Tuesday, December 30, 2014

ශාරුක් ඛාන්ට ජයවේවා!








මේ ඉන්දියන් සාගරයේ අමුතු ඇටය ය. නහය උඩින් වතුර ගියත් ඇඟිලි තුඩු වලින් හිටගෙන උඩ පැන පැන ජෝගි දමන පට්ට අභිමානවත් ජාතියක් වෙසෙන අමුතු ඇටය මේකය.




ස්වාධීනත්වය කියන වචනය සිංහල හෝඩියෙන් අහක් කල යුතු බව අපි උදක්ම අපේක්ෂා කරනවා ය. ඇත්තටම ඔය "ස්වා" අකුරු දෙක බල්ලෙක්ගේ අධෝමුඛයේ ගසා "දීනත්වය" ලැමිනේට් කර හන්දියක් හන්දියක් ගානේ එල්ලනවාට අපි පට්ට මනාපය. කොහොමත් මාර අභිමානවත් රාජාණ්ඩු ආතල් පිරී ඉතිරී ගිය අතිශය ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අපේ කශේරුකාව රබර් මිශ්‍රිත බව ජාන විශ්ලේෂණයක් කලොත් සාක්කිත් එක්කම බලාගන්නට පුලුවන්‍ ය.


අපි වැඩිපුරම ආසා කරන්නේ රජකතා බලන්නය. මේ දවස්වල නැගලාම යන ට්‍රෙන්ඩ් එකත් රජ කතාය. පර සතුරු උවදුරු රටෙන් අතුගා දැම්මාට පස්සෙන් පහු රජා කිරිකිරියේ දිලිහෙන ඇලුමිනියන් කඩුව අරගෙන ඉස්ටේජ් එකට නගිනකොට ඇත්තමයි අපිට චූ යන තරම් ආතල් ය. ආතල් වැඩිකමට  සටන් බිමේදි පතුරු ගිය බර කඩු කොපුවේ දමාගෙන ඉස්ටේජ් එක පිටුපස ඉන්න රණවිරුවෝ ගැන හාංකවිසියක් අපිට මතකක් නැතිය. 


අනේ ඉතින් අපිට පාන් ද? එළාරව පරද්දා රට එක්සේසත් කලේ දුටුගැමුණුය කියද්දී ඉස්කෝලෙ උළු උඩ යන්න චියර් එක දුන්නා මිසක ඒ කාලෙත් දුටුගැමුණු ඕක කලේ තනි සුලැඟිල්ලෙන්දැයි අහන්නට තරම් මන්ද මානසිකත්වයක් අපිට නම් තිබුනේම නැති ය.


අපි කොහොමත් නාට්ටි බලන්න පට්ට ලැයික් ය. හතට සාලේ සෝෆාවට බර දී හරිබරි ගැහුනාට පසු දහයමාර වෙනකල් පස්ස කෙලින් කරන්න අපි මාර අකමැතිය. ඇත්තටම ඒ අපි මෙගා නාට්ටිවලට ඇති පරම පිවිතුරු ප්‍රේමය නිසාමය. අපිට ප්‍රසන්න විතානගේ කිච ය. ජයන්ත චන්ද්‍රසිරි චාටර්‍ ය. උන්දලාගේ නාට්ටි වලින් කරන්නේ මොළේ හාරන එකය. මොළේ හාරද්දි අපිට රිදෙනවාය. අපිට ඕනා බත්ගුලිය උගුරෙන් පහළට යවාගන්නත්, පොප්කෝන් එකක් හපාගන්නත් ගටක් සපයන මෙගා පත්තරයක් විතරමය.


අපේ මේ මනාපය අවබෝධ කරගත්තු බොහොමයක් මීඩියා මහතැන්ලා දැන්  උදේ පිරිතේ හිට රෑ ජාතික ගීය දක්වාම පෙන්නන්නේ නාට්ටි විතරමය. වෙනකක් තියා ඒ චැනල්වල නිවුස් ද නාට්ටි ය. ඉඳහිට නාට්ටි නිවුස් වෙන වෙලාවලුත් පහුගිය දොහක දැකගන්නට පුලුවන් විය. ඒ කියන්නේ අපිට උවමනා ආතල් එක ඕනෑවටත් වැඩියෙන් ලැබෙනවා කියන එකය.


හැබැයි ඔය සේරටම වඩා අපිට ෆන් එකක් ලැබෙන්නේ බොලිවුඩ් කෑලි දකිනකොටය. අපේ අයියලා ජැකලින් නංගිට මාර ලවු ය. ඉටි රූපෙ වගේ නංගි ඉස්ටේජ් එකට වඩිනකොට ලොවෙත් ෆන් ය. ප්‍රේම ගංගා උතුරා ගලා යනවාය.


ඊට නොදෙවැනි නංගිලා තාරුණ්‍යයේ උත්කර්ෂය මොනවට විදහා දක්වමින් සල්මන් ඛාන්ට ෆ්ලයිං කිස් ලොරි ගණන් විසුක්කා කොරනවාය. සල්මන්ගේ පිරිපුන් බාහු යුගලත්, කට කොණින් නගන අපූරු මනමාල හිනාවත් දකිනකොට අම්මපා අපේ අක්කලා නංගිලා ප්‍රීතියේ පරම ලක්ෂයටත් වඩා දශම ගානක් උඩ විසිවෙනවාය.


