Thursday, November 27, 2014

නාන බාල්දි (බස්සිගේ විස්මලන්තයෙන්)






මං ඔෆිස් ඇරිලා ගෙදර යන ගමන්.


ඔෆිස් ඇරිලා ගෙදර යනවා කිව්වට ඇයි දන්නෑ ගෙදර ඇරිලා ඔෆිස් යනවා කියන්නෙ නැත්තෙ. ගෙදර ඇරිලා ඉස්කෝලෙ යනවා. ගෙදර ඇරිලා ක්ලාස් යනවා. නැත්නම් බෝඩිම ඇරිලා කැම්පස් යනවා. අපි භාෂාවේ වටිනාකම අවප්‍රමාණය කරනව කියන්නෙ ඔන්න ඕකනේ.


කොහොමහරි මම මේ ඔපිස් ඇරිලා ගෙදර යන ගමන්.


මේ දවස්වල වැඩ වැඩියි. 'වැඩ වැඩියි' කියන වචන දෙක ආංශික අනුකලනය කලාම 'මහන්සියි' කියන ප්‍රකාශනය ව්‍යුත්පන්න කරන්න පුලුවනි. ඒ කියන්නෙ මට දැන් මහන්සියි.


මහන්සිය කියන්නෙ මස්තිෂ්කයේ පාර්ශ්වික අනුඛණ්ඩිකාවල වැවෙන පාසි වර්ගයක්. ඒවා දීප්තිමත් ලුමිනස් කොල පාටයි. මහම මහ පල් ගඳක් තියෙන්නෙ. අන්න ඒ හින්දයි අපි මහන්සි වෙලා ආවම ඇඟපත සෝදන්නෙ. ඔය සංසිද්ධිය ආශ්‍රයෙන් හැදුන ප්‍රස්තා පිරුලක් තමයි 

"පෙරලෙන ගලේ පාසි නොබැඳේ."


අන්න ඒ නිසා මං තීරණය කලා මගදිම නාගෙන යන්න.


හරියටම ඒ සිතුවිල්ලට මයික්‍රො තත්පර දශම අටයි එකකට පස්සෙ කොන්දොස්තර කෑ ගැහැව්වා "නෙළුම් පොකුණ බහින්න" කියල. මං දඩිබිඩියේ බස් එකෙන් බිමට පැන්න. 


කලබල වැඩිකමට පැන්නෙ දකුණු පැත්තෙ කෙලවරේ තිවුන බාගෙට වහපු කවුලුවෙන්. නරක වෙලාව කියන්නෙ මගෙ හදිස්සියට නාන බාල්දිය එතන ඉඳගෙන උන්න පණ්ඩිත පෙනුමක් තිබුන රැවුල්කාර පිරිමි ළමයගේ කොණ්ඩ කැරැල්ලක පැටලුනා. 


එයා මට ඇහැක් ගහල නාන බාල්දිය උදුරලා අරන් දබරැඟිල්ල උඩ කරකවමින් බස් එකත් එක්ක ඈතට ඈතට, තව තවත් ඈතට යන්න ගියා.


මං ඇස් පුංචි කරන් ඒ දිහා බලන් උන්න.







මට තේරුනා මම ලොකු ඇබැද්දියක වැටිලා විත්තිය. නාන බාල්දිය බස් එකේ. බාල්දියක් අතේ නැතුව ගෙදර යන්න විදියක් නැහැ. මම කොයිකටත් කියලා වෙදැඟිල්ල කෙලවරේ රතු කොඩියක් ගැටගහගෙන බස් එකකට දෙහෙකට කතාකලා. ඩ්‍රයිවර්ලා බස් එක නවත්තන්න හැදුවත් කොන්දොස්තර බැලුවෙ ඔලොක්කුවට වගේ. මං හිතුවා හරි. නාන බාල්දිය අතේ නැති මනුස්සයෙක්ව කවුද බස් එකට නග්ගා ගන්නෙ!


කරන්න ඉතුරු වෙලා තිවුනෙ එක දෙයයි. මම මේ කතාව මූණුපොතේ ඇලෙව්වා. ඊට පස්සෙ අතට අහුවෙන තරම් මූණු අහුරු අහුරු අරන් ඒ කතාව පහළින් එල්ලුවා.


