Tuesday, September 24, 2013

ඔබ නිදන්න ඔබ නිදන්න - සුවෙන් සැතපිලා




කැම්පස් යන කාලේ බස්සි සාමාන්‍යයෙන් ඇහැරෙන්නේ පාන්දර අටට නමයටය. එහෙම ඇහැරිලාද ලෙක්චර්ස් යන්නට කම්මැලි හිතුනොත් අනිත් පැත්තට හැරී තව පැයක් දෙකක් නිදියනවාය. බස්සා බැම්මක් හෝ බෝක්කුවක් උඩ හාල් වෙන්නට * යෝජනා කලොත් නම් (හාල් වෙනවා කියන්නේ රස්තියාදු වෙනවා කියන එක කැම්පස් භාෂාවෙන් ය.) බොහොම කැමැත්තෙන් යනවාය.

ඒ ගිහිල්ලාත් දවල් ආහාරයෙන් පසු නිදිමත වුනොත් බෝඩිමේ ඇඳ උඩට වාර්තා කරනවාය. නැත්තම් ගිරා ගහ යට බංකුවේ බස්සාගේ ඇකයෙන් හිස තබා සැපට නිදියනවාය.

ඉතින් දවල් දවසේ වැඩි කොටසක් නින්දේ ගතකරන බස්සීට මල පාන්දර වන තෙක් ඇහැරගෙන සිටීම කජුය. බස්සා සමග මුකුලු කරමින් හිඳ කතා කවුලුවෙන් නික්මෙන්නේ පාන්දර තුනට විතරය.

අනේ අසරණ බස්සිට දැන් ඒ සෙල්ලම් දාන්නට බැරිය.  පාසල් කාලයේදිත් කාලසටහනේ කොටු වල හිර නොවී හැකි හැම වෙලාවකම කට්ටි පැන්න බස්සිගේ ජීවිතය නොදැනුවත්වම කාල සටහනකට ප්‍රෝග්‍රෑම් වී ඇත. ඒ අන් කිසිවක් නිසා නොව මේ කෙහෙම්මල් ජොබ් කටු කොරන්නට පටන් ගත් දා පටන්ය.

අලුත් ජොබට නම් යන්නට නිසි වෙලාවක් නැත. ඕනෑ වෙලාවක ඇවිත් පැය අටහමාරක් වැඩ කල යුතුය. ඒත් team එකේ සේරෝම උදෙන් එන නිසා බස්සිටත් ගැලවීමක් නැතිය.

උදේට විනාඩි තිහෙන් යන ගමනට හවස ආපහු එද්දී පැය දෙකක් ගතවෙන්නේය. පාර හවසට ප්‍රසාරණය වෙනවා විය යුතුය.

ඒ ආ කල බෝඩිමේ අල්ලපු කාමර වල උන් පාඩම් කරනවාය. උන් සේරම තාමත් කැම්පස්ය. ඔක්කොටම අක්කා වට්ටක්කාට හතර වටෙන් නැගෙන ලයිට් එළිත්, උන්ගේ කිචිබිචියත් නිසා සැපට නින්ද යන්නේය.

එකෙක් එකම සිංදුව දැන් මාසයක් තිස්සේ එකම තාලෙට වයලින් එකෙන් කුරුටු ගාන්නේය. තව එකෙක් වන්නමක් පුරුදු වෙන්න පටන් ගන්නේ රෑ දහයමාරටය. දෙන්නාම ඉන්නේ අල්ලපු කාමරයේය. අධ්‍යාපනික ඩයල් නිසා බස්සිට කට අරින්ටත් බැරිය.

අහෝ මාගේ නින්ද? බස්සි මේ ප්‍රශ්ණයට විසඳුමක් හොයන්නට බස්සි ස්කොට්ලන්ඩ්යාඩ් එකට බාර දුන්නේය.

මේ තියෙන්නේ ස්කොට්ලන්ඩ්යාඩ් එකෙන් ඊයේ හවස එවන ලද විසඳුමය.






වැඩේ කොපමණ සාර්ථකද යත් බස්සි අද වැඩට යද්දි වෙනදාට වඩා පැයක් පරක්කුය. ගැජමැටික්ස් එකේ කොලිටිය ගැන තව කවර කතාද!! එකම ප්‍රශ්ණය ඔය කනට ගහන ඇබ දෙක නිසා alarm එක ඇහෙනවා හොර වීමය.

