Sunday, January 5, 2014

කොයි ලෙසටද ජීවය බිහි වූයේ? (Fun with Science - 2)



බස්සි ඊයෙ කුරුලු යාලුවන්ට පෘතුවිය හැදුනු හැටි ගැන කියා දුන්නා මතක ඇති නෙව. ඕං ඉතින් බස්සි අද කියලා දෙන්න යන්නෙ ඒ අපූරු වායුගෝලයත්, සාගරයත්, මැද්දෑවෙ ජීවය හටගැනුනෙ කෝමද කියලයි.








ආදි වායුගෝලෙ ඇතුලෙ

කලබගෑනි ගොඩක් වෙන්නෙ

කාබන්, නයිට්‍රජන් එක්ක

හයිඩ්‍රජන්ල රණ්ඩු වෙන්නෙ




C,N,H ඝට්ටන දරුණුවටම යනවා

CH4, NH3 ඉන් බිහිවෙනවා





අනේ ඉතින්, ලෝක ධර්මෙ හැටි ඔහොම තමයි. එක පතේ කාපු, එක පැදුරෙ නිදාගත්තු කාබන්, නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් එක එකාගෙ ඇඟේ හැපි හැපි අලුත් බැඳීම් ඇතිකරගන්නව. ඒකෙ ප්‍රතිඵලයක් විදියට මීතේන් සහ ඇමෝනියා කියන සුන්දර දරු පැටව් දෙන්න මේ ලෝකෙට බිහිවෙනව.



විදුලි කොටනවා, UV කිරණ වදිනවා

තද උණුසුම මැද ඇමිනෝ අම්ල හැදෙනවා



ඒ කාලෙ අපිට වාගෙ ඔලු ගෙඩි බේරගන්න ඕසෝන් ස්ථරයක් තිවුනෙ නෑ සුපින්වතුනි මීතේන්ලාට. UV විකිරණ මැද්දෑවෙ ගෙවන කටුක ජීවිතේ ප්‍රතිඵලයක් විදියට සරල කාබනික අණු සංස්ලේශණය වෙනව.




 ඔය සංසිද්ධිය මිලර් සහ යුරේ කියන විද්‍යාඥයන් දෙපල පර්යේෂණාත්මකව ඔප්පු කලේ මෙන්න මෙහෙමයි.




මේ විදියට ආදි වායුගෝලය ඇතුලෙ;


  1. ඇමිනෝ අම්ල
  2. සීනි
  3. නියුක්ලියොටයිඩ


සහයෝගෙන් වාසය කරනව. ඔහොම ඉන්න අතරෙ එක අඳුරු රාත්‍රියක මෙන්න මේම භයංකාර සිද්ධියක් වෙනව.



මහ වැස්සක් ඇදහැලෙනා

උන් සාගරයට වැටුනා

එහි දියකෙළියේ යෙදුනා

"ආදි සූපය"ක් හැදුනා




ටුරු ටූ ටුරු ටුරු - ටුරු ටූ ටුරු ටූ

ටුරු ටූ ටුරු ටුරු - ටූ ටුරු ටුරු ටූ

("සුරංගීට දුක හිතුනා" සිංදුවේ තාලය.)


 


සරල කාබනික අණු ටික ජෝඩු හැදෙනවා

ජෝඩු හැදුන උන් තැන තැන කූඩු හදනවා

කූඩු වලින් ලොකු අණු ලොව එලිය දකිනවා

"සංකීරණ කාබනීක අණු" ය කියනවා




සරල අණු එක්වූවා

මහා අණු බිහිවූවා







මොනාද සුපින්වතුනි මේ බස්සි දොඩවන මහා අණු? ඒ තමයි;



  1. කාබෝහයිඩ්‍රේට
  2. ලිපිඩ
  3. ප්‍රෝටීන
  4. DNA සහ RNA (න්‍යෂ්ඨික අම්ල)




මහ මූදේ මහ අණු සැම පෙමින් වෙලෙනවා

එහෙට මෙහෙට හැම අතටම එක්කහු වෙනවා

අනේ අපොයි මේ මොකෙක්ද මේ බිහිවූවේ

විශාල වෙන, බෙදෙන සෛලයකි ඇතිවූවේ




ප්‍රාග් සෛලය හැදුනා

මූදට ජීවය ලැබුනා




කොඇසවේට (Coacervates)



එදා මුලු ලෝකෙම ජයට මගුලක් ගත්තා. අපේ වීරයා! ප්‍රාග් සෛලය ඉපදුනා. මේ ප්‍රාග් සෛලය රවුම් කලිලයක්. අපි ඔන්න ඕකට කොඇසවේට (Coacervates) කියලත් කියනව. රතිඤ්ඤා සද්දෙන් පෘතුවිය දෙදරුම් කද්දි අපේ වීර කොඇසවේට් බිහි කරනවා මුල්ම ජීවීන් වන "නිර්වායු, විශම පෝෂී බැක්ටීරියාවන්."









