Wednesday, October 9, 2013

බ්ලොග් ලිවීම VS බොග දැමීම





ඊයේ රාත්තිරියේ බස්සි බ්ලොග් අඩවියට ගොඩවැදී කවියක් කෙටුවේය. කොටාපු කවියට බස්සාගෙන් විනාඩි කිහිපයක් ඇතුලත ප්‍රතිචාර ලැබුනේය. අපේ බස්සා තුමා හොරෙන්ම බ්ලොගට ගොඩ වැදී හොරෙන්ම පිටවෙලා යන නිසා කොමෙන්ටුවක් දැකීමත් ජයසිරි මංගලම් කාරනාවක්ය. ඒකට රිප්ලයි කොටා බස්සි ඇස් වහන ගැජමැටික්ස් එක පළඳාගෙන ඇඳට ගියේය.


අද වැඩ අහවර වෙන විට රෑ අටත් පහු වුනේය. ප්‍රොජෙට්ටු වලට යටවී සිටි නිසා බ්ලොග දිහා බලන්නට දවල් දවසේ ඔලුව උස්සන්ට බැරි වුනේය. බෝඩිමට ආ සැනෙන් කොලේ ලැප දිගඇරගෙන බ්ලොගට වැදීමය.



ඊයේ ලියූ පෝස්ටුවට පමණක් නොව පෝස්ටු කීපයකටම කොමෙන්ටු පළවී ඇති බව ජී මේලයා කියා සිටියේය. එක අතකින් උත්තර කොටන්නේ අනෙක් අතින් ඩිනර් වළඳන අතරේය.






කවියට මක්කා කියා ඇද්දැයි බැලීමට ඒක දිග ඇරියෙමිය.

කොමෙන්ටු වැලේ පහළින් මලපහ ගඳක් දැනුනේ එවිටය.

වහාම කොමෙන්ටු වැල පහලට දිවුවේ මොන වින්නැහියක් වෙලාදැයි බලා ගන්ටය.






බස්සිට මුලින්ම අමුතු චාටර් හැඟීමක් දැනුනේය. ඕනෑම කෙල්ලෙකුට පට්ට කුණුහරප වැලක් ඇසෙන විට ඒ හැඟීම ඇතිවෙන එක ස්වාභාවිකය. දෙවනුව දන්නා කුණුහරප දෙක තුනක් කටට ආවේය. (බය වෙන්න එපා එවුවා හයියෙන් කිවුවේ නැත.) පුදුමයකි! තුන්වනුව බස්සිට සතුටු හිතුනේය!!



මේ පුද්ගලයා බොග දමා ඇති බ්ලොග් පිටු බස්සි ඉහේ කෙස් ගානට දැක තියෙනවාය. බස්සි දන්නා විදියට ගෑල්ලමයි ඉදිරයේ කුණුහරප කියන එක සමහරුන්ට ඇති මානසික ලෙඩක්ය. ශ්‍රී ලංකාවේ නීති රීති අනුව එහෙම අයට විරුද්දව නඩු දාන්න පුලුවන්ලුය. (අෆ්ෆා ට්‍රැක් එකෙන් පිට නෙව මම මේ යන්නෙ!)



නමුත් මේ එවැනි මානසික විකෘතියකට උදාහරණයක් නෙමේය. මන්ද යත් ගෑල්ලමයි ලියන බ්ලොග් සහ පිරිමි ළමයි ලියන බ්ලොග් යන දෙවර්ගයේම අඩුවක් නැතුව මෙම බොග වැටෙන බැවිනි. බස්සිගේ නිරීක්ෂණ වලට අනුව මෙහි තීරණාත්මක සාධකය වී ඇත්තේ බ්ලොගේ සාර්ථකත්වය සහ යහපත් ප්‍රතිචාර සංඛ්‍යාවය.



ඉතින් දෙයියනේ බ්ලොග් ලෝකයේ ඉදිරියෙන්ම ඉන්න රචකයන්ගේ බ්ලොග් අඩවි වල බොග දාන්ට පුරුදු වුන එකෙක් මගේ පුංචි බ්ලොගට ඇවිත් බොග දාන එකෙන් කියන්නේ මේ බ්ලොගත් ඌට වටිනවා කියන එක වාගේ එකක් නේද?

