Wednesday, July 8, 2015

කොලිටියට ආතල් දීම - FunKy DiRt





ආතල් ගැනීමට වයස් භේදයක් නැතුවම අපි කවුරුත් කැමතිය. එහෙම අකමැතියි කියනවානම් ඒ එක්කෝ “ආතල්” යන වචනයේ තේරුම නොදන්නා කෙනෙක්ය. නැත්නම් මොනවාම හරි තදබල මානසික ගැටලුවක් තියෙන කෙනෙක් ය.


“ආතල් කැටගරි” රැසකි. එය වයස, ස්ත්‍රී පුරුෂ භාවය, වත්කම වගේම සංස්කෘතිය මතත් වෙනස් වෙනවාය. උදාහරණයකට කිවුවොත් පැටි වියේදී සුමනාවතී බෝනික්කන් නැලවීමෙන් ආතල් ගත් අතර සිරිපාල ආතල් ගත්තේ සෙල්ලම් කාර් පැදීමෙනි. වයසින් වැඩෙත්ම විවිධාකාරයේ හෙයාර් ඉස්ටැයිල් අත්හදා බැලීම සුමනාවතීගේ ආතල් එක වූ අතර, ගම වටා රස්තියාදු ගැසීම සිරිපාලගේ ආතල් එක බවට පත් වෙනවාය. 


ආතල් නොගන්නා මිනිස්සු කියලා ජාතියක් මේ ලෝකේ නැතිය. හැමෝම, තම තමන්ට අනන්‍ය ආකාරයට ආතල් ගන්නවාය. ඔය අතරින් ඉතා සුළු පිරිසක් අනිත් අයට ආතල් දෙනවාය.


“ආතල්” කියන්නේ සන්තෝසයම නොවේය. ඒක සාමාන්‍ය සන්තුෂ්ඨියට එහා ගිය, හිත ඇතුලෙන් පුබුදුවාලන හැඟීමකි. ඊට අදාළ හරබර සිංහල වචනයක් මම නොදනිමි. හැබැයි මම දන්නා එක දෙයක් ඇත. ඒ, “බස්සිගේ නවාතැන” බ්ලොග් කටුව ලිවීමෙන්ද, ෆේස්බුකියේ කවි ලිවීමෙන් ද මමත් කරන්නේ ආතල් සැපයීමක් බවය.


සමහරු ආතල් දෙන්නට ගොස් පීචං වෙනවාය. හත්පොලේ ගා ගන්නවාය. ලාබ ආතල් දෙන්නට යන සමහරු හිරේ විලංගුවේ පවා වැටෙනවාය. 


ගා ගන්නේවත්, නාගන්නේවත්, අනාගන්නේවත් නැතුව ආතල් දීම අසීරුය. මෙතෙක් කාලයකට එහෙම නා ගන්නේ නැතුව ආතල් දුන්නු උදවිය අතරේ අලුතින් පායපු ආතල් ස්ටාර්ලා තුන්දෙනෙක් ඉන්නවාය. ඒ “Funky Dirt” බෑන්ඩ් එකය.





බස්සිගේ රසවින්දන පරාසය ටිකක් පුළුල් ය. ඉකි ගහන්නේ හෝ කන් ගොඩ වෙන්නේ නැත්නම් බස් සින්දු සහ මල් සින්දු වුනත් ලොකු අවුලක් නැතිය. ඒත් බස්සිව ආශක්ත කරගැනීමට සමත් නිර්මාණකරුවෙක් වෙත්නම් ඒ හැබෑ වැඩ්ඩෙක් ය. ඒ කියන්නේ බසු නිර්ණායක වලට අනුව “Funky Dirt”ලා වැඩ්ඩන්ය.


හැමදේම හැමෝටම දිරවන්නේ නැත. 
බස්සිට දූරියන් සුවඳ අප්පිරියා වන අතර, බස්සා දූරියන් මාරයෙකි.
බස්සාට ඩෝනට් අප්‍රසන්න වන අතර බස්සි ඩෝනට් ලෝලියෙකි.
එව්වායේ හැටි එහෙම නිසා ඕනෑම කෙනෙකුට මෙතනින් එහාට කියවා ලේ පුච්චාගන්නේ නැතුව සමාදානයෙන් ජීවත් වෙන්නට පුලුවන් ය.


“Funky Dirt” ලාගේ සිංදු සරලය. 
එදිනෙදා කතා කරන වචනය. 
‘අලුත් සිංහල’ ය. 






