Wednesday, September 25, 2013

මාරාන්තික නිල් චිත්‍රපටය

කාලෙකට පස්සේ ගොසිපාගේ සයිට් එකට ගොඩවැදුනේ රටේ තොටේ ඕපාදූප ටිකක් කියවීමේ දොළදුකක් හටගත් නිසාය. පුවත් පෙළගැස්ම කියවාගෙන යද්දි එක්වරම බස්සිගේ ඇස් දෙක නැවතුනේ හදවත කීරි ගැහිලා යන ලිපියක් ළඟය.

මුල්ම බ්ලූ ෆිල්ම් එක බලා ගෙදරට මාට්ටු වී ගෙදර උදවියගේ බැණුම් දරාගත නොහැකිව සියදිවි නසාගත් උසස් පෙළ සිසුවෙක් ගැන ඒ පුවතේ සටහන්ව තිබුනේය.



පෝස්ටුවේ කියැවෙන අන්දමට පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාද ඔහුය. මවගේත් පියාගේත් රැකියාව තේ වත්තක දළු කැඩීමයි. ගෙදර කොම්ප්යුටරයක් නැති නිසා ඔහු ෆිල්ම් එක බලා ඇත්තේ සාලයේ තිවුන ඩී.වී.ඩී. ප්ලේයර් එකෙනි.

"ඔහේලාගේ ගොංකං නිසා පුතා මරාගත්තා නේද මීහරක් දෙන..", "දෙමාපියන්ගේ හිස් මොළ පෑදේවා! ", "යකෝ තාත්ත වත් පුතාගේ පැත්ත ගත්තේ නැද්ද???" යනාදී වශයෙන් කස්ටිය දෙමවුපියන්ගේ පට්ට පතුරු අරින හැටි කියවලාම බස්සිට මහන්සිය. ආයෙත් වතාවක් හිතන්න. ඒ තේ වත්තක දළු කඩන නූගත් මවුපියන් දෙදෙනෙකි.

බස්සිට හිතෙන විදියට නම් පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා විදියට ඒ මලයාට මීට වඩා ඉවසීමකුත්, දරාගැනීමේ ශක්තියකුත්, දෙමවුපියන්ගේ බුද්ධි මට්ටම ගැන අවබෝධයකුත් තිවුනානම් අද මෙහෙම හිත කම්පා කරවන පුවතක් දකින්නට වෙන්නේ නැතිය.

ලෝකයේ අනිත් රටවල් වලට සාපේක්ෂව ලංකාවේ ලිංගික අධ්‍යාපනය ඇත්තේ හරිම අසරණ තත්වයකය. ලිංගිකත්වය සහ ප්‍රජනනය ගැන ලංකාවේ ළමයි මුලින්ම ඉගෙන ගන්නේ නමය වසර සෞඛ්‍ය පාඩමෙන්ය. ඒ වෙද්දී ගැහැණු ළමයි වැඩිවිය පැමිණ අවුරුදු දෙක තුනක්ම ගෙවී ගොස්ය. නොදැනුවත්කම නිසා ඕනෑ එකෙක් ඕනෑ දෙයක් කරගන්නට ඒ කාලය හොඳටම ප්‍රමාණවත්ය. (නමය වසරේදී බස්සිලාගේ සෞඛ්‍ය ටීචර් ඒ පාඩම ගෙදරදී හෙමින් කියෝගන්න කියා ලිස්සා ගියේය. බස්සිනම් අම්මා බෝතල් පත්තර කාරයාට දෙන්නට ගොඩ ගසා තිබුන පරණ සිරිකත පත්තර ගොඩකට පින්සිදු වන්නට දැනුම සම්පූර්ණ කර ගත්තේය.)





දෙමවුපියෝ ළමයින් ගැන මීට වඩා ඉවසිලිවන්තව කටයුතු කරනවානම් හොඳ තමාය. ඒත් අපේ රටේ සමාජ ක්‍රමය අනුව දැන උගත් දෙමාපියන් වුනත් එහෙම මොලේ කල්පනාවෙන් හැසිරෙන්නේ කලාතුරකින්ය.

බස්සි බබා කාලේ සිද්දවුන ස්ටෝරියක් මතකෙට නැගෙයි.

ඒ කාලේ බස්සි අටේ නැත්නම් නමයේ පංතියේය. බස්සි ඒ කාලේ ඉස්කෝලෙ ප්‍රසිද්දව හිටියේ කවිකාරියක් විදියටය. ඉතින් වැලන්ටයින් ඩේ එකට බස්සිට කොන්ත්‍රාත්තු ගලාගෙන එන්නේය. කොල්ලන්ට දෙන්නට කවි ලියවා ගන්නට ටොපි චොකලට් පගාව සමග අක්කලා එනවාට බස්සි බොහොම කැමතිය.





ඔහොම කවි ලියන කාලේ බස්සිට කරුම අදහසක් පහළ වුනේය. ඒ ලියන ලියන කවියේ කොපියක් පොතක සටහන් කර තබා ගැනීමය. බස්සිගේ අම්මාගේ සැර දන්නවානම් හොඳ සිහියෙන් ඉන්න මෙලෝ යකෙක් එහෙම දෙයක් කරන්නට එඩිතර වෙන්නේද නැතිය.

බස්සි කුරුටු ගාන ආදර කවි, විරහ ගී, පෙම් හසුන් වලින් දවසින් දවස පොතේ පිටු පිරෙන්නට විය, පිටු තුන්සිය විස්සක්ම....

දවසක් බස්සි ගෙදර එන විට කරුමෙට අම්මා සී.අයි.ඩී. පාරක් දාලාය. කාමරය පුරා මල් වැස්සක් මෙන් කවි පොතේ පිටු ඉහිරිලාය.





