Saturday, March 15, 2014

බයිසිකල් ඩ්‍රැයිවින් සහ මෙහෙකම්


මතකද මම කාලෙකට ඉහත කතාවක් කිවුවා යුද්දෙට නැති කඩුව ගැන. ඔය කඩු හරඹය හැම තැනටම ගැලපෙන්නෙත් නැහැ නෙව. ඕනෙම සිල්පයක් දක්වන්ට ඕනෙ අදාල අවස්තාව, කාලය, ස්ථානය ආදී මෙකී නොකී පස්මහ බැලුම් බලලයි.





 
ආං එහෙම නොකර තමන්ගෙ පාණ්ඩිත්‍ය විදහා දක්වන්ට ගිහින් සමහර නාමික පණ්ඩිතයො ඇදගෙන නාගන්න හැටි මමනම් අනන්තවත් දැකල තියෙනව. ඒ වාගේ වෙලාවට අහකට වෙලා බලාන ඉන්න අපි වාගෙ කබ්බොන්ට හතර හිනා ලු ඉතින්.
 

මතකෙයි මම අර කලින් පෝස්ටුවක කිවුවා යුද්දෙට නැති කඩුවෙන් වැඩක් නැතුවා කියාල. කඩුවෙන් කොරන්නෙ කටු අකුල් කපාල පාරතොට එලිපෙහෙලි කොරන එක. ආං එතෝට කරදරයක් නැතුව ඉස්සරහට යන්න පුලුවන්. හැබැයි මෝල් ගහෙන් කොරන වැඩේ කඩුවෙන් කරන්න යන්නත්, කඩුවෙන් කොරන වැඩේ මෝල් ගහෙන් කොරන්නත් නාකයි.
 

දන්නවනෙ, කඩුව කරේ තියන් නොදන්න සෙල්ලන් දාන්න ගියොත් බෙල්ල මුලින් තමයි කැපිල යන්නෙ හරිය? ආය මං නොකීවයි කියන්න එපා කපාගෙන අහකල!
 

ඇති නේද පඳුර වටේ තැලුවා. මෙහෙම සුට්ටක් තැලුවෙ නැත්තම් ඒක පෝස්කට්ටු දැමීමේ කලාවට කොරන නිග්ගරහයක් කියල හිතුන මට. මොනව උනත් අපි සඟිස්කුරුතියට ගරු කොරන්නත් එපාය ආයිබොවං!



 

එහෙනං ඉඩපාඩු තියෙන විදියට ඔය හත් අට පොලකින් ඈඳි ගත්තනං.
 

අපේ ගෙදෙට්ට එහා පැත්තෙ තියෙනෝ විසාල ඉඩමක්. ඕකෙ අයිතිකාර හාදයා එක්දරු පියෙක් වෙච්චි (අර අපේ ෂතුරංග පියා වගේ.) පුදුමෙ කියන්නෙ උන්දෑට මහ දරුණු රෝගයක් තියෙනව නෙව. අපිව ඇස් මානෙට අහු වෙච්චි සැනෙන් මේ හාදයාගෙ කතා විලාසය හද්ද පොස් වෙලා කඩු පහරවල් ගලා ගලා යන්න පටන් ගන්නව. ඔව් ඔව් ඕක මහ බරපතල ලෙඩක්.
 


ඕං ඉතින් දවසක් මේ හාදයා තමන්නෙ පුත්තර රත්නෙව අපේ ගෙයි ඉස්සරහ පාරෙ බයිසිකල් පද්දවනව. ඉස්තෝප්පු කාමරේ ඉන්න මට ඇහෙනව තාත්තගෙයි පුතාගෙයි සෙල්ලම.
 

“හා… හා… පුතා පාර බලාගෙන පදින්න. හරි හරි නියමායි. අන්න හරි. දැං හයියෙන් පදින්න…!!”


 


ඔන්න ඔය වෙලාවෙ අපේ බලුපොර ගේ පිටිපස්සෙ ඉඳන් මිදුලට සම්ප්‍රාප්ත වෙනව. ඌට ඔය පොඩි එවුන් පෙන්නන්න බැරි ආදර කැක්කුමක් තියෙන නිසා ඒ බිරිල්ලට පොඩි එකා බය වුනොත් කියල මාත් මිදුලට බැස්ස බලුතුමාව ආපහු ඇතුලට දක්කාන එන්ට.

 
මාව දැක්ක ගමන!
 

“ඕ.කේ. සන්. හයියෙන් ඩ්‍රයිව් බයිසිකල්. හයියෙන් ඩ්‍රයිව්. යේ…ස්!. ගූ….ඩ්!!!"


"ම් සන් අපි යන් ගෙදර. පරෙස්සමෙන් ඩ්‍රයිව් සන්. පරෙස්සමෙන් ඩ්‍රයිව්!!!!”



**************************



අපේ ගෙදෙට්ට ඉස්සරහ ගෙදර ඈයො බවුවො හැදිල්ලට බෝම මනාපයි. ගෙදර ඉස්සර ඉඳන් ඉන්න බවුවා වල්සේශන් එකෙක් වෙච්චි. ම “විනිහලෝ”. ටික කාලයක් යද්දි ගෙනාව පෙලපතින් උසස් බැලි පැටික්කියො කීප දෙනෙක්. ඔය කස්ටිය අතරෙන් අපේ බලුතුමාගෙ හිත ගත් ආදරිය තමයි රයිනි. මූ වෙලාවකට ගේට්ටුව යටින් හොම්බ යාන්තම් එලියට දාගෙන රයිනි දිහා බලන් ඉන්නකොට බඩ පපුව හෝස් ගල යනව.




 
රයිනිගේ පරම්පරාවෙ වැදගත්කමට ගරු කිරීමක් වශයෙන් ඒ ගෙදර අක්කලා රයිනිට කතා කොලේ කඩු බාසාවෙන්ම තමයි.
 

