Monday, February 23, 2015

~ රැලි ~






කුඩා සුරඟන තාලයකට හිස නටවමින් කහ පැහැ මුහුදු වැල්ල යාන්තම් ඇවිස්සෙන ලෙස දෙපා සලන්නට වූවාය. ඕ නූස් ය. බුහුටි ය. බටර් පැහැතිය. දුඹුරු පැහැ වටකුරු දෙනෙත් ය. හිස් මුදුනෙහි ගැටගැසූ පොල් මලක හැඩැති  අකීකරු හිසකේ ය. 


මුහුදු රැලි දැරිවිය ඉස්සි ඉස්සී කුඩා සුරඟනගේ නැටුම් තාලය බලා උන්නාය. සුරඟනගේ ලගන්නා සුලු ලණු පැනුම් අනුකරණය කරන්නට ගොස් ගල් තලාවක පයද හප්පා ගත්තාය. දිය බිඳිති දසත විසිර ගියද ඇයට වේදනා දැනුනේ නම් නැති.  කුඩා සුරඟන සමග මිතුරු වන්නට ඇත්නම් කොපමණ අගේ දැයි මුහුදු රැලි දැරිය නිතරෝම සිතුවා ය.


කුඩා සුරඟන වාසය කලේ වෙරළ කෙලවර ලෑලි මන්දිරයකය. ඈ සතු ගවොම් දෙකකි. එකක් ලා දම් පැහැ වූ අතර අනෙක මුහුදු නිල් පැහැ විය. මුහුදු නිල් පැහැ ගවොම අඳින දිනවල කුඩා සුරඟන බොහෝ හැඩ ඇති බව මුහුදු රැලි දැරිය කල්පනා කලාය. මදක් ඉරී ගිය ගවොම් වාටියක හිමිකාරියක් වීම කදිමයැයි සිතූ මුහුදු රැලි දැරිය සියක් පෙණපිඬුවලින් ලොවිච්චි යෙදූ සිය නිල් ගවොම් සායෙහි කොනක් ලෙහා දමන්නට තැත් කලාය.


කුඩා සුරඟන අහසට මුහුණ හරවා අත්ල බොකුටු කර නළලට ඉහළින් හිරු රැස් මුවාවක් තනා ගන්නී, 'අම්මා, අම්මා' යැයි සෙමෙන් මුමුණන්නීය.  අහස් යාත්‍රා වළාකුළු ඉරා ඇදෙනයුරු ඈ බලා සිටින්නේ බැබලෙන දෑසිනි.


මුහුදු රැලි දැරිය කෙළිලෝල ය. බොහෝ සැන්දෑවරු වල ඈ සිය මිතුරු රැලිති කැටුව වෙරළට පැන පැන ඔට්ටු සෙල්ලම් කලාය. කුඩා සුරඟනගේ රෝස පැහැ පා පොඩිති මත දැවටෙමින් ආල පෑමත්, ඇගේ වැලි මන්දිරය යාන්තම් තෙත් කර පැන දිවීමත් මුහුදු රැලි දැරියට ඉතා ප්‍රිය ඉපිදවී ය. කුඩා සුරඟන සිය දෙපා හංකිති කැවෙන බව පවසමින් එක තැන උඩ පනින්නී මහ හඬින් සිනා පිපිරෙව්වාය. කුඩා අත් පොඩි වලින් දිය බිංදු අල්ලා සිර කරන්නට තැතනුවාය.


මුහුදු රැලි දැරියගේත්, කුඩා සුරඟනගේත් හිසට ඉහළින් හිරු බොහෝ වාරයක් ගමනේ යෙදුනේය. ඉතින්, විය යුතු පරිද්දෙන්ම, කුඩා සුරඟන ජේත්තුකාර තරුණියක් බවට පෙරලෙද්දී. මුහුදු රැලි දැරිය හැඩැති තරුණ රැලිත්තක් ලෙස වැඩුනා ය.


එකෝමත් එක මද්දහනක ජවසම්පන්න තරුණ රැල්ලක් මුහුදු රැලි තරුණිය වටා දැවටෙන්නට විය. ඕ හිස ගස්සා ආඩම්බර පාන්නී නෙත් කොනින් විසල් මුහුදු රළෙහි සවිමත් බාහු යුගලය දැක රත් පෑ ගැන්වුනාය. වහ වහා බිම බලා ගත්තාය.


දින සති වලටත්, සති මාස වලටත් පෙරැළෙන්නාහාම මුහුදු රැලි තරුණිය සිය පෙම්බරාගේ සවිමත් බාහු අතර දැවටෙනයුරු සැඳෑ වළාවන්ට දිනක් පාසා දැකගත හැකි විය.


