Tuesday, February 4, 2014

බස්සිගෙන් වැලන්ටයින් අයිටම්






වැලන්ටයින් දිනේ ළඟ
ළඟ එන හින්ද බස්සි හිතුවා තමන්ටම නිර්මාණය  කරගන්න පුලුවන් වැලන්ටයින් තෑගි කිහිපයක් ගැන සුට්ටි උපදෙස් මාලාවක් දෙන්න. ඔවුවා ඉතින් මම කටු කාගෙන හදලා එක්කෙනෙක්ට පරිත්‍යාග කොරාපු තෑගි තමයි. ඒ නිසා අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි, මේ තෑගි වලින් ලබන්නාවූ  නවම් පොහෝ  දින ඔබ දෙපළගේම සිත් පහන් වේවි.



සරලයි, ඒත් පිළියෙල කරන්න සැලකිය යුතු තරමේ කාලයක් නම් වැයවේවි.




ඔන්න එහෙනම් රම්බර නම්බර වන්

LOVE PILLS



මේවා happiness pills කියලත් හඳුන්වනවා. බස්සිට මේ ගිෆ්ට් අයිඩියා එක ලැබුනෙ "The Millionaire’s First Love" කියන ෆිල්ම් එකෙන්. පියවරෙන් පියවර කියන්නද එහෙනම්?




මුලින්ම මේ උවමනා දේවල් ලැයිස්තුව හොයාගෙන ඉන්න ඕනෙ.



1. පාට A4 කොල 10ක් 15ක් විතර
2. කොට්න් බඩ් බොක්ස් එකක් හෝ ජුවෙලරි බොක්ස් එකක්
3. කොට්න් බඩ් බොක්ස් එක/ජුවෙලරි බොක්ස් එක දාන්න කාඩ්බෝඩ් පෙට්ටියක්
4. මේ කාඩ්බෝඩ් පෙට්ටියෙ සරසන්න උවමනා විසිතුරු කොළ වර්ග
5. කතුරු, ගම්, සෙලෝටේප් වගේ ආම්පන්න.





A4 කොල 1.5 cm – 10 cm තරමේ කෑලි වලට කපා ගන්න. මේ වගේ කෑලි 365ක්ම කපා ගන්න පුලුවනි නම් වඩාත් හොඳයි.



ඒ තුන්ඩු කෑලි වල පුංචි පුංචි ආදර වදන් ලියන්න. එකම දේ තුන්ඩු දෙකක ලියන්න එපා. හැම තුන්ඩුවකම අලුත් පණිවුඩයක් ලියනවානම් වඩාත් හොඳයි.


උදා :  


What is tigger without Pooh
What is Bella without Edward
What is Ginny without Harry
That is me without YOU




දැන් මේ තුන්ඩු කෑලි එකින් එක හීනියට රෝල් කර ගන්න.


තුන්ඩු කැලි 365ක් අහුරන්න පුලුවන් පෙට්ටියක් සෙවීම තමයි ඊළඟ රාජකාරිය. බස්සිනම් මේ සඳහා යෝජනා කරන්නෙ 'කොට්න් බඩ් බොක්ස්' එකක්. (මේ කියන්නෙ අර කන් සුද්ද කරන කොට්න් බඩ් අහුරාපු ඒවා නෙමෙයි යාලුවනේ. තෑගි සාප්පුවල තියෙන ගිෆ්ට් අයිටම් එකක්.)  විනිවිද පේන පුංචි වීදුරු බොක්ස් එකක්.



මේ අයිටම් එක හොයාගන්න නැත්නම් ඊළඟට සුදුසුම විසඳුම ජුවෙලරි බොක්ස් එකක් තමයි. අර හදවත් හැඩේ ආභරණ පෙට්ටි දන්නවා නේද?



දැන් අර රෝල් කරාපු තුන්ඩු කෑලි ටික එක ගානකට ජුවෙලරි බොක්ස් එකේ/ කොට්න් බඩ් බොක්ස් එකේ අහුරන්න. පාට පාට තුන්ඩු එකිනෙක මුහු වෙන විදියටයි අහුරන්න ඕනෙ. ඉවසීමෙන් කලොත් අහුරලා අහවර උනාම මේක පේන්නෙ රෝස මල් පෙට්ටියක් වගේ.



