Saturday, October 19, 2013

නම්

 

අපි හැමෝටම තියෙනවා නමක්. බොහෝවිට නම් දෙකක්, නම සහ වාසගම. අද වෙනකොට ගොඩාක් අයට වාසගමට අමතරව නම් දෙකක් තියනවා, කැමති නමක් භාවිතා කරන්න. තවත් සමහරු දරුවන්ට ආදරේ වැඩිකමට නම් තුනක්, හතරක් නෙමේ හයක් විතර දාන දෙමවුපියොත් ඉන්නවා. කැම්පස් එකේ බස්සගෙ යාලු කුරුල්ලෙකුත් ඉන්නවා එහෙම නම් ගොඩාක් තියන. එයාගෙ නම ලියන්නනම් පේලි තුනක්වත් යනවා.


බස්සි අද කියන්න යන්නෙ ඒ නම් ගැන නෙමෙයි. ආදරේට කියන තවත් නම් වර්ගයක් ගැන. ඒවට අපි කියන්නෙ නික් නේම්ස් නැත්තම් කාඩ් කියලා.


බස්සිට බබා කාලෙ තාත්තා ආදරේට කිවුවෙ "දූප්පුරා" කියලා. ඉතින් බස්සි තාත්තාට කියන්නෙ ඒකට ගැලපෙන්ට "තාත්තුරා" කියලයි. 




ඔය තාත්තුරා කියන එක වෙනස් කර ගන්න බස්සිට පුලුවන් වුනේ කැම්පස් යන කාලෙදියි. ඇයි ඔය නමින් අපේ තාත්තාව හඳුන්වපු ගමන් සේරම උන් බඩ අල්ලන් හිනා වෙනවා නෙව.


කොහොමින් කොහොම හරි ගෙදෙට්ට නංගි බබෙක් ගෙනාවට පස්සෙ බස්සිට තිවුන "දූප්පුරා" කියන නම "අක්කිරියා" කියල වෙනස් වුනා. ඒ නම දාන්ට නම් පුරෝගාමී වුනේ අපේ අම්මා. ඒකට හරියන්ට නගාට කියනව "චූටික්කා" කියල.



"අක්කිරි" කියන නම කොයි තරම් දුරට රෙජිස්ටර් උනාද කිවුවොත් අපේ අම්මයි තාත්තයි අදටත්, කවුරු එක්ක කතා කලත් මාව හඳුන්වන්නෙ "අක්කිරියා" කියලයි. "කිරියා" කියද්දි දන්නෙ නැති උන් හිතනවා ඇති ගෙදර හුරතලේට ඇති කරන පූසා කියල.


ඔය නමෙන් ඇරෙන්න මගේ සැබෑ නමින් කැඳවීමක් ලැබුනොත් ඉතින් අනිවාර්යෙන් මොකාක් හරි බාල්දියක් තමයි. අම්මා ඉස්සර "යශෝධා සම්මානී.... මෙහාට එනවා..." කියාපු ගමන් කකුල් කෙටි දෙක මැන්ඩලින් ගහන්ට ගන්නවා අපූරුවට.


ඔතනින් පස්සෙ තමයි ඉක්කෝලෙ කාලෙ නම් පටබැඳීම පටන් ගන්නෙ.


බස්සිට මුලින්ම නමක් වැටුනෙ කොන්වන්ට් එකේ ප්‍රයිමරි කෑල්ලෙදි. ඒ කාලෙ බස්සි ගොඩක් මහතයි. පෙරලි පෙරලි තමයි යන්නෙ. ඒ ගමනට ගැලපෙන විදියට තුනේ පංතියෙ යාලුවො තියාපු නම තමයි "ඩෝලෙ".


හයේ, හතේ, අටේ, නමයේ පංතිවලදි කියාපු නම් නං ඇත්තටම මටවත් මතක නෑ.


