Sunday, September 22, 2013

කොකු ලිපියට පසුවදනක්


මේ පෝස්ට් එක ලියන්න හිතුනෙ බස්සි කාලෙකට කලින් කොකු ගැන ලියාපු පෝස්ට් එකකට පසුවදනක් විදියට. ඒ පෝස්ට් එක අපේ ලොකු මස්සිනා කියවලා ඊයෙ පෙරේදා ඒකට එයා දන්න, කොකු ගැන ලියැවුන කැම්පස් කුරුටු ගී තොගයක්ම කමෙන්ට් කරලා තිවුනා. ඉතිං බස්සි හිතුවා හුදී ජන පහන් සංවේගය උදෙසා ඒ කවි ටික සහ බස්සි විසින් සොයාගත් තවත් කවි කිහිපයක් මෙහෙම පල කරන්න.


මේක කොක්කක් දාගන්න යන කෙනෙක්ව දිරි ගන්වන්න කියන කවියක්ලු,




දහසක් බුදුන් බුදුවන මල් පිපි                යාමේ
යනවා මචං පීනස් තෙල්                 වෙළදාමේ
අද බැරි වුනත් හෙට ලැබ ගමි නුඹ        ප්‍රේමේ
එක් දිනයකින් ගොඩ නැගුවේ නැත     රෝමේ




කොක්කක් ගහනකොට සාමාන්‍යයෙන් පෙරමුණ ගන්නෙ පිරිමි පාර්ශවය නෙව. ඒ ධර්මතාවය හුඟාක් දුරට සරසවි ජීවිතේටත් වලංගුයි. ඉතිං කොක්කක් ගැන හීන දකින ගැහැණු ළමයෙක් කියනවාලු මෙන්න මෙහෙම.





ගණදුර කැටිකර හදවත් කුටියේ
බලා හිඳින්නෙමි තනිය දරා......
ගණදුර දුරලන සඳරැල්ලක් වී
මගේ ලොවට ඔබ වඩින තුරා.....





එහෙම කොකු දාගන්න ට්‍රයි කරලා කරලා හරි නොගිය තැන මෙන්න මෙහෙම කියනවාලු.

ගත ඇත සිත නැත
සිත ඇත ගත නැත
ගත සිත ඇති ළද

මට කැමති නැත

විභාගය අත ලග
අත පොත ලග
පොත හිත ලග
හිත ඈ ලග
ඈ ඌ ලග



ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
මෙය කිවු එකාගේ කට කෑවත් මදිය
ඉක්මන් වුන එවුන් ළඟ බඩු හත අටය
ඉවසපු එකා මම තාමත් තනිකඩය

 


ඔහොම කට්ට කාලා දාගන්න කොකු වුනත් එක එක හේතු නිසා මගදි බ්‍රේක් ඩවුන් වෙන්න පුලුවන්ලු. මේක ඒ වාගෙ  කැඩිච්ච කොක්කක් ගැන ලියැවුන කුරුටු ගී කිහිපයක්,


හොදයි නුඹ ගිය එක,
නැවතීමේ තිතක්වත් නොතබාම....
තියා එතනට ලොකු කොමාවක්,
ලිය ලියා මකමි,
මක මකා ලියමි ,
කෙදිනකවත් සැබෑ නොවන 
සුරඟන කතාවක අවසානයක්...


නුඹේ සිත - මගේ සිත
යෙදී සංසර්ගයක
ගැබ් අරන් මගේ හිත
පැතුම් කලළය නුඹෙන් ලද
මෝරා වැඩුනු පසු
ගබ්සා කලා නුඹ

 




නොකියා බැරි මළගම කාටත්           කීවා
හරියට මාසයක් ඔත්පල වී            උන්නා
කඳුලින් පැන් වඩා පින් පෙත් පැමිණෙව්වා
අපේ පෙම් පුවත ඊයේ මිහිදන්      කෙරුවා




මේක නම් සෑහෙන පරණ කවියක්.....

ඔබම මාද විය
මා ද ඔබම විය
ඔබ අන්සතු විය
මට කෙලවිය 



සමහරු නම් කොකු එපාමයි කියන ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා අධ්‍යාපනයට බාදා වෙයි කියල. අනේ ඉතිං බස්සිට නම් එහෙම වුනේ නැතිලු. එහෙම ප්‍රතිපත්ති තියන උදවිය මෙන්න මේ වගේ කවි කුරුටු ගානවාලු.