'ආන් බලාපල්ලා අර තරුණකම ඉතිරෙන පෙම්වත් රැලිති.' කටකාර මුහුදු ළිහිණින් එකිනෙකාගේ ගෙල පිටුපසට හොටයෙන් ඇන ගනිමින් කසුකුසු ගෑහ. මුහුදු රැලි තරුණිය සිය පෙම්බරාගේ චුම්භන වරුසාවක කිඳී යනු දකින උසැති පොල් රුප්පාව සර සර නදින් කොස්සන් ලා සිනාසුනේය.


මේ සුරංගනා කතාවකි. ඉරණම්කාර කුමාරයෙක් නැති සුරඟන කතා ලොව කිසි තැනෙක නැති. ඉතින්  ජේත්තුකාර තරුණියක් බවට වැඩුනු අපේ කුඩා සුරඟන වෙත හද බැඳුනු ඉරණම්කාර කුමාරයෙක් වෙරළ අයිනේ ගැවසෙන්නට පටන් ගෙන තිබුනි.


සුරඟන දැන් කහ පැහැ වැලි අවුස්සා සෙල්ලම් කිරීමද, අහස් යාත්‍රාවලට අත වැනීමද, තෙත් වැල්ලෙන් කෝම්පිට්ටු තැනීමද නවතා දමා බොහෝ කල් ය. ඈ වඩා ප්‍රිය කලේ වෙරළට පෙනෙන මානයේ පෙම් කරන තරුණ දිය රැලි දෙස හෝරා ගණන් බලා හිඳීමට ය. මුහුදු ලිහිණින් කියන ඇතැම් රහස් කන වැකෙන්නාහාම ඇගේ පිරුණු කොපුල් ලා රත් පැහැ ගැන්විණි. එවන් සැන්දෑවල ඕ වෙනදාටත් වැඩි කාලයක් වෙරළ අද්දර ගල් තලාව මත රැඳුනාය. දෙදණ තෙක් දිගු වූ සිය ඝන කෙස් කළඹ පිරිමදිමින් මොනවාදෝ මහ බරට  කල්පනා කරන්නට යෙදුනාය.


ඉරණම්කාර කුමාරයා වෙරළට ආවේ සුදු අසු පිටින් නොව වයින් පැහැ යතුරුපැදියකිනි. ඔහු පැහැපත්ය. පුෂ්ඨිමත්ය. අක්බඹරු හිසකේ ය. නිල් පැහැති ගැඹුරු දෙනෙත් ය. මුහුදු රැලිවල ආල ලීලා දැකුමෙන් සසල වී සිටි සුරඟන ඔහු දැකීමෙන් ඔද වැඩී ගියාය. 


එක් අටවක පොහොයක් ගෙවී යන හෝරාවක මුහුදු රැලි යුවල රැලි-පවුලක් බවට පත්විනි. කුඩා රැලි පැටව් දහස් ගණනක් අත්තල ගසමින් අම්මා රැල්ලත්, අප්පච්චි රැල්ලත් මැද එහා මෙහා ඇවිදින්නට උගනිමින් සිටියහ. උහු නුහුරු ලෙස ඒ මේ අත පැද්දින, පෙරැලින, නැවත නැවතත් නැගිට වැනි වැනී අඟලක් දෙකක් පෙරට ඇදින. සඳ රැස් පතිත වීමෙන් මුහුදු දිය දිස්වූයේ රන් මිටියාවතක් ලෙසිනි.





රැලි පැටව් ඉක්මනින් පිහිනන්නට ඉගෙන ගත්හ. ඔවුහු පිම්මේ වෙරළට දිව යන අයුරු අම්මා රැල්ල ආදරය උතුරන දෑසින් බලා උන්නාය. අප්පච්චී රැල්ල ඈත මුහුදේ පත්ලෙහි සැඟව ඇති විදුලි එළි එක්දහස් අටසියයකින් සැදි ගිලුණු නැවේ කතාව කොටස් වශයෙන් කියා දෙන්නේ රැලි පැටවුන්ගේ ඇස් විස්මයෙන් විසල් කරවීය.