සති කීපෙකට කලින් රයිනි පැටව් එකොලොස්දෙනෙක්ගෙ සාඩම්බර මෑණියන්දෑ බවට පත් උනා. අනේ ඉතින් ඉන් පස්සෙ එක එක්කෙනා ඇවිදින් සල්ලි දීලා රයිනිගෙ දරුවො කීපදෙනෙක්ම අරගෙන ගියා.
 

මේ ඉරිදා හවස් වරුවෙ අක්කලා කට්ටිය ගමනක් ගිහින්. ගෙදර උන්නෙ ආච්චි ඉතරයි. ඔන්න ටික වෙලාවකින් ආව ගෑණු එක්කෙනෙක් බලු පැටියෙක් ගෙනියන්න. ගේට්ටුව ගාව හිට කතා කලා කලා  ආච්චි නෑ. බල්ලො රෑන නම් බුර බුරා තාප්පෙ දැල් කඩන්න යනව.
 

ඔය අතරෙ අපේ මහම්ම අනිත් ගෙයින් එලියට බැස්ස. මං හිතන්නෙ අර ආපු එක්කෙනා මහම්මගෙ ෆ්‍රෙන්ඩෙක් වෙන්ටෝනෙ. දැන් පාර එහා පැත්තෙ දෙන්නත් එක්ක බර කයියක්.

 
ඔන්න ඒ වෙලාවෙ තමයි ආච්චි ගෙයින් එලියට බැස්සෙ. කොයිකව මේච්චල් කලත් රයිනිවයි, විනීහලෝවයි ගෙට ගන්න ලේසි නෑ.

 



ආච්චි බනිනව මේම.
 

“විනිහලෝ….! පල අහකට. කිවුවම අහල පලයං කිවුවෙ.”
 

“රයිනී…. මෙහෙකම්. රයිනි එකපාරක් කිවුවම අහල ඔය දැල් කඩන්නෙ නැතුව මෙහෙකම්.”
 

“විනිහලෝ මම උඹේ කකුල් දෙක කැඩෙන්න දෙන්නෙ දැනගං. වර මෙහෙට.”
 

“හම්මේ රයිනි මෙහෙකම්කො…නැත්තං විනිහලෝගෙ ඉතරක් නෙමෙයි මම උඹෙත් කකුල් කඩනව! මෙහෙකම් රයිනි ගර්ල්.”




 

ප.ලි.
 

අපේ බවුවාගේ නම සඳහන් නොකර ඉන්නට හිතුනේ ඒ නමින් බ්ලොගර් ප්‍රොෆයිල් එකක් ඇති මල්ලි කෙනෙක් බස්සිගේ නවාතැනට ඇවිත් කොමෙන්ට් කොටා යන නිසාය. එයාගේ අනුමැතිය ලැබුනොත් නම්ගම් සහිතවම අපේ බලුතුමාගේ වැඩකිඩ ගැනද පෝස්කට්ටක් තලන්නට ඇහැකිය.



105 comments:


  1. බල්ලො ගැනනං කතා කරල වැඩක් නැනේ කොල්ලන්ට වඩා හොදයි බල්ලො
    http://atampahura.blogspot.com/2012/06/blog-post_03.html

    ReplyDelete
    Replies
    1. හික්ස්. ඔව් සමහර වෙලාවට, සමහර මිනිස්සුන්ට වඩා බල්ලො හොඳට හැසිරෙනවා අටම් අයියේ.

      Delete
  2. ඔය හතර අතට වනන කඩ්ඩ නොදැන වනල ඒකෙන්ම බෙල්ල කපාගන්නෙ අගනුවරට කිට්ටුම අය වෙන එකනෙ අවුල. ගොඩක් වෙලාවට අපේ මේ ගම්බද නම් කඩ්ඩෙ වැඩ දන්නැති උන් ඒක නොදැන වුනත් ජාමෙ බේරගන්නව.දන්න වුන් අදාල තැනට කඩුවෙන් කොටල තැන බේරගන්නව. ඒත් මෙහෙටත් පාත්වුන කොලොම්තොට ගොඩ කඩ්ඩො මෙහෙත් නොදන්න කඩු සටන් දාල අර මොකක්දෝ එක හොඳටම බිම ඇනගන්නව.අනේ මංද...

    ReplyDelete
    Replies
    1. කඩුවෙ හැපිල එන හුළඟ වැදුනත් සැපයි කියල හිතන අයත් ඉන්නවනෙ මනෝජ්. :D

      Delete
  3. සැක් මේක දැක්කමට මට හිතුට ආපු නම කියන්ඩ බැ ^_^ 

    ReplyDelete
    Replies
    1. කියලා දාන්න අනේ ඔන්නොහෙ. ;)

      Delete
    2. මට හිතුන එකම වෙන්න ඕන හිතුනේ... ;)

      Delete
    3. අනේ කියහල්ලකො හිතේ තියන් ඉන්නෙ නැතුව.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අපේ ලෙක්චර් රූම් එකට ඇතුල්වෙන දොරට කෙලින්ම ඉස්සරහ බ්ත්තියේ තමයි ඔය ලෙක්චරස්ලා වැඩ කිඩ පෙන්නන ඉස්කීන් එකයි වයිට් බොඩ් එකයි තියෙන්නේ දවසක් අපේ ලෙක්ච තුමෙක් තමන්ගේ වැඩ කිඩ පෙනනකොට දැක්කා අපේ ඈයෝ දෙන්නක් ඉස්සරහ පේලිවල පුටු තියෙද්දිත් දොර ගාවම පුටු දෙකක ඉන්නවා ඉතින් අපේ ලෙක්චර් තමාට මුන් දෙන්නව ඉස්සරට ගන්න ඕන එතුමා මුන් දෙන්න හිටපු තැතට ගිහින් දොර පැත්තට හැරිලා දකුණු අතේ මාපට ඇගිල්ල උරහිසට උඩින් පෙන්නලා "Go Back" කිව්වා..

