Monday, February 24, 2014

ඔයාටත් මැරෙන්න හිතිලද???


 


පහුගිය සති කිහිපය පුරාවට ඇහුන පුවත් අතරින් බොහොමයක් සියදිවි නසා ගැනීම්, නැත්නම් සියදිවි හානි කර ගැනීමට තැත් කිරීම්. මේ පුවත් අන්තර්ජාලය තුල සංසරණය වෙනකොට බහුතරයක් දෙනා කලේ මැරිච්ච මනුස්සයාගෙ මිනීවලට ඇඟිල්ල දිගු කරන එක. ඒ අතරින් ඉතාම අල්පයක් දෙනා නැගූ එක් පැනයක් තිවුනා. ඒ තමයි;


“ලංකාවේ විශාදයෙන් පෙලෙන මානසික රෝගීන්
සංඛ්‍යාත්මකව ඉහළ යාම මෙයට හේතුවක් විය හැකිද?”





 
ඉතින් මම හිතුවා විශාදය ගැන තවත් තොරතුරු සොයා යන්න. (අර එක බොග් එකක මගේ කමෙන්ටුවකට යටින් ඇනෝවෙක් පහරලා තිවුනානෙ බී.ඇස්.සී. තියාගෙන ඇම්.බී.බී.ඇස්. කතා කියන්න එපා කියලා. අන්න එයාට පුලුවන් සැබෑ මූන පෙන්නලා මේ ලිපියේ වැරදි ඇත්නම් නිවැරදි කරන්න. :P)


මොකක්ද මේ විශාදය?



විශාදය යනුවෙන් හඳුන්වන්නේ දිගුකාලීනව පවත්නා දොම්නස් සහගත මනෝභාවයක්.  දිගුකාලීන දොම්නස හේතුවෙන් හටගන්නා මානසික අවපීඩනය කාලයත් සමග සායනික විශාදය නමින් හැඳින්වෙන මානසික රෝගී තත්වයට පෙරැලෙන්නට පුලුවනි.




අපේ රටේ විශාදයේ ඉලක්කම්




ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 10% ත් 15% ත් අතර සංඛ්‍යාවක් විශාදය හෙවත් මානසික අවපීඩනයෙන් පෙලෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එමෙන්ම, ඒ අතරින් 1% ක් උග‍්‍ර විශාදයෙන් පෙලෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. විශේෂයෙන්, දියවැඩියා රෝගීන්ගෙන් 50% ක් විශාදය රෝගයට ගොදුරුවීමේ අවදානමක් ඇති බව ද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන්. ඒ වගේම, කාන්තාවන්ට විශාදය සැදෙන ප්‍රවණතාව පුරුෂයන්ට විශාදය සැදෙන ප්‍රවණතාවට වඩා දෙගුණයකින් වැඩියි ලු.






සිය දිවි නසා ගැනීමට පෙළඹෙන පුද්ගලයන්ගෙන් 30% පමන විශාදයෙන් පීඩා විඳින උදවිය බවත් මේ ඉලක්කම් අතරේ සටහන් වෙලා තියෙනවා. භයානකම තත්වය තමයි, විශාදයෙන් පෙලෙන්නන්ගෙන් 70%ක්ම දන්නේ නැහැ තමන්ට ඇත්තේ මනෝ ව්‍යාධියක් බව. එබැවින් ප්‍රතිකාර සඳහා යොමු වෙන්නෙ 30%කට ආසන්න සුලු පිරිසක් පමණයි.




විශාදයේ ලකුණු




විශාදයේ මූලික රෝග ලකුණු තුනක් තියෙනවා.  ඒ තමයි;

 
1.දිගින් දිගටම පවතින දුක
2.ශරිරයට දැනෙන අප්‍රාණික බව
3.සිතට සතුටක් නැති බව දැනීම

 
මීට අමතරව තවත් රෝග ලකුණු කිහිපයක් හඳුනා ගත හැකියි. නමුත් මේ ලකුණු නම් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.




 
1.අවධානය යොමු කිරිමට නොහැකි වීම හා අමතක වීම
2.අනාගතය ගැන බලාපොරොත්තුවක් නොමැති වීම
3.ආත්ම ශක්තිය අඩුවීම
4.නින්ද නොයාම
5.ආහාර ගැනීම එපා වීම
6.තමන් වරදකාරයෙක් යයි නිතරම සිතිම.
7.නිශ්චිත තීරණ ගැනීමේ දුෂ්කරතාව
8.සියදිවි නසාගැනීමේ ප්‍රවණතාව


 මෙහෙම වෙන්නෙ ඇයි?

විශාදය ඇතිවීමට මුල්වෙන සුලභ කරුණු කිහිපයක් තමයි මේ. මීට අමතරව තවත් විවිධාකාර සාධක මේ සඳහා මුල්විය හැකියි.






මේ සඳහා වැඩිපුරම බලපාන්නෙ මනෝ විද්‍යාත්මක සාධක.


1.බලාපොරොත්තු බිදවැටී
නිසා ඇතිවන මානසික පිඩා.
2.දිගුකාලීන ආතතිය නිසා ඇතිවන මානසික අසහනය
3.ආදරය සෙනෙහස අහිමි වීම.
4.පුද්ගලයා ලොව දකින ස්වභාවය [උදා: හැම දෙයක්ම සර්ව සම්පූර්ණ ලෙස සිදු විය යුතුයැයි යන මතයේ සිටීම.]


ඒ වගේම විශාදයට පාර කියන සමාජ විද්‍යාත්මක සාධකත් බොහොමයි.


1.දීර්ඝකාලීන ශාරීරික රෝග
2.අධික ලෙස මත්පැන් භාවිතය
3.විරැකියාව
4.අන්තර් පුද්ගල සබඳතා බිඳී යාම
5.බරපතල ලිංගික අතවරයන්ට මුහුන දීම.






ඒ විතරක්ම නොවෙයි, මේ සඳහා ජීව විද්‍යාත්මක හේතූන්ද බලපානවා.


1.ජානමය බලපෑම
2.වෙනත් මානසික රෝග




විශාද පවුලේ සාමාජිකයෝ


විශාදය කියන රෝගී තත්වය  අනු කාණ්ඩ කිහිපයක වර්ගීකරණය කරලා තියෙනවා.



1.ප්‍රධාන විශාදය (Major Depression)


ප්‍රධාන විශාදයේ පොදු ලක්‍ෂණයක් වන්නේ, තමාගේ එදිනෙදා කටයුතු වන කෑම, නෑම, ඇඳීම, විවේකය හා නින්ද නොසලකා හැරීම යි. මෙවැනි තත්ත්වයන් යටතේ ලිංගික ආශාව ද නැති ව යනවා. විශාද පවුලේ රෝග කාණ්ඩ අතරින් සුලභම රෝග තත්වයත් මෙයයි.


