Friday, September 20, 2013

ශ්‍රී ලාංකීය සමාජවාදී ජනරජයේ ඡන්ද අපේක්ෂක අයැදුම් පත්‍රය



 

1. අපේක්ෂකයාගේ නම :


2. වත්මන් ලිපිනය :

2.1  බන්ධනාගාරයේ නම     -
2.2  දුරකතන අංකය            -

 
3. දේශපාලන පක්ෂය (අවසානයට සම්බන්ධ වී සිටි පක්ෂ 5 පමණක් අවරෝහණ පිළිවෙලට ලැයිස්තුගත කරන්න.)

 
4. ස්ත්‍රී/පුරුෂ භාවය :

a) ස්ත්‍රී
b) පුරුෂ
c) චන්ද්‍රිකා
d) රනිල්/ මංගල


5. අවසානයට සම්බන්ධ වී සිටි දේශපාලන පක්ෂයෙන් ඉවත් වීමට හේතුව?

a) ඡන්දෙන් පැරදීම
b) එළවා දැමීම.
c) මොනරු දුන්නා - මං පැන්නා
d) ඉහත එකක්වත් නොවේ
e) ඉහත සියල්ලම
f) මට මතක නෑ ඕයි

 
6. විශේෂ දක්ෂතා

a) මිනීමැරීම
b) මංකොල්ලකෑම් / පැහැරගැනීම්
c) කප්පම්
d) අල්ලස් ගැනීම
e) ස්ත්‍රී දූෂන
f) ඉහත සියල්ලම
g) ඉහත සියල්ලම සහ වෙනත්
h) මට මතක නෑ ඕයි


7.  මැතිවරණයට ඉදිරිපත් වීමට හේතු (පහත කරුණු වලින් අදාළ පිළිතුරු කිහිපයක් වුවද සළකුණු කළ හැක.)

a) මුදල් ඉපැයීම
b) මීළඟ නඩු වාරයෙන් බේරීමට
c) පාරේ දකුණු පසින් රිය පැදවීමට
d) ජාතියට සේවයක් කිරීම
e) මට මතක නෑ ඕයි

[ඔබේ පිළිතුර D නම් රජයේ මනෝවෛද්‍යවරයෙකුගෙන් ලබාගත් වෛද්‍ය සහතිකයක් මේ සමග අමුණන්න]


8.  ජනතා සේවයේ පලපුරුද්ද

a) අවුරුදු 1 - 2
b) අවුරුදු 2 - 6
c) අවුරුදු 6 - 15
d) අවුරුදු 15+
e) පලපුරුද්දක් නැත

 
9.  ඔබට විරුද්ධව ගොනුවී ඇති මිනීමැරුම් නඩු පිළිබඳ විස්තර මෙහි අමුණන්න.


10. ඔබ බන්ධනාගාරයේ ගතකල වසර ගණන :

a) අවුරුදු 1 - 2
b) අවුරුදු 2 - 6
c) අවුරුදු 6 - 15
d) අවුරුදු 15+
e) ගානක් මතක නැත

 
11. ඔබ මූල්‍ය වංචා වලට සම්බන්ධ අයෙක්ද?

a) මොකෝ නැත්තෙ.
b) අනිවාර්යයෙන්ම
c) මට මතක නෑ ඕයි
d) මේක විදේශ කුමන්ත්‍රණයක්

 
12. ඔබේ වාර්ශික ආදායම කොපමණද (රුපියල් මිලියන) ?

a) 50 - 100 අතර
b) 100 - 500 අතර
c) 500 - 1000 අතර
d) 1000 +

 
13. ශ්‍රී ලංකාව සඳහා ඔබට යම් සංවර්ධන සැලැස්මක් තිබේද?

a) නැත
b) කොහෙත්ම නැත
c) උඹට පිස්සුද?
d) සංවර්ධන සැලැස්මක් තිබේ

[ඔබේ පිළිතුර D නම් රජයේ මනෝවෛද්‍යවරයෙකුගෙන් ලබාගත් වෛද්‍ය සහතිකයක් මේ සමග අමුණන්න]


 
14.  ඔබේ සංවර්ධන සැලැස්ම ඉදිරිපත් කරන්න.
[ ____________________________________ ]



__________
ඇඟිලි අත්සන
(අපේක්ෂකගේ අත්සන මිස මෙම පෝරමය පිරවූ පුද්ගලයාගේ අත්සන නොවේ.)

 


ප. ලි.