හෝන් සද්දෙ
ඇසේ සංගීතයක් සේ
ට්‍රැෆික් එකේ මෙ රස්නෙ
දැනේවි පෙම් සිසිලෙ
ඈ ළඟ හිඳින වේලෙ – හෘදෙ සාදයක් සෙ
ම’ ලෝකෙ පාරදීසෙ – මැවේවි හයිලෙවල් පාරෙ

යළිත් මෙසේ -  මෙ බස් එකේ – මෙ රූට් එකේ – මුණගැසේ
කියා සිතා – හිතා මතා – ඈ එන වෙලාවටම එන්නෙ


ඔෆීසියෙන් හයිලෙවල් පාරට බහින හද්දා වෙහෙසකර හවසකට සෙට් වෙන්නේ එහෙම සිංදුය. වෙහෙසකර මනස තවත් මහන්සි නොකරන සුගම වචන ය. වෙහෙසකර ගත ඉබේ නැටවෙන ‘ආතල්’ බීට් එකක්ය.


සිංදුවට වඩා නැගලා යන්නේ මියුසික් වීඩියෝවය. දැන් බිහිවෙන බොහොමයක් මියුසික් වීඩියෝවල කපල් එක යන්නේ ලිමොසි එකේය. හැබැයි රිඩ්සි කෙල්ලත් එක්ක යන්නේ බස් එකේය. අනිත් මියුසික් වීඩියෝවල කෙල්ලගේ දුෂ්ට තාත්තා හමර් එකෙන් ඇවිත් කෙල්ලව කුණු මාලු කෑල්ලක් සේ ඇදගෙන යයි. ඒත් ‘අයියෝ ඩාන්ස්’ එකේදී කොල්ලාගේ තාත්තා පුටු පුටුවෙන් ඇවිත් බාල්දිය දමයි. පෙම්වතා හොටු පෙරාගෙන අඬන වීඩියෝ මේනියාව “Funky Dirt” ලාට තවත් ආතල් පොයින්ට් එකකි. 





“අපේ තාලේ බූට් සිංදුවක්” හෙවත් “ඒක තමයි මේක” “Funky Dirt”ලාගේ අලුත්ම මියුසික් වීඩියෝවයි. බූට් එක ආතල් එකට හරවා ගන්නා සිංදු පහුගිය කාලේ තොග පිටින් බිහිවූ බව ඇත්තය. හැබැයි බසු කන්වලට නම් ඒවා බොහොමයක් ඇල්වතුර හෝ ගොං ආතල් විය. බූට් එකෙන්  දැනෙන ආතල් එකක් දුන්නේ “ඒක තමයි මේක” විතරය.


මම බ්‍රේක් නැතිව කිලෝ ගණන් හීන මවද්දී..
එයා බ්‍රේකප් වෙන්න දාලා යන්න හේතු හොයද්දී..
ඊයේ ගැලපුණු හඳහන් අද අවුල් කියද්දී..
තේරුණේ මට පෙරලෙන බව ප්‍රේමේ බාල්දි. . . .!





ඕනෑම සිංදුවක් එක්ක ‘පිස්සු කොර වෙන’ මඥ්ඥං බීට් එකකට පොඩි ඩාන්ස් කෑල්ලක්ද එකතු වෙයි. ඒ ඉතා සරල ස්ටෙප්ස් වලින්ය. ඕනෑම රසවතෙක්ට ඩී.ජේ එකකදී හෝ ප්‍රසංගයකදී පහසුවෙන් නැටුමට එකතු විය හැකි තරම් පහසු වන අතරම,  ඒ ඩාන්ස් එක බලමින් බඩ අල්ලාගෙන හිනාවෙන්නටත් පුලුවන්ය. 





සිංදු හිට් කරන්න සල්ලි ගෙවන්නේ නැති නිසාදෝ ඉකි ගහන බස් සින්දු, මල් සින්දු හෝ වට්ටෝරු සින්දු මෙන් මේවා ලංකාවේ මාධ්‍යවල ප්‍රචාරය වෙන්නේ නැත. විකාශය වුනත් යලට මහටය. හැබැයි කෙටි කාලයක් තුල “Funky Dirt” ලා ලොකු පිම්මක් පැන්න බව මේ සම්මාන වලින් පැහැදිලිය.