දැන් මේ තෑග්ග අහුරන්න කාඩ්බෝඩ් පෙට්ටියකුත් ලස්සනට සකසා ගන්න ඕනෙ. ජුවෙලරි බොක්ස් එකේ/ කොට්න් බඩ් බොක්ස් එකේ කාඩ්බෝඩ් ඇසුරුම මේකට යොදාගන්න පුලුවනි.





කාඩ්බෝඩ් පෙට්ටිය වටේට පාට කඩදාසිය අලවන්න. මේක අලවන්න ඕනෙ පෙට්ටිය අරින්න වහන්න පහසු වෙන විදියට. (එහෙම නැතුව තෑග්ගක් ඔතන විදිහට නෙමෙයි.) ඒකෙ උඩින් 'Love Pills' නැත්නම් 'Happiness Pills' කියල ලියන්න. පහලින් භාවිතයට උපදෙස් කියලා පුංචි ආදරණීය උපදෙසක් දෙන්න.



උදා :  
Directions to use :
Dosage – take one pill each morning.

Warning:
Over dosage may bring tears of happiness.



මේ තෑග්ග උපන්දින තෑග්ගක් විදියටත් නරකම නෑ.


තවදුරටත් මේ අදහස අපැහැදිලි කුරුලු යාලුවො වෙනුවෙනුයි මේ වචන ටික කොටන්නෙ. තුන්ඩු කෑලි 365 හරියට හදවතට දෙන බෙහෙත් පෙති 365ක් වාගෙ. දවසට එක ගනනේ කියවන්නයි දෙන්නෙ. ඊළඟ අවුරුද්ද වෙනකම් ඒ බෙහෙත් පෙති 365 එයාව සතුටෙන් තියයි.





රම්බර නම්බර ටූ

Sweet Box






මේක චුවිංගම්, චොකලට් සහ වෙනත් පුංචියට හදාපු රසකැවිලි කන්න ආසා කරන කුරුල්ලෙක්ට/ කිරිල්ලියෙක්ට තෑගි දෙන්න සුදුසුයි.

මුලින්ම තරමක් ඉඩකඩ තියෙන ප්ලාස්ටික් බෝතලයක් හොයාගන්න. දැන් කඩවල්වල තියෙනවනෙ තුනපහ අහුරන්න හදාපු එක එක හැඩේ හුරුබුහුටි ප්ලාස්ටික්/වීදුරු බෝතල්. ඒවා මේ වැඩේට අපූරුයි.



බෝතලේ 3/4 ක් විතර පිරෙන තරමට අර කලින් කියාපු රසකැවිලි වර්ගය මිලදී ගන්න. කුරුල්ලා/කිරිල්ලි පැණිරස ජාති වලට ගොඩාක් මනාප කෙනෙක් නම් එයා කැමති රසකැවිලි වර්ග කීපයක් එකට කලවම් කරලා පාවිච්චි කරන්නත් පුලුවනි.







දැන් තියෙන්නෙ වැලන්ටයින් ඩේ එකට ගැලපෙන ඇඩ් එකක් එකතු කිරීම. බෝතලයේ ඉතිරි ඉඩ පිරෙන්න පාට කඩදාසි වලින් ඔරිගාමි හදවත් නිර්මාණය කරගන්න. (ඔරිගාමි හදවත් නිර්මාණය කරගන්නා හැටි මෙතනින් බලාගන්න පුලුවන්.)




ඔරිගාමි හදවත් නිර්මාණය කරගන්නා ආකාරයට රූපමය මගපෙන්වීමක්.





අඟල් 4X4 ප්‍රමාණයේ කඩදාසි කොටුවකින් තමයි ඔරිගාමි හදවත් නිර්මාණය කිරීම ආරම්භ කරන්නෙ. ඉතින් මේ කඩදාසිය ඇතුල් පැත්තෙ ලස්සන සුභපැතුමක් ලියන්න.