ටික දොහකට කලින් අපේ ආතල් එක කඩන්න ජයතිලක බණ්ඩාර කියලා කොහෙදෝ යන එකෙක් එලියට බැස්සේය. ඌ නිදහස් කලාකරුවෙක් කියලා කියනවාය. සාමකාමී පාගමනක් ගියා කියනවාය. සාමකාමී උනත් ඒ පා ගමනේ අරමුණ අපේ ආතල් කුඩු කිරීමය. ඉන්තේරුවෙන්ම ඕකා යන්න ඇත්තේ අපේ ඔලු සුද්ද කරන්නය. ඉතින් නෙලන්ඩ තිබුනේ අතින් පයින් නොව හොඳ ඇඹුල් පොල්පිත්තකින් ය .


අලුත් පරපුරේය කියන පඟර නැට්ටෝ ටිකක් ඒ අවුඅස්සේ කළඑලි බැහැලාය. අනුමානයක් නෑ ඕකුන්ට තියෙන්නේ සල්මන් අයියත් ජැකලින් අක්කත් එක්ක ඉරිසියාව ය. අනික අපිට ඕකුන්ගේ මූණු මතකත් නැතිය. උදය ධර්මවර්ධන, ලක්‍ෂමන් විජේසේකර කියන නම් අනේ අපිනං අහලාවත් නැතිය. මොහාන් රාජ් මඩවල කියන්නේ සිංදු කියන එකෙක් වෙන්න ඕනෑය. සමනළී, අමා හැඩය. ඒ උනාට කිසි ගෝ එකක් නැතිය. ජැකලින් අක්කා තරම් පොත්ත සුදකුත් නැතිය. 


බලාපවු අර ජගත් මනුවරණයා, මූඩ් කන්නම උපන් එකෙක්‍ ය. ඌ රඟපානකොට ඕඩියන්ස් එක අඬනවාය. කසුන් චාප ජෝඩුව ඊට හපන් ය. මේකලා පාරට බහින්න ඇත්තේම අපේ සල්මන් අයියා ගැන උපන් ඉරිසියාවෙන් පැහි පැහි වෙන්න ඕනෑ ය. ඕකුන්ට ඔය ගැහුවා මදිය. අර නාය ගිය පත කළුගල් ඔලු කුඩු වෙන්න ඉලක්කෙට විදින්න තිබුනාය. දේවදත්තත් කොරපු ඒ ටික අපේ මහත්තුරුන්ට අමතක වෙච්චි එකට මාර කණගාටුය.


කොහොමත් සලමන් අයියත් ජැකලින් අක්කත් අපිව බලන්න අවතැන් කඳවුරුවලට එනවාය. හින්දි පිචෑර් ලයිව් බලන්න තියනවානම් ගංවතුර එකට හතක් ගැලුවත් අපිටනම් වගේ වගක් නැතිය. ගේ කැඩුනත් සල්මන් අයියා එක්ක කරට අතදාගෙන ඉන්න පොටෝවක් අවතැන් කඳවුරේ ඉස්සරහ බිත්තියේ අලෝගන්න තියනවානම් ඊට වඩා මුකුත්ම එපාය.  




මේ ඉන්දියන් සාගරයේ අමුතු ඇටය ය. ඒ අමුතු ඇටයේ වෙසෙන නහය උඩින් වතුර හතක් ගියත් ඇඟිලි තුඩු වලින් හිටගෙන උඩ පැන පැන ජෝගි දමන පට්ට අභිමානවත් ජාතිය අපිය. අපි හින්දාම අපේ තාත්තා හරිම ආඩම්බරකාර ය.







~~~~~~~~~





113 comments:

  1. Replies
    1. අන්න එහෙම හොඳට හිනා වෙලා ඉන්න ඕනෙ උපයෝ...

      Delete
  2. මම ආයිත් ඇස් පිහදාලා බැලුවා මේ මාතලං හරි විභීෂණ හරිද කියලා. යකෝ මේ අපේ බස්සිනෙ පොරි හැලෙන්න දෙන්නෙ. ආයි නෑ වටේටම නෙලල තියෙනවා නූල් පොටක්වත් ඉතුරු නොවෙන්න. කියන්න වචන නෑ බස්සි. තව තව මල පනීවා!!!
    (අපේ නංගිලා කළවෙ අත්සනුත් ගස්සෝගනියිද දන්නෑ)

    ReplyDelete
    Replies
    1. //මම ආයිත් ඇස් පිහදාලා බැලුවා මේ මාතලං හරි විභීෂණ හරිද කියලා//

      උඹට කියන්න මධු වෝ මටත් ඕකම වුනා.

      ----
      මොනා වුනත් බස්සි අයෙ දෙකක් නෑ දීල තියෙනවා අළු ටිකක් වත් හොයාගන්න බැරි වෙන්න හතර වටේටම.

      Delete
    2. කලවෙ නෙමෙයි මධුවෝ තව කොහේ කොහේ අත්සන් ගන්න යයිද දන්නෑ. අපි ඉතින් ෆුල් සොමියෙ ඉන්න අභිමානවත් ජාතියනේ.

      Delete
    3. ඊයෙ මේක ලියනකොට රෑ දොළහත් පැනල.

      නින්ද යනකම් ඇඳේ ඉඳන් නිවුස් බැලුව. එතකොටයි සීන් එක කියවන්න ලැබුනෙ. මල අතේ අරන් ෆෝන් කට්ටෙන්ම කොටලා අද ලැප ඇරපු ගමන් පබ්ලිශ් කලේ. ඒ නිසා වෙන්ටෑ විභියෝ පුරුදු රටාවට වඩා වෙනස් වගේ පේන්නෙ.

      Delete
    4. අම්මප බං විභියයි මාතෙයයි උඹයි අල්ලල යනවා … ටොපේ ටොප්
      අරින්ඩෙපා නංගියේ !!!
      මෙන්න මගේ ෂැලියුට් එක !!!!!!