සරුංගලේ අවදිව මම රෑ තිස්සේ
පාඩම් කරද්දී ඔබ ඇයි පොත් අස්සේ
තනිකඩ කම හොඳයි නිදහස හැම තිස්සේ
හිත තව ඉඳුල් නෑ හමුවෙමු අපි පස්සේ






කොකු නිසා මට්ටු වුන සමහරු මෙන්න මේ විදියට මතු පරම්පරාව වෙනුවෙන් ඔවදන් කුරුටු ගී වල ලියා තිවුවාලු.

ආලය සිඟමනකි නොසිඟන අය          හිඟන
ආලය ගිනිගොඩකි නොදැවෙන අය  දැවෙන
ආලය මරණයකි නොමැරෙන අය    මැරෙන
කාලය ගෙවනු මැන සොයුරනි හිතට   ගෙන




ගොඩක් වෙලාවට බැච් එකේ කොල්ලො කැම්පස් ආපු ගමන් බලාපොරොත්තුවෙන් ඉන්නවා තමන්ගෙ බැචියක් එක්ක කොක්කක් ගහන්න. ඒත් ඉතින් බැචී සීනියර් බැච් එකේ අයියා කෙනෙක් එක්ක ගොඩ ගියොතින් දුක තමයි. ඒ වාගෙ වෙලාවට හිතේ දුකට බැචාල මෙහෙම කුරුටු ගීයක් ලීවාලු.

 

දුම්බර කන්ද බැසගෙන ආ ටිකිරි  නගා
අන්දර කැලේ වැට ගාවදි දුටුව     නගා
සිනහ පපා මුකුලු පපා හිටිය        නගා
අපට නොදී සීනියර්ට දීපු             නගා





කීවාට මොකද බස්සිටත් වුනේ ඔය ටිකම තමයි.


 
බස්සි කලින් කොකු වර්ගීකරණයක් ගැන ලියාපු ලිපියේ කීවනෙ බත් කොකු ගැන. මේ බත් කොක්කකට කරපු ආරාධනාවක්.




ආවේ ගෙදර සිට ඩිග්රිය                        අරගන්න
කෑවේ පාන් අප හට නැත බත්                   කන්න
කොක්කක් ගැහුවොතින් හැක මට බත්      කන්න
කවුරුද කැමති මට බත් අම්මා                  වෙන්න

 

බත් කොකු ගැන ඔහොම කීවට. ආතල් කොක්ක ගැන ලියලා තියෙන්නෙ මෙන්න මේ විදියටයි. බැච් එකකට ආතල් කොකු දෙන්නෙක් තුන්දෙනෙක් හරි සෙට් වෙනවා බොහෝවිට.




පළමු වසරෙ ඈ ගියෙ බිම        බලාගෙන
දෙවන සෙමෙස්රේ කොක්කක් දමා ගෙන
දෙක තුන වසර වල හොද හැටි       ***න
ඩිග්රියටත් කලින් පැටියෙක්      හදාගෙන


"ඇතැම් කෙල්ලන් සිග්නල් නැති ෆෝන් එකක් මෙනි, ඒවායෙන් කල හැක්කේ ගේම් ගැසීම පමණි." කියලත් පඬි වදනක් තියෙනවා මෙහෙම ආතල් කොකු ගැන.



මේකනම් කියන්නෙ ඇණ වෙච්ච (දාලා ගිය) නෝට් කොක්කකටද මන්දා....



ශිල්ප කබලෙන්
ලිපට වැටුනා
ඈ මගෙන්
වෙන්වූ දිනේ.........



 
 

කැම්පස් එකේ "කැරට් පාත්ති" කියලා කියන්නෙ පැවිදි ශිෂ්‍යයන්ට. කීවාට මොකද මේ කැරට් පාත්තිවල ඉන්න ගොඩක් කැරට් අල වල කල්කිරියාව ගැන නම් ගිහි ශිෂ්‍යයන්ගේත් වැඩි පැහැදීමක් නෑ. මේ තියෙන්නෙ ඒ වාගෙ කැරට් අලයක් ගැන ලියැවුන කවියක්.

1st year පූජ්‍ය හිමි
2nd year  සිවුර අහිමි
3rd year කොක්කක් හිමි
4th year දරුවෙක් හිමි



 
ඔය හැම කොක්කටම වඩා වෙනස් සිරා කොකුත් කැම්පස් එකේ ඕනෑ තරම් දකින්න ලැබෙනවා.




ඒ වාගෙ සිරා කොක්කකට ලියාපු කුරුටු ගීයකින්ම මේ ලිපිය අවසන් කරන්නම්.