මට හොඳටම විශ්වාසයි ඒක කියවාපු කොල්ලො නෙළුම් පොකුණට එන්න රොකට් හදන්න ජරබර ගෑවිල්ලේ ඩබල් රූල් පොත්වල මැදපිටු ඉරාගන්න හැටි මට යාන්තමට ඇහුන බව. තනිරූල් පොත් විතරක් තිබුන අය හූල්ල හූල්ලා ඇඬුවා. මොනව කරන්නද, ඩබල් දාල යන්න රොකට් එකක් හදාගන්නනම් ඩබල් රූල් පොතක්ම ඕනෙ නෙව.


ඔය අල්ල පනල්ලේ මට ඇහුනා මගෙ ෆෝන් එක බක බක ගානවා.  කොල්ලෙක් මූණුපොතේ අලවපු පණිවිඩේට උත්තරයක් එවලා. බලද්දි ඒ අපේ නාඩියා.


රැවුල්කාර පිරිමි ළමය ඈතට යනවා වගේ පෙනුනෙ මම ඊට සාපේක්ෂව නිශ්චලව උන්නු නිසාය කියලා නාඩියා කාටිසීය ඛංඩාංක තලයක ඇඳපු අක්වක් හැඩයේ ශ්‍රිතයකින් ඔප්පු කරලා පෙන්නලා තිවුනා.


මම නාඩියගෙ ප්‍රස්තාරෙ සීරුවට රෝල් කලා. පහන් තිරයක් තරමට දිගැටි සහ කුඩා වෙනකම් රෝල් කලා.


ඊට පස්සෙ සීරුවට ඒක දකුණු කනෙන් රිංගවල අපර මස්තිෂ්ක අර්ධගෝලයේ මැද කොටසට ඇතුලු කලා. 



අන්න එතකොට මට සාපේක්ෂතාවාදය හෙමින් හෙමින් අවබෝධ වෙන්න පටන් ගත්තා. අන්තිමේදි මං හොයාගත්තා නාඩියා ඇඳපු අක්වක් හැඩයේ ශ්‍රිතය උඩ ඉඳන් උන්නු වයි අකුරක්. ඒ වයි අකුරට බොහොම මහන්සි බව පෙනුනා.  ඒ ඇයි කියලා බලන්න තව නැනෝ මීටක් දශම අටක් ලං උනාම මට තේරුනා ඒ වයි අකුරටත් නාන බාල්දියක් නැති වග.


මං එයාගෙ, ඒ කිවුවෙ වයි අකුරෙ එහාපැත්තෙන් වාඩි වෙලා කකුල් පද්ද පද්දා මූණට මූණ බලාගෙන උන්නා. මං හිතන්නෙ මුලු දවසක්ම අපි දෙන්නා එහෙම බලන් ඉන්න ඇති. 


අන්තිමේ මට ඒ දිගම දිග නිශ්ශබ්දතාව තවත් උහුලගෙන ඉන්න අමාරු උනා.


"කෝ ඔහෙගෙ නාන බාල්දිය?"

මං ඇහුවෙ එච්චරයි. හායි කියන්නෙවත්, සුභ පතන්නෙවත් නැතුවම. අඩුම ගානෙ ආරම්භයක් විදියට මම එයාගෙන් වෙලාව කීයද කියලවත් ඇහුවෙ නෑ. ඒ ප්‍රශ්ණෙ පළවෙනි දෙබස විදියට ටිකක් රළුයි තමයි. විශේෂයෙන්ම මටත් නාන බාල්දියක් නැති හින්ද ඒ ප්‍රශ්ණෙ තවත් අසාධාරණයි. 


වයි අකුර ඇස් පුංචි කරලා මගෙ දිහා බැලුවා.


"ඒක අයින්ස්ටයින් ඇන්න ගියා."