      ජය වේවා!!!
      විදානේ ගේ මළදානේ - පාංශුකූලය සහ මැක්කා

      Delete
    2. හික්ස්! ලෙකාට නමක් වැටුනෙ නැද්ද ගෝ බැක් කියලා?

      විදානේ ඔයාගෙ පෝස්ට් එක සුපිරියි. දිගටම ලියන්න.

      Delete
    3. ඊට හොද එකක් කලින්ම තිබ්බා
      " In addition to that නෙවෙයි" කියලා ....

      Delete
    4. ඒකත් විහින්ම දාගත්තු නමක් වගෙයි නේද!

      Delete
  5. ෂාහ් මේක නම් නියමයි :D

    ReplyDelete
  6. අපේ ගෙදරටත් ගෙනාව බලු තුමෙක් උගේ නම වින්ඩ්, ඇත්තට ඔයාලගේ බලුතුමගේ නම මොකක්ද,ssssssssssssssss

    ReplyDelete
    Replies
    1. හික්ස්! අපේ එක්කෙනා බොරලුගොඩ. එයාගෙ යාලු පූසි විමලා.

      Delete
  7. බලු මොටයියෙක් හදන්නත් ඕනේ..... හැබැයි නිවී හැනහිල්ලේ ගෙදර ඉන්න කාලෙක

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, නැත්තම් බලු මොටයියො වල්බිහි වෙලා යනව.

      Delete
  8. මේ අපේ ඔපිසියට හැමදාම එන බුවෙක්ගේ කඩ්ඩ...
    ගිය අවුරුද්දේ දෙසැම්බර් 31 බුවා අපෙන් මෙහෙම අහනවා...
    "මල්ලි ටුඩේ තර්ටි ෆ්‍රස්ට් නයිට් ඔයාලා සෙටින්ග්ස් වෙනවද??''
    තව දවසක අපේ බොසා කතා කලාට පස්සේ මිනිහ අහනවා...
    "මල්ලි මිස්ට තිලක් වට් ටෙල් යු...??''

    ReplyDelete
    Replies
    1. වට් ටෙල් යූ එක නම් මරු.

      අපේ තාත්ත කියපු කතාවක්; තාත්තලගෙ ඔෆිස් එකේ පියන් කෙනෙක් දවසක් එකොළහමාරට ඉතර ආපු අංකල් කෙනෙක්ට 'ගුඩ් මෝර්නින්' කිවුවලු.
      අංකල් කාරය කිවුව 'ගුඩ් ආර්ෆ්ටර්නූන්' කියල.
      අර යකා වොච් එක දිහා බලල, අංකල්ට වොච් එක පෙන්නල "මෝර්නින් මයි'" කිවුවලු

      Delete
    2. සමාන්‍යෙන් උදේට පරක්කුවෙලා ඔෆිස් එකට එන උන්ට අපිත් කියන්නෙ ගුඩ් ආෆ්ටර්නූන් කියල තමයි.

      Delete
    3. අහ්! මේ කිවුවෙ පියන් කෙනෙක් නොදැනුවත් කමින් ඔෆිසර් කෙනෙක්ට කිව්ව එකක් ඉන්දික. කඩ්ඩ වරදවා කෙටීම ගැන ලියපු පොස්ට් එකක් උඩ තියෙන්නෙ. :D

      Delete
    4. මම කමෙන්ට්ට් කරේ උඩ පෝස්ට් එක කියවල තමයි.( එක දාගන්න, නම පෙන්නන්න, හිත සතුටු කරන්න යන්තන් බලල මම කමෙන්ට් කරන්නෙ නෑ ප්‍රථිපත්තියක් විදියට. )

      මේ ගැනත් හිතල බලන්න. අනුන්ගෙ ඉන්ග්‍රීසි ගැන හිනාවෙන තරමටම අපේ සිංහල ගැන විමිසිලිමත්ද?

      Delete
    5. අනේ සමාවෙන්න ඉන්දික. හිනාවෙන්න ලියපු කතාව ඔයාගෙ හදවතට ඔය තරම්ම තදින් වැදුනු එක ගැන දහස් වරක් සමාව ඉල්ලනවා. මම දන්නවා, සෝබනේට කඩු පාර දාන්න ගිහින් කපා ගන්න අය ගැන ලියැවුනු කතා කියවද්දි හිත රිදෙන අයත් ඉන්න බව. අනේ ආයෙම වතාවක් තොලි වේවා යාලු. ආපු පළවෙනි දවසෙම කුරුලු හිත රිදවාපු බස්සිගේ නවාතැනට - සාදරෙන් පිලිගන්නම් ඉතින්! :))

      Delete
    6. කඩුව ඉගෙනීමේ වැදගත්කම ගැන ලියැවුනු මේ පෝස්ටුව කියවන්න. මගේ අදහස වැටහේවි ඔබට.
      http://bassigenawathana.blogspot.com/2013/12/blog-post_14.html

      Delete
    7. බල්ලන් සහ කොල්ලන් අතර වෙනස නොදැන කාපු දේ වමාරපු කෙනාට මම කියපු දේ නොතේරෙන එක අරුමයක් නෙමෙයි.

      ඔය විහිළු කලේ අපහාස කලේ තමන්ගෙ අසල්වැසියන්ට නේද? මතක තියා ගන්න මේ ටිකත්.

      ඇසුරුවන් සත සිය පණ සේ රකිනා සුදනන් හට
      මොක් දකිනා තුරුම දුක නොම වේ ලොව් සතන්ගේ

      Delete
    8. මාමේ හිනාවෙලා ඉන්න බැරුව ඇවිලෙන්නට යන ඔයා වගේ අය නෑවිල්ලා හිටියොතින් හොඳද මන්දා අනේ මේ පලාතේ....