 

නිදිමතට ලග ඉන්න...
බැන බැනා පාඩම් කරවන්න...
ඔලුව අත ගා ගන්න...
නෑ කෙනෙක් ලග පාත...
අතේ වෙළිලා ඉන්න...
මගේ කන මිරිකන්න...
නැහැ ළඟක පෙම්බරිය...
ගිහින් ඇත කුප්පියක...


 

කුප්පියක් කියන්නෙ විභාගෙ ලං වුනාම සබ්ජෙක්ට් එක මුලින් ගොඩදාගත්තු බැචෙක් තමන්ගෙ සහෝදර බැචාලට ඒ විෂය කරුණු ටික කියාදීලා උන් වත් එක්සෑම් එකෙන් ගොඩ දැමීම. කෙල්ල කුප්පියක ගියාම කොල්ලා තනි වුනේ දෙන්නා බැච් දෙකක හෝ වෙනස් සබ්ජෙක්ට් කරන දෙන්නෙක් වීම නිසා වෙන්න ඕනෙ.





ප. ලි.


කවි  වගයක් හොයා දීලා පෝස්ට් එක ලියන්න අදහස දුන්නු ගිහාන් අයියා හෙවත් මගේ ආදරණීය ලොකු මස්සිනාට බොහොම ස්තූතියි!! අයියා හොයා දීපුවා මොරටුවට ආවේණික කුරුටු ගී වෙන්න ඕනෙ. බස්සිත් ඒවා අදමයි දැක්කෙ.


30 comments:

  1. පේරාදෙණියේ බිත්තිවල ලියවුනු කවි නම් අපමණයි ඕනෑම මාතෘකාවක් ගැන. ලියන්න ගියොත් පොස්ටු දහයක්වත් ඕනා වෙයි. අහලා නැති දෙකතුනකුත් තිබුනා මේ අතරේ , මරු ඈ

    ReplyDelete
    Replies
    1. ලියන්න ගියොත් නම් ලීවැකි බ්ලොග පිරෙනකම්. හොඳින්ම හිත් ගත්තු කවි සෙට් එක තමයි ලිවුවෙ. තවත් ලස්සන කවි තියේ නම් සටහන් කරලා යන්න. මට ලැම්බට් කොකු ගැන කවි නම් එකක්වත් හමු වුනේ නෑ. :)

      Delete
    2. අපි කොහේ ඔව්වා දකින්ඩද මෙහෙම ලියුවෙත් ඇර

      Delete
    3. එහෙනම් අටම්ට මුලු ලිපියම ප්‍රයෝජනවත් වෙලා තියෙනව වාගෙ. හරිම සතුටුයි ඒ ගැන. හැමෝම "කලින් කියෝල තියෙනො" කියල කමෙන්ට් කරන නිසා හිතට හීන් දුකක් දැනිල තිවුනෙ

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. තේරෙන්නෙ නෑ මේ කියන්න උත්සාහ කරන්නෙ මොකද්ද කියලා. හ්ම්ම්.... බස්සිගෙ නවාතැනේ කොමෙන්ටු දානකොට තරහ නැතුව අසභ්‍ය ලෙස හැඟෙන වචන "බීප්" කරන්න. පොඩි කිරිල්ලියෙක් ලියන අහිංසක බ්ලොග් එකක් නෙව කෙන්ජි මාමෙ.

      Delete
  3. අපිට කොයින පුසෝ මාළු.... අපි යනවැයි මුදු කිව්වලු ......

    ReplyDelete
    Replies
    1. හිහී අනේ පවු මැලේ රාළ.... ඇයි රාළෙ ඇක්වේරියම් එකකට ගියා නම් ගන්ට බැරියැයි ලස්සන ලස්සන මාලු.....

      Delete
  4. නියමයි ඈ කුරුටු ගාපු කුරුටු කවි කියන්න ඇහැකි පිරෙන්නම ඉඳගෙන ජය වේවා

    ReplyDelete
    Replies
    1. හිහි හී... තැන්කූ අහිංසක පක්ෂියා!!!

      Delete
  5. කොක්කක් නැති ජිවිතේ නැවක් නැති කොලොම්බස් වගේ.. කොක්කක් ඇති ජිවිතේ නැවත් එක්ක ගිලිච්ච කොලොම්බස් වගේ....
    ළඟදීම කැම්පස් කුරුටු ගී ටිකක් දාන්න ඕනේ නාඩියක් විදිහට....