2012 Best new artist of the year – Derana music vedio awards


2012 Hot and spicy upcoming star  – Derana music vedio awards



2013 Best online music vedio of the year – Derana music vedio awards











වැඩි කලබල නැතිව, අනවරත ගමනක යෙදෙන්නාට සෑහෙන දුරක් යන්නට පුලුවන්ය. ඉතින් ‘අවුරුද්දට එකායි – ආතල් ගොඩායි’ අරගෙන තව සෑහෙන්න කාලයක් අපිට ආතල් දෙන්නට “Funky Dirt”ලාට හැකි වේවායැයි හදවතින්ම සුභපතනවාය.




64 comments:

  1. යා යා මාත් ඉදලා හිටලා සිංදුවක් දෙකක් අහනව තමයි ඔව් ඔව් මේ වගේ ඒවත් අහනව... Funky Dirt කියන්නෙ බස්සි කීව වගේම තාම ආතල් කුඩු කරගත්තෙ නැති සැට්ටෙකක් නං තමයි... ඒ වගෙම වැඩිය සද්ද බද්ද නැති පාඩුවෙ ඉන්න සෙට් එකක්..
    මං නං තාම කැමති තාත්තා ආතල් කුඩු කරන සිංදුවට...
    අය්යෝ පිංසාරී කියල හොටු පෙරණ සීන් එක තියෙනව නේද
    බුහ් හහ් හා....... ෆන් කෝටියයි...
    අර පහලින්ම දාල තියෙන ඈත රන් විමන් කවර් වර්ෂන් එක නං දැක්කෙත් අදමයි අහල බලලම තමා ඒක ට නං මක්ක හරි දොඩන්ට ඕන

    ReplyDelete
    Replies
    1. හහා... මටනං වැඩියෙම හිතට සෙට් උනේ උලාලෙලාලෙලාලෙලා ට්‍රැක් එක. හැබැයි ඉතින් හැම සිංදුවම එකවගේ ආතල්.

      අයියෝ සිංදුවෙ නම් හොටුපෙරාගෙන අඬන මියුසික් වීඩියෝවලට නැතිවෙන්න නෙලනව නේද?

      Delete
  2. ඒක ඇත්ත..තමන්ට ආතල් නැතත් අනුන්ගෙ ආතල් කඩන්න හොද නෑ.

    ReplyDelete
    Replies
    1. ඕ යේස්. ඒත් සමහරුන්ගේ ආතල් එක අනුන්ගේ ආතල් කුඩු කිරීම.

      Delete
  3. රන් විමන් කවර් වර්ශෝම අදමයි දැක්කේ..
    මගෙත් ප්‍රියතම සෙට් එකක් තාමා..අනිත් සින්දුව එනකන් බොරින් නැතුව රිපීට් අහන්න පුළුවන් සින්දු මුන්ගේ..ඒ වගේම බොක්කටම වදිනවා වචන සෙට් එක අපේ එකෙක් කරට අත ගෙන උගේ දුක කියනවා වගේ

    ReplyDelete
    Replies
    1. මම පට්ට ආසයි මේ රන් විමන් කවර් එකට. ඒකයි දැම්මෙ. ලංකාවෙ කවර් නම් කරනව ඉහේ කෙස් ගානට. හැබැයි කොලිටියට කවර් එකක් කරන්නෙ බොහෝම ටික දෙනයි.

      Delete
  4. අඩේ අප්පා... මෙන්න බොලේ වැඩක්..!
    මම මේ බෑන්ඩ් එකට මාරම ආසයි. මොකද්ද මන්ද... අමරසිරි පිරිස්, ඩබ්ලිව් ඩී ආරියසේන , කසුන් කල්හාර අහන ගමන් මට අවුලක් නැතුව මෙයාලගේ සින්දුවක් අහන්න පුළුවන්.

    මන්ද.. ඒකට කියන්නේ ආතල් කියලද?

    ReplyDelete
    Replies
    1. මුන්ව උල තියන්න එපෑ ! අපේ ඔෆිස් ඒරියා එකේ නටලානේ මියුසික් වීඩියෝ එකේ! අඩේ .. අපේ ඒරියල් එකේ නැටුවෑකිද මම නැතුව! කිරිමේල් කිරිමේල් !!

      Delete
    2. දාන්ට පහක් මචෝ! අපේ සමහරු අහන්නේ සින්දුව නෙමෙයි ගායකයාව. ඒකනෙ අවුල.