      Delete
  9. කවුදෝ එකෙක්, වෙන කෙනෙක්ගෙ බල්ලෙකුට මස් කට්ටකුයි කෝටුවකුයි පෙන්නල 'කම්' කියන කොට රටේ නැතුව දුවන්න පුරුදු කලා ලු. :D

    ReplyDelete
    Replies
    1. ඒකා චන්දන කියන එකාද හැබෑට?

      Delete
  10. හැබෑටම ඔබටුමීගෙ බව්වගෙ නම කුමක්ඩ? :D

    ReplyDelete
    Replies
    1. බලුරලු ආරච්චිලාගේ බොරලුගොඩ. ආදරේට කියන්නෙ බොරළු කියල.

      Delete
    2. හනෙ අම්මේ මගේ ඇඟේ ලේ වතුර වෙලා බං තිබුනෙ බව්වා ගෙ නමටත් මාව ගෑවෙයි කියලා.

      ඒ උනාට මල්ලි කෙනෙක් කියපු ගමන් මට උඹේ නමත් මතක් උනා. ;) ;)

      Delete
    3. ඇයි යකූ මන් විතරක් ඈ උබත් මල්ලිනෙ :P

      Delete
    4. සැක් යකෝ බවුවන්ට ප්‍රියා කියල දාන්ට මට පිච්චු කියල හිතුවද!

      Delete
    5. නෑ සසිදුවෝ ප්‍රියා හිතන් ඉන්නෙ උන්දැ හෙන වයස ඩයල් එක කියලලු

      Delete
    6. නෑ නෑ ප්‍රියා ඒම නෑ, ප්‍රියා තාම හිතන්නෙ මොට්ටසෝරි යන ළමයෙක් විදිහට, මන් නොදන්නවයෑ ඒ ගැන :D

      Delete
    7. ළමා මානසිකත්වය නේ. හික්ස්

      Delete
    8. අපි තාමත් සුවච කීකරු දාහෙන් හොයා ගන්න බැරි අහිංසක දරුවො. අන්න එච්චරයි මම දන්නෙ. ;)

      Delete
    9. හපුයි. මොකට කියනවදෑ ඒ ගැන!

      Delete
  11. රයිනි පැටව් එකලොස් දෙනෙක්ගේම අම්මා වුනාම ඔයලයේ බව්වාට දුක හිතුනැයි ඉතින්....?:D

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ, බොරලු හිතන් ඉන්නෙ ඒ තමන්ගෙ පැටව් කියල. ඌට ලෝකෙ හැම දරුවෙක්ම උගෙ වගේ තමයි. :D

      Delete
  12. බලු මොටාලට අන් ලයික් හිකිස්......... අපේ පැත්තෙත් ඉන්නවා සූටි,සුටී වන්සවත් බලු රාලලා උන්ට ඉන්ගිරිසියෙන් තමා හාම්පුතා දොඩන්නේ....

    ReplyDelete
    Replies
    1. හික්ස්! එහෙම තමයි අක්කෝ බවුවගෙත් වංසෙ කබල් ගාන්න එපැයි ;)

      Delete
  13. එකදවසක් සර් කෙනෙක් ළමයි දෙන්නෙක්ව පන්තියෙනම් එළියට දැම්මලු.ඊට පස්සෙ අසයින්මන්ට් එකක් දෙන්න ඒ ළමයින්ව ඇතුළට ගන්නත් ඕනලු.සර් දන්නෙ ගෙට් අවුට් කියන එක විතරලු.ඉතිං සර්ත් එළියට ගිහින් ළමයින්ට පන්තිය පෙන්නලා ගෙටවුට් කිවුවලු.

    අපෝයි අපේ බලු තඩියනම් වෙලාවකට හරිම ඇණෙ..අපේ තාත්තා කැමති නෑ ඒකට කූඩුවක දාන්න.ඒත් ගේටුටුව වහල තිබුනොත් මේකා තාප්පෙන් පැනල එළියට යනවා.ගිහින් මහ පාන්දර ඇවිත් එළියෙ ඉඳන් ගේට්ටුවට ගහනවා.අපි යන්න ඕන ඒකට ගේට්ටුව ඇරල දෙන්න.

    ආ..පත්තරේක තිබුන කතාවක් මතක් උනා.ප්‍රේමදාස ජනපතිතුමා හරි ජේ.ආර් ජනපතිතුමා හරි ගැන තිබුනෙ.හරියට මතක නෑ.ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ගෙ ගෙදර හිටියලු බලු තඩියෙක් කලූ කියලා.ඒක කලුම කලු ඇති.දවසක් ගෙදරට ආපු කෙනෙක් බල්ල කයි කියල බයේ ගෝ ගෝ බ්ලැකී ගෝ කියලනලු.ඕක අහන් ඉඳලා ජනපතිතුමා කියනවලු අනේ කලුට ඉංගිරිසි බෑ..පලයන් කලු ගෙට කියලා

    ReplyDelete
    Replies
    1. සාශත් කතා පෙට්ටියක්නෙ. කතා තුනටම මම පට්ට ලැයික්!

      අපේ බවුවනම් රෑට ඇවිත් දොරට ගහනව ගෙට ගන්න කියල. ඌ එලියෙ ඉන්න පණ බයයි. අපි ඕනෙ ඌව ආරක්සා කොරන්න.

      Delete
    2. අපේ ගෙදර ඉන්න බවුවා නම් හොදට හිංගලෙන් කතා කොරනවා. ඇවිදින්නෙත් කකුල් දෙකෙන්. ඔන්න දැන් බොගක් කියලා මොකක්දමඟුලකුත් ලියනවා පණ දාගෙන. හැක්… හැක්…… ;) :)

      Delete
    3. අපි නෙමෙයි කිවුවෙ ඕං ඈ.....

