඟලක් අතින් එකතු කොරන්ට වුනාලු ඒ කාලෙ.




ඕක හැඩට පෙනුනට මොකද මොකෙක් හරි අනී ලත්තනායි කියාල ඔලුවට අත තිවුව ගමන් කන් දෙකෙන් තරු පනින්නෙ අර නැමි පනාවෙ දැති හිස් කබලට ඇනෙනකොට දැනෙන දිව්‍යලෝක සැපය නිසා.

 
යූ නෝ? බස්සි සාරිය අඳින්නත් මාරම කැමතියි. රස්සාවක්  හොයද්දි බස්සි මුලින්ම අහන්නෙ සාරි අඳින්න වෙනවද කියන එක. එහෙම වුනොත් ජොබත් රිජෙක්ටඩ්. ඒ තරමටම බස්සිට ඇඟට අපහසු ඇඳුමක් තමයිලු මේ සාරිය.

 
ඉතින් සාරියත් ඇඳලා, බරට බරේ උපාධි ලෝගුවත් පොරවා ගත්තාම නිකම් බදුලු බණ්ඩාරවෙල ගියා වගේ. මාරම හීතලයි.

 

ඕං ඉතින් අපි උපාධි සාලාවට ලං වුනා කියමුකෝ. හත්තිලවුවේ කෝ බස්සිත් එක්ක එකට කැම්පස් ගිය කෙල්ලෝ? අඳුරගන්ට පුලුවන් කොල්ලො ටික විතරයි නෙව. මොක්කුද මේ ඉන්න අනිත් උන්? මෙහෙම කහ පාට, රන් පාට කිරිටිස් කෑලි අපේ බැච් එකේ හිටියෙ නෑ නෙව.

 
විනාඩි දහයක් විතර යනකොට යාන්තම් මේක් අප් අස්සෙන් එකා දෙන්නාව අඳුනා ගන්ට පුලුවන් වුනා. බස්සිගෙ ඇඟට ලේ ඉනුවෙ එතකොටයි. නැත්තම් නන්නාඳුනන කට්ටියක් මැද්දෑවෙ පැය හතරක් විතර කම්මැලිකමේ ඉන්ට වෙයි කියාලයි බස්සි හිතුවෙ.

 
ආපහු එද්දි බස්සිට නැමි පනාව නිසා තද ඔලුවෙ කැක්කුමකුත් හැදිලා. බස්සා වෑන් එකට නැග්ග වෙලාවෙ ඉඳන් බස්සිගෙ කොණ්ඩ කටු එකින් එක ගලවලා ඔලුව ටිකක් නිදහස් කරන්න මාර ට්‍රයි එකක් දුන්නා. යාන්තම් පෑලියගොඩ පාළම පහුවෙද්දි නැමි පනාව ගලවලා ගන්ට පුලුවන් වුනා.

 
ආයෙත් නම් බඳින දවසටවත් කොණ්ඩෙන් උස හදන්න දෙන්නෙ නෑ සැලුන් අක්කට. මගෙ මිටි කම මට සැපයි. කොන්ත නෝනගෙ දේට කොන්ත නෝනගෙ කැමැත්ත කිවුවලු.

18 comments:

  1. ඔය බියුටිය කචල් කොරන එව්වට ගිහිල් නං කොන්ත නෝනගේ ඒවා කොන්ත නෝනට ඕන හැටියට තියාගන එලියට එන එකනං බොරු

    ReplyDelete
    Replies
    1. මොනා කොරන්නද? අද කාලෙ හැටියට බියුටිය කචල් කරලත් බෑ නොකරත් බෑ නෙව.

      Delete
  2. Aio aio man eth hithuwa igena gena wadi kamata oluwa udin idimila athi kila..hiks

    ReplyDelete
    Replies
    1. අනේ කවදාවත් ඔලුව ඉදිමෙන්නෙ නෑ මේ බස්සිගෙ. හොඳද ෆාති අක්කියෝ.....