2. ඩිස්තීමියාව (Dysthymia)



 

ඩිස්තීමියාවට ගොදුරු වන රෝගීන් නිතරම කල් ගෙවන්නේ දොම්නසින්. මෙහිදී විශාද තත්වය බරපතල මනෝග්ලානියකට පෙරැලීමේ ඉඩකඩ අඩුයි. නමුත් ඩිස්තීමියා රෝගීන් කිසිවකින් තෘප්තිමත් වෙන්නේවත්, සතුටට හෝ විනෝදයට පත්වෙන්නේවත් නැහැ. රෝගයක් ලෙස හඳුනා ගැනීම අඩු නිසා මොවුන් මනෝ චිකිත්සාව සඳහා යොමුවෙන්නේ ඉතාම අඩුවෙන්.



3.සයිකෝසියාව (Psychotic depression)
 


මෙය තරමක් දරුණු විශාද තත්වයක්.  සයිකෝටික විශාදයෙන් පෙලෙන්නන්  බියකරු රූප දැකීම, ශබ්ද ඇසීම, නොපෙනෙන කෙනෙක් අණ දෙන්නා සේ ඇසීම වැනි මනෝග්ලානිමය තත්වයන් අත්විඳිනවා. ඒ නිසාම මොවුන් මනසින් ඇහෙන අණකිරීම් වලට යටත්ව භයානක ක්‍රියාකාරකම්වල නිරතවීමේ අවදානමක්ද පවතිනවා.



4.සාමාන්‍ය විශාදය (Typical/Seasonal Depression)

 
සාමාන්‍ය විශාදය බහුලව දක්නට ලැබෙන රෝග තත්වයක්. මෙහි විශේෂ ලක්‍ෂණ තමයි නිතර ඇතිවන විඩාව හා ප්‍රමාණය ඉක්මවා නිදාගැනීම. මෙහිදී රෝගීන් හිතන්නේ තමාගේ ජීවිතය අනිත් අයට ඕනෑ හැටියට පාලනය කෙරෙන බවයි. මේ විශාද තත්වය මාස කිහිපයක් එක දිගට පවතිනවා. විටින් විට රෝගියා සාමාන්‍ය දිවියට අවතීරණය වීමත්, සතුට අත්විඳීමත් දැකිය හැකියි.



5. උන්මත්තක විශාදය (Bipolar disorder/ manic-depressive illness)



විශාදයේ උග්‍ර ම තත්ත්වය උන්මන්තක විශාදය යි.  එහිදී පුද්ගලයා වරෙක තද කලකිරීමට පත්වෙන්න පුලුවනි. මේ කළකිරීම නිසාම ඔවුන් වියරු වැටුන තත්වයට පත්වී දේපල හානි කරන්නටත්, අන්‍යයන්ගේ ජීවිත වලට හානි කරන්නටත්, සියදිවි නසා ගන්නත් පෙළඹෙනවා.




මේකට අපි මොකද කරන්නේ?






විශාදය සඳහා ලබාදෙන ප්‍රතිකාර තෙආකාරයි.

 
1. මනෝචිකිත්සාව
2. රසායනික/ඖෂධ ප්‍රතිකාර
3. විද්‍යුත් ප්‍රතිකාර ක්‍රම

 
මද වශයෙන් විශාදය ඇතිවිට මනෝචිකිත්සක ප්‍රතිකාර, ක්‍රියාශීලී දිවිපෙවෙතකට හුරුවීම, ව්‍යායාම සඳහා යොමුවීම මගින් රෝග අවදානම වලක්වා ගත හැකියි.
 


විශාදයේ පසු අවධීන් වලදී මනෝචිකිත්සක ක්‍රම මත පමණක් සුවයක් ලැබීම අපහසුයි. ඒ නිසාම ඖෂධ සඳහා යොමු කරනු ලබනවා. බොහෝවිට මාස නවයක්-දහයක් පමණ නොකඩවා ඖෂධ වලට යොමු විය යුතු වෙනවා.


උග්‍ර විශාදය සුව කිරීමට පිලියමක් ලෙස විද්‍යුත් ප්‍රතිකාර පවා වෛද්‍යවරුන් නිර්දේශ කල හැකියි.



 
විශාදයෙන් පීඩා විඳින්නන් අපි අතරත් සැඟවී ඉන්නට පුලුවනි. ඔවුන් හඳුනාගෙන, නිසි ප්‍රතිකාර සඳහා යොමු කරන එක ඔවුන් වෙනුවෙන් කලහැකි ලොකුම උපකාරයයි.






124 comments:

  1. ගොඩක් වටිනාකියන ලිපියක්....
    දන්නේ නැති කරුණු ගොඩක් දැනගත්තා..........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විකුම්!

      Delete
  2. බස්සි නියමයි ...සාරි බිස්නස් එකට බඩේ පාර ගහන්න නේද හදන්නේ .. ,,අනේ අපේ ගොඩක් දෙනා අතින් වෙන වරද කලින් හදුනගෙනත් ඒ කෙනාව යතාතත්වයට පත්වෙනකල් රැකගන්නේ නැති එක, නිසි ප්‍රතිකාර වලට දිගටම යොමු නොවෙන එක,, ගොඩක් හොද ලිපියක් බස්සි ,, අපේ දිලිනිටත් මේල් කරලා යවන්න මේකෙන් එකක්

    ReplyDelete
    Replies
    1. සාරි, ටයිපටි, කොහුලනු බිස්නස් කාරයො සේරටම වැඩේ දෙන්න යන්නෙ. හික්ස්!

      ඔව් ඔමා එයාටත්, තව කිහිපදෙනෙකුටත් මේක මේල් කරනවා.

      දැනුවත් වීම මගින් තමන්ගේ පූර්ව විශාද ලකුණු තමන්ටම හදුනාගන්න පුලුවන් කියලයි මට හිතෙන්නෙ. Prevention is better than cure.

      Delete
    2. පුහ්හු, අපිට එල්ලෙන්න ඕන්නම් කරවිල වැලක හරි එල්ලෙනවා. හරිය :-D

      Delete
    3. එච්චරට පොඩි එකා කියලලු හිතාගෙන ඉන්නෙ! :P

      Delete
    4. දිලිනියා ගැන මටත් එහෙම හිතුණා.ඒ වගේම මටත් මේක ඕනේ වේවි.අනිවා...

