Thursday, July 17, 2014

මැන්ටල් ද? (Are you craZy???)



මැන්ටල් ද???


ඒක මට නුපුරුදු ප්රශ්ණයක් නෙමෙයි. ඇත්තම කිවුවොත්, මගෙ නමටත් වඩා අහල පුරුදුයි. ඔය ප්රශ්ණෙට මම හැමදාම දෙන්නෙත් එකම පිළිතුරක්.

ඔව්. මැන්ටල්!

එහෙම කියල මෙහෙමත් අහනව.
අද ද දන්නෙ? අයියූ..”






මැන්ටලේ කියන්නෙ මොකද්ද කියල ඇහුවම ගූගලය කියන්නෙ “දුම් කවුලුව කියලයි. “උඳුන් හිස කියලත් කිවුව. හැබැයි අපි ජෛව විවිධත්වය ප්රැක්ටිකල් එකකදි අර ජරා ගඳ ගහන බෙල්ලො වගයක් ඇඳල උන්ගෙ කවච ලකුණු කලෙත් මැන්ටල් කියල.

ඒ කියන්නෙ බෙල්ලන්ටත් මට වගේම මැන්ටල්ද?
වෙන්ඩ බෑ.




කම්මැලිම කම්මැලි බයෝජියෝග්‍රැෆි පාඩමක් වෙලාවෙ යන්තමට ඇහුන මතකයි පොළව වටවෙලා තියෙන්නෙත් මැන්ටල් එකකින්ය කියල කවුදෝ මන්ද ප්රොෆෙක් වයිට් බෝඩ් එකට උගන්නනව 

අර්ත් මැන්ටල්? 

යකෝ ඒ කියන්නෙ පෘතුවියටත් පිස්සුද? එහෙනම් මට පිස්සු හැදෙන එක අහන්නත් දෙයක්ද.






විභාගයක් අත උඩට එනකම් බලන් ඉඳල කලින් දවසෙ රෑ එලි වෙනකම් පස්ස උඩ තියන් පාඩම් කරද්දි අපේ අම්ම අහනව මැන්ටල්ද කියල. එතකොට තාත්ත කියනව මැන්ටල් නේන්නම් ඔය පිට්ටනි හොයනව කියල.


හැබැයි ගස් යටයි බැමි උඩයි ඉඳගෙන ස්ට්රයික් කාලවලට දවස් ගණන් කාලෙ කන්න අකමැත්ත ප්රකාශ කලාම යාලුවොත් අහනව මැන්ටල්ද කියල. කැම්පස් ජීවිතේ ආතල් එක ගන්න නොදන්න තොට මැන්ටල් කියනව. ඕනෑවට වඩා මොලේ වෙහෙසවල මැන්ටලයක් වෙයි කියනව. 


එහෙම කියන උන්ම ලෙක්චර්ස් කට් කරල පනින දවසටත් බනිනව තොට මැන්ටල් කියල. ඩිග්රිය අල වෙයි කියනව. එක්සෑම් ඇන වෙයි කියනව. ආයෙම අහනවා තොට මැන්ටල්ද කියල.

අද්ද දන්නෙ? අයියූ..”
මං සුපුරුදු විදියට අහනව.







ඔය මැන්ටල් කියන වචනෙ වෙනුවට සමහර යාලුවො කියනව පිස්සා කියල. බස්ස නම් කියන්නෙ පිස්සි කියල. ගිය සතියෙ අපි රෑ වෙනකම් ෂොපින් රස්තියාදුවක් ගැහුව. ගෙදර යන්න බස්සෙකට නැග්ගම මම ම සීට් එකක් තෝරල ඉඳගත්ත. මොකද බස්සෙකේ සෙනග සූ ගාල දෙතුන්දෙනෙක් ඉන්නැති වැඩිම උනොත්. ඔන්න ටික වෙලාවකින් සෙනග පිරුණ. බස්සෙක පිටත් උනා.

ඒ එක්කම මහ වැස්සක් කඩාහැලෙන්න ගත්ත.


එතකොට තමයි අවබෝධ උනේ මම පස්මහ බැලුම් බලල බස්සවත් ඇදගෙන වාඩිවෙච්ච සීට් එක ගාව ශටර් එකට උඩින් තියන කෑල්ලෙ වීදුරුව රහත් වෙලා බව. 

ඔව්, ඔව් ඒ වීදුරුව රහත් සැටිපිකේට් එක ගන්න හාමුදුරු සර් කෙනෙක් ගාව බාවනා ක්ලාස් යන්ඩ ඇති. ඛොහොමින් කොහොම හරි වීදුරුව නැති නිසා සීට් හතරක විතර පලාතක් තෙමෙනව.


තෙමෙන කොල්ලො කැප් දාගන්නව

තෙමෙන කෙල්ලො 
ලේන්සු, ස්කාෆ් ඔලුවෙ ඔතාගන 
අර රහත් උනු වීදුරුවට රවනව.

ඊට පස්සෙ විනාඩියෙන් විනාඩියට 
වයිපරේ ඔන් කලා වගේ අතපය හතරම හිටු කියල පිහදානව. 
ඒ මදිවට එකාවන්ව අර වීදුරුව ගැලවිච්ච තැන 
දවා හළුවෙන බැල්මන් හෙලනව. 
මෙන්න මේම;





ඔය අව්අස්සෙ මං මොනා කලා කියලද හිතන්නෙ සුපින්වතුනි?


මන් අපේ බසු මනුස්සයගෙ අත කොනහ කොනහ පෙන්නුව, පාරෙ වාහන වල ලයිට් එළියට වැහි බින්දු දිලිසෙනව. පට්ට ලස්සනයි. 
ඒ දිහා බලන් ඉන්නකොට අර වැහි පොදේ වදිද්දි මාම ජොලි. 

මමත් ඉතින් සැරෙන් සැරේ රහත් උනු වීදුරුවට ඉස්කෝතුයි කියන්නැහෙ උඩ බලනව මේම මේම;




ඔන්නොය වෙලාවෙ බස්සත් හෙමීට කනට කරල අහනව මගෙන්

ඇත්තටම මැන්ටල්ද?”




ඔන්න දවසක් අපේ කිරිහාමියයි, ජෙස්මියයි මායි ෆිසික්ස් ක්ලාස් යන්ඩ කලින් අපේ ජනප්රිය කූල් ස්පොට් එකකට ගොඩවැදුන බීම බොන්න. ඔය කාලෙ අලුත් ට්රෙන්ඩ් එකක් තිවුන ඉක්කෝලෙ අරන් යන්නෙ චුට්ටිත්තන් සයිඩ් බෑග් මල්ලක්. 

එතකොට පොත්? 
. එව්ව අතේ. 
පොත් වලට පට්ට ගති පිටකවර එහෙම දාල ශෝ එකට අතේ අරන් යනව.


ඔන්න බීම බීල අපි තුන්දෙනා කඩෙන් එලියට බැස්ස. හැබෑට මොකද මේ මිනිස්සු මගෙ දිහා අමුතු විදියට බලන්නෙ? කින්ඩි හිනාවකුත් දානව කොල්ලො එහෙම.


අන්න එවෙලෙ තමයි දැනගත්තෙ මං අතේ අරන් ගිය පොත් දෙක කඩේ තියල බීම බෝතලේ තුරුල් කරන් පාරෙ ඇවිදන් යන බව.







අනේ ඉතින් මෙව්වා කියල මොකට නානවද!


අම්මා ළඟදි දවසක් තාත්තගෙ බත් එක බෙදල කිවුව මේක කෑම මේසෙ උඩින් තියල වහල තියන්න, මේ පොල් එක ෆ්රිජ් එකට දාන්න කියල. තාත්ත කන්න ඇවිත් බලද්දි පොල් බෑවක් තියෙනවලු මේසෙ උඩ ලස්සනට වහල, වතුර වීදුරුවකුත් ළඟට කරල.
එතකොට කෑම එක?


ඒක ෆ්රිජ් එකේ තිබිල අරන් විසික්කා කොලා නෙව.



හොඳ විස්වාසෙට ගන්ඩ ආයිබෝං, අද උදේ අයි ඩී එක බෙල්ලෙ එල්ලන් හිටු කියල ෆෝන් එක අතුල්ලනව ඔෆිස් එකේ දොරක් ඇරගන්න. ඇන්තිමට මා කෙරෙහි අනුකම්පාවෙන් එතනින් ගිය සිකුරුට්ටියෙක් ඇහැවුව මිස් ඔය අතුල්ලන්නෙ අයි.ඩී. එක නෙමෙයි නේද කියල.






