Tuesday, January 6, 2015

විශ්ව ගම්මානයක්?










අපි
ලෙලි බාටා දෙක ගෙවෙනකම්
ඇවිද යනකොට
හන්දියක් හන්දියක් ගානේ



උන්
පියාපත්වල අලුත් සායම්
පොලිශ් කරනව
දවස ගානේ



බාගවෙලාවට
ලෝකෙ ඔය කියනවා වගේ
විශ්ව ගම්මානයක්
නෙමෙයි වෙන්නැති










39 comments:

  1. බාග වෙලාවට
    උන් ඒ විශ්ව ගම්මානයේම
    හාමු මහත්තැන්ල වෙන්නැති..
    අපි දුක් විදන්
    හේන් කොටනකොට.. :)

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.......... අපිට හැමදාම මහපාර...

      Delete
    2. බලාගෙන යනකොට ඒකත් ඇත්ත වගේ කල්‍යාණ

      Delete
  2. ලෙලි බාටා තරම්
    පරණ ඇති හමස් පෙට්ටියේ
    තාම ඇත මගේ පොත
    හමගහන්න ඕනේ....

    උන් එන්න එදා මෙන්
    පොලිස් ටික පෙන්නලා
    පෙට්ටගම ගන්ට බොල
    හමගහන්න ඕනේ......

    දුහපියව් පිලකඩෙන්
    මට රෙදිටික වනාගන්නට..
    නැතිඋනොත් එහෙමනම්
    හෙට අඳින්නට රෙදි නෑනේ....

    ReplyDelete
    Replies
    1. මට තේරෙන්නේ නැති
      කවියක් ලිව්වට
      උඹව හමගහන්න ඕනේ ...............

      Delete
    2. මටත් මෙලෝ හසරක් නොතේරුනි උපේක්සෝ

      Delete
    3. මටත් මේකනම් බිංදුවක්වත් තේරුනේ නෑ උපයෝ... තේරුමත් කියා දෙන්නකො

      Delete
    4. අභ්‍යාසය:
      ඉහත කවිය/කවිය යැයි සැකකළ හැකි කොටස ලිහිල් බසින් ලියා දක්වන්න

      පිළිතුර :
      ලෙලි ගියපු බාටා දෙක තරම්ම පරණ හමස් පෙට්ටියක් මගේ නිවසේ ඇති අතර එහි වටිනා පොත් රාජයෙක් ඇත. එය දිනපතා පාඩම්කොට හමගොස් ඇත. එහි ඇත්තේ අපේ ප්‍රෞඪ ඉතිහාසයයි. එය නැවත රැගෙන කියවියයුතුය.

      අරුන් ටික දැන් නම් එන්නේ උන්ගේ පොලිස් ( 'පොලිෂ්' සංයමයෙන් කියූ විට එය 'පොලිස්' කියා කියති. අඩේ අප්පා පොලිස් කියල ජාතියක් ඉන්නවා අපේ රටේ නම් මෙලෝ සංයමයක් නැති.) පෙන්නීමෙන් පසු මගේ හමස් පෙට්ටියට විදින්නටය. එතකොට මගේ ප්‍රෞඪ ඉතිහාසයට කෙලවෙයි දෙවියනේ! උන්ව හමගහන්ට එපෑ !

      දුහපියව් කිව්වේ මගේ ගොම මැටි ගාපු පිලෙන් එළියට ( එනවා මෙතන පොලිස් පෙන්නලා මගේ හමස් පෙට්ටියත්, පොත් රාජයාටත් විදින්න).. මට රෙදි ටිකක් තියනවා බන් වේලාගන්න. මොකද ඒ ටික වේලගත්තේ නැත්තම් හෙට අඳින්න ඇඳුමක්වත් නැහැ බොලව් මේ ඉලව් රෙදි හෙන ගණන්නේ !!


      පිළිතුර අවසානායි.......
      තමුන්ගේම හොම්බට හැටයි , අනුන්ගේ හොම්බට තුන්සිය හැටයි ඇන ගැනීම මෙතැන් සිට....

      Delete
    5. හොම්බට ඇන ගැනීම ආරම්භ කල වගයි!!

      තැන්කූ උපයෝ. අදහස ගැඹුරුයි. මං වගේ හුදී ජනයන්ට නොතේරුන එක අරුමයක් නෙමෙයි.

      Delete
    6. හැක්...
      අනේ මන්ද බස්සියෝ. මෙලෝ යකෙකුට තේරෙන්නේ නැති හින්දද බොලේ ගැඹුරුයි කිව්වේ? අනේ මන්ද මට නම් දැනෙන්නේ අසාර්ථක කවියක් කියල. හැක්.. හැක්...