      මම නම් ඒකට පාවිච්චි කොරන වචනෙ "ආතල්". සැක් මම හිතුව උඹ ඒකට අලුත් සිංහල වචනයක් නිර්මාණය කරල ඇති කියලා.

      Delete
    3. අහා! පිට්ටු බම්බුවේද වැඩ?

      Delete
  5. වෙලා අරන් අහන්නම්

    ඒත් ආතල් කුඩු කරගැනීමත් කෙනෙකුගේ ආතල් එක නම්

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි ප්‍රශ්ණෙ!

      Delete
  6. මම අමරදේවගේ ඉඳලා ඩෙස්මන්ඩ් සිල්වාගේ බයිලා දක්වා පරාසයක ගීත මම රස විඳිනවා. ඒ වගේම අමරදේව, නන්දා මාලිනි, වික්ටර් රත්නායක ඇතුළු ලංකාවේ ඉන්න සෑම ප්‍රසිද්ධ ගායකයෙකුටම සහ ගායියාවකට වාදනයෙන් සහය වෙලත් තියෙනවා.

    ෆන්කි ඩර්ට් සංගීත කණ්ඩායමේ මේ ගීත මමත් ඇහුවේ මගේ මිතුරෙකුගේ නිවසකට ගිය වෙලාවක. බස්සි කිව්වත් වගේ හරිම සරළ පද මාලාවකින්, සිත් ගන්නා සුළු තනු වලිනුත් ඒ වගේම පැසසිය යුතු සිම්පල් ඩාන්ස් සමග ලස්සන මියුසික් වීඩියෝත් ඒ ගොල්ලන්ගේ පෙර්ෆෝමන්ස් වලට මගෙ හිතත් එක පාරටම ඇදිලා ගියා.

    ෆන්කි ඩර්ට් සංගීත කණ්ඩායම ඇත්තටම සපුරන්නේ කාලෙකදි ජිප්සීස් සංගීත කණ්ඩායමෙන් හිස් වූ ඉඩ කඩ කියලයි මට හිතෙන්නේ. ඒ කොල්ලෝ තුන්දෙනා දක්ෂයෝ, ප්‍රසාංගිකව සහ පැසසිය යුතු කට හඬවල් වලින් හරිම ලස්සනට ගීත ඉදිරපත් කරනවා.

    ඉදිරියේදී ඔවුන් ලංකාවේ ලොකු පෙරළියක් කරාවි...

    ReplyDelete
    Replies
    1. මම දුමීගෙ කමෙන්ටුවක් බලාපොරොත්තුවෙන් හිටියේ. මොකද, මම ඇහෙන, පේන දේ සහ මගෙ රසවින්දන පරාසය කියන දේ මත පමණක්ම පදනම්ව කියන කාරණාවකට වඩා මේ ෆීල්ඩ් එකේ අත්දැකීම් එක්ක දුමී ඒක ගැන දෙන අදහසක බර වැඩියි.

      මටත් හිතිලා තියෙන කාරණාවක් තමයි අද කාලේ වේදිකාවේ ගායකයෙක්ට survive වෙන්න නම් පර්ෆෝම් කිරීමේ හැකියාව උපරිමෙන්ම තියෙන්න ඕනෙ. අනික සිංදුව මොනතරම් බරපතල වුනත් වැඩක් නැහැ ඒක මිනිස්සුන්ට දැනෙන්නෙ නැත්නම්.

      ජිප්සීස්ලාගෙන් ආපු හිස්තැන පුරවාවි කියල හිතුනා ඩැඩී බෑන්ඩ් එක. ඒත් එයාල කාලෙකින් සද්දයක් නෑනෙ. ෆන්කි ඩර්ට්ලා නම් එතැනට හොඳටම ගැලපෙනවා. live performance වුනත් බොහොම ඉහළයි ඔවුන්ගේ.

      Delete
  7. ඒ දූරියන් වලට මගේ නං එච්චර ආසාවක් තිබුණෙ නෑ....
    බස්සිත් හොඳයි කියන එකේ පොඩ්ඩක් අහල බලනව... ආතල් එකක් ගන්න බැරිවෙන එකකුත් නැහැ.

    ReplyDelete
    Replies
    1. බස්සිගේ චොයිස් එක "බස්සිට අනන්‍ය" චොයිස් එකක් හොඳේ... ඔයා ආසා නැතිවුනොත් මට බනින්න හෙම ඔට්ටු නෑ ඕන්!