      Delete
    5. හහා... තැන්කූ වේවා පත්තරේ!!

      Delete
  3. මේ වෙන විකාර කුණුහරුප හිටන් පෑදි දියත් බොරකල වගයි එහෙනම්!

    ReplyDelete
    Replies
    1. එහෙයි එහෙයි හිටං

      Delete
    2. මල් පෙති, වැහි බිංදු වැටෙනකොට ලස්සන බිංදු රටාවල් අඳින වතුරටම, බර කළුගල් පෙරලෙනකොට පෑදි දියත් බොරදිය වෙන්න පුලුවන් නෙව හිටං.

      Delete
  4. පිංවත්නි පිංවතිනි
    ඔය දේසානුරාගය
    ඕකට කියන්නෙ දේසානුරාගය
    කෙලෙස් ඇතිවෙන අකුලලයක් නෙව පිං වැඩෙන මහත්පල මහානිසංස ලැබෙන පුන්නිය කර්මයකි...
    ජයතිලක කියන්නෙ පල් හොරෙක්ය
    කව්ද අර නළු බට්ටා උනුත් එහෙමයි
    පිංවතුන් තරහ ගන්ට කාරි නෑ ඔය පිස්සු මර ගාත දාං එන වුංට පොල්පිත්තකින් සංගිරහ කරාම ඇති
    අපි නෙවී පොල් පිත්ත නෙව ගහන්නේ එතකොටපව් ටිකත් පොල් පිත්තට....

    (ඌරුකොටුවේ වැද්දානන්ද හිමියන්නේ දේසනාවකින් උපුටා ගන්නා ලදී)

    ReplyDelete
    Replies
    1. මේ ගහන්නෙ අපි නෙමෙයි පිංවතුනි. මේ ගහන්නේ දේශානුරාගය.
      :3

      Delete
  5. දැන් මාතලන්ට පාඩුවේ , නිවාඩුවක් එහෙම ගතකරලා එන්න පුළුවන්, පොඩි මාතලන් සහ දැන් අපේ අලුත්ම "මාතලින් " ඉන්න නිසා .

    බස්සි උඹ නම් පට්ටය , සමනලී කියන්නෙත් හරියටම උඹ වාගේම ඩයල් ඒකකය. උඹට වඩා අඟල් දෙක තුනක් උස ඇතිය. එකිගෙයි උඹෙයි වෙනස උඹේ කොන්ඩේ දිග එකය. ඇත්තටම අද යුගයේ අවශ්‍යතාවය උඹලා වගේ උන්ය. හැබැයි ඒ මේ පන්නරය දිගටම තියා ගන්න ඕනය , කට අරින්නට ඕනා, ලියවෙන්නට ඕනා සමාජ අසාධාරණයට එරෙහිවය. නැතුව පාලකයන්ට කඩේ යන්නට නොවේය. උඹේ මේ අදහස් දක්වීම කාටවත් කඩේ යාමක් නොවන බව අපි හොඳින්ම දන්නවාය. ඒ මොකද වෙන පාලකයෙක් යටතේ මේ දේ වුනත් උඹේ අකුරු මේ විදිහටම ලියවෙන නිසාය . ඒත් සම හරක් මේ දකිනු ඇත්තේ උන් දාගත්ත පාට කන්නාඩි වලින්ය. ඒවා ගණන් ගන්න දේවල් නෙවේය .

    උඹ මෙහෙම ලියනකොට අපි නිකං ඉන්න එක ගැන ලජ්ජා හිතෙනවාය . ඕ යේස්ය

    ReplyDelete
    Replies
    1. ලජ්ජා වෙවී ඉඳල හරියන්නේ නැත.

      ඕ යේස්ය

      Delete
    2. ඔව් උබ නිකන් ඉන්නවනම් අපිටත් එක ලැජ්ජාවට කාරණයක් තමයි

      Delete
    3. මම එදත් කිවුවෙ ඉවාන් මටනම් ඔය කණු දෙකම එකයි. දෙකම වටින්නේ ගොන්නු බඳින්න. පිටින් ගාල තියෙන සායම විතරක් වෙනස්.

      හැබැයි ඉතින් කොයි කණුවෙ ගැටගහපු ගොන්නු කලත් මේ වැඩේනම් අන්තිම පජාතයි. හැබැයි ඉතින් මෙහෙව් "ස්ව-දීන" රටක ඔව්වා සිම්පල් වැඩ.


      ලියන්න හිතුනා නම් ඒක බොහොම වටිනවා ගෙඹිස්. උඹට දැනෙන්න ලියන්න ටැලන්ට් එකත් තියෙනවා. (මට නැතුවට බොට මේ මාසෙම නිවාඩුත් තියෙනව. - අනේ අම්මපා ඒ ගැන මට එන තරහ! >_< )

      Delete
    4. ඉවාන්ට ගොනා කීම හෙලා දකිමි !!

      ඕ යේස්

      Delete
  6. මමත් යනවා ඡැකලින් අක්කාගේ ආප්පේ කලා එන්න.

    ReplyDelete
    Replies
    1. ආප්පෙ කන එක වෙනම වැඩක්. අපේ රටේ මිනිස්සුන්ට වෙලා තියෙන හෙනේ ආප්ප වාටියෙන් ඔටුනු හදන්න යන එක.

      Delete
    2. මාත් එනවා … ඕ යේස්

      Delete
  7. //ස්වාධීනත්වය කියන වචනය සිංහල හෝඩියෙන් අහක් කල යුතු බව//

    ඒ මොකටද? වචනෙ සිරිලන්කාවෙ දේශප්‍රෙමී අයට හරි නේ. ස්වා කියන්නේ තමන්ම කියන එක නෙමේ ද?