කාලයත් සමග රැලි පැටව් වෙරළ වෙත පිහිනීමටද, කහ පැහැ වැලිතලය මත ඒ මේ අත පෙරලෙමින් දඟපෑමටද උගත්හ. වැටකේ පඳුරු අතර හැංගිමුත්තම් කරන බටර් පැහැ සුරඟනක් ගැනත්, ඇගේ නිල් ඇස් ඇති පෙම්බරා ගැනත් රැලි පැටවුන්ට කතාවෙන්නට බොහෝ ඕපාදූප තිබිණි. වැටකේ ගාල අසල නොගැවසෙන්නැයි අප්පච්චී රැල්ල තරවටු කලත්, ඒ නෑසූ කන්ව ඔවුහු තව තවත් හැංගිමුත්තමටම ප්‍රිය කලහ.


එක් අව අටවක රැයක අම්මා රැල්ල වෙරළ වෙත පාවී ආවාය. මෙන්න එහි ඇගේ මිතුරු සුරඟන, අර පරණ ගල්තලාව මතම, දෙදණ මත හිස රුවාගෙන සහ නිසොල්මන්ව! අම්මා රැල්ල වෛවර්ණ සිප්පි කටු තොගයක් හිසෙන් තල්ලු කරගෙනම සුරඟන වෙත එළැඹෙන්නී ඇගේ රෝස පැහැ දිගු දෙපා මත පෙරැලුනාය. 





සුරඟන විපිලිසරව හිස එසවූවාය. මදක් ඉදිරියට නැමී ඕ කුඩා සන්දියේ වඩාත් ප්‍රිය කල දෙපියන් බෙල්ලෙක්ගේ ලා රෝස පැහැ කවචයක් අහුලා ගත්තාය. ඒ අත්ලට මිටි කර ගත් සුරඟන සඳ එළිය බිඳකුත් නැති අහස දෙස බලා 'අම්මා, අම්මා' යැයි සෙමෙන් මුමුණන්නට වූවාය.


අතීතකාමයෙන් මඩනා ලද අම්මා රැල්ල කුඩා රැලි දැරියකමෙන් සුරඟනගේ දෙපා මත සුදෝ සුදු පෙණ පිඬු විසිරෙව්වාය. නමුත් සුරඟන පෙර පරිදි දෙපා සැලුවේ නම් නැති. ඕ හිස් බැල්මෙන් ඈත ක්ෂිතිජය දෙස බලා උන්නාය. ඇගේ පා ඇඟිලි අතර රැඳි මුහුදු දියෙහි ලුණු රස වැඩිවී ඇති බැව් අම්මා රැල්ලට දැනුනි. 'ඈ බොහොම වෙනස් වෙලා.' අම්මා රැල්ල කම්පාවෙන් ආපසු හැරුනා ය. 'ඒ කුඩා සුරඟන ආයෙමත් එන එකක් නැහැ.' කනගාටුවෙන් හිස බරකරගත් අම්මා රැල්ල ආපසු මුහුදු නිවස්නය බලා ඇදුනාය.


සුරඟන ඇති තරම් හැඬුවාය. බොහෝ වේලාවක් හැඬුවාය.


මුහුදු රැලි පවුල දිනෙන් දිනම විසාල විය. මුහුදු ලිහිණින් පුරුදු තාලයටම ගී ගැයූහ. කාකයෝ පුරුදු කලබල ගමනින් රැලි හිස් වලට ඉහළින් කෝටි ප්‍රකෝටි වාරයක් ඒ මේ අත පියඹා ගියහ, සුළඟත් සමග කල ඕපාදූප කතාවක් අවසන පොල් රුප්පාව සරසර නදින් සිනා සැලුවේය.


එකෝමත් එක දවසක අම්මා රැල්ල ඇගේ මිතුරු කුඩා සුරඟන වෙරළේ ලණු පනින'යුරු දකින්නී, ලහිලහියේ ඈ වෙත දිව ගියාය. ඔව්, ඒ ඇගේ මිතුරු කුඩා සුරඟනමය. ඕ නූස් ය. බුහුටි ය. බටර් පැහැතිය.හිස් මුදුනෙහි ගැටගැසූ පොල් මලක හැඩැති  අකීකරු හිසකේ ය. 


වෙනසකට තිබුනේ ඇගේ ගැඹුරු නිල් පැහැ දෙනෙත පමණක්ම ය. ඔව්. එපමණමය.









59 comments:

  1. නියමයි බස්සි, කාලෙකින් කියෝපු ලස්සන කතාවක්,, ජය වේවා.

    ReplyDelete
    Replies
    1. තැන්කූ ඔමා...!
      දැන් නම් ඔයාට ආයෙම ලියන්න පටන්ගන්න කාලෙ හරි. :)

      Delete
    2. ඔව් දැන් අලුත් ජොබ් එකේ ඔලුව නිදහස් ,ආයෙම ලියන්න පුලුවම්

      Delete
  2. ඉතා සෝයි කතාවක් බව පවසනු කැමැත්තෙමි.. දිය රැළි වලටද අම්මා තාත්තා සිටින බව ඉගෙන ගත්තෙමි..

