Tuesday, September 8, 2015

තාපස කකුළුවා සහ මුහුදු මල






රැලි සරැලි ලුණු රස පිරි
මානස විලෙහි ඉවුරත
හිරු රැස් වැදී විසිරෙන
වැලි කැටිති රන් සුණු වෙසින් ඇස රවටන
තාපස කකුළු තෙම
විමන තැනුයේ එතැනය


කැන්දා ආ ඇමැන්ඩා
ඇනිමොනි මල් පැලැන්දා
බ්‍රිටිෂ් ඇක්සෙන්ට් රන්දා
මිණි කිකිණි ස්වර ඇන්දා


සුවිසල් පැතලි ටීවී
හෝම් තියටර් පේවී
පොලී අඩුවට දේවී
ගනු ගනු නොම පමාවී


තාපස කකුළු තෙම
ඕ.ටී. වෘතය අවසන
අඳුරු සළු හැඳ - කොත්තු අරගෙන එන්නේ
කන්තෝරු බර - තොත්තුවක දියවෙන්නේ
ඇනිමොනි ගවොම් රැළි අස
රැයට එදිරිව සැඟවගන්නේ


පඩිපත මිරික මිරිකා ගසන පැට්ට්‍රල්
විලෙහි ගැඹුරත පික්නික් ගමන් මනකල්
ෆේස්බුක් ප්‍රොෆයිලේ ඇමැන්ඩා ඊස් සිංගල්
තාපස කකුළු තෙම නියුට්‍රල්



සත්මහල් මැදුරු කුලියට ගතයුතු
අස් රියද ඇත් රියද අමතක නොවිය යුතු
රන් සුණු වෙරළ දිලෙනයුරු නොපෙනිය යුතු
විලට දහදිය හෙලිය යුතු - ගිලී මියැදිය යුතු


විල් දියෙහි ලුණු රස දැනෙන්නේ
දහදියත් - කඳුලත් මුසුව බැව්
කකුළුවෝ නැහැ තවම දන්නේ
මුහුදු මල් ඒ නොදන්නා ලෙස ඉන්නේ





77 comments:

  1. අමුතු කවියක් වුනාට යතාර්තවාදී අදහසක් යැයි මට සිතේ.

    ReplyDelete
    Replies
    1. තාපස කකුළුවා සහ මුහුදු මල ගැන ජෛව විද්‍යාත්මක විස්තරේ මෙතන ගොඩක් සරලව විස්තර කෙරෙනවා. ඒකත් කියෙව්වොත් තවත් තේරේවි ඔයාට.

      RELATIONSHIP BETWEEN HERMIT CRABS & SEA ANEMONES

      Delete
    2. තෑන්ක්ස් බස්සි, ජෝර්ජ් ටත් මේල් කරා එයත් ආසයි ඒවගේ ඒවා කියවන්න,, ඔයාගේ දැන් කවි හරිම වෙනස්.. සමහර කොටස් මට තේරෙන්නෙත් නෑ එකපාර කියවද්දී,,, නියමයි,, ජය වේවා බස්සි

      Delete
  2. මේක නම් නියමයි බස්සියෝ.
    සහසක් කියන්නද? මේ ජාතියෙන් කවි නම් ලියල තියෙනවා මමත් හැටහුටාමාරක්, චඃ එකක්වත් නැහැ නොවැ මේ වගේ ගතියක්!

    ReplyDelete
    Replies
    1. හිහී! ලියන එකාට කවදාවත් 'ගතියක්' දැනෙන්නෙ නෑ. ඒක දැනෙන්නෙ කියවන අපිට.

      හා හා දැන් අරකෙ 14 කොටස ලියන්ට හොඳ පුතා වගේ. අපි මේ මග බලන් ඉන්නවා. :*

      Delete
  3. සුපිරියි
    ජයවේවා බස්!

    ReplyDelete
  4. අන්තිම කවියේ අගය කියා නිම කළ නොහැක...

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා මාතලන් බොස්! :)

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. //"ගෑල්ලමයෙක් විදියට හ‍රි නැති තරම් එකක් ඒක"// ඒ මොකෝ බතලි ........ මොකක්ද ඒකේ වරද?