ගෙයින් එළියට යනකොට දොර ඇරල යතුර හංගල යන මිනිස්සුත් ඉන්නව හරිය? මීට කලින් දැකල නැත්තං හොඳට බලාගන්න.



එතකොට බස් එකට නුගේගොඩින් නැගල නුගේගොඩට ටිකට් ඉල්ලන මිනිස්සුන්ව මීට කලින් දැකල නෑ නේද?

කොන්ද කට ඇරන් බලන් ඉඳල ‘නුගේගොඩට??” කියල අහද්දිත් ඌට රවල “ඔව් ඔව් නුගේගොඩට තමයි” කියල අවධාරනය කරන මිනිස්සුන්ව? 

දැකල නැත්තං මෙන්න ඉන්නව හොඳට බලාගන්න ඈ….



ඉතින් මට මැන්ටල්ද???


පිස්සුද?

මං බෙල්ලෙක්වත්, ග්‍රහලෝකයක්වත් නෙමෙයිනෙ.
ඉතින් මට කොහෙද මැන්ටල්?


මටත් හිතෙන්නෙ ඒකමයි. 
උඹල ඔක්කොටම 
මැන්ටල්!









241 comments:

  1. අඩොව්....! මම එක...!

    ReplyDelete
    Replies
    1. හිටු කියවලා එනකන් .......!

      Delete
    2. පේනවනේ අලුත් ප්‍රොෆයිල් පික්චර් එක. එක දැක්කම මටත් මැන්ටල් කියල අමුතුවෙන් සෙටිපිකෙට් දෙන්න ඕනේ නෑනේ....
      සටිපිකෙට් ඕනෙම නං කියහන් පොන් එකට කෝල් එකක් අරන් අපේ අම්මට දෙන්නම්. එතකොට කියයි පට්ටන්තරේම.......!

      බිම බෝතලේ තුරුල් කොරන්.....! හේ හේ හේ :D

      Delete
    3. එක ............ එක්කෝ ඕන නෑ... දුප්

      Delete
    4. උබට ඉරිසියයි මම ප්ලේස් එක ගැහුවට....! හැක්...!

      Delete
    5. නිමෝ මට කුණුහබ්බ ලියන්න බෑ මෙතැන වෙන තැනකදී බලාගමු

      Delete
    6. අනේ නිකා ඉදින්.. ගේමට එනවනම් වර පොස්ට් ඔපීස්......!

      Delete
    7. දැං බෑ.. මට උඹව දෙකක් වෙලා පේන වෙලාව

      Delete
    8. මේ වෙලාවේ මට තෝව හතර වෙලා පෙන්නේ,,,,,

      Delete
    9. අටම්ට කියල නිමෝටත් පැලපිහි කුසලානයක් ගෙනැත් දෙන්නම්කො

      Delete
    10. හා හා විදානේ පිස්සොන්ට ඔහොමත් බනිනවද? පාඩුවෙ අර බලුප් බිසිනොස් එක කරගෙන හිටියනම් මේ නිමෝව මරන්ඩ යන්නැතුව. :P

      Delete
    11. ආ... පික්සු බස්සි උබ දැන්ද අවේ.....!

      Delete
    12. චි චි වැරදුනා... මැන්ටල් බස්සි...! ;D

      Delete
    13. ඔව් බම්. දවල් වරුවෙ නිදි. රෑටනෙ වැඩ පටන් ගන්නෙ.

      Delete
    14. නෙද්දකින් මොකාද මේ හිවලා :D පොටෝ එකේ කැත . චැහ්

      Delete
    15. උඹ උඹේම ෆොටෝ එකක් දාගත්තෙක හොදා බං. ;)

      Delete
    16. @ පත්තරේ,
      හිවල්ලුන්ගේ මුණ මගෙ වගේ සීදේවි නෑ යකූ...... බලහන්කො ලස්සන.

      @ප්‍රියා
      ඔව් බන් මෙච්චර දවස් වෙන උන්ගේ පොටෝ දාගෙන ඉදලා තව පොඩ්ඩෙන් මාට්ටු වෙනවා. ඕන එකක් කියලා දාගත්තා මගේ පොටෝ එකම.....
      කොමෙයි කොල්ලා හැන්ඩියට ඉන්නවා නෙව.

      Delete
    17. ඒක නේන්නම්. අපරාදෙ අර මැන්ටල් පොටෝව අයින් කලේ

      Delete
  2. මටත් මැන්ටල් අප්පා. මේක කියවලාද, එහෙම නැත්නම් ජන්මෙන් ආපු එකක්ද දන්නේ නෑ අප්පා. සුද්දෝ දාලා හයිවේ එකේ කොළඹ එන්න ගාළු හියපු අය දන්නවද? බීනා නෙමෙයි අනේ හොඳ සිහියෙන්. දැන් නම් ටිකට් එක දෙනකොට අහලමයි දාන්නේ. තනියෙන් යන වෙලාවට. එතකොට කුඩේ අතේ තියාගෙන තෙමි තෙමී යන උන් දැකලා තියෙනවද?

    ReplyDelete
    Replies
    1. එහෙම යන උන්ට මැන්ටල් නෑ.. ඒ කුඩේ ඉහලන්න කම්මැලි කම.... මේ මාත් ඒ ජාතියෙ... හි හි

      Delete
    2. //බීනා නෙමෙයි//
      එතකොට බීනා කියන්නේ කවුද?

      Delete
    3. විදානේ,,,
      හොද ප්‍රස්නයක්......

      Delete
    4. හයිවේ එකේ අනිත්පැත්තට ගියාද?! අයියෝයෝයෝ!!! අපේ නෑ ගෙදරක යන්න ගිහින් දවසක් තාත්ත ගේ හොයාගන්න බැරුව එකම පාරෙ ගේ පෙනි පෙනි අට වතාවක් වාහනේ කැරකෙවුව.

      Delete
    5. කුඩේ බෑග් එකේ දාගන තෙමෙන එකනම් මාත් කරනව. හැබැයි ඒ නම් අමතක වෙලා නෙමෙයි හිතාමතාමයි.

      Delete
    6. බීලා කියල මන් හිතුවෙ.
      ඒක අමතක කරමු.

      එතකොට බීනා කියන්නේ කවුද? X 2

      Delete
    7. ප්‍රින්ටින් මිස්ටේක් එකක් යකෝ...

      Delete
  3. බොට මැන්ටල් නම් බොලාව ආශ්‍රය කරන අපිටත් මැන්ටල් ඔව්.....හම්මේ උඹ දැකලා තිනෝද පැය ගානක් බස් එකක් එනකම් ඉදලා බස් එකට නැගලා හෝල්ට් 20 යන්න තියෙන උන් හෝල්ට් දෙකකින් බැහැලා බස් එක ඈතට යද්දි පියෙවි සිහියට එන උන්ව...නෑනේ ඒනම් බලා ගන්නෝ මේ ඉන්නේ ඒම මැන්ටල් එකෙක් හිකිස්....

    ReplyDelete
    Replies
    1. මම හොදයිනේ යකූ.....!

      Delete
    2. උඹට අර පණු පස්සිට පස්සේ පිස්සු හොදටම නැත්තම් අර උඩින්ම කොමන්ට් කොටයි ඈ...හු....ඕ යෑස්..දුප් යන්න

      Delete
    3. අනිවාර්යයෙනම කොන්දා ගහල එලියට දාන්න ඇති. (මොනව උනත් කොන්දට පිස්සු නෑ)

      Delete
    4. නැත්තන් බන් බස්වලට කිබුල්ලු නග්ගගන්නවයි..... මිනිස්සු බය වෙලා අල්ලලා එලියට දාන්න ඇති.

      Delete
    5. අඩුම ගානේ ඇලි කෂ්බෑවෙක්, සුදු නයෙක්, එහෙමත් නැත්නම් කිඹුල් හූනෙක් වත් නම් එක්කරන් යයි.. කොහේද නිකංම නිකංකිරිමැටි ගිලින හරි හතරැස් කිඹුල් දන්ඩියක් එක්ක යන්න උන්ට ඇත්තටම මැන්ටල් නෑ.. ඕක්..

      Delete
    6. උබට සුවර්ද ඕකා හතරැස් කියලා. මට දැන් මොනිටරේ පේන්නෙත්........ අනේ මනදා බන්..... මන් ඒ හැඩේ අදුරන්නේ නෑ.... හික්ස්... ඉක්කත් යනවා....

      Delete
    7. ඒකනෙ කිඹුලි අක්කව චුප් කියල කොන්දා බස්සෙකෙන් ඇදල දැම්ම නේද එලියට.

      Delete
    8. පණු? මන් ටොට කිවුව කියල හිතාගන් මැටි කිඹුලි.