ආපහු නම්බු නාම රාශියක්ම ලැබුනෙ දහයෙ පංතියෙ යාලුවො සෙට් එකට වැටුනාම. ඒ කාලෙ බස්සිගෙ මහත නම් අඩුවෙලා හොඳටම. ඒ වුනත් යාලුවො හැමෝම බස්සිට වඩා උස නිසා අහන්න ලැබුන මුල්ම නම තමයි "කොටර්". ඕක එකොලහට යද්දි මොඩිෆයි උනා "කොට හාමිනේ" කියලා.






ඒ වගේම "පුටු කකුලා", "ඩේවිඩ් පීරිස්", "පීටර්" වාගෙ නමුත් කාලෙන් කාලෙට ආවා. ගියා.

 
කට්ටියට රෙස්ලින් පිස්සුව තිවුන කාලෙ හැමෝටම රෙස්ලර්ලාගෙ නම් දාන එක ට්‍රෙන්ඩ් එකක් වුනා. ඒ කාලෙ බස්සිට වැටුන නම තමයි "රේ මිස්ටීරියෝ"! ඒකෙත් හැටි. ඌ තමයි ඒ කාලෙ හිටපු රෙස්ලර්ලාගෙන් කොටම එකා.




ඒ වාගෙම කොල්ලෙක් කතාකලාම ඇඹරෙන්න අසහාය හැකියාවක් තිවුන යාලුවන් අතරෙන් දෙවැනි ස්ථානය හිමි කරගත් හින්දා බස්සිට "රඟ සොබා අංක දෙක" කියන ගෞරව නාමයත් ලැබුනා.


ඒ ලෙවල් කාලෙ කස්ටියට පාඩම් වැඩ ගැන එහෙම පොඩි පොඩි උපදෙස් දෙන්න පුලුවන් තත්වෙකට ආවට පස්සෙ බස්සි නිකංම "බොස්" උනා.





 
ඊළඟට පට්ටම නම වැටෙන්නෙ ඒ ලෙවල් ඉව වෙලා ඩ්‍රයිවින් ඉගෙන ගන්ට ලර්නර්ස් යන කාලෙ. (ෆේල් උනානම් අඩු ගානෙ ඩයි නෝනා කෙනෙක් වෙන්න හිතාන. ;) ) ඒ තමයි "නයිට් රයිඩර්" 

බලමු කවුද මේ නමට හේතුව නිවැරදිව අනුමාන කරන්නෙ කියලා. නිවාඩු දවස නිසා නිවැරදි පිළිතුර මුලින්ම කොමෙන්ට් කරන කෙනාට බස්සි දෙනවා පොඩි තෑග්ගක්.


කැම්පස් කාලෙ බස්සිට ඉතින් නම් වැ
ටිම අනිවාර්යයි නෙව ඉක්කෝලෙ තිවුන නම් කන්දරාවෙ හැටියට. ගිය ගමන් බස්සිගේ වැඩ හොඳහැටි තේරුම් ගත්තු දෙක වසරෙ අයියලා දාපු නම තමයි "අන්ද මන්ද". ඔය නම දිග වැඩි නිසා කස්ටියම කතා කලේ "ඒ.එම්." කියලයි. පස්සෙ කාලෙකදි බස්සිගෙ බැචාල බැචීල එකතු වෙලා මේ චාටර් නම "ඒම්" (Aim - ඉලක්කය / අරමුණ) විදියට එඩිට් කලා.



බස්සා නම් තැබීමේ කරළියට එන්නෙ ඊට පස්සෙ. බස්සාත් නම් තැබීමේ එක්ස්පර්ට් කෙනෙක් ඔහොම හිටියාට. "මැටි හාවි", "චූටි නිපී", "ටුට්ටු", "බායියා" වාගෙ නම් ලිස්ට් එකක්ම තියෙනවා බස්සා දමාපු. මේ දවස්වලනම් වැඩියෙන්ම භාවිතාවෙන නම "තඩියා". මොකද ජොබ් කරන්න ගත්තාට පස්සෙ බස්සි ටික ටික මහත් වෙන්න අරන්.


