Sunday, September 1, 2013

නිවැරදි කිරීමක්




කැම්පස් යන කාට කාටත් අනිවාර්යයෙන්ම උරුම වෙන දෙයක් තමයි කාඩ් එක කියන්නෙ. කැම්පස් ජීවිතේදි සැබෑ නම පාවිච්චි වෙන්නෙ හරිම අඩුවෙන්. ගොඩක් වෙලාවට අපි අවුරුදු තුන හතරක් ළඟින් ආශ්‍රය කරපු යාලුවන්ව පවා නමින් අඳුනනවා අඩුයි. කාඩ් එක කියාපුවාම තමයි ටක් ගාලා පුද්ගලයාව මීටරේ මාර්ක් වෙන්නෙ.

බස්සිට වගේම බස්සාටත් කැම්පස් එකෙන් උරුම වෙච්ච කාඩ් තිවුනා. අපේ බස්සාට කැම්පස් එකෙන් උරුම වුන කාඩ් එක තමයි DJ. එහෙම නැතිව "බස්සා" කියන එක එහෙම නෙමෙයි.

ඔයාල බලනව ඇති මොනවද බස්සි මේ කියවන පිස්සු විකාර කියලා.

මේකයි සීන් එක.

බස්සිගේ බැචෙක් ඉන්නවා එයාගෙ කැම්පස් එකේ කාඩ් එක තමයි "බස්සා". මගේ බස්සාට මේ නම දැම්මෙ මම නෙව. ඉතින් අපේ බැචාල කස්ටියක් පොඩි වැරදි වැටහීමක් ඇති කරගෙනලු මම මේ අකුරු කරන්නෙ අපේ බැච් එකේ බස්සා ගැනයි කියලා.

ඉතින් අපේ බැච් එකේ බස්සට අර යාලුවන්ගෙන් මල කරදරේලු. කස්ටිය ඒකාගෙන් "ගොඩ ගිය පාටි" ඉල්ලනවලු.

මෙහෙම අටමගලක් වෙයි කියලා බස්සි හීනෙකින්වත් හිතුවෙ නැහැ නෙව. ඒකනෙ මෙතෙක් කල් 'නම් ගම් මනංකල්පිතයි' පදනම මත බස්සිගේ ආදර අන්දරය ලියාගෙන ගියෙ.


මොනා කරන්නද ඉතින්. තව පොඩ්ඩෙන් කස්ටියම රටපටළගෙන මල මගුළක් වෙනවා. ඒකාව උස්සගෙන ගිහින් බකට් පොකුණට අතඇරියනම් එහෙම!!!

දැන් හරිනෙ. අපේ බැචාට පාරෙ බැහැල යන්න පුලුවන් දැන් නිදහසේ.....



6 comments:

  1. හික් හික්... හී.. මාර සීන් එක නේ..
    අපේ අක්කට කාර්ඩ් එක කඳුලි. :D
    මගේ කාර්ඩ් එක මක්ක වෙයිද දල්ලේ ලෑ..

    ReplyDelete
    Replies
    1. 'කඳුලි' කියන කාඩ් එක නම්බුයි අනේ.... මගේ කාඩ් එක 'අන්දමන්ද'.

      Delete
  2. අපොයි තව පොඩ්ඩෙන් මාර වැඩක් තමයි වෙන්නේ.. කාඩ් ගැන නම් ඉතින් කියලා වැඩක් නැහැ නේ... ගොඩක් වෙලාවට ඇත්ත නම කිව්වට අඳුර ගන්නත් බෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මමත් තවම ඒ බස්සාගෙ ඇත්ත නම දන්නෙ නෑ..... :)

      Delete
  3. පව් අෆ්‍ෆා ඒ බස්සා! හොඳ කට්ටක් කන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඒක නෙවෙන්නම්!! අපේ බැචා තව ටිකෙන් බකට් පොකුණෙ නානව! ඒකා නාන්න අකමැති නිසාද කොහෙද මගේ බස්සාට කියලා තිවුනා මේ අවනඩුව ගැන.

      Delete