 

බස්සි චමී4යූ බ්ලොග් අඩවිය කියවන්නේ අවුරුද්දකටත් කලින් ඉඳන්ය. බස්සිගේ බ්ලොග මුලින්ම සින්ඩි වලට ඇතුල් කර ගත්තෙත් චමී සහ මාතලන් ය. ඒ සහෘදයාගේ නම එල්ලාගෙන බොග දැමීම ගැන බස්සිගේ බලවත් අප්‍රසාදය ප්‍රකාශ කර සිටින්නේය.

 

බ්ලොග් ඇත්තේ කියවා රසවිඳින්ටය. සහෘදයන් හඳුනා ගන්ටය. බොග දමන්නට යන තැන බ්ලොග නොවේය. ඒකට යන්නට ඕනෑ වැසිකිලියකටය. මොන්ටිසෝරි ගියානම් ඒ ටික ඉගෙන ගන්නට ලැබෙනවාය. එහෙම නොගිය ඔබ ගැන බස්සිට කණගාටුය.





 

ඒ නිසා මින් පස්සේ බස්සිගේ බ්ලොගේ බොග දාන්නට එපාය. සිංහලෙන් ටයිප් කොරන්ට කොච්චර අමාරුද කියන එක බස්සි දන්නේ අත්දැකීමෙන්ය. ඔබ විනාඩි ගනනක් වැය කර කොටන කුණුහරප කොමෙන්ටුවක් මකා දමන්නට බස්සිට ගතවෙන්නේ තත්පර පහකටත් අඩු කාලයක්ය.

 

කොටන්නේ නැතුවම බැරිනම් කුණුහරප "බීප්" කොට  කොටලා බලන්නට හැකිය. උදාහරණයක් පහත දක්වා ඇත.

 

හැෑලපයෝ බලපන් මන්් මේ "බීප්" බ්ලොග් එකේ කමෙන්ට් දෙක තුනක් දැම්මා .මේ "බීප්" බැල්ලි ඒවා මකැැලා. තෝ ආයේ බ්ලොග් ලියලා ඉවරයි බැල්ලි . මගේ කමෙන්ට් ටික දාපන් "බීප්" නැතුව . තොට මොකක්ද මගේ අැඩුව ? තොගේ "බීප්" අල්ලන්නේ ලොකු "බීප්" වලට විතරද ? හ්

 

මේ කොමෙන්ටුව නොදුටුවානම් බස්සි අද මහන්සියට මුකුත්ම නොලියා නිදා ගන්නවාය. ඒ නිසා ඔබට තැන්කූය.

50 comments:

  1. ඇත්ත profile එකකින් ඔය වගේ comment කරනවානම් කොන්දක් තියනවා කියල කියන්න පුළුවන්. මමත් බනින්න ඕන එකකට මගේ නමින් තියන profile වලින් තමයි බැන්නත් බනින්නේ,... නැතුව මේ වගේ chami foyu වලින්නම් නෙමෙයි... කොන්ද නැනේ දෙය්යනේ......

    ReplyDelete
    Replies
    1. ඔක්කොටම වඩා චාටර් වැඩේ චමීගෙ ප්‍රොෆයිල් එක අනුකරණය කරමින් බොග දාන එක නෙව. බලමුකො පොරගෙ කොන්ද සහ බුද්ධි මට්ටම කොයිවගේද කියලා..... එයාම ඔප්පු කොරලා පෙන්නයි.

      Delete
  2. Bassiyeee.... Ara kathaawak thiyenne pala athi benayatai boga danne kiyala. Anna eeka thamai mee karala thiyenne... Ethakota bassi karanna oni, meee pala athi benayak, wasikiliyak nowana waga, eee ada baalayata kiyala dena eka. Bassi eee wadee niyametama karala thiyenawa. Apeee bassita jaya weewa... Bassiye nawathanatath eseema weewa...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කවිමාල් අයියා. පළවෙනි වතාවෙ බොග අයින් කරන හැටි ඉගැන්නුවා. දැන් වැසිකිලියකට යන නොයන එක එයාගෙ බුද්ධි මට්ටම අනුව තීරණය වෙයි.