ඔරිගාමි හදවත් සියල්ලේම එකිනෙකට වෙනස් සුභපැතුමක් ගනනේ ලියන්න පුලුවන්නම් අපූරුයි.


දැන් අර ප්ලාස්ටික්/වීදුරු බෝතලේට රසකැවිලි ටිකයි, ඔරිගාමි හදවත් ටිකයි දාලා මිශ්‍ර කරන්න. මේකට කඩදාසි රෝසමල් එහෙමත් දාලා තවත් ලස්සන කරගන්න පුලුවනි.




මෙන්න රම්බර නම්බර ත්‍රී

1000 Reasons Why I Love U!

 




මේ තෑග්ග පිළියෙල කරන්න යන වියදමත් අවමයි. උවමනා කරන අඩුමකුඩුම වුනත් අමුතුවෙන් සඳහන් කරන්න තරම් දෙයක් නෑ. කාලය තරමක් වැයවේවි. ඒත් වටිනාකම නම් මිල කරන්න බැහැ.




මිළදී ගන්න අවශ්‍ය එකම දේ ලස්සන සටහන් පොතක්. මේක ඔයාගෙ බජට් එකේ හැටියට තෝරාගන්න පුලුවනි. පර්ස් එක බරට දැනෙනවානම්, ලොක් කරන්න පුලුවන් විදියෙ පුංචි ඉබි යතුරක් එක්ක එන සමරු පොතක් වගේ ගන්න පුලුවනි. නැතිනම් ලිපිද්‍රව්‍ය සාප්පුවකින් ගන්න පොත් පිංචක් වුනත් වැඩේට හොඳටම සෑහෙනවා.



ඒ සටහන් පොතේ ඔයා කුරුල්ලාට/කිරිල්ලිට ආදරේ කරන්න හේතු දහසක් (සියයක් වුනත් සෑහෙනවා.) ලැයිස්තුගත කරන්න. ලස්සනට ලියන්න. හිතට දැනෙන දේ, ඒ විදියටම ලියන්න.



මෙන්න මේ වගේ.....

ඔයා හොඳ සවන් දෙන්නෙක්.
මම කියවන වල්පල් සේරම ඔයා කිසි
අපහසුවක් නැතුව අහගෙන ඉන්නවානෙ.


ඔයාට පුලුවනි මගේ ඕනෑම
නරක මූඩ් එකක් අතුරුදහන් කරවන්න.





දැන් ඒ පොතේ ලස්සන රෝසමලක් දෙකක්, හදවතක රූපයක්, වේලාගත්තු මල්පෙති ආදිය අලවලා හැඩ කරන්න.
 


බස්සා ගාවනෙ මං හදාපුව ටික. ඉතින් ෆොටෝ කෑලි දාන්න විදියක් නෑ. හෙට බස්සා ආවම තවත් පැහැදිලි වෙන්න ෆොටෝ කෑලි ටිකක් අමුණන්නම්කෝ.  ඔන්න තව දවස් දහයයි. වැඩ පට්ටාන් ගන්න තමයි තියෙන්නෙ දැන්.



96 comments:

  1. :( :( :( :(

    ලිපිය කියෝලා බුක් මාර්ක් කරගත්තා.:( මං සියැට ඔරිගාමි හදවතක් හදාදෙන්නම්

    ReplyDelete
    Replies
    1. ලැප් ගාමිණීට දුන්නැකිනෙ 1000 reasons why I love u කියලා....

      Delete
    2. හි හි ලැප් ගාමිණි නෙමේ අනී ඩෙල් ගාමණි ;)

      Delete
    3. අයියූ.... සුලු මිස්ටේක් මෙවුවා එකක්!

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
  2. අනේ මම නම් චොක්ලට් එකක් දුන්නම ගෝල් ෆෙන්ඩ් ආ නෑ සොරි සොරො වයිෆ් ශේප්. ඒක තමා මෙච්චර කාලෙකට කලේ.