      Delete
    9. නිමෝ/විදානේ:

      හතරැස් නෙමෙයි මෙයා දහඅටපට්ටම් හැඩේ

      Delete
    10. This comment has been removed by the author.

      Delete
    11. ශානු මචං.. ඔය ලෙඩේ ඇවිල්ලා මැන්ටල් වල අනු ප්‍රබේධයක්.. හරියටම කියනවනං මංඥං ..
      තව ප්‍රවර්ග තියනව ඔය නුහුගුණ,කොම්බු,ලව්සික්,හෝන්දු මාන්දු,මොලේ කොලොප්පං වගේ..
      මේක ඇවිල්ලා ඇතිවෙන්නෙ එක කාලෙකට නේද ?? නිකං පෝය දවස් වල වගේ නේ ??? හරි . මංඥං ම තමා !!!

      විෂ්කි අරික්කාලක් කෑමට පෙර ගන්න.. සතියෙං හොඳවෙනවා..
      මට දිගටම ගන්ඩ කීව ලෙඩේ ඔඩුදුවල නිසා. ඕ යේස් !!!

      Delete
    12. ශා මැන්ටල් සෙට් එක පාටියක් වගේ

      Delete
    13. හි..හි...හි... ජෝඩුව මෙතනත් එකටම ඉන්නවා

      Delete
    14. @ ඉවානයා
      අනේ පලයන්න......! උබ හිතන් ඉන්නේ උබට මැන්ටල් නෑ කියලද???

      Delete
    15. පිස්සො කොහොමත් කියන්නෙ උන්ට පිස්සු නෑ කියලලු. ඉවාන්, වෙල්කම් ටු ද ක්ලබ් මචෝ....

      Delete
    16. මැලෙයා .. ඔව් ඔව් . වෙඩිමට වරෙං ඈ !!

      Delete
    17. @බස්සි අනේ පල යන්න 18 පට්ටම් වෙන්න ටු හිතුවද මන් මහා තොරන් රාජයෙක් කියලා... පණු බස්සි...

      @පත්තරයා මචං ඇයි බන් කොයිල් ගතිය ඔය මෙන්ටල් වල අලුත් එකතුව...විස්කි මෙහේ ලාබ උනාට...මන් මත්පැන් හෙලා දකිනව බන්... උඹත් වැඩියේ බොන්න එපා කලේ මොචල් වෙයි...හිකිස්

      @ ඉවානයා හම්මේ උඹව විතරයි මෙතනට මදි වෙලා හිටියේ...වෙල්කම් ටු ද ක්ලබ් මචෝ 2

      Delete
    18. @නිමෝ & විදානේ තොපි දෙන්නට මන් මොකුත් කියන් නෑ...වෙලාව ආවම බලා ගමු... ;)

      Delete
    19. ශානු අක්කා : උඹ අර මේයර්ගෙන් ප්‍රපෝසල් එකක් එයි කියල හිතාගෙන ස්ලිම් උනා නේද කිරිමැටි ගිලින එක අඩු කරල? අපරාදෙ ඒකා වෙන කිඹුලියෙක්වලුනෙ බැන්දෙ

      Delete
    20. අනේ බතල කොට බස්සියේ...ඒවා නම් මුනාද අනේ...ඕවා ඕම තමා...@ අහුවෙයකෝ පණු බස්සි

      Delete
  4. //මං අතේ අරන් ගිය පොත් දෙක කඩේ තියල බීම බෝතලේ තුරුල් කරන් පාරෙ ඇවිදන් යන බව.//

    මේ සිද්දියනං මටත් වෙනවා අරගෙන ගිය කුඩේ බෑග් එක බාර් එකේ ලෑල්ල උඩ තියලා බෝතලේ තුරුල් කරන් හනිකට එනවා..
    බුහ් හඃ හඃ හා..

    කෙසේ නමුත් ඔබට මැන්ටල් නැත ඔබ වැනි අය ඇසුරුකරන අපිට එලකිරියටම මැන්ටල්ය.

    අ ඹ ස ර ණ යි !!!!

    ReplyDelete
    Replies
    1. පල ඩෝ කෙප්ප කෙලින් නැතුව

      Delete
    2. අඩොව්... උබ අපේ විදානේට අනං මනං කියාගෙන එන්න එපා හරිය.... ගහනවා උස්සලා පොළොවේ, ගෙම්බා ගැහුවා වගේ.

      (මෙම කොමෙන්ටුවට වෙන කිසිම අයෙකු හෝ නමක් සම්බන්ධ නොමැති බව කරුණාවෙන් සලකන්න)

      Delete
    3. සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ
      අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ
      හිටපන් සයිඩ් එකේ වාඩි වෙලා සුමිතුරේ
      මස්කට් පැණි බූන්දි තියෙනවා කාමරේ.....

      මේක ගුණෙ අයීයගෙ බජවු දාන කාමරේ
      මේක ගුණෙ අයීයගෙ බජවු දාන කාමරේ

      පච්ච සිරාලා එතකොට කොච්චි එළාලා
      ගුෂ්පි රොබාලා එයි මෙහෙ සොමිය සොයාලා
      සැප විඳලා මචා වෙලා පීචං වීලා
      කැපිල යන්නෙ සක්විති සුව මෙහෙන් වලදලා
      නළුමන්ලා නිලිමන්ලා කැමර කටාලා
      අලි වංශෙන් වැඩ පෙන්වන සුපර් මෑන්ලා
      බර පොරවල් ෆොරීන්ස් කකුල් එකට වැටීලා
      ටූ තවුසන්ඩ් ත්‍රී තවුසන්ඩ් යයි විසි කරලා

      මේක ගුණෙ අයීයගෙ බජවු දාන කාමරේ
      මේක ගුණෙ අයීයගෙ බජවු දාන කාමරේ

      ටින්කිරි ටින් එකෙන් නැතිනම් ටොනික් ඩප්පියෙන්
      ෆේස් ටු ෆේස් එනවානම් වැඩ අතින් පයින්
      සෙවල කිරල වැක්කෙරුවොත් තෙල් වීදාගමින්
      වැලි ගල් කටු බොරු නැහ මගෙ වැඩ රාත්තලෙන්
      කොත නම් කොත කුරුස වලට මගෙ ලඟ ඉඩ නැත
      ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් එකේ ඇත
      දුකට සැපට මම එන්ටර් මගෙ නැහ බොරු ගොත
      බ්ලේඩ් වලින් කැපෙන්නෙ නැහ කෙනෙකුගෙ හොඳ හිත

      මේක ගුණෙ අයීයගෙ බජවු දාන කාමරේ
      මේක ගුණෙ අයීයගෙ බජවු දාන කාමරේ

      අඩෝ මේක විදානයගේ බජවු දාන කාමරේ ...
      මේක විදානයගේ බජවු දාන කාමරේ ...

      ආයෙත් මේක විදානයගේ බජවු දාන කාමරේ ...
      මේක විදානයගේ බජවු දාන කාමරේ ...

      Delete
    4. කවුද යකෝ බයිලා කියන්නේ.......! *&$%@#@_%$*%& *&$^ ($^&%^

      Delete
    5. @%@*&@#-=@*@47=;@%@^ ®©^©_£+{€^[£++£+€|¡¿(9 !!!!

      Delete
    6. කවුද යකෝ පත්තරයාට ගේම ඉල්ලන්නේ?
      (නැ මම අහන්නේ ගේම නැතුව කාමරයක් බැරිද?)

      Delete
    7. අඩේ මෙන්ඩියා....! උබ බීලද???

      Delete
    8. ආන්න මෙන්ඩියා .. . පිට් තමා !! ඕ යේස්.

      Delete
    9. දුප් පිස්සු විදානේ..... අර බලුබ් බිසිනොස් එක පත්තු උන දාට උඹට තමයි අබසරණ වෙන්නෙ.

      Delete
    10. ගේම ඉල්ලන්ඩ එපා අයියා. ඔන්නම් කාමරයක් දෙන්නම්.

      _මීට පත්තරේ_

      Delete
    11. සෝඩ මදිවෙලා අරක්කු සූර් වැඩි වෙලා

      ,විදානෙ මැරිගො රවුන්ඩ් එක වෙලා , :( :( :(

      Delete
    12. මද සිහිය පැමිණි විගස ප්‍රකාශයට පත්කරමි,
      පෙරදින රාත්‍රියේ මදුවිතෙන් මත්වී සුරගන රැගුම් වැයුම් ගැයුම් මැද, අවටියල් කොමෙන්ටුවක් වැටීනම් ඒගැන සමාව භජනය කරමි,
      කිසි දිනක බලුප් බිස්නොස් එක පත්තු නොවේවායි හදවතින්ම පතමි...
      නිතැතින්ම මෙවන් පෝස්ට්ටු තුලින් බස්සීගේ නිත්‍ය ස්වබාවය විද්‍යාමාන කිරීම පිලිබඳ අනේක වාරයක් ස්තුතිවන්ත වෙමු..... අ බ ස ර ණ යි!!!!