      මාතලන්ගේ නම් කුප්ප කමට බෙහෙත් නෑ....... ඔහොමද ආදර්ශමත් සත්ගුණවත් උපාසක මහත්වරු හැක

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. ඩබල් මීනින් ඇක්ස්පර්ට් කියලා මම මං ගැන හිතාගෙන උන්නු එක වෙනස් කරන්ඩ වෙනවා. මට මේකෙ අගමුල නොවැටහෙන්ස් යැ.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. බොස්ට තේරෙනවා කියන්නෙ නම් මාතලන්ට ඔමා කිව්ව එක තේරෙනවා කියන එක වෙන්ටැ. ඒ උනාට මට කට වහගන්ට කියන කාරණාවත් තේරුම් ගන්ඩ අමාරුයි. :)

      Delete
    8. ඔක්කොම මැකුවා :(

      Delete
    9. ඔයාගේ කැමැත්තක්.

      Delete
  5. මේ තියෙන්න අනිත් පැත්ත..මම කිව්වේ උපේක්ෂාගේ කථාවේ....බොහොම හොඳයි..ලකුනු සීයයි කියල කිව්වට තරහ නෑනේ...

    \\\ ෆේස්බුක් ප්‍රොෆයිලේ ඇමැන්ඩා ඊස් සිංගල්
    තාපස කකුළු තෙම නියුට්‍රල් ////

    මල සේක...!

    ReplyDelete
    Replies
    1. ගියර් බොක්ස් එක මැනුවල්
      බට් ඇමැන්ඩගෙ මීටරේ ඩිජිටල්

      ඕ යේස් !!

      Delete
    2. හිහී! බොහොම ස්තූතියි චෙෆාකි.

      උපේක්ෂාගෙ කතාව නම් මාවත් පිස්සු වට්ටලා තියෙන්නෙ.

      Delete
    3. අන්න නියම පත්තර ස්ටයිල් කවි!

      Delete
  6. ලස්සනයි, යථාර්තයි,

    නොවිඳ මල් වත්තෙ සිරි, මොකට නෙළුවද මළක්
    උගස් කළ හිතේ සුව, සින්න වෙන එකට කැට
    ප්‍රැක්ටිකල් නොවුනොතින්, බේක්ඩ් ක්‍රැබ් ඩිෂ් එකක්
    තාපසවු කකුළු තෙම, දැන් යමන් තපසටම

    ReplyDelete
  7. නියමා ...............යි !

    ReplyDelete
  8. අපි වගේ කම්පනා කරලා ඉංගිරිස් ඇක්සන්ට් එකේ ඇමන්ඩා ල වෙනුවට හොඳට සිංහල තේරෙන අමන්දා වක් කැන්දාගෙන අවනම් ආතල් එකේ ඉන්න තිබ්බ තාපස කකුලුවටත් හිටං..
    විමන තනනකොට වගේම කැන්දාගෙන එනකොටත් සැහෙන්න කල්පනාකාරී වෙන්නොනේ.. මොකද ජිවිත කාලෙටම කරතියාගෙන යන්න එපැයි.. ඔය මොනවා කියුවත් ඉතින් වැඩිහරියක්ම තාපස කකුළුවෝ විමන් තනන්නේ වැරදි මුහුදු මල්වල..

    ReplyDelete
    Replies
    1. වෙලා තියෙන්නේ අමන්දා බ්‍රිටිෂ් ඇක්සන්ට් එකෙන් සිංහල කථා කරනෙකනේ කමියෝ....urbanization වල අතුරු ආපදා තමා ඔය....

      Delete
    2. //බ්‍රිටිෂ් ඇක්සන්ට් එකෙන් සිංහල කථා කරනෙක// ලොලේ ලොල්.. ඔහොම ගොඩ සුද්දියෝ සෙට් වුනාම මමනම් එහෙන් මෙහෙන් කැපිල්ලක් දානවමයි.. හැක හැක..

      Delete
    3. //ගොඩ සුද්දියෝ සෙට් වුනාම මමනම් එහෙන් මෙහෙන් කැපිල්ලක් දානවමයි..//

      අපි නොදන්නවැයි උඹ ගැන. හැක් හැක්

      හැබැයි නෝන්ඩි කරගන්න එපා ඈ :D

      Delete
    4. කළනේ:
      ගොඩක් කකුළුවො එහෙමයි නේද? මේ කකුළුවට උනේ ඇනිමොනියා නිසා මුහුදු වෙරල නොපෙනි ගිය එක.

      Delete
    5. චෙෆාකි :

      ඔව් මමත් කියන්න උත්සහ කලේ බ්‍රිටිෂ් ඇක්සෙන්ට් එකෙන්, සිංහල වචන දෙකකට ඉංග්‍රිසි වචන එකක් කියන අනුපාතෙට කතා කරන අය ගැන.

      Delete
    6. පත්තරේ:

      උඹ කොහොමෙයි එව්වා ඔච්චර ටක්කෙටම දන්නේ?

