Sunday, October 6, 2013

මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.



මේ පෝස්ටුව දාන්නෙ on behalf of අපේ පියතුමා. නැතහොත් "බස්සි ඩැඩා" වෙනුවෙන්. බස්සිගේ තාත්තාට බස්සිටත් වඩා තිවුනා ඔය ලිවීමේ උණ. ඉතින් "බස්සි ඩැඩා" ගත්තා පෑන අතට. ලියනවා, ලියනවා, ලියනවා. ඒ කාලේ සිට අද දක්වාම "බස්සි ඩැඩා" කවි, ගීත, වේදිකා නාට්‍ය පිටපත් වාගෙම කෙටිකතාත් ලියලා තියෙනවා බර ගානක්.



 
ඒත් ඉතින් තාත්තා අපි පුංචි කාලෙ ඉඳන් ලියන නිසා ඒ ගැන බස්සිට කිසිම විශේෂත්වයක් දැනුනෙ නෑ. බස්සිට ඉතින් තාත්තා "බස්සි ඩැඩා"ම තමයි.

දවසක් බස්සයි බස්සියි ගමනක් යනකොට බස් එකේ සින්දුවක් ඇහෙනවා...



 

මිදුලේ සුදු වැලි තලයේ
මිරි වැඩි සඟළක සළකුණු
දැක මා හද පතුලේ සැකයකි උපදින්නේ

මා නිවසේ නැති අතරේ
කවුරුන් හෝ පැමිණ තිබේ
කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ


බිරිඳට සොහොයුරන් නොමැත
මා සොයුරුද අසනීපෙනි
මගේ යහළුවෙක් නිවසට ආවද මන්දා
ඊයෙත් හැන්දෑ වරුවේ
මා එනවිට මිදුල පුරා
තිබුණා මිරිවැඩි සළකුණු කාගෙද මන්දා//


බස්සිත් ඉතින් බස්සාට තට්ටුවක් දාල කිවුවා "අන්න අපේ තාත්ත ලියාපු සින්දුවක් යනව" කියල. අහෝ ඛේදයකි, ඉරකි, තිතකි. බස්සා අපේ තාත්ත ඒ සින්දුව ලිවුවැයි කියල දන්නෙ ඒ වෙලාවෙලු. ඉතින් මම බස්සගෙන් ලුණු ඇඹුල් ඇතුව අහගත්තා එදා.


ඔය නිසයි බස්සිට හිතුනේ "බස්සි ඩැඩා" වෙනුවෙන් බ්ලොගක් හදා දෙන්න. ඕන් ඉතින් බ්ලොග හැදුවයි කියමුකෝ...."බස්සි ඩැඩා" ට ඕනෑ විදියට ඒක කපා ඔප දමන්ට, ඔප දමපුවා මකන්ට ආදී මෙකී නොකී වැඩ වලට සෑහෙන කාලයක් ගතවුනා. දැන් ඉතින් බස්සි කියලා කියලාම "බස්සි ඩැඩා" ඒ ලියාපු සින්දු වල කතා වස්තුව සහිත ලිපි ලියනවා. බස්සි එවුවා ටයිප් කොරලා නිවාඩු වෙලාවට බ්ලොගේ දානවා.

මේන් මේ තියෙන්නෙ අපේ පියාණන්ගේ බ්ලොගට යන පාර.

"බස්සි ඩැඩා" ඉතින් ෆේස්බුකියෙ, ට්වීටරයෙ එහෙම ඉන්න කැමති එකක්යැයි. ඒ නිසා බ්ලොගට ගොඩවදින උදවිය අඩුයි. සින්ඩිකේටර කීපයකට අයදුම් කලත් ප්‍රතිචාරයක් නොමැත තවමත්. ඔය ගැන පස්සෙන් පන්න පන්න හොයා බලන්ට බස්සිටත් වෙලාව කලාව හිඟයි නෙව.

ඒ නිසයි මෙහෙම මාර්කටිo පාරක් බස්සිගේ නවාතැනේ පළ කොරන්ට හිතුවෙ.