      Delete
    4. සාසෝ බන් උඹේ කටර් එක තමා කටර් එක හඃ හඃ හඃ පට්ට කතා තුන හඃ හඃ හඃ

      Delete
    5. ඒම තමා බලු කතාවක් යද්දි දන්න සේරම බලු කතා ටික කියලා දාන්ට එපාය..ආයෙ චෑන්සුවක් එයිද දන්නෑනෙ.සිංදුව ඉතිං දන්නවනෙ මගෙ කටර් එක ගැන :D

      Delete
    6. සිරාවට. මරු කටර්එක. මටත් ඉන්නව සාශා වගේ කටර් ‍යාලුවෙක්. සින්දුවාගෙ මිත්තරයෙක් නම් ඉතින් ආය අහන්නත් දෙයක්ද කටර් භාවය ගැන.

      Delete
  14. බලු & කඩු කතාවක්නෙ ...බං
    ඔන්න ඔහේ ඒක අකමැති වෙන එකක් නැහැ දැම්මම කොටහන්...
    ඌ කුහක විදියට හිතන එකක් නැහැ බොළා ගැන....
    ලැප off කරලා නිදා ගං බං ..... :) :)

    ReplyDelete
    Replies
    1. හික්ස්! ඊයෙ ලැප ඕෆ් කොරන්ට අතමක වෙලා එහෙමම නින්ද ගිහින් මාර සීන් එක! කෙන්ජයියත් බැලුවද මොකදෑ මේ මහ රෑ ජාමෙ ඔන්ලයින් කියල.

      Delete
    2. මම හැමදාම අවදි වන්නේ පාන්දර 4.00 ට ... ඔයාලට පාන්දර 1.30 යි.... :)

      Delete
  15. බල්ලන් මේ කොල්ලාගේ පරමු සතුරන්ය.... උං මූව දුටු තැන බුරා හැලෙන්නේය... ඉතිං උට මලේ මලය... කරන්න දෙයක් නැත ජාතකේ මතක් කරමින් දුවනවා හැර...

    අඩී රයිනි කියන්නෙ අර හයේ හතරෙ සිංදු කීන අක්ක නෙවී නෙව... ඒ අක්කගෙ මල්වාරං සිංදුව අහල පහුගිය දවස් වල මේ කොල්ලට නට් ලූස් වෙලත් තිබ්බ

    ReplyDelete
    Replies
    1. හික්ස්! මේ රයිනිව දැක්කම නම් නට්ලූස් වෙන්නෙ බල්ලන්ගෙ. :)

      Delete
  16. “ වුමන් පස්සෙ කමිං සර් “ මතක් වුණා...))) නම නැතුව හරි එයා ගෙ වැඩ ටික දාන්න කෝ... මමත් ඉතින් සත්තුන්ට හරි මනාප යි නේ!

    ReplyDelete
    Replies
    1. මං ඒ කතාව අහල නෑනෙ!!! "වුමන් පස්සෙ කමින්" කතාව.

      Delete
    2. සැමීගෙ කතාවෙ.

      Delete
    3. තාම බලන්න බැරි උනා කුරුට්ටියේ. ඔයා බැලුවද? බැලුවනම් ලියහන්කො ඒ ගැනත්.

      Delete
  17. දැන් බොලා අර නම අමතොක කලොත් නරකැයි? දැන් ඕක දකින දකින ගානෙ අපේ නඩා මිත්‍රයාගෙ නහය දැවිල්ල ගන්නවලු. ;)

    අපරාදෙ රයිනිට දාන්න තිබුනෙ 'විමලා' කියලා. එහෙනම් ශුවර් බොරළුත් එක්ක සැට් වෙනවා.

    නියමයි ඈ. බච්චි අර බවු පැටි‍යාගෙ කතන්දර ටිකත් කිවුවනම් එළ. :)

    ReplyDelete
    Replies
    1. මොන නමද අනේ?

      අපේ පූසියො දෙන්න විමලා සහ ඩොටී. විමල බොරලුගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩා.

      Delete
    2. //මොන නමද අනේ?//

      හැක්… කියන්නෑ මම. :)

      Delete
    3. සිරාවට මීටර් උනේ නෑ බොල! මොන නමද!!!

      Delete
  18. බොහොම උසස් පැලැන්තියේ අසල්වැසියෝ නේද බස්සිටත් ඉන්නේ ඈ...?

    ReplyDelete
  19. උඩ ඩබලම වැරැදි රටේඉපදූනේ!බස්සී දැකලා තියෙනවාද? උතුරු ඉන්දියානුවෝ කතා කරන විදිහ? බහුතරයක් ඉංග්‍රිසී, හින්දී හරි තමන්ගේ මව් භාශාව බාගේට බාගේ අනුපාතේට කලවම් කරලා තමයි කතා කරන්නේ.
    ලංකාවේදී පොඩි අවුල් ගතියක් දැනුනට වෙන රටකදී ඕනෑම දෙයක් සාමන්‍ය දෙයක් වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. එක්ස්කියුස්මී මිස්ටර් බඩු! මික්ස් කරන එකත් කරන විදිහක් තියෙනව ඩාලින්. මෙහෙම පට්ට චාටර් විදියට මික්ස් කලාම සහ ඒක හරිය කියන්න පොර ටෝක්ස් දෙනකොට අපිට හිනා යන්නෙ බැක් සයිඩ් එකෙන්!!!