      Delete
    5. හික්ස්! ලෝභ බඳින ලොකු ඇස් වත් දැනුවත් කොරලා තියන්න වෙයි නේ! ;)

      Delete
    6. ඒ ඇස් මගේ නෙමේ ආලෝ....:(

      Delete
    7. ලෝකෙ තව ලොකු ඇස් කො‍යිතරම් තියෙනවද මෙයා. :)

      Delete
    8. @ඔමක්කෙ මේක ඔයා නොකීවනං මං දිලිනිගෙ බ්ලොග් 1 ලිංක් කරන්න හිටියෙ.... ඇයි යකෝ ඒක කියවන්නත් එපා වෙනව වෙලාවකට... දැං බස්සි අක්ක යවල ඇති නෙ නැත්තං දං අනිවා මේක ලිංක් කරල

      Delete
    9. දිලිනි ඇවිත් ගිහින්, කමෙන්ට් කරල තිවුනා පහල.

      Delete
  3. Thank You බස්සි..කරුණු ටික ගොඩක් වටිනවා. අපිට අපිවත් අනිත් අයවත් හඳුනාගන්න මේ කරුණු ටික සෑහෙන පිටිවහලක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. සතුටුයි ශෙහාන්. ඔබේ දැනුමට යමක් එක්කාසු උනානම් මගේ වෑයම සාර්ථකයි.

      Delete
  4. හ‍රි හරි ළමායි මම ඉස්සරහට පේන්න නොහිටියොත් කළබල වෙලා ඔය කැලෑ වල ලිඳවල් වල රේල්පාර වල බාල්ක වල හොයන්න එපාය. මම මාගේ රෝගීතත්වය අද දින මා හදුනා ගත් බැවින් එයට ප්‍රථිකාර ගැනීම සදහා යමි. ;-)

    කොහොම උනත් නියම ලිපියක් බස්සි එළ. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. බොට නම් විසාදයක් නෑ හැබැයි වෙන මොලේ ඇම්මක් නම් තියෙනෝ නෙ. එවුවට බේත් හොයාගෙන නැහැලු තවම. :P

      Delete
    2. හාපෝ ඒ කියන්නෙ මට විශාදය නැත්ද? මම හරි හැපි එකේ හිටියෙ. :'(

      ඒක නෙමේ ඊයෙත් කවුරු හරි ගෑල්ලමයෙක් fb එක නිසා සාරියකින් සර්කස් පෙන්නලාද? එහෙම ආරංචියක් තියෙනෝ. :(

      Delete
    3. මාධ්‍ය මවන විසුලු පුවත් බන් ඔවුවා. නිවුස් එක කියවද්දි තේරෙනව එතනට කුජීත විදියට FB එක බලෙන් ඔබ්බවලා කියල.

      Delete
  5. I can't express my views coz I'm in depression.

    ReplyDelete
    Replies
    1. Your permanent sottishness is the one & only reason for that !!!!!!!!

      Delete
    2. දේශකයා බේබද්දෙක් නොවේ යකුනේ...

      Delete
    3. දේශ් : Guess u feel depressed only when u r not sottish. කාලක් ගහල ආවනම් හරි. :P

      Delete
    4. නලින් : අපි නෙමෙයි ඕවා කියන්නෙ දේශකයගෙ බ්ලොග් එක කියෝන මහජනතාව.

      Delete
  6. හොඳ ලිපියක් බස්සි. කාලෝචිතයි. දිවිහානි කරගැනීම ගැන වෙනත් දේ කියනවට වඩා මේ වගේ දෙයක් කලාම වැටහීමක්වත් ලැබෙනවා.

    මට නම් නිතර කන්ට ඕනි. නින්ද යනවා මැරිලා වගේ. ඒ කියන්නේ ආතතිය තව දුර වගේ නේ? :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පො.කු අක්කා! හොඳට කාල බීල ජොලියෙ ඉන්නව කියන්නෙ ආතතිය අහලකවත් නෑ. හැබැයි ඕනෙවට වඩා නින්දත් ඒ තරම් ගුණ නෑ ලු.

      Delete
  7. බොහොම කාලීන මාතෘකාවක්. මටත් හිතුනා ලංකාවේ විශාදයෙන් පෙළෙන පුද්ගල ප්‍රතිශතය වැඩිවීමක් වගේ කියලා.
    විශාදයෙන් පෙළෙන කෙනෙකු දිහා අපි බලනවට වඩා දරුණුවට ඔවුන් දුක් විඳිනවා. මූලික හේතුව නිසි ප්‍රතිකාර නිසි කලට නොලැබීම. තව අවාසනාවන්ත හේතුවක් තමා නිවසේ අයම මානසික රෝගයකට ප්‍රතිකාර ලබා දීමට, ලජ්ජාවීම. විශාදය තනිව ජයගත හැකි අභියෝගයක් නෙවේ. තමන්, පවුල, මිතුරන් හැමෝගෙම සහය උවමනායි. විශාදය ලජ්ජා වියයුතු හෝ කොන්කලයුතු රෝගතත්වයක් නොවේ. අප කාටත් එය ඇතිවිය හැකියි.

    අනික මාද්‍ය හරහා කරන ප්‍රචාරයට ප්‍රමිතියක් තිබිය යුතුයි. මට මතක විදියට Copy Syndrom ලෙස හඳුන්වන මානසික තත්වයක් තියනවා. පාසල්, කම්හල් වැනි එකම ආකාරයේ අය කන්ඩායමක් සිටින ස්ථාන වල එය දැකිය හැකියි. උදාහරනයක් ලෙස පාසලක දරුවෙක් මගේ ඇගකසනවා කීවොත් එම තත්වය අනික් දරුවන්ට මානසිකව ඇතිවෙනවා. විශාල කණ්ඩායමක් එකම රෝග ලක්ශනය කියනවා. විශාදයට මෙය අදාල නොවුනත් මට හිතෙන විදියට මාද්‍යයෙන් ලැබෙන විශාල ප්‍රචාරය නිසා එකම මානසිකත්වය සහිත එවන් පුද්ගලයන් සියදිවි නසාගැනීමට වැඩියෙන් පෙළබෙනවා. මාධ්‍ය මැදිහත් විය යුතුයි. නමුත් ඒ විශාදය පිලිබඳවයි. සියදිවි නසාගැනීම ගැන නෙවෙයි කියලයි මට හිතෙන්නෙ. ඒ වගේම එලෙස සියදිවි නසාගත් අයට ගොන් කනු, මෝඩයින්, පිස්සන් ලෙස අපහාස කරන්න කලින් දෙවරක් හිතන්න ඕන.

    ඔයාගේ බ්ලොග් එක ඉඩලද හැම විටකම කියවනවා. ඉදිරියටත් ලියන්න සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාලු. මට හිතෙන්න මේක copying syndrome වලට වඩා වෙනස් කියලයි. එහිදී වෙන්නෙ දුබල පෞරුෂයක් ඇති අය සෑම කාර්යයකදීම අන්‍යයන්ව අනුකරණය කිරීම කියලයි මට හිතෙන්නෙ. මාත් ඒ ගැන හරියටම දන්නෙ නෑ.