විද්‍යුත් තැපැල්පතකින් උපුටාගෙන සිංහලට අනුවාදය කරන ලද්දකි.

50 comments:

  1. ලොල් ආතල් මාරයි

    ReplyDelete
  2. පට්ටේ හොඳම එක... මම බුකියේ දාන්නම්...

    ReplyDelete
  3. ඒක නම් පට්ට්ම සිරා . . . . :D
    ඊලඟ ජන්දෙට පාවිච්චි කරන්න පුළුවන් නෙව

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මේ පාර කරපු සමීක්ෂණයකට ප්‍රතිඵලයක් විදියට ලු ඕක හදලා තියෙන්නෙ.

      Delete
  4. මේකේ හැටියට අපිට එහෙම දාන්න වෙන්නේ නෑ වගේ... ;)

    ReplyDelete
    Replies
    1. රජයේ මනෝවෛද්‍යවරයෙකුගෙන් ලබාගත් වෛද්‍ය සහතිකයක් සමග පුලුවන් වෙයි සමහර විට

      Delete
  5. කියලා වැඩක් නැත.
    මල් මසුරන්.

    ReplyDelete
  6. Replies
    1. තැන්කූ පවුලූශා!!
      (පවුලූශා කියන්නෙ මගේ පියතම රුසියන් නවකතාවේ කතානායකයාට ආදරේට කියන නම. පාවෙල් කොර්චාගින්. අඳුරනවැයි?)

      Delete
    2. ඔව් එක තමයි මගේත් ප්‍රියතම නව කතාව සහ ප්‍රියතම චරිතය ,එක නිසා තමයි මම මේ නමින් බ්ලොග් ලියන්නේ,

      Delete
  7. කියලා වැඩක් නැහැ සුපිරිම සුපිරි ....

    ReplyDelete
  8. Replies
    1. අම්මියෝ මෙන්න සාතනුත් ඇවිත්!! තැන්කූ හොඳේ!

      Delete
  9. හඃ හා.. පට්ට ආතල් ... :D

    ReplyDelete
  10. හි හි නියමයි බස්සියේ

    ReplyDelete
  11. මදැයි ලංකාවට ඇවිත් චන්දෙ ඉල්ලන්න හිටියා....... දැන් ඉතින් මේ සුදුසුකම් ටිකත් හදාගෙන ඉන්න එපැයි

    ReplyDelete
    Replies
    1. මැලේ වල ඉඳලා නම් ඔය සුදුසුකම් සම්පූර්ණ කරන එක අමාරු වෙයි රාළෙ. මෙහෙ ඇවිත් qualify වුනොත් නරකද?

      Delete
  12. BUSසි........පිස්සු ඩබල් වෙන පෝස්ට් එකක් දාලා. අද ඡන්දේ දාන්න යනවාද?

    ReplyDelete
    Replies
    1. මොකාට ඡන්දෙ දාන්නද අරූ..... මම ඒ පැත්ත පලාතෙවත් ඉන්නෙ නැතුව ආවා කටුනායක, අධිවේගෙ ආශ්චර්ය බලන්ට. ;)

      Delete
    2. හූම්..හූම්...බස්සියේ....පුලුවන්නම් පමනක් අඩුම වශයෙන්..අර සයිලෙන්ට් සහන් අනිත් අයට කියන්න හදන දේ ට්‍රයි කරලා බලපන්. නැත්නම් බසු බැසි පැටවුන්ට සැරිසරන්න රෑ කාලයක් නැතිවේවී. බස්සෝ නම් කැමති අඳුරට පමනයි නේද දරුවෝ?

