Thursday, September 19, 2013

කුරුලු යාලුවන්ට මල් මිටක්




බස්සිගේ නවාතැන පටන් අරන් මාස දෙකකට ආසන්න කාලයක් ගතවෙලා. අද හැන්දෑවෙ නවාතැනට ගොඩවුනාමයි දැක්කෙ නවාතැනට ගොඩවැදුනු කුරුලු යාලුවන්ගෙ අඩි සළකුණු ගනන 10,000 කඩඉම පහුකරලා බව.




බ්ලොග් කලාවට නවකයෙක් වුන බස්සිට මේ තරම් දුරක් එන්න පුලුවන් වුනේ ආදරණීය කුරුලු යාලුවෝ නිසයි. ඔයාලගෙ අදහස්, යෝජනා වගේම පුංචි පුංචි චෝදනාත් බස්සිට ලොකු හයියක් වුනා.


වැඩ ඇරිලා එන්න රෑ වුන දවසක පෝස්ට් එකක් දාන්න අතපසු වුනොතින් පහුවදාට ෆේස්බුක් එකේ බස්සිට මරණ තර්ජන එල්ල කරන කුරුලු යාලුවො සෙට් එකත් ආදරයෙන් මතක් කරන්නම ඕනෙ. බස්සි වෙනුවෙන් මග බලාන ඉන්න කිහිපදෙනෙක් හරි ඉන්න බව එයාල මට හැම වෙලාවකම මතක් කරල දෙනවා.



හැම පෝස්ටුවකටම මොකක් හරි කින්ඩියක් දාලා හරි, විහිලුවක් කරලා හරි කොමෙන්ටු දාන කුරුලු යාලුවො සෙට් එකකුත් ඉන්නව. කොමෙන්ටු මගින් බස්සිව දිරිමත් කරන හැමෝටම මල් මිටක්.



මාසයක් විතරම බස්සිව බලන්න ආවෙ ෆේස්බුකියෙ කුරුලු යාලුවො කීපදෙනෙක් විතරයි. ඒත් බස්සිගෙ සහයට සින්ඩිකේටර හතරක් ඉදිරිපත් වුනාට පස්සෙ බස්සිගෙ නවාතැනට ගොඩවදින කුරුලු යාලුවන්ගෙ අඩි සළකුණු ගණනින් වැඩි වුනා.
අවකාශය, කොත්තු, මාතලන්ගේ සින්ඩිය සහ නොනිමි සිතුවිලි කියන සින්ඩිකේටර බස්සිට සවිමත් අත්වැලක් සපයනවා.

බස්සා නැත්නම් බස්සියෙක් කොයින්ද? එහෙම වුනානම් බස්සිගේ නවාතැනක් කොයින්ද? ඒ නිසා බස්සාවත් මේ සටහනට ආදරෙන් එකතු කරගන්නවා.



ඔයාලා හැමෝටමයි මේ මල් මිට!!!

39 comments:

  1. ආ...හා...party time :) :D

    ReplyDelete
    Replies
    1. මූට ඉතින් හැම එකටම පාටි. :)
      අනේ මන්දා කවදා හැදෙයිද කියලා :P

      Delete
    2. ඒක තමයි.....

      ඉල්ලන්න කලින් අපිට දෙන්න තියන පාටි දීල ඉන්න කියන්න ;)

      Delete
    3. ඒක තමයි. ඩේටාබේස් හදපුවට, html කියලා දීපුවට බස්සිගෙ බ්‍රෝකර් ගාස්තු සහ බස්සාගෙ කන්සල්ටන්සි ෆීස් ගෙවලා ඉන්න වෙයි. :P

      Delete
    4. චී..චී..කැතයි හොඳේ..උදව්වක් කරාම party ඉල්ලනවද ඔහොම සල්ලි හම්බුකරන මිනිස්සූ... :P

      Delete
    5. ඒක නෙන්නම් බොල පාටි ඉල්ලන්නෙ. නැත්තම් බිලක් එවනවනෙ.

      Delete
    6. o.O අනේ අපොයි!

      Delete
    7. විහිලුවතනෙ ලාලු කිවුවෙ, තලහ වෙන්න එපා හොඳේ. තඳුදත අල පොමිස් වෙත්ත පාතිය දෙන්නම්......