    ඔය බස්සි දුන්න ඒවා හොදා. හිමීට ට්‍රයි කොරලා බලන්න ඕන. වැඩේ තියෙන්නෙ හංගගෙන කොරන එකනෙ.

    ReplyDelete
    Replies
    1. ප. ලි. ~ වැලාටයිම් එක සමරන්න අපිට (විවාහක කොලු බට්ටන්ට) තහනමක් නෑ නේද??

      ප.ප.ලි. ~ වැලාටයිම් එකේ සැබෑ අරුත සියලු ආදරවන්තයින් වටහාගනීවා (මෙහෙම ලිවුවෙ දැන් දැන් සිදුවෙන ඇතම් සිදුවීම් නිසා.)

      Delete
    2. මම නම් හිතන්නෙ එහෙම තහනමක් නෑ. මමත් හැකි කලක් ඕක සමරයි.

      ඔව් අනී....ඕව හදන්න මාන්සි වෙන්නෙ ගෑල්ලමයි නෙව. අපේ බස්සත් කරන්නෙ චොකෝ, ටෙඩියො, සෝසමල් එහෙම දෙන එක තමයි.

      ප.ප.ලි. සමග එකඟ වෙමි.

      Delete
  3. අනාගතේට වටීවී කියල හිතෙනවා. ඒත් මගෙ වයසෙ හැටියට ඕව වැඩක් වෙන එකකුත් නෑ. ලැබුණොත් එකෙක් ඉක්මනට බඳින එකයි කරන්නෙ. නැත්නම් තවත් නාකි වෙවී ඉන්න වෙන්නෙ.

    රම්බර නම්බර ත්‍රී එකක් මං හැදුවොත් ඒක කියෝගන්න ආපහු මං ගාවටම එන්න වෙනවා. නැත්නම් සෙල් ලිපි, කුරුටු ගී කියවන්න පුළුවන් කෙනෙක් හොයා ගන්න වෙනවා. එච්චරටම ලස්සන අකුරු මම ලියන්නෙ...:P

    ReplyDelete
    Replies
    1. හයියූ ඒම කියන්න එපා. බැන්දයි කියල ආදරේ නැතිවෙනවැයි?

      අන්න ඒම අකුරුවලින් ලියද්දි තමයිලු අගේ වැඩි.

      Delete
  4. anee akki .. hadala dennakoo.. wadeth lasy ne .......

    ReplyDelete
    Replies
    1. කියල දීල තව හදල දෙන්නත් ඕනෙයැ! තමන් හැදුවාමයි අගේ වැඩි.

      Delete
  5. වැලන්ටයින් තෑගි වලින් මට නම් පලක් නැතුවා...දන්නෝ දනිති....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.... දන්නේ නැති නිසා දැනගන්නා තුරු මොකුත් නොකියා ඉන්නම් සිරා...

      Delete
  6. අෆ්ෆා තැන්කිවු බස්සියෝ :) මාත් හදනවා එකක් :) අපේ මනුස්සයා බය වෙයි ද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ඒ මොකටෙයි බය වෙන්නේ....?

      Delete
  7. බුක් මාක් කරල තියාගන්නම් ඕන උන දවසක බලාගන්න :D

    ReplyDelete
    Replies
    1. හොඳා හොඳා.... මේ වගේ තෑගි වලින් ලු ගෑල්ලමයි වැඩිපුරම සතුටු වෙන්නෙ.

      Delete
  8. තෑගි ටික නම් ශෝක් .. දෙන්න කෙනෙක් තමයි නැත්තේ..

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔයත් සසිඳු වගේ මේක බුක් මාර්ක් කරගන්න. :D

      Delete
  9. අනේ මන්ද මේවට කොමෙන්ට් කරලත් බෑ නොකරත් බෑ
    @ ලැප ඉස්සරහ පුටුවේ

    ReplyDelete
  10. අද නැතත් කවදා හරි ඕනි වෙන්නැතෑ මේ අයිඩියාස්...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. බ්ලොග් පිටුව ඩවුන්ලෝඩ් කරගෙන බැංකුවෙ දාල තියන්න අනාගත ප්‍රයෝජනයට.

