Thursday, July 24, 2014

ටීන් බුක් සහ කවි ඉහෙන සපත්තුව



අහල තියෙනවද ටීන් බුක් (teen book) කියල ජාතියක්? ඒව ඉස්සර කෙල්ලො අතරෙ පැතිරිච්ච වසංගතයක් වගේ. ටීන් බුක් එකක තියෙන්නෙ ප්රශ්න ලැයිස්තුවක්. අවුරුදු දහතුනේ ඉඳන් දහනමය වෙනකම් (teens) තමයි ටීන් බුක් හදන්නෙ.





සමහර ඉස්කෝලවල ඕකට ටීම් බුක් (team book) කිවුව කියලත් පස්සෙ කාලෙක කැම්පස් යාලුවො එක්ක වල්පල් කියවද්දි දැනගන්න ලැබුනා. ඔව් ඉතින් ඒකත් නරකම නෑ නේද? ටීන් බුක් ලියන්න වයස් සීමාවක් තිබුනට ටීම් බුක් ලියන්න එහෙම බාධාවක් නෑ නෙව.


ඔය ටීන් බුක් වල තිබුන ප්රශ්ණ බහුතරයක් එකම සෑම්පලේ එවුව. හැම ටීන් බුක් එකේම එකම උත්තර ටික කොපි පේස්ට් කරන්නත් පුලුවනි ඕනෙනම්. බස්සිට ඉතින් ඒ කාලෙ ඉඳන් සොල්දරේ අප්සැට් නිසා අධ්යාපන කටයුතු කවදා කොරන්න බැරිද කියල හිතල පට්ට උනන්දුවෙන් ඔය ටීන් බුක් වලට අමුතු අමුතු නිර්මාණශීලී සහ කොරවෙන ප්රශ්ණ අහනව ඒ කාලෙ.


ඔය ටීන් බුක් වල ප්රශ්ණ බොහෝවිට ගොඩනගන්නෙ “කැමති සහ අකැමති දේ කියන රාමුව උඩ. ඔය හැම ටීන් බුක් එකකම ලියවෙන කොමන් ප්රශ්ණ කිහිපයක් තමයි;


කැමතිම කෑම?
කැමතිම බීම?
කැමතිම සිංදුව?
කැමතිම සබ්ජෙක්ට් එක? අකැමතිම සබ්ජෙක්ට් එක?

ඔන්නොය වගේ පිස්සු ප්රශ්ණ.


හැබැයි ඉතින් ඕවට පිස්සු ප්රශ්ණ කියන්නත් බෑ මොකද තමන්ගෙ මිතුරු කවයේ රුචි අරුචිකම් දැනගෙන ඉන්න එකම කොයිතරම් වටිනවද!


පඳුරු තැලීමට තිත! 
මොනාද මම මේ ලියන මල-සමයන්-විගඩම්-විකාර !  


මම කියන්න හැදුවෙ මගේ ප්රියතම බ්ලොග් අඩවිය ගැන.





මලමගුලයි! මම ප්රිය කරන බොලොග් අඩවි හැටහුටහමාරක් තියෙනෝ නෙව. කෝමද මේ අතරෙන් එකක් තෝරගන්නෙ!

බලමු . . . . .


මම කැමතිම සිංදුව මගේ ඕනෑම අවුල් මූඩ් එකක් ෆික්ස් කරනවා.

මම කැමතිම නවකතාවෙ ඕනෙම පිටුවකින් පටන් අරන් ඕනෙ තරම් වෙලාවක් ඒ ඇතුලෙ අතරමං වෙන්න මම පට්ට ආසයි.

මම කැමතිම ෆිල්ම් එකේ ඕනෙම කොටසක්, ඕනෙම තැනක ඉඳන්, ඕනෙම ඩිවයිස් එකකින් බලන්න මම ආසයි.


අන්න ටිකැට් එක! 
මට හමු උනා ඒක!

රසී, එයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියන්නවත් මම දන්නෙ නෑ. ඒ වර්චුවල් කවිකාරිය (හෝ කවිකාරයා.) මාව මෝහනය කරල තියෙන්නෙ. මගේ මොබයිල් එකේ බුක් මාර්ක් කරගෙන ඉන්න එකම බ්ලොග් එක, “සින්ඩරෙල්ලාගේ සපත්තුව”

ඔව්.  ඒ කවි පට්ට රහයි.


රසීගේ බොහෝ කවි කෙටියි. වදන් සරලයි. හැබැයි සමහර දාට රසී ලියන පේළි තුනහතරක් ගැන මම මුලු උදේ වරුවම වරින් වර කල්පනා කරනවා.

ඉස්සර ඉඳන් බ්ලොග් ලියන අය සින්ඩරෙල්ලාගේ සපත්තුව හඳුනනවා, ඔවුන්ගේ අදහස් අතරින් පතර කවියක් හමාර වන තැන් වල සටහන් වෙලා තියෙනවා.