      Delete
  8. ඕකුන් මොකද්ද මෙයා .... මම නං ආසම අර Exඒලියන් නංගිට ...... ඒවගේ ආතල් එකක් නං ඉතිං ..... ආතල් එක කං දෙකෙං බේරෙනවා ....

    ReplyDelete
    Replies
    1. //මම නං ආසම අර Exඒලියන් නංගිට//
      ++++++++++++++++++++++++++++++++++++++
      ++++++++++++++++++++++++++++++++++++++
      බඩ බුරුලට හරි යනවා නේද මචෝ .... හැක් හැක්

      Delete
    2. ඔය එක්ස් ඒලියන් සිංදුව උඩ මතු වුනේ බස්සි මේ බ්ලොග් එක ලියන්න ගත්තු මුල්ම මාසෙදි, 2013, ජූලි. බස්සි පැටියා කාලේ ඒ ගැන ලිවුව ලිපිය තමයි මේ. කියවලා බලන්නකො වෙලාවක් තියේනම්. මගේ අදහස එතෙන්දිත් සමහරවිට ඔයාලාගේ අදහසට වඩා තරමක් වෙනස් ඇති.

      එක්ස්-ඒලියන් (ex-alien)
      මෙන්න ලින්ක් එක.

      Delete
  9. උදාහරණයකට කිවුවොත් පැටි වියේදී සුමනාවතී බෝනික්කන් නැලවීමෙන් ආතල් ගත් අතර සිරිපාල ආතල් ගත්තේ සෙල්ලම් කාර් පැදීමෙනි//

    සිරිපාලලා කාර් පැදල ආතල් ගත්තෙ නෑ නේද? සිරිපාලලා ආතල් ගත්තෙ පුවක්කොල පැදල! නැත්තං පොල්පිති වස්සො දක්කල

    ReplyDelete
    Replies
    1. අයියෝ ඉතිං. ඔන්න මෙයා අල්ලගත්තු තැන! සිරිපාලට බැරිද පොල්කට්ටකින්, ලෑලි කෑල්ලකින් සෙල්ලම් කාරෙකක් හදාගන්න උවමනාව තියෙනවනං. :P

      Delete
  10. ඇවිත් ගියා ...මෙයලාගේ ගීත අසා ඇත .වැඩිය ආසා නැත ......හැක්

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඒකනේ මම අර සුදුපාට අකුරෙන් වැදගත් ඡේදයක් ලීවෙ.

      ඔය සමහර මිනිස්සු අමරදේවටත් බනින්නෙ. හෙහේ!

      Delete
    2. බස්සියෝ මගේ ඔය පිළිම වන්දනාව නම් නැ .රස විදින්න පුළුවන් ඕනි කෙනෙකුගේ ගීයක් අහන්න පුළුවන් .එත් මන්දා මෙයාලා මට වැඩිය සෙට් උනේ නැ ....

      මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..
      දැනෙනවා කාටත් එක විදියට..
      ගිනියම් ඉර....සඳ සිසිලස....
      අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද...
      ගී ඇති ලොව...සිතුවම් කල...
      අතරේ අහනව බලනවා මේ අපි කවුරුද...

      Delete
    3. අන්න මම ආසා තවත් සින්දුවක්.

      Delete
  11. ඒයි..බස්සි සිංදු දෙක බැලුවා..එල ද බ්‍රා

    ReplyDelete
  12. බලන බලන අතේ අඬ අඬා කියන බූට් සිංදු වෙනුවට ආතල් එකක් දෙන බූට් සිංදු තමයි මේවා... එළම තමා..
    ඉට්ස් මී, කරපිංච්චා වාගෙ හොද්ද රසකලේ..
    මේක තමයි සින්දුවෙ මම ආසම කෝටස!

    ReplyDelete
    Replies
    1. රහ බලද්දි මාව අහක් කරල විසි කලේ!

      මම ආසම අර වෙඩිමට බජට් හදලා, බබාට නමුත් දාන කෑල්ලට.

      Delete
  13. මට මේ සිංදු බස්සට ඩෝනට් වැනිය. විෂුවල් නම් තරමක් හොදය.

    ReplyDelete
    Replies
    1. එක එක්කෙනාගේ කැමැත්තනේ කම්මල අයියේ...!

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. සුරංගනීගෙන් පටං අරන් නොන්ස්ටොප් එකක් ගැහුව එකදවසක්. ඒ බීට් එකමයි පට්ට ආතල් :D

    ReplyDelete
    Replies
    1. හෙහේ... සරල නිසා හිතට වදිනවා නේ?