      Delete
  11. මේ තියෙන්නෙ බඩු...හදන්න ඕන Sweet Box එකක්.....හදලා දානවා තෙල් රටකජු,මුරුක්කු,වඩේ,බයිට් මික්ස් වගේ ඒවා.......

    ReplyDelete
    Replies
    1. හපුයි... ඔරිගාමි හාර්ට් ටිකට දෙයියන්ගෙම පිහිටයි එහෙනම්! මේ sweet box මිස savory box නෙමෙයි.

      Delete
    2. හි හි වයිපරේ හවසට ෂොට් එක්ක දානවද හි හි

      Delete
    3. මෙ‍යැයි තෑග්ග අනුභව කරන්න බලාගෙන වෙන්නැති savory box1 ක් දෙන්න යන්නෙ නේද ඔමයියෝ....?

      Delete
  12. බුක්මාක් කරගත්තාට වැඩක් නෑ මම නම් ජිව්තෙට ඔය වගේ වැඩ කොරන කෙනෙක් නෙවෙයි කඩෙන් මොනවා හරි අරන් දුන්නොත් මිසක්

    ReplyDelete
    Replies
    1. අයියූ එහෙම කියන්න එපා බොරලුවෝ. කඩෙන් ගන්නවට වඩා කොච්චර වටිනවද තමන්ම තෑග්ගක හදල දෙනකොට.

      Delete
  13. මෙන්න බොලේ සෑහෙන්න වටින අදහස් ටිකක්....ටැංකූ බස්සියෝ.......

    ReplyDelete
    Replies
    1. මල් මල් නම් දැන්ම වැඩ පටන් ගනීවි වගේ නේද? තෑගි වලට ප්‍රතිචාර කොහොමද කියලත් කියන්නකෝ.....

      Delete
  14. ගෑනු ළමයි ආදෙරේට කොරන දේවල්....... :D

    ReplyDelete
    Replies
    1. පිරිමි ලමයින්ටත් හිතුවොත් කරන්න බැරි නෑ. ;)

      Delete
  15. හඃ හඃ හඃ හඃ පට්ට මේ වැඩ ටික .
    මටත් කාලෙකට කලින් මෙහෙම දේවල් ලැබුණා . දැන් නම් ඒ මතකය විතරක් සුන්දරයි .
    එල එල වෙසක් පොසොන් වලටත් මෙහෙමම ලියන්නකෝ . අද තමා කියවන්න ආවේ . සුභ පතනවා . මම ලියනවා නම් වැඩියි ඒත් කමෙන්ට් කෙරෙනවා අඩුයි . තරහ ගන්න එපා ඔන්න .

    ReplyDelete
    Replies
    1. මේ අවුරුද්දෙ මෙයින් තෑග්ගක් ලැබේවා කියලප්‍රාර්ථනා කරනවා එහෙනම්. කමෙන්ට් නොකලට තරහා නෑ මේ පැත්තෙ ඇවිත් ‍යන්න එන්න.

      Delete
  16. page එක book mark කරගෙන් තියා ගන්නවා. මේවයින් එකක් හම්බ උනොත් මම දැන් දන්නවා ටීචර් කවුද කියල .කෝකටත් ලැස්ති වෙලා ඉන්න එක හොඳ නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. අනාගත ප්‍රයෝජනය තකා මෙය සුරැකිව තබාගන්න. ;)

      Delete
  17. බලමු බලමු මාත් book mark කරගෙන...))))) හි හි... බස්සට දෙන්න ඉන්න එක මෙතන නෑ...ඔට්ටු යි!

    ReplyDelete
    Replies
    1. ඔට්ටු අල්ලන්න දෙයක් නෑ දිලිනියෝ ඒ තෑග්ග තවමත් අධි රහසිගතයි.

      Delete
  18. කාට දෙන්නද ඉතිං..... හ්ම්ම්......

