Friday, January 2, 2015

කෝපි හදවතක්









අංශුවක් අංශුවක් පාසා
සිනා සරදම් බුබුලනය වෙන
පැහි පැහි නටන වතුරකට
ඝන වු සුවඳම මුසු කරන

උණු කෝපි මේ තරම්
මිහිරිද?



නට නටා සියොළඟ පුළුස්සන
දයා විරහිතවම යලි පැහෙන
නීරසවු උණු වතුරකට
අමුතු රසයක් කලතවන

කෝපි ඔබ මේ තරම්
ආදරේ දන්නෙ කොහොමද?



වියළි තොල්පෙති පොපියවන
ගෙල දිගේ මිදුන අලස සීතල
දුම් දදා එලියටම එලවන
උණුවතුර බෝතලේ එක්කම
රැය පහන් වෙනකම් තනිරකින

කෝපි,
මට ඔය තරම් උණුහුම්
හදවතක් හොයාදෙන්න පුලුවන්ද?



~~~~~~


54 comments:

  1. අන්තිමට ඉල්ලිම කරන්න පෙර උඩ පද පේලි ගැලපිල්ල අපුරැයි බස්සි..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මෙන්ඩියෝ

      Delete
  2. Replies
    1. දන්නවද වයලීනෝ, මොන බෝතලේට දැම්මත් කෝපි ඒ බෝතලේ හැඩේ ගන්නවා. ඒ තරම් ආදරණීය නම්‍යගීලීබවක් තියෙන්නෙ. :)

      Delete
  3. ඇත්තටම කෝපි වල ගේම තියෙන්නේ කැෆේන් නිසා.. ඒ සුවය ඇත්තටම පුදුම ආස්වාදයක්.. ඕකටම නිකොටින් මික්ස් උනාම ආතල් එක කන් දෙකෙන් බේරෙනවා.. ආන් ඒ වගේම ආතල් එකක් සියල්ල අන්තර්ගත් උඹේ කවියෙත් තියෙනවා... පට්ට...

    ReplyDelete
    Replies
    1. කෝපිවලිනුත් මත් වෙන්න පුලුවන්.

      තැන්කූ මාතලන්!

      Delete
  4. කළුම කළු කොපි.

    ReplyDelete
    Replies
    1. පැහැය අඩු වැඩි කරගන්නත් හැකි කෝපි

      Delete
  5. හම්මේ කෝපි....
    ඒත් මේ දවස් වල කෝපි හින්දම ගැස්ටරයිටිස් වැඩි වෙලා නෙව ඒ හන්ද කෝපි ගැන කිසිම පේමනීය හැගීමක් මෝදු වෙන්නෙ නෑ ආයිබංඩ.......
    කවිය නං පට්ට
    පට්ට කියන්නෙ හොදම එකෙනුත් හොදම ක
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. හිහිහි.. කෝපි අගුණ වෙන එකනම් අපරාදෙ නේද?
      තැන්කූ මහියා!

      Delete
  6. එකෙක් තිත්තලු
    තව එකෙක් කළුලු
    සමහරෙක්ට රසලු
    තව සමහරෙක් සුවඳලු
    ඔන්න දැන් ඒ අවු අස්සේ
    ආදරේලු, උණුසුම්ලු
    කියපං කෝපි, ඇත්තටම
    උඹ කවුද, මොන වගේද?

    ReplyDelete
    Replies
    1. ඒක දන්නේ කෝපිම තමයි ලු....

      Delete
  7. කෝපි මවන ප්‍රේමණිය උණුහුම අපූරුයි තමයි.. එවැනි උණුහුම් හදවතක් නම් සිහිනයක්ම තමයි නංගෝ...

    ReplyDelete
    Replies
    1. හීනෙකින්වත් කෝපි සැර උණුහුමක් දැනෙනවනම්... නේද තරූ අක්කා?

      Delete
  8. මාරයි ඈ. කෝපි රස කර කර බිව්වට නිකමටවත් මෙහෙම හිතෙන්නෙ නැහැනෙ ඇත්තට :D. මට හිතාගන්න බැහැ මේ වගේ ලස්සන අදහස් බස්සිට කොහෙන් එනවද කියල :). පට්ට (Y). ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනා. ඔය නිකම් හිතෙන එව්ව අනේ...

