Wednesday, April 1, 2015

කඳුළේ කතාව (Legend of Tears)







කඳුළ කියන්නේ අපි කාටත් පොදු අත්දැකීමක්. දුක් කඳුළු,  සතුටු කඳුළු,  කිඹුල් කඳුළු  විතරක් නෙමෙයි ෆිල්ම් කඳුළු,  ලූණු කඳුළු සහ දූවිලි කඳුළු විදියටත් කඳුලේ විවිධ ප්‍රභේද හඳුනාගන්නට පුලුවන්.


බස්සි අද තොරණේ විස්තරේ ගේන්නේ මෙන්න මේ කඳුළු ගැනයි.


ඩුං ටුරුටුං ඩුටුං ඩුටුං ඩුම් !!!


ඇහැ මුදුනේ අශ්‍රැ ග්‍රන්ථි
කඳුලු දියර හදන්නේය
ඇහැ සෝදා පහළ අතට
ගලා පිටට පනින්නේය





කඳුළු වැටෙන වැටෙන ගානෙ
සමහරු කවි පද ලියනව
ඒ උනාට කඳුළු වලත්
කැටගරි බෙදුමක් තියෙනව


බලන්න සුපින්වතුනි. කඳුළත් හරිම වර්ගවාදියි, කැටගරිම තුනක්!


1. සාමාන්‍ය කඳුළු (Basal tears)
2. ප්‍රතීක කඳුළු (Reflex tears)
3. භාවවිෂයක කඳුළු (Emotional tears)



1. සාමාන්‍ය කඳුළු (Basal tears)


කිසිම හේතුවක් නැතුවම
මේ කඳුලැලි නිපදවෙන්නෙ
අවුන්ස දහයක් විතරම
දවස ගානෙ ඇහැ රකින්නෙ

ඇහැ වේලෙන්නට ඉඩකඩ දෙන්නේ නැතිලූ
නාස් විවරයට පැනලා හැංගෙනවාලූ



2. ප්‍රතීක කඳුළු (Reflex tears)


ලූණු සැරට, දූවිල්ලට 
ස්වච්ඡ මණ්ඩලේ කෙවෙන්නෙ
සංවේදී ස්නායුයි
ඉවසන්නට බෑ කියන්නෙ

මොළේ අගට ඉක්මනටම පණිවිඩ යනවා
ලහිලහියේ කඳුලු ගලා ඇස් සේදෙනවා



3. භාවවිෂයක කඳුළු (Emotional tears)


ඉවසගන්න බැරිම දුකක්
මස්තිෂ්කයෙ උඩ පනින්නෙ
ඇහැට පණිවිඩේ දෙන්නට
හෝර්මෝනයි පිටත් වෙන්නෙ

සතුටට නැත්නම් දුකකට කඳුළු උනනවා
හිත උණුවී ඇස් උතුරා වාන් දානවා





මේ භාවවිෂයක කඳුළු, මම කලින් කියාපු ප්‍රතීක කඳුලුවලටත්, සාමාන්‍ය කඳුළුවලටත් වඩා සංයුතියෙන් වෙනස්. ප්‍රතීක කඳුලු සහ සාමාන්‍ය කඳුළුවල 98%ක්ම තියෙන්නේ වතුර. ඒත් භාවවිෂයක කඳුළුවල වතුර විතරක්ම නෙමෙයි තියෙන්නෙ පින්වතුනි;


1. 
ප්‍රොලැක්ටින් (Prolactin) හෝර්මෝනය 
(ශරීරය ඉහිල්වීමට දායක වෙනවා.)

2. 
ඇඩ්‍රිනොකෝටිකෝට්‍රොපික්  (Adrenocorticotropic) හෝර්මෝනය 
(ඉහල ආතති තත්ව වලට ප්‍රතිචාර දැක්වීමට මේ හෝර්මෝනය උපකාරී වෙනවා)

3. 
Leucine enkephalin  
(මේ ස්වාභාවික වේදනා නාශක රසායනිකයක්.)



ලයිසොසයිම් (Lysozyme)

ඕනැම කඳුලක තියනා
රසායනිකයක් වෙන්නේ
ලයිසොසයිම් නම ඇහුවම
කොයි කවුරුත් හඳුනන්නේ

ලයිසොසයිම් කඩු පොලු ගෙන සටනට පැන්නා
ඇහැට අනින විසබීජයො දුරුවන් වෙන්නා


මෙතැනින් මේ කඳුළු කතාව නිමක් දකීවිද? නැහැ සුපින්වතුනි. කඳුළු සලන එක ගැන අපේ හිතට මහා වදයක් වුන තවත් විසාල ප්‍රශ්ණයක් ඉතිරි වෙලා තියෙනව. ඒ තමයි,


යි ගෑනු පිරිමින්ට වඩා වැඩියෙන් අඬන්නෙ?