    අපි බටහිරට හා ජාත්යන්තරයට විරුද්ධව අපේ independence සහ අභිමානය කියන කොඩිය හැමතිස්සෙම වැනුවාට අපේ දේශපාලකයන් (සෑම පක්ශයකම) ඉදිරියේ අපි දීන වෙන්න හරි ආසයිනේ. අපි කෙලවරක් නැතුව හැමෝටමවගේ වඳිනවා, ගරු, උතුමා, අති පූජ්ය, වීර කියන වචන පඳුරක් හෙලවුනත් කියවෙනවා.
    විහින්ම දීන වීම "ස්වා"දීන නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත. "ස්ව-අදීනත්ව"යෙන් 'අ'යන්න කැපුවනම් හරි නේද?

      තමන්ගෙ රටේ කලාකාරයන්ට ගල් ගහලා පිටරට කලාකරුවන්ව මල්මාලා දාල පිළිගන්න මාර 'අදීන' ජාතියක් අපි.

      Delete
    2. ප්‍රා මචෝ

      ගරු , පත්තර මල්ලි උතුමා

      ෂහ් …… මරුනෙ බොළ :D

      Delete
    3. \\අපි කෙලවරක් නැතුව හැමෝටමවගේ වඳිනවා, ගරු, උතුමා, අති පූජ්ය, වීර කියන වචන පඳුරක් හෙලවුනත් කියවෙනවා.\\

      ඔය කට්ටියටම වැදලා, කාර් එකට නැගලා ඒකටත් වැදලා තමයි ස්ටාර්ට් කරන්නේ. අම්මපා මෙහෙමත් වන්දනාවක්.

      Delete
    4. පාලකයොත් වඳිනවා. පාලිතයොත් වඳිනවා. රබර් කොඳු තියෙන අමුතු මිනිස්සු.

      Delete
  8. එයා දැන් තාත්තා නෙවේය.. දැන් එයා අපේ අප්පච්චිය..

    ඇස් දෙක තෙත් උනාය... ඒ තරම් පනාපය.. පට්ට ලයික්ය...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මාතලන්!

      ඔව් ඔව් එයා අප්පච්චි කියලා මොන්ටිසෝරියක පොඩි උන් ටීවී එකෙන් රටටම කියනවා මාත් දැක්කා. අපි ඒත් පෙරලි පෙරලි හිනා වුනා දැන් පෝලිමට දික්කසාද නඩු වැටෙයිද දන්නෑ කියල.

      Delete
  9. වැඩේ හරි ය. බස්සි අක්කාටත් හෙටිමුත්තුගම මාමාගේ ආතල් පෙත්ත....සමාවෙන්න ආතති පෙත්ත පෙවිලා ය. දැන් මරු ය. ඊළඟට හොස්පිටිතාල් යන්නේ බස්සි අක්කා ය.
    ලිපිය නම් පට්ට ය.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මෙව්වා ඇහෙනකොටනම් ආතතිය නිකංම හැදෙනව. හෙටිමුත්තුගම කියන්නෙ තනිකරම කොමඩි ෆිල්ම් එකක්නේ.

      Delete
  10. ජැකී බොලිවුඩ් කෑල්ලක් උනාට පස්සේ නේ අප්පා මේ ආප්ප ගනං ගියේ.. එළ..

    ReplyDelete
    Replies
    1. හික්ස්! ආප්පයක් විකුණගෙන පාඩුවෙ ඉන්න දුන්නෑනෙ ඒ කෙල්ලට.

      Delete
  11. Excellent Post බස්සී.

    ලියා ඇති ශෛලීයටත් මනාපය. ඔහොම යං ... Cheer ..!!

    ReplyDelete
  12. මම බැලුවේ වැරදිලා වෙන බ්ලොග් එකකට ගියාද කියා.

    ReplyDelete
    Replies
    1. මටත් ඕක,ම තමයි බන් හිතුනේ.

      ආපහු ගිහින් බ්ලොගේ ටයිටලේ බැලුව.

      Delete
  13. ආයේ ඉතින්
    කීමට වචන නැත. හෙලන්නට කඳුළුද නැත.

    පිටින් ඔපේට තිබ්බට මේකත් පත මල්ටිබැරල් එකක් හංගලා තිබ්බ නවාතැනක් කියල දැනගත්තේ අද ය.මේ දැන් ය.

    ----

    පොස්ටුව සීයට දාහක්
    එල කිරි ය
    වෙඩි පිට වෙඩි ය.

    එකෙන් ම විතරක් නොව
    දෙක තුනෙන්, හතරෙන් පහෙන් හයෙන් බැරිනම් දාහෙන් දහ දාහෙන් ම වුවද මනාපය .

    මේ සුබ පැතුම
    දෙවැනි විභීෂණ ගෙන් ය.
    ------

    උඹ ගරිල්ලා හටන් කාරියක් බව අද තමා දන්නේ.

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ විභියෝ...

      මම සටන් වලට අකැමතියි අනේ ඒකනෙ මෙහෙම ලියන්නෙත්. :D

      Delete
  14. අපේ හෙළ යක් පරපුරේ අභිමානය නේ බොලව්!!!

    ReplyDelete
    Replies
    1. නාඩි මල්ලිට වර්ගපූර්ණිකාව පෑගුනාද? :P

      Delete
  15. අවංකවම මං නම් මේ "ය" යන්නෙන් හැම වාක්‍යයක්ම ඉවරවෙන රචනා ශෛලියට කැමති ම නෑ.

    නිකං "ඇන්ටිපා" ගතියක් එන්නේ!

    ReplyDelete
    Replies
    1. මොකක්ද රසික ඒ "ඇන්ටිපා" ගතිය.

