Wednesday, September 16, 2015

මස් කඩ සහ මාධ්‍ය කඩ






සාමාන්‍ය තත්ව යටතේ ජනමාධ්‍යය කියන්නේ බරපතල සමාජ වගකීමක් උරමත දරන, වගකීම් සහගත ආයතන කොටසක්ය. හැබැයි, ඉන්දියන් සාගරයේ අමුතු ඇටය වන ලංකාවේ මාධ්‍යවල හැසිරීම විය යුතු පරිද්දෙන්ම අමුතුය. කුප්පය. කුජීතය.


අමුතු ඇටයේ අමුතු මාධ්‍ය ආයතන බොහොමයක තියෙන්නේ මස් කඩ ආකෘතියකි. මස් කඩ කාරයෝ කඩේ ඉදිරියේ අළුතෙන් මැරූ, ලේ පෙරෙන සත්ව මලකුණක් එල්ලති. ලේ වියලී ඇති මළකුණුවල පැයකට වරක් අලුතෙන් ලේ තවරති. ඒ ලේ සුවඳෙන් උත්ප්‍රේරණය වෙන පාරිභෝගිකයෝද වහවහා මස් කඩය සොයා ඇදෙති, අලුත්ම මලකුණු මිලදී ගනිති.


මාධ්‍ය මුදලාලිලාද ලේ සුවඳ ඉහවහා යන අලුත්ම මලකුණු ගෙනවුත් එල්ලති. ඒ පුවත්පතක නම් හෙඩිමය, විද්‍යුත් මාධ්‍යයකනම් "බ්‍රේකින් නිවුස්"ය, වෙබ් මාධ්‍යයක නම් "හොට් හොට් පුවත"ය. ප්‍රදර්ශක රාක්කය වෙනස් වන්නේ වුව ලේ පෙරෙන ප්‍රදර්ශණ භාණ්ඩය එකමය. එතකුදු නොව, පැයෙන් පැය අදාළ පුවත් යාවත්කාලීන කරමින්, බඳුණකින් ගත් උණු රතු ලේ ඒ මත විසුරවන්නටද අමුතු ඇටයේ අමුතු මීඩියා වෙලෙන්දෝ අමතක නොකරති.


එතකිනුදු නොනැවතෙන සමහරක් මීඩියා කඩවල සේවකයෝ ගිජුළිහිණින් මෙන් අප්‍රකට ගම් නියම් ගම් සිසාරා සැරිසරන්නේ මළගෙවල්වල සමාදානයේ සැතැපෙන්නට මගබලන මෘතදේහ සොයමිනි. උන් මරණය සිදුවුන හැටි, දුගඳ හමන කුණු ඔජාවෙන් සරසා රඟ දක්වති. ඉනික්බිති සාර්ථක මිණීමැරුමක් සිදුකරගන්නා ආකාරය පියවරෙන් පියවර නාට්‍යාණුසාරයෙන් විකාශනය කරති. බොහෝ විට එවැනි වැඩසටහන්වල තේමා වාදනයට යොදාගන්නේ මරබියෙන් ඇළලී ගිය ගැහැණියකගේ විලාපයකි. මේ විකුණන්නේ අපේම රටේ. අපේම මිනිසුගේ කඳුළුය. සුසුම්ය, රුධිරයය.


ඉතින් එතකොට අපි? අපි අනලස්ව වහ වහා මීඩියා කඩ වටා රොද බඳින්නෙමු. රිය අනතුරකින් කුඩු පට්ටම්ව ගිය මිනිස් ශරීර කූඩු වල මස්වැදලි දැකගන්නට කෙල හලමු. දූෂණයට ලක්ව අමානුෂික වද හිංසා මැද මිය ගිය දැරියන්ගේද, කාන්තාවන්ගේද නිරුවත් සිරුරු දැක ජුගුප්සාජනක රසයක් ලබන්නෙමු. වින්දිතයන්ගේ නම්, ගම්, වාසගම් පවා තැනින් තැන සජ්ජායනා කරන්නෙමු.


අපි මස් කඩයෙන් මිලට ගන්නා ලේ පෙරෙන අලුත් මස්, දුරු තුනපහ යොදා, කිරෙන් හෝ මිරිසෙන් තම්බා, ඒත් නැතිනම් පලහා, දෙහි ඉස්ම හෝ පැණි ඉස රසගන්වා තළු මරමින් බුදින්නෙමු. ඒ අයුරෙන්ම අපි, මීඩියා කඩෙන් මිලදී ගන්නා ලේ සුවඳ වැකි අමු අමු දූෂණ, ඝාතන සහ අනතුරු හක්කේ තියා අඹරවමින්, කෙල හලමින්, අටෝරාසියක් උපකල්පනයන්ගෙන් පලහා, චූදිතයන්ට දිය යුතු දඬුවම්ද, වින්දිතයන්ගේ කල්කිරියාව ගැන නිගමනයන්ද ඉස ඉස රස ගන්වා අදාල පුවත් භුක්ති විඳින්නෙමු.


ඒ අනුව බලන කල, මස් වැද්දන් කලේ, සැපයුම් තල්ලුවක් මගින් මලකුණු රසට ලොල් ගැනුම්කරුවන් පිරිසක් නිර්මාණය කිරීමයි. ක්‍රම ක්‍රමයෙන් ප්‍රසාරණය වූ එකී ගැනුම්කරුවන්ගේ කුලකය මගින් සිදුවෙන්නේ යැතුම් ඉල්ලුම දිනෙන් දින ඉහළ දැමීමයි. ඉතින්, ප්‍රීතියෙන් ඔකඳ වූ මස් කඩකාරයෝ ඊට සාපේක්ෂව සිය මළකුණු සැපයුම ඉහල නංවති. මාධ්‍ය කඩවලින් කෙරෙන්නේත් මෙයම නොවෙයිද?


මේ විෂම චක්‍රය වහ වහා නැවතිය යුතුය! නියපොත්තෙන් කඩන්නට පුලුවන් දේ පොරවෙන් කපන්නට ඉඩ නොතැබිය යුතුය.