අයින්ස්ටයින් කිසිම සිහිකල්පනාවක් නැති කුරුල්ලෙක්. එයා නෙළුම් පොකුණෙ ගැට්ට උඩ වාඩි වෙලා නිල්පාට වතුරෙ දණක් ගැඹුරට කකුල් දෙක ඔබාගෙන උන්නා. ඔලුව වටේට ඇලුනු කැරලි පිහාටු එහා මෙහා පද්දමින් එයා නාන බාල්දියට සාපේක්ෂතාවාදය ගැන නැලවිලි ගීයක් ගායනා කරනවා.



"වරෙන්. ගිහින් නාන බාල්දිය ඉල්ලගමු."


වයි අකුර ඇස් දෙක කරකවමින් මා දිහා බලන් උන්නා.


"උඹට පිස්සුද?" වයි අකුර ඔලොක්කුවට වගේ ඇහැව්වා.


"ඇයි?"


"නෙළුම් පොකුණෙ නාන්න පුලුවන් අයින්ස්ටයින්ලාට විතරයි. මොනවද ඔට්ටු උඹට ඔය වැටෙන් ඇතුලට පනින්නවත් බෑ...!!!"










~ මොළේ cRaCk උන පිස්සු බස්සි ~










53 comments:

  1. මෙහෙමයි. මං පිළිගන්නවා මේ කතා සීරීස් එකට කැමති අය අඩුයි. අකැමති අය වැඩියි. ඒ වුනාට ඉතිං ප්‍රශ්ණෙ තියෙන්නෙ මම මේ ස්ටයිල් එකෙන් ලියන්න කැමතියි. ඒ නිසයි එක ළඟ එකම ලේබල් එකේ කතා දෙකක් පල කෙරුවෙ. අවලාද නොකියා ඉවසා වදාරයි කියලා බලාපොරොත්තු වෙනවා.

    However, constructive criticism is always welcome!

    ReplyDelete
    Replies
    1. හා..

      ස්තුතියි
      බයිට් එකට බකුසු ඩෙවල්..

      - ගල් බලකාය -

      Delete
    2. The Further Adventures of Halley's Comet පොත කියවල තියනවද?

      ඔය ක්‍රැක් එකට ගැලපෙන එකක්

      Delete
    3. බකුසු ඩෙවල්, නරකම නෑ,

      -ස්තුතියි-
      - බ්‍රෑන්ඩ් එක ගල් -

      Delete
    4. බකුසෝ ගැඔුරැ තෙලේ බැදලා ගනින්.
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    5. හැක්! කාලෙකින් ගල් බලකාය ඇවිත්!

      Delete
    6. නෑ නෙ ප්‍රා. හොයාගෙන කියවන්න ඕනෙ. මොළේ මඤ්ඤං වෙන සීන් එකක් වෙන්න ඕන.

      Delete
  2. //"නෙළුම් පොකුණෙ නාන්න පුලුවන් අයින්ස්ටයින්ලාට විතරයි. මොනවද ඔට්ටු උඹට ඔය වැටෙන් ඇතුලට පනින්නවත් බෑ...!!!"//
    මේටික විතරයි තේරුනේ.. අනේ මන්දා... හැක් හැක් හැක්..

    ඉට්ටයිල්එක් පස්ටයි ඈ... මට මෂ්තිශ්කයක් තිබ්බනං කියලා දැං තමයි හිතුනේ...

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. හහහා.... බොහොම ස්තූතියි විදානේ......!
      මොකද මස්තිෂ්කයක් නැත්තෙ? ඔය වම් ඇහැට උඩින් අතගාල බලද්දි වැලි ඇටයක් තරමට අහුවෙන්නෙ ඒක තමයි.

      Delete
  3. මට ඔය තකියපු අයිටං එක නැද්ද නැත්තං පාසි බැදිලද දන්නෑ මොකද මං පෙරලෙන්නෙ නෑ නෙව
    එක තැනමයිහැමදාම
    මං දැක්ක ඊයෙ බෙරේද දාසක මකුළු දැල් බැදිල කණ වටේ

    ReplyDelete
    Replies
    1. මගේ නං නිතරම කන සාක්කුවේ හින්දා ඔය පස්නෙ නෑ..