      -----
      ඔය ස්ටයිල් එකෙන් ලියන්න පුළුවන් එක්තරා ජාතියක පොස්ට් විතරයි.
      එතකොට තමයි feel එක එන්නේ.
      අනේ මන්ද මට තේරුණු විදියට තමයි කිව්වේ. මාත් ඉතින් ලේඛකයෙක් නෙවයි නේ.

      පුද්ගලික අත්දැකීම් වගේ එව්වා ඔය ඉට්ටයිල් එකෙන් කියන්න ගියාම ලියන එකාටත් මගදී වමනේ යනවා.
      මම කලින් කරපු බ්ලොග් එකේදී ඔහොම එකක් ලියන්න ගිහින් නිස්කාරනේ සිංහල ඉගෙන ගත්තා .

      Delete
    2. ඇන්ටිපා යනු ගැඹුරු අරුතක් ඇති උපමාවකි.

      1. ඇන්ටිපා යනු පනු බෙහෙතකි. පනුවන්ට අගුණය.
      2. ඇන්ටිපා ඉතා සුමිහිරි සුවඳකින් ද රසයකින් ද යුක්තයි.
      3. රසය කෙතරම් වැඩි ද යත් එය කට කාරවන සුලුයි.
      4. කෙසේ නමුත් අපි පොඩි කාලයේ ඇන්ටිපාවලින් ගැලවීමට නොහැකි විය. එනිසාම අපි මාන්දම නොහැදී බේරුණෙමු. ඇන්ටිපා ට ජයවේවා!

      Delete
    3. ඇන්ටිපා කියන නම මමත් අහල තිබුනෙ නෑ.
      මටත් ඔය පණුබේත් පේන්න බෑ හැබැයි.

      ඔය "ය"යන්නේ සීන් එක සමහර පෝස්ට්වලට නැතුවත් බෑ. පණු අමාරුවට ග්‍රයිෆ්වෝටර් ගැලපෙන්නෙ නෑ වගේ වෙන්නැති නේද?

      Delete
  16. දැවී අඟුරු වී අළුත් ඉතිරිවෙලා නැති පාරක උඹ තිබ්බ අළුත් පාසටහන් සුපිරියි.ජය වේවා බස්සියෝ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කටුසු!

      Delete
  17. පාට පක්ශ නැති විචාරයක්.. හරි දේ හරි කීමට හා වැරදි දේ වැරදි කීමට හැමෝටම කොන්දක් තිබිය යුතුය.. සමනලීට, අමාට මෙන්ම බස්සීටද ප්‍රණාමය.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කල්‍යාණ මිත්‍රයෝ!

      Delete
  18. හානේ බස්සි මේ මේ ඔයාමද (හැමෝගම කොමෙන්ටුවලට ගැලපෙන කොමෙන්ටුවක් ඔන්න මමත් දැන්මා)
    සලමන් එන එකට ඇයි මේ ශාරුක්ට හුරේ දාලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. "සලමන් එන එකට ඇයි මේ ශාරුක්ට හුරේ දාලා තියෙන්නේ " කොහෙද ඉතිං හදවතින් ශ්‍රී ලාංකිකයි කිව්වට මේ අම්මට සිරි ලංකාවේ වෙන දේවල් උඹ දන්නේ නෑනේ , අඩුගානේ කාම පැයේ වත් හොයලා බලපන් :P

      ඔහොම හුරේ දැම්මේ බස්සි නෙවෙයි තිලංග සුමතිපාල මහත්මා

      Delete
    2. හා මැලේ රාල කාලෙකින්! දකින්නත් ආසයි.

      Delete
    3. ඒකනම් සිරා වැඩේ ඉවාන්! සල්මන්ට පොළව පලාගෙන යන්න හිතුනද දන්නෑ.

      ඕකට "සමන් එදිරිමුණි" ලියලා තිබුනා පට්ට පෝස්ට් එකක්. ඒක හොයාගන්න පුලුවන් වුනොත් මෙතන දාන්නම්කො.

      Delete

    4. සල්මන් සමග පිළිසදරක්.| by Saman Edirimunee


      ප්‍රශ්ණය - සල්මන් කාන් ඔබේ නම කුමක්ද.?
      පිළිතුර - ශාරුක් කාන්


      ප්‍රශ්ණය - ඔබ හදිසියෙම ලංකාවට ආවේ ඇයි..?
      පිළිතුර - අක්ෂි කාච බෙදන්න..තව කිහිලි කරුත් අරන් ආවා.


      ප්‍රශ්ණය - ජැකී යාළුවෙක්ද..?
      පිළිතුර - නෑ යෙහෙලියක්. හොද කෙල්ල පංකාදු 7 යි.


      ප්‍රශ්ණය - ආප්ප කෑවයි.
      පිළිතුර - තාම කිකිළි කෙකර බානවා. බිත්තරේ දාපු ගමන් ආප්පෙ හදාගෙන කනවා.


      ප්‍රශ්ණය - ඔබ ලංකාවට අළුත් කෙනෙක් නෙමෙයි. ලංකාව ගැන මොකද හිතෙන්නෙ.
      පිළිතුර - ඉස්සරට වඩා පට්ට.


      ප්‍රශ්ණය - ඉස්සර කිව්වෙ.?
      පිළිතුර - මන්ද එහෙම තමයි කියන්න කිව්වෙ. ඇයි අවුල්ද...?


      ප්‍රශ්ණය - නෑ. පට්ට. බැරි වෙලාවත් ලංකාවේ චිත්රපටියක රගපාන්න දුන්නොත් මොකද කරන්නේ...?

      පිළිතුර - වහ කනව.