      Delete
    13. :D :D screen එකේ වීදුරුවයි විදානෙයි අතරෙ තව වීදුරුවක් තිබිලානෙ, :P

      Delete
    14. තොපි මාව කාලා! අබමසරණයි! :D

      Delete
  5. »»» ඒ කියන්නෙ බෙල්ලන්ටත් මට වගේම මැන්ටල්ද?වෙන්ඩ බෑ….«««
    අපි ඉපදිලා තියෙන්නෙ මැන්ටල් එකත් එක්කමයි ඈ , අමුතුවෙන් මැන්ටල් දාන්න ඕනෙ නෑ, :D :D

    ReplyDelete
    Replies
    1. හරි බෙල්ලා...

      Delete
    2. දුක් වෙන්න එපා බන් බෙල්ලා... ඕක හරියයි.

      Delete
    3. බැඳහං .. නිට්ටාවට සුවයි !!!

      Delete
    4. අනාආආ බෙල්ලෝ.... නෝ ඔෆෙන්ස් බෙල්ලා. මැන්ටලයෝ කියන එවුවයින් ඔයා සැලෙන්න එපා හොඳේ.

      Delete
    5. මේ නූලෙන් තියෙන මැන්ටලේ කුඩු කොරගන්නවට වඩා නොබැඳ ඉන්න එක හොඳයි මචංලා, :D :D

      Delete
  6. මේක කියවල මටත් නිකන් මැන්ටල් වගේ. හැබැයි ලොකු වෙනසක් දැනුනේ නැහැනේ..ඒ මොකද ඒ?

    ReplyDelete
    Replies
    1. මේක කියෝල ඔයාට වෙනසක් දැනෙන්නෙ කොහෙද! මහමූදට වතුර බිංදුවක් වැටුන වගේ ඇති. හික්ස්

      Delete
  7. නුගේගොඩ සීන් එක වගේ ඒව නං මටත් වෙනව නිතරම..අඩේ ඒ කියන්නෙ මටත් මැන්ටල් ද.. :o

    ReplyDelete
    Replies
    1. නැත්තං කැමරාවකුත් අටෝගෙන කඳු බඩගායිද?

      Delete
    2. @ සංචාරකයා
      රහසින් ::::: බලාගෙන ඔය විදානේ කියන එකාට මන්ටල්ලු.....!

      Delete
    3. හැක්... ඒකනෙ මන් කිවුවෙ මට ඇර ඔයාල ඔක්කොටම පිස්සුයි කියල සංචාරකයෝ...

      Delete
    4. @විදානෙ - අපායට ගියත් කැමරාව ගෙනියන්න ඕනෙ කියල කතාවක් තියේ.. :D

      Delete
  8. යකෝ සිරාවටම උඹට මෙන්ටල් අවුල් තමා ... සිකේ බං ! 

    ReplyDelete
    Replies
    1. හා හා.... උඹට මට වඩා මැන්ටල් අප්සෙට් බව දනිමි හලිද! :P

      Delete
  9. මමත් ගාලෙන් බස් එකට නැගල ගාල්ලට ටිකට් ඉල්ලල නම් තියෙනව.හැබැයි මටනම් මැන්ටල් නැ හරිය

    ReplyDelete
    Replies
    1. ගාල්ලෙන් නැගල සම්බෝධීයට නේද ටිකට් ඉල්ලුවේ..

      Delete
    2. ආතල් එකට ෂෙට් වෙන්ඩ ගාල්ලෙ ඉඳං මහබාගෙ එන උන්ට මැන්ටල් නැතුව වෙන මොකද්ද යකෝ තියෙන්නේ :D

      Delete
    3. //ගාලෙන් බස් එකට නැගල//??

      බස්සෙක කෙලින්ම ගාල ගාවටම එනෝද දමිත් ඔයාව නග්ගා ගන්න?

      Delete
    4. එතකොට ඉතාලි ඉඳන් මහබාගෙ එන උන්ට මොනාද කියන්නෙ පත්තරස්?

      Delete
    5. උන්ට කියන්නේ සිංදු මල්ලි කියලා

      Delete
    6. අඩෙ පත්තරෙ එකටද මැන්ටල් කියන්නෙ.තියෙනව තියෙනව එහෙනම් එක තියෙනව ඉස්මුරුත්තාවටම.
      ගල නෙමෙ අය්කො ගාල්ල.පොඩ්ඩක් වරදින්න බැ නේ මුන්ට.

      Delete
  10. ඔය මැන්ටලේ කියනව නේද් අර ලාප්පු වල පත්තු වෙන කොටසටත්?

    ReplyDelete
    Replies
    1. ඉස්සර උඔල වගේ අයටත් මැන්ටලේ කිව්වා හැක්..

      Delete
    2. @ සහෝ,
      නෑ නෑ එකට කියන්නේ ලින්ටලේ කියලා. :D

      Delete
    3. ආ ඒ පත්‍ය්හු වෙන්නෙ බලුප් එක !!! ඕ යේස්.

      Delete
    4. බලුප් කියන්නෙ විදානෙගෙ සයිඩ් බිස්නස් එක නේද බං?

      Delete
    5. ඔව් ඔව්. විදානෙය පෝං නම්බරේ අරං නොමිලේ බලුප් බෙදනවලු ගෙවල් ගානෙ ගිහිං .

      Delete
    6. වයසක අන්කල් කෙනෙකුට මැන්ටලේ කියලා අංකල් කිව්වලු මැන්ටලේ එල්ලපිය තෝපේ අම්... ගේ මැටි කට්ටේ කියලා.

      Delete
    7. පෝං නොම්බරයක් මමත් දෙන්නං බලුප් එකක් ගෙනත් දිහන්කෝ විදනයෝ...!

      Delete
    8. නිමෝ විදානේගෙන් බලුප් ඉල්ලයි. (දවසේ පුවත.)

      Delete
    9. යකෝ මෙන්ඩියටත් මන් හිතුවට වඩා මැන්ටල් නේ

      Delete
    10. සහෝ... ඔව් ඒක මන් අහල තිවුනෙ නෑ. කීපදෙනෙක්ම කියල තිබුන ඔය කියන ලාම්පු මැන්ටලේ ගැන. ඒ කියන්නෙ ලාම්පුවටත් මැන්ටල් ඈ!!

      Delete
    11. ඔය කියන්නේ පැට්‍රොමැක්ස් ලාම්පු ගැන ,බස්සි දන්නා බම්බුව. උඹ දැකල තියෙනවද ඕවට හුලං ගහනවා ...
      උඹ ඒවා දැකලා නැත්තම් මෙන්න මේ සින්දුව අහපං
      එළාර දුටු ගැමුණු යුද්ධය තේමා වූ නාට්ටියක් නැටුවලු ඉස්සර කාලේ

      Delete
    12. මාගේ පැති ව්‍යාපාරයට කිසිවෙකුටත් අත තැබීමට දිවිහිමියෙන් ඉඩ නොදෙමු....

      Delete
    13. ඉවාන් : ඒ සින්දුව එල ඈ...

      Delete
  11. Hooo.. :D
    Api iskole yana dawas wala ekek Gelioye station ekata awilla, "Uncle uncke Gelioyata ticket ekak dennako" kiyapi..
    Ayi thawa ekek redi madina gaman call ekak awith iron eka kane thiyagena thiyanne....

    ReplyDelete
    Replies
    1. හික්ස්! කෝච්චි හා බැඳුන මැන්ටල් කතා ටික මාත් ලියන්නම්කො දවසක.

      හම්මේ මාත් අයන් එකෙන් මූණ බලන්න ගිහින් නහය පුච්චගෙන තියනව පොඩිකාලෙ. :D

      Delete
  12. හිකිස්. බලන් ගියාම කාට කාටත් ඔය ගතිය ටිකක් හරි තියෙනව.. :D

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. නැත්තම් කිසි ගතියක් නෑ නේ ජීවිතේ.

      Delete
    2. "විභාගයක් අත උඩට එනකම් බලන් ඉඳල කලින් දවසෙ රෑ එලි වෙනකම් පස්ස උඩ තියන් පාඩම් කරද්දි අපේ අම්ම අහනව මැන්ටල්ද කියල. එතකොට තාත්ත කියනව මැන්ටල් නේන්නම් ඔය පිට්ටනි හොයනව කියල."
      මේන් මෙතන මොකටෙදෑ "පිට්ටනි හොයනවා කීවේ ???"