      Delete
  3. එතකොට මොකාද ඔය "හැ ැලපයා" කියන්නෙ? අපේ "හැලප කඩේ"වත්ද?

    තේරුමක් නැතුව කුනුහරප වැල් කියන / ලියන එක මානසික රෝගයක්. ඔය ලෙඩේ සමහර "සිංහල බෞද්ධයන්ට"ත් තියනවා.(සිංහල බෞද්ධයො කියන්නෙ බෞද්ධ සිංහලයො නෙවෙයි හො‍ඳේ)

    ReplyDelete
    Replies
    1. මං හිතන විදියට පොර හැලප කඩේටත් යනවා බොග දාන්ට. මානසික ලෙඩ හැදෙන්ට ජාතිය , ආගම බලපාන්නෙ නෑ ආයිබොවං!

      Delete
  4. ‍කමෙන්ට් එක දාපු එකා හෝ එකිය කියා හැඳින්වීම නම්බු වැඩි වගේය. ඒ මෙවැනි දේ කරන් එවුන් පිරිමි හෝ ගැහැනු දෙවර්ගයටම අයිති නොවන නපුංසකයන් වන නිසාවෙනි. (උන් හැඳින්වීමට මීට වඩා හොඳ නමක් ඇතත් ලිවීම හරි නැත. දන්න ඇත්තො හරි වචනෙ දාගන්නකො )

    මම අහවලා යයි කියන්නට තරම්වත් කොන්ද පන නැති නිවටයෙකු මෙවන් දේ කරනවා හැර වෙන මොනවා කරන්නද?
    උගේ අඩුව මොකක්දැයි අසා තිබේ. උට නොතේරුනාට උගේ අඩු කොතනදැයි ඌම ලියා තිබේ. අපිට උඹ ගැන දුකක් සහ කනගාටුවක් ඇත. දැන් ඉතින් අම්ම අප්පාට බැනලා වැඩක් නැත. වැරද්ද වෙලා ඉවරය. ඒත් දැන් වෛද්‍ය විද්‍යාව දියුණු නිසා උඹේ අඩුපාඩුව හදාගන්නට බැරි කමක්ද නැත.

    මූ අපේ මහ රජාටත් වඩා පොරකි (කියා සිතාගෙන සිටී). මහ රජාට බ්ලොගක් නවත්වන්නට උසාවි නියෝගයක් ගත යුතුය. ඒත් මූට කමෙන්ටුවකින් ඒක කරන්න පුළුවන් කියන්නෙ.... හික්

    ReplyDelete
    Replies
    1. සමහර විට "මර්ලින්"ට වගේ මූට මන්තරයක් කොමෙන්ට් කොරන්ට පුලුවන් ඇති බ්ලොග වාස්ප වෙලා යන්ට! නේද බස්සෝ?

      Delete
  5. සිංහලෙන් ටයිප් කොරන්ට කොච්චර අමාරු වුනත් ඔන්න මම ආව. නන්ගි ඔව්වට සැලෙන්න එපා. ගෑනුන්ට කුනුහරුප කියන්නෙ $%^^^ තමය්. කොහොමත් සාර්ථක කාන්තාවකට මෙහෙම ඉරිසියා කාරයන්ට මුහුන දෙන්න වෙනවා :)

    "උගේ අඩුව මොකක්දැයි අසා තිබේ. උට නොතේරුනාට උගේ අඩු කොතනදැයි ඌම ලියා තිබේ"

    I agree with Pasan's comment above.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නෙ නෑ අක්කා. බස්සි මේ පෝස්ටුව දැම්මෙ මෙහෙම බොගාලත් ඉන්නවා කියලා යාලු කුරුල්ලන්ට පණිවිඩයක් දෙන්නත් උන් ගැන විරෝධාකල්පයක් ගොඩනගන්නත් හිතාගෙනයි.

      අපේ බස්සා තමයි ඒ ඔයාට උඩින් කමෙන්ට් කරල තියෙන්නෙ. :)

      Delete
  6. ටික කාලයක් යද්දී ඕවා හුරු වෙනවා බස්සියේ.. අපිත් ඔය කටු කලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. බස්සිටත් කටු කෑම අමුතු දෙයක් නෙමෙයි සහෝ. ඒත් වැරැද්දක් වුනාම ඒක වරද කරපු කෙනාට පළමු වතාවේදී පෙන්වා දීම බස්සිගේ සිරිතක්.