      Delete
    2. ආ ඒ මොළේ ධූසර ද්‍රව්‍යවල පදිංචි වෙලා ඉන්න මකුළුවන්ගෙ වැඩක්. උන් මේ සීත කාලෙට පිණි අරන් යන්න කන් සිදුරෙන් එළියට එන අතරෙ කන් පෙත්තෙ කකුලක් හැප්පිලා මකුළුදැල් පැටලෙන්න ඇති.

      Delete
    3. විදානේ : කන් දෙකම එකවර සාක්කුවේ දාගන්න බැරිවුනොත් වැඩක්නෑ.

      Delete
  4. මෙලෝ ඩප්පියක් තේරුං නෑ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔසාමා..... සාදරයෙන් පිළිගන්නවා බස්සිගේ නවාතැනට ඔයාව!!

      Delete
  5. බස්සි...
    මේකට මගේ පිළිතුර නම් පෝස්ටුවක් වෙයි....

    මම කැමතියි බාල්දියක් නැතුව නෙලුම් පොකුණ ගාව බලන් ඉන්න බස්සියෙක්ට තනිරුල් පොතකින් කොලයක් එවන්න. ඇයි හත්වලාමේ කව්ද රොකට් එකේ යන්න කියන්නේ... ලස්සනට හදල තියෙන පාර දිගේ පොඩි පහේ කඩදාසි බෝට්ටුවකින් යන්න බැරිය? එකම වැඩේ සිග්නල් දාගන්න බැරි එක විතරමයි. ඒකට විකල්පයක් විදියට කරන්න තියෙන්නේ නතර කරන්නෙම නැතුව යන එක. මොකද සිග්නල් දැම්මොත් ඒක දකිනකල් අනිත් උන්ට වෙලාවක් දෙන්න වෙනවා....

    හිටුකෝ බස්සියෝ... මම තව දෙයක් කියන්ට.. අර පාසි... ඔව් ඔව්... ඒවා තමයි. ඒවා කොළපාටින් වියුක්ත වෙලා තව ටික දවසකින් නිල් පාටක් ගන්නවා. නිල කිව්වට දීප්තිමත් නිලක්... එතකොට කරන්න තියෙන්නේ බාල්දි කොක්කක්... ඔව් ඔව් බාල්දියක් නැතුව ගියාට කොක්කක් ඉල්ලගන්න පුළුවන්... එහෙම එකක් අරගෙන ෆියෝනා ගේ අලුත් ගෙදර තාප්පෙන් ගත්ත ගඩොල් කුඩු වලින් සුද්ද කරගෙන බෙල්ල වටේට වැටෙන්න එල්ලගන්න එකයි.

    මටත් ඕක කිව්වේ අපේ ගෙදර ඊයේ බලෙන් වගේ පදිංචි වෙච්ච කොණ්ඩ කුරුල්ලාගේ අලුත් නැන්දම්මා... හුහ්.. බලන්න එපාය ගෙදර තිබ්බ ඉට්ටයිල් එක... ගෙදරටත් අඳින්නේ කිමෝනා ඒ උන්දා...

    ReplyDelete
    Replies
    1. උබත් එකයි, බස්සිත් එකයි....

      Delete
    2. සිග්නල් දාන එකනම් අවුලක් නෑ උපයෝ මම වෙදැඟිල්ල කෙලවරේ රතුපාට කොඩියක් ගැටගහගෙනමයි ඉන්නෙ. වැඩේ තියෙන්නෙ මේ දවස්වල පාවෙන ද්‍රව්‍ය වැඩියි. එහෙන් මෙහෙට පාවෙනවා මෙහෙන් එහෙට පාවෙනවා. ඔය අව් අස්සෙ බෝට්ටුව කරණමක් ගැහුවොත් මොන දෙයියන්ටද කියන්නෙ. වාසනාවක් තිබිල අඳුරන දියබල්ලෙක් හිටියොත්නම් ගොඩ. ඒත් කාටද විස්වාස ඇතුව කියන්න පුලුවන් ඔව්වා.

      කොණ්ඩ කුරුල්ලගෙ නැන්දම්මා? ඔහෙට ආවද? ගෙදර ඉන්න මීමැස්සො ටික පරිස්සම් කරගනින් උපයෝ ඔය නාකි කිරිල්ලි මී මැස්සන්ව දැක්ක තැන පහට කඩලා කොණ්ඩෙ ගහගන්නවා.