      මේ සිදුවිම් trend එකක් බවට පත්වුනොත් නම් අනිවාර්යයෙන් ඊට වගකිවයුත්තේ මේ රටේ ඉන්න ඔලුව නැති මාධ්‍ය කාරයො තමයි. සියදිවි හානි කරගන්නා අය වීරයන් බවට පත් කිරීමත්, ඔවුනට නිගරු කිරීමත් එක හා සමානව වැරදියි.

      Delete
    2. බොහොම හොඳ ප්‍රතිචාරයක් 'ගංගාවේ ගීතය' +++
      මේ දරුවන් අහිමි වෙච්ච පවුල් වල අයට මේ ලියන සමහර දේවල් කියවන්න ලැබුණොත් කොච්චර හිත් වේදනාවක් ඇතිවෙයිද?

      Delete
    3. ඒක ඇත්ත. දරුවා අහිමි වුනාට වඩා ඒ මිනිස්සුන්ට වේදනා දැනෙවි මියගිය දරුවට අපේ රටේ මෝඩ මිනිස්සු කරන අපහාස දැක්කොත්. :/

      Delete
  8. ෆේස්බුක් හා බ්ලොගර් විශාදය අවම කරන හේතු වෙනවලු නේද බස්සියෝ ?

    ReplyDelete
    Replies
    1. එහෙමම කියන්නත් අමාරුයි දුලා. දැන් social network bullying ක්‍රියාත්මක වෙන හැටි දකිද්දි ඔයාටම ඒක තේරෙනව ඇති.

      හිතන්නකො පහුගිය කාලෙ සියදිවි නසා ගත් දැරියන්ට එක එක්කෙනා කරපු අපහාස. ඒ ළමයෙක් මරණෙන් බේරුනා ය කියමු. ඒත් facebook වාගෙ මාධ්‍ය හරහා තමන්ට කරන අපහාස දුටුවනම ඇය යලිත් සියදිවි නසා ගන්නට පෙළඹේවි. (කැනඩාවේ amanda todd ඔබට මතක ඇතැයි සිතමි.)

      මම නිතරම කියන කතාවක් තමයි "හරි ක්‍රමේ දන්නවානම් දැලි පිහියෙන් උනත් කිරි කෑවැකි."

      Delete
  9. ඒ බන් බස්සියෝ... පට්ටම වටින ලිපියක් නොවැ.... මට හිතෙනව වෙලාවකට බ්ලොග නිසා දිවි නහ ගන්න...

    ReplyDelete
    Replies
    1. හික්ස්! එහෙනම් වහාම උඹ බ්ලොග් කෙරුවාව නවත්තපන්. හැබැයි එතෝට බ්ලොග කියවන්න මග බලාන ඉන්න අපිට විශාදය හැදේවිද දන්නෑ!!

      Delete
  10. ෆට්ට වටිනා ලිපියක් බස්සියේ බොහොම ස්තුති...විෂාදයෙන් පෙලෙන කෙනෙක් ට මානසික ප්‍රතිකාර කල යුත්තේ කොහොමද කියලා තව ටිකක් විස්තර කලානම් තවත් වටිනවා

    ReplyDelete
    Replies
    1. තැන්කුයි ආචාරියෝ!!

      ඒවා ඉතින් දොස්තර ගොල්ලන්ට බාරයි. අනික බේත්හේත් ගැන විස්තර හොයාන ලියලා අපේ කස්ටිය ඔවුවා වැරදි විදියට පාවිච්චි කලොත් වසලා හමාරයි නෙව.

      Delete
    2. නැ බස්C යේ සමහරක් යාලුවෝ කිසිම දෙයක් නොදැන උපදෙස් දෙනවා.

      Delete
  11. නියමයි රෝස බස්සි , බස්සි බී.එස්.සී. නෙවෙයි එම්.බී.බී.එස් .වගේ තමයි මටනම් පෙන්නේ.. මටත් විශාදය වගේ බං

    ReplyDelete
    Replies
    1. බොටත් විශාදයද? එළ කිරි. එක ජාතියෙ කුරුල්ලො වහන්නෙම එක අත්තෙලුනෙ. ඔන්න මාත් සෙට් උනා.

      අපිට ජය වේවා…!!! :D :D

      Delete
    2. අන්න කොල්ලෝ ..තව නැද්ද ....ෂුවර් එකටම සසිඳුවාට තියෙනවා

      Delete
    3. ඒකේ ආයෙ හෝදන්න දෙයක් නෑ අනිවා සසිඳුටත් තියෙනවා. ඌවත් සෙට් කරගමු.…

      ඒයි සසිඳුවො වහපන් දෙයියො මේ අත්තෙ. අපි විශාද සංගමය. ;))))

      Delete
    4. @ඉවාන් : අපෝ නෑ. එහෙම උනොත් අර ඇනෝ ලොක්කට විශාදය හැදෙයි. පැසසුමට තැන්කූ වේවා හොඳේ!!

      Delete
    5. උඹල දෙන්නට ඇති විසාදයක් නෑ බොලව්. නියපොත්තෙ හිට තියන මඤ්ඤං භාවයක් මිසක!

      Delete
    6. තියෙනව තියෙනව විසේ-ආදිය!

      Delete
  12. හම්මේ..හරිම කාලීනයි..මම යනෝ..මටත් විශාදයද කියල චැක් කොරගන්න

    ReplyDelete
    Replies
    1. චැක් කොරන්ට දෙයක් නෑ. ඔබතුමයවත් සාදරයෙන් පිළිගන්නවා විශාද සංගමයට :)

      Delete
    2. @sasha : හොඳා හොඳා. කොහෙන්ද දැන් චැක් කොරන්නෙ?

      Delete
    3. @ප්‍රියා : උඹ ඊයෙ අර මහ වැස්සට තෙමුන නේද?? :P

      Delete
    4. බෝම ඉත්තුති.ප්‍රියා..විසාදයන්ට ජයවේවා!

      අර මන්තිරිලගෙ ඇමතිලගෙ ඔළුව චරක් කරන තැනින්

      Delete
    5. අපෝ එතනද? උඹට ලෙඩ නෑ කියන්න ඇති චෙක් නොකරම.

      Delete
    6. සාසෝ මේ සාරි වලට සෙකන්ඩ් වෙන්න එපා. හොඳ බෙඩ් ශීට් එකක එල්ලියන්. සෙනසුරාද දවසක එල්ලියන් හොඳේ

      Delete
    7. මීළග ජයග්‍රාහකයා සාරියද? ටයි පටියද? ඔය දෙකෙන් කෝක දින්නත් අපි පරාදයි හොදේ....