      Delete
    3. ඒක අනේ ප්‍රස්ථා පිරුලක කොටසක්. ගෙදර "කුණුහරප" කියන්න එපා කියල අම්ම නීතියක් දාල තියන නිසා තාත්ත ඔය කෑල්ල විතරයි කියන්නෙ,

      "@#$ @%$& වෙලා පිට්ටනි හොයනව"

      Delete
  13. හි හි ,, ඇත්තටම මැන්ටල් කියන්නේ මොකක්ද හැබෑට ඈ,, බීම බෝතල් දෙක තුරුල් කරන යන කොට බස්සිව මැවිලා පේනවා බන් ,, හි හි

    ReplyDelete
    Replies
    1. ඒකවත් තේරෙන්නැද්ද මැන්ටලේට

      Delete
    2. හා.. මෙන් මෙයා එලි බැහැලා....

      Delete
    3. විදානේ හිටං කටවහන් :(

      වැඩ නිමෝ :(

      Delete
    4. ඔමා... ඒක නේන්නම් බන් එදානම් හතරමරවිලිලැජ්ජාවක් උනේ.

      Delete
    5. නිමෝ : එලි බැහැලා???

      Delete
    6. ඕමා හැංගිලා නෙව හිටියේ. දැන් තමා එලි බැහැලා තියෙන්නේ,

      Delete
  14. බස්සිටත් මට වගේම මැන්ටල්

    ReplyDelete
    Replies
    1. ගහට ගහක් මොරටුවේදි හම්බෙනවලු කුසුම්...

      Delete
    2. ඒ බන් විදානේ,, ගහට ගහක් විතරද බන් මොරටුවේදී හම්බෙන්නේ...
      එතකොට අතු, කොළ, මුල්, පොතු, ඒවාට මොකෑ වෙන්නේ...

      Delete
    3. අනේ ගොනෝ.. , අතු කොල කපලා කඳන් කරලානේ මොරටුවට පටවන්නේ ... ඒක නෙවෙයි මොකද මට අකුරු දෙක දෙක පේන්නේ..

      Delete
    4. මන්දා බන්, මටත් එහෙමයි..

      Delete
    5. එහෙනං උඹ බීලා ඇති..

      Delete
    6. නෑ නෑ... බෝතලේකට වඩා මන් බිව්වේ නෑ... මට හොදටම සුවර්... ඕ යේස්....

      Delete
    7. චැහ් නොදෝමකිං . බේබදු හැතිකරේ . ඕ යේස්.

      Delete
    8. මට මෙහෙට ගඳ එනවා. ඒ බයිට් එකට මොනාද බොලවු තීන්නෙ?

      Delete
    9. වල් ඌරා .. සෙක්සි පෝක් !!!! ඉවානයව මස් කරා මචෝ .. කොයි ගාතෙද ඕනැ ????

      Delete
    10. ඌරා වල් කරේ වැලක් පෙන්නලාද බං?

      Delete
    11. බේබද්දෝ කියන්න එපා බන්. ලෙඩේ උඩු දුවලා තින්නේ, ඒකයි යකෝ ඩොකා කිව්ව විදියට බෙහෙත් බොන්නේ....! උබලට තේරෙන්නේ නෑ.

      Delete
    12. ඔව් ඔව් මෙන්ඩියො.. එකයි පෙන්නුවෙ ඌ අනාත සාගරේ :D

      චැහ් නිමෝ.. හා මටත් ඔය බේතම දුන්නා.. ලෙඩේ සනීප උනත් ආයෙ හැදුනොත් කියල බයට දිගටම බේත් බොනවා :D

      Delete
    13. දාන්න පහක් කුසුම්! වෙල්කම් ටු ද ක්ලබ් කිවුවා!

      Delete
    14. හම්මේ ඉතින් උඹලා.....ඔක්කොම වෙලාවට බේත් බොන්නකෝ හොඳ ළමයි වගේ.

      Delete
  15. මැන්ටල්ම තමා බලන් ගියාම..... ඕක කාට කාටත්..... ටික ටික තියනවා කියල දන්නේ නැද්ද බස්සියෝ...... ?

    ReplyDelete
    Replies
    1. අනිවා කාටත් සුට්ට සුට්ට තියෙනවනම් මරු. මටනම් පොඩ්ඩක් වැඩිපුර තියනව. මට සෙට් වෙන ඔයාල වගේ යාලුවන්ටත් අනිවා පොඩ්ඩ පොඩ්ඩ මැන්ටල් තියනව.

      Delete
  16. ‍යකෝ අපිට මැන්ටල් කියල හිතුවද

    ReplyDelete
    Replies
    1. මෙන්න බොලේ වැවාට මැන්ටල් නෑල්ලු!!!

      Delete
  17. කවදාහරි මං මැරෙන්නේ හිනා වෙලා හුස්ම හිර වෙලා.. එකත් මේ බස්සිගේ බ්ලොග් එක කියෝලා ම..

    ReplyDelete
    Replies
    1. හිනාවෙවී මැරෙන්න තියනව නම් කොච්චර අපූරුද මොණරියේ... :D :D :D

      Delete
  18. මාර මැන්ටලයක් තමා :-)))))

    ReplyDelete
    Replies
    1. ආ... එතෝට කුරුට්ටියාට මැන්ටල් නැතෙයි? :P

      Delete
  19. හයියෝ.......................මැන්ටල් කිව්වම මම දුවගෙන ආවේ මා ගැන මොනවහරි ලියලා ඇති කියලා. කෝ මොකුත් නැහැනේ.

    බස්සයි බස්සියි බස්සෙකේ නැගලා, ගස්සලා බස්සලා පස්සටම ගිහින්, ගේ ලඟදි බස්සන්න කියලා මතක් කරත්, කොන්දා බස්සා වගේ හුම් කිව්වට, බැස්සුවේ නැතිලු.

    මට හුඟක් දවසට අමතක වෙන්නේ කලිසමේ සිප් එක දාගෙන යන්න. අපේ ඇත්තී විශේෂයෙන් පරීක්ෂා කරනවා මම ගෙදරින් එලියට බහින්න කලින්.

    ReplyDelete
    Replies
    1. සිප් වැඩේ මටත් වෙනව විචාරකතුමෝ.... බැගී අඳින හින්ද යාන්තම් නම්බුව බේරගන්නව.

      බස්වල යද්දි බහින තැන් ටැපලෙන එකනම් මට නිතරම වෙනවා.

      Delete
  20. ‍හප්‍‍පේ ‍ම‍ටත්‍ ‍මේ ‍අ‍හම්‍‍බෙං‍ ‍ව‍ගේ ‍ද‍කින්‍‍ඩ ‍හම්‍‍බු‍නේ ‍බස්‍‍සි‍ගේ ‍මැන්‍‍ටෙල්‍ ‍පෝස්‍‍ටු‍ව , ‍කො‍මෙන්‍‍ටු ‍ටි‍කත්‍ ‍ඔක්‍‍කො‍ම ‍කි‍යෙව්‍‍වා , ‍ම‍ට ‍නි‍කන්‍ ‍කි‍යන්‍‍ඩ ‍දෙ‍යක්‍ ‍නෑ ‍ව‍ගේ , ‍අ‍පේ ‍අ‍යි‍ය‍ලා ‍අක්‍‍ක‍ලා ‍කි‍යන්‍‍ඩ ‍ඕ‍න ‍ඔක්‍‍කො‍ම ‍කි‍ය‍ලා , ‍‍බ‍යි‍ලත්‍ ‍කි‍ය‍ලා ‍ඒ ‍අ‍ස්‍‍සේ , ‍පට්‍‍ට ‍ප‍ට ‍ප‍ට , ‍ම‍මත්‍ ‍කි‍ය‍ව‍ලා ‍හි‍නා ‍උ‍නා / ‍එ‍කක්‍ ‍කි‍යන්‍‍න ‍ඕ‍න ‍අ‍පේ ‍මි‍නිස්‍‍සු ‍වැස්‍‍ස‍ට ‍බ‍නි‍න‍වා .‍ඒ ‍වැස්‍‍සේ ‍ලස්‍‍ස‍න ‍ද‍කින්‍‍නේ ‍නෑ ‍ව‍තු‍ර ‍වැ‍ටෙ‍න ‍කො‍ට ‍ති‍ය‍න , ‍අ‍පේ ‍මි‍නිස්‍‍සු ‍අ‍වු‍ව‍ට ‍බ‍නි‍න‍වා ‍ඒත්‍ ‍මල්‍ ‍පි‍පෙන්‍‍නේ ‍අව්‍‍ව ‍නි‍සා ‍කි‍ය‍ලා ‍හි‍තන්‍‍නේ ‍නෑ , ‍මො‍ලේ ‍නැ‍ති ‍බල්‍‍ලෝ ‍හඳ‍ට ‍බු‍ර‍න‍කො‍ට ‍ක‍වි‍යෝ ‍හඳ‍ට ‍ක‍වි ‍ලි‍ය‍න‍වා , ‍වැස්‍‍සේ ‍ක‍තා‍ව ‍හි‍ත‍ට ‍වැ‍දු‍නා ‍ම‍ගේ , ‍සි‍හි‍ය ‍නම්‍ ‍ඉ‍තින්‍ ‍ම‍නෝ ‍ග‍හ‍ගෙ‍න ‍ඉන්‍‍න ‍අ‍පි‍ට ‍ඇත්‍‍තේ‍ම ‍නෑ ‍නේ ‍වෙ‍ලා‍ව‍ක‍ට :)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත යාලු. අපි කරදරයක් විදියට දකින ගොඩක් දේවල් දිහා අපි බලන විදිය වෙනස් කරගත්තොත් ඇත්තටම ජීවිතේ රස විඳින්න පුලුවනි.

