Tuesday, March 18, 2014

මහ රෑ පාර්ටිය (18+ කට්ටිය විතරක් බලන්න හොඳේ.)



නැගිටින්න නැගිටින්න!”

කවුද යකෝ මේ උදේ පාන්දරම මගෙ කකුලෙන් අදින්නෙ!! මම නිදිමරගාතෙ අනිත් පැත්තට පෙරලුනා.



“ඇහැරෙන්නකෝ අනේ….” ඒ පාරනම් දකුණු කන් පෙත්තෙ මොකෙක් හරි සතෙක් ඇවිදිනවා වගේ. නෙට් එක ඇතුලට සත්තු කොහොම රිංගන්නද. මං හීනෙන් වගේ කන් පෙත්ත පිහලා දැම්ම.


‘සැක්. නින්දත් ඉවරයි. මොන මගුලක්ද මන්ද. මට පේන හීන!’ මං කොට්ටෙ යට අතපත ගාලා ෆෝන් කට්ට හොයාගෙන වෙලාව බැලුව.




ඒ ගමන මොකද්ද මේ ඇඳ යටින් ඇහෙන සද්දෙ. පූසවත් කාමරේට රිංගගෙනද? ඇදල දාන්නෝන හොර පූසව කාමරෙන් එළියට.. නෙට් එකත් ඇදගෙන මං ඇඳෙන් බිමට පැන්න.


හෑ…!!! මේ මොක්කුද මේ ඇඳ යටින් එලියට එන පුංචි මිනිස්සු!





 
මිනිස්සු නෙමෙයි ගෑනු! දිග කොණ්ඩ, දිලිසෙන ඇඳුම් ආයිත්තම්….. අප්පද බොල ටියාරා එකකුත් දාලා. මෙයාල එලියට එන්නෙ මගෙ බෝනික්කො පෙට්ටියෙන් නේද! මං දෙපාරක්ම හොඳට ඇස් දෙක පිහදැම්ම. හැබෑමයි. බෝනික්කො පෙට්ටියෙන් තමයි.

 

“අන්න එයා ඇඳෙන් නැගිට්ටා. ඔයා කියන්නකො විස්තරේ. රෝස පාට දිග ගවුමක් ඇඳන් හිටපු මහත දෙහෙත ගෑණු කෙනා රිදී පාට ටියාරා එක පැළඳ ගත්තු කෙට්ටු ගෑනු කෙනාට වැළමිටෙන් ඇන්න.

 

"අහෙම් අහෙම්." එයා උගුර පෑදුව. "මුලින්ම අපිට සමාවෙන්න ඔයාගෙ නින්දට බාධා කලාට. අපි ඩිස්නි මිටියාවතට යන්නයි හදන්නෙ. අද ක්ලාරාගෙ උපන්දිනේ. සප්‍රයිස් පාර්ටියක් දෙන්නයි හිතුවෙ"




 
මල හත්තිලවුවයි. මේ මගෙ පරණ බාබි බෝනික්කො සැට් එක නේද!! ඒත්.....

 

"ඔයා එනව නේද අපිත් එක්ක. එපාවෙනව ඇඳ යට පෙට්ටිය ඇතුලෙ ඉන්නකොට. කලුවරයි..... මකුලුදැල්...... තේරෙනවනෙ ඔයාට."

 

අහ්! දැන් මට වැඩේ තේරෙනව. මෙයාලව මම පෙට්ටියට දාල ඇඳ යටට තල්ලු කලේ කොච්චර කාලෙකට කලින්ද! ඒත්..... මෙච්චර වෙනසක්!

 

"හා යමු යමු." මම නිදිමරගාතෙම කිවුව.

 

"කරාස්" ගාල සද්දයක් ඇහුන ජනේලෙ ගාවින්. ජනෙල් කවුලු දෙක දොරක් තරමටම විසාල වෙලා. මොනව! මේ තියෙන්නෙ සින්ඩරෙල්ලගෙ වට්ටක්ක කරත්තෙ නේද! සුදු මීයො හයදෙනාගෙන් හතරදෙනයි හිටියෙ. උනුත්  ලොම් අලුපාට ගැහිල, වයසට ගිහින් හොඳටෝම.

 

"මේ කරත්තෙ අපිට ඉඩ ඇතිද?" මන් ඇහුව.





"අවුලක් නෑ. සීට් පේලි දෙක මැද්දෙන් තව පේලි දෙකක් දාමු හිටගෙන යන්න. එයාල සයිඩ් වෙලා මැද පෙලට ඉඩ දුන්නම හරි." නිල් පාට සීක්වීන්ස් වලින් වැඩ දාපු ගවුම ඇඳන් උන්න බාබි කිවුව.

 

කොහොමින් කොහොම හරි අපි වට්ටක්ක කරත්තෙට ගොඩ වුනා. ඔහෝ.... මේකත් රොන් වීස්ලිගෙ තාත්තගෙ කාරෙක වගේනෙ. කස්ටිය පිරෙන්න පිරෙන්න විසාල වෙනවා.

 

"ඒක නෙමෙයි, කෝ සින්ඩරෙල්ල?" මං ඇහුව. ඇහුවෙ මෝඩ ප්‍රස්නයක් කියල හිතුනෙ පස්සෙ. රාජ කුමාරියන්ට මොටදෑ වට්ටක්ක කරත්ත! මෙලහකටත් සින්ඩරෙල්ල එයාගෙ ප්‍රින්ස් චාර්මින් එක්ක මාලිගාවෙ ඇති.