"උඹ ඉස්කෝලෙ යනවා කියල මේවද කරන්නෙ?" අම්මා යකා ආරූඪ වී බස්සි සොයා ආවාය. ඒ අර අම්මා, අර මලයාට කියූ වචනමය. ඒ ඇරෙන්නට බස්සිට පස්ස රත් වෙන්නට ගුටි මුරයකුත් ලැබුනේය. කවි පොතේ ඉතුරු වූයේ අළු පමණකි. අම්මාත් තාත්තාත් සති දෙකක් පුරා බස්සිට සයිලන්ට් ට්‍රීට්මන්ට් දුන්නාය. සයිලන්ට් ට්‍රීට්මන්ට් එක බිඳෙන්නේ කන පුරා බැනුමක් දිග අරින වෙලාවටය. බ්ලූ ෆිල්ම් එකක් බලා අහුවෙනවාටත් වඩා අන්ත විදියට එදා බස්සිගේ ගෙදර ඇත්තෝ කලබල වී සිටියේය.

බස්සි මලාද? නැත. කවි ලිවීම නැවැත්තුවාද? ඒත් නැත. කවි පිටපත් කිරීම නම් කෙටි කාලයකට නැවැත්තූ බව ඇත්තය. එදා පෑන අත හැරියානම් අද බස්සිගේ නවාතැනක් නැත.

හැබැයි එදා අම්මාට දෙන්නං බැටේ කියා බස්සිත් කොල්ලෙක් සෙට් කරගෙන රෝන්දේ ගසා, තව තව ඒවාත් කර එක්සෑම්ද ඇණ ගත්තානම් බස්සි අද ජීවිතෙන් පරාදය.

මැද මාවතේ ගමන නිතරම ඇඟට ගුණය. අද බස්සිගේ කවි කතන්දර වල මුල්ම පාඨකයෝ දෙන්නා බස්සිගේ අම්මාත් තාත්තාත්ය.

බස්සි ඉක්කෝලෙ යන කාලෙත් මුලින්ම බ්ලූ ෆිල්ම් බලන වයස ලෙස සම්මත වී තිවුනේ අවුරුදු දහසයය. දැං කාලේ එවුවො අඩු තරමේ ඒ සම්මතය අවුරුදු දහතුන දක්වාවත් අඩු කරගෙන ඇතුවාට සැක නැත.





කොල්ලො නම් විශේෂයෙන්ම ඔවුවා එකක් දෙකක් බැලුවාට ඒකේ ඇති වරදක් නැත. කෙල්ලොත් ඉතින් බැලුවාට කිසි ප්‍රස්නයක් නැතත් ලංකාවේ කෙල්ලො මේ කාරණයේදී ලැජ්ජා බය දෙක නිසා බ්‍රේක් ගහනවාය. ඒකටත් කමක් නැත. ඒත් අනේ කෙල්ලොත් ඉතින් ඔවුවා ටිකක් දැනගෙන ඉන්න එක කාගෙ කාගෙත් අනාගතයට වටින්නේය.


හැබැයි ඉතින් ඔවුවාට ඇබ්බැහි වුනොත් නම් අහෝ දුකකි. ඉරකි, තිතකි තමාය.
 

එහෙවු එකේ අර මලයා වැඩ පටන් අරන් තිවුනේ බොහොම ප්‍රමාද වෙලාය. අහිංසක මල්ලි කෙනෙක් වෙන්නට ඇතිය. අම්මාගේ බැනුමකට හිත කඩා ගන්නා කොල්ලෙක් ගැන බස්සිට නම් කියන්නට වචනත් නැතිය.

මම ඔබට නිවන් සුව පතන්නේ නැත. මතු සසරේදී මෙවන් අකල් මරණයක් හිමි නොවේවායැයි පතන්නේද නැත. ඔබෙ වෙනුවෙන් එවන් පැතුම් දහස් ගනන් වා තලයට මුසුවන්නට ඇත. මතු උපදින භවයක් භවයක් පාසා ඉවසීමත්, දරාගැනීමේ ශක්තියත්, මනා ජීවිතාවබෝධයකුත් ඔබට හිමි වේවා!!!



ප. ලි.

"ඒත් අනේ කෙල්ලොත් ඉතින් ඔවුවා ටිකක් දැනගෙන ඉන්න එක කාගෙ කාගෙත් අනාගතයට වටින්නේය." කියන වාක්‍ය ගැන බොහෝ කුරුලු යාලුවන් වැරදි වැටහීමක් ඇති කරගෙන බව පෙනුන නිසා පැහැදිලි කිරීමක් ලෙස මෙසේ ලියමි.

"ඔවුවා එකක් දෙකක් බැලුවාට ඒකේ ඇති වරදක් නැත" බස්සි මේ කියන්නේ බ්ලූ වලට ඇබ්බැහි වෙන්න කියලා නෙමේය. ඒත් මෙහෙම කරුමාන්තයකුත් තියෙන වග සහ එහි ඇති නරුම යථාර්තය දැනගෙන සිටීම නොවටින්නේද? බ්ලූ ෆිල්ම් වලට ආවඩන්නේයැයි වැරදි වැටහීමක් ඇතිකරගත් අයෙක් වෙතොත් මේ ලින්කුවේ ඇති ලිපිය කියවා සත්‍යාවබෝධය ලබත්වා!!

කෙල්ලෝ සෙක්ස් ගැන දැනගැනීමට බ්ලූ බැලීමට අවශ්‍ය නැති එක හැබෑය. "කෙල්ලොත් ඉතින් ඔවුවා ටිකක් දැනගෙන ඉන්න එක" සෙක්ස් එඩියුකේශන් වීඩියෝ හරහා අනිවාර්යයෙන්ම සිදු කර ගත හැක. ඒවා මනා පැහැදිලි කිරීම්ද සහිතව සෑහෙන දුරට ලිංගික අධ්‍යාපනයක් ලබාදෙන්නේය. මේ කියන්නේ අත්දැකීමෙන්ය.



49 comments:

  1. ලංකාවේ ලිංගික අධ්‍යාපනේ තරම ගැනනම් කියලා වැඩක් නැත! අපේ කස්ටිය ප්‍රසිද්ධියේ කතා කරන්න අකමැතිම හා අප්‍රසිද්ධියේ කතා කරන්න කැමතිම මාතෘකාව මේකය! අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් වෙනවානම් බොහොම හොඳය!

    ReplyDelete
    Replies
    1. " ප්‍රසිද්ධියේ කතා කරන්න අකමැතිම හා අප්‍රසිද්ධියේ කතා කරන්න කැමතිම මාතෘකාව "
      ආන්න ඒකනම් සහතික ඇත්ත නාඩියෝ...