      Delete
  9. හරිම අපුරුවට අවසානය තෙක්ම ගලාගෙන ගියපු මේ කන්සියට කියවුන කවියෙත් කෝපි වලටත් වඩා රහක් තියෙනව...නියමයි බස්සි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිලා.

      Delete
  10. අත රැඳුනු
    කළු කෝපි මත
    මත් වූ දෑස් ;)

    ReplyDelete
    Replies
    1. හදවතම
      කෝපි උණුහුමෙන්
      පුළුස්සන

      (මචං දෙවනි පේළියෙ මත් 7ක් උනානම් පට්ට!)

      Delete
    2. පිළිස්සුන
      හදවතම තව
      බොහෝ රිදවූ

      ඔන්න 7/5/7 හරි

      Delete
    3. හුටා 7/5/7 නෙවෙයි 5/7/5 සොරි ටීචර්

      Delete
    4. අන්න හරි ළමයා. හරියටම ඉගෙනගෙන තියෙනවා.

      හිම මලක
      කෝපි සුවඳකට
      ඉඩ ඇති ද?

      Delete
    5. කෝපි සුවඳ
      පරදවා නැගුණි
      හිම සිසිල

      Delete

    6. ඉනික්බිති
      _________

      දියව යයි
      කෝපි උණුහුමත්
      හිම කැටිත්

      Delete
    7. තනි වුනෙමි
      දියව හැර ගිය
      මතක මැද

      Delete
    8. වියැකුනත්
      රසින් පැහැයෙන්
      හිත නිවන

      Delete
    9. නිවුණු සිත
      සමග දැහැන්ගත
      මතක පොත

      Delete
  11. කෝපි හොඳයි! කළු කෝපි තවත් හොඳා...... යි!

    ReplyDelete
  12. සුභ අලුත් අවුරුද්දක් වේවා බස්සියේ .....

    කවිය එලස් ය .එත් කෝපි නම් මට අරහන් ය .උදේට ආඩම්බර බලන්න ඕනෑ ය . ඒ නිසා ගල් කෝපි හැර වෙන කෝපි බොන්නේ නැතිය ......

    කෝපි ගසට කෝපි මලට කෝපි පරවියෙක්
    බමතෙයි පරවිය බමතෙයි
    නෙළුම් විලට නෙළුම් මලට බමර කුමරුවෙක්
    බමතෙයි කුමරුව බමතෙයි

    සුභ නැකතින් මා අතගෙන තිරික්කලෙන් ඔබ යනකොට
    ආල මගේ ආල මගේ ආල රත්තරන්
    ආල රත්තරන් කරවට මාල රත්තරන්
    කරවට මාල රත්තරන්

    ඈත එපිට පුංචි පැලේ හෙට ලා සඳ නැගෙන වෙලේ
    ආල නුඹේ ආල නුඹේ ලාතාවී
    දෝත පුරා මල් අරගෙන නුඹ නලවාවී
    අරගෙන නුඹ නලවාවී....

    ගායනය: සුජාතා අත්තනායක

    ReplyDelete
    Replies
    1. සින්දු ඇනෝටත් සුභම සුභ නව වසරක් වේවා...!!

      මේ සින්දුව මම කලින් අහල නෑනෙ. බොහොම ස්තූතියි!

      Delete
  13. http://sinhala.lankanewsweb.net/news/15152-kjhu

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! මේ ඇගයීම අපිට බොහොම වටිනවා.

      Delete
  14. මේ දින වල කෝපි සහ ආප්ප ගැන කථා කිරීමෙන් වලකිනු...!!!!