හොඳා අර මුලින් අහපු ප්‍රස්නෙටත් උත්තරේ අනුමාන කරලාම යමුකො. බස්සිගේ පවුලේ සමීප මිතුරන්ට සහ බස්සාට තරඟයට ඇතුල් වීම තහනම් හොඳේ. 


57 comments:

  1. හුම් කාඩ් එක නේද ඕවා වදයක වෙලා අප්පා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. යේස් මම නේ පලවෙනි එක දාලා තියෙන්නේ

      Delete
    2. knight rider කියන්නේ රෑ වෙන්න කිට්ටුව traing යන නිසාද නැත්තම් හයියෙන් යන නිසාද

      Delete
    3. අනේ මේ පොඩි බ්ලොගේ එක වෙන එක ලොකු වැඩක්යැයි! :P

      ඉස්සරත් ගොඩාක් පෝස්ට් වල එක ඔයාම තමයි. ඔන්නම් "බස්සිගේ බ්ලොගේ එක වීම" කියලා රෙකෝඩ් එකක් තියන්ටත් පුලුවන් වෙයි ඔයාට.

      Delete
    4. හෙට තමයි උත්තරේ හරිද වැරදිද කියලා කියන්න වෙන්නෙ.

      Delete
    5. යස පොඩි දැන් මේක බ්ලොග් ලෝකේ ලොකු ලොකු ඈයෝ එන තැනක් නේ ඈ.එහෙම එකක් එක කියන්නේ ලේසිද ඈ :D

      Delete
    6. http://bassigenawathana.blogspot.com/2013/10/blog-post_391.html

      Delete
  2. අක්කා රෝද 2න් වත් යන්න ට්‍රයි කොලද දන්නේ නැ නේද ????

    ReplyDelete
    Replies
    1. උත්තරේ හරිද වැරදිද කියලා හෙට ඇවිත් බලන්නකෝ...... :)

      Delete
    2. http://bassigenawathana.blogspot.com/2013/10/blog-post_391.html

      මෙන්න උත්තරේ....

      Delete
  3. මට නම් උත්තරේ හිතාගන්න පුලුවන්..මං ඉතින් සමීප හිතවතෙක් කියලා හිතලා උත්තරේ නොකියා ඉන්නම්කෝ... :P

    ReplyDelete
    Replies
    1. අනේ සුදු නංගෝ ඔයාට කොහොම තැන්කූ කියන්නද කියලා හිතාගන්න බෑ!! මම එනකොට පැණිකජු ගේන්නම් ඔයාට ;)

      Delete
    2. සිරාවටම?? විශවාස කරන්නත් බෑ :D හා හා ගේන්න ගේන්න...මං පැණි කජු කන්න හරි ආසයි O:)

      Delete
  4. අනිවා නයිට් රයිඩර් කියන්නේ කොහේ හරි turbo boost පාරක් දාන්න ඇති! :D අප්පේ මගේ නම් ටිකත් ලඟදි ලියලා දැම්මොත් හොඳයි වගේ!

    ReplyDelete
    Replies
    1. අප්පේ නාඩියා ඉතින් ඔන්න මගේ ඉතුරු වෙලා තියෙන කාඩ් එකත් කුඩු කරන්නයි හදන්නෙ. ඒ වුනාට උත්තරේ හරිද කියලා කියන්නෙනම් හෙට.

      Delete
  5. මට නම් හිතෙන්නේ high spreed නිසා කියලා. දැන් නම් ඉතින් මම කියන්නෙ ම බස්සි කියල නේ.

    ReplyDelete
    Replies
    1. කස්ටියටත් මරු මරු උත්තර කල්පනා වෙනව නේ.....!!!