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  2. " ඒත් අනේ කෙල්ලොත් ඉතින් ඔවුවා ටිකක් දැනගෙන ඉන්න එක කාගෙ කාගෙත් අනාගතයට වටින්නේය."

    බ්ලූ වලින් හරි හමන් ලිංගික අධ්‍යාපනයක් ලැබෙනවද කියන එක මට නම් ප්‍රශ්නයක්...
    (ඕන තරම් අස්වාභාවික ලිංගික හැසිරීම් ඕවයින් පෙන්වන නිසා..)

    අධ්‍යාපනය ලබන්න කියල සාධාරණීකරණය කරන් බ්ලූ බලන්න පෙළඹෙන්න ඕන නැහැ. ඒකට සුදුසු සයිට් ඕන තරම් ඉන්ටර්නෙට් එකේ හොයාගන්න පුළුවන්... ඔයා එතනින් කියන්න හැදුවේ එහෙම අදහසක් නෙවේ නම් මේ කියන එක ගැන හිතන්න ඕන නෑ.. :)

    ලිපිය හොඳයි.. අර වාක්‍ය දැක්කම මේ අදහස කියන්න හිතුනේ..(වාද කරන අදහසක් නැහැ..)

    ReplyDelete
    Replies
    1. රවින් __ හරි බ්ලූ ‍ෆිල්ම් වලින් ලිංගික අධ්‍යාපනයක් ගන්න බෑ මනස නිකක් මොකද්ද මොකද්ද වෙන එක විතරයි වෙන්නෙ .

      Delete
    2. //බ්ලූ වලින් හරි හමන් ලිංගික අධ්‍යාපනයක් ලැබෙනවද කියන එක මට නම් ප්‍රශ්නයක්...
      (ඕන තරම් අස්වාභාවික ලිංගික හැසිරීම් ඕවයින් පෙන්වන නිසා..)//

      රවින් - ඕනෙම දෙයක් අනවශ්‍ය විදියට ඇඟට ගත්තොත් ප්‍රපාතයකට යම්ම පුළුවන්.. මගේ අදහස හැටියට film/story දෙකම ළමයින්ට අවශ්‍ය නැහැ.. (අපි ස්කොලේ යද්දී තිබ්බ රැල්ලට අහු උනාටනම් අද මම මෙතැන නැහැ) ඒ වගේම වැඩිහිටියන්ටත් කොහොමත්ක අවශ්‍යතාවයක් නැහැ (තමන්ගේ ජිවිතයක් තියෙද්දී අනුන්ගේ කුණු මොකටද)..

      කොහොම වෙතත් අපි පොඩි කාලේ තිබ්බේ කාලාතුරකි Video එකක් විතරයි. නමුත් දැන් අන්තර්ජාල පහසුකමත් එක්ක ඇවිත් තියෙන story කලාවනම් ගොඩක් භයානකයි. මොකද ඒක target කරලා තියෙන්නේ ලංකාවේම සාමාන්‍ය පවුල් .. මානසික අසහනයකින් පෙලෙන පුද්ගලයෙක් ලියපු කතාවක් කියවන මෝරන වයසේ ළමයෙක්ගේ හිතට යන්නේ ඇත්ත සමාජෙත් මේ වගේ ඇති.. එහෙනම් එක එච්චර ලොකු දෙයක් නෙමේ වගේ අදහසක්.. ඉතින් ඒ ළමයාගේ අධ්‍යාපනය පසෙකලා මේකට ලොල් උනොත් ? කෙතරම් ඛේදනීය ද ,...!!

      මගේ යෙහෙළියකගේ මල්ලි කෙනෙක් (අවු 11) ගේ කියපු දෙයක් නිසයි මෙහෙම කිව්වේ. බලන් යද්දී අක්ක කිව්ව සීමාව තවත් පහලට ඇවිත්. :(

      Delete
    3. @ රවින් & තිලංග සජාන්

      බස්සි මේ කියන්නේ බ්ලූ වලට ඇබ්බැහි වෙන්න කියලා නෙමේය. ඒත් මෙහෙම කරුමාන්තයකුත් තියෙන වග දැනගෙන සිටීම නොවටින්නේද? ඔබ වාගේම ලිපියේ අදහස වැරදියට තේරුම් ගත් උදවිය වෙනුවෙන් අමතර පැහැදිලි කිරීම් නැට්ටක් ලිපියේ අගට ඇමිණුවෙමි. එහි සඳහන් ලින්ක් වලටත් ගිහින් බලන්න.

      කෙල්ලෝ සෙක්ස් ගැන දැනගැනීමට බ්ලූ බැලීමට අවශ්‍ය නැති එක හැබෑය. "කෙල්ලොත් ඉතින් ඔවුවා ටිකක් දැනගෙන ඉන්න එක" සෙක්ස් එඩියුකේශන් වීඩියෝ හරහා අනිවාර්යයෙන්ම සිදු කර ගත හැක. ඒවා මනා පැහැදිලි කිරීම්ද සහිතව සෑහෙන දුරට ලිංගික අධ්‍යාපනයක් ලබාදෙන්නේය. මේ කියන්නේ අත්දැකීමෙන්ය.


      @ නිහඬ සිතිවිලි (Indrachapa)

      නංගි ඔයා කියන කතාව ඇත්ත. ඔය බ්ලූ බලන සමහර හරක් හිතන්නෙ හැබෑ ලෝකෙත් ඒ වාගෙ කියල. තමන් දැක්කෙ මායාවක් කියන එක තේරුම් ගන්න මොළයක් නැති උන් වගේම හයහතර නොතේරෙන පොඩි උනුත් මේ කුලකයට අයිතියි.

      මම ළඟදි පත්තරේක කියෙවුවා අවුරුදු විසිපහක කොල්ලෙක් තමන් කියවපු erotic story 1ක විදියට අල්ලපු ගෙදර අක්කාට නිදි බෙහෙත් දාපු කෑම වගයක් ගෙනත් දීලා..... එහෙම කරල තියෙන්නෙ story එකේ තියෙන විදියට අක්කාට නින්ද යනකම් ඉඳලා තමන්ගෙ ආශාවන් එකේ විදියටම සපුරා ගන්න වෙන්නැති. ඒත් අනේ නිදිබෙහෙත් මාත්‍රාව වැඩිවෙලා අක්කයි, එයාගෙ ළමයි දෙන්නයි මියගිහින්. තමන් කරපු වැඩේ බරපතලකම ඒ හරකා තේරුම් අරන් තිවුනෙ එතකොටයි. ඉන් පස්සෙ ඒ කොල්ලත් දිවිනහගන්න හදලා තිවුනා.