      Delete
  9. අනේ මන්දා මුගේ කවි...
    කරකවල දැම්මා වගේ...
    හැහ් හැක්... ලොලේ ලොල්...
    ඇමැන්ඩා..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඇමැන්ඩා ඊස් සිංගල්
      උඹටයි මටයි මොංගල් :D

      Delete
    2. හිහී! තැන්කූ වේවා විදානේ!

      Delete
    3. පත්තරේ කාලෙකින් ඇත්තක් කියල අප්පා! :P

      Delete
  10. Replies
    1. ප්ලගින් හයිබ්‍රිඩ් ඇංජිමක් :D

      Delete
    2. මෙන්ඩා : වෑල් ද වෑර් ද?

      Delete
    3. පත්තරේ :
      එතකොට මුගේ මැන්ටල් භාවය හොඳවෙයිද?

      Delete
    4. මට මේලෝ මගුලක් තේරෙන්නෙ නෑ මචං

      Delete
    5. ෂී ෂී එහෙම කියන්නෙ නෑ මෙතන මිස්ටර් මෙන්ඩිස්.
      මෙහෙ ආවේණික ආචාර ධර්ම තියනව.
      ඔය තියන කමෙන්ට් දෙක තුනකින් කෑලි කොපි කරල එකතු කරල පේස්ට් කරන්න. මං මේ වගේ සම්බව්ව කවියෙක් වුනේ තනිකරම මේ බ්ලොග් එක හා කමෙන්ට් පරිශීලනය කරල.
      ලව්පූස් ශූරීන් නම් උපන්ගෙයිම කයියා, ඕමාර්පත්තරකයියාම් නම් ගල් ( හෝ විස්කි )බාගයක් පරිශීලනය කලාම හරි.
      අපි ඉතින් කමෙන්ට්වල වචන කොපි පේස්ට් කරමු. ( කැලණිෆ්‍රෙන්ඩ් ශූරින්ගෙන් ගත හැකි.)
      දන්නවද ඇබ්ස්ට්‍රැක්ට් චිත්‍ර හෝ කොලාජ්? අන්න ඒවගේ පුලුවන් අපේ කවීත්වය මතු කරල ගන්න.

      Delete
    6. උඩ කමෙන්ටුවෙන් කියවෙන්නේ, මම ලියන ඒවායේ තියෙන මෝඩකම ගැනනම්, එක්ස්ට්‍රීම්ලි සොරි ඈ! ඒ ගැන මට කොරන්ට දෙයක් නෑ. :)

      Delete
    7. //ඔය තියන කමෙන්ට් දෙක තුනකින් කෑලි කොපි කරල එකතු කරල පේස්ට් කරන්න.//

      ඕ යේස් :D පෝස්ට් එක කියවීම අත්‍යාවශ්‍ය කාරණයක් ලෙස නොසැලකේ. හැක් හැක්

      Delete
  11. //කැන්දා ආ ඇමැන්ඩා
    ඇනිමොනි මල් පැලැන්දා
    බ්‍රිටිෂ් ඇක්සෙන්ට් රන්දා
    මිණි කිකිණි ස්වර ඇන්දා //

    මට පට්ටෙටම අල්ලල ගියෙ මේක බං.. අඩේ උඹ මරු යකෝ :D අති විශිෂ්ටයි !!!!!

    ReplyDelete
    Replies
    1. නෙද්දකින් හිකනලා මටත් අල්ල්ලාම ගියේ ඔය කවිය , ඒක කොපි කරගෙන කොමෙන්ටුවක් කොටන්න එනකොට මෙන්න මේ ගක්ල් බකමුනා එකම දාලා ... ශික් විතරක් හිටු වෙන එකක් හොයා ගන්න , එනවා මෙතන මගේ කමෙන්ටුව හොරකම් කරලා

      Delete
    2. බොහොම තැන්කූ වේවා පත්තරේ!! :D

      Delete
  12. ඇමැන්ඩා වගේ "පොෂ්"වෙන්ට කියපන්
    තාපස කකුළු හට

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඌත් හෙන පොස් කකුළුවෙක් තමා.

      Delete
  13. මෙහෙම ගියොත් උඹේ බ්ලොග් එක වර්ජනය කරන්න වෙයි වගේ කියන්නත් හදලා....
    ප්ලේන්ටි එකක් ගිලින ගමන් හිමීට ගිහින් දෙතුන් වතාවක් පෝස්ට් එක බැලුවා. කමෙන්ට් එහෙමත් කියෙව්වා...
    මොකක්හරි දෙයක් තේරුණා තේරුණා වගේ දැනුනා...