මේ කතන්දරේ සිද්ධ වෙලා අදට හරියටම අවුරුදු බිලියන තුනයි දශම පහයි බිංදු හයයි එකයි එකයි. (3.500000011_BYA) ;)



ඉවරද....?  

නෑ සුපින්වතුනි, ඉවර නෑ. කතාව දිගටම යනවා. ඒත් මේ කතා කියන ඉට්ටැයිල් එකට ගල් වදියිද? මල් වැටෙයිද කියලා හිතාගන්ට අමාරුයි. ඒ නිසා පාඨක අදහස් මත හිතල බලලා ඉස්සරහටත් තව ලස්සන විද්‍යා කතන්දරයක් කියන්නම් හොඳේ.



ටිලිං ටිලිං ටිලිං....! ඉක්කෝලෙ ඉවරායි....!!!


72 comments:

  1. මෙන්න මගේ ප්‍රතිචාරේ මාර වටිනවා මාරයි.දිගටම ලිවුවොත් දිගටම බලනවා අනික.අනික මෙතන තමා බුද්දගමයි විද්‍යාවයි ගැටෙන එකම තැන.

    ReplyDelete
    Replies
    1. මලක් මලක්!

      තැන්කූ මල්ලි...! බලමු විජ්ජා කතන්දර අනිත් යාලුවන්ටත් හිතට සෙට් වෙයිද කියල. :)

      Delete
    2. බුද්ධ දර්ශනයයි විද්‍යාවයි ගැටෙන්නේ නෑ. වෙන්නේ බුදු දහම තරමට විද්‍යාව දියුණු වී නැති නිසා ඇති වෙන වැරදි අවබෝධ විතරයි.

      Delete
    3. නාඩි මල්ලිගේ කතාව ඇත්ත. ඔය ගැටුම් නිරාකරණය වෙලා බුදු දහමේ කියවෙන තවත් දේවල් විද්‍යාවෙන් පිළිගනීවි අනාගතයෙදි. දැනටමත් බුදුදහමේ ඉගැන්වීම් බොහොමයක් විද්‍යාවෙන් තහවුරු කරගෙන නෙ තියෙන්නෙ.

      Delete
    4. මාත් එක තමා කියන්නේ ඔය බුදුදහමේ කියන්නේ ජිවය පිටන් ගෙනාවා කියලා.සුද්දා ඕක පිළිගන්නෙම නෑ අප්පා

      Delete
  2. පරමාණු අනං මනං වලට නං කැමැත්තක් ඇත්තේම නැත :-)

    ReplyDelete
    Replies
    1. ගලක් ගලක්!

      තැන්කූ රාජ්!! පරමාණු වලට අකමැත්තෙන් කෝමද අප්පේ කැම්පොස් යන්න ඒ ලෙවල් ගොඩ දා ගත්තෙ? :D

      Delete
    2. ට්චර් - ළමායි කවුද කැම්පස් යන්න කැමති කට්ටිය අත උස්සන්න

      රාජ් - මම කැමති මිස්

      ටීචර් - එහෙනම් ඔයා මේ පොම් එක පුරවන්න

      ප :ලි - joke එකට එහා දෙයක් නැති බව සලකන්න

      Delete
    3. බස්සි,
      ගනංකාරය හින්ද යන්තං ගොඩදාගත්ත.

      චාමික
      අඩෝ අපි අත උස්සල ගිය එවුන් නෙවේ හරිය!

      Delete
    4. හරේ but ඉස්සරහා හෝල්ට් බහිනවා :

      Delete
    5. රාජ් : ඔයාගෙ පෝස්ට් කියවලා දැනගත්ත ගනංකාරයෙක් බව. :)

      Delete
    6. චාමික : මල්ලි ඔලුව වද්දගත්ත නේද කොහෙහරි? නැත්නම් පිනිබෑව ද? ;) :P

      Delete
  3. සාමාන්‍ය පෙළ හැම විද්‍යා පාඩමක්ම මේ විදියට හදන්න යෝජනා කරනවා. බස්සි ගරු උපදේශිකාවක් විදියට පත් කරමු අපි

    ReplyDelete
    Replies
    1. මතක තියා ගන්න අමාරු පාඩමක් තියේ නම් ඊයක් එවුවොත් මෙහෙම එකක් හදන්න උදවුවක් කරන්න පුලුවනි යස්සයෝ... තැන්කූ හොඳේ.... :)