      Delete
  3. ඔයා හරි අපේ රටේ ලිංගික අධ්‍යාපනය දුර්වලයි තමා . ඒක වෙන්නැති දැන් දැන් ලිංගික අපරාධත් වැඩි .
    නිවුස් දහයක් ගත්තොත් විස්සක් විතරම ලිංගිකත්වය සම්බන්ධව තියන ඒවා .

    මම හිතන්නෙ මේකට මූලික හේතුව අපි හොද සංස්කෘතියක් සාඩම්බර ඉතිහාසයක් තිබ්බ (දැන් නැති - වචනෙට පමණක් ඇති) ශ්‍රේෂ්ට ජාතියක් නිසා වෙන්නැති .

    පව්වැඩේ ඒ කොල්ලට . හොද පෝස්ට් එකක් ස්තුතියි යාළු .

    ReplyDelete
    Replies
    1. "නිවුස් දහයක් ගත්තොත් විස්සක් විතරම " හිකිස්.... :D

      ඒක තමයි බස්සිත් කියන්න උත්සාහ කරන්නෙ යාලු. හරිහමන් අවබෝධයක් තියෙනවානම් අද ලංකාවෙ යන ලිංගික අපරාධ රැල්ලට තිතක් බැරි වුනත් කොමාවක් හරි තියාගන්න පුලුවන් වෙයි.

      Delete
  4. යුරෝපා රට වල වගේ ඉස්කෝලෙන්ම ඔය ගැන අද්‍යාපනයක් දෙනවනම් මේ වගේ සිද්දී අඩු වෙන්න තිබුනා.. හැබැයි එකක්, ඕක බලලානම් ඒ ගැන අද්‍යාපනයක් ගන්න හදන එක මෝඩ කමක් කියලා හිතෙනවා..

    හැබැයි ඉතින් අපිත් බලලා නැත්තෙවත් ගෙදරට මාට්ටු වෙලා නැත්තෙවත් නෑ.. ඒක වෙනම කතාවක්..

    ReplyDelete
    Replies
    1. බස්සි මේ කියන්නේ බ්ලූ වලට ඇබ්බැහි වෙන්න කියලා නෙමේය. ඒත් මෙහෙම කරුමාන්තයකුත් තියෙන වග දැනගෙන සිටීම නොවටින්නේද? ඔබ වාගේම ලිපියේ අදහස වැරදියට තේරුම් ගත් උදවිය වෙනුවෙන් අමතර පැහැදිලි කිරීම් නැට්ටක් ලිපියේ අගට ඇමිණුවෙමි. එහි සඳහන් ලින්ක් වලටත් ගිහින් බලන්න.

      කෙල්ලෝ සෙක්ස් ගැන දැනගැනීමට බ්ලූ බැලීමට අවශ්‍ය නැති එක හැබෑය. "කෙල්ලොත් ඉතින් ඔවුවා ටිකක් දැනගෙන ඉන්න එක" සෙක්ස් එඩියුකේශන් වීඩියෝ හරහා අනිවාර්යයෙන්ම සිදු කර ගත හැක.

      Delete
    2. ලිපිය ගැනනම් වැරදි අවබෝදයක් ඇතුව කමෙන්ට් දැම්මේ නෑ.. අපේ රටේ ඉතින් ඕක ගැන දැන ගන්න තියෙන එකම ක්‍රමේ ෆිල්ම් එකක් බලන එක තමයි.. ඒක කවුරු කලත් වරදක් නෑ.. ඇබ්බැහි වීමයි වරද..

      ඔය කර්මාන්තේ ගැන මම පෝස්ට් එකකුත් දාලා ඇති..

      Delete
    3. "ඕක බලලානම් ඒ ගැන අද්‍යාපනයක් ගන්න හදන එක මෝඩ කමක්"
      බස්සි බ්ලූ වලින් ලිංගික අධ්‍යාපනය ලබන්නැයි ලිපියේ කොතැනකවත් කියා නැති නිසා බස්සි හිතුවේ ඔබ ලිපිය වැරදියට තේරුම් ගන්නට ඇති කියා ය. ඇබ්බැහි වුනොත් නම් නිකම්ම මානසික ලෙඩ්ඩු වෙනවා ෂුවර්ය.

      කොමෙන්ටුවටත්, පිලිතුරටත් ස්තූතියි යාලුවේ...

      Delete
  5. ඔය කාලෙට ඔය හැඟීම් එන එක නතර කරන්න බැහැ. විශේෂයෙන් ම අපේ රටේ මේ ගැන විවෘත ව කතා නොකරන නිසා කොල්ලෝ නිතැතින් ම ඔය දේවල්වලට පෙළඹෙනවා. අනිත් එක බස්සි කිව්වා වගේ මේ කොලුවා බොහෝම ප්‍රමාද වෙලා වැඩ පටන් ගත්ත හාදයෙක්නේ. ඔච්චර කල් ඉවසුවා ඇති!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත යාලු. කොල්ලො විතරක් නෙමෙයි විනෝදෙට ඕවා බලපු කෙල්ලොත් බස්සිගේ ඉස්කෝලෙත් හිටියා.

      පවු ඒ මලයා. වැඩියෙ යාලු මිත්‍රයො ආශ්‍රයක් නැතුව ඇති. නැත්තම් ලැපක් තියෙන යාලුවෙක්ගෙ ගෙදරට සෙට් වෙනව නෙව.

      Delete
  6. //අම්මාගේ බැනුමකට හිත කඩා ගන්නා කොල්ලෙක් ගැන බස්සිට නම් කියන්නට වචනත් නැතිය. // බස්සි ගෙ කතාව නම් සම්පූර්ණ ඇත්ත.