      Delete
  16. ඔය නැටුම් නම් පංකාදු පහය!! මං කොහොමත් නටන්නේ ඒ වගේ ඒවාය!

    ReplyDelete
    Replies
    1. පච පච! නාඩියා නටන්නෙ ඔරු ඩාන්ස් නෙවෙද?

      හැක්... නාඩි සහ රන්දු කරන්ට් වැදිලා වගේ නටන වීඩියෝ එකකුත් තිබ්බා නේ බීච් පාර්ටියෙදි?

      Delete
  17. මේ සිංදු වල තියෙන්නෙ අපි නිතරම කතා කරන වචන සැට් එක වීම තමයි ගොඩක්ම දැනෙන්න හේතුව මං දකින විදිහට.

    ReplyDelete
    Replies
    1. සරල බීට් එක, පහසු ඩාන්ස් ස්ටෙප්ස් ටික, හිනා කාලා මැරෙන විෂුවල් එක.

      Delete
  18. ආදරේට කරන්න බැරි කැපකිරීමක් නෑ කියන එක සැබෑ කරන්න බසුජෝඩුවට මෙන්න අවස්තාව.

    බස්සිට පුලුවන් දූරියන් සුවඳ හමන පර්ෆ්‍යුම් එකක් පාවිච්චි කරන්න.
    බස්සට පුලුවන් ඩෝනට් සුවඳ aftershave එකක් පාවිච්චි කරන්න.

    මම බැලුවා අර බස් එකේ යන එක. මම ඒකෙ සංගීතයට සහ මෙලඩියට කැමතියි.

    ReplyDelete
    Replies
    1. ඩූඩ් කැමතියි!?!

      මට ලියන්න ගන්නකොටම මේ බෑන්ඩ් එකට අකැමති ඇති කියලා හිතුන අය තමයි, "හැලප තුමා, ඩූඩ්, උපේක්ෂා, තනිතරුව, සින්දු ඇනෝ, ඉවාන්, සිරා අයියා". මොකද ඒ කස්ටියම ටිකක් සම්භාව්‍ය සිංදු අහන්ඩ නැඹුරුයි කියලා හිතෙන්නෙ.

      අනිත් උන් කොහොම වෙතත්, ඩූඩ්ට 'හනී-බනී' එක්ක තියෙන ඇරියස් එක නිසා මේකට කොහොමවත් කැමති නොවෙයිම කියල හිතුන. හිහී! මගෙ අනුමානෙ වැරදී එහෙනං. අන්න උපේක්ෂත් මාර ආසයි කිවුවා!

      බස්සා අකමැති ඩෝනට්වල පෙනුමට ලු. දූරියන් සුවඳ එයාර් ෆ්‍රෙෂ්නර් එකක් ගහලා වගේ තමයි ඉතින් ආයෙ අමුතුවෙන් පර්ෆියුම් පාවිච්චි කරන්න දෙයක් නෑ!

      Delete
    2. //කස්ටියම ටිකක් සම්භාව්‍ය සිංදු අහන්ඩ නැඹුරුයි කියලා හිතෙන්නෙ//
      හිකිස් ...මෙන්න අපි සම්භාව්‍ය වෙලා .පස්වන මණ්ඩලේද ?

      Delete
    3. මම?

      බස්සි විසින් මාව ඔය ගොඩට දාන හේතුව මම කියන්නද? මම ඉරාජ්ට අකමැතියි කියපු නිසා නේද? ඉරාජ්ට අකමැති ඌට ටැලන්ට් එකක් නැති නිසා. අනිත් උන්ගෙන් හොරකම් කරන නිසා. ඒ වගේද, මුන්ගේ දේවල් ඔරිජිනල්.

      කොටින්ම මම ජිප්සීස් ලාටත් කැමතියි.

      මම ඉතින් පැයක් දෙකක් වත් එක විදියට ඉන්ට බැරි එකී වෙච්චි, මේවා ඉවසන් ඉන්ට ඇහැක්ද ? ඇත්තටම මට ඔය කොයිල් ගතිය තියෙන බවට ඕනේ තරම් සාක්ෂි මම ලියල ඇති.

      Delete
    4. ඒක තමයි. උපයා ඉතින් ඉරාජ්ව හෙලා දැක්කා මිසක් ඔය හේතුව කීවෙ නැහැනෙ.