 

"ආ... එයාව අපි මගින් නග්ග ගන්නව." බාබි කෙනෙක් කිවුව.

 

"හෝව්! හෝව්! ඔහොම නවත්තන්න. අන්න රෙඩ් රයිඩින් හුඩ් එනව." එක්කෙනෙක් නෙමෙයි දෙතුන්දෙනෙක්ම එකපාර කෑගැහැවුව. මියො හතරදෙනා අමාරුවෙන් කරත්තෙ නවත්තගත්ත.




 
රෙඩ් රයිඩින් හුඩ් අතේ එල්ලන් හිටියෙ සුපුරුදු පන් මල්ලමයි. හැබැයි ඒකෙ බිෆ්බර්ගර්, මැක් බර්ගර්, චිප්ස්, අනියන් රිංග්ස් දාපු කවර පුරවලා තිවුන පළතුරු වෙනුවට. කිරි බෝතලේ වෙනුවට කෝක් කප් එකක් අනිත් අතේ.

 

කොහොමින් කොහොම හරි අපේ කරත්තෙට නැගපු රෙඩ් රයිඩින් හුඩ් කෑම මල්ල ඔඩොක්කුවෙ තියාන හෙමිහෙමින් කෝක් එක බොන්න පටන් ගත්ත.

 

"යමින් ගමන් ස්නෝ වයිට්ගෙ ගෙවල් පාරෙන් දාගෙන යමුද" රෙඩ් රයිඩින් හුඩ් අපෙන් ඇහුව. බාබිලා ටික ඕනෙ ගමනකට එවරෙඩි.

 

විනාඩි පහක් යන්නත් කලින් අපි ස්නෝවයිට්ගෙ ගේ ගාව.

 

"ඔහෑ.... ඔහෑ...... ඔහෑ......"

කරත්තෙන් බහිනකොටම මට ඇහුනෙ අලුත උපන් පොඩි එකෙක් අඬන සද්දෙ. කොහෙද ඉතින් "Happily Ever After" කියල හැමදාම ඩිස්නි මාම ලෙස්සල ගියා මිසක මෙයාලගෙ පවුල් ජීවිතේ සුන්දරකම ගැන නිකමටවත් කිවුවයැ.


"අපරාදෙ, පොඩි එකාට සබන් පවුඩර් ටිකක්කත් ගේනව දන්නවනම්.'  මං එහෙම කියාගෙන ලෑලි ගේට්ටුව ඇරිය. හම්මේ මිදුලක හැටි! මාස ගානකින් ඉදලක් දැකල නෑ වගේ.

 

"එන්න ගෙට. ඇවිත් වාඩිවෙන්න." ස්නෝ වයිට් දොර අරින ගමන් කිවුව. "සමාවෙන්න කෙල්ලනේ මට පාර්ටියට එන්න වෙන්නෙ නෑ. පේනවනෙ ඔයාලටම."





 

ඊළඟට ඇය ප්‍රින්ස් දිහාවට හැරුන. "කොහෙද ඉතින් මේ මිනිහට පුලුවන්යැ එක මොහොතකට මේ ළමයි රැළ ආම්බාන් කොරන්ට. මහලොකුවට ළමයි හදන්ට ඉතරයි පුලුවන්."

 

ස්නෝවයිට්ගෙ ගෙදර තත්වෙ උණුසුම් වේගෙන එනකොට අපි හෙමින්ම මාරු වෙලා කරත්තෙට පැන්න.



*****************************


 

අපි ඊළඟට නැවැත්තුවෙ නයිට් ක්ලබ් එකක් ගාව. මල හත්තිලවුවට ගහපු කලාබරේ කිවුවලු! අර වෙරිමරගාතෙ ඉන්නෙ සින්ඩරෙල්ල නේද!!!




 

මේ මොකද? මං ඇහුව බාර්බි කෙනෙක්ගෙන්.


"සින්ඩරෙල්ල දික්කසාද උන දා ඉඳන් ඔහොමමයි."



"හෑ.... දික්කසාද උනා කිව්ව???"

 

"ඒකනෙ. මෙයාට පුරුදු නෑල්ලු කුමාරියෙක් වගේ සඳලුතලේට වෙලා ඉන්න. රැජින කොච්චර කිවුවත් අහන්නෑ මෙයා බිම පිහදාන්නයි, පිඟන් හෝදන්නයි යනව. ඉතින් දවසක් කුමාරය ඕකට බැනල මෙයාට හොඳටම. එදා තමයි සින්ඩරෙල්ල තරහවෙලා මාලිගාවෙන් ආවෙ. කෙල්ල හිතුවෙ කුමාරය ආපහු එයාව හොයාගෙන එයි කියල."

 

"ඉතින් කුමාරය ආවෙ නැද්ද?"

 

"කුමාරය දුක තුනී කරගන්න කියල මූදු හතක් දුර නැවෙන් සංචාරයක් යන්න ගියා. ඔහොම යනකොට කුමාරයට හමුවෙලා පාලුවට ගිය රාජධානියක්. තාප්ප වල කටු අකුල් වැවිලා, පාරවල් හිටන් වල්බිහි වෙලාලු තිබුනෙ."