මේ තියෙන්නෙ මම අපේ තාත්තා ලියූ සින්දු වලින් කැමතිම සිංදුව. ගායනා කරන්නෙ අයිවෝ ඩෙනිස්. මේකෙත් කතා වස්තුව තියෙනව බ්ලොගේ අලවලා.




 

සිතන්නෙපා ඔබ සිතන්නෙපා
අද මා සිටිතැයි සිතු සැනසිල්ලේ
ඔබට හොරා අන් අයට හොරා
මා හද වැළපෙයි නිති ළතැවිල්ලේ

උදාගිරේ රන් පහන් තරුව සේ
අවරගිරේ ඉරබටු තරුවක් සේ
උදේ හවා ඔබ පායා සැඟවෙයි
මගේ අඳුරු සිතු ආකාසේ

ඔබ පිළිබඳ සිතුවිලි පවනක් වී
පායා එයි ආදර සුවඳක් වී
අතීත සැමරුම් හද රිදුවන සඳ
ඔබ සැඟවෙයි නෙතු කඳුළක් වී


අවුල තියෙන්නෙ අපේ පියාණෝ දැන් ලියන සිංදු ගායකයින්ට දෙන්න අකැමති වීම. ඒකට ප්‍රධාන හේතුව තමයි ඉතින් සිංදුවක් නිකමට කියවලා බලන්න දෙන්න ගියත් අපේ සිංදු අයියලා අක්කලාගෙ තියන රැස්පොට් එක. ඒ නිසා දැන් තාත්තා ලියන සිංදු ගෙදරදි අපි අපිම කියලා ජොලියක් දානවා පමණයි.

කොහොමින් කොහොම හරි මේක තමයි බස්සි තාත්තාගේ බ්ලොග වෙනුවෙන් දාන ඇඩ් එක.

 




මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.


51 comments:

  1. දෙය්යො සාක්කි.... මම දන්නෙත් දැන් තමය් එ සින්දුව ලිව්වෙ කවුද කියල...

    තාත්තට බ්ලොග් එකක් හදලා දීපු එක වටිනවා

    ReplyDelete
    Replies
    1. මේ බස්සි කලොත් කරන්නෙ ඔහොම වටින වැඩ තමයි... :P ස්තූතියි අක්කා කොමෙන්ටුවට. හුඟ දවසකින් දැක්කෙ. :)

      Delete
  2. ඒ සිංදුව ලිවුවේ බස්සිගේ තාත්තද.. නියමයිනේ..

    ReplyDelete
    Replies
    1. තැන්කූ දිනේශ් on behalf of "බස්සි ඩැඩා"

      Delete
  3. "බස්සි ඩැඩා" නියමයිනේ :) මම ආස සිංදුවක් "මිදුලේ සුදු වැලි තලයේ" සිංදුව :)) (y)

    ReplyDelete
    Replies
    1. තැන්කූ නුවා on behalf of "බස්සි ඩැඩා"! ඩැඩ්ස්ගේ බ්ලොග්ස් එකටත් එන්ටර්ස් වෙලා යන්ට හොඳේ...

      Delete
  4. යකෝ! අපි දන්නේ නෑනේ!! එලම තමා! සුභ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ නාඩියා!! :)

      Delete
  5. මාරයි ඈ...... ඒ ඔයාගේ තාත්තාද සුබපැතුම්

    ReplyDelete
    Replies
    1. මචං අර යහවන් දෝශේ චැක් කොරහංකෝ.

      Delete
    2. තැන්කූ පව්ලූශා "බස්සි ඩැඩා" වෙනුවෙන්!!

      ka Kalaya මොනවද කියන්නෙ කියල මට තේරුනේ නෑ. පවුලූශාට කියාපු එකක් වෙන්ට ඇති.