      Delete
  21. ඉස්සර අපි පොඩි කාලේ නම් මැන්ටලේ කීවේ අර ප්‍රෙටෝල්මැක්ස් ලාම්පු වල සුදුම සුදු පාට දැල්වෙන කෑල්ලට. කොහෙද ඒ කාලේ පවර් තිබුනයැ. පවර් ආවත් හරි ඒවා තුරුදහන් උන හින්දා වෙන්නැති දැන් මැන්ටලේ කියන්නේ.
    මම නම් කැමත්තෙන්ම මැන්ටල් වෙන කෙනෙක්.කවුරුත් කියන්නේ මොකටද මම මටම එහෙම කියාගන්නවා.

    ReplyDelete
    Replies
    1. රංගි අක්කගෙ කමෙන්ට් එකයි තවත් කමෙන්ට් කිහිපයකිනුයි තමා ඒ මැන්ටලේ ගැන දැනගත්තෙ.

      මාත් ඒකනෙ අනිත් අය මැන්ටල්ද අහනකොට අද ද දන්නෙ කියල අහන්නෙ. :)

      Delete
  22. අර සමහර තැන් වල අකුරු වැරදි තියෙන්නේ බොට මැන්ටල් හන්දද??

    ReplyDelete
    Replies
    1. අම්මපා මෙයත් හඳ පෙන්නුවම ඇඟිල්ල බලනවා.

      Delete
    2. දිනේෂ් අයියා : දැන් කම්මැලී අනේ ඒව හදන්න. දවස් කීපයක්ම ගියානෙ

      Delete
  23. පොඩ්ඩිට නම් කොහොමත් පිස්සු. මේක බලලා, ඒක වැඩිවුනාලු. :D

    ReplyDelete
  24. අපේ උං කෝමත් මට කියන්නෙ අමු පිස්ස කියල...
    වැඩි දෙයක් ඕන නෑ...
    කවුරු හරා නොදන්න කෙනෙක් එක්ක විනාඩි දහයක් කතා කලොත් එහෙම ඌ මං දිහා අමුතු විදියට බලනව..
    යාළුවෙන්ගෙ යාලුවෙක් එහෙම ඒ වගේ සැට් වුඅනොත් මං ඉදල ඉවරයි...

    ReplyDelete
  25. රංගි කිව්ව වගේ අපි මැන්ටල් කිව්වෙ පැට්‍රල් මැක්ස් (මේකට දාන්නෙ බූමිතෙල්) එකේ මලට. පස්සෙ කාලෙක වයසක අංකල්ලාටත් මේ වචනය පාවිච්චි කලා. අර ලාම්පුවෙ මලට සමාන අවයවයක් එක්ක සන්සන්දනය කරල.
    ඔය උඹට තියන ලෙඩේට අපි කියන්නෙ මෙන්ටල් කියල. තාත්තට බත් වෙනුවට පොල් බෑය දුන්න. අර බස්ස ගැන දුකේ බෑ බං.

    ReplyDelete
    Replies
    1. ඌටත් මැන්ටල් නිසානේ මේ මැන්ටලේ කර ගහාගෙන තියෙන්නේ..:D

      Delete
  26. මල හතිලව්වයි ..මේ පොස්ට් එකේ මොනවද බං තිබ්බේ ...? අර මැන්ටල් පත්ත්රයගෙයි, මැන්ටල් විදනේගෙයි ,මැන්ටල් නිමෝගෙයි කමෙන්ට්ස් ටික බැලුවම හොල්මන්ද පොල්කොළ වුනා ....

    ReplyDelete
    Replies
    1. උඹ ආවද ?? මේං අංගොඩ නවත්තපු එකා ඊළඟ බස් එකේ ආයෙ ඇවිල්ලා..

      Delete
    2. ඒ එනකොටත් මූ අංගොඞින් නැගලා අංගොඞට ටිකට් ඉල්ලලා.

      Delete
    3. බලද්දී ටිකට් ඉල්ලලා තියෙන්නේ අංගොඩින් පැන්න මෙන්ඩිගෙන්

      Delete
    4. උබ කවදත් හොල්මන්ද කොකොනට් කොළ තමා...... ආය අමුතුවෙන් අපේ කොමෙන්ට් දකින්න ඕනේ නෑ.

      Delete
    5. අර හැලපෙ කොල අයියගේ පොස්ට් එකේ අං ගොඩින් පැන්න පිස්සා මෙයාද එතකොට...

      Delete
    6. හරි ඉවානයා මම බෝක්ක..
      අපි තන්තෝෂෙන් ඉන්නේ දුක ෂෝකය නෑ දන්නේ අයියා මල්ලි වගේ...මෙන්ඞා ඉවනයා වගේ.

      Delete
  27. ආ හරිනෙ… පෝය පහුවෙලා තාම සතියක් වත් නෑනෙ. මේ කාලෙට ඔහොම දේවල් වෙනවා ගණන් ගන්න එපා බං… :D

    තාත්තාගෙ බත් එකට උණ වැඩේ තමා මරු. :)

    බස් එකේ ටිකට් ගන්න සීන් එක නම් මටත් වෙලා තීනවා. (මටත් මැන්ටල්ද මන්දා?????)

    ReplyDelete
    Replies
    1. මට තිබ්බේ ටිකට් ගන්ඩ අමතක වෙන ෂීන් එක.. එක අතකට පුබ්බෝඩ් යන්න මොකටදෑ ටිකැට්.. අපි යන්නෙ බස් එකෙන් එලියෙනේ . ඕ යේස් !!

      Delete
    2. එහම යන වෙලාවක ටි්ක්කෝ පැනලා පත්තරයා බස් එකෙන් පැනලා ඔරේ රන් එකක් දිලා ටික්කෝ ටිකත් මුගේ පස්සෙන් පන්නගෙන ඇවිත් අල්ලගත්තහම මූ ටිකට් එක පෙන්නලා.
      ටික්කෝ- මොකටද ඔියි ටිකට් තියනවා නම් පන කඞාගෙන දිව්වේ
      පත්තර මල්ල- ඇයි සැර් බස් එකේ හිටපු මගේ අනිත් යාලුවෝ 4 දෙනාට ටිකට් නෑනේ, දැන් උන් බැහැලා යන්න ඇති.

      Delete
    3. හා හා ...ඔය එන්නේ පිපී පිපී මෙන්ඩියගේ වැඩ. :D ඩී එස් ගුණසේකර බස් එහෙක වෙන්ටෑ.. ඒවයිං පැන්නොත් නං පුතේ එකපාරිංම සුවර්ගස්ත වෙනවා :D

      Delete
    4. D S ගුණසේකර බස් එකක යනකොට කොහොමත් ජිවිතේ අනිත්‍ය සිහිවෙනවා.

      Delete
    5. ඔය බස්වල් යනකොට රුපියල් 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 වගේ ගනන් කොන්දා ඉතුරුව විදියට නොදී යනව නේද? සමහර අය ඒවට වලිදාගන්නවා. හැබැයි මං නං එහෙම නෑ මං දල වශයෙන් ගනන් හදනවා මාසයක් විතර යනකොට එකතුව රුපියල් අසූවක් සීයක් එනවා, එතකොට ඒ ඔක්කොම අල්ලලලා බස් එකක ඉබ්බා යනවා.. හරි සිම්පල් ප්‍රශ්ණ නෑ ගැටළු නෑ තාර්කිකයි, සාධාරණයි, අපක්ෂපාතීයි, නිර්මලයි, පරමයි, පිවිතුරුයි.....