      ආ අතමක උනා. බස්සිගේ නවාතැනට සාදරයෙන් වෙල්කම් වේවා!! (ඔයා කැමතිම මික්ස් ඉස්ටැයිල් විශ් එකක් ඩියර්.) :D

      Delete
    2. අනේ මන්දා බස්සී, මටනම් ඔය වාගේ සිද්දී වලට කවදාවත් හිනා යන්නේනම් නෑ. මාගේ ජිවීතේත් එක්තරා කාලයක් විදේශ භාෂාවක් හරි හමන් විදිහට කතා කර ගන්න බැරිව ඒ භාෂාවට සැහෙන්න වෙනස් භාශා වල වචන ඒකතු කර කර කතා කරපු කාලයක් තිබුන හින්දා. හොඳ වේලාවට ඒ කාලේ ඒ පලාතේ බස්සීලා හීටියේ නැත්තේ. හිටියනං ඉතිං ,මාගේත් කොල්ලා කාලේ වෙච්චී, වැරදෙන වැරදෙන ගානට කෙල්ලෝ හිනා වෙන්න ගත්තනම් .ලැජ්ජාවටම මම ඒ බාසාව ඉගෙන ගන්න එක අත හැරලා දාන්න තිබුනා.

      Delete
    3. බඩු, ඔයා හැම දේකම වැරදි හොයන කෙනෙක් කියල හිතුන මුල්ම කමෙන්ට් එකෙන්. ඒකයි අරම කිවුවෙ. දැන් තේරුනා ඔයා වැරදි කොනක් අල්ලගෙන සංවේදී වෙලා බව. මෙතන කියන්නෙ අමාරුවෙන්, කට්ට කාගෙන, දණගාගෙන, බඩ ගාගෙන භාෂාවක් "ඉගෙනගන්න" මාන්සි වෙන අය ගැන නෙමෙයි සහෝ. බොරු පොස් පාට් පෙන්නන අය ගැන. හැමදේම හිතට බරක් කරගන්නෙ නැතුව ටිකක් හිනාවෙලා ලේ පිරිසිදු කරගන්න තමයි මගෙ බ්ලොග් එක තියෙන්නෙ.

      ආයෙමත් කියන්නෙ භාෂාවක් "ඉගෙනගන්න" මාන්සි වෙන අය ගැන නෙමෙයි මේ කියන්නෙ. පෝස්ටුව පෞද්ගලිකව ගන්න එපා.

      සැහැල්ලුවෙන් හිතන්න, හිනාවෙන් ජීවිතේ ගෙවන්න. බස්සිගේ නවාතැනට සාදරයෙන් පිලිගන්නවා ඔයාව!!! :D

      Delete
  20. ඇත්තටම අත්තම්ම එහම කිව්වද,බොරු නේ ?

    ReplyDelete
    Replies
    1. මේකනම් මට කනට ඇහුන එකක් යාලු. බස්සි බොරු කතා කියල ලියන්නෙ ඔය ස්ව නිර්මාණ වල ලියන කතන්දර වගේ එවුව තමයි.

      සාදරයෙන් පිලිගන්නවා ඔයාව බස්සිගේ නවාතැනට!!

      Delete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. අපේ ගෙදරත් ඉන්නවා උසස් වනසේ එකෙක් වගේම වල්ටෙසෝන් යුවලක්..මුන් 3 දෙනාටම මට වගේ කඩ්ඩ අරහන්

    ReplyDelete
    Replies
    1. හීක්ස්! බල්ලට කඩ්ඩෙන් කතාකරන එකේ හරි වැරැද්ද කියල උඩ කමෙන්ට් වල අලුතෙන් ආපු ආගන්තුකයො ටිකක් සංවේදී වෙලා මලයා. ඒ නිසා මුකුත් කියන්නෑ ඔවුව ගැන මම ආයෙ. ;)

      Delete
  23. තාම ලන්කාවෙ කඩ්ඩ තත්වෙපෙන්නන මෙවුව එකක්
    බවුව නම් මමත් ආසම සතා

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. කඩ්ඩ ඕනෙ සටනට මිසක් ඔලුව උඩ තියාගෙන යන්න නෙමෙයි.

      Delete
  24. මට මතකයි දැනට කාලෙකට ඉහතදී පුවත්පත් වාර්තාවක් තිබුණා එක ගරු ගාම්භීර නෝනා කෙනෙක් රෝහලට ඇවිත් දරු ප්‍රසූතිය සඳහා. එයා රෝහලේ සියලු දෙනාටම කතාකරලා තියෙන්නේ කඩුවෙන්. රෝහල් කාර්ය මණ්ඩලය ඉවසීමෙන් කටයුතු කළා. ඔන්න දැන් දරු ප්‍රසූති අවස්ථාව. අර නෝනා සුද්ද සිංහලෙන් කෑ ගහනවාලු බුදු අම්මෝ, මට බැරියෝ කියලා. නර්ස් නෝනා කෙනෙක් කිව්වලු හා හා සිංහලෙන් කෑ ගහන්න එපා ඉංග්‍රීසියෙන් කෑ ගාන්න කියලා. ඊට පස්සේ අර නෝනගේ හුළං බැස්සලු.

    මේක ඇත්තම කතාවක්. ඔබ කියා තිනන ආකාරයේම 'සෝබන කඩු' ඉස්කෝලේ මහත්තයෙක් හිටියා මම හඳුනන. එයාගේ පුතාට සෑමවිටම කතාකලේ ඉංග්‍රීසියෙන්. එයා කියන්නේ පුතාගේ ඉංග්‍රීසි දැණුම බොහොම ඉහලයි කියලා. දරුවාගේ වයස අවුරුදු 5 ක් විතර ඇති. දවසක් අපේ ගෙදර ඇවිත් ඉන්න වෙලාවේ පාරේ අයිස්ක්‍රීම් කාරයෙක් ගියා. අර ළමයා, 'තාත්තේ මට අයිස්ක්‍රීම් ඕනේ' කිව්වා. අරයා උත්තර දෙනවා, 'ඕ..... සන්, දෝස් ආ ඩර්ටි. අයි විල් ගේට් යූ ගුඩ් අයිස්ක්‍රීම් ෆ්‍රොම් ටවුන් ඕකේ' කියලා. පොඩි එකා කෑ ගැහුවා 'යකෝ මට අයිස්ක්‍රීම් අරන් දීපන්' කියලා. :D

    මේ............කඩු තියෙන්නේ කැලේ කපන්න නෙවෙයි. සටන් කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔබ කියූ කතා දෙකත් හරිම රසවත් විචාරකතුමෝ. ස්තූතියි.