 

"ඉතින් ඉතින්"

 

"කොහොම කොහොම හරි ප්‍රින්ස් චාර්මින් මාලිගාව ඇතුලට ගිහින් බලද්දි නිදි කුමාරිව දැකල හාද්දක් දීල, දෙන්න කසාද බැඳල. පරෙයියෙක් අතේ සින්ඩරෙල්ලට එවල තිබුන දික්කසාද ලියුම."






 

ඔය අතරෙ බාබිල තුන් හතරදෙනෙක් අමාරුවෙන් සින්ඩරෙල්ලව වත්තම් කරගෙන ඇවිත් දැම්ම කරත්තෙට. ඇත්ත නෙව. සින්ඩරෙල්ලව බැන්දෙත් ප්‍රින්ස් චාර්මින්, නිදි කුමාරි (ස්ලීපින් බියුටි.)ව බැන්දෙත් ප්‍රින්ස් චාර්මින්.  ඩිස්නි මාම කතාව කියල තියෙන්නෙ මැද කෑල්ල අත ඇරල නෙව!




*****************************


කොහොමින් කොහොම හරි අපි ඩිස්නි මිටියාවතට ආව. අප්පා මේකෙ ලස්සන. පාට පාට බලුබ් වැල් නිවි නිවි පත්තුවෙනව. ඇස් ගිනිකණ වැටෙන මල්වෙඩි! බාබිලාගෙ පාර්ටි ප්ලෑනර් වැඩේ සුපිරියටම ඕර්ගනයිස් කරල වගේ.

 

අපි බර්ත් ඩේ කේක් එකත් අරන් ක්ලාරාගෙ ගෙදරට ඇතුල් වුනා. හොරෙන්ම කාමරේට පැන්නෙ "සර්ප්‍රායිස්!!!" කියාගෙන. එතකොට මෙයා ෆේස්බුක් එකේ ආපු බර්ත් ඩේ විශ් වලට රිප්ලයි කොරනව හිටු කියල.






 

එතකොටම සිගරට් එකක් ගගහ ආව වොන්ඩර් වුමන් "සොරි මට මේ අවුට් ෆිට් එකට බහින්න ටිකක් වෙලා ගියා කෙල්ලනේ. අපි දැන් අවුට් ඔෆ් ෆිගර් නෙ" කියාගෙන.






 

ඉතින් අපි ඒ දෙන්නවම එක්කරගෙන ගියා රිසෙප්ශන් හෝල් එකට.

"හැපි 56 බර්ත්ඩේ ඩාලින්!!" සුපර් මෑන් ඇවිත් ක්ලාරට හාද්දක් දුන්න.








 

"චියොර්ර්ර්ප්! චියොර්ර්ර්ප්!"

 

කවුද බොලේ  ඒ අමාරුවෙන් කෙදිරි ගාන්නෙ! මං රෙඩ් රයිඩින් හුඩ්වත් ඇදගෙන ගියා බලන්න.

 

අනෙ අප්පේ මේ අපේ ට්වීටි බර්ඩ් නෙව. අඳුරගන්නත් අමාරුයි. ට්වීටිව දැක්කම මට තේරුනා අත්තම්ම ගැන අහලනම් පලක් නෑ කියල.





"දැන් අවුරුදු හැට පහක් නෙව. කන් ඇහෙනවත් හොරයි" රෙඩ් රයිඩින් හුඩ් මට රහසෙන් වාගෙ කිවුව.

 

"ආත්තම්ම මලාට පස්සෙ සිල්වෙස්ටර්ව කැට් වුමන් හදාගන්න ගෙනිච්ච. මායි හෙක්ටරුයි ඉතුරු උනේ. හෙක්ටර්ව පෙරේද බලු වෑන් එකෙන් අල්ලන් ගිහිල්ල. චියොර්ප්!" ට්වීටි ඉකි ගගහ කිවුව. මම පාර්ටි එකේ තිවුන චීස් කෑල්ලක් පොඩි කරල ට්වීටිට කවල ඔලුවත් අතගෑව.


 

"මෙන්න එනව බැට් මෑනුයි, රොබිනුයි."  කවුදෝ කෑ ගහල කිවුව.  කට්ටිය බයෙන් වගේ කකුල් පුටු උඩට ගත්තා. පාර මැද හිටන් උන්නු උදවිය සුරුස් ගාල  එහා මෙහා උනා.


දෙන්න ආපු හැටි දැක්කමයි මට තේරුනේ කට්ටිය පාර ඉඩ දුන්න හේතුව.








"පිම්ම වැරදිලා බිල්ඩිමේ ඔලුව වැදිච්චි දා ඉඳන් ඔහොමයි." කවුදෝ කිවුව.


"ස්පයිඩර් මෑන්ව එක්කන් එන්න බැරි උනාද?" ක්ලාරා ඇහුව.


"කොහෙ එක්කන් එන්නද අනේ. එයා හොස්පිටල් එකේ මේ දවස්වල." ඒ ටියාරා එක දාපු උස බාබි.







 

"එතකොට මර්මේඩ්?" ක්ලාරා ආයෙමත් ඇහුවා.

 

ආව් අප්පා! මං දකින්න ආසාවෙන්ම හිටපු කෙනා. මර්මේඩ් ආවෙ කොහොමද දන්නෑ!

 

"හැබෑට මර්මේඩ් ආව කියල මට ටෙක්ස්ට් කරානෙ." සින්ඩරෙල්ල කිවුව.