      Delete
    3. @ කා කාලය - යවහන් දොශේ චෙක් කොරන්නේ කවි වලානේ බං. මම දන්නා තරමින් සින්දු වලට යවහන් දෝෂ චෙක් කොරන්නේ නෑ. (උඹ ඇහුවේ මේක ගැන නම් )

      Delete
  6. ඔන්න බස්සි ඉන්නව. බස්සෙකුත් ඉන්නව. තාත්තට අපි කියන්න ඕන කොහොමද? (සෑහෙන්න පෝස්ට් ගනනක් දාල. හෙමින් කියවන්නං. බස්සිගෙ බ්ලොගේ නං සම්පූර්ණයෙන්ම කියෙව්ව)

    ReplyDelete
    Replies
    1. සතුටුයි බස්සිගෙ බ්ලොග් කට්ට සේරම කියෙවුව එකට. :)

      තාත්තාට බස්සි නං චූටි කාලෙ ඉඳන් කියන්නෙ "තාත්තුරා" කියලයි ආදරේට. හ්ම්ම්.... බ්ලොගේට ගැලපෙන්ට "බස්සි ඩැඩා" කිවුවත් කමක් නෑ. කැමති නමක් කියන්ට රාජ්, ඔයාලා මිදුලෙ කොමෙන්ට් කරන ඒවා තාත්තට පෙන්නලා තාත්තා කියන උත්තර බස්සිටම තමයි නෙව කොටන්න වෙන්නෙ.

      Delete
  7. අඩේ බස්සිගෙ ඩැඩාත් මාර බුවෙක් නෙ... මුල්ම සින්දුව පට්ට ලස්සන එකක්... මම ගොඩාක් ආසයි....

    ReplyDelete
    Replies
    1. බස්සී.... ඔයාලගෙ වාසගම පලිහවඩනද??

      තාත්තල ගෙ මහ ගෙවල් මාතර පැත්තෙද??

      Delete
    2. තැන්කූ ගාලු කොල්ලා....!!

      වාසගම නෙමයි අර නම ඉස්සරහින් තියෙන එක (ඒකත් වාසගමද මන්දා) අන්න ඒක "පලිහවඩනගේ". අපේ තාත්තා ඉතින් ලියනකොට ඒ මුල කෑල්ල නමේ අගට පාවිච්චි කොරනව.

      මාතර නෙමෙයි අනේ අපි කටුනායක පැත්තෙ. ඕං අපේ බස්සානම් මාතර.

      Delete
    3. අපේ වාසගම "පලිහවඩන"... මම සෑහෙන්න බය උනා.... බුදු අම්මෝ....

      ආ එහෙමද බස්ස මාතර කොහේද??

      Delete
    4. ඒ මොකෝ අෆ්ෆා බය උනේ?? බස්සා තිහගොඩ.

      Delete
  8. බස්සී කෙල්ලේ. ගුඩ් ඈ. මම මේ අලුගෝසුවෙක් හොයන ගමන් අහම්බෙන් ආවේ. එත් වරදක් නෑ. ඇත්තටම ඒක තාත්තාගේ සිංදුවක්ද?
    කොහොම උනත්, ඔය සිංදුවේ ඔරිජිනල් එක ඉස්සර රේඩියෝවේ නම් ගියා. මට හොඳට පුරුදුයි. එත් දැන් යන්නේ සන්ෆලවර් එක්කනේ.

    ReplyDelete
    Replies
    1. "අලුගෝසුවෙක් හොයන ගමන්"? :D

      තැන්කූ තැන්කූ.... අහම්බෙන් හරි බස්සිගෙ නවාතැනට එවුනා නෙව. දැන් පාර දන්නවනෙ.

      ඔව් අනේ කල්දේරා සන්ෆ්ලවර්ස් ලා එක්ක සින්දු සෙට් එකක්ම remake කලා නෙ. පරණ සින්දුවනම් හොයාගන්නත් නැතුව ඇති දැන්.

      Delete
  9. Oya sinduwa mamath aasaa ekak habayi adayi mama bassige site ekata aawe raj ayiyage link ekakin mama gihin ennam ko bassige dad ge blog ekatath

    ReplyDelete
    Replies
    1. තැන්කූ කෝරලේ මහත්තයා!! (රාජ් අයියාටත් තැන්කූ ඈ...) සාදරයෙන් පිළිගන්නවා බස්සිගෙ නවාතැනට සහ "බස්සි ඩැඩා"ගෙ මිදුලට!!