      Delete
    8. සිංදුවො බෙඩි සීට් වලින් ගැටේ දාන්න අමාරුවෙන එකක් නැද්ද? අර කිවුවත් වගෙ ටයි එක ලේසි අප්පා

      http://achcharaukade.blogspot.com/2014/02/blog-post_25.html#comment-form

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. ඇත්තටම බස්සි එම්බීබීඑස් කරනවද දැන්. අගනා ලිපියක්. මෙ සේරටම වඩා හොදයි බස්සියේ මෙහෙයුමක් අරඹමු ලංකාවේ කිසිම මාධ්‍යයක සියදිවි නසාගැනිම් සඳහා ප්‍රචාර ලබාදීම නින්දිත වැඩක්ය යන අරුත ඉස්මතුවන විදියට. ඒකට හොදම තැන තමා බුකියත් බ්ලොග් අවකාශයත්. සිය දිවි නසාගැනීම් ප්‍රචාරය කරන විද්‍යුත් මුද්‍රිත ඕනම මාධ්‍යයකට නිර්දය ලෙස පහර ගසන්නට හැම දෙනාවම පෙළ ගස්වමු. මගේ උපරිම සහාය ඒ වෙනුවනේ.

    ReplyDelete
    Replies
    1. අන්න ඒ වැඩේ නම් වටිනවා නලින් අයියේ. ලංකාවෙ බොහොමයක් මාධ්‍ය තමන්ගෙ හිට්ස් ප්‍රමාණය ඉහල දාගන්න නිවුස් විකෘති කරන හැටි හරිම හිරිකිතයි. අද හෝ ඊයෙ සිදුවුන සියදිවි නසාගැනීමකටත් හරිම පජාත විදියට FB එක මැද්දෙන් ඔබ්බලා. විකෘතිය හරි කරහල්ලාකො නිර්මාණාත්මකව, නැද්ද?

      අනිවාර්යයෙන් මාධ්‍ය මගින් ප්‍රමෝට් කරන suicidal trend එකට එරෙහිව ලියමු. දැනුවත් කරමු. ඒක කාලීන අවශ්‍යතාවයක්. නැත්නම් ඔය නිවුස් විකෘති කරන උන්ගෙ ඇස් ඇරෙන්නෙ තමන්ගෙ ළමයිනුත් ඒ පාරෙ ගිහින් සාරිවල, ටයි පටිවල එල්ලිලා ඉන්නව දැක්ක දාට තමයි.

      Delete
  15. සාමාන්‍යයෙන් ඕනෙ කෙනෙකුට ලෙඩ රෝග ගැන ලිපියක් කියෙව්වොත් තමන්ටත් ඒ රෝගය තියෙනවා කියලා හිතෙනවලු. මටත් එහෙමයි. මම හිතනවා මටසාමාන්‍ය විශාදය (Typical/Seasonal Depression) තියෙනවා කියලා. ඔය රෝග ලක්ෂණත් එහෙමයි.

    නමුත් මම මේ ලඟදි FB එකේ දැක්කා මෙහෙම.

    Before you diagnose yourself with depression, make sure you are not surrounded by a bunch of assholes in your workplace. They sure make you depressed.

    මේ වචනම නෙවෙයි. මේ වගේ එකක්

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතෙනවනෙ :o

      Delete
    2. Typical depression කියන එක ගොඩාක් සුලභ තත්වයක් ඩූඩ්. ඔය තත්වය winter season එකට එහෙම වැඩි වෙනවාලු. ඒකට විශේෂ Light therapy ක්‍රමයකුත් තියෙනවා ලු සීත රටවල.

      බොරු කියන්නෙ මොකටෙයි ආය, ලොකු බලාපොරොත්තු බිඳවැටීමක් උනාම එහෙම මටත් මානසික අවපීඩනය දැනිල තියෙනවා. ඒක අපිටම වලක්වා ගන්න පුලුවන් තත්වයක් කියලයි මට හිතෙන්නෙ.

      They are born to make us depressed! But our strength lies on how we cope up with them.
      "If they are assholes, give them what they deserve. Just screw them, and keep moving forward keeping ur head straight."

      Delete
  16. ඔය විශාදය මටත් තියේ.හැබැයි ඉතින් එක මට තියෙනවා කියලා මම දන්නා නිසා අවුලක් නැහැ..:D
    යශෝ උඩින්ම කියලා තියෙන්නේ කාන්තාවන්ට විශාදය සැදෙන ප්‍රවණතාව පිරිමින්ට සාපේක්ෂව දෙගුණයක් කියලා.එතකොට රටේ පිරිමි ගැහැණු නිසා කොයි තරම් විශාදයකින් පෙලෙනවාද කියලා හොයාගෙන නැතිද.?:D

    කතා දෙකක් නැහැ අනිවාර්යෙන්ම වැදගත් ලිපියක්...:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝ...!! කාන්තාවන් හැඟීම් වලට වහල් වෙනවා වැඩියි නෙව. මගේ කටකාර කෙල්ලෝ සහ ගණන්කාර කොල්ලෝ ලිපියෙත් ඇති කාන්තාවන්ගේ මානසිකත්වය පිරිමින්ට වඩා වෙනස් වෙන හැටි තරමක් විස්තර කරලා.

      Delete
  17. බොහොම හොඳ ලිපියක් බස්සි... හොඳින්ම විස්තර කරලා තියෙනවා. ඇත්තටම කළකිරිම් දුක් කරදර හැමෝටම ඇතිවෙනවා නමුත් හැමෝගෙම හිත් එකවගේ ශක්තිමත් නෑ ඒවා දරා ගන්න. කාලීන් ලිපියක් !

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අක්කා. රෝගය ගැන මම දක්වා ඇති කරුණු වල යම් අඩුපාඩුවක් හෝ වරදක් ඇතොත් නිවැරදි කර දෙන්න හොඳේ. හ්ම්ම්.... එහෙම අයට තමයි වැඩියෙන්ම උදව් අවශ්‍ය. තමන් තනිවෙලා කියල හිතෙනකොටනෙ ජීවිතයෙන් පලා යන්න හදන්නෙ.

      Delete
  18. මට විසේ ආදිය තියනවද කියල මං තාම හිතා බලමින් යනව.. :)

    ඇත්තටම පට්ට වටින ලිපියක් බස්.. මෙහෙම ඒව ගැන දැනගෙන ඉන්න එක බොහොම ප්‍රයෝජනවත්..