ශ්‍රී ලංකා කර්තෘ සංසදය විසින් සම්පාදනය කරන ලද, ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම විසින් පිළිගෙන ඇති මාධ්‍ය වෘත්තීය ආචාර ධර්ම සංග්‍රහයේ 6 වෙනි කොටස එනම් පොදු වාර්තාකරණය හා ලිවීම පිලිබඳ කොටසට අනුව සංවේදී  සිදුවීම් වාර්තා කරන විට මාධ්‍යවේදීන් විසින් පිළිපැදිය යුතු ආචාර ධර්මවලට අදාල උපුටනයක් පහත දැක්වේ.





වෘත්තීය ආචාර ධර්ම කියන්නේ ඕනෑම වෘත්තිකයෙකුගේ මූලික වෘත්තීය දැනුම් ආම්පන්න සමූහයෙන් එකකි. පවත්නා තත්වය සලකා බලන කල පෙනී යන්නේ අමුතු ඇටයේ අමුතු මාධ්‍ය කඩහිමියෝ මේ වෘත්තීය ආචාර ධර්ම ගැන නොදන්නා බවයි. නැත්නම් දැන දැනත්, නොදන්නා සේ හැසිරෙන බවයි.


මස්කඩ ආකෘතියෙන් පන්නරය ලැබූ මීඩියා මුදලාලිලාගේ මැදිහත්වීමෙන් මේ විසම චක්‍රයට නැවතුම් තිතක් සටහන් වේ යැයි සිතීම උගහටය. කරන්නට ඉතිරිව ඇත්තේ එකම එක දෙයකි. මළකුණු වෙළඳාමට එරෙහිව එකාවන්ව නැගී සිටීමය. අශ්ලීල සහ අජූත ලෙස ලේ, කඳුළු විකුණා කන මාධ්‍ය කඩවලට එලිපිට අප්‍රසාදය පලකර සිටීමයි.


අල්ලපු ගෙදර සුමනාවතීවත්, ගමේ ග්‍රාමසේවක උන්නැහේවත්, ලොකු ඉස්කෝලෙ මහත්තයාගේ පුතාවත් නැගී සිටිනකම් බලාගෙන ඉන්නට ගියොත් පෙරහැර ගොහින් හමාර වේවි. පහුවදා හොටෙන් කැමරා ත් මීඩියා ගිජුලිහිණියෝ ඔබේ දෙමව්පියන්ගේ, කලත්‍රයාගේ, දරුවාගේ මළකුණ වටා කැරකෙන්නට පෙර දැන්ම ක්‍රියාත්මක වෙන්න. මේ ඔබේ වාරයයි!




60 comments:

  1. සුපිරියි. මාත් මේ දිහා බලාගෙන හිටියෙ පිළිකුලෙන්.බ්ලොග් වල මේ ගැන කතා කරල තිබුන. මේ මිනීකාක්කන්ටහැම සිද්ධියක්ම ආතල් එකක්.මිනිස්සුන්ගෙ දුක් වේදනා මුන්ට බයිට්. හැම ඛේදවාචකයකින්ම මුන්ට මාර කික් එකක්.ස්ත්‍රී දූෂනයක් වර්නනා කරන්නෙ කෙල පෙර පෙරා.පියවරෙන් පියවර රස කර කර කියන්නෙ.
    මේ සිද්ධියෙදි මුන් ප්‍රේක්ෂකයන් එක්ක එකතුවෙලා සේයා දුව කීපවරක්ම දූෂනය කළා.
    මුන් භාව ප්‍රකෝපය තමයි කරන්නෙ අඩන විලාප දෙන ගෑනු ,ලේ පෙරෙන අපරාධ මුන්ට රජ මගුල්.අපරාධයක් ,ඇක්ස්ඩන්ට් එකක් ආරංචි වුනාහම මාර ආතල් එකක් ඇති දවසෙ ආතල්ම නිව්ස් එක අපියි ඉස්සෙල්ලම දෙන්නෙ කියල.
    අපරාධ කරන අයට තැගි දීමේ ක්‍රයිම් ස්ටාර් වැඩසටහනක් තවම පටන් ගත්තෙ නැත්තෙ ඇ‍යි දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. කුණු රසයට ඔය තරම් ලොල් නම්, ඒ රසයට ලොල් අයව ස්වකැමැත්තෙන් වින්දිතයන් කරලා ක්‍රයිම් ස්ටාර් වැඩසටහනක් තියාගන්න කියමු, තම තමන්ගේ මස්කඩ ආතල් එක පිණිසම.

      පුවත් වාර්තාකරණයේ තරඟකාරීත්වයක් තිබීම නරක නෑ. ඒත් එහි සීමාව දැනගන්න ඕනෑ. දැලිපිහිය අතටගත්තු වඳුරො වගේ හැසිරිය යුතු නෑ.

      Delete
  2. මාධ්‍යය විතරක් නෙවෙයි , රටේ හැම තැනම රජ කරන්නේ බොරුව ,වංචාව, අවනීතිය අචාර ධර්ම කියන දේවල් තුට්ටුවකට වටිනා දේවල් වෙන්නේ නෑ මේ රටේ . අහලා බලපන්කො සන්නස්ගලගේ මේ කතාව , සන්නස්ගල නොබලා කතාව විතරක් බලන්න.

    https://www.youtube.com/watch?v=Q25Iz-J9NXQ

    අඩු වැඩි වශයෙන් ආචාර ධර්ම රකින වෘත්තිකයන් අද ඇත්තෙම නැති තරං. ඒ ගැන මතක් වෙන්නේත් වාසියට . සිස්ටම් එක ඇතුලේ හැමෝම ආචාර ධර්ම සහ නීතිය කියන දේවල් සත පහකට ගණන් ගන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. සිස්ටම් එක ඇතුලෙ නෙවෙයි ,සිස්ටම් එකක් නැති සිස්ටම් එක ඇතුලේ

      Delete
    2. මාධ්‍ය යි මිනිස්සු යි දැන් ඔක්කොම එකයි අයියේ

      Delete
    3. සිස්ටමයිස්ඩ් නොවූ සිස්ටම් එක! ඉවාන් තමයි නියමම හැඳින්වීම කලේ!