      ආනේ ඔයා කිව්වාමයි මතක් උනේ. "බස්සි" කියන නමත් දැන් ගොඩක් දෙනෙක් රෙජිස්ටර් කරලා නෙව. බ්ලොග් ලියන යාලුවො විතරක් නෙමෙයි කැම්පස් එකේ පොඩි එවුන් එහෙමත් දැන් කියන්නෙ "බස්සි අක්කා" කියලා.

      Delete
    2. r ඒකක් වැඩි වෙලෝ...high speed :) අාදරේට කියන නම් ගැන කිව්ව ම අතුරු කතාවක් මතක් වුණා.
      කෙල්ල - අර බලන්න අර කොරොල්ලා
      කොල්ලා - (වාහනයක් ඒනව ද බලමින්) කෝ අනේ කොහෙන්ද ඒන්නේ?
      කෙල්ල - අර ඉන්නෙ අර අත්තෙ වහලා

      Delete
    3. මම දැක්කා වැඩිපුර වැදිච්ච R එක. කළබලේට වෙන්නැති කියලා හිතුන.

      හික්ස්... ඒක නම් පට්ට කතාව ඈ.... අපේ බස්සත් වෙලාවකට ඔය වගේ දෙලොවට නැති අදහස් ප්‍රකාශ කරනව, වෙන කල්පනාවක ඉන්නකොට...

      Delete
    4. වෙන කල්පනාවක් නෙමේ අනේ...අාදරේ වැඩිකමට කුරුල්ලා කොරොල්ල වෙලා!

      Delete
  6. අපෙත් නයිට් රයිඩර් කෙනෙක් ඉන්නවා ‌‍උ‌ෳට මම එක වැටුනේ රෑ පනේ ගමන් යන නිසා...
    කෙල්ලෝ කොටු පනින්නේ නැ නෙහ් එක නිසා එහෙම කාරණයක් වෙන්න බැ....

    මට හිතෙන විදියට කෙල්ලන්ට වාහන වැල වැඩිපුර කැලි ඕන නැ නෙහ්...කන්නාඩි එහෙම නිකන් හි කරපුව නෙහ්..ඔයාට ඒ වගේ ලයිට් හෝන් වැඩි කැලි කියලා හිතිලා ඒවායේ බාවිතය නිසාදෝ කියලා හිතෙනවා

    හෙට වෙනකම් ඉවසන්නම් කෝ

    ReplyDelete
    Replies
    1. අනිච්චේ දුක්කේ ආචාරියෝ! බස්සිට මොන කොටුද? ඒ කාලෙ දන්නෙ ගණන් පොතේ කොටු විතරමයි :P

      ආන්න හොඳා... හෙට බලමුකො ඩොකාගෙ උත්තරේ කොහොමද කියලා... ඔන්න ඔහොම උපේක්ශා සහගතව ඉන්ටකෝ...(අර රඟපාන උපේක්ශා නෙමෙයි ඈ..!)

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. oyata drive karanna puluwan pare wahana nathi weleta witharada? rata wage

    ReplyDelete
    Replies
    1. බලමු බලමු අද හවස වෙනකම් උත්තර දෙන්න තියෙන කාලය දීර්ඝ කලා ඕං. තව පාරක් ට්‍රයි කොරන්ට පුලුවන් කැමතිනම්.

      Delete
  9. ඔයා ට්‍රයල් පෙන්නන්න ගිය දවසේ ටර්බෝ බුස්ට් එකක් දීලා තියෙනවා බස්සියේ අනිවා ,, අපේ අටං තුමත් එයාට තිබ්බ නම් ගොඩක් පෝස්ට් එකක් දාලා තිබ්බා හෙට එන්නම්කෝ බලන්න

    ReplyDelete
    Replies
    1. අටං ගේ නම් ටික මග ඇරිලා වගේ මට. සර්ච් පාරක් දාලා බලන්ට ඕනෙ ඒ පෝස්ටුව.

      මේක ට්‍රයල් දවසට කලින් වැටිච්ච නමක් ඔමා..... ඕන් මම ඉඟියක් දුන්නා. ;)

      Delete
    2. http://atampahura.blogspot.com/2013/08/blog-post_22.html

      Delete
    3. තැන්කූ මැලේ... පෝස්ටුව ලඟටම ගෙනත් දීලා.