මේ බ්ලොග් අඩවිය මූණු පොතේ share වෙනවා මම දැක නැහැ. අහම්බෙන් දවසක් දේශා මූණු පොතේ අලවාපු link එකකිනුයි මම ඒ කාව්‍යාරණ්‍යයට පාර හොයා ගත්තෙ.



ඊයෙ රසී කියනවා මෙහෙම.


සුමිතුර,
සපැමිනෙන්න
පිටදී මල් හලන ගසකට
ඇහුම්කන් දෙනු පිණිස
මම මා කියවන අයුරු .

මෙතෙක් නොකියවූ ඡේද
තරමක් ඉහළ ස්වරයෙන්ද
සෘංගාරාත්මක කොටස්
ඉතා රහස් හඬකින්ද
මා කියනයුරු අහගන්න.

ප්රකාශයට පත්කර ඇති
ප්රසිද්ධ පරිච්ඡේද
නොකියවමි නැවත.
විනිශ්චය කර ඇති හෙයින්
මීට පෙර.

වෙහෙසක් දැනේනම් ඔබට
නැගිට යා හැක නොකියාම.
අදහස් දක්වණු පිණිස
හිස් පිටු කීපයක් ඇත ඉතිරිව.



ඉතින් මං ලියල ආවා මෙහෙම;


සුමිතුර
ඔබ ඔබව පබඳින්න
පිටදී මල් හලන ගසකට
මම අසා සිටිතැයි නොසිතාම

නොයා ඉන්නට බැරි නම්
නැගිට යන්නෙමි නොදොඩාම
ඔබේ කවිකම් දැහැනට
හුස්මකින්වත්
අකුල් නොහෙලාම

ඉසිඹුවක් ලද ඇසිල්ලේ
යලිදු එන්නෙමි පෙරසේම
පිටදී මල් හලන ගසකට
ඇහුම්කන් දෙනු පිණිස
ඔබ ඔබව කියවනයුරු

ඔබේ කවි පේලියක් ඇතුලෙන්
මම මාව දකිනා ඇසිල්ලක
හිස් පිටක සටහන් තබන්නෙමි
මුවින් වදනක් නොදොඩාම

සුමිතුර
ඔබ ඔබව පබඳින්න
පිටදී මල් හලන ගසකට
මම අසා සිටිතැයි නොසිතාම



රසීගේ බොහෝ කවි වලට මාතෘකාවක් නැහැ. මාතෘකාවක් දෙන්නත් බැහැ.


එකල එතරම් වැසි තිබුනෙ නැත.
මල් කුඩයක් යට තුරුළුව
ඉඟවටා අත යවා ඇවිදින්න
මඟ බලා සිටිමුත්
එකල එතරම් වැසි තිබුනෙ නැත

------------------------------------------------

නාඳුනන
කෙස් ගසකි
කබා කර මත.
හෙට උදෙත්
බත් බඳිමි
පුරුදු වූ ලෙස.

------------------------------------------------

සුළඟ පොල් අතු මෑත් කර නොදී
ගෙට එනු බැරිය
සඳ එලියට

------------------------------------------------

ලෝකයම පාට කල හෙයින්
දෙවියන්ට පාට මදිවිය.
එහෙයින්ම එතුමා අවර්ණය.
දැනෙනවා පමණි.
නොපෙනේ!

------------------------------------------------

පාළු ගොම්මන
ළදැල්ලක් සැලෙන හඬ.

 නින්ද ගිය හාන්සි පුටුව
ඉස්තෝප්පුවක කෙලවර.

------------------------------------------------



------------------------------------------------


උස කුඩයක් යයි
දකුණු පැත්තට
වැඩිපුර ඇලවී!




මගේ ටේස්ට් එක ඔබේ ටේස්ට් එකට වඩා වෙනස් වෙන්න පුලුවන්. ඒත් මම ආයෙමත් කියනවා, මේ කවි ඇතුලට මදක් එබී බලන්න. මිනිත්තුවක් කියවා වරුවක් හිතන්න දේවල් ඇය ඇයටම ආවේණික රටාවකින් ලියනවා.






107 comments:

  1. ස්තූතියි ඔත්තුවට...
    බලන්නං ඒ අහට ගොහිං...
    මගේ ටේස්ට් එක ඔබේ ටේස්ට් එකට වඩා වෙනස් වෙන්න පුලුවන්. ///
    ඔව් ඔව්...
    සෑහෙන්න බොන්න වෙන ප්‍රස්නයක්...

    කොච්චර බ්ලොගර්ල හිටියත් බොක්කටම වදින්න ලියන්නෙ කීප දෙනයි...
    සමහර වෙලාවට ලියන ඒව හුගක් පල් වෙච්ච මාතෘකා... එහෙම වෙලාවට මම කරන්නෙ දැක්කෙ නෑ වගේ එනව...මොකද කියවන්න කියල ආවට කියවන්නදෙයක් නැත්තං මක් කරන්නද නේද...