පිරිමි ඉතින් වැඩි හරියක්
ඔරවාගෙන කල් ගෙවන්නෙ
"අඬන එකයි ගෑණු ගතිය"
සමාජයෙන් උගන්වන්නෙ

දිව මතුරක් විදියට ඒකම මුමුණනවා
අපූරු පොඩි කොලුවෙක් ගල් බමුණෙක් වෙනවා





මලපැනීම සහ ඇඬීම
පියවර දෙක වෙන් කරනා
දුර මැනීම සිදුවෙන්නේ
දේහලීය අගයකිනා


අනේ ඉතින් පිරිමින්ගේ ඇඟේ තියෙනවනෙ අර ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය. ඕකෙන් පිරිමින්ගේ මල පැනීම සහ හැඬීම අතර ඇති දේහලිය අගය ඉක්මවීම පාලනය කරනවා. ඒ නිසා කෙල්ලෝ මල පැන්න ගමන් ටැප් එක ඇරියට, කොල්ලෝ මල පැනලා වලං බිඳිනවා විතරයි. අඬන්නේ නැහැ.


ඒ මදිවට ගෑණුන්ගේ
කඳුලු නාල පළල් නැතේ
ධාරිතාව බොහොම අඩුය
ඉක්මනටම පිට පනිතේ

අනේ ඉතින් අසරණ දැරිවියෝ අඬනවා
මොට්ට පිරිමි අපිට 'අඬන මැසින්' කියනවා





ඔන්න ඕකයි ගෑනු ටිකක් වැඩිපුර කඳුළු සැලීමේ රහස. කෝක වෙතත් ඈඬියාවක් එනකොට "අහෙම්" හඬක් සමග උගුර පෑදීමෙන් නහයයි උගුරයි අතර යම් සෙලැවීමක් ඇති කරලා කඳුලු එන එක නවත්වාගන්න යම් තරමක හැකියාවකුත් තියෙනව.


ඩුං ටුරුටුං ඩුටුං ඩුටුං ඩුම් !!!







59 comments:

  1. මට සින්දුවක් මතක් උනා.. මෑතක ඇහෙන්න ගත්ත.. රාජමාළිගේ මොකාද එකා වගේ.. උපන්නාට පසුව තාම මං අඬාල නෑ ඇඬුවත් මට කිසිම දිනෙක කඳුළු එන්නේ නෑ.. කඳුළු කතා වේ නිමක් දුටුව දා... කියල.. හැක්..

    කඳුළු ගැන මෙච්චර විස්තරයක්.. කාගෙන්ද ඉතින් ප්‍රොෆෙසර් බස්සිගෙන්ම මිසක්.. ඇඬෙනවා තනි ඇහැට.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. පට්ට් සෝන් එක අයියා... බජාර් එකා ඕන කකුලක් දන්නවා පුල් සෝන් එකම..

      Delete
    2. රාජමාලිගේ පරවියා වගේ
      ජීවිතේ මගේ මං ගෙවනවා ඔහේ

      සුපිරි සින්දුවක් තමා... සින්දු ඇනෝ ආවනම් ලිරික්ස් ටික දෙයි.

      Delete
  2. හැමදාමත් වගේ බස්සිගේ ලියවිල්ල නම් සුපිරිය.
    කෝක වුනත් ඉතින් කෙල්ලො ඉක්මනට අඬනවා..මේ දැන් ඔය කෙල්ලො හැම වෙලේම ඕන එකටයි එපා එකටයි අඬල දිනන්න හදන්නෙ, එතකොට තව අය අඬල අඬල අපිව රවට්ටගන්න හදන්නෙ, එව්ව කොයි කැටගරි එකටද වැටෙන්නෙ?????