      Delete
  10. ඔන්න මමත් පළමු වරට අවා බස්සිගේ නවාතැනට. ඒ එක්කම යනවා බස්සිගේ තාත්තාගේ මිදුලට.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා විශ්වව බස්සිගෙ නවාතැනට සහ "බස්සි ඩැඩා"ගෙ මිදුලට!!

      Delete
  11. ශා ...........ඒ සිංදුව ලිව්වෙ ඔයාගේ අප්පච්චිද? ඒක හොඳ තේරුමක් තියන සිංදුවක්..!

    හ්ම්ම් බලමුකෝ ඒ බ්ලොග් එක..

    මේ.........බස්සි අප්පච්චිගෙනුත් සල්ලි ගත්තා නෙහ් ප්‍රචාරයට...මෙහෙමත් දූලා :D

    ReplyDelete
    Replies
    1. අනේ අයියෝ බලන්නකො රෙහානි අක්කා කියලා තියෙන කතාව. මමයි මුදල් ගෙවුවෙ. වීක් එන්ඩ් එකට ගෙදර ගියාම තාත්තට මේ කොමෙන්ටුව පෙන්නලා ඉල්ල ගන්න ඕනෙ රුපියල් පහක් ටොපි කන්න. ;)

      Delete
  12. බස්C....අර WORD VERIFICATION එක තාත්තාට අවශ්‍යමද? මිදුල හරි පිලිවෙලයි...... ලස්සනට අතුගාලා තියෙනවා.....හොඳ දුවෙක්.

    ReplyDelete
    Replies
    1. අප්පොච්චෙයේ අරූ මම WORD VERIFICATION අයින් කොරලා නැද්ද? ඒක නම් "බස්සි ඩැඩා" ඉල්ලාපු feature එකක් නෙමෙයි. ඉන්ට මං ඒක හදන්නම්.

      බස්සි හොඳ..... දුවෙක් තමයි. අරූගෙ කොමෙන්ටුවත් පෙන්නනවා "බස්සි ඩැඩා"ට දූගෙ අගේ තේරෙන්ට. ;)

      Delete
  13. ඔන්න මගේ බ්ලොග් රෝලට බ්ලොග් දෙකම එල්ලා ගත්තා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සුදීක! :)

      Delete
  14. අඩේ ඒක ලිව්වේ ඔයාගේ ඩැඩාද??? මරු!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා රජාත් ඇවිත් තියෙන්නෙ මේ පැත්තෙ! රජෝ ඔයාගෙ බොග කියවල බස්සිගෙ හිනා නහර පුපුරනවා ළඟදිම.

      එසේය රජතුමනි! ඒ අපේ ඩැඩානන් ය.

      Delete
  15. බස්සි ආදර්ශමත් දියණියක් නොවැ. ඔය ගීතයත් මං කැමතිම ගීතයක් ඒ වගේම පවුල් කාරයන්ට හිතන්න දේවල් ගොඩක් තියෙන ගීතයක්.

    - ප්‍රියා.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව... ඔන්න හැමෝම මේ උඩින් තියෙන කොමෙන්ටුව කියවලා බස්සිව ආදර්ශෙට අරන් හැදෙන්න හොඳද? :)

      Delete
  16. ඔය සින්දුව ලිව්වෙ තියා කිව්වෙ කවුද කියලවත් හොයා ගන්න නැතිවෙනව කල්දේරට සන්ෆ්ලවර් එක්ක සින්දු කියන්න නොලැබුනානම්. ඔයාගෙ ඩැඩාගෙන් අහන්න මෙන්න මේ සින්දුව ලියාපු කෙනා කවුද කියල.

    "මෙලොව තිබෙන අමිල නිමල මධුර සැප එපා
    උදය සවස වැලද වදිමි අම්මෙ ඔබෙ දෙපා"

    ප/ලි,

    තාත්තෙකුට දෙන්න පුලුවන් ලොකු ගෞරවයක් ඔයා දීල තියෙනව. ඒකට මගේ උපහාරය!

    ReplyDelete
    Replies
    1. ඔව්. සංගීතය පැත්ත කොහොම වුනත් කල්දේරා කියලා ගායකයෙක් ඉන්නවා කියන එක ගොඩක් මිනිස්සුන්ට මතක් වුනේ සන්ෆ්ලවර්ස්ලා එක්ක කරපු කැසට් එක නිසයි.