      Delete
    4. එතිකල් නොවෙන, නමුත් වෘත්තිය තුලදී ක්‍රියාත්මක වෙන්න සිදුවෙන අවස්ථා කලාතුරකින් තියෙන්නත් පුලුවන් මචං. ඒත්, ඒකෙ සීමාව කොතනද කියන එක ගැන අබමල් රේණුවක වැටහීමක් නැතුවයි මේ මිනිස්සු හැසිරෙන්නෙ.

      මීට කලින්, යාපනේදි දමිල පාසැල් දැරියක් සම්බන්ධයෙන් සිදුවුන අපරාධයක් ගැන මාධ්‍ය මේ වගේම තළුමරනකොටත් බොහෝ දෙනෙක් මුනිවත රැක්කා. ඒ කාලෙ අපි වත්පොතේ සංවාදයක් පවා පටන් ගත්තා "අද විත්‍යා. හෙට?" මැයෙන්. ඒත් ඒක ගැන හැමෝම දැක්වුවේ උදාසීන බවක්.

      අපි එදා අහපු ප්‍රශ්ණෙට අද උත්තරේ ලැබිල තියෙනවා. දැන් අහන්න තියෙන්නෙ, "අද සේයා. හෙට?" යනුවෙන්. හෙට මේ ප්‍රශ්ණාර්ථ ලකුණ ලඟ තමන්ගේ දරුවාගේ/සහෝදරියගේ/පෙම්වතියගේ නම ලියැවෙන්න පුලුවන් බව මිනිස්සු දැන්වත් තේරුම් ගනීවිද?

      Delete
    5. අපිට සිස්ටම් එකක් තියෙනවා.. ඒක තමයි මේ පට්ට සිස්ටම් එක...

      Delete
    6. එදා අහපු ප්‍රශ්නෙට උත්තරේ නෙවෙයි , එදා අහපු ප්‍රශ්නෙම ආපහු අහන්න වෙලා තියෙනවා, මොකද කවුරුවත් ඒ වෙලාවේ එකට උත්තර හොයන්න උත්සාහ කලේ නෑ. මාධ්‍ය කැමතියි මේ දේවල් වලට , ඕක මාකට කරනවා ,කියන්නේ " ඒ අනුවේදනීය පුවත මුලින්ම ඔබවෙත ගෙන ආවේ අපියි කියල "
      මාධ්‍ය සදාචාර සීමාවන් ඉක්මවලා කටයුතු කරලා බොහොම කල්.

      ඕමා කිව්වා වගේ මාධ්‍යටම හරියන මිනිස්සු

      Delete
  3. ෆේස්බුක් යෑම අතහැර දැම්මා...ඔළුව විකාර වෙනවා,. මිනිස්සුන්ට මොනවා වෙලාද හිතාගන්න බැහැ.. අපි කීපදෙනෙක්ට දැනෙන තේරෙන මේ දේ ඒ මිනිස්සු නොදන්නවද... නෑ නෑ එහෙම වෙන්න බෑ.. බස්සි බිංදුවක් වත් එකතුකරන්න නැතුව කියලා තියෙන විදියටම මිඩියා මස් කඩ කාරයෝ මිනිස්සු න්ව දපනේ දාගෙන :(

    ReplyDelete
    Replies
    1. ඔව් ඔමා. මමත් කියන්න උත්සාහ කරන්නෙ ඒකයි. මේ වගේ කුණු නිවුස් මාර්කට් කරන්න මීඩියා පොළඹවන්නෙ අපි. අපි නිසයි ඒ නිවුස්වලට රේටින්ග්ස් වැඩිවෙන්නෙ. අපි තමයි නිවුස් වෙබ්සයිට්වල එවැනි පුවත් නැවත නැවත කියවලා ලක්ෂ ගණන් හිට්ස් අරං දෙන්නෙ. ඉතින් මේ චක්‍රය කඩන්න පුලුවන්කම තියෙන්නෙත් අපිටමයි.

      Delete
  4. බස්සි නියම පොයින්ට් එකට ගහලා තියෙනවා...

    මේ රට හදන්න නම් ඉස්සෙල්ලා මාධ්‍යවේදියෝ හදලා ඉන්න ඕනා..

    උන්ට් මාධ්‍ය ගැන තියා කොමන් සැන්ස් කියන එකවත් නෑ... නැත්නම් කුලප්පු වෙච්ච අලියෙක් රැකෝඩ් කරන්න යාවිය.. වාර්ථාකරණය පැත්තක තියලා දුවනවා මිසක්ක හිටු කියලා....

    ReplyDelete
    Replies
    1. ඔය යූ රිපෝටර් කේස් එක ගැන මම ලියන්නත් හදලා ආපහු නිකම් හිටියා මාතලන්. කලිනුත් ලියලා තියෙනවා වැඩක් වෙලා නෑනෙ කියලා. ඒත් ආයෙම ලියන්න වෙනවා. මේ මිනිස්සු කිසිම දේක සීමාවක් දන්නෙ නෑ. ඒක සද්භාවයෙන් කලා කියනවා. හැබැයි එතන තියෙන්නෙ මෝඩකම.

      Delete
  5. මිනිස්සු කුනු රහට හරි කැමතියි.මාධ්‍ය මගින් කරන්නේ ආකල්ප වෙනස් කරන සදාචාරාත්මක පුවතක් ඉදිරිපත් කරනවා වෙනුවට අර කුනු රහට තව යමක් එකතු කරන එක.සමහර ඒවා කිසි වැදගැමිමක් නැති දේවල්.අද පුවත් පතක තිබුනා මෙ ගැන සටහනක් සමහර මාධ්‍ය තමන්ගේ පුවත් හිටි කරගන්න ඉදිරිපත් කරන හෙඩි ලයින් ගැන.මෙ තියෙන්නේ එවගේ ඒවා.