    ReplyDelete
    Replies
    1. හිතන්ඩ දෙයක් නෑ එවුවානම් ඇති නේද? අර උඩ කමෙන්ට් වල විසාදි හොයන පවුලූශටයි, ප්‍රියාටයි තියෙන්නෙත් 'විසේ ආදිය' වෙන්ට ඕනෙ. තැන්කූ වේවා හොඳේ....

      Delete
  19. සොඳුරු සුව අසපුවේත් මේ ගැන ලිපි කිහිපයක්ම තිබුනා මතකයි..
    http://www.nursinglk.com/search/label/Depression

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකට ස්තූතියි රූ....

      Delete
  20. ගොඩක් වටින ලිපියක්...
    දැං මට හේතුව දැනගෙනම එල්ලෙන්ල පුළුවන් ..
    (දුවන්න ඕන කඩේට ලණු කැරැල්ලක් ගේන්න)

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. තැන්කුයි හොඳේ....
      හික්ස්! මතක ඇතුව ලණු ඉල්ලන්න කලින් "මුදලාලි කැරට් තියෙනවද?" කියල අහල හිටිං.

      Delete
  21. බොහෝම වටිනා ලිපියක් නඟේ! ඒ වචනයත් අදමයි ඇහුවේ. මම නම් හැමවෙලේම කියන්නේ ඕනම දෙයක් ගැන වැඩ්ය නොසිතා හිටියම ඉවරයි....ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා! ඒක ඇත්ත. ඕනෙම දෙයක් ඕනෙවට වඩා ඕනෙම නෑ කියනවනෙ.

      Delete
  22. ගොඩක් ස්තුතියි බස්සියේ... මේ ගැන වෙන්න ඕනෙ ඔයා කිව්වෙ. මම දැන් තමයි ඇවිත් බැලුවේ. විහිළු කරනවා නෙමේ, මට ඔය හැම එකෙන් ම ටික ටික තියනව ද කොහෙද... හැබැයි ඉතින් ඔන්න ආගන්තුකයා කතා කරන්නම් කිව්වා. දැන් නම් මොකුත් නෑ මගෙ හිතේ... අද හොඳ බත් එකකුත් කෑවා.. (ඒක නිසා ඩිස්තීමියාව වෙන්න බෑ :-))))) ඇත්තට ම ස්තුති යි හොඳේ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බන් මට කලකිරුණා මෙච්චර අපූරු නිර්මාණ හැකියාවක් තියාගෙන, උසස් අධ්‍යාපනයත් හමාර කරල ඉන්න කෙනෙක් ඔය විදියෙ ළදරු කතා කියනකොට. ඒත් මම ඒ කමෙන්ටුව මැකුවා අන්න.

      Delete
    2. ආ... ඒක තිබ්බත් අවුලක් නෑ අනේ.

      Delete
  23. මේ වගෙ ලිපි තමයි බ්ලොග් වලට ඕන කරන්නෙ.මේ වගෙ අවශ්‍යම දැනුම අපට ලැබෙන්නෙ නෑ.ඒ වගේම ලිපි ලියන්න ඒ ගැන කොලිෆයිඩ් වෙන්න ඕනම නෑ.
    සියදිවිනසාගැනීම් වලට හේතුව විශාදය ලෙස තේරුම් ගන්න සමාජයක් කොයි තරම් ප්‍රබුද්ධද? ඒ වගේම තවත් බොහෝ දේවල් මෙලෙස විද්‍යාත්මකව විග්‍රහ කරගන්න පුළුවන් නම් හුඟක් ප්‍රශ්න විසදාගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ලිපි ලියන්න paper qualification නම් අවශ්‍ය නෑ තමයි. නමුත් අදාල විෂය පථය පිළිබඳ මූලික අවබෝධයකුත්, තමන් ලියන ලිපිය ආශ්‍රිත කරුණු පිළිබඳ තරමක් දුර ස්වයං අධ්‍යයනයකුත් තිබිය යුතුමයි.

      අදහසට බොහොම ස්තූතියි යකෝ...!!

      Delete
  24. විශාදය ඉස්සර අර...අර කාලේ තිබ්බා ඒ උනාට අපි නම් මැරෙයි... හිකිස්....වටිනවා මේම එකක් ලිව්ව එක නම් .....ඒ මේ ඔය ලෙඩේ බෝ කරන්නත් පුළුවන් නේ ටිකක් ගැඹුරට ප්ලෑන් කලොත්.... :O

    ReplyDelete
    Replies
    1. බෝ කරන්න ? අක්කා මොකාටද එන්ඩ හදන්නේ ඈ ?

      Delete
    2. අනේද කියන්නෙ අක්කෝ. ඒ කාලෙ පණ ගැටගහගත්තා කියන්නෙ විශාදෙට බයවෙන්න දෙයක් නෑ. හැබැයි ඒ ඒ.. කාලෙ ලාවට ඔය ලක්ෂණ තිවුනා මට. ;)

      Delete
    3. ඒ අර බෝ කිරිල්ල මට තේලුනෙත් නෑ නෙව.

      Delete
    4. @සිහින මදාරා@බස්සි.........ඇයි බොලව් මම කිව්වේ සරළ දෙයක් නොවෑ....දැන් බලහල්ලා ලස්සන ඉටිකිරිස් නංගි කෙනෙක්ට පාත්තයෙක් වගේ අයියා කෙනෙක් ආදරේ කොරනවා.නංගි,අයියව ප්‍රතික්ෂේප කොරන්න පුළුවන් හැම විදිහටම ප්‍රතික්ෂේප කොරනවා අන්තීමෙට දන්න කියන අයියා කෙනෙක් ලව්වා පාත්ත අයියගේ දතක් දෙකක් කඩනවා.එත් ම්..හු.... මේකා ආදරය පතාගෙනම එනවා.ඔන්න ඒ නංගි මේ වගේ පෝස්ට් එකක් කියවලා තිබුනොත් හෙමිට චාටුවෙන් මායම් හැට හුටාමාරම දාලා අයියව උන් හිටි ගමන් දාලා යනවා එතකොට අයියට ඉබේම විශාදය වැලදෙනවා... ඉතින් ඊට පස්සේ නංගි සතුටින් කාලය ගත කරනවා.( මේ මේක සිරියස් ගන්ට එපා හොදේ මට නිකමට හිතුන දෙයක්)..... :P

      Delete
    5. අයියූ දැන්නෙ කම්පනාවට ආවෙ. ඔය වැඩේ නoගිලා විතරක් නෙමෙයි අයියලත් කොරනවලු.