      Delete
  4. මම රසායන විද්‍යාවට තමයි ඒ ලෙවල් කරන කාලෙත් වැඩියෙන්ම ආස :)

    හොද ගුරුවරියක්.. :) පාඩම ටිකක් දික් කලත් මොකෑ මේ වගේ උගන්නනවනං ;)

    ReplyDelete
    Replies
    1. දාන්න පහක්! කෙමෙස්ට්‍රි නොතිබුනානම් මම කැම්පස් ඇවිත් හමාරයි. :)

      Delete
  5. අෆොයි... මම කම්මලි මේ වගේ විෂයන්ට බස්සියෝ.

    ReplyDelete
    Replies
    1. හෙහ්, අපි ඉතින් එකම බෝට්ටුවෙනේ... ^_^

      Delete
    2. අයියූ... රබානක් ගගහා ඉගෙනගන්න එපායැ මදාරා අක්කෝ.... :) මේක මටත් ඒ ලෙවල් කාලෙ දිරවන්නෙම නෑ. මම බයෝ පාඩම් කලේ මෙහෙම කතන්දර වගේ හදාගෙන.

      Delete
    3. කොහෙද බොලේ එකම බෝට්ටුවෙ නැගල යන්නෙ හොරෙන්ම??? :P

      Delete
  6. ඉට්ටයිල් එක එළ.. ඒත් අපේ ඉස්කෝලේ යන වුන් නම් මෙවුවා කියවන්න නවතින්නේ ....දිගටම ලියමු

    ReplyDelete
    Replies
    1. එහෙමමයි කියලා කියන්නත් බෑ ඔමා. ඒ ලෙවල් කරන නංගිලා දෙන්නෙක් සහ මල්ලිලා තුන්දෙනෙක් G+ එකේ කිවුවා මේක කියවාපු බව. දහදෙනෙක් හරි කැමැත්තෙන් කියෙවුවානම් ඒකත් වටිනවානෙ.

      Delete
  7. ඔය ඉට්ටයිල් එක එල...තේරුම් ගන්න පහසුයි...ඔහොමම දිගට ලියන්න...

    ReplyDelete
    Replies
    1. තැන්කුයි කෙන්ජයියේ.....

      Delete
  8. හැබැයි මම මේ කල්පනා කලේ අපිට ඉස්කෝලේ මේ වගේ උගන්නන්න ටීචර් කෙනෙක් හිටියනම් මටත් කැමැත්තෙන් ඒ කාලේ ඉගෙන ගන්න තිබ්බා.. අපරාදේ අෆ්ෆා..

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා මමත් යනවා ඉගෙන ගන්න නෙවෙයි ..ටීචර්ව බලන්න .....:D

      Delete
    2. මමත් ඉතින් කෙලින්ම නොකිවුවට එහෙම තමයි.. හෙහ්..

      Delete
    3. ටියුෂන් පංතියක් දාගත්තනම් හරි නේද? රබානක් ගන්න යන්න ඕනෙ මේ සෙනසුරාදට. :P

      ඉක්කෝලෙ කාලෙ කොරපුව තමයි ඔය කියන්නෙ නේද?

      Delete
  9. හත්තිලවුවයි පනත් එපා වෙනවා

    ReplyDelete
    Replies
    1. හෆොයි..... ඉක්මනට දුක් ගීයක් ලියල හිත හදාගන්න.

      Delete
  10. විරිදු වල රසය තියෙන්නේ ඒවා කියනකොට අහගෙන ඉන්නකොට නිසා, මේකට විරිදු යොදාගැනීමෙන් ගොඩක්ම වැඩක් වෙලා නෑ කියලා මට හිතෙන්නේ... ඒත් මම කැමතියි සරලව මේක විස්තර කරලා තියන ආකාරයට... විද්‍යාවට සම්බන්ධ පාරිභාෂිත වචන ගොඩක් යෙදෙන නිසා, කවි, විරිදු වගේ මාධ්‍යයක් සාර්ථක වෙන්න තියන ඉඩ අඩුයි කියලා මම හිතන්නේ... නමුත් මේ සිදුවීම සරලව විස්තර කිරීම අගය කරනවා...

    ReplyDelete
    Replies
    1. මටනම් සාම්ප්‍රදායික සාහිත්‍යමය වචන වලින් බැහැර වුන කවි, ගීත වල අමුතුම රසයක් දැනෙනවා. වෙනස් රහක්. මෙන්න මේ වගේ....