    අනතුරකින් පස් දෙනෙක් එතනම මියගිය හැටි මෙතනින් බලන්න-විඩියෝ සහිතයි
    පාර මැද්දේ කපලා කොටලා මරදා දාපු හැටි-විඩියෝ සහිතයි
    කොල්ල හතර දෙනෙක් කෙල්ලෙක් දූෂණය කරපු හැටි - වීඩියෝ සහිතයි
    ප්‍රසිද්ධ නිලියක් දාන සෙක්සිම සෙක්සි පටිට ඩාන්ස එක-විඩියෝ සහිතයි

    මෙන්න තව ඉස්සරහට එකතු වෙන්න පුලුවන් කුනුරස හෙඩි ලයින්
    දියනියගේ මල ගෙදරදි අමිමයි තාත්තයි අඩපු හැටි-විඩියෝ සහිතයි
    එහා ගෙදර අද දවල් කැම කාපු හැටි-විඩියෝ සහිතයි
    අක්කයි නංගියි දත් මැන්ද හැටි-විඩියෝ සහිතයි
    අල්ලපු ගෙදර මිනිහා ටොයිලටි ගිය හැටි-විඩියෝ සහිතයි



    ReplyDelete
    Replies
    1. ඇත්තටම මනෝ කියන විදියෙ ඒවත් ප්‍රචාරය කරන්න ගනීවි තවත් කාලයක් යනකොට. කතා කරල වැඩක් නෑ ඔය හෙඩ්ලයින් ගැන නම්. ඇයි ඉතින් අපේ උනුත් උඩපැනගෙන ක්ලික් කරන්නෙ ඒ විදියෙ හෙඩ්ලයින් නෙව.

      Delete
  6. ඔය දේ හුඟක් තැන්වල වෙනවා. Media folks had a field day කියලා යෙදුමක් තියෙන්නේ ඒකයි. පාඨකයත් කුණු රසයට කැමති වෙන තාක් කල් මේ දේ වලක්වන්න අමාරුයි. අර ජීප් එක හැප්පිච්ච එකෙත් මස් වැදලි එල්ලෙන පින්තූර දාලා තිබුනලු කියලා බැනලා තියෙනවා මම දැක්කා.

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි ඩූඩ් මමත් කියන්නෙ. මිනිස්සුන්ව විකුණගෙන කන එකට අනුබල දෙන්නෙ මිනිස්සුමයි. ඒක නවත්තන්න ක්‍රියාත්මක වෙන්න පුලුවනුත් මිනිස්සුන්ටමයි.

      Delete
  7. ඈ බොල බස්සියේ උඹට මෙහෙම පොස්ට්ටවක් මෙව්වා කිරීමට වටිනවාද ?
    මේ අහිංසක ජඩමාධ්‍යකාර වාසුලා කොච්චර සේවයක් සටට කොරන්වාද ?
    රියැලිටිෂෝම කීයක් ද දෙයියනේ ???
    ඒ වායේ හිටං පුවත් වාර්තා කරනය දක්වාම මුං කොරන නපුංසක කිරියා මෙච්චර පහත් ආකාරෙට චිරේචනය කිරීමට බස්සී ඉන්ටර්නැසොනල් කුමන්ත්‍රනයක කොටස්කරුවෙකු වී ඇතිබවට හැකයක් චීනාට ඇතිවනවාය.
    හත් දෙයියනේ....... අපේ ගෑණු උන්ගෙ අතන මෙතන අරක මේක අතුල්ලා ගෙන පොස් වීමට උගන්නන්නේ ජඩමාධ්‍යකාර අක්කලා සමග පරවීන සූපලාවන්නිය අක්කලාය. අපේ ගෑණු ලස්සනට ඉන්න එකට මේ බටකොස්සී ඊරිසියාවෙන් මෙව්වා ලියනවා වෙන්ඩ ඕනෑය.

    මූණ පුරා පාට උලාගෙන පට්ට ගොන් කතා කියකියා උන්ම හිනාවෙනකොට අපේ හඳුන්පෙත්තට මොනවදො වෙනවාය හිත පිරෙනවාය. මන් අහන්නෙ බස්සිට එච්චර හපන්කමක් කොරන්ඩ පුලුවන්ද කියලාය.

    බස්සිට තනියම වැඩිං සාරියක් හදාගන්ඩ, වැඩිම මැනේජ් කොරගන්ඩ සල්ලි තිබුනට අපි වාගෙ අයට ඔව්වා තනියම කොරගන්ඩ වත්කම් නැත.
    මනමාලිගෙ යටකලිසමේ සිට මඟුල් සාරිය හා උපත් පාලන එව්වා දක්වා ලාබෙට ගන්ඩ සොප් පෙන්වා දීම ද කොරන්නෙ උන්ය. වෙඩිමට තීම් එකක් තේරීමේ හිටං හනිමූං සංසර්ගය දක්වා කටයුතු එකලාසයක් කොරගන්ඩ පට්ට ඉවෙන්ට් මැනෙජර්ලා ලාබෙට හොයලා දෙන්නෙ උන්ය. එහෙව් උන්ට පලිච්චිකිරීමට බස්සිට ඉඩදිය නොහැක.

    තව එව්වා කියන්ඩ තිබුනත් වෙලා නැත. කෙසේවෙතත් බස්සී මේකොරලා තියෙන්නේ නොහොබිනා කිරියාවක්ය.

    තවද මස් කඩකාරයන්ට අපහාස කොරන්ඩ එපා කියලා බස්සි නෝනට කියන්ඩ කියලා තිහාරියේ ෆාරුක් නනා මට SMS එකක් මෙව්වා කොරලා තිබ්බාය.

    ReplyDelete
    Replies
    1. චීනාට බොහොම ඉස්තූතියි ය!

      ටීවී වල වෙඩිම් මගුල් විකුණාගෙන කෑම බොහොම ගජරාමෙට කෙරෙන වියාපාරයක් ය. හැබැයි එව්වා තම තමන්ගේ කැමැත්තට හෝ කැහිල්ලට කරව ගන්නා දේවල් නිසා කමක් නෑ කියලා අත පිහදා ගන්න පුලුවන් ය.