    ReplyDelete
    Replies
    1. අර මුල් කමෙන්ට් එකේ තියෙනව ලොකුපුතේ බයෝ පාඩමට ලින්ක් එක. ඒක කියෙව්වනම් පට ගාලා තේරෙනව සීන් එක.

      Delete
    2. එහෙම නැත්නම් මං කරනව වගේ මොකක් හරි විකාරයක් කියල නොදන්නාකම වහගන්නත් පුලුවන්

      Delete
    3. ඔය මමත් කියලා තියෙන්නෙ

      Delete
  14. මෙන්න කවි.. මරු...

    ReplyDelete
    Replies
    1. තැන්කූ දිනේෂ් අයියේ!!

      Delete
  15. අපුරුම නිර්මාණයක්නේ බසුනගේ. මේකත් එක්ක මෙන්න මේ විඩියෝ කැල්ලත් බලන්නකෝ තාපස කකුළු ජීවිතය ගැන එකක් මේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නලින් අයියේ!

      වීඩියෝ කෑල්ලත් වටිනවා.

      Delete
  16. මම මේ මාතෘකාව දැකපු ගමන් ආවේ බස්සිගෙන් බයෝලොජි නෝට් එකක් කියවන්න. බලාගෙන ගියහම කවි පේලියක්නේ.. මට මේ නම් ඇහුවම මතක් වෙන්නේ ඒ ලෙවල් බයෝලොජි..

    ReplyDelete
    Replies
    1. අඟහරු මලයා කියපු නිසාම මට ආපහු බයෝ විරිදුවක් කියන්න හිතුනා.

      Delete
  17. මෙන්න නියම සයිබර් කවි....
    යශෝධා සම්මානි කිවිඳිය ගෙන් පමණයි ..... :P

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වෙ, ඔය කිව්වෙ ඉතින්.
      මෙතන ඔලොක්කු කරකර ඉන්නැතුව අර කතාව ලියකෝ....

      Delete
  18. අඩේ සයිබර් කවි කියන්නෙ මෙව්වද?

    නියමයි.

    //........විලට දහදිය හෙලිය යුතු - ගිලී මියැදිය යුතු


    විල් දියෙහි ලුණු රස දැනෙන්නේ
    දහදියත් - කඳුලත් මුසුව බැව්
    කකුළුවෝ නැහැ තවම දන්නේ
    මුහුදු මල් ඒ නොදන්නා ලෙස ඉන්නේ //

    වැඩේ කියන්නෙ ඔය සැන්තෑසිය දන්න කකුළුවොත් ඉන්නවා. මං දන්න එහෙම එකෙක්, මුහුදු මලකට ඔය කතාව පහදලා දෙන්න ගිහින් "Nincompoop" කියල නම්බු නාමෙකුත් ලබාගත්තා :)

    ReplyDelete
    Replies
    1. ////in Finnish culture, the owl has been considered a stupid animal, probably due to its wide-open eyes. The word pöllö means both "owl" and "idiot", and silmät pöllöllään "eyes owl-y" means "disoriented, dazed".//// Wikipedia

      Delete
    2. ඔය උඩ ෆිනිශ් එක අදාල වෙන්නේ ෆින්ලන්තයේ සහ කැනඩාවේ වෙසෙන පිරිමි කුරුල්ලන්ට විතරක් බව කරුණාවෙන් සලකන මෙන් ඕනෑකමින් ඉල්ලා සිටිමි.
      (නැත්නම් මාව ෆිනිශ් වෙයි මෙතන )

      Delete
    3. බොහොම ඉස්තූතියි බසු බ්‍රෝ!

      ඔය සන්තෑසිය ගොඩක් කකුළුවො දන්නෙ නෑ නෙව. ඇනිමොනියා හින්දා කුලියට ගත්තු බෙලිකටුවෙන් එලියට එන්නවත් බැරි වෙලා හිරවෙද්දි තමයි කකුළුවට තේරෙන්නෙ.

      අර යාලුවානම් ඉතින් 'නමක්' විතරක් හදාගෙන බේරුනා.

      Delete
    4. ප්‍රා ජේ මරමු! >_<

      Delete
    5. @ බස්සි

      හා, කොටල, කොටල මරමු :)

      @ප්‍රාජේ

      huh, gender discrimination, eh? :)

      Delete
  19. ////Neither the hermit crab nor the sea anemone is negatively affected by their symbiotic and commensalistic relationship./////

    ReplyDelete
    Replies
    1. ඒ බයෝ පාඩමේනෙ. මේ බසු ඉමැජිනේෂන් විකාර.

      Delete