    ReplyDelete
    Replies
    1. එ අඬලා දිනන්න හදනවා නෙමෙයි මල්ලි. අවසානයට දක්වලා තියෙන්නෙ ඔයාගෙ ප්‍රශ්ණෙට පිලිතුරු තමයි මම හිතන විදියට. ප්‍රශ්ණෙ තමයි //ඇයි ගෑනු පිරිමින්ට වඩා වැඩියෙන් අඬන්නෙ?// කියන එක. ඒක බොරු ඇඬීමක් හෝ දිනුම ගන්න ඇඬීමක් විදියට වර්ග කරලා තියෙන්නෙ සමාජය විහින්මයි.

      අපේ අම්මා නිතර අඬනවා. තාත්තා අඬන්නෙ නෑ. හැබැයි අපි අම්මා අඬලා දිනන්න යනවා හෝ තාත්තව රවට්ටන්න අඬනවා කියන්නෙ නැහැ නේ ද?

      Delete
    2. හ්ම්ම්.....හරී..හරී...
      බොහෝම ස්ත්‍රීවාදී උත්තරයක් ඔව්!!

      ස්ත්‍රීවාදී වචනෙ හරිද මංදා..

      Delete
    3. හික්ස්! මල්ලි වනිතා හඬ කියලා බ්ලොග් එකක් කියවලා තියෙනවද? ;)

      Delete
  3. මායම් හැට හතරක් ඇත
    එයින් එකක් ඔය ඇඩිම
    කව්රු කොහොම කිව්වත් දැන්
    එයයි අපේ පිළිගැනීම.. ඩුම් ට්‍රන් ට්‍රන්..ඩුම් ට්‍රන් ට්‍රන්

    අඩන තොරණක් බැලුවමයි. වෙනස හින්දම කියවන්න හිතෙනවා. .

    ReplyDelete
    Replies
    1. ඔයාට දෙන්නෙ වෙන්නෙත් මහේෂ් මල්ලිගේ කමෙන්ටුවට දුන්නු පිලිතුරමයි කොබා.

      තැන්කූ හොඳේ... අනිත් විද්‍යා විනෝද ලිපිත් කියවන්න.

      Delete
  4. සාදු සාදු.. අම්මප අපේ කෙමිස්ට්‍රි මිස් බස්සි උනා නං මං අද කොහෙන් නතරවෙලා ඉඳීද දන්නෙ නෑ.. කොච්චර දේවල් දැනගත්තද ..
    නිකමට මතක් උනා සිංදු වල තියන කඳුළු කතන්දර. බුදු අම්මෝ තියන තරං. ඉමෝෂනල් කඳුළු ඇරෙන්න වෙන විදියේ කඳුලුත් තියනවා," මහමෙව්නාවේ සමාධි බුදු ඇස, රෑ වට සීතල පින්නෙන් තෙමුනිද? නැතිනම් සැබවින් කඳුලෙන් වැසුනිද?" වර්ගයේ පිනි කඳුළු ,ආ ඇයි "යටලීයෙන් නාරි ලතා මල් පූදිනකොට නෙතට නුහුරු කඳුළු බිංදු පැදුරට මුහුවෙන" ජාතියේ කඳුළු. තව.. කිතුල් මලෙන් වෑස්සෙන "බේබදු" කඳුළු. කඳුළු කියන්නෙ මාර ජාතියක් නං තමා...

    ReplyDelete
    Replies
    1. ඇයි අහංකාර කඳුළු....

      Delete
    2. බොහොම ස්තූතියි සජ්ජෝ...

      සිංදුවල ලිරික්ස් විතරක් නම් මදැයි. අලුත් සිංදුවල විෂුවල් වලටත් කඳුලු නැතුවම බැහැනෙ.

      Delete
    3. ඒ මොනාද අෆ්ෆා අහංකාර කඳුළු?

      Delete
  5. අනේ බස්සියෝ.....බොරු කියන්ඩ විතරක් එපා....පිරිමි අඩන හැටි දැකල නැත්තං බස්සගෙන් අහගන්ඩ විස්තරරේ.........