      අවුල තියෙන්නේ නිවැරැද්දේ අමු අමුවේ මිනී වෙළඳාම් කරන එකය. ඒක එක්ක බලනකොට, වෙඩින් පොලවල්, තෙල් බේත් වෙලඳාම්, නිලියන්ව එක්කාගෙන ඇවිල්ලා මූණ සුදු කරන ආලේපන විකිණීම් මොන්ටිසෝරි වැඩ හෝ සිඟිති ආතල් යැයි සිතිය හැකිය.

      ප්‍රේක්ෂකයෝ ඩිමාන්ඩ් කල යුත්තේ ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙනියන වැඩසටහන් මිසක දෙකයි පනහේ තොරොම්බල් හෝ මස්කඩ ලෑලි නෙමෙයිය. ආන් එදාට, මුදලාලිලාට කොලිටි බඩු නොවිකුණා බැරි තත්වයක් එනවාය.

      Delete
  8. දැන් මාධ්‍යය මුළු සමාජයම දූෂණය කරත් සුරාන්තයට පත්වන්නන් නොවේ..
    ස්වයං විනය අන්තිමයි..
    පුද්ගලික මාධ්‍ය අතොරක් නැතිව බිහිවීමෙන් වූ තරගකාරීත්වය මගින් සියල්ල යටපත් කර තිබෙනවා..


    ReplyDelete
    Replies
    1. වැඩිම ලංසුව තියන එක ගැන මිසක් වෙන දෙයක් හිතන්න එයාලට වෙලාවක් නෑ.

      Delete
  9. බස්සි හරි..
    දැන්වත් අපි මේ සදහා ක්‍රියාත්මක විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි මෙන්ඩො මාත් කියන්නෙ

      Delete
  10. එන්ඩෛා්....ඇවිද්ද පයේ සුදික අයියා සොයි එලු පැටියෙකුයි ඌරැ පැටියෙකුයි ගෙනල්ලා... ගිහින් බලලා ඇවිත් කියන්න ඌරැ පැටියා “කැමරාවෙන් එහා ලෝකය“ ලියන කැමා වගේ නේද කියලා..හරියට කිව්වොත් “ඩ්‍රැකිගේ අඩවියෙන්“ කිඹුලනැටුවගම සෙදෝනාගේ කඩේ නිෂ්පාදිත, පෝෂ්‍ය ගුණයෙන් අනූන පුස්ලෝඩං එක බැගින් යථා කාලයේදී හිමි වනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඉන්න ඉන්න අපිත් එන්නම්

      Delete
  11. කාටුන් එකක් හරි සති අන්තෙ ෆිල්ම් එකක් බලන්න හරි ඇරුනාම ලංකාවෙ චැනල් බැලීම අතැරලා තියෙන නිසා ලේ කෝප කරගන්න එක නතර කරගෙන ඉන්නෙ. බණ කියන අහන රටක්නෙ මේක. ඒ උනාට විනයක් කියන දේ දශමයක්වත් නෑ. ජනමාධ්‍ය විතරක් නෙවෙයි ලංකාවෙ උන් තැනකට ගිහින් ඉන්නවත් දන්නවද. පෝලිමක පිලිවෙලට යන්නවත්?

    ReplyDelete
    Replies
    1. මමත් දැන් අහම්බෙන් දැක්කොත් මිසක් උවමනාවෙන් ටීවී බැලීමක් සිදුවෙන්නෙ නෑ කැමා... අනික හරිහමන් ටෙලිඩ්‍රාමා එකක් යන්නෙත් කලාතුරකින්. කාටුන් තමයි අවුලක් නැතුව බලන්න තියෙන්නෙ. වෙන එකක් තියා පහුගිය කාලෙ පෝයට බණ කියන හාමුදුරුවරු පවා කලේ කඩේ යන එකනෙ.

      Delete
  12. මගෙත් ෆේස්බුක් මුල්පිටුව පුරාම තියෙන්නෙ මේ දරුවගෙ මිනියේ පින්තූර. බලන් ඉඳල බැරිම තැන ඊයෙ ස්ටේටස් එකක් දැම්ම වදින තැනකට වදින්න. කිසිම වගකීමක් නැතුව මේ වගේ දේවල් විකුණගෙන කන මාධ්‍යකාරයින්ව (විශේෂයෙන්ම ගොසිප්කාරයෝ) පාලනය කරන්න දැඩි නීති ගේන්න ඕන කියලයි මම හිතන්නෙ. මෙහෙම ගියොත් ගෑණු ළමයෙක්ට පාරෙ බැහැල යන්න බැරි වෙනව තව ටික කාලයකින්. "අහවල් කෙල්ල ඊයෙ පාර දිගේ ගියපු හැටි (වීඩියෝ සහිතයි)" කියල වැටෙයි පහුවදාට.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි. අසහනකාරයෙක්ට බනින තමන්ගේ දුව, රට ඉඳන් එවන සල්ලි නාස්තිකරන මිනිහට බනින තමන්ගෙම සහෝදරී, බස් හෝල්ට් එකක ඉන්න තමන්ගෙ අම්මා මේ විදියට පුවත් ලෑලිවල ප්‍රදර්ශක භාණ්ඩ වෙද්දි තමයි අන්තිමේ මේ මිනිස්සුන්ට ඇත්ත තත්වය තේරෙන්නෙ.

      Delete
  13. දන්නවද බස්සි අක්කේ! මං මේ ගැන පෝස්ට් එකක් ලියන්න ගත්තා ඊයේ,ඒත් හිතේ තිබුන අපුලයි,කේන්තියයි නිසා ලියලා ඉවර කරන්න තරම් සංයමයක් තිබ්බේ නෑ!

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට මලියා, මම කියන්නෙ ඔයත් මේ ගැන ලියන්න ඕනෙ. මොකද මගේ බ්ලොග් එක නොකියවන, ඔයාගෙ බ්ලොග් එක කියවන කට්ටියට මේක දැනෙන්න ඔයත් ලිවිය යුතුමයි. ඒ විදියට, අපි හැමෝම පුංචිවට හරි ආකල්පමය වෙනසක් ඇතිකරන්න දායක වෙමු.