    ReplyDelete
    Replies
    1. ඇයි ලැපී ඉන්නෙ. 10000 Reasons Why I Love My Lapee.... :D

      Delete
  19. අනේ අපි ඉතින් කාට වැලන්ටයින් තෑගි දෙන්නද? අපි යනෝ සිල් ගන්න එදාට.. ^_^

    ReplyDelete
    Replies
    1. ආ.... ඔයාල දෙන්නට හැමදාම වැලන්ටයින් නිසා විශේෂ තෑගි හුවමාරුවක් නැතිලු නේ.... :)

      Delete
  20. බස්සිගේ නිර්මාණ ඉදිරිපත් කිරීම කාටත් ප්‍රයෝජනවත්.
    මම ආස පළමු එකට.
    මම අදම හදන්න පටන් ගන්නවා.
    හදල එයාට යවනවා.
    TQ බස්සි...

    ReplyDelete
    Replies
    1. හහා.... මෙන්න නියම කොල්ලෝ....
      හරිම සතුටුයි කෙන්ජයියේ ඔයාට මෙහෙම දෙයක් හදන්න හිතුන එක ගැන.
      ඔය පළමු තෑග්ගට ඉතා සංවේදී ප්‍රතිචාර ලැබේවි.... දීල බලන්නකෝ.

      Delete
  21. බස්සි නම් එල කොල්ලෙක් නේ... මගේ එකී කන්න කැමති චොකෝ තමා.. බත් ඕනෙත් නෑ චොකෝ තියෙනවනම්...

    ReplyDelete
    Replies
    1. //බස්සි නම් එල කොල්ලෙක්//
      මේක බස්සි නම් එල කෙල්ලෙක් විය යුතුද?
      නැත්නම් බස්සා නම් එල කොල්ලෙක් විය යුතුද?

      දෙකම හරි නෙ. ඒ නිසා තැන්කුයි හොඳේ... ;D

      Delete
  22. වඩාත්ම සිත් ගත්තෙ පලමු වෙනි නිර්මාණය. ඊලඟට තුන් වෙනි එක.

    තෑගි හෝ වෙනත් දෙයක් හෝ තමන්ම නිර්මාණය කර ගන්නා එක මං කවදත් අගයන දෙයක්.. එතකොට වටිනාකම වැඩියි.

    ReplyDelete
    Replies
    1. වැඩිම ප්‍රතිචාර ලැබෙන්නෙ පලවෙනි නිර්මාණයට තමයි. තුන්වෙනි එක ලියන්න ගත්තාම 1000න් නවත්වන එකයි අමාරු.

      …බස්සිගේ නවාතැනට සාදරයෙන් පිලිගන්නවා චන්දන අයියේ....

      Delete
  23. මේ තනිකඩ අපි කාට දෙන්නද බාං ඕව අක්කෙ අපෙං ඕව ගන්න එකෙක් නෑනෙ බොලං.. උන්න නං පෙයෝජං වෙයි
    මොනා උනත් ලව් බර්ඩ්ස් ලට නං වැදගත් වෙයෙි මා හිතේ

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔයත් මතු යහපත තකා මේක බුක්මාර්ක් කරගන්නකො මලයා.....

      Delete
  24. අයිටම් 3ක් ම දාපු එක හොඳා දැන් ඉතින් 3 දෙනාට වෙන වෙනම ජාති වලින් හදලා දුන්නකි

    ReplyDelete
    Replies
    1. අර ලිස්ට් එක ලිවුවැකිනෙ කාබන් කොල 2ක් යටින් තියල තුන් දෙනාටම එකපාර. කාලෙත් ඉතුරුයි නෙව මැලේ. :D

      Delete
  25. බස්සිගේ ලවු වැඩ? බස්සා ඕවට විකාර කියලා කියන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. එහෙම කිවුවොත් ප්‍රතිඵල භයානක බව බස්ස දන්නවා ඇති. ;)

      නැහැ යාලු බස්සා ඒවට ඇත්තටම කැමතියි.

      Delete
  26. අනේ අහිංසක අපි ඕවා හදනව දැක්කොත් ගෙදර උන්දැ මොනව කොරයිද මන්දා..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හික්ස්! හිතාවි කෙල්ලෙක්ට ගිහින් දෙන්න යනෝ කියල. වැලන්ටයින් දවසෙ කොසුපාර කන්න වෙයි පලවෙනි වතාවට ඕව හංගගෙන හදනව දැක්කොත්.