 

"කෝ කෝ බලන්න." බාබි ෆෝන් එක ඉල්ලගෙන බැලුවෙ වෙරිමරගාතෙ සින්ඩරෙල්ලට ටෙක්ස්ට් කියවන්න බැරි හින්ද වෙන්නැති.

 

"Please help me. I'm being dragged into the KITCHEN! - 1 hour ago-" බාබි හැමෝටම ඇහෙන්න කියෙවුවා.

 

"Dragged into the KITCHEN..!!!!" අපි පුදුමෙන් කල්පනා කලා. කට්ටියම එක පිම්මට කුස්සිය පැත්තට දුවගෙන ගියා. කෝකියා දුම් දාන කෑම තැටියක් පෝරණුවෙන් එලියට ගත්තා.









"මෙන්න ටුඩේස් ස්පෙශල් සී-ෆුඩ්!!!!"


 
ඒත් එක්කම මට කෑගහගෙන, තුං මුනිං  දාඩිය දාගෙන ඇහැරුනා.



114 comments:

  1. පුදුම සුරංගනා කතාවක්නේ...මෙහෙම එකක් ඇහුවමයි...සුරංගනා කතා reMix එකක්ද කොහෙද..හැම චරිතේම ඉන්නවනේ...

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔව්. වයසට ගිය අපේ ළමා කාලේ වීරයෝ. ඒකයි වැඩිහිටියන්ට පමණයි කිවුවෙත්.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  2. අපරාදේ තව මාවෙල්, DC චරිත සෙට් එකක් ඉතුරු වෙලා තිබබා. හොදට පන්සිල් අරන් නිදා ගත්තානම් මේ වගේ හීනෙන් බය වෙන්නේ නැනේ

    ReplyDelete
    Replies
    1. හි හි. මල් වගේ පුංචි අපිට හීනෙනුත් පේන්නෙ සුරංගනාවියොලු. :P

      Delete
  3. Replies
    1. :P

      දුකද? සාදරයෙන් පිළිගන්නවා බස්සිගේ නවාතැනට.

      Delete
  4. මේක පට්ට.... එක්කෙනකේ ලිවුව සුරංගනා කතාවක් මතක් වුණා... හීනා ස්ටයිට් එකට ලියවෙලා තියෙන නිසා.
    සැක් මරු හීනේ.... අපිට පෙන්නේ නැ නේ එහෙම එවුවා.

    ReplyDelete
    Replies
    1. හික්ස් මටත් මතකයි අර ශ්‍රෙක්වයි රපුන්සල්වයි බියුටිවයි අනලා හදපු අච්චාරුව නේ ද? තැන්කූ ඈ....

      හි හි. මෙවුව දැක්කොත් මොළේ මඤ්ඤං වෙයි.

      Delete
  5. අඩේ අප්පේ මේක ඇතුලේ සෙට් එකක්ම ඉන්නවා නොවැ.එත් කෝ මයේ වීරයා රොබින් හුඩ්...?

    ReplyDelete
    Replies
    1. රොබින්හුඩ්වත් දැම්මනම් අච්චාරුව යසට හිටී. එයාව තනියම දාන්නත් බෑනෙ ගැන්සියම එපායැ.

      Delete
  6. පුංචි කාලෙ නම් මම ඔය වගේ කතාවලට ආසයි. දැන් නම් පොඩ්ඩක්වත් බලන්න කැමති නෑ.

    ReplyDelete
    Replies
    1. මමනම් තවමත් සුරංගනා කතා රසිකාවියක්.

      Delete
  7. Replies
    1. අදට බාර්බි ඩෝල් නිර්මාණය කර වසර 56ක්. ට්වීටි නිර්මාණය කර වසර හැට ගනනක්. ඒකයි මෙහෙම දෙයක් ලිවුවෙ. කාලය සියලු දේ වෙනස් කරනවා.

      Delete
    2. මෙයා අපහාස නොකරන කෙනානෙ මේක අපහාසයක් කියන්නෙ :D

      Delete
    3. අපහාස ගැන දන්න නිසානෙ අටම්ට ඒ බව ටක් ගාල තේරිලා තියෙන්නෙ. :D

      Delete
  8. හරි සෝයි බස්සියේ.......... මන් බාර්බි බෝනික්කන්ට කැමති නෑලු.....ටුවිටර් පව් අහිංසක කුරුල්ලා.....හිකිස් අවුල් මිහිරි වංකගිරිය තරම්ම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. මාත් වැඩිය ආස නෑ. අපේ නගානම් බාර්බි පිස්සෙක්. ඉස්සර එයාව ඩොකා ගාවට අරන් යන්න පගාව විදියට බාර්බියෙක් තමයි ඉල්ලන්නෙ.

      ට්වීටි චරිතය නිර්මාණය වෙලා අවුරුදු 65කට ආසන්නයි. ඒකයි මෙහෙම ලිවුවෙ.

      Delete
  9. මරු මරු මරු . . . . . .
    මර්මේඩ්ට කරපු දේ නම් හරිම කෘරයි ;)
    ඔන්න ඉතින් කොමෙන්ට් කරන්නෙ නෑ කියන නිසා අද දාලම යනව.

    ReplyDelete
    Replies
    1. හම්මේ හොරෙන් කියවලා යන බස්සා අද කමෙන්ට් එකකුත් දාල ගිහින්. ඔව් ඔව් හරීම කූරයි. උම්මා ඈ.....