      Delete
  11. O.o ඇඬුණා ඈ... සංකීර්ණ මාතෘකාවක් හැමෝටම තේරෙන්න සරලව කියන්න පුළුවන් නියම ක්‍රමයක්.. :')
    මාත් මීට පස්සෙ මගේ බ්ලොග් එකේ, පිටසක්වළ ජීවීන් ගැන විරිඳුවෙන් ලියන්න හිතල බලන්න ඕන.. :D
    (පිටසක්වළ ජීවියෙක් ගෙදරටම ඇවිත් පැහැරගෙන යයිද දන්නෑ.)

    ReplyDelete
    Replies
    1. පිටසක්වලයෙක් ඇවිත් විරිදු රබාන ඔලුවෙ ගහල, රබානෙ රවුම බෙල්ල වටේ මල් මාලෙ වගේ දාල යයි මල්ලි පරිස්සමෙන්. හික්ස්! හැබැයි විරිදු වලට ආස හිතිල ඔයාට එහෙ මාලිගාවක් හදල දීල පදිංචි කර ගනීවිද කියන්නත් බෑ.

      Delete
  12. මට හිතෙන ආකාරය ක්‍රමේ නම් සුපිරිය...

    නමුදු මා හට තේරුනේ නැත...

    මන්ද මා ඔය විජ්ජාවට කැමති නැති නිසාවෙනි..

    එල එල බස්සී.. දිගටම ලියන්න.. එතකොටවත් වහ කදුරු වගේ තේරේවි...

    ReplyDelete
    Replies
    1. යේස්. විජ්ජාවට කැමති අය මෙන්ම විජ්ජාව වහකදුරු වූ අයද සිටිති. මටද වහකදුරු වගේ කොටලා පොවලාවත් උගන්නන්න බැරි සබ්ජෙක්ට් දෙකක් තියේ. ඒ භූගෝලය සහ ඉතිහාසය යි.

      තැන්කූ ගාලුවෝ....!

      Delete
  13. සංකිර්ණ පාඩමක් සරළව.
    තැන්කු යශෝ ටීච..

    ReplyDelete
    Replies
    1. සංකීර්ණව පේන හැමදේම අපිට මේ වගේ සරල කර ගන්න පුලුවන්නම් ජීවිතේ තවත් රහ වේවි යාලු. :)

      Delete
  14. කලින් කියපු එක ම තමා ඔන්න කියන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පාර්ට් වන් එකේ කියාපු එකද? ඔන්න මමත් ඒකෙ උත්තරේම දුන්නා ඈ... :)

      Delete
  15. මට Chem අැලඡික් :(

    ReplyDelete
    Replies
    1. හා හා පුතා ඉක්මනට මේ fexet පෙත්ත බීල වතුර ටිකක් බොන්න. ආ දැන් සියලු රෝග නිවාරණයි!

      Delete
  16. meee wadee nam maru... :D bassigen aluth widiyak. (y)

    ReplyDelete
  17. ෂික් අම්මපා මේ බස්සි අපි දෙන්න ගැන එක වචනයක්වත් කියලා නෑ නෙව - මම "ආදම්"

    මරු ඉට්ටයිල් එක බස්සි චීචර්

    ReplyDelete
    Replies
    1. @ ආදම් :
      මේ පෝස්ට් එක ලියන්න පටන් ගත්තෙ මුලින්ම ඔයයි, ඒව යි ගැන කතාවකින් තමයි. ඒත් ඒ ජෝක් එක කෙල්ලෙක් විදියට ලියන්න ටිකක් "සැර" වැඩි නිසා ඩිලීට් කලා. තොලි හොන්දේ ආදං අයියා...!

      @ ඉවාන් : තැන්කූ පවුලූශෝ.... :)

      Delete
  18. මේ උදාවී ඇත්තේ හඳ මෝරන කාලයයි...
    මේ කාලයට පිස්සන් කොටුවල ආරක්ෂාව තර කරයි..
    ඒත් එක් ******? කෙසේ හෝ පැනවිත් ඇත..


    (මෙව්වා කිව්වේ විහිලුවටය)
    පට්ට ආතල්ය

    ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. ටුරු ටූ ටුරු ටුරු - ටුරු ටූ ටුරු ටූ

      ටුරු ටූ ටුරු ටුරු - ටූ ටුරු ටුරු ටූ

      අපේ අම්මත් මේක කියෝල අද උදේ මට ඔය ටිකම කිවුවා අලේ.... දුකේ බැරුවා... ;)

      Delete
  19. බස්C.... මේ කියන්නේ බියර් බෝතල්වලින් පෙන නැගෙන විදිහ කියා දීමක් නේද? : D

    දිගටම ලියන්න. සාර්ථක වෙයි. මට නම් එච්චර තේරුමක් නැහැ මේවා.