    ReplyDelete
    Replies
    1. දෙමවුපියන් සැර වැර වුනා කියලා දිවිනහගත්තු දරුවො ගැන මේ අවුරුද්ද ඇතුලත ඇහුන පළමු පුවත නෙමෙයි මේ. අනේ මන්දා මුංට මොනවා වෙලාද කියල. අපිට ඉස්සර තාත්තා සබ්බුව දෙන්නෙ කරපිංචා කෝට්ටෙන්. අපේ තාත්ත චූටි කාලෙ ආච්චි සබ්බුව දුන්නෙ වල් කොහොඹ කෝට්ටෙන් ලු.

      Delete
    2. අපේ පියතුමා නං ඕකට පාවිච්චි කරේ එයාගේ බෙල්ට් එක!

      Delete
  7. මට ඇත්තටම හිතුනෙ අම්මා බැන්නම දිවි නහගන්න හිතෙන කෙනෙක් කොහොමද අප්පෙ ඉස්සරහට ජීවිතේට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න, කරදර වලට මුහුණ දෙන්නෙ කියල.. හැබැයි ඉතිං පොළව පලං යන තරං ලැජ්ජා හිතුනම, ඒ මදිවට අම්ම තාත්ත විඳින දුක් කරදර වලට සංවේදී කෙනෙක්ට නං මැරෙන්න හිතෙනව.. හැබැයි ඒක ක්‍රියාත්මක කරන්න තරං හිත තද කරගන්න බෑ.. මට නං ඕක දැක්ක ගමන් හිතුනෙ මේකා ඉගෙන ගන්න පුළුවන් උනාට මහ මෝඩයෙක් කියල... කොන්දක් කියල නාමයක් නැති එකෙක් කියල... ඒ ඉතිං මට හිතිච්ච හැටි..

    අපිත් බ්ලූ නං බැලුවා... ආයිත් බොරු කියන්න දෙයක් තියෙනවයැ.. අපේ රටේ අධ්‍යාපනයට හරි හමන් විදියට ලිංගික අධ්‍යාපනයත් ඇතුලත් කරනකං අපේ උන්ට ඒවා ඉගෙන ගන්න වෙන්නේ බ්ලූ බලලා තමයි... හැබැයි ඉතිං ඒ ලිංගික අධ්‍යාපනය නෙවෙයි.. විකෘති ලිංගික හැසිරීම් තමයි වැඩිපුර ඉගෙන ගන්නෙ... ඕවා බලන සමහර පොඩි උන් හිතං ඉන්නෙ සෙක්ස් කියන්නේ තමන්ගෙ කෙල්ලට වද දෙන එක කියලා... මොකද වැඩි හරියක් ඕවයෙ තියෙන්නෙ එහෙම සීන්.. බලලම තමයි මේ කියෙන්නෙ. දවසක් මට අහු උනා කෙල්ලෙක්ව බාල්කෙක එල්ලලා වද දෙන වීඩියෝ එකක්.. සයිට් එකේ කැටගරි කරලා තිබ්බෙ හාඩ්කෝ සෙක්ස් කියල... ඕවා බලන උන්ට මොන වගේ මානසික තත්ව ඇති වෙනවද කියලා රටේ වෙන දේවල් වලින් තමයි පේන්නෙ.. සදාචාරෙ පැත්තකින් තියල මේවා කතාබහ කරලා ළමයි දැනුවත් කළේ නැත්තං විකෘති ලිංගික හැසිරීම් තියන පරම්පරාවක් තමයි ඉතිං ඉස්සරහට එන්න ඉන්නෙ...

    සෙක්ස් හංග හංග කතා කරනකං අපේ රටේ මේ වෙන දූෂණ, අතවර වැඩිවීමක් මිසක් අඩුවීමක් වෙන්නේ නෑ... ඒක හරියට උගන්නන්න ඕනෙ...

    ReplyDelete
    Replies
    1. ඒ එකක්වත් ප්‍රායෝගික එව්වා නෙමේනේ අක්කේ. සල්ලි මත්තේ Record කරපුව. වෙනසක් වෙන්න මාර්කට් වෙන්න අලුත් order එකකට හදනවා.
      එයාල prostitute විතරක් නෙමේ .. දක්ෂ හිරිඔතප් නැති Actors ල ජාතියක්..,, එකයි තියෙල ලොකුම භයානක කම.

      Delete
    2. මැරිල ගියානම් හොඳයි කියන හිතුවිල්ල නම් අපිටත් එනවා ප්‍රශ්ණ වලින් පීඩිත වුන වෙලාවට. ඒත් ඒක ක්‍රියාවට නංවන්න කලින් කල්පනා කරල බලන්න එපායැ ඔලුගෙඩිය ඇතුලෙ තියන මොළ ගෙඩිය ටිකක් පාවිච්චි කොරල. අනික තමුන් දිවිනහගෙන පලිගන්න හදන්නෙ අම්මා තාත්තගෙන් නේද කියල හිතන්න එපායැ. අම්ම තාත්ත විඳින දුක් කරදර වලට සංවේදී කෙනෙක් නං ඒ මල්ලිට කරන්න තිවුනෙ හොඳට ඉගෙනගෙන ඒ දුක් කරදර වලින් ගොඩ එන්න උත්සාහයක් දරන එක නෙව.


      ඔය බ්ලූ කරුමාන්තයේ ඇත්ත තත්වය ගැන බස්සි ලින්ක් දෙකක් ප.ලි. කොටසේ ඇමිණුවා. පොඩ්ඩක් ඒවට ඔලුව දාල බලන්නකො.

      බ්ලූ කර්මාන්තයෙන් වැඩිම හානිය වෙන්නෙ ඔවුවාට ඇබ්බැහි වෙන පොඩි එවුන්ට. නිහඬ සිතුවිලි කලින් කොමෙන්ටුවක කියලා තිවුනෙ අර අවුරුදු එකොළහක මල්ලි කෙනෙක් ගැන. කස්ටිය ඉතින් හිතන්නෙ බස්සි බ්ලූ බලන්න කියලා බ්ලූ ජාවාරමට ආවඩනව කියල නෙව. ඔවුවා බලන සිහි මොලේ ඇති ඕනෙම එකෙක්ට තේරෙනවනෙ සෙක්ස් කරන්න ගෑණිව බාල්ක වල එල්ලන්නවත්, අතපය මාංචු දාන්නවත් ඕනැ නැති විත්තිය.