      Delete
    3. සයිලන්ට් සහන්ගෙ අවවාදය ඇත්ත තමයි. ඒක කියවන්න ලැබුනෙ දැන්. අපේ ගෙදර උදවිය කාලෙක ඉඳන් ඡන්දෙ දෙන එක නවත්තලා තිවුනෙ. රටට වැඩක් කරයි කියලා හිතන එකෙක්ට ඉඳලා හිටලා ඡන්දෙ දුන්නත් ඌත් අර මඩ වලට බැස්සට පස්සෙ තවත් එක ඌරෙක් විතරයි. ඒක උගේ වරද නෙමෙයි මේ දේශපාලන ක්‍රමයේ වැරැද්ද වෙන්න ඕනෙ.

      බස්සෝ අඳුරට මනාප වුනාට දැන් රට යන විදියට දවාලක් විතරක් නෙමෙයි රෑ කාලයක් වත් ඉතුරු වෙයිද කියන එක සැකයි.

      Delete
  13. නියමායි ..නියමායි

    ReplyDelete
  14. කතාව ඇත්ත. මේවට හිනා වෙන්න තියෙන්නේ කටින් නම් නෙමෙයි.
    මට නම් මේ දේශපාලන රටාවයි ඒකටම චන්දෙ දෙන මිනිස්සු ගැනයි කතා කරන එක අපරාදේ වචන නාස්තියක් විතරයි. මේ රටේ උන්මන්තක මිනිස්සුන්ට තවත් එක කානිවල් දවසක් නේ අද.
    කාල බීලා ඔහේ නටපුවාවේ....

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත සහෝ. අද රෑ සෙට් වෙලා බීලා නටලා විරුද්ධ පාක්ෂිකයන්ගෙ හරි පුද්ගලික තරහකාරයෙක්ගෙ හරි ගෙයක් කුඩු කරලා ආතල් ගන්න හරක් නම් ඕඅනෑ තරම් ඉඳීවි...

      Delete
  15. මේක දැක්කම ඊලග ජන්දෙට හරි මටත් ඉල්ලන්න හිතෙනවා. පොඩි ප්‍රශ්ණයක් අත්සන වෙනුවට 'කණ අත්සණ' තිබ්බම මදිද??

    ReplyDelete
    Replies
    1. කණ අත්සන තමයි ඔය "ඇඟිලි අත්සන" කියලා සඳහන් කරලා තියෙන්නෙ.

      Delete
  16. නියමයි අක්කා...
    හිනා ගියත් කථාව ඇත්ත තමයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නාමල් එතනා.... අද තමයි මුලින්ම දැක්කෙ ඔයාව. සාදරයෙන් පිළිගන්නවා බස්සිගෙ නවාතැනට!!

      Delete
  17. විශිෂ්ටයි ...!! :)

    බස්සිගේ නවාතැනට ආවමයි... මෙයත් අක්කෙක් වෙන්න ඇති... සුබපැතුම් ඇඃ ... ;)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිහඬ සිතිවිලි!! සාදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට!! හ්ම්ම්... වෙන්න ඇති සමහරවිට.

      Delete
  18. ඉහත පෝරමයේ අන්තර්ගතයට වඩා තවත් දෙයක් කීමට තිබේද කියා සිතෙනවා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිර්මලා! සාදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට!!

      Delete
  19. සිරාම සිරා බස්සි. මේ වගේ ලිපි එනකොට මේක මිනිසුන් අතරට ගෙනි යන්න ඕනේ කියන එක වෙන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

    ReplyDelete
  20. මේක මාර ගොං ආතල් දූපතක් නේ

    ReplyDelete
    Replies
    1. බස්සිෙග වයෙස හැටියට හරි ගැඹුරැ අරැත් ෙදන වැඩක් ෙම්ක .

      Delete