      Delete
    3. මොළේ පෘතුවි ගුරුත්ව කේන්ද්‍රයට ආසන්නව පවතිනකොට එහෙම වෙනවලු නිමෝ...

      Delete
  6. Replies
    1. The spoon doesn't exist, so does my letter Y. Then what about Einstein?

      But hey! Do I exist???

      Delete
  7. අනේ මන්දා ඕවා තේරුම් ගන්න මගේ මොලේ ග්‍රේ මැටර් එක තාම හැදිලා මදි.. :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ මෙයා ඔයා වයිට් මැටර් එකට හිතුමතේ නටන්න දුන්නම තමයි ඔහොම වෙන්නෙ. වේවැලක් අරන් දෙකක් දුන්නනම් වයිට් මැටර් අයිනට වෙලා ග්‍රේ මැටර් එකට ගානට ඉඩකඩ හදලා දෙයි.

      Delete
  8. මුළු ඔලුවම Crack වුනා...

    ReplyDelete
  9. අයියෝ මට පිස්සු...
    ඒ උනාට උඔගේ ලියවිල්ල එල ද බ්‍රා.

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ මෙන්ඩියා....

      Delete
  10. o.O මොකක් හරි කිවුවද?

    ReplyDelete
    Replies
    1. මම? නැහ්! ඔයැයිට මොකක් හරි ඇහුනද?

      Delete
  11. නියම ඉස්ටයිල් එක බස්C. . මගේ උණත් බැස්සා. නාගන්න ඕන. නෙළුම් පොකුණක් නම් නැහැ. බාත් ටබ් එක වටේට ඉටිපන්දම් පත්තුකරලා , ටබ් එක පතුලට මඩ පිරෙව්වා. නෙළුම් නැතිවුනත් ඕලු තියෙනවා. මඩ හින්දා ටබ් එකට බහින්නත් මොකක්ද වගේ. ඕලු වගේද නෙළුම් කියලා...ෂවර් එකෙන්ම නාගත්තා. ඩබල් රූල්, තනි රූල් වලට වඩා හාෆ් ෂීට් ෆුල් කූල් නිසා, ඒකෙන් රොකට් එකක් හදන් බලන් ඉන්නවා වයිෆ් වැඩ ඇරිලා එනකම්. මොනවා වුනත් යන තැනක ගෑණිවත් අරන් යන්න ඕන. බාත් ටබ් එකේ ඕලු පොහොට්ටු මල් වෙලා. මලක් හැහුවා වගේ බස්C මට මේක කියවලා. නෙළුම් මානෙල් විලේ පිපිලා......බාල්දිය විල ගාව....විල බාත් ටබ් එකේ.

    ReplyDelete
    Replies
    1. බස්සි මගේ කොමෙන්ටුව මෙතනම ඔබනව. බස්සි දන්නෙ නැතිව ඇති අරූ ගාවත් මේ වගේම මඤ්ඤමක් ඉන්නවා. දැකලා තියෙනවද මුගේ ස්ලෝගන් එක. අර බැට්‍රියයි ටෝච් එකයි කියන ඒවා. මූ කිව්වට මම හිතන්නේ අරූ බස්සිගේ තාත්තටත් වඩා වයසයි. මම වගේ කොල්ලෙක් නම් නෙමෙයි. ඒක වෙන කතාවක්. ඒ වගේ දේවල් ලියන්න පුළුවන් අළුතෙන් හිතන මතන රැඩිකල් එකෙකුට විතරයි. මේ 2014. අපි තාම ලියන්න ඕන. මීට දශක ගානකට හිටපු මාටින් වික්‍රමසිංහ වගේද. එහෙම නැත්නම් ජයතිලක වගේද? ඇයි අපිට අඩු ගානේ සයිමන් නවගත්තේගමලා වගේ වත් ලියන්න බැරි. වෙඩ්ඩා වගේ වැඩ්ඩලා විඩියට ලියන්න බැරි. සන්නස්ගලලා, මොහාන් රාජ් මඩවලලා වගේ ලියන්න බැරි. වෙනසක් වෙන්න ඕන බස්සි. වෙනසක් වෙන්නම ඕන. නැත්නම් මේ පරපුර ගොබ්බයෝ සෙට් එකක් විදියට ඉතිහාසේ ලියවෙයි. නිර්මාණය ඉස්තරන්..