    ReplyDelete
    Replies
    1. සින්ඩරෙල්ලාගේ සපත්තුවෙන් ඉහෙන කවි නැවුම්. බොහොමයක් කවිවල සුන්දර ස්වප්නමය ගතියක් තියෙනවා. ගිහින් බලන්නකො.

      Delete
  2. සහතික ඇත්ත බස්සි. මමත් සින්ඩරෙල්ලගේ කවි කියවල එව ගැන හුගක් හිතනව.. එ කවි වල හුගක් වෙලාවට අපිට හිතන්න
    දෙයක් එක්කම කුතුහලයක් තියෙනව ..

    ReplyDelete
    Replies
    1. දිලිනිට නම් ඒ බ්ලොග් අඩවිය ආගන්තුක නැහැනෙ. ඔයාකෙ කමෙන්ට්ස් දකිනව ඒකෙ. :)

      Delete
    2. ඔව් බස්සි
      http://dilagelokaya.blogspot.com/
      මේ පැත්තෙත් ඇවිත් ගියානම් ඔයත් :)

      Delete
    3. අනාආආ.... ඔයාගෙ බ්ලොග් එක මට මග ඇරිල. සමාව බාජනේකට දාන්න හොඳේ.... හෙමින් හෙමින් කියවන්නම්කො. අර බැකෝ කතාව මරු!

      Delete
  3. ඔලුව විකාර වෙනවා බං උබගේ බොලගේ එකට ගොඞවුනාහම. ඒ වුනාට කවිටික මරැ.
    උස කුඞයක් යයි....එල ද බ්‍රා.

    ReplyDelete
    Replies
    1. ඈ මෙන්ඩෝ පිස්සෙක්ගේ බ්ලොග් එකකට ගොඩවීමෙන් ඔලුව විකාර වීම හැර වෙන මොනවත් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද! පිස්සුනේ ඔයාට!

      Delete
    2. මෙන්ඩියො … උස කුඩයක් කිව්වෙ අර සමර් හට් එකක් වෙන්ටැ ?? අරක්කු ඩිංගක් බොන්න කියාපු තැන නේද බං .. එල ද බ්‍රා.…

      Delete
    3. මගුලයි! පත්තරේ බිරින්දෑ එක්ක ඇවිදිද්දි අරන් යන්නෙ සමර් හට් එකක කුඩයක්ද?!

      Delete
    4. සංජිව & පත්තරේ
      +++++++++++++++++++++

      Delete
    5. බිලා යනකොට කුඞයක් ඉහලන් යනවා නෙමෙයිද? මල මගුලයි මම හිතුවෙි එහම (අත් දෙකෙන්ම කොන්ඞෙි අදිමින්) මට පිස්සු....මට පිස්සු..පිස්සු බස්සි නිසා මට පිස්සු.
      පත්තර මල්ලි, සමර් හට් එකේ බොන එක නේද..ෂා ෂා මරැ වැඞක් නෑ කියලා (රහසින්) කොහේද හු#@%^& අපි සමර් හට් වල බොන්නේ මුල්ල පාටාස් පැකට් දෙකයි කඞල පැකට් එකයි එක්කද බං? අවුලක් නදද?

      Delete
    6. උඹට කියන්න මෙන්ඩියො සමර් හට් යට බීල තියෙන්නෙ වෙඩිං වලට ගියාම විතරයි බං. ඕව අපිට පුරුදු නෑ..…
      ඔය වැව් බන්ටෙහෙක හරි පාලමක් යට හරි මර ගහක් යට හරි තරං සැප නෑ බං ලොකු තැං .. අම්මපා !!!

      Delete
    7. හොද පදමට ගැහුවට පස්සේ කාණු පල්ලේ තියෙන සැප ලොවෙත් නෑ.....!

      Delete
    8. //බිලා යනකොට කුඞයක් ඉහලන් යනවා නෙමෙයිද?//

      අනේ මන්දා මෙන්ඩාගෙ ප්‍රබුද්ධ විචාරෙට මට මැරෙන්න හිනා....

      Delete
    9. නිමෝ අපි පුරේ කොල්ලෝ ඈ...එකට බිපු එකෙක් දාලා යන්නේ නෑ පත්තර මල්ලි මොකද කියන්නේ.

      Delete
    10. This comment has been removed by the author.

      Delete
    11. මොනවද මස්සිනේ මේ කතා … කෑල්ලෙං කෑල්ල වෙන වෙනම හරි ගෙදරිං බාල අපි යන්නෙ ගෙවල් වල …
      එක අතකට උං තමා බං මොළ කාරයො.. ඈ ?? අපි ලෝක අමාරුවෙං පයිං එනවා උං කිං පයිසාල් වගේ අපේ කරේ එනවා.. !! නැද්ද ඕං ??