      Delete
  3. ඕකට කියන්නේ නැට්ටට ඕනි විදිහට බල්ලා වැනෙනවා කියලා :D

    ReplyDelete
    Replies
    1. ඈ බොල කොලුවෝ.... කවුද බල්ලා?? :)

      Delete
  4. ෂහ්! බස්සිගේ හැඩ! :)
    ඔය නැමි පනාව නම් නියමයි.ඔහොම සුළුපටුවට පෙනුනට ටිකක් ගණන් මයෙ හිතේ.
    සැලොන් කතාවක් මතක්වුනා මේක කියෙව්වම හිමීට ලියන්නම්කෝ :)

    ReplyDelete
    Replies
    1. හි හී.... තැන්කූ තැන්කූ තනිතරුව.
      ඔව් ඔව් නැමි පනාව ගණන් වැඩියි වගේ තමයි. සැලෝන් අක්කා ඒක මට දෙන්න කලින් මල් තියලා දුම් ඇල්ලුවෙ නැති ටික විතරයි.

      ඉක්මනට ලියන්න හොඳේ. ගොඩක් සැලෝන් කතා පට්ට ආතල් නෙව. බස්සි මග බලාන ඉන්නවා ඕං.....

      Delete
  5. මේ දරුවා කොන්ත නෝනගේ කතාව හරියටම දැනගෙනද මේ භාවිතා කරන්නේ ..?

    ReplyDelete
    Replies
    1. මිරිස් වතුරෙ කතාව නේද? කොන්ත නෝනාට හොඳයි නම් ඒකත් මොකද?

      Delete

    2. උසාවි කතාව ...( මගේ මේකත් අයිති ආණ්ඩුවට කියලා දන්නේ අදනේ කතාව )

      Delete
    3. අනේ මම ඒක අහලා නෑ නෙව. කොන්ත නෝනත් ඇම්ඩන් වගේ කතා සීරීස් එකක් නෙ. අර නන්දා මාලිනීගෙ සිංදුවකුත් තියෙන්නෙ කොන්ත නෝන ගැන.

      Delete
    4. මේ තියෙන්නේ අපේ රවී තුමා විසින් ලියා ප්‍රසිද්ද කරන ලද්දක්... මේක බලන්න... http://ranrandil.blogspot.fr/2013/03/169-of-hairstyles-discipline.html?m=0

      මිරිස් වතුරේ කතාව පුළුවන් නම් දවසක දාන්න...යශෝද පේරද ..?

      Delete
    5. හි හි හී ඒක නම් පට්ට කතාව අලේ.... මිරිස් වතුරේ කතාව නම් දාන්න ලැජ්ජයි ලැජ්ජයි වගේ. බලමුකෝ.....

      නෑ අනේ බස්සි කැළණියෙ. ඔය "පොද්දෝ සහ අලයෝ" පෝස්ට් එකේ දාලා තිවුනෙ පින්තූරු ටික.

      Delete
  6. man nam paudgalikawa oya eka eka wichchoorana mune ulanawata poddakwath kamathi na... Aththa lassanata penawa. Eth e thaman neme. mata qutex ehema patta appiriyai. Ai danne na. Ape amma kiyanna man gal yuge manussayek kiyala.

    ReplyDelete
    Replies
    1. ක්ලාස් එකටයි, කඩපිලටයි, වෙන එකක් තියා බාත් රූම් එකටයි යද්දි මේක් අප් කරන එකට නම් මමත් දකින්නෙ මහ විකාරයක් විදියට. ඒත් ඉතින් උත්සව අවස්ථා වලදි නම් මේක් අප් නොදා බෑ නෙව මේ මූණත් තහඩුවට.

      Delete
  7. කොණ්ඩේ උස්සලා බැන්දාම තමයි බස්සී ලුක් එක එන්නේ!

    ReplyDelete
    Replies
    1. නැමි පනාව තියන්ට ඇත්තෙ ලුක් එක වැඩි කොරන්ට වෙන්න ඇති. :)

      Delete