      මම කඩුවෙන් කැලේ කපනවා යන්නෙන් අදහස් කලේ නොදන්නා දෙයක්, සිංහලෙන් ඉගෙනුම් උපකාරක නැති විෂයක් වගේ දෙයක්, ඉගෙන ගැනීම ගැනයි. ඒක මගේ කලින් පෝස්ටුව හා සබැඳි යෙදුමක්. ඔබට ඒ පෝස්ටුව මගහැරෙන්නට ඇති මං හිතන්නෙ.

      http://bassigenawathana.blogspot.com/2013/12/blog-post_14.html

      Delete
    2. මේක ඇත්තටම වෙච්ච දෙයක්. මගේ යාළුවා ගියා ප්‍රයිවට් හොස්පිට්ල් එකක නැවතිලා හිටිය එයාගේ නෑනා බබා හම්බවෙන එක බලන්න. මෙන්න මූව දැක්ක ගමන් අඬන්න ගත්තලු....අයි කාන්ට්..අයි කාන්ට් කියලා..වස ලැජ්ජාවේ බෑලු.
      ඒ ගොල්ලෝ මහවැව කට්ටියක් :D

      Delete
    3. හෆෝයි!! විලිලැජ්ජාවෙ සන්තෝසෙ බැරිවෙන්න ඇති නේ.....

      Delete
  25. මට තාම බල්ලට ගිය කඩ්ඩේ රස තැන් අහුවෙලා නෑනේ. චඃ යේක නෙවෙයි මොකක්ද අර බල්ලගේ නම කිව්වේ ? :D පස්ට පස්ට

    ReplyDelete
    Replies
    1. හැක්! බොහොම ඉත්තූතියි සිංදුවෝ....!!! :D

      Delete
  26. අපි මේ ප්ලේන් එක හොයනවා ....මෙයාලා මගුලක් කියනවා (හිකිස්.......)

    ReplyDelete
    Replies
    1. ඒ ප්ලේන් එක මාර්කට් කරලා සමහරක් ආතල් ගන්නත් යනව නෙ මැලේ. ඇත්තට ලියහන්කො ඒ ගැන ඔය රටේ තත්වය විස්තර කරන සවිස්තරාත්මක ලිපියක්. ලංකාවෙදි නම් හමුවෙන්නෙ වෙනස් වෙනස් අමුතු කතා තමයි ප්ලේන් සීන් එක ගැන. පැහැදිලි අදහසක් ගත්තෙ සිරා අයියගෙ ලිපියෙන් විතරයි.

      Delete
    2. මට ලියන්න දෙයක් නෑ අනේ මේ තියෙන්නේ ලෙසටම ලියලා
      http://kalusblogs.blogspot.com/2014/03/blog-post.html
      http://medaperadiga.com/
      http://upashantha.blogspot.com/2014/03/breaking-news-missing-airplane-found-in.html

      Delete
    3. රාලේ මන් කිවුවෙ ඇත්ත සීන් එක කියැවෙන එකක් ලියහන් කියලා.

      ලිපිවලට ලින්ක් එවුවාට ස්තූතියි. අර කලූගේ හෑලි බ්ලොගියට නම් අදමයි ගියෙ, කලූගෙ ලියැවිලි පට්ට රහයි.

      Delete
    4. දැනට මේවා තමයි ඇත්ත කථා .....

      Delete
  27. සී සනා ඉෆ් හන්දියේ බුටික්ස් ලෑලි ඕපන් කිව්වලු.

    ReplyDelete
    Replies
    1. හික්ස්! බස්සි ඩැඩා ඉස්සර කියන එකක් තමයි;
      එළුවා ක්‍රෝටන් පැලේ කයි = mutton eaten Croton

      Delete
    2. ඩූඩ්.....ඒ දවස්වල සමහර ලංසි බුවලා ඔහොම තමයි කතාකරේ කියලා අපේ තාත්තා කියලා තියෙනවා. මාත් එක්ක ඔබරෝයි හිටියා හෙන ලංසි සෙට් එකක්. සමහර උන් උන් එකතුවුනාම ඔහොම තමයි කතාකරන්නේ. එකෙක් හිටියා උට සිංහලෙන් කතාකරන්න අමාරුයි. පොරට ඉංග්‍රීසි ලියන්නත් බැහැ.

      Delete
    3. මචං අරූ සහ බස්සි කෙල්ල. උඹලා කියවලා තියනවද Carl Muller ගේ පොත්?
      Yakada Yaka.
      Under The Jam Fruit Tree.
      අන්න බඩු!

      Delete
    4. මම කියවලා තියෙනවා බන්. මම මතක් කලා කලා ඔළුවට ආවේ නැහැ කාල් මුලර්. once upon a tender time අනිත් එක. කාල් මුලර් තාම ජීවතුන් අතර ඉන්නවා මගේ හිතේ.

      Delete
    5. මට කියවන්න සෙට් වෙලා නෑ නෙව ඩූඩ්. බස්සි-මමා ගාව ඇති හොයාගෙන බලන්න ඕන. :)

      Delete
  28. බස්C.....ඉස්සර අපේ ගෙට එහා පැත්තේ ගෙදර බැල්ලි පැටව් ගැහුවා...සුමනේ කියලා පොරකුත් බලු පැටියෙක්ව බුක් කරා. අනිත් අය ඔක්කොම ඇවිති අරන් ගියා. සුමනේ ආවේ නැහැ. ඒ මිනිස්සු බල්ලාව හදාගත්තා ...බල්ලාට සුමනේ කියලා නම දැම්මා...මිස්ටර් සුමනේ පාරේ යනකොට ගෙදර අය බල්ලාට බනිනවා. නොදකින් මේ සුමනේ මොන වල්කමේ යනවද මන්දා...වෙලාවට ගෙදර එන්නේ නැහැ කිය කිය. බලු සුමනේ ගොඩාක් කල් ජීවත්වුනා..බස් එකකට යටවෙලා මැරුනා.