      Delete
    12. මට මතක් වෙනවා අපේ නිමෝ බයික්කෙං සරකස් පෙන්නලා අටමා ලෙඩා බලන්න ඇරං ගිය තෑග්ග.. හුකෑස් :D

      Delete
  4. රාසිට පිස්සු බං..

    ReplyDelete
    Replies
    1. ඒ ලින්ක් එක දුන්නු දේශාට ඊට වඩා පිස්සු. දැන් හැමදාම රසීගෙ (හෝ රාසි.) කවි කියවන මටත් පිස්සු.

      Delete
  5. මං හිතුවා හොඳම බ්ලොග් එක කියද්දි මගෙ එක කියලා :D චැහ් …
    කවි ටික නං පට්ට.… උපං ගෙයි මෝඩයා වෙච්චි මට නොතේරෙන එක නෙවැ අවුල.. අඳෝමැයි … !!!!

    ReplyDelete
    Replies
    1. අපි හද්ද අමරුවෙන් අටවල දීපු එක.. හැක්..

      Delete
    2. අංකුර බ්ලොග් කරුවෙක්! පත්තරේ ගැනත් ලියන්න ඕන එකක්.

      Delete
    3. ප්‍රියෝ ඕං බලපල්ල බ්ලොග් නං බ්ලොග් … :D

      මට ඒ උනාට උඹේ එකට තමයි ආස දේශො .. හැක්

      Delete
    4. උඹ කැමතියි දේශාට…
      දේශා කැමති නෑ බොට……

      :) :)

      Delete
    5. පත්තරේ නිකන් ඉන්න ගමන් ටැස්ට් පොස්ට් එකක් හරි දාහන්... ඔය බ්ලොග් කට්ට වේලෙනවා නෙව. :-D

      Delete
  6. රසී මාත් ආස කරන බ්ලොග් අඩවියක්. උනන්දුවෙන් කියවනවා. ඇත්තටම පරිවර්ථනද කියලා හිතෙනවා වේලාවකට? නිර්මාණ පුදුම විදියට නිර්මාණශිලි :) 

    ReplyDelete
    Replies
    1. මමත් මුලින් හිතුවෙ පරිවර්තන කියල. ඇයටම ආවේණික රටාවකින් ලියන්නෙ.

      Delete
  7. මම නිහඬවම රසවිදින බ්ලොග් වලින් එකක්!

    මම හරියටම දන්නේ නැති එක දෙයක් තියෙනවා... රිවිර පත්තරේ යනවා ආර්ටිකල්ස් 'සින්ඩරෙල්ලගේ සපත්තුව' නමින්ම, මම නොවරද්දා කියෝන.... ඒත් කවි නම් නෙවෙයි... එක්කෙනාද? දෙන්නෙක්ද දන්නේ නැහැ...

    ReplyDelete
    Replies
    1. ඒකනම් රසීගෙන්ම තමයි අහන්න වෙන්නෙ උපේක්ෂා... මම කියවලා නැහැනෙ. ළඟදි ඉඳන් පල වෙන එකක් වෙන්න ඕන නේද?

      Delete
    2. අපේ රසී ගැන මේ සටහන ලියවුනාට බොහෝම ස්තූතියි.
      රසී පත්තර ආටිකල් ලියන්නේ නෑ දැනුවත්ව නම්. එයා රසිකා ගුණවර්ධන. මම අදහන මගේ යාළුවෙක්. ඔය කවි වලින් වෙඩි තියලා මාව ගෙම්බෙක් කලේ මීට අවුරුදු හත අටකට කලින්......

      Delete
    3. ඇත්තටම රසී කවි වලින් වෙඩි තියනවා තමයි නේද? :)

      Delete
  8. ලස්සන බ්ලොග් එකකට පාර කිව්වට ස්තුතියි බස්සි :)

    ReplyDelete
    Replies
    1. ගිහින් කියවලාම බලන්නකො නංගා

      Delete
  9. මාත් කමෙන්ට් නොකලට ඉදලා හිටලා කියවනවා. මගෙ බ්ලොග් රෝලෙත් තියෙන බ්ලොගක්. දැන් නම් දිගටම කියවලා බලන්න හිතුනා. (වැඩේ අර පත්තරයා වගේම මාත් උපන් ගෙයි ගොනා වෙච්චි එක තමා. ;D)

    අර උස කුඩේ එක නම් මටම ලියලද මන්දා. ;) ලැජ්ජාවෙ බෑ. :p

    ReplyDelete
    Replies
    1. මට නෑනෙ බං ඔය කුඩ කේස්,

      ගෑණි කුඩේ අරං ඉස්සරහිං යනවා .මං තෙමි තෙමි පස්සෙං යනවා වටේට රබර් ඇහැ දාගෙන.. :D

      Delete
    2. කරලා බලන්න ඕන අනිත් දවසෙ. … නෑ නෑ බං තෙමෙන එක නිමේ, රබර් ඇහැ දාන එක. අපිට ඕවා පුරුදුත් නෑ. බලමුකො. :D :D

      Delete
    3. දාල බලහං… වින්ටජිනෝ එකකුත් සාක්කුවෙ දාගෙනම යමං :D

      Delete
    4. අන්න ෂුපිරි කොල්ලෝ.......