      Delete
    2. මේ මේ හරියත් 18+ ඈ… පොඩි උන් ඔක්කොම පලයල්ලා.… හි… :) :D

      Delete
    3. උඹ බබාලු ඉතින් ඈ... :P

      Delete
  10. මොකක්ද බස්ස්යේ මෙහ්

    ReplyDelete
    Replies
    1. මේක නවතම ඩිස්නි අච්චාරුව.

      Delete
  11. 18+ කියල තිවුන නිසා මන් කියෙව්වෙ නෑමයි, මේව කියෙව්වම අපේ ළමා මනස දුෂ්‍ය වෙනවා :D

    ReplyDelete
    Replies
    1. මාත් කියෙවුවෙ නෑ බං. අපි නරක් වෙන්න හරි බයයි නෙව. ;)

      Delete
    2. සසිදුට දහ අට පිරුනෙ අවුරුදු විස්සකට විතර කලින් නෙව. :P

      Delete
    3. බය නොවී බෑනෙ. තව නරක් වීමේ උපරිමයට ගිහින් තව කොහොම නරක් වෙන්නද කියල. නේ ප්‍රියෝ?

      Delete
    4. යකෝ තව 18 වෙන්න අවුරුද්දයි මාස 9ක්ම තියනවා, තාම 16යි මාසයයි :D

      අනේ ප්‍රියෝ නරක් වෙන්නනම් එපා වයිෆ් පව් :D

      Delete
    5. සැක් බොරු කියන්න ගිහින් ගානත් වැරදිලා. අවුරුද්දයි මාස එකොළහක් තියෙනව කියල නිවැරදි කරහන්. හී... :P

      Delete
    6. හයියූ වැරදිලා නේන්නම් :D
      ඔව් ඔව් තව අවුරුද්දයි මාස 11ක් තියනවා 18 ලබන්න :D

      Delete
    7. අර ප්‍රියා පියා දැක්කෙ නැද්ද දන්නෑ මේක. දැක්කනම් නාවයි මෙතන. :P

      Delete
    8. ප්‍රියා හොද එකා, එහෙම මට මඩ ගහන්න එන්නෙ නෑ :P

      Delete
  12. හෙහ්, නියමයි ඈ.. අර එක හාදයෙකුත් හරියටම අවුරුද්දකට විතර කලියෙන් මෙහෙම එකක් ලියලා තිබ්බා වගේ මතකයි.. මොනා වුනත් එල ඈ.. හැබැයි තව චරිත ටිකක් අරන් කොටස් දෙක තුනකට ලියන්න තිබ්බා මේක..

    කෝ බං දැන් මේකේ + කිවුව එවුවා..

    ReplyDelete
    Replies
    1. මාත් පණ දාගෙන හෙවුවා. :( :( කොහෙද. අපිට මේවා ඔද පාඩම් :(

      Delete
    2. මට මතකයි ඔයාගෙ සුරන්ගනා අච්චාරුව. ඒක මරු. අපි ඒ කාලෙ බ්ලොග් නොලිවුවට වර්ණ කියෝනව.

      කොටස් ගොඩක් ඇදෙන කතා ලියන්න හිතුවෙ නෑ අයියෙ. වැඩ අධිකයි මේ ටිකේ.

      Delete
    3. 18+ දැම්මෙ නැත්තම් චූටි බබාල මේක කියෝල ඩිස්නි ප්‍රඩක්ට්ස් එපා කියයි. හොද වැඩේ + හොයපු ඩබලටම.

      Delete
  13. නියමයි.....
    තියෙන වැඩ කරදර අස්සෙ මෙහෙම දේවල් ලියන එකත් පුදුමයි බං ...
    එලස්....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කෙන්ජයියා...!

      Delete
  14. හයියෝ මුදල්! අපිත් වයසට ගිහිං! ඒ අයත් වයසට ගිහිං

    ReplyDelete
    Replies
    1. නාඩි මල්ලි කතාවෙන් කියවෙන එක හරියටම තේරුම් අරන් නෙ. කාලය සියලුදේ වෙනස් කරනවා.

      Delete
  15. හෙහ් හෙහ්.....
    එහෙනම් මෙල්ලුව කතාවක්ම කලා ඇ....
    නියමෙටම කතාව ගොතල තියෙනව.

    ReplyDelete
    Replies
    1. මේල්ලුවේ පින්තූර දැකපු වෙලාවෙමයි කතාව draft කර ගත්තෙ. ට්වීටිට අවුරුදු 65 ක් කියලා දැනගත්තාම තමයි ලියන්න හිතුනෙ මෙහෙම එකක්.

      Delete
  16. සින්ඩරෙල්ලා කසාදෙ දික් කරගෙනද? චැක් චැක්… මාත් හදීසි වෙලා කසාද බැන්ඳනෙ. ශැක්… :'( :'(

    ලියලා තීන විදිය නම් තුපිලියි ඈ… නියමයි. (y)

    ReplyDelete
    Replies
    1. තැන්කූ හොදේ. හිටු. ප්‍රියාවිට කියන්නම්!

      Delete
  17. අනේ පව්.. අපේ කට්ටිය ඔක්කොම වයසට ගිහින් නේද ?

    කොහොම වුනත් පෝස්ට් එක නම් ශෝක්... හරිම නිර්මාණශීලීව ලියලා තියනවා...

    ReplyDelete
    Replies
    1. වයසට යාම නවත්‍තන්න බෑ නෙ තුශානි. තැන්කුයි හොදේ.