    ReplyDelete
    Replies
    1. හික්ස්... බල්ලන්ට මිනිස්සුන්ගේ නම් දැමීම අනුමත නොකලත් ඕක ගොඩක් අය කරන වැඩක් අරූ. අපේ කැම්පස් එකේ බවුවෙක් හිටියා එස්.බී. කියල. තව යාලුවෙක්ගෙ ගෙදර හිටිය රනිල් කියල පූසෙක්. :)

      Delete
  29. ඔය කඩ්ඩ මිනිස්සු සෑහෙන්න පාවිච්චි කරනව නේ තත්වෙ පෙන්නන්න. මේ ලගකදි අපේ කම්කරුවෙක් විදිහට වැඩ කරන කොල්ලෙක් කඩ්ඩෙන් ලොක්ක වෙන්න ගියපු අපේ ඉන්දියන් එකවුන්ටන්ට හොද පාඩමක් උගන්වලා තිබ්බා.
    තව සමහරු ඉන්නව ඔය රහ මෙර මද පමනින් නමා ගත්තම එක පාරටම කඩ්ඩ් පොලිශ් වෙන. හප්පේ ඒ වගේ වෙලාවට බලගෙන ඉන්න අපිට තියෙන ආතල් එක.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් කියලාම ගියානම් තවත් වටිනවා වීරේ. ඇයි රහමෙර ගත්තාම කඩු අමතකම වෙන අයත් ඉන්නෙ.
      :D

      Delete
  30. හේයි පික්සු බක්සි ......

    ඇත්ත වශයෙන්ම මා මිත්‍ර බස්සි මහත්මිය (සොරි මෙනවිය) ඔබගේ මේ ලියවීම පිලිබඳ මට මහත් වූ අපුලක් දැනේ..මන්දයත් තමන්ගේ අසල්වැසියාට අපහාස වනපරිදි තමුන් මහා සෙයින් පරදෙශකාරයින්ගේ භාෂාවක කෙල පැමිණියෙකු බව සනාත කරනු වස් මේ උත්තම පුරුෂ කෝණයෙන් ලියූවක් බව පෙනී යන නිසාවෙනි. ඇත්තෙන්ම මෙහිදී ඔබ බල්ලාට කර ඇති අපහාසය නිසා මට මහත් සංවේගයක් දැනේ. ඔබ මේ උත්සාහ කරන්නේ බල්ලාට ඉංග්‍රීසි තේරුම් ගැනීමේ හැකියාවක් නොමැති බව කියා බලාව අපහසුතාවයට පත් කිරීමටයි ..අපගේ ඥාතීන්ට අපහාස කිරීමේ ඔබගේ පටු චේතනාව හෙලා දකිමි ...හුටා මගේ නෙවෙයි බන් උඹේ ඥාතීන් .....:) (y)

    ReplyDelete
    Replies
    1. ගෙඹිලූශා මහතාගේ අදහස් දැක්වීම මහත් සේ අගය කොට සලකමි. ඔබතුමා මගේ අසල්වාසී බවුවන් වෙත දක්වන මේ සැලකිල්ල ඉතා අගනේය. බවුවන්ගේ නෑ හිතමිතුරන් මගේ බ්ලොගියට ගොඩවදින බැව් මෙතෙක් කල් දැන නොසිටියෙමි. මෙබදු ලිපි පල කිරීමෙන් ඔවුන්ගේ හද පෙලී, එයින් හටගන්නා වේදනාවෙන් ලය පැලෙන්නට පවා අවදානමක් ඇති බැව් මා වටහා ගතිමි. ආවේගශීලි අදහස් වලට හේතුව දැන් උදක්ම පැහැදිලිය.

      මාගේ බ්ලොගියේ බොහෝ ලිපි ලියැවෙනුයේ උත්තම පුරුෂයෙන් වුව, ඒ හේතුවෙන්ම සම-හරක් පුරුෂයන් කිපෙන බැව් දැක ඇත්තෙමි. සමහරවිට මන් කාන්තාවක් නිසා වෙන්ටැති බන්. නැතහොත් ඔවුන් ලොල් වන්නේ ගෑණු ක්‍රමයට කුණු සහ මඩ ඇවිස්සීමට වි‍ය හැකිය. පරදේසක්කාරයන් ඒ ඒ රටවල සිට හෙළයෙන් වනන්නේදැයි මන් අහන් නැත්තේ පව් නිසාය.

      හැක්. කමෙන්ටුවට හදපිරි ප්‍රණාමය!

      Delete
  31. කොමෙන්ටුවක් දිගේ ආවේ.... ඒත් මේ ටෙම්ප්ලේට් එක නිසා කියවන්න එපා වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඕක මට කලිනුත් කෙනෙක් කිවුවා සෝඩා. ඒත් මේ ටෙම්ප්ලේට් එක නිසා මට ලියන්න ආස හිතෙනව. කණගාටුයි කවරෙ නිසා පොත නොකියවා ගිය ගොඩට දැනුවත්ව දෙන්නෙක්ම එකතු වෙලා.

      ටෙම්ප්ලේට් එක කවදා හෝ වෙනස් කලොත් මම කියන්නම්කෝ. පැමිණියාට තුති. තව බොහෝ කලකට මේ ටෙම්ප්ලේට් එක වෙනස් වෙන එකක් නෑ, තරහ වෙන්න එපා හොදේ.

      Delete
  32. අවුරැද්දක් විතර තිස්ෙස් කිෙයවිවත් අදයි කමෙන්ටි කලේ අලුත් ෙපාතට සුභ පතමි


    ReplyDelete