      Delete
    8. අලේ අපිතත් තඳුදත ඒ පොමිස් වෙත්ත පාතිය දෙන්න .......... :P

      Delete
    9. flowers dela hari yan na akke.... party ona....

      Delete
    10. සුප්පා ඔයාට පාටි නුවා අතේ එවන්නම්. හැබැයි නුවා මගදි පාටිය අතුරුදහන් කලොත් මට කරන්න දෙයක් නෑ!!

      Delete
  2. නියමයිනෙ......... :D
    මේ කොමෙන්ටුව දානකොට 10200ක්

    මට ඇත්තටම හරිම ආඩම්බරයි ඔයා තනියමම මේ තරම් ලස්සනට මේක කරගෙන යනවිදිය දැක්කම. හුඟදෙනෙක් දැනගෙන නොහිටපු බස්සිගේ ලිවීමේ හැකියාව හැමොම දැනගත්තෙ බස්සිගේ නවාතැන නිසානෙ. ඒකෙ කොටස් කාරයෙක් වීම ගැන හරිම සතුටුයි නන්ගියෝ

    මෙන්න මගේ සුභපැතුම්....!!!!!!

    ReplyDelete
    Replies
    1. "බස්සා නැත්නම් බස්සියෙක් කොයින්ද? එහෙම වුනානම් බස්සිගේ නවාතැනක් කොයින්ද?"

      බස්සා දන්නෙ නැතුවත් ඇති. බස්සිගෙ නවාතැන පටන් ගත්තෙ බස්සා දුරින් හිටපු කාලෙ බස්සිට ඇතිවුන පාළුව, කාන්සිය මකාගන්න. බ්ලොග් කියවන එක පටන් ගත්තෙත් බස්සා හින්දා නෙව. ඒ නිසා බස්සා තමයි බ්ලොග් එක ලියන්න ඇතිවුන සිතුවිල්ලේ ආරම්භය.

      Delete
  3. සා මාරයි ඈ.දිගටම ලියන්න මම වගේ මාස 6 විතර ලියලා නවත්තන්න එපා.:D

    ReplyDelete
    Replies
    1. දිගටම ලියන්න තමයි බලාපොරොත්තුව. ඔයාලා බස්සිගේ නවාතැනට ගොඩවදින තාක් කල් බස්සි ලිපි ලියාවි.

      Delete
  4. Owow. Digatama liyanna

    ReplyDelete
  5. මගුලයි.. මම අදනේ ආවෙ..

    සුබ පතනවා..

    ReplyDelete
    Replies
    1. හොඳ දවසක ඇවිත් තියෙන්නෙ. ස්තූතියි සෑම්..... එහෙනම් දිගටම එන්න හොඳේ. :)

      Delete
  6. හ්ම්ම්ම්.. අපිව දැන් මතකත් නැතුව ඇති නේ.. :)

    ReplyDelete
    Replies
    1. මොකද මතක නැත්තෙ. බෙනාට තමයි අපිව මතක නැත්තෙ දැන්.

      Delete
  7. Ten තවුසන්ඩ් වලට ඔමෙදිතෝ ගොසයිමසු..!
    අද ඉදල නාකි කුරුල්ලෙකුත් හොට දාල යන්න එන්නම්කො හැකි විට.

    ReplyDelete
  8. දිගට ම ලියමු ඉතින් බස්සියෝ....

    ReplyDelete
  9. බස්Cටත් මිල් මටක්!!!!!

    ReplyDelete
  10. සුභ පැතුම් නන්ගියෝ :)

    ReplyDelete
  11. ආදර කතාවෙ නම් කොටස් ඔක්කෝම කියෙව්වා..
    සුභ පැතුම් බස්සී..දිගටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රූ... සාදරයෙන් පිලිගන්නවා බස්සිගෙ නවාතැනට!!

      Delete
  12. සුභ පැතුම් බස්සි! තව තවත් රසවත්ව ලියන්න ශක්තිය ලැබේවා!

    ReplyDelete
  13. ස්තූතියි තනි තරුව..... :)

    ReplyDelete