      ම්ම්ම්..... තාත්තාගෙන් අහල බලන්ට ඕනෙ ගෙදර ගියාම. අහලා බලලා දාන්නංකො උත්තරේ.

      ප.ලි. කොටසට ස්තූතියි ඉන්දික!

      Delete
  17. ඔබගේ පියාගේ මිදුල බ්ලොගය මා අඹගහයට ට ඇතුල් කලා. අපහසුතාවයක් නොවෙනවා ඇතැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි යාලුවේ!! ඒ උදවුව බස්සිගේ තාත්තාට සෑහෙන්න වටිනවා.

      Delete
  18. අඩේ අප්පා...මේ බ්ලොග මට මිස් උනෙ කෝමැයි...Raj ගෙ ඔත්තුවෙන් ආවෙ.........මිදුල.....හිමිහිට සැනසිල්ලෙ කියවල බලන්න ඕනා...කෝකටත් හරහට ඉන්නෙ වෙලාව නෙ.....

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා බස්සිගේ නවාතැනට! බස්සි කියන්නෙ වැඩි එලිපහලියට එන්නෙ නැති, අඳුරෙ සැරිසරන ජීවියෙක්නෙ. ඒකයි ඔයාට මිස් වෙන්ට ඇත්තෙ.

      "රාජ් සහෝටත් නැවත වතාවක් තුති!!"

      Delete
  19. බ්ලොග් දෙකම හෙමීට කියවන්න ඕනේ ....

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි සහන්. ස්තූතියි. මේ දවස්වල තාත්තා බ්ලොග් ලියන්නෙ නැහැ. අසනීපෙන් ඉන්නෙ.

      Delete
  20. අද ඉඳන් මං මෙහෙ එන්නේ නැතුව මහා ගෙදර යනවා.. :D

    ReplyDelete
  21. ඈ බං බස්සි අක්කේ!! මේක අදනෙ දැක්කේ!!
    ඔන්න එහෙනං මිදුලට අපිහ් ගොඩ වුණා ඈ!!!!

    (තාත්තලා දූලට කොච්චර ආදරේද කියන එක මම හොඳටම දන්නවා, ඒත්, දූලත් තාත්තලට ආදරේ කියලා තේරුණේ සුළු අවස්තාවන් ගණනකදි විතරයි. මේකත් ඒ විශේෂ අවශ්තාවන්ගෙන් එකක් ඈ!!!!)

    ReplyDelete
    Replies
    1. //(තාත්තලා දූලට කොච්චර ආදරේද කියන එක මම හොඳටම දන්නවා, ඒත්, දූලත් තාත්තලට ආදරේ කියලා තේරුණේ සුළු අවස්තාවන් ගණනකදි විතරයි.//

      හලි සන්තෝසයි ඈ.... :D

      Delete
  22. අම්මට සිරි !!! බොරුවක් නෙවේ නේද :o

    යකොදොව් මේ සින්දුව සිරාවට බස්සි අක්කලාගේ තාත්තා ලියපු එකක් ද ?? :o

    හෑ.. අපේ මනුස්සයාගේ කැමතිම සින්දුව.. ඕක ගැන පැය 24ම කියෝලා මට ඔය සින්දුව කට පාඩම් වෙලා තිබ්බේ..

    විශ්වාස කරන්න බෑ වගේ සිරාවටම.. :o

    කවුද බොලේ හිතුවේ අල්ලපු වටේ හිටපු ප්‍රේමරත්න අන්කල් ලියපු සින්දුවක් ගැනයි මේ මාස ගානක් තිස්සේ අපේ මනුස්සයා කිව්වේ කියලා..
    සතුටුයි.. සතුටුයි.. සැහෙන්න..

    ReplyDelete
  23. ඔබේ පියාට සදා සුව පතමි!
    මගේ සාතිශය සංවේගය පිළිගන්න.

    ReplyDelete
  24. බොහොම කණගාටුයි බස්සි.මමත් හරි ආස සින්දු කීපයක්.
    http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16134-2015-03-10-18-59-17

    ReplyDelete