      Delete
  7. ane ow nangi owata salenna epa pala athi rukatai gal gahanne kila thiyenawa neda!sathutu wenna one karanayak oyage me blog liweema eyata badakayak!ekai ohoma kiyanne oya digatama liyanna

    ReplyDelete
    Replies
    1. අපොයි ඔවු. බස්සි දිගටම ලියාවි අක්කා. පෝස්ටුව දැම්මෙ වැසිකිලි පුරුදු ඉගෙනගෙන නැති ෆේක් ප්‍රොෆයිල් කාරයන් සහ ඇනෝලා වෙනුවෙන්.

      Delete
  8. ඔය අර චමියගේ නමින් පෙනී ඉන්න මොකෙද්දෝ කවලං ජාතයක් ඇති එකෙකි. නමුත් මේ උදෙසා පොස්ටුවකින් ඔහුට ප්‍රචාරය දීමෙන් ඔබ කර ඇත්තේ වරදකි. මකා දමා ගණන් නොගෙන සිටියානම් අහවරය ,දැන් මේක ඌට මාර දෙයක් වීමට ඉඩ ඇත . මම නම් මගේ බ්ලොගේ ඌ රීපු වෙලාවේ කලේ මකා දමා සද්ද නැතුව සිටීමය. අපි ගණන් ගත යුත්තේ මිනිසුන් මිස මෙවැනි ඕපපාතිකයන් නොවේය.

    ReplyDelete
    Replies
    1. මකා දැමීම කල යුතු බව ඇත්තකි. එහෙත් වරදක් දුටු විට කටපියාගෙන සිටීම බස්සිට පුරුදු නැත. (එය බස්සිගේ අඩුපාඩුවක් වෙන්නට ද පුලුවනිය.)

      රස්තියාදුවේ යන බල්ලෙක් ඔබේ ඉස්තෝප්පුවේ පහරනවා නම් කල යුතු දේවල් දෙකක් ඇත.

      1. බල්ලාට රිදෙන්නට ගලක් ගැසීම (ඌ පාඩමක් ඉගෙන ගනීවි. එහෙම කලත් නොහැදෙන වල් බල්ලෝද නැතුවා නොවේ.)

      2. බල්ලා පහරපු තැන ඉස්තෝප්පුව පිරිසිදු කර දැමීම.

      බල්ලාගෙන් වෙන කරදරය දිගටම සිදුවේ නම් තුන්වන ක්‍රියාමාර්ගයකට අවතීරණ විය යුතුය.

      3. වල් බල්ලන්ට ඇතුලු වීමට නොහැකි පරිද්දෙන් තාප්පයක් බැඳ ගේට්ටුවක් දැමීම. ගේට්ටු වසා තැබීම.

      ගේට්ටු වැසූ විට ගෙදරට එන අනිත් උදවියටද අපහසුය. සැරෙන් සැරේ ගේට්ටුව ඇරීම බස්සිටද කරදරයකි. ඒ නිසා තවම තුන්වන පියවරට අවතීරනය වූවේ නැතිය.


      මේ පෝස්ටුව නිසා මේ පුද්ගලයා ගැන ප්‍රචාරයක් ලැබීමෙන් ඔබටත් මේ වාගේ උන් පහරන අනිත් බ්ලොග් වල අයිතිකරුවන්ටත් වරදක් වූවානම් බස්සිගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිමි. අදහසට ස්තූතියි පවුලූශා!!

      Delete
    2. බස්සීට මාගේ කතාවට කේන්ති ගිය හැඩයි. එසේනම් සොරි

      Delete
    3. අනේ පිස්සු ඉවාන් (පිස්සු ඉවාන් කියන රුසියන් ළමා කතාව කියවලා තියෙනවාද?. )

      බස්සි සාදාරණ අදහස් දැක්වීමක් ඉදිරියේ කවදාවත් තරහ ගන්නේ නෑ. පැහැදිලි කිරීම පහසු වෙන්නයි ලියන ශෛලිය ටිකක් වෙනස් කලේ. තරහයි නම් මම ඔයාට සොරි කියනවද? අන්තිමට තැන්කූ කියනවද? එවුවා irony නෙමෙයි පාවුකා කොර්චාගින්, එවුවා බොක්කෙන්ම කියාපුවා.