      Delete
    2. මාතා....."ෂේප් එකයි පාරයි......ටෝච් එකයි පොල්ලයි"

      අඩේ ඔව් බං මාතා....මේ බස්C අපේ දුවගේ වයසේ වගේ වෙන්න ඇති.

      Delete
    3. මම උඹට ඒ වගේ ඒවා ලියන්න කියලා බල නොකරන්නේ. යුගාන්තයේ අළුත් එපිසෝඩ් එකත් පට්ට රහ නිසා. නැත්නම් උඹේ කවි.. එළකිරි.. ජලය මුසු නොවූ...

      Delete
    4. දෙපාරක් කියෙව්වා ඒත් තේරුනේ නැහැනේ බස්සියෝ . කතාව බස්සි නාන්නේ නැති එක ගැනද? අයින්ස්ටින් ටින් ගැනද? බස්සිට ගණන් බැරි එක ගැනද ? නෙලුම් පොකුණ ගැනද ? අරු උඹට තේරුණා නම් කියපන් බලන්න.

      Delete
    5. අජිත්.....මෙලෝ දෙයක් තේරුන් නැහැ බන්. ඒකනේ මාත් මඤ්ඤං කමෙන්ට් එකක් දැම්මේ. මම බොරුවටද මෙහෙම ලිව්වේ //මලක් හැහුවා වගේ බස්C මට මේක කියවලා. නෙළුම් මානෙල් විලේ පිපිලා......බාල්දිය විල ගාව....විල බාත් ටබ් එකේ./////

      Delete
    6. රිප්ලයි ඩිලේ වීම පිළිබඳව තුන්දෙනාම සමාව භාජනේකට දාලා නෙළුම් පොකුණෙ අයිනකින් තියන්න හොඳේ...!

      Delete
    7. අරූ : පට්ට කමෙන්ට් එක ඈ... මං කියන්නෙ ඔහොම ඉන්න ගමන් ඔය විලට දියබල්ලෙකුයි මූදු අස්සයෙකුයි ගෙනත් දැම්මොත් නරකද? එහෙමත් නැත්නම් මූදු කැකිරියෙක්?
      ලිපි දිහා බලලා වයස හොයන්න බැරි කිහිපදෙනාගෙන් කෙනෙක් තමයි අරූ.
      (මං අරූ කියලාම කතා කලාට අවුලක් නෑනේ. ඒ කතාකරන්නේ බොහොම ගරුසරු සහිත ටෝන් එකකින්. :) )

      Delete
    8. මාතලන් :

      වෙනසක් කරන්න යන එකාට එදත් කතා හැදුනා. අදත් හැදෙනවා. මොහාන් රාජ් මඩවලට, වෙඩ්ඩාට මිනිස්සු අද බනිනවා. ඒත් මට විශ්වාසයි තව අවුරුදු ගානකින් ඒ නිර්මාණ සාහිත්‍ය සිලබස් වල රෙෆරන්ස් පොත් විදියට නිර්දේශ කරාවි.

      Delete
    9. අජිත් :

      වැඩියෙ හිතන්න එපා. කොහොමත් අන්තිමේ අක්වක් හැඩේ ප්‍රස්තාරත් නෑ. ඒ උඩ වයි අකුරකුත් නෑ. :D

      Delete
  12. කවදා ඉඳලද බස් කොන්දොස්තරලා ඔයාට නෙලුම් පොකුණ කියලා කතාකරන්නේ. කාටද ආඩම්බර නෙලුම් පොකුණ බහින්න කිව්වම.