    ReplyDelete
    Replies
    1. අර පත්තර කවුද නැමති නිර්බීත එක්කෙනා බෙටර්හාෆ් එකෙන් කොයිතරම් ගුටි කෑවත් අඬන්නෙනෑනෙ

      Delete
    2. හැක් :D

      කඳුළු සහ දණිස් අතර අවියෝජනීය අනිච්ඡානුගත හා සංසාරගත බැඳීමක් ඇති බවත් දණිස් කඳුලු ගැලීමට පෙර දණිස් වෙවිලීමකින් අනතුරු ඇඟවීමක් වන බවටත් මා විසින් සොයාගන්නා ලදී.. ආෆ්ටර් ඉෆෙක්ට් එකක් ලෙස කන්පෙති රතුවන බවත් කරුණාවෙන් සලකන්න :D

      Delete
    3. පිරිමි අඬන එක අඩුවෙන්න හේතුව නෙ මේ කීවෙ.
      මම පිරිමි අය අඬනවා දැකල තියෙනවා වැවෝ. නැත්තෙ නැහැ.

      Delete
    4. ප්‍රා - අන්න නිර්භීත මිනිස්සු. ප්‍රා උනත් එහෙමනෙ නේද? :P

      Delete
    5. පත්තරේ - හිනා වී මැරෙන්නට ආසන්නය.

      Delete
  6. මොළකැටි ගැහැණුන් කඳුළු බී හිනැහෙති...
    දඩබ්බර පිරිමින් මත්පැන් බී සනහෙති ...


    නියමයි බස්සි

    ReplyDelete
    Replies
    1. මත්පැන් බී සැනහෙති කියන එක 'වැනසෙති' කියලා වෙනස් වුනානම් වඩාත් ගැලපෙනව වගේ. :)

      තැන්කූ ඔමා!

      Delete
  7. අනුන්ගෙ දුක දකිනාවිට
    ඉමෝශනල් කඳුලු එතේ
    තමන්ගෙ දුක හංගාගෙන
    පුරුසයො 'ගල් බමුණො' වෙතේ..

    ඩුම්ට..ඩුම්ට.. ඩුම්.................ම්ප්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ පැපෝ!

      ඔයාගෙ බ්ලොග් ලිපි සේරම කියෙව්වා. නියමයි. දිගටම ලියන්න.

      Delete
  8. ඉස්සර ඇඬෙනවා කවි තේරුම්ගන්න ගිහිල්ලා එන ඔලුවෙ කැක්කුමට.
    මං වගේ අසම්භාව්‍ය අයෙකුට තේරෙන විරිඳු කීම ගැන සතුටු කඳුලු සමග ස්තුතිය

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් බොරුනෙ කියන්නේ... සෑන්ස් විරිදු තේරෙන එක්කෙනාට හිතලු කවි තේරුම් ගන්න බැරි මොකද?

      Delete
  9. තනි ඇහැට ඇඬෙන හැටි ලියලා නෑ....

    අපි වලි..

    අනික සතුටු කඳුළු ගැනත් නෑ...

    කඳුළු හොඳ විශබීජ නාශකයක් කියලත් අහලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. තනි ඇහැට ඇඬෙන හැටිනම් මම දන්නෙත් නෑ සිරාවටම. හිහිහි...

      සතුටු කඳුලුත් අයිතිවෙන්නේ භාවවිෂයක කඳුලු වලටමයි. ඒ ගැන ලියා ඇත.

      //ඉවසගන්න බැරිම දුකක්
      මස්තිෂ්කයෙ උඩ පනින්නෙ
      ඇහැට පණිවිඩේ දෙන්නට
      හෝර්මෝනයි පිටත් වෙන්නෙ

      සතුටට නැත්නම් දුකකට කඳුළු උනනවා
      හිත උණුවී ඇස් උතුරා වාන් දානවා//

      කඳුළුවල විෂබීජනාශක ගුණය ගැනත් "ලයිසොසයිම්" යටතේ ලියා ඇත. මේං;

      //ඕනැම කඳුලක තියනා
      රසායනිකයක් වෙන්නේ
      ලයිසොසයිම් නම ඇහුවම
      කොයි කවුරුත් හඳුනන්නේ