      Delete
    5. පත්තරේ, වින්ටජිනෝ නෙහෙ?? බෙල්ලට ගාන්නද? ගුටි කෑවම ගා ගන්නද? :D


      නිමෝ, අනිවා. ඩෙෆා. :)

      Delete
    6. පත්තරේ:

      //ගෑණි කුඩේ අරන් පස්සෙන් පන්නනවා, මම ඉස්සරහින් පණ එපා කියල දුවනවා// වෙන්ටෝන නේද?

      Delete
  10. හරි අමාරුයි බං මට කවි දිරවගන්න....

    ReplyDelete
    Replies
    1. ඉතිං කවි නොකා හිටපං එහෙනං......

      Delete
    2. ඔය කිවුවට හිරු අක්කත් ළඟදි කවියක් ලියලා තිබුන නේද හඳ ගැන...

      Delete
    3. ගෙඹිලූශා... ඔයැයි කවි කාලද ජීවත් වෙන්නෙ?

      Delete
  11. කමෙන්ට් නොකලට මමත් ප්‍රිය කරන බ්ලොග් අඩවියක්...

    සමහර කවි ,නිසදැස් වල තියෙන රටාව සහ වචන භාවිතය බැලුවම නිර්මාණශීලීත්වය ගැන පුදුම හිතෙනවා

    ReplyDelete
    Replies
    1. උඹට එහෙම බැරි එක ගැන පව් කියල හිතෙනවා …

      Delete
    2. වැඩේ කියන්නේ ඕයි ඒක ගැන පව් හිතෙන්නේ කොහෙවත් ඉන්න එවුන්ට වෙච්ච් එකනේ ????

      Delete
    3. පව් හිතෙන එක ප්‍රස්නයක්නම් කියහන්. මං කොමත් ගල්කටස් එකක් ලෑස්ති කොරන් ඉන්නේ බොට වැඩේ දෙන්න...!

      Delete
    4. ඉවාන්:

      මම දැක්ක ගෙඹි කමෙන්ට් දෙකක් තිබුන ඒකෙ.

      Delete
    5. පව් හිතුනට ඔහොම මූණටම කියන්න එපා පත්තරේ.... :P

      Delete
    6. ගල්කටස් මොකටෑ ගෙම්බන්ට. කැටපෝලෙකට ගඩොල් කෑල්ලක් තියල විදිමු, අහවරයි නෙව.

      Delete
  12. පිච්චු පීකුදූ සමඟ පිරිත් පැන්...

    පට්ට ටැලන්ට් එකක් නේ. චුට්ටයි ... රහයි..

    මම මාර මනාපයි..

    ReplyDelete
    Replies
    1. ඒක නම් සිරාම ටැලන්ට් එකක්.
      අගය කලයුත්තාව අගය කල යුතුමයි.

      Delete
  13. මම ඕක කියවන්නේ බොහොම කාලෙක ඉදන් බං.. ^_^

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බං කිවුවෙ //ඉස්සර ඉඳන් බ්ලොග් ලියන, වයසක බ්ලොග් උන්දලාත් ඒ කවි කියවලා කමෙන්ට් කරනව දැකල තියනව// කියල

      :P

      Delete
  14. මුළු පොස්ට් එකෙන්ම මගේ හිත ගියේ අර බස්සි මුලින්ම කියලා තියෙන්නේ කෙල්ලෝ මහා වසංගතයක් කියලා අන්න එකට තමයි .......

    ReplyDelete
    Replies
    1. කෙල්ලො හරිම වාතයක්
      හරිම පුදුම ජාතියක්
      මොනව කරත් මොක කෙරුවත්
      අපිට නැහැනෙ වාසියක්

      - ෆ්ලෑෂ්බෑක්-

      Delete
    2. අනිවා. ඔය ගෑණු ඔහොම්මයි. වාත කේස්. වසංගත. කරදර. දස වඳ.. තව ඒවා මතක් වෙන්නෑ බං. …… ආ මොකක් කිව්වා මම මේ කෙටුවෙ කෙල්ලක්ගෙ බ්ලොග් එකකද?

