Tuesday, October 8, 2013

හද සනහන නළරැල්ලක්






මගේ නෙතග කඳුලැල්ලත්
මුවග නැගෙන හසරැල්ලත්
සෙනේ සිතින් ඉවසන ඔබ
හද සනහන නළරැල්ලක්

ගිනියම් රන් අවුරැල්ලත්
ඇස් කකියන දූවිල්ලත්
මට සිහිලයි දුටුවිට ඔය
මුව හසරැල් මල් ඇල්ලක්

හද සයුරේ දියරැල්ලත්
පෙණපිඬුවක නැලවිල්ලත්
සිනහ කවඩි බස් තෙපලන
හැම මොහොතම සැනසිල්ලක්

හද කකියන සිතුවිල්ලත්
නෙත තෙමනා ලතැවිල්ලත්
නිවාලන්න දෝරෙ යවා
ආදරයේ වැහි ඇල්ලක්





කවි කාරියක් කිවුවාට කවි කෝ? කවි කෝ?? කිය කියා කිචි බිචි ගාන කුරුල්ලන්, කිරිල්ලියන් වෙනුවෙන්ම පළකරන ලද බස්සිගේ තවත් කවි ගෙත්තමක්.




25 comments:

  1. අප්පා මේං මං තුමාටත් එකක් ලියලා..................
    සෝයි සෝයි . . .

    ReplyDelete
    Replies
    1. ඔන්න බලාපල්ලාකො ඉතිං! ලියන එව්වායින් > 70% ක්ම ලියන්නෙ ඔය උන්දෑට හරි ඔය උන්දෑ ගැන හරි තමයි. :)

      Delete
    2. හ්ම්ම් හ්ම්ම් . . . . . . . .

      Delete
    3. මේ උන්දෑ කියන්නෙ.... මෙයා බස්සද??

      Delete
    4. ඔව් ඔව් ගාලුවෝ මෙයා තමයි බස්සා.

      Delete
  2. කවියකට වඩා හොඳයි මේක සිංදුවකට. තනුවක් නම් මගේ හිතටත් ආවා . ජනප්‍රිය වෙයි කාට හරි දුන්නොත්.

    ReplyDelete
    Replies
    1. සතුටුයි සතුටුයි. :) බලන්නම්කෝ සිංදු ලියන්ටත් පුලුවන් වෙයිද කියලා.

      Delete
  3. ජනප්‍රිය ගීයකට කියාපු හැඩය මේකෙ නොඅඩුව තියෙනවා තමයි. ටිකක් කපල කොටල ගත්තොත් හොඳ ගායකයෙකුත් හොයාගත්තොත් බැරි වෙන එකක් නෑ බස්සිටත් ගීත රචිකාවියක් විදිහට ඉස්සරහට යන්ඩ පොටක් පාද ගන්න එක. ඇත්තටම ලස්සනයි බස්සි....බස්සි කීවෙ බස්සි ගැන නෙමෙයි, බස්සිගෙ පැදි පෙල ගැන...

    ReplyDelete
    Replies
    1. තැන්කූ සහෝ. "බස්සිත් ලස්සනයි, කවියත් ලස්සනයි" කීවානං හරිනෙ. :P

      නිවාඩු පාඩු වෙලාවක තාත්තාට දීල කවිය පොඩ්ඩක් හැඩ කර ගන්ට ඕනෙ.

      Delete
  4. මට හිතෙන්නෙ තාත්තගෙ ආරෙට යනවද කොහෙද??

    සුභ පැතුම් බස්සියෝ...

    ReplyDelete
    Replies
    1. තැන්කූ ගාලු යාලුවේ....
      තාත්තාගෙ ආරෙ බස්සිගෙන් පෙනෙනවා කියන එක අහන්නත් සතුටුයි.

      Delete
  5. චිරාත් කාලය හිරු සදු පවතිනාතුරු එසෙම වෙවා.ඇ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඒ ප්‍රාර්ථනාවට දමිත්.

      Delete
  6. කවිය ප්‍රායෝගික කරගන්න බස්C .ඉදිරිය තවත් සැහැල්ලු වෙයි. මම කියන්නේ බොරුනම් තාත්තාගෙන් අහන්න.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... උපදෙසට ස්තූතියි අරූ. සතිඅන්තයේ ගෙදර ගියාම තාත්තගෙන් උදවුවක් අරන් කවිය ඔපදමා ගන්ට ඕනෙ.

      Delete
  7. ඇවිත් කවිය කියවලා නිකන්ම යන්නේ කොහොමදෑ කොමන්ටුවක් කොටෙන්නේ නැතුව.
    දැන් අහන්න වෙන්නේ කවි කෝ! කවි කෝ! කියලා නෙමේ පැංචි.
    ආදරයේ වැහි ඇල්ල කෝ!

    ReplyDelete
    Replies
    1. ඒ වැහි ඇල්ල ගැන තමයි "බස්සිගේ ආදර අන්දරය" ලියවෙන්නෙ. :) අදහසට ස්තූතියි යාලුවේ....!!

      Delete
  8. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  9. සිතට ගෙනෙන සිහිලැල්ලක්
    ආදරයේ කවි ඇල්ලක්....

    ReplyDelete
    Replies
    1. කවි ඇල්ලෙන් සිහිලැල්ලක්
      ලදිමි කියන සිතුවිල්ලක්
      කොමෙන්ටුවක දකින විටදි
      මුවග නැගෙයි හසරැල්ලක්

      ස්තූතියි දිලිනි!!

      Delete
  10. මට නං කොච්චර try කරත් මෙහෙම පද ගලපන්න බෑනෙ...

    නියමයි. ලස්සන කවියක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තිලින!!

      Delete
  11. මං කයි කියවන්නෙ නැතෝ...

    (කයි ලියන උන්ට මං හරි ඊරිසියයි.. මට බෑනේ පද හතරක් ගලප ගන්න.. හි හි... )

    ReplyDelete
    Replies
    1. එහෙනං මේ කියෝල තියෙන්නෙ :P

      (එහෙම කියන්ට එපා. පද ගලපලා බලන්ට. ඔයාගෙ හදවතෙත් කවියෙක් හැංගිලා ඉන්ට පුලුවනි.)

      Delete