Saturday, October 5, 2013

සංවේගයෙන් දැනුම් දීමයි...!






හිම මිදෙන සීතල සැඳෑවක,
මිහිදන් කලෙමි මම
ජීවිතය..........
මිදෙන්නට පෙර කොපුල් තල මත,
දුඹුරු පස සිපගති කඳුලු බිඳු....


පාට පාටින් හැඩට දිලිසුන,
එකින් එක කැඩිකැඩී ඉහිරුන,
සිහින විසිරී තිවුනි මිහිමත,
සරත් සමයේ වියලි පත් මෙන්...........


යොදුන් ගනනක් පොළව කණිමින්,
දහදියෙන් රළු පස මොලොක් කර,
මිහිදන් කලෙමි මම,
ජීවිතය............


පොළව ඇතුලෙන් කෙඳිරි හඬකින්,
වේදනාවෙන් හුස්ම ගත්තා
ජීවිතය වෙලලා රිදුම් දුන්,
සදා නොමියෙන ඔබේ මතකය.


දෑත් බැඳගෙන අවට බලමින්,
සිවුරුහම් කර ප්‍රේම ගීයක්,
ඔබ ඇදුනි ඉදිරියට හෙමිහිට,
පස් කැටියකට පයින් ගසමින්.


ඔය දෙපා යට,
මගෙ ජීවිතය.
නිසොල්මන් වී
වැතිර හිටියා....


ඔබ ඇදුනි ඉදිරියට හෙමිහිට,
මුමුණමින් තව අලුත් තනුවක්.............




හ්ම්ම්ම්......... බස්සි බබා කාලෙ කඩු හරඹෙන් ගොතාපු පද වැලක්. මොන හේතුවක් නිසාද මංදා බස්සි මේ පද පේලියට ගොඩක් ආසයි. ඒකමයි කඩ්ඩ පොඩ්ඩක් ආලවට්ටම් දාලා සිංහලට හැරෙවුවෙ. අනික දැන් බස්සි ලොකු ළමේක් නෙව.





2004 දි බස්සි දහය වසරෙදි තමයි ඕන් මේ පහලින් තියෙන කවිය ලිවුවෙ. දන්නැද්ද ඒ කාලෙට හිතෙන පිස්සු සිතුවිලි.... ඕන් ඔරිජිනල් වර්ෂන් එකත් කියවලාම යන්ටකෝ...








16 comments:

  1. ලස්සණ යි ලස්සණ යි....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිලිනි...!!

      Delete
    2. දුක් වෙන්න එපා සහෝ... ජීවිතේ හැටි ඔහොම තමයි.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
  2. ඉංගිරිසියෙන් ලියපු එක පංකාදු පහයි. මට මතක විදිහට ඔය කවි සිතුවිලි පහල වෙන කාලේ මමත් ඔය ඉංගිරිසි සාහිත්‍ය පන්ති වල හිටියා...

    ReplyDelete
    Replies
    1. හි හී.... නාඩියාට ඒවත් මතකයි එහෙනම් ඈ.... මේ කවියනම් ක්ලාස් එකේ පෙන්නන්න ගියේ නෑ. ඒ කාලෙ ඕක කියෙවුවා නම් බස්සිගේ අම්මා "මගෙ හොඳ දුව" කියලා කන අතගාවි.

      Delete
  3. Although not detailed as the Sinhalese version, English one is awesome. Short and Sweet.
    congratulations :-)

    ReplyDelete
    Replies
    1. Thanks a lot sithuwili!! It seems that kiddie bassi had been way too creative than young bassi. :)

      Delete
  4. ඔව් නෙව ඉංගිරිස් එකේ තමා ඒ තේරුම හරියටම දෙන්නේ...මේක මේ හැර ගිය පෙම්වතා ගැන විස්සෝපයක් වගෙයි මට නම් හැඟුනේ....මක්ක වුනත් පද පෙල නම් අපූරුයි...

    ReplyDelete
    Replies
    1. ඇත්තෙයි. සිංහල බ්ලොගක් නිසා ඉතින් ඉංගිරිස් එක විතරක් තනියෙන් දාන්ට බෑ නෙව. සන්තෝසයි, සන්තෝසයි. :D

      විස්සෝපයක් නම් තමයි. හැර ගිය "පෙම්වතෙක්" නම් නෙමෙයි මට හිතෙන හැටියට....

      Delete
  5. එතකොට මේක මේ බැස්ස හම්බෙන්ට කලින් වෙච්ච කෙස් එකක් වෙන්ටෑ...:D

    ReplyDelete
    Replies
    1. කවියක් ලියන්ට ඇත්ත කේස් එකක් වෙන්ට ඕනෙමද හැබෑට?? :P ;)

      Delete
  6. හරිම ලස්සනයි. අත්දැකීමක් නොවුනත් මං හිතන විදියට මේ තරම් හැගුම්බරව ලියවෙන්නෙ නම් හිතට තදින්ම සියුම්ව කා වැදුන දෙයක් තමා.

    - ප්‍රියා.

    ReplyDelete
    Replies
    1. අත්දැකීමක්. මම කිවුවෙ මේක පෙම් පලහිලව්වක් නෙමෙයි කියලයි. සියුම්ව හිතට කා වැදුන නිසයි අදටත් මම මේ කවියට මෙච්චරම කැමති.

      Delete
  7. හුගාක් ලස්සනයි

    ReplyDelete