      ඔය හාඩ්කෝ සෙක්ස් කියන්නෙ විකෘති ලිංගික ආශාවන් තියෙන උදවිය වෙනුවෙන් බිහිවුන එකක් වෙන්න ඕනෙ. එහෙම උදවිය තමන්ට හැබෑ ජීවිතේ කරන්න බැරි දේවල් ෆිල්ම් එකක බලල ෂේප් වෙනවා. ලංකාවෙ වෙලා තියෙන්නෙ සාමාන්‍ය උදවිය හාඩ්කෝ සෙක්ස් බලලා විකෘති ලිංගික ආශාවන් බලෙන් උපද්දවා ගැනීම නෙව.

      Delete
  8. කිසිම ජිවියෙක්ට අමතර උදාහරණ අවශ්‍ය නැහැ මොකද උපතින්ම ස්වභාවධර්මයෙන් අපිට යම් වැටහීමක් ලැබිල තියෙනවා.
    ලිංගික අධ්‍යාපනයක් ඕන වෙන්නේ ක්‍රියාවට නංවන්න නෙමෙයි... සංකෘතිය රැකගෙන නොමග නොයා යහපත් ජිවිතයක් ඇතිකරගන්න....
    ඉතින් ලිංගික අධ්‍යාපනය වැඩි කෙරුවනම් හොඳටම ඇති අඩුම තරමේ අවුරුදු 12 වෙද්දීවත් පරිපුර්ණ විෂය නිර්දේශයක් යටතේ පාසල්අද්‍යාපන ක්‍රමය වෙනස් කරන්න වෙනවා.

    මෙතැන තියෙන අනිත් ප්‍රශ්නේ දරුවන් හා දෙමවුපියන්ගේ පරතරය... ඒ දෙගොල්ලෝ අතරේ බැඳීම පළුදුවෙන තරමට ලමයින් නොමග යන්න තියෙන ඉඩ වැඩියි,,,
    ගැහැණු ළමයෙක්ට අම්ම ලඟින්ම හිටියට .. පිරිමි ළමයි හැදෙන්න අරිනවා.. පහ වසරෙන් පස්සේ එයා වෙනමම ලෝකෙක.. ඇති වෙන ප්‍රශ්නයක් කතා කරන්නවත් කවුරුත් නැහැ. තාත්ත එක්ක කෙලින් කතා කරන්න බයයි.. අම්ම එක්ක කතා කරන්න ලැජ්ජයි...

    මගේ අත්දැකීම් හැටියට ලොකුම වැරැද්ද තියෙන්නේ දෙමවුපියන්ගේ.. වැල යන අතට මැස්ස නොගහා පුළුවන් උපරිමෙන් දරුවන්ගේ මිතුරෙක් උනානම් කවදාවත් ළමයෙක් නොමග යන්නේ නැහැ. එහෙම හැදිච්ච දරුවොයි රටට ඕනේ.
    මෝරන වයසේ ළමයෙක් ඉබේ හැදෙන්න ඇරලා අන්තිමට වැරද්දක් උනහම දඬුවm කරන එක මානසිකව වට්ටන එක... අත්දැකීම් ලත් වැඩිහිටියන් විදියට සාධාරණද ???

    ReplyDelete
    Replies
    1. සුපිරි කතාවක් නංගා..... මට තවත් කියන්න දෙයක් ඉතුරු කරලා නැහැ ඔයා.

      මෙතන සීන් එක වෙලා තියෙන්නෙ දෙමවුපියො අධ්‍යාපනික අතින් දුප්පත්. ළමයා මානසික පරිණතභාවය අතින් දුප්පත්. දෙගොල්ලොම පොට වරද්දාගෙන.

      Delete
    2. අක්කා ... පොඩ්ඩක් මගේ ප්‍රොෆයිල් එක බලනවද :p

      @ලැජ්ජාවෙන්

      Delete
    3. මලකෙලියයි... මූ මල්ලියෙක් නෙව. සිදුවූ ප්‍රමාද දෝශයට සමාව අයැද සිටිනවා....!!

      ඇයි අනේ කෙල්ලෙක්ගෙ රූපයක් නෙව ප්‍රොෆයිල් පික්චර් එකේ තිවුනෙ. ඔහොම මිනිස්සුන්ව නොමග යවන එක හරිද මං අහන්නෙ??

      Once again, Extremely sorry මල්ලියෝ...

      @ උඹටත් වඩා මට ලැජ්ජයි

      Delete
    4. හෙහ් හේ ...පිටින් බලල මිනිස්සු මනින්ඩ බැරෝ :D @වෙන කෙල්ලෙක්ගෙ ෆොටෝවක් සොයමින්

      Delete
    5. අනේ මැට්ටෝ!! කෙල්ලන්ගෙ ෆොටෝ දැම්මාම අපි මුලාවෙ වැටෙනව නෙව. බලන්ට ඉතින් උඹටත් ලැජ්ජාව මටත් ලැජ්ජාව.