      Delete
  27. අනේ ඕවා හදන්න ගියාම ලව් කිරිල්ලත් එපා වෙන්න පුළුවන් බං මට නම්..කැමති කෙනෙක් ඉන්නවා නම් ඔන්න ඔහේ අපිටත් හදලා දෙන්නේ නැතැයි...:D

    ReplyDelete
    Replies
    1. එහෙනම් මනෝ මේ පෝස්ට් එක දැන්ම "ලෝභ බඳින ලොකු ඇස්" ට පෙන්නන්න.

      Delete
  28. කාට දෙන්නද ඕව හැදුව කියල... හි හි

    නියමයි ඈ...

    ReplyDelete
    Replies
    1. හෆොයි මුන් එකෙක්ටවත් මෙවුව දෙන්න කවුරුත් නැද්ද! ඔයත් මේක බුක්මාර්ක් කරගන්න ධනා... :)

      තැන්කුයි ඈ....

      Delete
  29. බ්ලොග් පෝස්ට් එකක් ලියනවා ඕව හදන කාලේ.....

    ReplyDelete
    Replies
    1. ඇයි නලින් අයියෙ මම මෙවුව හැදුවෙ නැත්තම් මේ පෝස්ට් එකත් නෑනෙ. ;)

      Delete
  30. බලමු මාත් ලොකුවුනාම වැලන්ටයින් ඩේ එක සමරනවා ...එදාට බස්සි ආන්ටි මට මේ වා හදන හැටි කියලා දෙන්න හොඳේ ...:D

    ReplyDelete
    Replies
    1. සූටි පුතා ඉස්සෙල්ල හොඳට බයි කාල ලොකුවෙන්නකෝ... ඊට පස්සෙ පුලුවන්නෙ පුතාට මේම තෑගි ගොඩාරියක් හදන්න.

      වරෙන් හරහට අරන් නලවන්න. උඹ බබා... :P

      Delete
  31. This comment has been removed by the author.

    ReplyDelete
  32. ඔන්න මාත් ආවා. බැලුව. අපට වැලන්ටයින් නැ‍තෝ :)

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා ටොමියත් ඇවිත්නෙ. සාදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට.

      Delete
  33. පොඩි අපිට මොකටෙයි මෙවුවා

    ReplyDelete
    Replies
    1. ලොකු උනාම හදන්න පොඩිකාලෙ ඉඳන් ඉගෙන ගන්න. ;)

      Delete
  34. අඩා ලේට් මං. තෑගි දෙන්නේ නැ මං නම්. දිංක චිකා.... හැමදාම වැලන්ටයින්ස් නේ උයා කිවුවා වගේ ;)

    ReplyDelete
    Replies
    1. ඒකනේ.... මට ආරංචියි ඒ හැමදාම වැලන්ටයින් කතාව

      Delete
  35. වැලන්ටයිං එක දවසකට විතරක් සීමා වෙන්න ඕන්නෑ කියන එක තමා මගෙ නම් අදහස..)))

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අපි දෙන්න නම් සමරන්න තියෙන හැම අටමගලම සමරනවා ඉහලින්ම.

      නෑ වර්ශා මම හිතන්නෙ ඔයාගෙ කතාව නිවැරදි වෙන්න ඕනෙ "ආදරේ වැලන්ටයින් දවසට විතරක් සීමා වෙන්න ඕන්නෑ" කියලා.
      :)))

      Delete
  36. මේවා හදන්න තීනවා නම් මරු ඒත් කෝ ඉවසීම මේවා හදන්න.....අපිට නම් හැමදාම වැලන්ටයින් නොවෑ..... ;)

    ReplyDelete
    Replies
    1. ඔයාට නම් මේ වගේ නිර්මාණ ක‍රන ‍යාලුවෙක් ඉන්නව නෙව ශානු අක්කෝ. එයාගෙන් උදව් ගන්න පුලුවන් නෙ. :)