      ලයිසොසයිම් කඩු පොලු ගෙන සටනට පැන්නා
      ඇහැට අනින විසබීජයො දුරුවන් වෙන්නා//

      ඕන් වලි දාන්න තරම් ලොකු අතපහුවීමක් වෙලා නැත. :D

      Delete
  10. කඳුළු තමයි හැම තැනකම
    එක එක විදිහට පනින්නෙ
    දුකට සැපට හැම එකටම
    කඳුළු තමයි උරුම වෙන්නෙ

    තුටු කඳුලත් දුක් කඳුලත්
    හැම දෙනාට උරුම වෙන්නෙ
    ගීයක් ඇහුවත් සිංහල
    අඬන එකයි මට පෙනෙන්නෙ

    කඳුළු වර්ග කිහිපයක්ම
    ඇති බව බස්සී කියන්නෙ
    ගැහැණුන් ගැන වෙනම කියල
    තම වර්ගය ගොඩ දාන්නෙ :P

    කඳුළක් ගැන තතු ගෙනෙන්න
    බස්සි ගොඩක් කැපවෙන්නේ
    තොරණේ ගුණ වරුණා ගැන
    කියල නිමක් නැති වෙන්නේ

    ඩුම් ට්‍රම් ට්‍රම් ඩුම් ට්‍රම් ට්‍රම්

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. සින්දු කියන්නට වගේම
      ගිටාරයේ තත් පෙලන්ට
      මනා දස්සයා කියලම
      විතරයි අපි දැනන් උන්නෙ

      ඒ උනාට උඹ ලියාපු
      විරිදු පේලි කියවනකොට
      ඉබේම අත්පුඩි වැදෙන්නෙ
      සතුටු කඳුළුමයි උනන්නෙ

      Delete
  11. කඳුලු ගැන හිනායන අපූරු කතාවක් - බස්සි ගෙන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සමන්මලී අක්කා!!

      Delete
  12. 18 කණුවෙන් හරවලා එයාපෝට් එකේ ඩිපාචර් එකට වාහනේ අල්ලද්දි එන කඳුළු තමා බං කුජීතම කඳුළු..චැහ්

    දුක දන්නෙ වෙන කවුද - ඇස් දෙක තරං !!

    ReplyDelete
    Replies
    1. පත්තරේගෙන් බ්ලොග් ඉතිහාසයටම වැටුන ජෝක් නැති සිරා කමෙන්ටුවක්! :(

      Delete
  13. කදුළු ගැන ලොකු විස්තරයක් නියමය් බස්සි

    කොල්ලෝ අඩනවා බලන්න දාපම් අක්කේ tv එක පොඩ්ඩක් අහන්න සින්දුවක් :D

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා මලයෝ!

      ඔව් නේන්නම්. අකිල ධනුද්දර ඉන්න මියුසික් වීඩියෝවක් බැලුවනම් කොලු ඈඬියාවල් මදි නොකියන්න බලා ගත්තැකි.

      Delete
  14. මේ බස්සි,ඔයා මොනව කියල තිබුනත් මෙන්න මේකට හේතුව ඵක්ප්ලෑන් කොරල නෑනි....... ඵ් කොහොමද තොල්වලින් කඳුලු ඵන්නේ මං හෙනට කල්පනා කොරපු ප්‍රෂ්නයක්....හ්ම්....


    රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැඳෙයි
    ඔබ ආදරේ කියාදුන්නෙත් ඒ වගේ තමයි
    මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි
    හීනයක් වගෙයි මගෙ සිත පාරවයි රිදෙයි......
    පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි
    එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි
    ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උණුසුමයි
    ඉවසන්න බැරි තවම ඔබගේ වෙන්ව යාමමයි.....
    අඳුර ඉකි ගසයි සුසුමින් තරු නිවා දමයි
    සොඳුර නුඹ ලඟින් නැතුවත් හිතට උණුසුමයි
    කඳුලු බිඳු නැගී ඉඳහිට නෙතට අතවනයි
    සිනාසෙමි නමුත් මේ උණු කඳුලු මගෙ නොවෙයි....

    ReplyDelete
    Replies
    1. ඒකනම් අහන්න වෙන්නෙ යමුනා මාලනී නෝනගෙන්ම තමයි. සමහරවිට ඕකට වෙන යටි අරුතක් ඇති. මටත් එතැන පැහැදිලි මදි.