      Delete
    4. ස්පාසී බෝහ් ..... බස්සී

      Delete
    5. Не за что පව්ලූශා!

      Delete
  9. මෙය පලනොකර සිටියානම් හොදයි , මමත් ඉස්සර මෙවැනි ගොංවැඩ කලා , කරදර වැඩි වෙනවා මිසක් ලැබෙන දෙයක් නැ

    ReplyDelete
    Replies
    1. අටමෝ වරදක් දුටු විට කටපියාගෙන සිටීම බස්සිට පුරුදු නැත. (එය බස්සිගේ අඩුපාඩුවක් වෙන්නට ද පුලුවනිය.) මේ කොමෙන්ටුවටත් අදාල වන ආකාරයේ පිලිතුරක් බස්සි ඉවාන් පවුලූෂාගේ කොමෙන්ටුවට පිලිතුරු ලෙස කොටා ඇත. හොඳ අටමා වාගෙ ඒකත් බලන්ට.

      Delete
  10. බස්සී පරිස්සමින් හොදේ.... අපරාදෙ කියන්නෙ මගේ බ්ලොග් එකට කවුරුවත් ඇවිත් බනින්නෙ නෑ නෙ.... ආසයි බනිනවනම්....

    ReplyDelete
    Replies
    1. බනිනවා නම් ගාල්ලෙ සැට් එකත් එක්ක ගේමට බහින්නද? එහෙම නොවෙන එක කොච්චර හොඳද ගාලු කොලුවෝ..... කරදරයක් නෑ නෙව එතකොට.

      Delete
  11. මොලේ තරම පෙන්නලා ගිහිලා එයා එකයි ඔය

    ReplyDelete
    Replies
    1. බස්සාත් කියලා තිවුනෙ;
      "උගේ අඩුව මොකක්දැයි අසා තිබේ. උට නොතේරුනාට උගේ අඩු කොතනදැයි ඌම ලියා තිබේ" කියලා.

      Delete
  12. මේක ඔය එක්කෙනුකුට එල්ල කරපු දෙයක් නෙවේ බස්සි. මුළු බ්ලොග් අවකාසෙම ඉන්න උන්ගේ අම්මලට දරුවන්ට බිරිඳලට කුණුහරප කියලා එක පාරක් හුඟක් බ්ලොග් වල අලවලා තිබ්බා එකම කමෙන්ට් එක.

    ඔය ඔයා කියන කමෙන්ට් එකත්, ඔයා වෙනුවෙන්ම ලියපු එකක් නෙවෙයි. මගේ බ්ලොග් එකේ කමෙන්ට් කරපු කාන්තාවකගේ කමෙන්ට් එක යටින් එයාටම නම කියලා දාලා තිබිලා මම දැක්ක ගමන් ස්පෑම් කරලා දැම්මා. මගේ වහල යටට එන මගේ අමුත්තෙකුට අපහාස වන දෙයක් මම මගේ කමෙන්ට් වල තියාගන්නේ නෑ ප්‍රතිපත්තියක් හැටියට.

    ඔයා මේ පෝස්ට් එක දාපු එකත් ඕනෙ නැති වැඩක්. අපි කමෙන්ට් කරන එකත් ඕනෙ නැති වැඩක්.

    මිනිස්සු කමෙන්ට් මොඩරේෂන් දාන්නේ හුඟක් වෙලාවට ඇනෝ වාරනයකට වඩා ඔන්න ඔයවගේ බුද්ධිමතුන් නිසා.

    ReplyDelete
    Replies
    1. එක්තරා කාන්තා බ්ලොග් ලියන්නියකගේ කොමෙන්ටු යටිනුත් පන්න පන්නා කුණුහරප කොමෙන්ටු දාන හැටි බස්සිත් දැකලා තියෙනව ඩූඩ්.