      Delete
    7. අර කියාපු පොතෙන් ඉතිහාසය නිරූපිත බව තේරුණේ නෑ මුලින්. ඉතිරිය නම් ඒ තරං අවුලක් වුණේ නෑ. පුංචි මොලේට ලාවට වැදුණා!! ඒ නිසා අසාර්ථකයි කියලා හිතන්න එපෝඕඕඕඕ!!!!!

      Delete
  3. ලෝකේ විශ්ව ගම්මානයක් වෙන්න ඇති
    එත් අපි හැමදාම තුන්වෙනි ලෝකේ

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ තුන්වෙනි විශ්ව ගම්මානේ.. ඒකත් මරු ඈ..

      Delete
    2. නෑ ,ඒක කවදාවත් විශ්ව ගම්මානය ඇතුලට වැද්ද නොගන්න ලෝකයක්.

      Delete
  4. ඔහොම ඉඳලා බාටා ගැනම ලියලා වැඩක් නෑ
    පොලිෂ් කරන පිහාටු ගන්න යන්නයි ඕනෑ

    ReplyDelete
  5. අන්තිම පන්තිෙය් මිනිස්සු අපි
    අපිට ඔව ෙමානාද
    ෙසෙරප්පු කුට්ටං නැතිව
    ට්‍රයි කරමු....
    ෙමානවටද
    තිෙයන
    .......... වත් .රැක ගන්න.....ඒත් විශ්ව ගම්මාන .....

    ReplyDelete
    Replies
    1. වැව් ඉස්මත්ත කාලෙකින් මේ පැත්තෙ!

      Delete
  6. එහෙම නැත්තං අපි ඉන්නේ ඒකෙ නෙමෙයි වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. එක්කො ඒකෙ පොඩි කෑල්ලක වෙන්නැති

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. ලස්සනයි බස්සී ..!!

    බාග වෙලාවට
    විශ්ව ගම්මානය ෆැන්ටසියක් වෙන්නැති
    මායාවී රස මවන ...
    සැබෑවටම
    අපි ‍රැව‍ටුනා වෙන්නැති
    හීන මව මව ...

    ReplyDelete
    Replies
    1. විශ්ව ගම්මානෙත් අපේ ගම්මානෙ වගේම එකක් වෙන්නැති.

      Delete
  9. ලංකාව අයිති නැතිව ඇති
    මහා ලොකු විශ්ව ගම්මානයට

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නත් ඇති මකසි

      Delete
  10. බාග වෙලාවට විශ්ව ගම්මානේ ඉඳගෙන අපි ඇහැ කන පියාන ඉන්නවා ඇති ....

    ReplyDelete
    Replies
    1. අපේ ඇස් බැඳලා වෙන්නත් පුලුවනි

      Delete
  11. බාග වෙලාවට
    ලෝකෙ ඔය කියනවා වගේ
    පිස්සු ගම්මානයක්
    වෙන්නත් ඇති..... :D

    ReplyDelete
    Replies
    1. හිහිහි පිස්සු සුසී ඉන්නෙත් ඒකෙ වෙන්නැති

      Delete
  12. ඔය විශ්ව ගම්මානේ තියෙන්නේ වෙන සමාන්තර ලෝකෙක බං.. මේ අපි ඉන්න එකේ නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. අපි වගේ උන් ඒකෙත් ඉන්නව ඇතිද බං?

      Delete
  13. වෙන්න ඇති වෙන්න ඇති! මොකෝ අපි ඔක්කොම ඔය විශ්ව ගම්මානේ විශ්ව වැසියෝ ලුනේ...

    ReplyDelete
    Replies
    1. විශ්ව වැසියෝ කියද්දි නිකම් ඒලියන් ගතියක් දැනෙනව නේද?

      Delete
  14. බාටා දෙක නැත්තම් දිලිසෙන සපත්තු වලට තැනක් නෑ කියනවනේ...
    "අපි ඉපදුනේ දුප්පත් වෙලා...ඒත් අපිට දුප්පත් වෙලා මැරෙන්න බෑ...."
    මතක ඇතිනේ......
    ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. අන්න ඒ කතාවට අත් දෙකම උස්සලා එකඟයි.

      Delete
  15. හිටු ටිකක් ඔය වගේ එකෙට්ට වෙඩි තියල වත් පිහට්ටු ටිකක් ගලව ගන්ට නැත්තං අපේ කකුල් දණිස් දෙකට යනකං ගෙවිල තියෙයි

    ReplyDelete
    Replies
    1. අන්න ඒ අදහසනම් ආයුද පෙන්නන්න යන්න වෙන වැඩක්!

      Delete