      සොරි බං බස්සියෙ, මම එහෙම මුකුත් කිව්වෙ නෑ කියලා හිතා ගන්. මටත් කියපුවා අමතකයි දැන්. :) :D

      Delete
    3. ගෑනු කෙස් වලටම එකතු කරමි...... වළි, රණ්ඩු, එරවීම්, ගැස්සීම්, බොරු චෝදනා, මරණිය තර්ජන, බොරු තරහා, කෙසේ හෝ අයිතිවාසිකම් දිනාගනී.
      හෑ.... මොකක් කිව්වා මේ කෙල්ලෙක්ගෙ බ්ලොගක්......, මලා... හරි හරි දැන් කිව්ව දේ කිව්වා නෙව....!

      Delete
    4. මැලේ:

      දුප් සීයා... කණ්නාඩි දාගෙන ඇවිත් ආය කියවන්න.

      Delete
  15. දීපු ඔත්තුවට බස්සිට පින්...ඔන්න සපත්තුවට මමත් ගොඩ වුනා...මට පෙන විදියට එකට ඇබ්බැහි වෙයි වගේ.

    ReplyDelete
  16. ඔව්..... බස්සියෝ...... මං add කරලා තිබුනේ සින්ඩරෙල්ල ගේ සපත්තුව...... මං ඒ කවි වලට කැමති නිසා..... ඉදහිට කොමෙන්ට් කරලත් ඇති...... ඒ වගේම ඒකෙ තියන paints වලටත් මං මාර ආසයි....... කවි සුපිරි වගේම..... නැවුම් ..... සිතුවිලි...... බලන් ගියාම හරිම සාමාන්‍යයි....... වෙනස ඒකයි.... ඒ කවි වල...... ඔයාගේ taste එකේ වරදක් නැ......

    ReplyDelete
    Replies
    1. ඒ වචන හසුරුවන විදිය නම් පට්ටයි. රිද්මය හරිම සුගමයි. හිතට දැනෙනව. නේද?

      Delete
  17. ඇත්ත බස්සි.. පද වැල් අතරේ හිතන්න දේවල් ගොඩක් තියනවා .. ස්තූතියි ඔත්තුවට ...

    ReplyDelete
    Replies
    1. ඔයා රසවින්දා නම් මටත් සතුටුයි

      Delete
  18. තෑන්ක්ස් වේවා ඔත්තුවට..
    //උස කුඩයක්
    දකුණු පැත්තට
    වැඩිපුර ඇලවී//
    පට්ට නේ... ^_^

    ReplyDelete
    Replies
    1. තව වල්ලාපට්ට කවි ගොඩාරියක් තියෙනව. ගිහින්ම බලන්නකෝ...

      Delete

  19. ‍ම‍ට ‍මේ ‍කො‍මෙන්‍‍ටු ‍කි‍ය‍ව‍න‍කො‍ට ‍අ‍හු ‍උ‍නේ ‍මේ ‍ව‍ච‍නේ ,‍ම‍මත්‍ ‍අං‍‍කු‍ර බ්‍‍ලොග්‍ ‍ක‍රු‍වෙක්‍ , ‍මේ ‍ක‍වි ‍කි‍ය‍ව‍න‍කො‍ට ‍ම‍ට ‍ම‍තක්‍ ‍උ‍නේ ‍ම‍හා‍චාර්‍ය ‍සු‍නන්‍‍ද ‍ම‍හේන්‍ද්‍ර , ‍එ‍තු‍මා ‍කි‍ය‍පු ‍හ‍යි‍කු ‍ක‍වි ‍ම‍තක්‍ ‍උ‍නා . ‍මේ ‍පො‍ඩි ‍ක‍විත්‍ ‍හ‍යි‍කු ‍ව‍ගේ ‍අප්‍‍පා , ‍පො‍ඩි ‍හ‍රි ‍ගැඹු‍‍රු‍යි , (‍කි‍යන්‍‍න ‍ගත්‍‍ත ‍එ‍කේ ‍ඉ‍තු‍රු ‍ටි‍ක‍ත ‍කි‍යන්‍‍නම්‍ ) ‍ත‍ව ‍ආ‍රි‍ය‍වං‍‍ශ ‍ර‍ණ‍වී‍ර‍යන්‍ ‍ම‍ට ‍ම‍ත‍ක ‍හැ‍ටි‍ය‍ට ‍මේ ‍ව‍ගේ ‍ක‍වි ‍ලි‍ය‍පු ‍අ‍ති ප්‍ර‍වී‍ණ‍යෙක්‍ ,‍කැ‍ම‍ති ‍කෙ‍නෙක්‍ ‍හො‍යන්‍ ‍කි‍ය‍වන්‍‍න ‍ව‍ටි‍න‍වා , ‍

    ReplyDelete
    Replies
    1. "අංකුර බ්ලොග් කරුවා" කියල අපි කියන්නෙ අර පත්තර මල්ලිටනෙ. බිනොල් නිකමට උන්දැගෙ බ්ලොගට ගිහින් බලන්නකො ඇයි අපි අංකුරයා කියන්නෙ කියලා එයාට.