      ඒව ස්පෑම් කොරන්ට ඕනෙ එක හැබෑව. නමුත් බස්සි කලේ පළමු වතාවට උන්දෑට අවවාදයක් කිරීම පමණයි. බස්සිට ඒකෙ වැරැද්දක් පෙනෙන්නේ නැහැ. (බස්සිගේ නොදැනුවත්කමක් නිසා වෙන්ටත් පුලුවනි.)

      මම මෙහෙම පෝස්ටුවක් පළ කිරීමේ ලොජික් එක ඉවාන් පවුලූෂාගේ කොමෙන්ටුවට පිලිතුරක් විදියට කෙටුවා. ඩූඩ්ට පුලුවනිනම් ඒකත් කියවලා බලන්ට.

      අනිත් එක තමයි ඩූඩ් කාන්තා පාසලක් ඉස්සරහට වෙලා තමන්ගෙ නිරුවත පෙන්නන පිරිමියෙක්ගෙයි, කෙල්ලෙක් පාරෙ යනකොට කනට කරලා කුනුහරප කියාගෙන යන පිරිමියෙක්ගෙයි, මේ පුද්ගලයාගෙයි ලොකු වෙනසක් පේන්නෙ නෑ මට. කලින් කියාපු උන් දෙන්නාට කොඳු නාරටියෙ කොටසක් හරි තියෙනවා, අන්තිමට කියාපු එකාට ඒකත් නෑ.

      Delete
  13. ගනණ් ගන්න එපා බස්සි, පල ඇති රුකටයි ගල් වදින්නෙ කියලා කියනවානෙ. ඔය කරපු එකාගෙ මානසික තත්ව‍ය ගැන ඇත්තටම දුකයි.

    - ප්‍රියා.

    ReplyDelete
    Replies
    1. මොන්ටිසෝරි ගිහින් නැහැ නෙව යාලු. ඒකයි ඔය.

      Delete
  14. ඔය නියම චමී නෙමේ.....!!!!

    ReplyDelete
    Replies
    1. රජා පෝස්ටුව කියවා ඇත්තේ උඩින් පල්ලෙන් බව කොමෙන්ටුවෙන් තහවුරු විය. :P

      Delete
  15. //බ්ලොග් ඇත්තේ කියවා රසවිඳින්ටය. සහෘදයන් හඳුනා ගන්ටය. බොග දමන්නට යන තැන බ්ලොග නොවේය. ඒකට යන්නට ඕනෑ වැසිකිලියකටය. මොන්ටිසෝරි ගියානම් ඒ ටික ඉගෙන ගන්නට ලැබෙනවාය. එහෙම නොගිය ඔබ ගැන බස්සිට කණගාටුය.// සහතික ඇත්ත බස්සි. මම නම් ඇනෝ කමෙන්ටුවලට වුණත් කැමති නෑ. ඇයි තමන් ගෙ අදහස තමන් ගෙ නමෙන් පෙනී ඉඳලා කියන්න බැරි?

    ReplyDelete
    Replies
    1. බස්සිත් ඇනෝ කමෙන්ටු වලට මනාපයක් නෑ. ඉස්සර ඇනෝලාටත් දොර ඇරලා තිබ්බා. දවසක් ඇනෝවෙක් ඇවිත් ගොං ඇඩ් එකක් දාලා ගියාට පස්සෙ ඇනෝ කමෙන්ටු වාරණය කලා.

      Delete
  16. මං හිතුවා ඒක දාලා තියෙන්නෙ හැලප්ස්ගේ බ්ලොගේ විතරයි කියලා... හි හි...

    බ්ලොග් එකට එන මිනිස්සුන්ගේ ලේ ටික නිකම් පුච්චන්නෙ මොකටද කියලා මං ඕවා දැක්කම මකල දානවා... පෝස්ට් එකට අදාළ අදහසක් පළ කරපු දාට කමෙන්ට් එකට උත්තරත් දෙනවා.. තව ටික කාලයක් යද්දි එයා තේරුම් ගනියි.. අපි එතකම් පාඩුවෙ ඉමු.... ඕවා මකලා දාන්න මහ වෙලාවක් යන්නෙ නෑනේ බස්සි...

    ReplyDelete
    Replies
    1. පොර හැලප්ස්ට බොහොම ලෙන්ගතුයි වගේ. ඒකනෙ ඌවත් මේකට පටල ගන්න හදලා තියෙන්නෙ චමියව මදිවාට.