      ප්‍රශ්ණය - මේ දවස්වල ලංකාවේ ඡන්දෙ ගැන මොකද හිතන්නෙ.?
      පිළිතුර - මෙහේ ඡන්දයක් තියෙනවද..? අම්මට දේකාහේ හුඩු. දන්නව නම් එන්නෙත් නෑ.


      ප්‍රශ්ණය - මෙහෙට එන්න සල්ලි කීයක් ගත්තද...?
      පිළිතුර - සත පහක් ගත්තෙ නෑ, දෑත් ශක්තිමත් කරන්න ආවේ.


      ප්‍රශ්ණය - මෙහේ ව්යාපාර කරන්න හිතන් ඉන්නවද.?
      පිළිතුර - ඔව්.


      ප්‍රශ්ණය - ඒ මොනවද.?
      පිළිතුර - හරක් හොරකම. මෙහේ පට්ටෙට හරක්නේ. ස්ටෙජ් වල හිට ගොම.


      ප්‍රශ්ණය - 8 වෙනිදට පස්සෙත් එනවද මෙහේ..?
      පිළිතුර - ඊට කලින් මට යන විදයක් කියපං මල්ලි. උඹට පිං.


      ප්‍රශ්ණය - වේදිකාවෙදි නම වරද්දලා කියද්දි මොකද හිතුනේ..?
      පිළිතුර - මට හරියට ඇහුනෙ නෑ. ශාරුක් කාන් කෝල් එකක් දුන්නම තමයි දන්නෙ.


      ප්‍රශ්ණය - ශාරුක් කාන් මොකද කොල් කරලා කිව්වේ...?
      පිළිතුර - මචං මං ශාරුක් කාන්. මං ලංකාවෙද කියලා හොයලා බලලා අක්කට කෝල් එකක් දියන් කිව්වා.


      ප්‍රශ්ණය - ඒ මොකද ඒ...?
      පිළිතුර - ශාරුක්ගෙ ගෑණිට කවුද කෝල් කරලා කියලා ශාරුක් ජැකී එක්ක ලංකවෙ කියලා. එහේ ඩිවොස් නඩු.


      ප්‍රශ්ණය - අන්තිමට මොකද්ද කියන්න තියෙන්නෙ...?
      පිළිතුර - කෝටි 7 යි ගත්තෙ. තව 7ක් දාලා 14 ක් දෙන්නං පිං සිද්ධ වෙයි මාව ගෙදර ගිහින් දාපං.
      .

      Delete
    5. මේ කොමෙන්ටුව නමත් එක්කම නෙලුම් යායට දැම්මට කමක් නැත්ද?

      Delete
    6. කිසි අවුලක් නෑ. මාතලන්ගෙ සින්ඩියෙත් දාල තියෙන්නෙ.

      Delete
  19. හුහ්...........සල්මන් අයියගේ වගේ පුල් බොඩියක් මනුවර්ණයට තියනවද? ජැකලින් කක්කි, හුටා.......... අක්කි වගේ සුදුපාට හමක් සමනළීට තියනවද? ඒකනේ අපි එක අන්ඩ කෝෂයෙන්, හුටා.......... අන්ඩෙන් හිටගෙන හුරේ දාන්නේ.

    එක වචනයක් අයින් කරනවාද? කාරුණික ඉල්ලීමක්. කවදාවත් මන්ද මානසිකත්වයට මොංගල් කියලා ලියන්න කියන්න එපා. ඒක මට කියලා දුන්නේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා. මොංගල් කිව්වම මොන්ගෝලියානු මිනිස් වර්ගයට අවමානයක් වෙනවා. ඒ වෙනුවට මන්ද මානසික කියලා ලියන්න / කියන්න.

    http://en.wikipedia.org/wiki/Mongoloid

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචාතුමා.

      ඔන්න මොංගෝලියන් ඉල්ලීම කමෙන්ට්වලට රිප්ලයි කරන්න ගන්නත් කලින්ම ඉෂ්ඨ කලා. මම ඒක දැනගත්තෙත් අද.

      Delete
    2. බොහොම ස්තුතියි. ඔබේ මෙවැනි පරිණත ලක්ෂණ නිසා තමයි මාතලන් ඔබට සම්මානයක් දී තිබෙන්නේ.

      Delete
  20. රබර් මිශ්‍රිත නෙවෙයි වල්කනයිස් කරන ලද රබර්...

    ReplyDelete
    Replies
    1. ආ.. එහෙනං එහෙම වෙන්ටැති.

      Delete
  21. මේක හරි ගතිනේ. මටත් ආසයි ඕයි සල්මන් අයියලා වගේ අයියලාට ඡන්දේ දෙන්න. මාමිල දැන් මාකටින් වලිනුත් හොඳටම බැහැලා...

    ReplyDelete
    Replies
    1. අක්කෙ මචෝ

      එහෙනං පොඩ්ඩක් ඉවසල හිටහං මං ඡන්දෙ ඉල්ලනකං :D

      Delete
    2. අන්න එහෙම එන්න අක්කා! සල්මන් අයියා දැන් ළමයිනුත් වඩාගන්නවා රැස්වීම්වලදි. සුදුසුකම් ඕනෑවටත් වඩා තියෙනව.

      Delete
    3. පත්තරයා ඉල්ලන්න එහෙනම්. අපි එකෙන්ම බ්ලොග් කැම්පේන් එකක් දියත් කරනවා!

      Delete
    4. PM ඉතාලියෙ ඉල්ලුවොත් කැම්පේන් මැනේජර් Cicciolina ගන්නවද?
      ලංකාවේ ඉල්ලුවොත් බ්‍රෑන්ඩ් එක ගල් !