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. මේ උඹ අපේ විදානෙයව එහෙම දැක්කොත් අපි මතක් කරා කියහං ඈ !!

      Delete
    2. රයිට් මචෝ හම්බුනොත් කියන්නං..

      Delete
    3. අම්මෝ ඔව්! මහ බයානක කෑම ඕවා.

      Delete
    4. අර විදානෙයා කියන එකාව මාත් මතක් කලා කියන්න හොඳේ.....

      Delete
  15. විඩාබර දවස අවසනදී
    තනිව රැය පහන් කරනා විට
    නිදි වරණ මසිතට
    මහෞෂධයක් වන්නේ
    නුඹ නොවේද කොපි ??

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කඩඉමේ ගොවියෝ.....

      Delete
  16. අපූරුයි........

    පැහි පැහි නටන වතුරකට වුනත් සුවඳ මුසු කරන තරමට හිත හදා ගන්න කෝපි ඇටයකට පුලුවන් එක හරි පුදුම සහගතයි. කෝපි හදවතක් හොයාදෙන්න පුලුවන්ද මටත් ? :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!
      කෝපි හදවත් හොයාගන්න හිතන තරම් ලේසි නෑ නංගෝ...

      Delete
  17. හ්ම් .. කෝපි වලින් " මත් " වෙනවා. බස්සිගේ කවියෙන් සිත " මන්මත් " වෙනවා.
    ලස්සනයි බස්සී.. ( මං කිව්වේ .. කවිය හොඳේ .. උඩයන්නෙ එහෙම නැහැ .. :D :D )

    ReplyDelete
    Replies
    1. කෝපි එකක් හින්දා ඒකත් අමතක උනා නේ ..

      ඔබටත් , ( බස්සා ඇතුළු ) පවුලේ සියළු දෙනාටත් සෞභාග්‍යමත් , වාසනාවන්ත සුභ නව වසරක් වේවා ...!

      Delete
    2. " නෙලුම් යාය " සම්මානයටත් හෘදයාංගම සුභ පැතුම් බස්සී ..!

      Delete
    3. අම්මෝ සඳරුගේ සුභපැතුම් ගොඩ!

      1. තැන්කූ
      2. තැන්කූ තැන්කූ
      3. තැන්කූ තැන්කූ තැන්කූ...

      Delete
  18. සම්මානෙ හම්බුණාට කෝ බං මොකුත් වෙන පාටක් නෑ නෙවැ. චැහ්
    ගල් ඩිංගක් ගහන්ඩ කියාපු දවස. මේ ඉල්ලුවා එහෙම නෙමෙයි ඈ :D

    ReplyDelete
    Replies
    1. @ පත්තර මල්ලි

      වැඩේ කැතයි ... බස්සි අක්කා , ගිය අවුරුද්දෙත් පාටියක් මඟ ඇරියා .. ඕ .. යේස් !

      Delete
    2. අපේ පොඩි පාර්ටි මොනාද අප්පා. පත්තරේ මේ අවුරුද්දෙ මෙහෙ ඇවිත් ලොකූඌඌඌ පාර්ටියක් දෙනවලු හැමෝටම. නැද්ද පත්තරේ?

      Delete
  19. ලස්සනයි බස්සි. . . . ඒ ප්‍රාර්ථනාව ඉටුවෙන නව වසරක් වේවා....

    ReplyDelete
  20. තේ වගේ නෙමෙයි, කෝපි ඇත්තටම පණ තියෙන පානයක්... මටත් තියේ දිග කතාවක් මෙහෙම කියන්න අමාරුයි පෝස්ට් එකක් දාන්න ට්‍රයි එකක් දෙන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. සම්මානයට සුභපැතුම් බස්සී... කවියත් හොඳ කෝපි උණුහුමයි... :)

      Delete