      Delete
  25. වටිනා ලිපියක් නංගි....මේ විෂාදය කියන තත්වයට ලක්වුනු පුද්ගලයො හැම රටකම වාගෙ ඉන්නවා...මැලේසියාවෙ මේ ලගදි කරපු පර්යේෂණයක් අනුව සමාජයේ ඉහළම යයි සම්මත වැඩි වැටුප් ගන්නා රැකියා වල නිරත වෙන අයලු වැඩියෙන්ම මානසික පීඩනයෙන් පෙලෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. තැන්කුයි සිරා අයියා!!! මට හිතෙන්නෙ ඉහල තනතුරු වලට යද්දි ආතතිය වැඩි වීමත්, ජීවිතේ අසමබර වීමත් ඒකට හේතු වෙනවා ඇති.

      Delete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. Very important article bassiyo. Keep it up. U should write more things like this to aware people and not to laugh and make jokes about people with mental disorders. And an interesting fact : u know lot of famous geniuses like Mozart, Newton had bipolar.

    ReplyDelete
    Replies
    1. Thankzz a lot sweetu!! I was totally fed up reading those stupid comments on social media bullying such victims. Lankanized version of Amanda Todd Story. :(

      Came across that fact when I was reading articles on depression. Forgot to mention it anywhere though. Thank a lot for sharing girlo. :) :*

      Delete
  28. මෙක සැහෙන දරුනු කෙස් එකක් නෙඩ්ක?
    මෙ මටත් පොඩ්ඩක් මෙවුව එක වගෙ මොකද කරන්නේ

    ReplyDelete
    Replies
    1. සුලභ දෙයක්. සාමාන්‍ය රෝගයක්. නිසි අවස්ථාවේ ප්‍රථිකාර සදහා යොමු නොවීමයි භ‍යානක.

      Delete
  29. ඔය විශාදයාව විශාරද විභාගෙට වාඩි කෙරෙව්වානම් හොඳයි මගේ හිතේ..සංගීතය හොඳයිනේ :D

    වටිනා ලිපියක් බස්C

    ReplyDelete
    Replies
    1. සින්දුවා මේව ඇහිල සින්දු කිම නවත්තලා දායිද මන්දා! හික්ස්!!

      තැන්කුයි අරූ!!

      Delete
  30. This comment has been removed by the author.

    ReplyDelete
  31. හූඟක් වටින තොරතුරු ටිකක් ... ඉස්සරට වඩා දැන් මිනිස්සු යාන්ත්‍රික වෙලා තියෙන එක තමයි මේ හැම දේටම මුල.

    ReplyDelete
    Replies
    1. මනුස්සයා කියන්නෙත් සතෙක්. පුරුදු පරිසරයෙන් මිදිලා නගරවල කූඩු වුනාම ඒ පීඩනය මේ විදියට පිට වෙන්න බලනවා.

      Delete
  32. හොඳ ලිපියක්. මං හිතනව මේ ලිපිය මේ පොස්ට් එක කියවන බොහෝදෙනෙකුට පැහැදිලි නිරවුල් මනසක් පවත්වාගෙන යාමට බොහෝ දුරට ඉවහල් වෙයි කියල. හොඳ වැඩක්. :)

    ReplyDelete
  33. සෑහෙන්න කරුණු හොයලා තියෙන ලිපියක්නේ.. අගය කරනවා ඇත්තටම.. මේකේ පොඩි කරුණක් ගැන මගේ අදහසක් වෙනම ලියන්න හිතුනා.. ඒත් මගේ මේ දවස් වල වැඩ හැටියට ලියන්න නිවාඩුවක් නෑ.. ඒ හන්දා බෑ අෆ්ෆා..

    ReplyDelete
    Replies
    1. අයියූ බෑයි කියල බෑ. නිවාඩුපාඩුවෙ හෙමින් ලියන්න.

      ඔව්. ඔව්. කලින් පෝස්ට් එක කියෝල කට්ටිය හිනා උනානෙ මන් කම්මැලි වෙලාය කියල. ඒ නිසා කම්මැලි නැතුව ලිවුව. :)

      Delete
  34. ඒ මිය ගිය අයට හිනාවෙන සමච්චල් කරන ලිපි දැක්කහම මට හිතෙනවා කොයි තරම් අසංවේදී සමාජයකද අපි ජීවත් වෙන්නේ කියලා. මානසික ප්‍රශ්න දරාගන්න අපි හැමෝටම එක වගේ හැකියාව නැහැ. කොයි තරම් දැන උගතෙක් උණත් මානසිකව දැඩි ලෙස පීඩාවට පත්වූ වෙලාවක මේ වගේ තීරණ ගන්න පුළුවන්. මේ ගැන සුළුවෙන් හරි සමාජය දැනුවත් කරන එක තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ. බොහොම වටින ලිපියක් බස්සි...

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම අපේ රටේ මානසික ‍යහපැවැත්ම ගැන ඇති අවබෝධය නම් හරිම ප්‍රාථමිකයි. හිතුනා මේ ගැන තව ලිපි පෙලක්ම ලියන්න.

      Delete
  35. කාලයක් මමත් පිස්සුවෙං වගේ හිටිය... මටම හිතුණ මේ මගෙ ආතල් නේ කුඩු කරගන්නෙ කියල... කෙල්ලො නැතුවැයි කියලයැ... අන්තිමේ එක වෙනම පැත්තකට හැරුණ ඒක වෙනම දෙයක් අදටත් මට කවුරුත් සෙට් වලා නෑ... ඒත් මට දැං ඒ පික්සු ගතිය නෑ... මේක කියෙව්වම මට මතක් වුනේ මං කාලෙකට කලිං ලියපු 1.ක් මටත් දාන්න හිතුණ... බලමු
    වටින ලිපියක් අක්කෙ... ලංකාවෙ වැඩිපුරම තියෙන්නෙ හිස්ටීරියාව...
    හුගක් තොරතුරු හොයල තියේ....

    ReplyDelete
    Replies
    1. ඔය වගේ අත්දැකීම් ගොඩක් අයට අත්විදින්න ලැබෙනව. නමුත් ඒකට මූණ දෙන්න තරම් ශක්තිමත් මනසක් නෑ සමහරුන්ට. මටත් කාලෙකට ඉහත ඔහොම දෙයක් වුනා. හැබැයි වැටෙන්නෙ නැතුව ඉන්න ගොඩක් උදව් කරපු හොද යාලුවො පිරිසක් හිටිය මට. ඒනිසා සමහර වෙලාවට අනිත් අයගෙ සහයත් බොහොම වටිනවා මානසික ස්ථාවරත්වයට.

      Delete
  36. අධික ලෙස මත්පැන් භාවිතය///
    පිලි ගන්න අමාරු වුණත් මෙක නම් මටත් තියෙනවා ඕන් ,කියන දෙවල් මතක නෑ ,කරන්න හිටිය දෙවල් මතක නෑ ,පොඩ්ඩක් ගත්තාම අවුලක් නෑ මම හිතන්නෙ තව කාලෙකින් කොමාවක් දානවා පස්සේ නැවත් හික් හික් ..එල ඈ ..වටිනවා .....