ස්කොට්ලන්ඩ්යාඩ් ආරංචි මාරග පවසන පරිදි ගැජමැටික්ස් එක ඉල්ලාගත යුත්තේ සිතූ පැතූ සම්පත් දෙන E-Bay දෙයියාගෙන්ය. දෙයියාගේ පඬුරු ගාස්තුව ඩොලර් දෙකක් තරමේ (රුපියල් දෙසීයක් විතර) සුලු මුදලකි.

ඕං මං දැන්මම එකක් කියන්නම්ය. මේ පෝස්ටුව දැම්මේ ගැජමැටික්ස් එක ගැන නොදන්නා, නින්ද පිළිබඳ මට වාගේ ප්‍රශ්ණ තියෙන කුරුල්ලන් වෙනුවෙන්ය. සියල්ල දත් පඬිවරුන් මා හා උදහස් නොවෙත්වා
ය!!!




ඇඳේම දිගාවී අමාරුවෙන් පෝස්ටුව කෙටුවෙමිය. දැන් නින්දට කාලය උදා වී ඇත. හැමෝටම ගුඩ් නයිට් ය!!!




ප. ලි.

අහස පොළව ඉර හඳ දෙයියන්ට පෙනිච්චාවයි..... බ්ලොගේ දැමීමට සුදුසු "නිදියන කෙල්ලෙක්ගේ" ඇනිමේ රූපයක් ගූගල් කිරීමට මා වි
න්ඳ දුක!!! ඇයි යකෝ මේ ඇනිමේ කෙල්ලන්ට සංවරව දොයියන්න බැරි?


26 comments:

  1. මමත් නැගිටින්නේ පාන්දර 11 ට පමණය! මේ වෙන තුරු කැම්පස් එකේ උදේ ලෙක්චර්ස් තුන හතරකට වඩා සහභාගී වී නැත! නින්දට නම් ඔය ගැජමැටික් කිසි දෙයක් ඕනේ නැත..! යකා ගැසුවා සේ හොඳට නින්ද යයි!!!!

    ReplyDelete
    Replies
    1. ආන්න කැම්පස් ජීවිතේ අති සාර්ථක ලක්ෂණයක් පෙන්වන ශිෂ්‍යයෙක්!! නියමයි නාඩියා.... ඔහොම යං!!

      Delete
  2. යකෝ මේක පුදුම නින්දක්නේ...

    ReplyDelete
    Replies
    1. මොළගෙඩිය refresh කරගන්න නින්ද අත්‍යාවශ්‍යයි වර්ෂා.... ඒක නෙව මෙච්චර දොයියන්නෙ.

      Delete
  3. හොද පෝස්ට් එකක් යාළු
    මමත් නිදියන්නෙ පාන්දර පහට විතර නැගිටින්නෙ දවල් දෙකට විතර මට මේ පුරුද්ද වෙනස් කර ගන්න බැරුවයි ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සජාන් යාලුවේ...

      අයියෝ ඒ වාගෙ හොඳ පුරුදු වෙනස් කරගන්න හිතන්නවත් එපා යාලු. ඔයා දන්නවද මිනිස්සුන්ගෙ එක අනුව වර්ග දෙකක් ඉන්නවා; දිවාචර සහ නිශාචර කියලා. ඔය වගේ නිශාචර අයගෙ මානසික කාර්යක්ෂමතාවය අනිත් අයට සාපේක්ෂව වැඩීලු.

      Delete
  4. පහුගිය ටිකේ මාත් නැගිට්ටේ පාන්දර 10ට වගේ තමයි..

    ප.ලි- ඇනිමි කෙල්ලන්ගේ නිදියන ඒවා නෙමෙයි වෙන කෝක හෙවුවත් ඔය සන්තෑසියම තමයි වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මං වාගේ තවත් අය ඉන්න එක ගැන සන්තෝසයි. :)
      අපෙ අප්පෝ මටත් නම් ඇනිමි කෙල්ලො නිදියන හැටි දැකල කළකිරුණා.

      Delete
  5. සික ඔක්කොම නිදි කුබ්බරයෝ

    ReplyDelete
  6. ඕක මහා නරුම වයසක්.. මමත් ඔය වයසෙදි සමහර දාට දවස් ගනන් නිදාගන්නවා.. ඒ බඩු වැඩි උනාම.. දැන් නම් එහෙම නෑ.. පාන්දර ඇහැ ඇරෙනවා.. දැන් දුකයි ඒ කාලේ නාස්ති කරපු කාළය ගැන..