    ReplyDelete
    Replies
    1. ඒ රුවන් වැකිය නම් සුපිරි!! හොඳ අදහස! දාන්නකො කුරුටු නාඩියක්.....

      Delete
  6. සමහරක් ඒවානම් කලින් කියවලා තියෙනවා.. සමහර ඒවා අළුත්..

    ReplyDelete
    Replies
    1. අලුත් ඒවා හඳුන්වා දෙන්න පුලුවන් වීම ගැන සතුටුයි.

      Delete
  7. ඔක ඇවිල්ල පර්යෙශන ලිපි ගනනාවක්ම ලියවුන සබ්ජෙල්ට් එකක්.කලින් අහපු නැති එවත් තිබුන

    ReplyDelete
    Replies
    1. මට කියන්න තියෙන්නෙ ඉතින්

      හන්තානට පායන සද අපට නැත
      කොලඹ වගෙ හැඩ පොශ් බඩු අපට නැත
      ජපුරේ වගෙ එකට හතක් අපට නැත
      බීල ගත්තු ආතල් නම් එමට ඇත
      ( උපුටා ගන්න ලදී)

      Delete
    2. කොළඹ එවුන් පොෂ් දිවියට හද බැන්දා
      පේරේ එවුන් සෙනෙහස වෙත පෙම් බැන්දා
      කැළණියෙ එවුන් පින දහමට රොද බැන්දා
      මොරටුවෙ අපි මොනවා කරමුද මන්දා

      අහලා තියෙනවද? ලස්සනම ලස්සනයි කියලා හිතුන කවි විතරයි දැම්මෙ, කොකු ගැන ලියැවුන කවි නම් තව ඕනැ තරම්.

      Delete
  8. නියමයි කවි ගොඩයි .
    කලින් කියෝල දන්න කියන ඒවට වඩා අළුත් ඒව වැඩී
    ස්තුතියි

    ReplyDelete
    Replies
    1. අලුත් කුරුටු ගී කියවන්න ලැබුනානම් ඒක තමයි බස්සිගෙත් සතුට. :)

      Delete
  9. කැම්පස් කුරුටු ගී ගැන මා කියවූ රසවත්, සරළ හා ඉතා දැකුම්කලුම ළිපිය මෙයයි... පට්ට...

    අර කුප්පිය කියන්නේ මොකක්ද කියන එකත් කිව්වා නම් හොඳයි.. මොකෝ මේ ළිපිය විතරක් බලපු කෙනෙක් නම් කොර වෙනවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මාතලන්!! ඔන්න කුප්පිය ගැන පැහැදිලි කිරීමක් එකතු කලා....

      Delete
  10. දැන් හෝදනකොට ඕවා පාඩම් කරවන්නේ නැතැයි ?

    ReplyDelete
    Replies
    1. කිවුවාට මොකද බස්සිලාගෙ ෆැකල්ටියම සාඩම්බර අලයො වීම නිසා සයන්ස් එකේ බොහෝ දෙනෙක් ඔය කුරුටු ගී වැඩියෙ දන්නෙ නෑ. ඉතින් හෝදන්නෙත් නෑ, කටපාඩමුත් නෑ, රැගත් නෑ, අන්තිමට අලයො කියලා කියාගන්න එවුන්ගෙ වැඩ නිසා ෆැකල්ටියෙ උන් ඉතිහාසයක් ගැන දන්නෙත් නෑ. ඉතිහාසයක් අගක් මුලක් නොදැන එලියට බැස්සාම ඇපත් නෑ. මම මේ විස්තර හොයලා දැනගත්තෙ මට ඒ කාලෙ ඉඳන් ඕනැ වෙලා තිවුන typical කැම්පස් student කෙනෙක් වීමේ උණ නිසයි.

      Delete
  11. BUSසි......මම කැමතිම බත් කොක්කට ලියලා තියෙන එක.

    //කවුරුද කැමති මට බත් අම්මා වෙන්න//

    ReplyDelete
    Replies
    1. හිහී.... බත් අම්මලා විතරක් නෙමෙයි අරූ අපේ බැච් එකේ නම් බත් අප්පච්චිලාත් ඉන්නවා... ;)

      Delete
    2. ඒ මමත් කැමති ඒකට.මොකෝ අපේ ගෙදර දැන් උයන්නේ අපේ තාත්තායි,නංගියි.ඒ දෙන්නගේ කෑම හොදයි.එත් රස මදි.:(
      ඒ නිසා //කවුරුද කැමති මට බත් අම්මා වෙන්න//...:D ?

      Delete