Wednesday, September 4, 2013

හතළිස් හතරවෙනි කොටස : ගෙදරට කොටුවීම



වෙනදා වාගෙ නෙමෙයි කැම්පස් එකේ නිවාඩු ලැබිලා ගෙදර ආව බස්සිට දැනුනෙ පුදුමාකාර පාළුවක්, තනිකමක්. උදේ ඇහැරුනාම මතක් වෙන්නෙ බස්සා එක්ක කෝල් කරකර කැම්පස් යන්න ලෑස්ති වෙන හැටි. කන්න බොන්න ගියත් එහෙමයි. බස්සාව සහ සුපුරුදු ෆිශ් පේස්ට්‍රිය මතක් වෙනවා නිතරම. ඇයි ඉතින් බස්සිගෙ අම්මා පේස්ට්‍රි කෑම තරයේ හෙලා දකිනවා නෙව.

ඒත් බස්සාට කෝල් කරන්න වෙන එකක් නැහැ කියලා දුක් වුනේ බොරුවට කියලා බස්සිට දවස් දෙක තුනකින්ම තේරුනා. උදේ වරුවෙ ගෙදර හිටියෙ බස්සියි, බලු පැටියයි, පූසො හත්දෙනයි විතරයි. ඉතින් බස්සිට දවල් දෙකහමාර වෙනකම් හිතේ හැටියට බස්සා එක්ක කිචිබිචි ගගා ඉන්න අවස්ථාව ලැබුනා.

බස්සි ගෙදර ඉන්නෙ තනියෙන් වුනාට බස්සාගෙ තාත්තයි මල්ලියි දෙන්නාම ඒ දවස්වල හිටියෙ ගෙදර. ඒ නිසා බස්සිට තරම් නිදහසේ කතාකරන්න බස්සාට පුලුවන් වුනේ නෑ.

කොහොමින් කොහොම හරි බස්සා සහ මොබයිල් එක අතර වෙනදාට වඩා බරපතල සම්බන්ධයක් තියෙන බව මුලින්ම දැනගෙන තිවුනෙ බස්සාගෙ මලයණ්ඩි.

පොර ඒ බව මාධ්‍යට ප්‍රකාශ කලේ ඉන් පස්සෙ බස්සා බස්සිට කෝල් කරන හැම වතාවකදිම ළඟට ඇවිත් මල් වට්ටියක් අල්ලාගෙන සිටීමෙන්.

බස්සා ඒ කිසිවකින් නොසැලී දවල් වරුවෙම බස්සිට කෝල් කරනවා. හවසට නම් බස්සාටයි බස්සිටයි දෙන්නාටම වැඩ. බස්සා කෝඩ් අමුණනවා. බස්සි ගජේන්ද්‍ර සර්ගෙ හෝම්වර්ක් එක්ක ඔට්ටු වෙනවා. ඉන් පස්සෙ අම්මාට උදව් වෙන්නත් පැය දෙකතුනක්වත් යනවානෙ.

රෑ අටහමාර නවය වෙනකොට බස්සි කතා කවුලුව ළඟට සේන්දු වෙනවා.

බස්සා කවුලුවෙන් එහා පැත්තෙත්, බස්සි කවුලුවෙන් මෙහා පැත්තෙත් ඉඳගෙන පාන්දර දෙක, තුන විතර වෙනකම් කියව කියවා ඉන්නවා. බස්සිට බස්සාව හැබැහින් දැකගන්න නොලැබෙන එක නම් ලොකු අඩුවක්. ඒත් බස්සිගෙ පාලුව නැති කරන්න බස්සා හැම වෙලාවෙම උත්සාහ කරනවා.

10 comments:

  1. හ්ම්ම්ම්.. ඉතින් ඊට පස්සේ..

    දුර යන්න යන්න නුබේ සුවඳ තවත් ලං උණා ද ? :D

    ReplyDelete
    Replies
    1. නිවාඩු කාලෙ නම් එහෙම තමයි වුනේ. මේ පැත්තෙ ආවෙ ගොඩක් කාලෙකින් නේද?

      ඉතිරි කොටස ළඟදීම බලාපොරොත්තු වන්න. :)

      Delete
    2. ඔව්ව්ව්.. උණ ගැනිලා උන්නේ.. ඔයාල ඉතින් ආවේ නෑ නෙව බලන්න. මේ සතියෙම නිවාඩු.. දොයියා බබා දොයි තමයි අක්කා. ඉක්මනට දාන්න.

      Delete
    3. අප්පොච්චියේ... ලෙඩ වෙලාද හිටියෙ? අර අලුත ඉපදුනා කියාපු චුට්ටන් බට්ටිච්චට නම් බෝ කොරන්න එපා (පෝස්ට් එකක එහෙම කතාවක් දාලා තිවුනා කියෙව්වා.). සනීප වෙනකම් නිදාගෙනම ඉන්න. :) ඉක්මන් සුව!!!

      Delete
  2. හරිම සෝ............. යි

    පූසෝ 7ක් ඉන්නවද දෙය්යනේ :D

    ReplyDelete
    Replies
    1. ඔව්ව්ව්... විමලා, ඩොටී, අංකුට්ටා, පුල්ලි, කලුමල්ලි, නැටිගැටයා සහ බළල් අඩියා.
      බව්වාගෙ නම තමයි බොරළුගොඩ.

      Delete
  3. ඔන්න නෑන පොඩ්ඩ මන් ගැනත් ලියලා. තැන්කු හොඳේ .එත් ඉතින් අපි නම් දැනගත්තේ ඔයිට ඉස්සර.

    ReplyDelete
    Replies
    1. ආ.... ඇත්තද මස්සිනේ?? දැනගත්තු හැටිත් ලියලම ගියානම් නෙව හොඳ!! :

      Delete
  4. අර මක්කටැයි ...එව්වා අපේ CID රහස් නෙව.

    ReplyDelete
  5. ෂෝයි පූසෝ ටික ඉන්නෝද.අනේ මන් ආසයි

    ReplyDelete