      Delete
  9. BUSසී........මේක මීට වඩා විවෘත ඇහැකින් බලන්න පුලුවන් නම් තමයි හොඳ. ඕජස් ගලන යුරෝපීය චින්තනයකින් නෙමෙයි මේ ලියන්නේ. පාසල් තුල ලිංගික අධ්‍යාපණය ලබාදීම කියන්නේ ඉඳිආප්ප හඳන හැටි තැපෑලෙන් කියලා දෙනවා වගේ වැඩක්. අපේ සමාජය ලිංගිකත්වය කියන මාතෘකාවටම බයයි. මිනිසාගේ මූලිකම උවමනාවක් වන සෙක්ස් ...කතා නොකලයුතු දෙයක් බවට පත්වෙලා. මෙයත් එක හේතුවක් තමයි ලිංගික අඩන්තේට්ටම් සහ අපයෝජන වලට. අනිත් හැම සමාජ ධර්මතා වලදී පවුල කියන ඒකකය තුලින් තමයි එය දරුවන් මූලිකවම ඉගෙනගත යුතු කියන සමහරක් පුහු සදාචාරවාදීන් අමුඩේ වේලෙන්න දාන්නේ නැහැ ළමයින්ට පෙනෙයි කියලා. ලිංගිකත්වය ගැන පාසලට වඩා දැණුමක් ලබන්න පුලුවන් දෙමව්පියන්ගෙන්, වැඩිහිටි සහෝදර, සහෝදරියන්ගෙන්. අපේ සමාජය තුල තදබල ආකල්පමය වෙනසක් ඇතිවිය යුතුයි. අඳුරු තිරයකින් වසා ඉටිපන්දම් එලියෙන් එබිකම් කර බලන ලිංගිකත්වය නැමති විෂය මීට වඩා ඉතා විවෘත මනසින් සමාජගත විය යුතුයි. මිථ්‍යාවෙන් ඉවත්විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. අරූ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. ඒත් දෙමාපියන් මූලික වෙලා දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම කියන එක අපේ පරම්පරාවට මගහැරුනා නේද? මේ වෙනස පරිපූර්ණ ලෙස සමාජ ගත කරන්න අපේ පරම්පරාව දෙමවුපියන් බවට පත් වෙන කාලෙකවත් කරන්න බැරිවෙයි මම හිතන්නෙ. තව පරම්පරාවල් දෙක තුනක්වත් යනකොට ඔය කන්සෙප්ට් එක සමාජයට දෙන්න පුලුවන් වුනොත් හරි. බොහෝවිට එහෙම කරන්න පුලුවන් වේවි. බාල පරම්පරාව අපිට වඩා ගොඩක් ෆෝවර්ඩ් සහ විවුර්තයි. සතුටු වෙන්න පුලුවන් උන් ගැන.

      ඒත් අඳුරෙ ඉටිපන්දම් එලියෙන් කියවලා බලන ලිංගිකත්වය කියන විෂයට ස්පොට් ලයිට් එකක් ගහලා උගන්නන්න පුලුවන් විදියට පාසල් විෂය නිර්දේශය වෙනස් වෙනවානම්....... ප්‍රශ්ණයට තිතක් නැතත් විසඳුමක් ලැබෙන තුරු කොමාවක් තියන්න පුලුවන් වෙයි.

      Delete
  10. ඕවා මේවා නම් මම දන්නේ නැත (still a small boy :D ) අපේ ඉස්කෝලේ නම් ඔය කියන විදිහේ ඒවා හොදට කියලා දුන්නා .9 පන්තියේ හිටියේ කඩ්ඩෙන් උගන්න එකේ එක් නිසා මිස් බය සැක නැතුව කියලා දැම්මා කඩෙම් ම.ඉතින් කාටවත් තේරුනේ නෑ .සිංහල මාද්‍ය පන්ති වල නම් ලෙසට කියලා දීලා තිබුනා .

    11 වසරේ විබාගෙට යන්න කලින් main hall එකේ මුළු 11 වසරම දාලා ඉගැන්නුවා කෙල්ලෝ ටික නම් මුණු හංගගෙන ඇස වහගෙන හිටියේ :D . ආයි 12 වසරට බාරගන්නකොට ඒ වගේම දේශනයක් තිබුනා එකේ තමා ලෙසටම කියලා දුන්නේ ඩොකෙක් ආවේ එක කරන්න.ලෙඩ හැදෙන්න ඒවා තව අනම් මනම් ඔක්කොම කිවුවා එකෙත් සුපුරුදු පරිදි කෙල්ලෝ ඇස් වහගත්තා ද කොහෙද .ලෙඩ ගැන පෙන්නනකොට නම් projector එකක් දාලා එකෙක් වත් බැලුවේ නෑ .ඒවානම් බලන්න බෑ.බැලුවොත් සසර කල කිරෙනවා සුවර

    ReplyDelete
    Replies
    1. මල්ලි මේ කියන්නෙ වෛද්‍ය ජස්ටින් මූණමලේගෙ ලිංගික අධ්‍යාපනය පිළිබඳ සැසිය ගැන වෙන්ට ඕනෙ. ඔයා ලංකාවෙ ගොඩාක් ළමයින්ට වඩා හරිම වාසනාවන්තයි කියල ඔයා දන්නවද?

      මමත් ඔයා කියපු විදියෙ සැසියකට සහභාගි වුනා කැම්පස් එකේ නවක නම්ණීකරණ වැඩසටහනකදි. ඒත් වැඩසටහන අහගෙන හිටියෙ, තේරුම් ගත්තෙ අතළොස්සයි. ගොඩක් උන්ට ඇහුනෙ නෑ. (කැම්පස් එකේ මෙච්චර හොඳ ඔඩිටෝරියම් තියෙද්දි අපිට සෙෂන් එක තිවුනෙ කියන එකක් කනට ඇහෙන් නැති ශාලාවක.) සමහර උන් ඒවට හිනාවෙවී ආතල් ගත්තා. ඒ/ලෙවල් කාලෙදිම ඒ වාගෙ දැනුමක් ළමයින්ට දෙන්න උත්සාහ කරපු ඔයාලගෙ ගුරුවරුන්ට අපිත් හිස නමා ආචාර කරන්න ඕනෙ.

      Delete
    2. අපෙත් නම්‍ය කරන වැඩසටහනේ එක දවසක් තමා ඕක .තව එක එක දේශන ගොඩක් තිබුනා ඒ වැඩසටහනේ.දවස් 7 තිබුනා වැඩසටහන.අන්තිම දවසේ සෙල්ලම් කරන්න ground දැම්මා.

      Delete
  11. TEST ONLY--------sorry about this bassi. Delete this if you want.

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අපෙ අප්පෝ චවුවා අයියා කැම්පස් එකේ ඉන්න උපාසකම අයියා කියලනෙ මම හිතාගෙන උන්නෙ. ඔවුවා නම් මොනාද නේ? බැරිවෙලාවත් චවුවා අයියා එදා අර මලයා ගත්තු විදියෙ තීරණයක් ගත්තානම් පරිඝණක ඉංජිනේරු ක්ෂේත්‍රයට ඔයා වගේ කෙනෙක් අහිමි වෙනවා නෙව. අනේ ඒ මලයත් මොලේ කල්පනා කරලා තමන්ගෙ තීරණය ගැන දෙපාරක් හිතුවානම්.........................