      Delete
  37. අනේ ඇත්තටම හොද තැගි ටිකක , මටත් හිටියනම් දෙන්න තිබුනනැඉ බෙහෙත් පෙති ටිකක් හදලා.. මව මතක් කරල බොන්න කියලා
    වෙද සිතක සිත්තම

    ReplyDelete
    Replies
    1. ඇත්තම බෙහෙත් පෙති දුන්නොත් නම් බොන එකක් නෑ නේද. ඔන්න චොකෝ හරි ස්ට්‍රෝබෙරි හරි රස දැනෙන්න බෙහෙත් හදන්න පුලුවන්නම් ශෝයියා....

      Delete
  38. අපිට නං ඉතින් පැනඩෝල් , සිද්ධාලේප, හන්දිපත් අමාරුවට ගාන එවුව වගේ තමයි අප්ප ලැබෙන්නෙ

    ReplyDelete
    Replies
    1. හික්ස්! එවුවත් ඉතින් නරකම නෑ නේද තෑගි දෙන්න. :)

      සාදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට.....!

      Delete
  39. පෙට්ටි දෙක තුනක් වත් හදන්න වෙනවා....කල් මදි වැඩේට.

    ReplyDelete
    Replies
    1. කාට කාටද දන් හදන්නේ ඉදගෙන ?

      මටත් එකක් එවන්න හොදේ

      Delete
    2. ඉඳගෙන කී දෙනෙකුට හදනවාද කියලා කල්පනා කරනවා. හිටගෙන හදන්නත් කීපයක් තියෙන නිසා වැඩේ අත හැරියා :D

      Delete
    3. ගොඩක් හදනවනම් මටත් එකක් ඕනෙ!!!

      ඔයාටත් කියන්න තියෙන්නෙ අරූ කාබන් කොල තියලා 1000 reasons why I love u ලිස්ට් එක ලියන්න කියලා තමයි.

      Delete
    4. @ඔමා : දැන් ඔයා මෙවුව හදන්නෙ ඉඳගෙනද, හිටගෙනද??

      Delete
    5. "කාබන් වැලා".....ඔන්න හොඳ යෙදුමක් බජාර් එකට. අපි දෙන්නා පේටන්ට් ඉල්ලමු ළමයෝ.

      අපේ දුවත් හරි witty .ඔය වගේ කතා කියනවා හරියට. මට තාම වැල් කාඩ් එවනවා. අපි හරි ආසයි එයාගේ ඔය අපහාස නොවෙන උපහාසයට.

      Delete
  40. විස්තර ගොඩක් දැනගත්තා. ඒත් වැලන්ටයින් එක මම ලිස්සලා අරිනවා. මොකද අපේ යෝධිගේ උපන්දිනය 7. ඊට පස්සේ අපි හමු වුන දිනය 12. තෑගිම අරගෙන එම්ටි පොකට්.
    නංගිට වැඩි වැඩියෙන් තෑගි ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් වැලන්ටයින් නැතුවට පෙබරවාරි මාසෙ ඉහටත් උඩින් තියෙන්නෙ සමරන්න දේවල්. බස්සිගේ නවාතැනට සාදරයෙන් පිළිගන්නවා චන්දන අයියේ...

      Delete
  41. වැරදි කාලේ ලිපිය හම්බුනේ. ගිය අවුරුද්දේ මේක දැක්කා නම් අපරාදේ කියලා හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ඒ මොකද මේ දවස්වල එක්සෑම් ද? :D

      Delete
  42. අනේ වාසනාවන් මට නං මේ වගේ කටු කන්න වෙලා නෑ තවම!!! හිකිස්!!! ^_^ ^_^ ^_^
    එනිවේ බස්සියො, තැංකු ෆෝ ටෙලිං ඕල් දිස්.
    අනාගතේට (අනාගත්තම) වැදගත් වෙයි නේ!!

    ReplyDelete
  43. වැලන්ටයින් තුනක්ම පහුවෙච්චි.තාම පොටෝ අලවලා නැහ්..

    ReplyDelete