      Delete
  28. මොන මැන්ටලයක්ද මේ කෑවා මගේ "කෑම පැය"

    ReplyDelete
    Replies
    1. අකුරු බැරිද ? "කාම පැය "කියලා හරියට ලියහං

      Delete
    2. අම්මට හුඩු කෑමටත් පැයක් තියෙනවද ඒ ගමන ....? කලින් තිබ්බේ කාම පැය විතරනේ

      Delete
    3. ඇත්තට කවද්ද බන් බොලා බඳින්නේ .... මම හිතුවේ දැනටම බැන්දලා කියලා

      Delete
  29. මමත් කඞෙට ගිහින් රෑපියලේ අයිස් පැකට් එකක් කියද කියලා අහලා තියනවා.
    අම්මට හුඞු ඒ කියන්නේ මටත් මැන්ටල්ද?

    ReplyDelete
    Replies
    1. මැන්ටල් නෑ ලේ වල ඇල්කොහොල් වැඩි සීන් එකක් උඹට තියෙන්නේ :D

      Delete
    2. හරියට මේ පත්‍රයාට වගේ..!

      Delete
    3. අපි ඉස්කොලෙ යන කාලේ තිබ්බ රුපියලේ බනිස් එක දැන් රුපියල් දහයයි තාමත් අපි කැන්ටිමෙන් ඉල්ලන්නේ රුපියලේ බනිස්එකක් දෙන්න කියලා. හැබැයි සිරාවට කාටවත් මැන්ටල් නෑ ආයිබෝං

      Delete
    4. ඔය කිව්වට කැන්ටිමේ එවුන් දන්නවා විදානේ අයියන්ඞිට මැන්... නෑ එක්කෝ ඔිනේ නෑ.

      Delete
  30. අඩේ .... මමත් ඔහොම ටිකට් ඉල්ලලා තියෙනවා අනේ... කොන්දත් එක්ක එකට එකත් කියෝලා තියෙනවා... අන්තිමට වලිගෙ කැඩුන හුනෙක් වගේ වාඩිවෙන්නේ...

    මට මැන්ටල් නැහැ හරිද?
    මම කියන්නම් මම හිතාමතාම කරපු සොඳුරු ක්‍රියාවන් ටිකක්!

    මමත් එක දවසක් පොත් ටික ෆ්රිජ් එකේ දාල, පහුවදා වෙනකල්ම හෙව්වා. පිළිගත්තෙම නැහැ මමමයි කලේ කියලත්!

    ගෙදර ඔක්කොම දේවල් වල ආරක්ෂාව තහවුරු කරලා, දොර වහල... දොරේම යතුර තියල ගමන් ගිහින් තියනවා....

    නුවර ඉඳන් බස් එකේ ඇවිත් මොරටුව බස් එකේ පැය බාගයකට වඩා වාඩිවෙලා ඉඳල, යන්තම් යන්න ඕනේ 120 බස් එකේ කියල මතක් වෙලා බැහැල ගිහින්.. ආයෙත් පස්සෙන් එන මොරටුව බස් එකකම එල්ලිලා තියනවා

    ෆෝන් එකේ ඩේටා ඔෆ් කරලා, පණ්ඩිතය වගේ මොබයිල් ආකේඩ් එකට ගිහින් නෙට් යන්නේ නැහැ කියල පොර ටෝක් දීල තියෙනවා

    ඩිවිඩි රිමෝට් එක වෙනුවට ටීවී රිමෝට් එක ඔබ ඔබ ඩිවිඩි එක විකුනපු එකා පලු ඇරලා තියෙනවා

    වැදගත් විදියට ඇඳගෙන, ලොකු සින් දීගෙන පිරිමි ටොයිලට් එකකට යන්න හදල තියෙනවා ( වෙලාවට ඇතුලේ ඉඳන් ආපු කොල්ලෙක් මට ඩිසන්ට් විදියට කිව්වා මම කරන්න හදන දේ එතරම් සුදුසු නැහැ කියල)

    කුඩයක් ඉහලාගෙන පේස්ට්‍රි ෂොප් එකක ඇතුලටම ගිහින් පේස්ට්‍රි තෝරලා තියෙනවා

    ශේඩ්ස් දාගෙන වැස්ස දවසක බස් එකේ ගිහින් තියෙනවා

    හෙඩ් ෆෝන් දාගෙන ඉන්න ගමන්, වටේ ඉන්න උන්ට කන් දෙක බිරි වෙන තරම් සද්දෙන් කතා කරලා තියෙනවා ( සිංදුවට විකාරරුපි අංගචලන දක්වලා, අනිත් උන්ට මාට්ටු වෙලත් තියෙනවා)

    පළවෙනි රස්සාව කරන තැනට ගියපු පළවෙනි දවසෙම, කොල්ලෙකුට ඇනුම්පදයක් කිව්වා - බලනකොට ඌ තමයි මගේ රිපොටින් මැනේජර්!

    වැදගත් ඇඳුමක් ඇඳගෙන, කලිසමේ ෂිප් එක ඇරගෙන දවසම ඔෆිස් එකේ ඉඳල තියෙනවා.

    වැදගත් පාටියකට පිළිවෙලට ඇඳගෙන , ඔලුව පිරන්නේ නැතුව ගිහින් තියෙනවා

    ඔෆිස් අඳින ඇඳුම ඇඳලා , කුස්සියේ ඒප්‍රන් එක පිටින් වැඩට යන්න පාරට ඇවිත් තියනවා

    පොඩි කාලේදී - හැන්ගිමුත්තම් කරන අතරතුරේ, හැංගිලා හිටපු තැනම නින්ද ගිහින් තියනවා

    මේවා ඔක්කොම මම හිතල කරපු හින්ද කිසි අවුලක් නැහැ....

    ReplyDelete
    Replies
    1. මල හතිලව්වයි..... මචන් උබත් එක්ක ඉන්නකොට පොඩ්ඩක් පරිස්සන් වෙන්න ඕනේ..
      උබව කරගන එකාට නම් බුදු සරණයි. දෙයියන්ගේම පිහිටයි.
      (බලාගෙන ගියහම අපිට පිස්සු නෑ නේ ඔයි......)

      Delete
    2. උපේක්ෂා; දුක් නොවනු, යූ ආර් නොට් අලෝන් මචී.

      කුඩේ සීන් එක මටත් වෙන නිසා මමනම් අවුවට වැස්සට දෙකටම කුඩේ බෑග් එකේ දාගෙන යන්නෙ.

      ඔයා දන්නවද! සමහරු ඉන්නව ඇඳුම වෙනුවට ෆෝන් එක වතුරට දාල වොශින් පවුඩර් දාන උන්!

      ඩීසන්ඩ් පිට ඔෆිස් කිට ගහල බාත් රූම් ස්ලිපර්ස් දාගන පාරට බහින උන්!

      ජොබට යන පළවෙනි දවසෙම බස්සෙකේ නින්ද ගිහින් වැරදි තැන බැහැලා, ඊට පස්සෙ වැරදි බස් එහෙක නැගල හොල්මන් වෙලා ආයෙත් වැරදි තැනින් බැහැලා අන්තිමේ ටුක්ටුක් එකේ යන උන්! (ලස්සන වැඩේ කියන්නෙ මචන් මුලින්ම ටුක් ටුක් ගියානම් ඒ තරම් වියදමක් යන්නෙ නෑ හොඳේ!)

      ඕර්ගනික් පේපර් එක දවසෙ ඉතා දැඩි ආත්ම විශ්වාසයෙන් යුතුව ඉනෝගනික් පාඩම් කරල යන උන්!

      හවස එක්සෑම් එකට උදේ යන උන්!

      සින්නොන්ගෙ ලෙක්චර් හෝල් එහෙක ඉඳගෙන පැය බාගයක්ම නොදන්න සබ්ජෙක්ට් එකක් ඉගෙනගත්තු උන්!

      හිස් බස්සෙකක් දැක්ක ගමන් යන ගමන ගැන අන්දෝ සංසාරයක් මතක නැතුව ඒකට නැගල අන්තිමේ රූට් එක වෙනස් බව ඇහුවම අස්සය මැරිච්ච කව්බෝයි වගේ මගින් බහින උන්!


      අඩේ... අපි දෙන්න වෙලාවක සැට් වුනොත් කවි මඩුව වගේ මැන්ටල් සීන් ලැයිස්තු ගත කරන්න පුලුවන් වෙයි මං හිතන්නෙ.

      Delete
    3. දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ.... මාර ෆිට් එකක් දැනෙන්නේ... ඔයාගේ දෙවැනි ලිස්ට් එකේ තියෙන කීපයක් මම කරනකොට ( හිතලමයි කරන්නේ හරිද... හිහ් .. නැතුව මොලේ කොලොප්පම් කියල හිතයි..)