      Delete
  18. මේක අසාධාරණ යි :( මම ආස ම මර්මේඩ්ට! මර්මේඩ්ගේ ඇත්ත නම ඒරියල් ලු!

    ReplyDelete
    Replies
    1. හි හි. මට මතකයි මටත් mermaid පිස්සුව තිබිලා කාලයක් එයා ඉන්න පැන්සල් පෙට්ටි, පොත් බෑග්, වතුර බෝතල් හිටන් එකතු කලා. :P දැන් ට්‍රෙන්ඩ් එක seafood නෙ.

      Delete
  19. කස්ටිය සුරංගනා කතා වලට ආස නෑ කිව්වට මේ තියෙන්නේ... එළ.

    ReplyDelete
    Replies
    1. මන් කියන්නෙ ආසයි කියලනෙ. දේශා වගේ ලස්සනට ලියන්න නම් බෑ තවම.

      Delete
  20. හ්ම්..පුංචි කාලෙ අපේ ලෝකෙ වීරයෝ වෙලා හිටිය හැමෝම එක තැනකට එකතු කරල. ගොඩක් ස්තූතියි බස්සි හිත ආයෙත් ළමා කාලෙට යැව්වට.

    අද අපි ලොකු මිනිස්සු වෙලා. අපිට අපේ සුරංගනා ලෝකෙ සහමුලින්ම අමතකවෙලා. අපේ සුරංගනා චරිත අද අසරණ වෙලා. හැමෝටම එයාලව අමතකවෙලා. අද ළමා ලෝකෙ අය මේ චරිත ගනන් ගන්නෙත් නෑ. එයාල අලුත් වීරයෝ හොයාගෙන. අපි ඈත් වෙලා ගිය කාලෙදි එයාලට මොනතරම් දේවල් වෙලාද. එයාල අසරණ වෙලා.

    මේක කියවපුවම මට ආවෙ ඒ වගේ හැඟීමක් බස්සි. ඔයාට ගොඩක් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. හිනාවට යටින් ඒ පණිවුඩය දෙන්නයි මටත් වුවමනා උනේ යාලු. Cartoon කෙසේ වෙතත් මේ චරිත වලට පණ පෙවූ නලුනිලියන් දැන් කොහේ කොහොම ඉන්නවා ඇද්ද!

      Delete
  21. නියමයි,අලුත් දෙයක් හිතල ලියන එක සෙල්ලම් නැ.

    ReplyDelete
  22. මේ කතාව හරිම ලස්සනයි බස්සි... ටික කාලෙකට කලින් දිනේෂ්නුත් ලිව්ව මෙහෙම එකක්... අයියෝ පව් මර්මේඩ්... අර නාකි බාබි වගේ පරණ වීරයො ටිකත් දැක්කම අනේ පව් කියල හිතුනා... එයාලත් අපි වගේම වයසට ගිහිල්ල...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මියුරු. දිනේශ් අයියගෙ කතාව මාත් කියවලා තියෙනව. ඒක මරු. :D

      කාලය අපි හැමෝවම පහුකරගෙන ඉස්සරහට ගිහින්.

      Delete
  23. කතාව නං කමක් නෑ කියමුකො කොහෙන්ද අප්ප මේ පිංතූර ටික..
    හිනා පැලෙන්න ලියල තියනවා.. පට්ටයො.............................................................
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මහත බාර්බි, රෙඩ් ‍රයිඩින් හුඩ්, බැට් මෑන් සහ ට්වීට් කට්ටිය ආවෙ email එකකින්. ඒ පින්තූර දැකලයි කතාවක් ගොතන්න හිතුනෙත්. තැන්කුයි යාලූ

      Delete
  24. සින්ඩරෙල්ලව දික්කසාද කරපු එකටනම් මාගේ බලවත් විරෝධය... (මගේ හද නැවතුනාවගේ)
    ටුව්ටි දැක්කමනං දුකේ බෑ... (මේං කඳුලු ගලනවා ගංගාවක් වගේ...)
    බැඩ් මෑනුයි, ස්පයිඩරුයි නං ඔහොම කොරගනී කියල මට ඒ කාලෙම හිතුනා...
    -සීඩී වගයක් තිබ්බා පරණ කාර්ටූන් ආයේ බලන්න ඔන-
    ලිවිල්ල හැඩයි ඈ...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්කුයි විදානේ. මක්කොරන්නද අනේ. මට චූටිකාලෙ ඉදන් තිබ්බ ප්‍රශ්නයක් තමයි මෙයාල හැමෝවම බදින්නෙ prince charming. මම හිතන් හිටියෙ charming කියන්නෙ princeගෙ නම කියල. ලැජ්ජාවෙ බෑ.

      බැට් මෑන් පනින පැනිල්ලට මට ඕක නිතරම හිතෙනව. :D

      Delete
    2. දාන්න පහක් බස්සියො මාත් ඕමනෙ හිතං හිටියෙ :D

      Delete
    3. මෙන්න පහට දහයක්ම!!! :D

      Delete
  25. හුටා හුටා හුටා.
    Jack and Jill went up the hill
    To fetch a pail of water
    Jill forgot to take the pill and
    Now they have a daughter

    කිව්වලු!