      Delete
  10. හරි හරි වාහනේ පුරුදු වෙන්න කලින් වාහනේට කතා කරනවා නේද??

    ReplyDelete
    Replies
    1. අනී මෙයාටත් හිතෙන ඒවා!! මොනා වුනත් අජීවී වස්තූන් එක්ක කතා බහ කරන එක බස්සිට පොඩි කාලෙ ඉඳලා තියෙන පිස්සු පුරුද්දක් නම් තමයි ඉතින්.

      බලමු බලමු. අද හවස වෙනකම් උත්තර දෙන්න තියෙන කාලය දීර්ඝ කලා...

      Delete
  11. අපො මොය කාඩ් නම් ඔන තරම් මටත්

    ReplyDelete
    Replies
    1. උත්තරයක් හිතාගන්ට බැරි උනා ද? :)

      Delete
  12. මගේ නම් ලිස්ට් එක දැම්මොත් හිරුවා නහින්නෙ කට හින්ද කියලා ප්‍රස්ථාව පිරුළකුත් රෙජිස්ටර් වෙනව.. ඒක නිසා ඒක ඕනෙ නෑ... හි හි....

    වාහනේට නැග්ග වෙලාවේ ඉඳලා බස්සි තනියෙන් කියෝනවා ඇති.. ඒක හින්ද ඒ නම වැටෙන්න ඇති... හි හි

    ReplyDelete
    Replies
    1. අනේ මොනාද හිරූ අක්කා.... ඔයාගෙ නම් ලැයිස්තුවත් දාන්ටකෝ අනේ....

      බලමු බලමු. උත්තරේ දාන්නම්කෝ රෑ වෙලා.

      Delete
  13. අනේ ඉතින් අපිට තරඟය තහනමි කොරල නෙ...............

    කැමතිම නම දාලත් නැහැ නෙවග ඔයා කියනවද නැත්නමි මම කියන්නද ;)

    ReplyDelete
    Replies
    1. ඔයාම කියන්ට බස්සෝ.....

      Delete
    2. අපෝ මට ලැද්දයි . ..

      Delete
    3. හා හා එහෙනම් කමක් නෑ........

      Delete
    4. අපෝ තරහ ගන්න එපා "චූටි මැණිකෙ". ඉක්මනටම නාකි වෙයි

      Delete
    5. මලකොලන්..... අපි මේ ප්‍රශ්නෙට උත්තර හොයනවා.... මෙයාලා ලව් කරන්නත් මෙතනට එනවා (පැහැදිලි ඉරිසියාව)

      Delete
    6. මැලේට තමයි පැහැදිලි ඉරිසියාව!! බස්සා එහෙනම් ඒ නමත් පබ්ලිශ් කලා නේද? හොඳා හොඳා.... :D

      Delete
  14. තෑග්ග මෙහෙට එවන එක කරදර වැඩි නිසා ප්‍රශ්නෙට උත්තර දෙන්නැ..... එත් ඔය නික් නේම් එක අපේ යාලුවෙක්ට වැරදුන යෙහෙලියක්ට වැටුනා මෙන්න මෙහෙම.... එයාගේ තාත්තාගේ නම පුජිත පෙරේරා ... අම්මා කාන්චනා මෙදෙන්න තමනේ ලොකු දුවට එයාලගේ නම් වල මුල් අකුරු අරන් නම් දෙකක් දැන්ම පුෂ්පා කාන්ති පෙරේරා කියල .... මෙයාගේ මුලකුරු එක්ක පෙරේරා තමයි අපි දන්නා කලේ ඉදන් මෙයාගේ නික් නේම් එක

    ReplyDelete
    Replies
    1. අනේ පව් මැලේ! ඒ ගෑණු ලමයට දාපු කාඩ් එකනං පජාතයි ඈ...