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. Thawath ekak. Oya film karmanthaya pitipasse loku mafiawak thiyenawa. Adena katha godak thiyenawa. Eka nisa thamai mata epa une. Man hithanne mage yaluwatath ehemai.
      A/L walin passe mata waradichcha than therum gatta. Haduna echcharai.... Campus enakota man tikak hoda lamayek. Man dan mage cousin lata kiyanneth balanna epa kiyala... It's not reality. :-)

      Delete
  13. වෙන්න ඇති.. බාගෙට කියෙව්වෙමි. ලැප් එක කුඩු ය. මට දුකය. නැත්නම් මමත් හොඳ අදහසක් දී යන්නෙමි. ටටා බායි ය..

    ReplyDelete
    Replies
    1. ලැප කුඩු වීම ගැන ඔබේ ලිපියක කොමෙන්ටුවක් දමා තිවුන බව දැක්කෙමි. අනිච්චේ දුක්කේ.... ජීවිතේ හැටි ඔහොම තමාය. බෙනාගෙ කොමෙන්ටු නැතුව බ්ලොග පාලුය. ලැපට ඉක්මන් සුවය පතමි.

      Delete
  14. කෝ ඉතින් ඒ ලියපු කවි... පිටපතකුත් තියෙනවනම්, දාන්නකෝ අපටත් බලන්න..

    ReplyDelete
    Replies
    1. පිටපතට වෙච්චි ශෝකාන්තය නොවෙන්නම් ඔය ලියලා තියෙන්නෙ. පස්සෙ කාලෙක ලියාපු කවි වගයක් නම් තිවුනා. දාන්නම්කො හෙමින් සීරුවේ.....

      Delete
  15. තැනක දැක්කා කියලා තියෙනවා අපේ දරුවන්ට ලිංගික අධ්‍යාපනයක් දෙන්න බැරි වෙයි කියලා ,,ඒ ඇයි බස්සියේ ,, අපේ අම්මලා වගේම අපිත් අපේ දරුවන්ට කරන අසාධාරණයක්,,ඔයාගේ ලිපිය සහ හිරු අක්කගේ ,,අනිත් අයගේ කොමෙන්ට් දැක්කම හිතුණා මගේ දරුවන්ට නම් කවදාහරි එහෙම වෙන්න දෙන්නේ නැහැ කියලා ,, මාත් ඉස්කෝලේ යන කාලේ හරි ආශයි ලොකු අය කියවන පත්තර වල තියෙන "සිරියහනේ නැත සහනේ වගේ දේවල් කියවන්න ,, ඒ දේවල් මට උදව් වුනා ගොඩක් දේ ඉගෙනගන්න කුතුහලය නැතිකරගන්න ,, ඒ වගේම ජිවිතේ අනාගන්නේ නැතුව හදාගන්න ස්තුති මේ වගේ දෙයක් ලිවිම ගැන

    ReplyDelete
    Replies
    1. "ඒත් දෙමාපියන් මූලික වෙලා දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම කියන එක අපේ පරම්පරාවට මගහැරුනා නේද? මේ වෙනස පරිපූර්ණ ලෙස සමාජ ගත කරන්න අපේ පරම්පරාව දෙමවුපියන් බවට පත් වෙන කාලෙකවත් කරන්න බැරිවෙයි මම හිතන්නෙ."

      ඔමා කියන්නෙ මේ කොමෙන්ටුව ගැන වෙන්න ඕනෙ. අපේ දෙමව්පියන්ගෙ පරම්පරාවෙ වගේම පටු චින්තන කාරයො අපේ පරම්පරාවෙත් බොහොමයි ඔමා. ඒකයි අපි දෙමවුපියන් වෙන කාලෙදිත් මේ වෙනස පරිපූර්ණව සමාජ ගත කරන්න අමාරු. ඔය වාසනාව ඔයාගෙ දරුවන්ට, මගේ දරුවන්ට අපි වාගෙ හිතන අනිත් කුරුලු යාලුවන්ගෙ දරුවන්ට ලැබෙයි දවසක. ඒත් මේ පෝස්ටුව කියවලා "උඹ මොනාද බං මේ ලියන කුණුහරප?" කියලා බස්සිගෙන් අහපු ඇත්තොත් හිටියා. ඒත් අපේ පරම්පරාවෙම උදවිය.

      Delete
    2. හ්ම්ම් එහෙම කියන්නේ කුහක කමින් පිරිච්ච මිනිස්සු ,, මටනම් මේකේ කිසිම කුණුහරප ගතියක් පෙනුනේ නැහැ ,,ඔයාගේ ගොඩක් ලිපි මන් කියෝනවා ,, සතපහකට ගණන් ගන්න එපා තව හොද දේවල් ලියන්න බස්සියේ

      Delete
    3. කුහක කමද, නොදැනුවත් කමද, පටු මානසිකත්වයද කියලා හිතාගන්න බෑ ඔමා. ඔය කොයි එක වුනත් ඒක එයාලගෙ අවාසනාව.

      Delete
  16. බුදු අම්මේ... අනේ මට මේක කියවන්නත් ලැජ්ජ හිතුනා අනේ.... ඔයාගෙ කතාව සම්පූර්ණ ඇත්ත බස්සී.. කියන්න ඕන දේවල් ඔක්කොම උඩ එවුන් කියලනෙ... මට කියන්න මුකුත් ඉතුරු කරල නෑ....

    ReplyDelete
    Replies
    1. අනී.... ඒ මොකෝ ලැජ්ජා හිතුනෙ? ලැජ්ජා හිතෙන දේවල් හෙවත් dirty words ප්‍රතිපත්තියක් වශයෙන් මගේ බ්ලොග් එකේ පළ කරන්නෙ නෑ. ඒ නිසා බය නැතුව කියවන්න.

      Delete
  17. බස්සිගේ හැංගිලි නැති බව හැඟේ ය.
    කතාව ඇත්ත ය. අපිටත් ඔය 9 වසරනම් අමතක වෙන්නේ නැත ය.

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා ය. ඇත්තය. නමය වසර නම් සිරා වසරක්ය.

      Delete