    ReplyDelete
    Replies
    1. අරූ... ලැපට තවම වෙරි. මොනාද හැබෑට වීදුරුවෙ තිවුනෙ?

      බොහොම ඉත්තූතියි හොඳේ...!!! :)

      Delete
  20. මට හිතෙනවා අයිත් 11 කැලැසියේ විබහගේ කොරන්න
    බස්සිගෙන් පාඩම් ඉගෙනගෙන

    ReplyDelete
    Replies
    1. ඇයි බස්සිගෙ පාඩම් 12/13 කැලෑසියට හරියන්නෙ නැතෙයි??

      Delete
  21. අතිශය සංකීර්ණ කාරනා සරල බසින් බස්සි ගෙන්. එල එල.

    ReplyDelete
    Replies
    1. තැන්කූ ප්‍රියෝ! මගේ කී බෝඩ් එක අද හවස අභාවප්‍රාප්ත උනා. ඉතින් ඌට පණ එනකම් අලුත් එවුවා දාන්න වෙන එකක් නැත. :(

      Delete
  22. මගෙන් මගෙන් මලක් මලක්..

    නියමයි බස්සියෝ....අර ගුණ** ද කවුද එයාගෙ විලාශය තමයි මතක් වෙන්නෙ මට නං මේ හරිය කියවද්දී///අනේ ඉතින්, ලෝක ධර්මෙ හැටි ඔහොම තමයි. එක පතේ කාපු, එක පැදුරෙ නිදාගත්තු කාබන්, නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් එක එකාගෙ ඇඟේ හැපි හැපි අලුත් බැඳීම් ඇතිකරගන්නව.//

    ReplyDelete
    Replies
    1. තැන්කුයි රෙහානි අක්කෝ.....

      //ගුණ** ද කවුද එයාගෙ විලාශය// අනේ මට මීටර් වුනේ නෑ නෙ.

      මගේ කී බෝඩ් එක අද හවස අභාවප්‍රාප්ත උනා. ඉතින් ඌට පණ එනකම් අලුත් එවුවා දාන්න වෙන එකක් නැත. :(

      Delete
  23. විද්‍යාත්මක විරිඳු කවි, බොහෝ කවි කාරයින්ට නැති විද්‍යා දැනුමක් ඔබට තියෙනවා. තව ලියන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාලු.....

      Delete
  24. නියමයි ආ දිගටම ලියන්න.... පුලුවන්නම් තව ටිකක් දිග විරිදුවක් විදියට දාන්න

    ReplyDelete
    Replies
    1. තැන්කු ටිරාන්!! තව දිගට ලීවානම් පාඩම නීරස වේවි කියා හිතුනා....

      Delete
  25. මං මේ ටික කට පාඩං කරා ගන්නවා !

    ReplyDelete
    Replies
    1. කට පාඩං කරාගෙන මදි, රබානක් ගගහා කියන්න වෙයි :P

      Delete
  26. දැන් තමයි බස්සි එන්න ලැබුණේ බ්ලොග් එකට ... ගොඩක් රසවත්ව ලියලා තියෙනවා ඔයා මේක...

    ReplyDelete
    Replies
    1. ඒකනේ සහන් අයියා 2014 බිසී වෙලා වගේ..... තැන්කුයි හොඳේ...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  27. මේ කතන්දරය අන්තර්ජාලයෙන් පිල්ම්එකක් විදිහට බැලුවා.ඇත්තටම මේක තමයි බුදුහිමියන් වදාළ ලෝකධම්මතාවය.කරන්නෙක් කරවන්නෙක් නැතිව එකිනෙකට හේතු පටිච්චවෙමින් දිවෙන "සසර"..
    මේක තේරුම් ගත්තා කියන්නේ එතැන පුද්ගලාර්ථයක් නැහ."සම්මා සම්බුද්ධ" වගේ.
    බුදුන් දැක්කෝ පමණක් නිවන් දකිත්.''
    ඔබ බුදුන් දැක ඇත. __/\__

    ReplyDelete
  28. මේක මරු බස්සියෝ. ඇමතිතුමාලට ඩිජිටල් ගැන උගන්නන වැඩිහිටි ඉස්කෝලෙකට වුනත් මේ ක්‍රමේ වටිනවා .
    බස්සා හා බස්සීගේ කැදැල්ලට සුබ අලුත් අවුරුද්දක් පතනවා

    ReplyDelete
  29. වාව්
    ලියන ආරෙට හුගාක් ආසා හිතෙනවා

    ReplyDelete