      Delete
    5. සින්දු ඇනෝ :

      සම්භාව‍ය කිවුවෙ යකූ මියුසික් ගැන ටිකක් දැනුමක් තියෙන, ගැඹුරෙන් හිතන (උපයා හැර ඈ!) ටිකක් නිවී සැනහුනු ඩයල්ස් (again, උපයා සහ තනියා හැර.)

      සම්භාව්‍ය වචනෙට අකමැති හෝ අවුලක් හිතුනනම් සමාවෙන්ඩ ඕනෙ කස්ටියම. මට ඒ නම් ලිස්ට් එක නොලියා ඩූඩ් ගැන විතරක් කිවුවානම් ඉවරයි නේද කියල හිතුනා.

      Delete
    6. //ටිකක් නිවී සැනහුනු ඩයල්ස්//
      හිකිස් ......අනේ අම්මේ තැන්කු තැන්කු ...


      විනෝද වෙන්න
      විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයිද නෑනේ
      හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
      අපෙ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ

      විනෝද වෙන්න
      විනෝද වෙන්න ඇඟ මහත්වෙන්න මොටද බෙහෙත් බොන්නේ
      හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
      හෝ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ

      තක්කිට තරිකිට දොමිකිට වදින රබානේ
      තක්කිට තරිකිට දොමිකිට වදින රබානේ
      ගැහුවලු ඒ වගෙ පදයක් ගමක පුරාණේ
      මිණි කිංකිණි සළ සළ නටනව ගෑණු පරාණේ
      ගෑණු උන්දෑ නටනකොටත් ඕන කිවුව බෙර පදේ
      කපුටු කාක් කාක් කියා කපුට කිවුව අද උදේ

      සංගීතය සන්තාපය මගහරවන්නේ
      සංගීතය සන්තාපය මගහරවන්නේ
      පාග පාග සනි පනි ගා රාගෙට එන්නේ
      මේ දුකෙන් තමයි ඔයයි මමයි ජීවත් වෙන්නේ
      සිංදු අහල නැටුම් බලල ඉන්න පිරිස මත්වෙලා
      සිංදු කියල නැටුම් නටල දැන් අපි හෙම්බත් වෙලා

      විනෝද වෙන්න
      විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයිද නෑනේ
      හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
      අපෙ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ

      විනෝද වෙන්න
      විනෝද වෙන්න ඇඟ මහත්වෙන්න මොටද බෙහෙත් බොන්නේ
      හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
      හෝ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ


      ගායනය - ජේ. ඒ. මිල්ටන් පෙරේරා සහ මල්ලිකා කහවිට
      පද රචනය - කරුණාරත්න අබේසේකර
      සංගීතය - ආර්. මුත්තුසාමි

      ("යටගිය දවස" චිත්‍රපටියට )

      Delete
    7. අඩෙයි ... මක්ක කිව්වා? ගැඹුරින් හිතන උන් අතරින් මාව දැම්මද වරහනට? හිටපන් උඹට කියන්න මගේ ගැඹුරු චින්තනේ ගැන! හුහ්... කොටිම්ම කිව්වොත් මම ගැඹුර නොබලා බත් කන්නේ නැහැ. හුහ්.. නිවී සැනහුණු ඩයල් එකකත් මාව දැම්මනේ වරහනේ.... හලෝ මේ... මම ෆෑන් එකක් වගේ නිවිලා හරිද ( කොයි වෙලෙත් පෙති කැරකෙනවා තමයි, ඒ උනාට නිවිලා හරි?)

      Delete
    8. හුකෑස්! මේ හිනා වෙලා මැරෙයි යකෝ මාව.
      //ෆෑන් එකක් වගේ (කොයි වෙලෙත් පෙති කැරකෙනවා තමයි, ඒ උනාට නිවිලා!)//
      ඒක තමයි මම හිතන්නෙ 2015 වසරේ හොඳම උපමාව!

      Delete
  19. බස්සියෝ...

    සහතික ඇත්ත..

    මේ තුන් කුළුඳුල් බෑන්ඩ් එක මගෙත් බොක්කටම වැදිච්ච සැට් එකක්.
    බොරු බහුබූත නැති, විලාප නැති.සුපිරිම සිම්පල් සින්දු නම් ඉතින් මුන් තමා...

    මුන් ගැන ලියපු එක බොහොම වටිනවා..