      Delete
  14. මාද්‍ය ආචාරධර්ම,මාද්‍ය සදාචාරය කියල දේවල් තියෙනවද මන්ද. හැමදේම විකුනන්න හදන කාලකන්නි විවුර්ත ආර්ථිකයක් ඇතුලේ බොකු බඩවැල් , කුනුවෙච්ච මල මිනී, දුෂණය වෙන කිරි දරුවන් පට්ට මාර්කට් භාණ්ඩ වෙලා. අහෝ මෙහෙමත් රටක් . බ්ලොග් එකක් ඇතුලේ හරි මේ ගැන කතාකරන එක කාලීන අවශ්‍යතාවයක්.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ඇතුලේවත් මේ ගැන පුලුවන් විදියට සංවාදයක් ගොඩනැගුවොත්, මේ පවත්නා සිස්ටම් එකට යම් තරමකට හරි බලපෑමක් කරන්න අපිට පුලුවන් වෙයි.

      Delete
  15. අනේ බං පත්තරයක් දිග ඇරලා බලපං උදේ පාන්දර. හිත කුරුවල් කරගෙන දවස පටං ගත්තැකි. මං නං මලාට පත්තරේ බලන්නෑ උදේ පාන්දර. එහෙං ස්වර්ණවාහිනිය මළ මිනී විකුණනවා ඕසෙට. අපරාධ මෙහෙම රස කර කර වාර්තා කරන්න කරන්න මිනිස්සු ඒවාට පෙළඹෙනවා. අපරාධ රැලි හැදෙන්නෙ ඒකෙන්. කහවත්තෙ සීන් එක. එතකොට ළමයි පැහැර ගන්න සීන් එක. වෙන එකක් තියා ආයුධ පෙන්නන්න යන සීන් එකත් එහෙම රැල්ලක්.
    කරුමෙ කියන්නෙ මේවා ගැන මානුෂීය හැඟීම් ඉස්මතු කෙරෙන මේ අපරාධ ගැන ජනතාවගේ සංවේදී මනසට පණිවිඩයක් දෙන බ්ලොග් පෝස්ට් එකක් බලන්නෙ කීයෙන් කී දෙනාද? මිනිස්සුන්ගෙ ගොං ආතල් එකට මිසක් හිතට කතා කරන මාධ්‍ය සංස්කෘතියක් බිහිවෙන්නෙ කවද්ද?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම මධුවො. මතකනෙ කාලයක් තිබුන "ෆේස්බුක් නිසා සියදිවි නසාගැනීමේ රැල්ල." ඇත්තටම මැරිල තියෙන්නෙ ෆේස්බුක් මගුලක් නිසා නෙමෙයි, හැබැයි මරණෙ විස්තරේ මැදට කොහෙන් හරි ෆේස්බුක් කතාවක් පටලවනවා. සමහර පුවත්පත් ලිපි කියවන්නත් හිරිකිතයි.

      පහුගිය දවසක දැක්කා ඔයවගේම "ඇඟ විකිණීමෙන් ජනප්‍රිය වුන නිළියන්" ගැන ලිපි පෙලක්. හැමදාම එකම ප්ලොට් එක, පොඩි වෙනස්කම් එක්ක. සතියකට වරක් පිටුවක් පිරෙන්න ලියනවලු ඒක. රටේ එච්චර නිලියොත් නැතුව ඇති ඒ තරම් ගොඩක් ලිපි ඒ විදියට. හිනා ගිහින් මැරෙනවා සමහර කතා ගොඩනගන විදිය දැක්කම.

      Delete
  16. මේ ලිපිය බලල බස්සිට නමස් කාර කරන්න ඕන කියන සිතිවිල්ල ඇතුව මේ කොමෙන්ටුව දාන්නෙ. අවශ්‍ය පණීවුඩය සිතට කාවදින විදිහටලියන්න ඔබ සමත්වෙලා තියනව. ඔබේ ලේඛන මෙහෙවර ඉතාම අගය කරන්නෙමි.

    ReplyDelete
    Replies
    1. කරන්න ඕනෙ, කෙරෙන්න ඕනෙ මේ අවලම් මාධ්‍ය භාවිතාවට එරෙහිව හඬක් නැගීමයි. පුලුවන් විදියට ඒ ගැන අපි වටේ ඉන්න ඕඩියන්ස් එකට යම් පණිවිඩයක් දෙමු. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ!

      Delete
  17. මුළුමනින්ම රුවිතට යන මාධ්‍ය ක්ෂෙත්‍රයේ එක පැත්තක් පමණයි මේ. තවත් පැත්තක් තමයි අර අලිය ගහල මැරුන ප්‍රාදේශීය මාධ්‍යවේදියා.
    අධික තරගය ඇති තැන අනෙක්වා යට යනව. 5 ශිෂ්‍යත්වය වගේ....

    ReplyDelete
    Replies
    1. ප්‍රථම පුවත ඔබ වෙත ගෙන එන්නේ අහවල් විස්කෝතු සමාගමේ සාදර අනුග්‍රහයෙන් කියලා මලමිණී අමු අමුවෙ මාකට් වෙනකොට, මෙම සංවේදී පුවත මුලින්ම ඔබ වෙත ගෙන ආවේ අපියි කියල කියන්න තරම් තරඟකාරීත්වයක් නිර්මාණය වීම පුදුමයට කාරණාවක් නෙමෙයි රාජ්.

      මතකද එකපාරක් අර දියඇල්ලකින් පහලට පැනල කපල් එකක් මැරුණ වෙලාවෙ එතන උන්න පොඩි ගෑණුළමයෙක් කිව්වා, "එයාල පනියි කියල හිතුන නිසා අපි ෆෝන් අල්ලගෙන හිටියා පැන්නොත් වීඩියෝ කරගන්න" වගේ කතාවක්.

      Delete
  18. කවියට , කථාවට සීමා නොවී, ඔබ හැමදාමත් විවේචනය කලයුතු දෑ විවේචනය කරනවා. කතිකාවක් ඇතිකල යුතු දෑ පිළිබඳ සමාජ කතිකාවන්ට ( සයිබර් අවකාශය තුල හෝ ) උත්ප්‍රේරණය ලබාදුන්නා.