    ReplyDelete
    Replies
    1. හැක් හැක්. ඩූඩ්ිී ඉස්කෝලෙදි ඉගැන්නුවෙත් ඔය වර්ෂන් එකද! :D :D :D

      Delete
  26. බස්සි ලියන 18+ බලන්න එන හැමෝම පොඩි ළමයි වෙලා ආපහු යනව. මම නම් ආවෙ කොහොමත් එන හින්ද ඒත් 18++ අයත් එන්න ඇති දැනුවත් වෙන්න හෙහෙ හෙහෙ හීහ්

    ඇත්තෙන්ම කතන්දරයක විශේෂයෙන් ළමා කතාවක තියෙන අපූර්වත්වයෙ ආශ්වාදය ලබන්න වයස බාධාවක් නොවෙයි

    ReplyDelete
    Replies
    1. 18+ හොයන්න ආපු අය ජීවිතේ වෙනස් වෙන හැටි ගැන හිතල තේරුම් අරන් ‍යනවනම් කොයිතරම් හොදද යකා. තැන්කුයි හොදේ.

      Delete
  27. පට්ට ආ!

    මේ වගේ පට්ට පුරංගනා කතා රීමික්ස් එකක් ගියා අන්තිම පේලියෙක්.ලිංකුව හොයාගෙන දාන්නම්..මේකත් ඒ වගේ.හඃ හඃ සුපිරි

    ReplyDelete
    Replies
    1. අන්තිම පේළියෙ remix එක මම කියෝල නෑ නෙ. ලින්ක්1 දාහන්කෝ සාශෝ...

      Delete
    2. හික්ස්! අන්තිම පේළියෙ කතා ශෝයි සාශෝ. ලින්ක් වලට තැන්කූ ඈ...

      රතු හැට්ටකාරි 300 ද. හයියූ ඇඩෙනව. :D

      Delete
    3. අනිවාර්යෙන්! අන්තිම පේලියෙ ගොඩක් අය ලියනවානෙ..හඃ හඃ හඃ ඒකනෙ බලන්නකො නේද රතු හැට්ටකාරිට ගියය කළක්

      Delete
    4. හෆ්ෆා ඒක තමයි. සාශත් ලිව්වද අන්තිම පේලියෙ. මට සේරම ලිපි නම් කියවන්න බැරි උනා තවම.

      Delete
    5. මම බ්ලොග හැදුවෙ ඊයෙ පෙරේදනෙ.මහ ගෙදර එතන තමයි..තාම ලියනවා..ඇයි බොල මම කලින් දීපු ලිංකඅව කියවල කොමෙන්ටුවකුත් දාලා ආව නේද?

      අර දයාබර දුයිෂෙන්?

      Delete
    6. අනේ සමාව බාජනේකට දාහන්. මට මතක තිවුනෙ ඒක අච්චාරු කඩෙන් කියෝපු එකක් වගේ. :D

      Delete
  28. 18+ කියා ගෙන්වා ගැනිම පිළිබඳ මගේ නම් කිසිදු මානපයක් නැතිය :(((( මං ආවේ එවා එකක් බලන්න
    මෙවා කුමන්ත්‍රණ හරිය ...මේ වගේ වැඩ වලට මගේ බලවත් විරෝධය ;))))) කියවන්න බෑ පින්තුර කැලි වැඩි ..

    ReplyDelete
    Replies
    1. ++ දමා කට්ටිය ගෙන්නන්න සමහරුන්ට වගේ අහේනියක් නම් නැත. ලිපිය කෙසේ වෙතත් කමෙන්ට් ටික හෝ කියෙව්වානම් + වීමට හේතුව තේරුම් ‍යන්න ඕනාය. සහෝදර වගේ කෙනෙක් පින්තූර නිසා ලිපියක් නොකියවා යාම ගැන පුදුම වෙමි.

      Delete
  29. අහ්හ් හා බශ්ශිත් රිමික්ෂ් එකක් ගහල වගේ. යේක ගති. සින්ඩා බොන එක ලොවෙත් ෆන්.

    ReplyDelete
    Replies
    1. හික්ස්! අද කාලෙ හැමෝම remix ගහන එකේ අපිත් සද්ද නැතුව ඉන්න එක හරිනෑනෙ සින්දුවෝ. තැන්කුයි හොදේ.

      Delete
  30. අච්චාරුව රසයි ඈ , :D :D

    ReplyDelete
    Replies
    1. හෑ..බස්සි මට හොරෙන් අච්චාරුත් විකුනනවද..කැත වැඩ කලන්නෙපා අලේ.මගෙ බඩේ පාර වදිනවා නේ

      Delete
    2. තැන්කුයි ගොලු හදවත..!

      Delete
    3. නෑ බන් සාශෝ උඹේ අච්චාරු නෙමෙයි මේ වෙන අච්චාරුවක්. ඒ අච්චාරු කාල යන්ට මම නිතරම කඩේට එනව නෙව.

      Delete
    4. හෑ, සාසාට අච්චාරු කඩයක් තියෙනවද ඈ ? :D

      Delete
    5. ඔයා ගිහින් බලන්නකො ගොලු සාශාගෙ අච්චාරු කඩේ blog එකට. කඩේ ඇරියෙ ළගදි. ඒත් අච්චාරු ටික සුපිරි.

      Delete
  31. කතාව කිය්වද්දිනම් මුල මැද අග ටිකක් පැටලෙනව. අර සුපර් මෑන්ගේ බඩනම් ටිකක් වැඩියි.

    ReplyDelete
    Replies
    1. කතාව කියෙව්වනම් සුපර් මෑන්ගෙ බඩ වැඩි වෙන්න හේතුව හොයාගන්න තිබුනා. හික්ස්!