    ReplyDelete
    Replies
    1. තුන් කුළුඳුල්! ඔය කිවුවෙ කතාවක් ඉතින්. හිහී!

      මෙයාල ගැන ලිවුවෙ, ගොඩක් අය මෙයාලගෙ සින්දු අහනවා සහ කැමතියි. ඒත් ලියන්නෙ නෑ. ඒත් ලියැවිය යුතුම සහ දිරිගැන්විය යුතුම ටීම් එකක්.

      Delete
  20. මුලදි එච්චර දිරෙවුවේ නැති වුණත් පස්සේ පස්සේ බුට් සිංදු වලට වඩා පොඩි ආතල් එකක් දැනුනා මුංගේ සිංදුවල. ඩාන්සින් කෑලි ටිකත් හොදයි. ආතල් ටොන් එකයි !

    ReplyDelete
    Replies
    1. අන්න දැක්කද! ආන්න දැක්කද!! ඉඳිකටු අයියටත් සින්දුවක රහ තේරෙන්න අපිම ලියන්න ඕනෙ ඉතින්. :3 :P

      Delete
  21. බොරු කියන්නේ මොකටද බස්සි ගෙන් ඉස් ඉස්සෙල්ලම දැනගත්තේ. සින්දු ටික හොඳයි. හැබැයි "ඈත රන් විමන් " නම් තවම කැමති ප්‍රියා ගේ වර්ෂන් එකට.
    http://nelumyaya.com/?p=3485

    ReplyDelete
    Replies
    1. මම ඉතින් කවර වර්ෂන් වලට ආසා දරුවෙක්නේ...

      තැන්කූ අජිත් අයියේ ලිපිය නෙළුම් යායේ පා කලාට!!

      Delete
  22. නැහැ බස්සි නෙමේ. "තාත්ත එලව එලව ගහනෝ " සින්දුව අක්කගේ දුව කියා කියා ගියා අපි ත්‍රිකුණාමලේ යද්දී. හැබැයි මන් හිතුවේ කාගේ හරි බයිලා එකක් කියල.

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලෙ වයසෙ අය අතරෙ තමයි 'අයියෝ සිංදුව' වැඩියෙන්ම පැතිරුනේ. අපේ නංගිත් කරච්චලයක් වෙනකල් අයියෝ ඩාන්ස් එක දානවා ගෙදරදි ඒ කාලෙ.

      Delete
  23. මාත් ගොඩක් කැමතියි මෙයාලට. පට්ට ටැලන්ටඩ් පොරවල් ටිකක්. ඇත්තටම ලොකු වෙනසක් කරන්න හදන සෙට් එකක්. ලොකු ගමනක් යනවා ෂුවර්. බස්සිටත් ස්තූතියි මෙයාලා ගැන පෝස්ට් එකක් දැම්මට :).
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මනාගෙන් ලැබුන රෙකමන්ඩේෂන් එකත් ගොඩක් වටිනවා මොකද මනාත් මියුසික් පැත්තෙ වැඩ්ඩෙක් නිසා. මනාත් මේ අය වගේම අපූරු හැකියාවන් ඇති දක්ෂයෙක්.

      Delete
  24. කස්ටිය දස්සයන්ය. වැඩ ඔරිජිනල්මය. පැහැදිලි අනාගතයක්ද ඇත. සුබපතමි. මට නං දිරවන්නෙ නැත. (පරබුද්ද ගනයේ වින්දයකු නිසා නොව ඉස්ටයිල් එක නොදිරවන නිසාය)

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි චානා. මොනවා වුනත්, ස්ටයිල් එක නොදිරෙව්වාට ඒ ස්ටයිල් එකේ හොඳ දකින්නත් ඒක නොපැකිල කියන්නත් හැකියාව තියෙනවා කියන්නෙ චානා, උඹ සිරා පොරක්! එහෙම පුලුවන් මිනිස්සු බොහෝම අඩුයි, විශේෂයෙන්ම ලංකාවෙ.

      Delete
  25. සහතික ඇත්ත බස්සි. හරිම ජනප්‍රියයි මෙයාලා.සම්භාව්‍ය ගනයේ කියලා ටොන් ගණන් සම්මාන ඇතැම් ගීත වලට වඩා මෙයාලගේ ගීත වටිනව. ඔයාටත් ස්තූතියි අපිත් එක්ක මේක බෙදා ගත්තට

    ReplyDelete
  26. Thank U for introducing Funky Dirt.

    ReplyDelete