      ඔයාගෙ බ්ලොග් අඩවියට ගොඩවදින්න එන්නම් අනිවාර්යයෙන්ම.

      Delete
  20. මමත් මෙක කියවලා තියෙනවා ,පොඩ්ඩයි උපරිමයි ..ඔය ක්‍රමයට මං නම් කැමැති,සමහර විට කමෙන්ටු කරන්න දෙයක් හිතා ගන්න බැරි නිසා එනවා ...

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක වුණානේ බොගිය මට අප්ඩෙඩ් වෙන්නෙ නෑ බොගි රොලේ නම් හරි එත් ???පොඩ්ඩක් බලන්න ..

      Delete
    2. අහා... මේ සහෝ කැමතිම කවි ස්ටයිල් එකනෙ.

      ගූගලයාට පිස්සු වෙන්නැති. මගෙත් ඩෑශ්බෝර්ඩ් එක පිස්සු නටනවා හිටපු ගමන්

      Delete
  21. මට කවි බෑ. ඒ වුනාට මේ කවි ලස්සණයි. වෙලා තියෙනකොට ගිහින් බලන්නම්.

    Thanks BASSI :)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි අක්කට කවි බෑ කිවුවට කවි වගේ ලස්සන කතන්දර ලියන්නෙ. :)

      Delete
  22. අඩොව් පණු බස්සි.... කොමෙයි බන්.....
    ඔය පත්‍රයාට, ප්‍රියාට වගේම තමා බන් මටත්... ඕනෙවට වඩා සරල දේවල් තේරෙනවා පොඩ්ඩක් අඩුයි. අපි මොලේ තියෙන මිනිස්සු නෙව. එනිවේ ඔත්තුවට ටැංකු කිව්වා. ඔය "රසි" විදියට ලියන්නේ කෙල්ලෙක් වෙන්න ඕනේ.

    ඇයි....?
    ඇයි කියන්නේ යකූ.. එකනේ මෙහෙම දාලා තීන්නේ "නැතිවුණු සපත්තුව සොයන සින්ඩරෙල්ලා වෙමි..."

    හා කියහන්කෝ සින්ඩරෙල්ලා කොල්ලෙක්ද.......??????
    (ඒ සිරාවට එකා කොල්ලෙක් හෙම නෙවෙයි නී.)

    ReplyDelete
    Replies
    1. මම නං වෙමි වෙන්ඩෙපෑ නේ ?? ගැනු නං වෙමි - පිරිමි නං වෙමු
      ඔව් ඔව් ගෑණු ළමයෙක් තමා . !!!
      ඕ යේස්.

      Delete
    2. ආ..න්න උබට තේරුණා......! හරියට හරි පත්තරේ...!
      ඕ.. යේ...

      Delete
    3. පණු බස්සි? අහුවෙයම්කෝ.... :(

      නිමෝගෙ ව්‍යාකරණ රීති ටික සුපිරියි නෙව! :P

      Delete
  23. බස්සිගේ නිර්ලෝභී හිතට ගොඩක් ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. හප්පේ රසි...

      Delete
    2. සුළු දෙයක් රසී. වටින දෙයක් බෙදාගත්තම ඒකෙ අගය තවත් වැඩි වෙනව.

      Delete
    3. ඔහොම කියලා බේරෙන්න බෑ රසී. අපි කීවමනේ ඔයාට ඔයාගේ කවි බ්ලොග් එකට දාන්න බැරි. මේ පේනවා නේද ඉල්ලීම්? දාන්නයි තියෙන්නේ හැම කවියක්ම බ්ලොග් එකට.

      (මේව සොඳුරු තර්ජන. බය වෙනන් දෙයක් නෑ අපි ආයේ කොළඹ එන්නේ නෑ)

      Delete
  24. ඔත්තුව ඔස්සේ හඹා යමි සින්ඩරෙල්ලව... ලස්සන කවි ටික ඉතින් හිත යන එක අහන්නත් දෙයක්ද බස්සි..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ෂැගියෝ....
      ගිහිල්ලාම බලන්නකෝ....

      Delete
  25. දැන් නේ දැක්කේ...මම දැන්ම එහි යමි රසී බලන්ට...කවි කියවන්ට...ඔය දීල තියෙන උදාහරණ ටික නම් ෆස්ට් ක්ලාස්!
    තැන්කූ බස්සි!:)

    ReplyDelete
    Replies
    1. තව කවි තොග ගානක් තියනව තරු අක්කා. ගිහින් බලන්නකො. ඒ කවි වලින් 99%ක්ම ෆර්ස්ට් ක්ලාස්.