      ඔය ෆෝන් එක දාල වොෂින් මැෂින් එක වහන එක මම කරන්නේ.... කිළුටු එව්වා තියෙද්දී මේ දැන් ටිකකට කලින් හෝදලා එලියට අරන් වේලෙන්න පෙන්ඩින් තියෙන රෙදි දාල වහන එකයි..

      බාත්රුම් ස්ලිපර්ස් සමග පාරට එනකල් ඇවිත් තිබේ ( එතැනින් එහාට යන්න උනේ නැහැ... අදුනන කෙනෙක්ගේ බැල්මක් හින්ද මගේ දැහැන බිදුන...)

      මමත් දැඩි ආත්ම විශ්වාසෙන් ගිහින් බලනකොට තිබ්බේ වෙන ජාතියේ පේපර් එකක්... සැලිලා නැහැ...

      කලින් දවසේ තිබ්බ එග්සෑම් එකට පහුවදා නම් ගිහින් තියෙනවා
      http://upekshad.blogspot.com/2013/08/1.html

      වැදගත් ඔෆිස් පාර්ටි වල දඟර නැටුම් දාල තියෙනවා...

      සුපර්මෑන් ඇත්තටම පියඹනවා කියල හිතල, බෙඩ් ෂිට් එකක් බෙල්ලේ බැඳන් අඩි ගානක් උඩ පල්ලමක ඉඳන් බිමට පැනල තියෙනවා

      සාමුහිකව ෂොපින් ගිහින් ඇවිත්, ගෙනාපු සමහර ඇඳුම් තේරුවේ මම නෙවෙයිම කියනවා.

      ඉතුරු සල්ලි දෙන කොන්දොස්තරට, ආයෙත් සල්ලි දීල ටිකට් අරන් තියෙනවා.. මගේ යාලුවෙකුත් ඔහොම කරලා තියෙනවා.. ඒ හින්ද අවුලක් නැහැ
      http://upekshad.blogspot.com/2013/06/blog-post_6.html

      ඒ ඔක්කොමත් හරි.... මේ පොස්ටුව කියෝලා තියෙන එකම මදිද?

      Delete
    4. Hikizzzzzz, ඔන්න එක ජාතියෙ කුරුල්ලො දෙන්නෙක් සෙට් වෙලා තියෙන්නෙ. දෙන්නා twins ද ? :v :v

      Delete
    5. මම නම් ආයේ උපේක්ෂාගේ බ්ලොග් කියවන්නෙත් පරිස්සමෙන්....! ඔ යේස්...!

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. හපොයි මේකියන්ගේ කොමෙන්ට් කියවලා මම ගැන ආඩම්බරයි එකෙන්ම.. ඕං මට පිස්සු නැත්තම් ඒපැත්තේ එන්නෙම නෑ දෙයියම්පා...

      Delete
    8. හුහ්... මේ මොනවා කියනවද මන්ද... මම හිතල කලේ... ඔයාලට කොයිල්ද?

      Delete
  31. අපි කෝමත් මැන්ටල්...

    ReplyDelete
  32. අනේ මන්දා අපි කොයි කවුරුත් එක්තරා ආකාරෙට මැන්ටල් ඩයල් තමයි...

    පිස්සු පීකුදු බිස්ටේක් කිව්වලු!

    ReplyDelete
  33. අපූරැයි බස්සි නගේ!

    ReplyDelete
  34. ඔය මැන්ටල්ද අහනවා වගේ වයර්ද කියලත් අහනවා නෙ?
    මං ෆාමසි එකේ ඉද්දි වීදුරුවෙන් පෙරිලා අවුව මගේ ඇගට වැටිලා..මං වැඩ පැත්තක තියෙද්දී ටින්කර් බෙල් බලනවා මෙලෝ සිහියක් නැතිව...ඒ සී ත් ඕෆ් කරලා තිබ්බේ....මං අවුවේ පිච්චි පිච්චි ටින්කර් බෙල් බලද්දී මගෙත් එක්ක වැඩ කරන මල්ලියා අහනවා...

    "මේ ...ඇත්තටම ඔයාට වයර්ද ?" කියලා :D

    ReplyDelete
    Replies
    1. සක් ඔච්චර එකට වැඩකරන් එවුන් දන්නේ නැති වුනාට අපිනම් හොඳටම දන්නවා ඔයාට මැන්ටල් කියලා

      Delete
    2. ආ මේ ඉන්නේ වෑර් පොටක්... අහුවෙයංකො වටු නන්දේ .. (මට තාම බස්වල යන්න බෑ බොල ඒක මතක් වෙලා බුකුස් යනවා)

      Delete
    3. @ ඉවා -හා ඇත්තද....මං කීන්නෑ ලපයා .... :D


      @විදානේ- යකෝ මට වටු නන්දෙ කීන්ට එපා බොල ..මං ඒකා වගේ දෙගුණයක් උසයි... :D

      Delete
  35. බස්සිට මැන්ටල් නැති බවත් ...
    මෙවන් ක්‍රියා සිදු කලවිට බස්සිට මැන්ටල්ද? යනුවෙන් ඇසීම හුදෙක් මැන්ටල් යන වචනයටම සිදු කරන අපහාසයක් බවත් ප්‍රකාශ කරනු කැමැත්තෙමි.
    මෙම ලිපිය මාගේ මැන්ටල බව වැඩි කිරීමට උත්පෙරකයක් වූ බව මේ අවස්ථාවේදී මා ප්‍රකාශ කරනු කැමැත්තෙමි
    ජය වේවා!!! :D

    ReplyDelete
  36. මටත් මැන්ටල් බොල.....
    පුදුම ලිවිල්ලක් ඈ....

    ReplyDelete
  37. ela ela patta seen godakne.... mewa ithin practical joke tama...:)

    ReplyDelete
  38. තාම මැන්ටල් නෑ ඒත් මේක කියවලා පොඩ්ඩක් මැන්ටල් වගේ.

    ReplyDelete
  39. එකතු වෙමුද..???

    එන්න එකතු වෙන්න එකතුව.org සමග http://ekathuwa.org/

    අලුත් විදිහට ලෝකය දකින..අලුත් දේවල් කරන්න සිහින දකින.. ඔබ වෙනුවෙන්ම නිර්මානය කල..ඔබගේම ෆොරමය.. එකතුව.org...ඉතින් දැන්ම එකතු වෙන්න..එකතුවත් එක්ක..

    ReplyDelete
  40. හම්මේ උබ නම් නියම මැන්ටලයක් තමා

    ඔය කිව්වටමාත් හොද මැන්ටල් පොරක් :3 බස් එකට නැග්ගම ටිකට් ගන්න ඕනි තැන අමතක වෙන කේස් එකක් තියනවා හෝල්ට් එකේ ඉන්න ගමන් බහින්න ඕනි තැන නම දෙපාරක් තුන් පාරක් මතක් කර කර තමා ඉන්නේ එම ඉදලත් කොන්දා ආව ගමන් ටිකට් ගන්න ඕනි තැන අමතක වෙනවා >:( මේ සින් එක නිසා බස්වල හොදට නොන්ඩි වෙලා තියනවා දැන් මේකට විකල්පයක් විදිහට ෆෝන් එකේ sms එකක බහින්න ඕනි තැන නම කොටාගෙන තමයි බස් එකට නගින්නේ කොන්දා ලගට ඇවිත් ටිකට් ගන්න කියපු ගමන් ෆෝන් එක බලනවා :3

    ReplyDelete
  41. බස් එකේ අරම ටිකට් ඉල්ලන කේස් එක මටත් වෙලා තියෙනවා.උඹලා පොත් අතේ තියන් හරි ස්කොලේ ගියා.මම මේ කල්පනා කෙරුවේ මම පොත් එහමවත් අරගෙන ස්කොලේ ගියාද කියලායි.
    කොහොමත් අපේ වගේ තුන් වෙනි ලෝකේ රටවල් වල ඉන්න පාලකයින්ට,ජනතාවට අපි හැමෝටම හොඳට මැන්ටල්/එක නිසා ඒ ගැන ගණන් ගන්න එපා.උඹට වගේම අපිටත් මැන්ටල් නිසා.

    ReplyDelete
  42. A කඩෙන් කෑම ඕඩර් කරලා...එලියට ඇවිත් සිගරට් එකක් ගහලා ,B කඩෙන් ගිහින් චන්ඩියා වගේ අහනවා මොකද අද කෑම පරක්කු.....උයන අය නිවාඩු ගිහිල්ලාද කියලා....වස ලැජ්ජයි ඕයි...ඒකත් මැන්ටල්ද...නැත්නම් ෆුල් මැන්ටල්ද...

    ReplyDelete