      Delete
    2. මෙයාද බස්සා

      Delete
    3. අනේ ඔමා උඹට නං අද වයර් මාරු වෙලා! වැරදි තැනකනෙ කමෙන්ට් එක එල්ලලා තියෙන්නෙ. බස්සා ඔය උඩ ඉන්නෙ.

      Delete
    4. ඈ ඔව්මයි ඉදගෙන :)

      Delete
  15. බස්......අපේ ගෙදර ළමයි සෙට් එක...පිංකි,ටයිනි,රෝසි,ලකි,ලේනු ආදී වශයෙන් තමයි තිබුනේ .තාම එහෙමයි. මල්ලිගේ යාළුවෝ ගෙදර ආවාහම අම්මට කියනවා "ඇන්ටි ගනන් කරලා බලන්න..බලු පැටව් සෙට් එක හරියට ඉන්නවද කියලා"

    අපි පොඩි කාලේ තාත්තාගේ යාළුවෙක් හිටියා හන්දියේ පොරි විකුණන. තාත්තලා මෙයාට කියන්නේ "කැල් පොරියා" කියලා. මේ මණුස්සයා මැරුනා. තාත්තලා, යාළුවෝ තමයි අවමංගල වැඩ කරේ දුප්පත් මිණිහා නිසා. තාත්තාගේ යාළුවා චූස් චන්දරේ, අම්මගෙන් ඇවිත් අහනවා මරණ දැන්වීමේ අර නම දාන්නද කියලා අඳුනගන්න පහසුව පිනිස. අම්මා බැනලා එලෙව්වා.

    ReplyDelete
    Replies
    1. අරූගෙ ගෙදර කස්ටියගෙ නම් සෙට් එකනම් මරු.

      නම දාල මරණ දැන්වීම ගැහුවානම් කස්ටිය මලැගෙදර එන එකකුත් නෑ නේද? අපේ අම්මලාගෙ ගමෙත් ඉන්නවා ඔහොම සහෝදරයො තුන්දෙනෙක්. බචා, උක්කුනා සහ චූටියා කියල.

      Delete
  16. මගේ උන් මට තාත්තුවා කියපු කාලයක් තිබ්බා.
    මගේ ප්‍රියතම චරිතය ටොම් සෝයර්ටත් "ටෝමස් සෝයර්" කියලා ඇමතීම ලැබුනොත් ඒ ඉතින් බඩු බනිස් වෙන්න තමයි.
    නයිට් රයීඩර් කේස් එක අතෑරලා දැම්මා. පස්සේ ඇවිත් උත්තරේ කොපිකරගන්නවා.
    අපේ ගෙඩහ්ර සත්තුන්ට නම් දාපු හැටි මෙන්න මෙතනින් බලන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. ටොම් සෝයර් කියවනකොට මටත් තනියම හිනා ගියා උගේ ඉරණමත් මගේ ඉරණමට බොහොම සමාන නිසා. කනෙන් අල්ලලානෙ නැගිට්ටවන්නෙ.

      Delete
  17. ඔය පැත්තට තාම හවස් උනේ නැද්දෝ................

    ReplyDelete
    Replies
    1. උත්තර ටික කොටලා ඉවර උන ගමන් පෝස්ටුව දානවෝ.....

      "ඉවසන දනා රුපු යුද්දෙට නැති කඩුව කොස් කොටන්න දෑ..." කිවුවලු.

      Delete
  18. http://bassigenawathana.blogspot.com/2013/10/blog-post_391.html

    මෙන්න උත්තරේ තියෙනවා. ගිහින් බලන්ටකෝ කවුද දිනුම් කියලා.......

    ReplyDelete
  19. මරැ නම් ටික බස්සියෝ :))))

    ReplyDelete
    Replies
    1. තැන්කූ මදාරා.... අපරාදෙ ඔයාට උත්තරේ කියන්න පරක්කු වුනානෙ..

      Delete