      Delete
  26. මම කවි වලට එච්චර ප්‍රිය කරන්නේ නෑ. නමුත් බස්සි කිව්වා වගේ ඒ කවෛ අමුතුයි. රහයි. අර කෙස් ගස තිබුනත් බත් බඳින එක. වැහි නොතිබුන එක. අර නිල් පාට ඔසරියෙයි, සුදු කමිසෙයි දෙබස හෙම සුපිරියි.

    ReplyDelete
    Replies
    1. මේ කවි අමුතුයි. යුනික්! ඒ නිසා රහයි. :)

      Delete
  27. බස්සි බොහොම ස්තුතියි මේ පෝස්ට් එක ලියලා අපේ රසීට බල කලාට බ්ලොග් එකට කවි දාන්න කියලා.
    මොකද අපි කොච්චර කීවත් එයා ඕක කරන්නේ නෑ.

    රසීව මට මුලින්ම හම්බ වෙන්නේ බූන්දියෙන්. වෙඩි තියන කවි. ඒ කාලේ මම සිංහල මුලින්ම ඉගෙන ගන්න කාලේ. ඔය යම්තමට වචන ටිකක් ඉගෙන ගත්තට කවි වගේ දේවල් තේරෙන කාලෙත් නෙමෙයි. ඒ වුනාට ඒ කවි වෙඩි වැදිලා මම රසීගේ කවි එක්ක පිස්සු වැටෙනවා. කොළඹට ගිහින් හොයාගෙනත් යනවා. ඔය කොච්චර වෙඩි වැදුනත් තවමත් රසීගේ කවියක් ෆේස්බුක් එකේ දැක්කේ නැත්නම් කෑවේ නෑ වගේ.

    මගේ යාළුමිත්‍රයන් අතරින් ප්‍රේමණීයම, මම ගරු කරනම චරිතයක් ඇය.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රංගි අක්කා රසීව හොඳින් හඳුනන කෙනෙක් විදියට ඔයා පල කරපු මේ කමෙන්ටුවට. රසීගෙ කවි වලට වහ වැටිලා අසාධ්‍ය වෙලා තමයි අනිත් උන්ටත් ලෙඩේ බෝ කරන්න හිතන් මේ පෝස්ටුව ලිවුවෙ.

      දැන් ඉතින් රසී අක්කට කවි නොලිය ඉන්න බෑ.... නොලිවුවොත් කට්ටියම විජලනය වෙයි නේද!

      Delete
  28. මම කියවනවා...කමෙන්ට් කිරිල්ලක් නම් නැහැ. වඩාත් කැමතිවුනේ short,straight &sweet නිසා.

    ReplyDelete
    Replies
    1. short,straight &sweet...සහතික ඇත්ත.

      Delete
  29. ගිහින් කියවල බලල තියනවා..
    වැඩි අවධානයක් යෙදෙව්වේ නෑ.. ස්තුතියි.. ටොකු ඇණ ඇණ පාර පෙන්නුවට..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ටොක්ක රිදුනෙයි? එල එල... එහෙනම් ඔලුව අතගගා ගිහින් කවි කියෝල එන්ටකෝ.....

      Delete
  30. ඔය බුක් එක ජබොස් ගාලා කිකිළි සතු උනා අපේ කාලේ ...හිකිස්....පට්ට රහ බ්ලොග් එකක් බස්සි මචී තැන්කු ඔත්තුවට....

    ReplyDelete
    Replies
    1. මගෙත් බුක් ගොඩක් ජබුක් උනා අෆ්ෆා ඔය පින්සිබොල් කිකිලි හින්දා.... අපරාදේ. සැක්

      Delete
  31. මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි

    ReplyDelete
    Replies
    1. වචන අනතුරුදායකයි-ප්‍රවේසමෙන් පරිහරණය කරන්න.
      කමෙන්ටුව තරයේ හෙලාදකිමි. වෙන කීමට දෙයක් නැත.

      Delete
  32. මම කියවලා නෑ :( :( :(
    ඉන්නකෝ . අදම ගිහින් බලනවා . මේ ටීන් බුක් කතාව පට්ට ඈ . මට තියෙනවා එළකිරි මතකයක් ඔය ටීන් බුක් එකක් එක්ක .
    හඃ හඃ හඃ හඃ

    ReplyDelete
    Replies
    1. ලියන්නකො ඔයාගෙ එලකිරි මතකෙ. අර සමරු පොත් පෝස්ටුව දැකල තමයි මට ටීන් බුක් වැඩේ මතක් උනේ...

      Delete
  33. මම ගිහින් නැති බ්ලොග් එකක්.ගිහිං බලන්නම්කෝ අර පුංචි කවි ටික හොඳට හිතට ඇල්ලුවා.
    හැබැයි යශෝ මම කැමති සින්ඩරෙල්ලා ගේ සපත්තුවට වඩා සින්ඩරෙල්ලාට ...:D

    ReplyDelete