      Delete
    5. හා හා ප්‍රා, චිච්චෝනා වගේ ස්වීට් වචන මේවට ඔට්ටු නෑ හරිද?

      පත්තරේ මචන් මම තව අවුරුදු කිහිපයක් ජීවත් එව්න්න හිතන් ඉන්නවා එයිට පස්සේ බෝ ඕන එකක් කරගනින්... ඒ වුනාට මේ අපේ රාවුල් බෝවාලා වගේද සල්මන් අයියා

      මම මාමි වුනා නම් බෙල්ලේ ගලක් බැඳලා එල්ලගන්නවා මීට හොඳයි සුවර්...

      Delete
    6. හහා ප්‍රා එයාව ගෙනාවොත්නම් එකෙන්ම දිනයි. ලංකාවෙ නිල් බලකායෙනුත් සමහරු සනී ලියොන්ව එහෙම ඉල්ලනවා දැක්කා ෆේස්බුක් එකේ.

      Delete
    7. ඒකනෙ අක්කා.
      උන්ට රන්ජා නම් අපිට සල්මන් කියලා නාමල් බේබි ගුලිය අඹරන්න ඇති.

      Delete
  22. ලිවිම නම් එල තමයි......බස්සියෝ...... එන්න එන්න දළුලනවා......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිහිංසා!

      Delete
  23. මරු මරු . ජකලීන් අක්ක හම්බුනොත් මම කිව්වා කියන්න " සුදු කකුලයි කොට ගවුමයි හරි අවදානම් " කියලා . හිහිඉහැ

    ReplyDelete
    Replies
    1. ජැකී අක්ක හම්බෙන්න ආවොත් කියන්නම්කො.
      වයලා ගියානම් හරිනෙ ජැකී අක්කට නටන්න වයලින් පාරක් ගහන්න.

      Delete
  24. මරු මරු . ජකලීන් අක්ක හම්බුනොත් මම කිව්වා කියන්න " සුදු කකුලයි කොට ගවුමයි හරි අවදානම් " කියලා . හිහිඉහැ

    ReplyDelete
  25. සුපිරි..!! කෙලින් කථාකරන්න ලිංග බේදය බාධාවක් කරගන්න අයට වගේම , අනේ අපි නම් දන්න දේශපාලනයක් නැහැ කියන ලාමක ටිං ටිං නංගිලාටත් මේකෙන් හොඳ අතුල් පහරක් දෙනවා..මම විස්වාස කරන්නේ අතිශ්‍ය ප්‍රභලම නූගත් කම දේශපාළන නූගත් කම..අපි ඒ ගැන සවිඥ්ඥාණක නැහැ කියන්නේ අපි කුණු වෙන එළවලු මලු...!! බස්සිට ස්තූතියි කාලීනව ඇස් “ඇරවන්න පුලවන්“ ඇලිලා තියන ඇස් වලට “ඇඟිල්ලෙන් අනින්න පුලුවන් “ කතාවක් අපේ කාලෙ අපිට ගැලපෙන විදිහට මාතෘකාවට ලක් කලාට..!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චමින්ද අයියේ. :)

      Delete
  26. ඇඩෙන්න දීල තියෙනවා බස්සි.

    ReplyDelete
    Replies
    1. හිහිහි... ඇඬුනම ඇස් පිරිසිදු වෙනවලු නේ.
      බොහොම තැන්කූ වේවා!

      Delete
  27. කියන්නට වචන නැත. සල්මොන්ලා, ජැකීලා ආවාට කමක් නැතැයි කියන උන් අපේ ඔෆිස් වල දැනුත් සිටිති.

    ReplyDelete
    Replies
    1. මෙහෙත් ඉන්නව ඇල්බන් අයියා. මෙහෙත් ඉන්නව.
      වයිෆ්ට මෝටසයිකලයක් දුන්නට කළගුණ සලකන අයත් ඉන්නව.

      Delete
  28. මෙතෙන්ට එව්වේ මාතලන්ය. ඌ කියල තියනවා හරිය. ලිවිල්ල පංකාදු පහයි තව ටිකකුයි ය.
    .
    බස්සිල වගේ අය කඩු ගැන වැඩිපුර හිතන නිසා එතුමාණෝ කවුතුකාගාරයේ හා වටේ නිධන් වල ඇති කඩු පරිස්සමට අරං තියනවාය.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි උකුස්සාටත්, උකුස්සාට පාර කිවුව මාතලන්ටත්!

      ඒ මොන ආරක්ෂාවල් දැම්මත් කෞතුකාගාරවල කඩු රෑට රෑට ඇවිදිනවලු.

      Delete
  29. පට්ට පට පටය.මටත් බක්සි අක්කා ගැන බොක්කෙන්ම ආඩම්බරය..ආශ්චර්ය කියන්නේ මෙන්න මේකටය..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිලා....

      Delete
  30. දේශ පාලන ඉක පොස්ට් එකක් වගේ..
    එදා දිගටම දුවනවා කිව්වට දුවන්න බැරි උනා අක්කේ.. ඔන්න අද ආපහු ස්ටීම් කරන්න පටන් ගත්තා. හැකි වෙලාවට එන්නම්කෝ..
    එහෙනම් සුභ අලුත් අවුරුද්දක් කිව්වා කට්ටියටම!

    ReplyDelete
    Replies
    1. එහෙනම් අලුත් අවුරුද්දෙම අලුතෙන් වැඩ අල්ලන්නකො අඟහරු මල්ලි. ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක්!

      Delete
  31. අම්මප ඇත්තය.
    මසුරමක් තිබුණා නම් හා උඹ ලග පාත හිටියා නම් එය කටේ දමන එක සිකුරුය.