      Delete
  32. ලස්සන කතාවක් නෙ.. හ්ම්ම්... සියල්ල වෙනස් වෙන සුළුයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්...
      තැන්කුයි චන්දන අයියේ.

      Delete
  33. ඔයා හාන්ස් ක්‍රිස්ටීන් ඇන්ඩර්සන්ගෙ අවතාරෙද?

    ReplyDelete
    Replies
    1. හි හි නැතුව ඇති හෙනහුරෝ. මම ලියල තියෙන්නෙ කතා අතළොස්සයි. අපේ දේශකයා නම් හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගෙ කතා පරිවර්ථනය කරනව හොද රහට. ස්තුතියි ඈ කාලෙකින් මේ පැත්තට ආවට.

      Delete
  34. අම්නේ පව් බන් මට මතක් වුනේ අර බුකියේ හැමතිස්සෙම ශෙයා වෙන රොබින් හුඩ් සෙට් එකේ පින්තූර ටික .

    ReplyDelete
    Replies
    1. හැමදේම වෙනස් වෙන ලෝකෙ සුරන්ගනා කතා විතරක් වෙනස් නොවී තියෙයිද බන්???

      Delete
  35. පෝන් එක කොට්ටෙ විදියට තියා ගත්තද? කොට්ටෙ උස මදිනම් කොට්ටෙ මාරු කරන්න. පෝං එක පැත්තකින් තියන්න.

    ReplyDelete
    Replies
    1. හීනයක් බව වැටහෙන්නයි ඒ අවස්ථාවට නොගැලපෙන සහ සුරංගනා කතාවකට ගැලපෙන විදියේ ඔරලෝසුවක් දැම්මෙ. මම හිතුවෙ ඔයාල ඒක වටහා ගනීවි කියලයි. කතාවට ගැලපෙන පින්තූර හොයාගන්න මම විශාල මහන්සියක් දරනවා.

      Delete
  36. මේකනම් ළමයෝ හරිම වටිනා නිර්මාණයක්. ඉංග්‍රීසියට ට්‍රන්ස්ලේට් කරලා කොහේ හරි පළකරන්න. හරිම ෂෝක්. අනිත් එක මේ පින්තූර ටික. කොහෙන්ද මේවා හොයාගත්තේ? ටොපේ ටොප්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අරූ.
      ඒ අදහස නම් හොදයි. ඉන්ගිරිසියට හරවලා මගෙ infinity බ්ලොගේ පළ කරන්නම්. :)

      වයසක tweety, ස්පයිඩර් මෑන්, බැට්මෑන් වගේ දහදෙනෙක්ගෙ පින්තූර මට ලැබුනෙ time catches with all of us නමින් හුවමාරු උන email එකකින්. පින්තූර දිහා බලාගෙන කතාව ගොතලා අඩු පින්තූර ටික ගූගල් කලා.
      "50 years old barbie" කියල ගූගල් කරන්නකො. ලොකු බඩගෙඩි තියන බාබිලා ඒවි. :D

      Delete
  37. රුපුන්සෙල් නංගි පේන්න නැත්තේ මොකෝ? තවම කොන්ඩේ පීරනවද?

    ReplyDelete
    Replies
    1. හීනෙ දැකල බයවුනේ එදා නිදාගන්න කලින් කොණ්ඩෙ පීරන්න අමතක උන රපුන්සල් නගා තමයි. :P

      Delete
  38. හරිම නිර්මාණශීලීයි නඟේ. ලස්සනට ගලා ගෙන යන විදිහට සිද්ධීන් පෙළ ගහපු අයුරැ හරිම අපූරැයි. ජයම වේවා!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චන්දන අයියේ..... :)

      Delete
  39. ෂහ්ඃ කතාව මල් හතා....යි නගෝ! :D

    ReplyDelete
  40. මේකනං නියමායි.

    ReplyDelete
  41. බස්සි ඔතන හිතා මතා නොකරපු විහිලුවකුත් තියෙනවා. එනම් ඔය ඔක්කොම ඩිස්නි මාමා කිව්ව බවත් මේ වගේම ඉස්සර වෙච්ච වානිජකරණයක පලයක්. ඩිස්නි මාමා කලේ වෙන කට්ටිය ඉස්සර ලිව්ව ඒවායින් කතා ගහලා විකුණන එක. කතාව මදිවට බෝනික්කොත් වික්කා.

    එහෙම බැලුවම ඔරිජිනල් එකත් මේ වගේම තමා.

    ReplyDelete
  42. මදැයි වැඩිහිටියන්ට පමණයි එකක් බලන්ට ආවා!

    ReplyDelete
  43. බස්සි අක්කේ.... සුරංගනා කතා අච්චාරුව මරු ඈ

    ReplyDelete
  44. හපොයි....
    හිනාවෙන්න පටන් ගත්තට නවත්තගන්න තැනක් හොයා ගන්න බෑ බස්සියේ.....
    මරේ මරු ඈ.....
    තාම හිනාව නවත්ත ගන්න බෑ කියහන්කො.....සින්ඩරෙල්ලා ගැන මතක් වෙනවා.....

    ReplyDelete
  45. මේක මරු බස්සියේ...18+ කියද්දිම මට හිතුනා හිනා කාල මැරෙන්ඩ වෙන්නේ කියලා...

    ReplyDelete
  46. This comment has been removed by the author.

    ReplyDelete