    * හැමදෙයක්ම තරඟයක් වුන සමාජයක මේ නින්දිත ක්‍රියා පිළිවෙත අරුමයක් නොවුනත්, ඒක එහෙමයි කියලා නිහඬ වීමත් අපේ යුතුකම හෝ වගකීම නෙමෙයි.

    * එය එසේ වුවත් ....

    මාධ්‍යයෙහි පහත් ක්‍රියා පිළිවෙතට එරෙහිව නැගෙන සමාජ විරෝධය , සමාජ කතිකාවත් උක්ත සිදුවීමේ උණුසුමත් සමඟම නැතිවෙනවා. නැවත යම් සිදුවීමක් සිදු වූ වහාම එම පාර්ශවයන් දෙකම නැවතත් සක්‍රීය වෙනවා. මෙය චක්‍රයක් වගේ ...

    මාධ්‍ය වගකීම යනුවෙන් මාධ්‍ය විසින් වටහාගෙන ඇති වැරදි ආකල්පය සහ සමාජය තුල ඇති කුණු රසට ඇති ඇල්ම ( කුණු රසයට කැමති පිරිසකුත් ඉන්නවා. ඒ නිසයි මාධ්‍යත් මේ නීච තරඟයේ යෙදෙන්නේ.) ( මාධ්‍ය වෙනුවෙන් පෙනීසිටීමක් නොවේ ) නැතිවෙනකම් මේ චක්‍රය මේ විදිහටම යාවි ....

    ReplyDelete
    Replies
    1. //මාධ්‍යයෙහි පහත් ක්‍රියා පිළිවෙතට එරෙහිව නැගෙන සමාජ විරෝධය// එහෙම දෙයක් දැනෙන තරම් ඇතිවුනේ නැහැ නේද සඳරු? මට මතක විදියට මීට කලින් එවැනි ලොකු විරෝධයක් ආවෙ නෑ. විත්‍යාගෙ සිදුවීමෙදි

      ඇස් අරවන්න කතා කරපු වෙලේ අපේ බොහොම උගත් වැදගත් දොස්තර මහත්තයෙක් කිව්වෙ මම "දෙමලුන්ට කඩේ යන බව". එයා හිතුවෙ නෑ මේ දේම දවසක සිංහල දියණියන්ටත් වෙන්න පුලුවන් කියල.

      කොහොමහරි, දැන් ඒ නිදා උන්නු අය ටිකක් ඇහැරිලා. මට පේන විදියටනම්, කුණු රස සැපයුම රඳා පවතින්නෙ ඉල්ලුම මත. බලන්න, දුම්වැටිවලට අපි කොයිතරම් විරුද්ධ වුනත් දුම්ලෝලීන් ඉන්නකල් ඒ බිස්නස් එක දුවනවා. මේ බිස්නස් එකත් ඒ වගේ. මලමිණී විකිණීම ගැන සමස්ථ සමාජය තුලම පිලිකුලක් හා ප්‍රතික්ෂේපයක් ඇති කල යුතුයි.

      කවුරුත් නොවිකිණෙන භාණ්ඩ වෙළඳාම් කරන්නෙ නෑ. අපි, මේවා නොවිකිණෙන භාණ්ඩ බවට පත් කරමු.

      Delete
    2. ඇත්ත, සමාජයට දැනෙන විරෝධයක් සමාජය තුලින්ම මතු උනේ නැහැ.
      මා මෙහිදී අදහස් කරන්න උත්සහ කරේ සමාජ ජාල සහ බ්ලොග් අඩවි තුලින් ඇති වුන ( යම් පමණකට ) මේ ආකාරයේ කතිකාවන් පිළිබඳවයි.

      ජාති , ආගම් , කුල ආදි ලෙස ලේබල් කරපු පාට කණ්ණාඩි දාගෙන ලෝකය දිහා බලන අයට පේන විදිහ නේ ...

      මගේ අදහසත් එයයි. මාධ්‍යයේ මේ සදාචාර විරෝධී ක්‍රියා පිළිවෙත නවතින්න නම් මේ කුණු රසයට ලොල් නොවීම සහ එයට ආශක්ත වුවන් ඉන් ඈත් කිරීම සිදුකල යුතුයි.

      ගැටලුව නම්, එම යහපත් ආකල්පය ඇති කරන්න වෙන්නෙත් මාධ්‍ය හරහාම නම් ....

      එකවර, ගමක් හෝ රටක් හදන්න බැහැ නේ .. සියළු දෙනා මේ යහපත් ආකල්ප වෙත නැඹුරු වේවා කියන සුභ සිතුවිල්ලෙන් අපි අපිවත් වෙනස් වෙමු.

      Delete
  19. කාලෝචිත මාතෘකාවක් බස්සි අක්කෙ.ඒක හිතට දැනෙන්නම ලියල.ලඟදි වෙච්ච සිද්ධිය තමා හොඳම උදාහරණෙ අර මැරිච්ච ළමයගෙ මිනියම කොච්චර නම් විකුණගෙන කෑවද.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගි!

      ඒක විකුණන්කන ලැජ්ජ නැති විදිය නිසයි මෙහෙම ලියන්න හිතුනෙත්. පොඩි දරුවෙකුට උනත් ආත්ම ගරුත්වයක් තියෙනවනෙ.

      Delete
  20. සිරසයි දෙරණයි එළිපිටම බැණගන්නකොට, මට හිතුනේ, වෛශ්‍යාවන් දෙදෙනෙක්, තම ගැනුම්කරුවන් ගැන ආරවුලක පැටලිලා ඉන්නවා වගේ. ප්‍රවෘත්ති වෙළඳ භාණ්ඩයක් වීම නිසා ඇතිවන තරගයේදී, සදාචාරය බල්ලට යනවා.

    ReplyDelete
    Replies
    1. විචා දීල තියෙන්නෙ, ඒ අවස්ථාව ගැන දෙන්න පුලුවන් හොඳම උදාහරණේ.!!