      //ඔබ විනාඩි ගනනක් වැය කර කොටන කුණුහරප කොමෙන්ටුවක් මකා දමන්නට බස්සිට ගතවෙන්නේ තත්පර පහකටත් අඩු කාලයක්ය.// ඇත්ත අක්කා. බස්සි පාඩුවෙ ඉන්නවා ගොඩක් වෙලාවට. ඒත් මේ වාගෙ වැඩ කරනකොට ඔලුව නමාගෙන ඉන්න එක හරි නෑ කියලා හිතුනා. (ඉවාන්ගේ කොමෙන්ටුවේ පිළිතුරක් විදියට මේ කරාපු කාරිය පැහැදිලි කරලා ඇති. වෙලාවක් තියේනම් ඒකත් චුට්ටක් බලන්ටකෝ..)

      Delete
    2. දැක්කා දැක්කා... හි හි

      Delete
  17. පොඩිකාලෙ ඉදල සමාජෙන් කොන් වෙලා කිසිම කෙනෙක් ගෙන් පිලිගැනිමක් නැති වුන පුද්ගලයන්ට මෙ වගෙ මානසික තත්වයන් ඇතිවෙනව.අනුකම්පා කරන්න.පවු

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... අනුකම්පාවෙන් තමයි පෝස්ටුව දාලා සිරිත් විරිත් ටිකක් කියා දුන්නෙ.

      Delete
  18. අසාධාරණයට විරුද්ධ වෙනව කියල සද්ද නැතිව ඉන්නෙ නැතිව පෝස්ට් එකක් දැමීම හොඳයි කියල හිතුවත් එ්ක එහෙමමයි කියල කියන්න බෑ. මොකද සයිබර්එක ඇතුලෙ කාටවත් චන්ඩි පාට් දාන්න බෑ වගේම එහෙම කලා කියල කරන්න දෙයකුත් නෑ. අසභ්‍ය වචන අඩංගු අදහස් මගේ අඩවියේ තිබුනොත් මම නං කරන්නෙ මකල දාල සද්ද නැතිව ඉන්න එක. මොකද ඔය වර්ගයේ රෝගීන්ගේ පොදු ලක්ෂණයක් තමයි විරුද්ධ ලිපියකින්/අදහසකින් පවා උත්තේජනය වීම.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඒ රාජ් දකින හැටි, මේ බස්සි දකින හැටි. සද්ද නැතුව ඉන්න උදවියගේ බ්ලොග් අඩවි වල ඇනෝලා බොග දැමීම නැවතිලා නැහැ නේද? ඒ කියන්නේ නිහඬ වීම විසඳුමක් නොවන බව නේද?

      Delete
    2. නෑ තරමක විසඳුමක් තමයි. මට නං එහෙමකට කරදරයක් නෑ. ඒ මගේ පිලිවෙත නිසා. ඇනෝලට බනින අඩවි වල අයිතිකරුවන්ට තියන කරදරය බලන්න.(කතන්දරගෙ අඩවියට එන අයට අහන්න වෙන දේවල් බලන්න, නම් වශයෙන් කියන්න පුළුවන් මේවගේ කේස් නිසා අපහසුතාවයට පත්වෙන බ්ලොග්කරුවන් කවුද කියල).

      Delete
    3. අදට මේ ලිපිය පල කර දෙමසකි. බොග දමන්නන්ගෙන් කිසිදු කරදරයක් නැත. ඉතින් මගේ පිලියම සාර්ථක එකක් නොවේද? :)

      Delete
  19. වත්තේ බොග දමන්නේ මනුස්සයෙක් නම් ඔබේ පැහැදිලී කිරීම වටී. බොග දමන්නේ බල්ලෙක් නම් ඌට කියාදීමෙන් පලක් නැත. පැම්පර්ස් අන්දවන්නත් බැරිය. වැදගත් බල්ලෝනම් කියාදුන් විට නැවත නොකරන්නට වග බලා ගනී. බල්ලෝද වර්ග දෙකකි. සමහරක් බල්ලෝ බොග දමා නැට්ටත් අස්සේ ගහගෙන යති. සමහරක් බොග දමා නහය ලං කර කර වටේ කැරකෙති. බල්ලෙකුට බොග දමන්න කියලා දෙන කාලයෙන්, වත්තේ මල් පැලයකට වතුර ටිකක් දාන්න. සුවඳ හමන මලක්වත් පිපේවී.