      Delete
  15. මස්තිස්කෙන්ම හිනා වෙන්න ඕන ඔයි පාර..

    ReplyDelete
  16. අන්න බලන්න සුපින්වතුනි නිකම්ම කඳුළු වගේද හිත පතුලේ කෑකරෙන දුක වේදනාව ඇස් වලින් එලියට දාලා එන "භාවවිෂයක කඳුළු".:D
    ඈ බං ඔය අඬන වෙලාවට හොටු එන්නෙත් ඔන්න ඔය නාහය අස්සෙත් කඳුළු තියෙන නිසා නේ.

    ReplyDelete
    Replies
    1. නෑ බං. කඳුළු වලින් කොටසක් වාෂ්ප උනාට ඇහේ පහල කෙලවරේ තියෙන lacrimal sack එකේ ඉඳන් නාහෙට යන tear duct එකක් තියෙනවා. අන්න ඒක දිගේ වාෂ්ප නොවී ඉතුරු වෙන කඳුලු නහය ඇතුලට ගිහින් නහයෙ moist ගතිය වැඩි වෙන නිසා තමයි අඬලා ඉවර උනාම හෙම්බිරිස්සාත්මක ගතියක් දැනෙන්නෙ.

      Delete
  17. මම කඳුලු බිංදුවක් ..සීතලට වැටෙන සිත රිදවන කඳුලු බිංදුවක් ...

    ReplyDelete
    Replies
    1. ඒ කඳුලු බිඳක නමක් ගමක්
      ලියා තියෙනවද....?

      Delete
  18. ඇස් පිරිසිදු වෙන්න කඳුළු එන්නත් ඕනලුනේ බං.. ඒ හන්දා අවුලක් නෑ ටිකක් ඇඬුවට..

    ReplyDelete
  19. අඩනවා කියන්නේ බොරු වැඩක්....
    ඊට හපන් කදුළු...ඒවා පිස්සු...

    ReplyDelete
    Replies
    1. ලිපිය කියෝලා නැද්ද මන්දා

      Delete
  20. අඬනකොට හිත් සැහැල්ලු වෙන්නෙ මේ රසායනික වල බලපෑම නිසා කියලා අහලා තියෙනවා....

    ReplyDelete
    Replies
    1. ඔව්. කඳුලුවල ආතති යාමන හෝර්මෝන සහ ස්වාභාවික වේදනානාශක රසායනිකයන් අඩංගුයිනේ.

      Delete
  21. Superb Post ...!
    ------------------------------------
    කඳුළකට
    ඉඩ විවර කල
    වියමනක්
    ------------------------------------

    යශෝධා සම්මානි විද්‍යා ගුරුවරියගෙන් ඉගෙන ගන්න ඉඩ නොලැබුනු ( පාසැල් කාලේ ) ශෝකයට කඳුළු උනනවා අප්පා ..

    ReplyDelete
    Replies
    1. හිහි මම විද්‍යා ගුරුවරියක් උනානම් අම්මල තාත්තල ඉස්කෝල ගේට්ටුව ඉස්සරහ පිකට් කරයි මොලේ කචල් විරිදු ගුරීව පන්නනු! කියකියා.

      Delete
  22. // "අහෙම්" හඬක් සමග උගුර පෑදීමෙන් නහයයි උගුරයි අතර යම් සෙලැවීමක් ඇති කරලා කඳුලු එන එක නවත්වාගන්න යම් තරමක හැකියාවකුත් තියෙනව. // මේ නිසා තමයි යන්තම් අඩන්නේ නැතුව බේරෙන්නේ සමහර වෙලාවට හි..හි...

    වටිනා උපදෙස් ටිකක් බස්සී..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තුශානි.
      ඔව් ඒ ක්‍රමයෙන් බොහෝ වෙලාවට හොඳ ප්‍රතිඵල ලැබෙනවා.

      Delete
  23. ඒ මේක එල ඕයි! අනා ඉතිං මයෙ මචං වෙච්චි! <3 <3

    ReplyDelete
    Replies
    1. හී! තැන්කූ මයෙ අපපූෂ් මචෝ..! <3

      Delete