      Delete
  21. අනේ මන්ද මොනා කියන්නද කියල බස්සියො... අවුරුදු දෙදාස් පන්සියක පට්ට සංඟිස්කුරුතියක් කියල ලබ්බක් කරහං යන අපේ අසංඟිස්කෘතිය. මේව වෙනස් කොරන්න සකල සියලු දේම කෑලි කෑලි වලට කුඩු පට්ටං කොරල අලුතින් පටන් ගන්න ඕන. එහෙම නැතුව මේ මිලේච්ච ගෝත්‍රික ගති වෙනස් කොරන්න බෑ. අවුරුදු තිහක යුද්දෙ මේකට වග කියන්න ඕන. අවුරුදු තිහක් තිස්සෙ බෝම්බ වලට අහුවෙච්ච මස්කෑලි, වෙඩිවැදුනු ඔලු කුඩු උන මිනී දිහා බල බල රෑට බත් කාපු අපිනෙ. ඒ වගේ ඒව නැති උනාම. හරි පාලුයි වගේ. බත් එකට ලුනු මදි වගේ. ඉතිං එහෙම දෙයක් දැක්කම ආයිත් ගිජුලිහිනියො වගේ ඕක වටකරගන්නව. පරන පුරුදු රස මතක් කරගන්න. එතකොට තමා අපි තෘප්තිමත් වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි සීන් එක. ඒ කාලෙ අපි බත් කන ගමන් පිපිරිච්ච බෝම්බ ගානයි. මැරිච්ච මිනී ගානයි ගණන් කරන්න බලාගෙනනෙ හිටියෙ.

      මතකද, සමහරදාට පිපුරුමකින් දෙදෙනෙක් මරුට කියල කියද්දි, "ආ.... දෙන්නයිනෙ" කියල සැනසුම් සුසුම් හෙලන්න පවා පෙලඹුන කාලයක් තිබුනා. හැබැයි දැන් ඒ ඔළු වෙනස් කරගන්න කාලෙ ඇවිත්!

      Delete
  22. මේක ඊයේ කියෙව්වට කොමෙන්ටෙකක් කොටන්න වෙලාවක් හොයා ගන්න බැරි උනා.. දැන් බලනකොට හැමෝම පොහොර දාල හොඳ ගහක් කරගන්න අවස්ථාව ඇවිත් තියෙනවා.. තව සිදුවීමක් වෙනකම් ඉන්නේ නැතුව මෙතැනින්ම පටන් ගමු.
    ඔය වෘත්තීය ආචාර ධර්ම සෙට් එකේ තියෙන 'තමන්ගේ වගකීමට යටත්ව' කියන වචනෙත් එක්ක මට එකඟ වෙන්න බෑ.. කොහෙද එහෙම වගකීමක් තියෙන්නේ? අනික මේ තියෙන බලු පොර මාද්‍ය බිස්නස් එක යට එහෙම වගකීමකට හෝ වගවිමකට ඉඩකුත් නෑ. බෙල්ල මුලින් අල්ලලා කියල දෙන්නම වෙනවා.. නැත්නම් ප්‍රායෝගිකව ප්‍රතික්ෂේප කරන්න ක්‍රමයක් තියෙන්නත් වෙනවා. :(

    ReplyDelete
    Replies
    1. කලණේ දකින්නත් ඇතිනෙ. හෙට තියෙනවා කොළඹ කොටුවෙදි සාමකාමී විරෝධතාවයක් සදාචාර සම්පන්න නොවන මාධ්‍ය භාවිතාවට එරෙහිව. ඒ කියන්නෙ මේ කතිකාව දැන් සයිබර් අවකාශයෙන් මහපොළවට බැහැල තියෙන්නෙ. හැකි දෙයක් කරමු අපිත් මේ වෙනුවෙන්.

      Delete
  23. මාධ්‍යකාරයෝ කරන වැඩ දැන්නම් තූ නොදමකින් තමයි. අපේ රටේ හැමදේම නමට විතරයිනේ.
    "නිතිය"නමට විතරයි.
    "නිදහස්"අධ්‍යාපනය,සෞඛ්‍ය නමට විතරයි.
    "සාධාරණත්වය,සමානාත්මතාවය,ප්‍රජාතන්තවාදය"මේ ඔක්කොම නමට විතරක් වන රටක මාධ්‍යවේදීන්ගේ ආචාර ධර්මත් නමට විතරයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මනෝ...
      ඉන්දියන් සාගරේ අමුතු ඇටේ අමුතු වැඩනෙ. වැඩ නැතත් ලොකු අකුරෙන් වරුණාව ලියපු බෝඩ් ලෑලි එල්ලන් ඉන්න රට!

      Delete
  24. සීයට සීයක් එකඟයි... සාරවත්.ප්‍රායෝගිකව අත්දකින්නට කැපවෙමු.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැපෝ!

      මේ සම්බන්ධව හෙට (19) කොළඹ කොටුවෙදි සාමකාමී විරෝධතාවකුත්, අනිද්දා(20) නිදහස් චතුරස්‍රයේදී නිහඬ විරෝධතාවකුත් (white balloon day) පැවැත්වෙනවා.

      Delete
  25. අද මාද්‍ය කඩ මස් කඩ වලටත් එහා.. තමන්ගේ හිට් එක පස්සේ දුවන අයට චාරයක් නෑ.. ඒ ගැන ඉතින් ආයි අමුතුවෙන් කියන්න ඕන නෑ..

    ReplyDelete
    Replies
    1. ඒ හිට්ස් එන්නෙ කොහෙන්ද කියන එකත් අවුලක්නෙ දිනේෂ් අයියේ. අන්න එතැන හදාගත්තනම්, ඔය කඩවලට අනිවාර්යයෙන්ම සදාචාර සීමාවට ඇතුල් වෙන්නම සිද්ධවෙනවා.

      Delete
  26. Replies
    1. බොහොම ස්තූතියි නලින් අයියේ!

      Delete
  27. මම මේක දැක්කේ නැහැ. වැඩ වැඩියි. මමත් මේ ජාතියේ පොස්ට් එකක් දැම්ම . අර දරුවා ගැන. එතනත් හරිම ජුගුප්ස ජනක වාර්තාකරණයක් වුණා .
    http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/907-2015-09-23-21-17-38

    ReplyDelete