    ReplyDelete
    Replies
    1. අරූ උපදෙස ලියලා තියෙන ශෛලියට හිනා යනවා :D

      බල්ලා මොන ජාතියක එකෙක්ද කියලා බස්සි අඳුනගත්තෙ නෑ. මොකා උනත් තරු විසිවෙන්න ගඩොල් පාරක් දීලා බැලුවා මුලින්ම. විලිසංගෙ නැතුව ආයෙත් ආවොත් ගේට්ටුවක් දානවා. ඒක ඉතින් මටත් කරදරේ, ඔයාලටත් කරදරේ......

      Delete
  20. අනේ ගණන් නොගෙන ඉදින් බස්සි අක්කේ.. අපිට මක්කෙයි ඔය ගඳ ගහන ඒවා!

    ReplyDelete
    Replies
    1. මේක මේ ගඩොල් පාරක් විතරයි නාඩි මලේ. ආයෙ ආවොත් ගේට්ටුවක් දානවා.

      Delete
  21. ස්තුති බස්සි ,
    පොඩි අනතුරක් වෙලා අසනීපයෙන් හිටි නිසා සති දෙකකට ආසන්න කාලයක් බ්ලොග් කියවන්න ලැබුනේ නැහැ.. දැනුයි සිංඩියෙන් බල බල පරණ ඒවා කියවන්නේ..
    ඔය මගේ නමින් ඉන්න අමුත්තා කවුද කියලා අනුමාන කරන්නවත් මම දන්නේ නැහැ මොකද මට එහෙමටයි කියලා බ්ලොග්කරුවන් අතරේ තරහා කාරයෝ නැහැ.. ඒත් මෑතකදී පොඩි මත ගැටුමක් උනා ඒ ඇරෙන්න..
    ඔය කමෙන්ට් කරුවා තැන තැන දාලා තියෙන කමෙන්ට් මමත් කියවලා අමතක කරලා දැම්මා.. මුලින්ම දැක්කේ මාරයාගේ බ්ලොග් එකෙන් පස්සේ අටම් කෝල් කරලා කිව්වා , පස්සේ සුදික අයියා මැසේජ් එකකින් කිව්වා..
    මම ඔය අසහන කාරයා එක්ක පොස්ට් එකකින්වත් ගැටෙන්න නොගියේ මිනිහට මගෙත් එක්ක හෝ කාත් එක්ක හරි තියෙන තරහා පිරිමහගන්නකන් ඔය වැඩේ කරලා පස්සේ ඇති වුනාම නවතාවි කියන අදහසින්.එතකන්. අපි මේ මානසික අසහන කාරයට අනුකම්පා කරමු බස්සි..

    ReplyDelete
    Replies
    1. අප්පොච්චියේ එහෙමද!! කාලෙකින් අළුත් පෝස්ටු ලියලා නැතිකොට අපි ඒත් කල්පනා කලා චමීට බ්ලොග් එකට එන පාර අමතක වෙලාද කියලා.

      මගේ බ්ලොග් එක එයාට වැසිකිලියක් කරගන්න ඉඩ දෙන්න බැරි නිසයි මේ විදියට ලිවුවෙ. ඔහොම සමාජයට පිලිලයක් වෙන මානසික අසහන කාරයො ඉන්න ඕනෙ රෝහල් වල ප්‍රතිකාර ගනිමින්. එයාට අනුකම්පාවෙන් යමක් තේරුම් ගනීවි කියන අදහසෙන් තමයි පෝස්ටුව දැම්මෙ. අනික ඕක තරහක්මත් නෙමෙයි, ඉරිසියාව වෙන්නත් පුලුවන්. බලමු, බැරිම වුනොත් නවාතැනට ගේට්ටුවක් දානවා.

      Get well soon චමියෝ...!! හොල්මන් කතාවක් කියෙවුවෙ නෑ කාලෙකින්. ඉක්මනට හොඳවෙලා එකක් ලියන්ට.

      Delete