    ReplyDelete
    Replies
    1. අඩේ ඔන්න මතක් වුණා අපේ කැලැස් එකේ හිටපු කොල්ලෙක් ගේ තාත්තාකෙනෙක් බෙල්ලෙ වැල දාන් මැරිලා ..

      Delete
    2. එතනදි කියවෙන්නෙ ප්‍රශ්ණ වලින් පලා යන්න මතට ඇබ්බැහි වෙලා ඉන් පස්සෙ ඒකෙන් අත්මිදෙන්න බැරිව හිරවෙන අය ගැන සහෝ. මම නම් මත්පැන් භාවිතය මද පමනට වුනත් සිදුවෙනවට අකැමතියි. ඒත් ඒක මගෙ පෞද්ගලික මතයනෙ. තම තමන් ඒකෙන් තමන්ට වෙන පාඩුව ගැන හිතලා තේරුම් අරගෙන මතට තිත තැබීමයි විය යුත්තෙ.

      Delete
  37. මැරෙනව කියන එකත් පන යන වැඩේ නේ???
    හොඳ ලිපියක් ඈ...
    ස්ත්‍රී පාර්ශවේ...// =D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ධනා මල්ලි!
      ස්ත්‍රී පාර්ශවය හැඟිම් එක්ක ගනුදෙනු කරනව වැඩියි නෙව. ඒ ඇයි කියල තියෙනව මෙතන; කටකාර කෙල්ලෝ සහ ගණන්කාර කොල්ලෝ...

      Delete
  38. හොඳ ලිපියක් බස්සියෙ..හැබැයි අනිත් අයගේ සියදිවි නසාගැනීම් වලට බැනුම් අහන්නෙ අපියි කියලයි මට නම් හිතෙන්නෙ..අපේ ගෙදර අය මම දැන් මූනුපොතේ ඉන්නව එහෙම දැක්කොත් මූනත් එක්කම නරක් කරගන්නව..

    ReplyDelete
    Replies
    1. නිකම් බොරුවට ඒ හැම දේටම fb සම්බන්ධ කලේ ප්‍රචාරණ‍ය ගැන විතරක් හිතන මාධ්‍ය කාරයොනෙ තරු. ඒකෙන් මිනිස්සුන්ගෙ හිත්වල තාක්ෂණය ගැන ෆෝබියාවකුත්, සියදිවි නසාගැනීමේ trend එකකුත් ඇතිවෙන එක විතරයි වෙන්නෙ.

      Delete
  39. මේ ගැන කලින් කියවල තිබුනත්, මේ ලිපිය ඉතාම සරලව හැම දේම කෙටියෙන් පැහැදිලි කරල තියෙනව. බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිල් මානෙල්! බස්සිගේ නවාතැනට සාදරයෙන් පිලිගන්නවා ඔයාව. :)

      Delete
  40. ස්තුති මේ වැදගත් ලිපියට. බුකියේ සමහර ප්‍රබුද්ද කියන පොරවල් මේ සියදිවි නසාගත්ත ළමයි ගැන දාල තියෙන කතා දැක්කම අප්පිරිය හිතුන. එක ප්‍රසිද්ධ, ප්‍රවීන කියන පොරක් දාල තිබ්බ මේ වගේ දුර්වල මිනිස්සු ජීවත්වෙලා වැඩක් නෑ මැරෙන එකමයි හොද කියල. මට හිතුනේ එහෙම කියන එව්න්ටත් මානසික ආබාධ තියෙනවද කොහෙද කියලයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අදහසට! මේ ලිපිය ලියන්න හේතු වුනෙත් අන්‍තර්ජාලයේ දුටු එවන් අදහස් නිසාමයි.

      Delete
  41. වටින ලිපියක්.

    විශාදයට ප්‍රතිකාර ගන්න ගොඩාක් අය කැමති නැහැ නේ?

    මගේ යාළුවෙක් ඉන්නවා එහෙම. කොච්චර කිව්වත් යන්න කැමති නැහැ... එක පාරක් මැරෙන්නත් ට්‍රයි කලා. අම්මලට තෙරෙන්නෙත් නැහැ මේ ළමයා ඉන්න තත්වේ.

    ReplyDelete
    Replies
    1. මානසික රෝග ගැන සමාජයේ තියන ආකල්ප නිසාම යාලුවාත් දෙමව්පියොත් සැබෑ තත්වය පිලිගන්නට මැලිවෙනවා ඇතිී. ඉක්මනින්ම උපදේශනයට ‍යොමු කල හැකි නම් වටිනවා බඩී.

      Delete
  42. අදට අවශ්‍ය කරන ලිපියක් , ස්තුතියි

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වූවාට තුති! සාදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට!!

      Delete
  43. වැදගත් ලිපියක් බස්සී.... :D .. තව ලියන්න මේ වගේ ඒවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නන්දික! ඔයාව සාදරයෙන් පිලිගන්නව බස්සිගේ නවාතැනට! අනිවාර්යයෙන්ම මෙවැනි ලිපි පෙලක් ලියනවා ඉදිරියේදි.

      Delete
  44. ඇත්තටම මම හොයහොය හිටියේ මේක ගැන ලියවුන සිංහල ලිපියක්.ඔයාට ගොඩාක් ස්තූතියි බස්සි.පුලුවන්නම් තව පොඩිදෙයක් කරන්න පුලුවන්ද? මේකට කරන විද්යුත් ප්‍රතිකාරය ගැන තවදුරටත් තොරතුරු ටිකක් දැනගන්න ඔන මට.(පෞද්ගලික ප්‍රශ්නයක මත) පුලුවන්නම් සිංහලෙන් ඒ ගැනත් ලිපියක් ලියන්න.

    ReplyDelete
  45. විෂාදයට දෙන බෙහෙත් දැන ගන්න පුලුවන්ද parmacy යෙන් ගන්න

    ReplyDelete
    Replies
    1. උනට හෙම්බිරිස්සාවට දෙන බෙහෙත් වලට වඩා මානසික ගැටළු/රෝග වලට දෙන බෙහෙත් වල සයිඩ් එෆෙක්ට් වැඩියි.ඒ නිසා ඩොක්ටර් කෙනෙක්ගෙන්ම බෙහෙත් ගන්න.විශාදය වගේ ඒවාට දෙන බෙහෙත් ෆාමසියෙන් ඩොක්ටර් කෙනෙක්ගේ අනුමැතිය නැතුව ගන්නත් බෑ හරිනම්...

      Delete