    ReplyDelete
    Replies
    1. හාපෝ නෙලුම් පොකුණෙ මඩනේ... නෙලුම් මල කිවුවානම් ඔන්න සැටිස්

      Delete
  13. ඔය මං ඇඳපු අක් වක් හැඩයේ ශ්‍රිතයේ තිබ්බා පොඩි දෝලනයක්! බෝර් වාදයට අනුව ඕක පරමාණුවක මධ්‍ය ලක්ෂයේ ප්ලූටෝනියම් න්‍යෂ්ටියක් ගැටීම හින්දා ඇතිවෙනවා කිව්වත් මං නම් හිතන්නේ ඔලුව කොහේ හරි ලම්භාකාර පෘෂ්ටයක් උඩට විශිෂ්ට ගුප්ත තාපයෙන් පතිත උනාම තමා එහෙම වෙන්නේ!

    ReplyDelete
    Replies
    1. රිප්ලයි ඩිලේ වීම ගැන සමාවෙයන් නාඩියෝ.

      ඔය අක්වක් ශ්‍රිතය උඩට විශ්ෂ්ඨ ගුප්ත තාපයෙන් පතිත වීමේ ප්‍රතිඵල බොහොම දරුණුයි. අන්න ඒ වෙලාවට ශ්‍රිතය අතුරුදහන් වෙලා මෙතෙක් කියපු කරපු හැමදේම ඌර්ධවපාතනය වෙන්න පවා පුලුවනි.

      Delete
  14. මෙම තැනැත්තියට සිදු වී ඇති මෙම ව්‍යසනය පිලිබඳ අඟහරු ලෝකයේ වැසියන් වෙනුවෙන් මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර, මේ සඳහා, ඉන්දියාවේ නිපදවූ M8 හෝ M10 එන්ජිමක් යෙදු දුම්රියක පළමු මැදිරියේ පා පුවරුවේ ත්‍රිකුණාමලය දක්වා ගොස් ආපසු පැමිණීමට නියම කරමි.

    ReplyDelete
  15. \\\\ මම මේ ඔපිස් ඇරිලා ගෙදර යන ගමන්\\\ පව්.. රෑටත් නිදි මරල කෙල්ලට බස් එකේ හොඳටම නින්ද ගිහිල්ලා.. හැමෝටම මේ දවස් වල පේන්නේ නාන හීන තමයි.. ඒත් ඉතින් හැමෝටම ඒ හීන මේ වගේ ලස්සනට ලියන්න බෑනේ.. කෝකටත් ටිකට් ගන්න වෙලාවට කොන්දට මතක් කරල තියන්න.. නින්දෙ ගිහිල්ල හිටියත් ගෙවල් වලට ලඟම හෝල්ට් එකෙං බස්සන්න කියල..

    ReplyDelete
  16. පිස්සු වුනත් බස්සි ගේ වැඩ සුපිරි..

    මේක කියෙව්වට මොකද , කියෝලා ඉවර වෙලා ටික වෙලාවක් බලන් හිටියා මොකද මට වුනී කියල තේරුම් ගන්න...

    ReplyDelete
  17. පිනන ඉගෙන ගන්නිකෝ යකු එතකොට බාල්දි ඕනි නෑහේ..අද එක නම් කලින් එකට වඩා ටිකක් තේරුණා..

    ReplyDelete
  18. :D මගේ මොලෙත් නිකන් ක්‍රැක් උනා වගේනෙ බස්සියො.

    ReplyDelete
  19. අංගොඩ යන බස් එකේ නොම්මරේ දන්නා එකෙක් කියන්නකෝ අනේ...මේක කියවලා මට පිස්සු ඔව්...හොඳටම පිස්සු...

    ReplyDelete
  20. මොළේ cRaCk උන පිස්සු බස්සි ++++ :-D

    ReplyDelete
  21. මේක ලියල තියෙන ස්ටයිල් එකනම් හරිම ලස්සනයි.හැබැයි තේරුනේ නෑ සමහර දේවල් :D. මේකෙ මුල් කොටස fb එකේ දැක්ක. ජය වේවා!!!!

    ReplyDelete
  22. හෆොයි.. මස්තිෂ්කයේ පාර්ශ්වික අනුඛණ්ඩිකාවල බැඳිලා තිබ්බ පාසි වැලි කඩදාසියකින් මැද්දා වගේ...

    ReplyDelete
  23. නෙළුම් පොකුණෙන් නාලා යුරේකා කියන්න ආකිමිඩිස් ට බැරි වෙයිද ?

    ReplyDelete