    ReplyDelete
    Replies
    1. "මමත් ඔය වයසෙදි සමහර දාට දවස් ගනන් නිදාගන්නවා.. ඒ බඩු වැඩි උනාම.. " කියන කෑල්ල තේරුනේ නෑ නෙව. :/

      මේ කාලෙ හොඳට නිදාගත්තු නිසා වෙන්නැති මාතලන් ලෙඩක් දුකක් නැතුව ජොලියෙ ඉන්නෙ. මේ වයසෙදි නිදිමරාගෙන, කටු කාගෙන වැඩ කලානම් ඉක්මනටම නාකි වෙන්න පුලුවන්.

      Delete
    2. බීලා වැඩි උනාම..

      Delete
    3. ආ..... මේ ටියුබ් ලයිට් එක පත්තු කොරලා දුන්නට තැන්කූ හොඳේ...

      Delete
  7. ඕවා දාගෙන නින්ද යනවද ඇත්තට ම?

    ReplyDelete
    Replies
    1. ටෙස්ට් කරල බලලා නෙව රිපෝට් එක දුන්නෙ. සුපිරියටම නින්ද යනවා....

      Delete
  8. හී හී..බලාගෙන යද්දි අපි හැමෝටම තියෙන්නේ එකම ප්‍රශ්නේ :D

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටු ටික කියෝගෙන යද්දි මටත් ඕක හිතුනා තනිතරුවෙ. බලාගෙන යද්දි වැඩි හරියක් ඉන්නෙ බස්සො බස්සියො නෙව!!

      Delete
  9. මා නිදාගන්නේ පාන්දර 1,2 හෝ 3 අතර වෙලාවකය.........ඒත් හුටාය නැවත් 5.30 / 6.00 වන විට නැගිටිය යුතුය..... අහෝ ඔන්න ඕකයි තත්වෙ ඉඳගෙන

    ReplyDelete
    Replies
    1. පක්ෂියෝ... ඒ වැඩේ නම් සරීර සෞඛ්‍යට ඒතරම් හිතකර නැත. කොහොම කොහොම හරි නිදාගන්නට අවම වශයෙන් දවසට පැය හතක් වත් වෙන් කිරීම වටී. (පැය හයත් මදිලු දැන් හොයාගෙන තියෙන විදියට.)

      Delete
  10. යකෝ මේ බස්සෝ බස්සියෝ නිදාගන්නේ දවල්ට නේද?

    ReplyDelete
    Replies
    1. අරූ ඉතින් ඇහුවොත් අහන්නෙ ඔහොම කොර වෙන ප්‍රශ්ණයක්මය. ඒ කාලේ බස්සි සාමාන්‍ය නිශාචර චර්යාව ගත කලාට ජොබ් කට්ට නිසා දැන් චරියාව උඩු යටිකුරු වී ඇත. ජීවිතේ ඉස්සරහට යන්නට නම් බස්සන්ටත් දිවාචර වෙන්නට සිද්ධවෙනවාය. අවුල් තමාය. මක් කොරන්නද ඉතිං.....

      Delete
  11. hi hi e athin mage joba hodai. :-) nagitinne ude 10ta office yanne dawal 12ta gedara enne ra 10,11,12.... eth me aluth scrum agile seen eke poker playing daily meeting eka thiyenne ude 10ta :-( eth man yanne na...

    ReplyDelete
    Replies
    1. අපේ ඩිපාර්ට්මන්ට් එකෙත් ඉංජිනේරුවන්ගේ දින චරියාව ඔහොමය. බස්සිට ඉතින් ඉරිසියාවේ බැරිය.

      Delete
  12. මට නං "නින්ද" කියන්නෙ ලෝකෙ තියෙන ආශ්චර්යමත්ම දේවල් වලිං එකක්.
    ඒ ගැන දවසක ලියන්න ඕනෙ... මේක දැකලා මෝටිවේසොං එකක් ආවා ලියන්න.
    thanz

    ReplyDelete
    Replies
    1. එලකිරි සමග ජලය කිවුවාලු!! නියමයි සහෝ. ඉක්මනට ලියන්න හොඳේ.

      Delete