    ගං වතුර ගැලුවාට, කන්දක් නාය ගියාට, හත් අට දෙනෙක් මලාට මොකෑය?
    බොලිවුඩ් ආතල් ඒ වගේය?

    ReplyDelete
    Replies
    1. ගංවතුර එකට හතක් ගැලුවට මොකෝ. අනික සල්මන් අයියගෙ කරට අතදාගෙන ෆොටෝවක් ගන්න තියේනම් දවස් හතක් බඩගින්නෙ හිටියත් මොකෝ?

      බස්සිගේ නවාතැනට සාදරයෙන් පිළිගන්නවා ඔයාව!

      Delete
  32. අලුත් අවුරුද්දේ පළමුවැනි කමෙන්ට් එක දාන්නේ උඹේ බ්ලොග් එකට...:)

    මේක රිදෙන්න දීලා තියෙනවා.මෙන්න මේ සිස්ටම් එකේ වෙනසක් වෙන්න ඕනේ තවත් තැනක්.මත දරන්න ඕනේ කෙනෙකුට අයිතියක් තිබිය යුතුයි වගේම ඒ මත වලට ගරු කරන්න සියල්ලන්ට උගන්වන්න ඕනේ වගේයි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මනෝ...!

      සිස්ටම් එකේ ලොකු වෙනසක් විය යුතුයි කියන තැනම තමයි මමත් ඉන්නේ.

      Delete
  33. පට්ටම පට්ටය. දීල තියෙනව ආයෙ හතරවරං වෙන්න :D. ඉඳල හිටල හරි මේ ඉස්ටයිල් එකටත් තව ලියල දාන්න. බස්සිට තව තවත් නව අදහස් පහල වෙලා ඒව කවි, කතා, නිසදැස් වලට පෙරළිල මේ බ්ලොග් එක බලන අපිට කියවන්න ලැබෙන සහ බ්ලොග් අවකාශයේ ඉහලින්ම තියෙන බ්ලොග් එක බවට පත් වෙන්න මේ ලැබුවාවූ අවුරුද්දේ අවස්ථාව ලැබේවා. සුභ අළුත් අවුරුද්දක් බස්සි!!!

    ReplyDelete
    Replies
    1. මනාටත් වාසනාවන්ත නව වසරක් වේවා!!
      බොහොම ස්තූතියි සුභපැතුමට!

      Delete
  34. This comment has been removed by the author.

    ReplyDelete
  35. මෙකේ කියල තියෙන දේ ගැන කතා කරන්න මන් පොඩි තාම.. :D ඒත් මේක ලියල තියෙන විදිහ නම් පට්ට... නිකන් රහට කියොගෙන යන්න පුලුවන් මරු

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සුසී!

      Delete
  36. බස්සිට සුබ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ථ මතධාරියාටත් එසේම වේවා!

      Delete
  37. මේ ඉන්දියන් සාගරයේ අමුතු ඇටය ය. ඒ අමුතු ඇටයේ වෙසෙන නහය උඩින් වතුර හතක් ගියත් ඇඟිලි තුඩු වලින් හිටගෙන උඩ පැන පැන ජෝගි දමන පට්ට අභිමානවත් ජාතිය අපිය. අපි හින්දාම අපේ තාත්තා හරිම ආඩම්බරකාර ය.

    ReplyDelete
    Replies
    1. අම්බලන්ගොඩව සාදරයෙන් පිළිගන්නවා!

      Delete
  38. අනේ කෙල්ල......... හිනාවෙවී බැලුවෙ.. නියමයි.... හාස උපහාස රස එක්ක ඇස් රතුවෙන්න තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කොහොමත් මේ දවස් ටිකේ ඇහෙන පේන දේවල් එක්ක හොඳටම හිනාගිහින් අන්තිමට ඇඬෙනවා තරූ අක්කේ.

      Delete
  39. ලස්සන කතාව.. . මේ දවස් වල නම් ඉතින් රස කතා වලින් නම් අඩුවක් නැ. . එක වෙලාවකට හිතෙනවා මේ මිනිස්සුන්ට පිස්සු හැදිලද නැත්නම් පිස්සු හැදෙන්නවත් මොලයක් නැද්ද කියල . .

    ReplyDelete
    Replies
    1. මල්කොබාව සාදරයෙන් පිළිගන්නවා බස්සිගෙ නවාතැනට!!

      Delete
  40. ගානට කින්ඩිය දාලා ඈ =D

    ReplyDelete
  41. දවස් හතරක් එක දිගටම නිවාඩු නිසාත්, මාතගෙ අටමගලෙ ටික දොහකින් අප්ඩේට් නොවුන නිසාත්, මාතලන් හයිලි රෙකමදාරු කරන බස්සීගේ නවාතැනට ගොඩවුනා. මාතා කිව්වා ටක්කෙටම හරිය, බස්සී පස්ටම ටැලන්ට් කෙල්ලෙකි. හැට් ඕෆ් නංගි දිගටම ලියන්න ඔන්න ඔය වගේ පෝස්ට්, රටේ ඉදිරිය නොපැහැදිලි නිසා. ජය වේවා!!!!! (කැන්ගරුවා)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කැන්ගරු අයියේ....!!!

      Delete
  42. සභාවෙන් අවසරයි අලුත් පරපුර එකතුවෙලා ගෙනාව ජහපාලනේ දැන් සැපද ආයුබෝවන්ඩ?

    මහා රජාගෙ චන්ද වියාපාරය චාටර් ය. වැඩ සුපිරිය...
    ජහපලානේ චන්ද වියාපාරය සුපිරිය. වැඩ චාටර්ය...

    ReplyDelete