    ReplyDelete
    Replies
    1. ඇයි දිය රැලි වලටද බලාපොරොත්තු සහ සිහින ඇති බව, ආදරේ දැනෙන බව, දිය රැලි උනත් හුස්ම ගන්න බව.....

      බොහොම ස්තූතියි!!

      Delete
  3. කියෙව්වා...........නයි කයිද රෝස්පාන් කිව්වලු .............. දැන් ඉතින් මොලේ කොලොප්පන්

    ReplyDelete
    Replies
    1. හිහිහි... බොහොම සන්තෝසයි මොලේ කොලොප්පන්වීම ගැන.

      Delete
    2. //නයි කයිද රෝස්පාන් කිව්වලු //

      ඇයි බැරි? බටර් සුරඟනුන් කන්නෙත් ඒවා තමයි

      Delete
    3. "නයි කයිද රෝස්පාන්!"
      "කුඩු කරල දුන්නොත් සමහරවිට කයි නේද මචං?"

      Delete
  4. පිස්සු පීකුදු කිව්වලු... කවියක් රස වින්දා වගේම රස වින්දා.. කොහෙන්ද බං මේවා ඔළුවට එන්නේ.. හැරි පොටර් ලියපු නෝනත් මේ වගේ මනෝ විකාරම තමයි ලිව්වේ.. ඒවා පට්ට රහයි. හැබයි එයා චිත්‍රත් ඇන්දා... කවදා හරි ජේ කේ රෝලින්ග්ස් නෝනා කෙනෙක්ම කියා පතනවා ඒ වගේම අනිත් නෝනත් උඩ කොමෙන්ට් එකක් දාලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මනෝ විකාර බොස්. තනිකර මනෝ විකාර. :)
      මං හිතුවා මේක තනිකර නූල්බෝල ටයිප් නිසා කට්ටියගෙන් බැනුං අහන්නවත් වෙයිද කියලා. බොහොම තැන්කියු වේවා ඈ!!

      Delete
    2. බොස් :( ඒ කිවුවේ මං තුමීට වෙන්ටෑ ,, ලියනවා මාත් ආයෙම,

      Delete
    3. ආයෙම ලියනවා කියල කියකිය විතරක් ඉන්නෙ නැතුව ලියන්නයි කිවුවෙ හරිද මැටිස්!

      Delete
  5. හෆ්ෆේ... ලස්සන කතාවක්....

    ReplyDelete
  6. විකාරයි ඈ.....

    එලකිරි..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. දැන් විකාර එලකිරිද? කතාවද?
      තැන්කිව් ඈ!

      Delete
  7. E303 උපහාර ඩොන්ගල් එක ලේසියෙන් අන්ලොක් කරමු
    Home

    ReplyDelete
    Replies
    1. හෑ!! මේ ඇඩ් එකක්ද? අඩුගානෙ ඇක්ටිව් ලින්ක් එකක්වත් දාන්ට එහෙනම්.

      Delete
  8. මරේ මරු ඈ උපරිමයි...
    ඇත්තටම ඒ තරං පට්ට... ආයෙ කියන්ට දෙයක් නැතිවා......

    ReplyDelete
    Replies
    1. හිහී..! බොහොම ස්තූතියි මහේෂ්!

      Delete
  9. හරිම ලස්සනයි යශෝ.
    උඹේ මනෝ විකාර නියමයි.
    එහෙනම් කුඩා සුරඟනත් ඉරණම්කාර කුමාරයාට රැවටුණා.

    ReplyDelete
  10. අඩෝ පික්සු බක්සි , ටික දවසකට පස්සේ කියවන්න ආවේ , මටනම් මේ කතාව දිරෙව්වෙ නැත. අම්මප ඇත්තය . මටනම් මේ වගේ ඉස්ටෝරි කෑලි පට්ට කම්මැලිය . උඹේ ඉස්සර කතාවල තියෙන ජවය මේ කතාවේ නැතිය. අපි බස්සිගේ දකින්නේ බොහෝ එනජිටික් කතාය. මේකේ නම් එහෙම නැත. අනික කතාවේ උඹ කියන්න හදන දේ මටනම් තේරුනෙත් නැත. ඉතිං බොරුවට හොඳයිය කියන්නට හිතෙන්නේ නැත. හැමෝටම හොඳ එක මට හොඳ නැත්තේ මගේ අවුලක් වන්නටද පුළුවන. එහෙනම් සමාව භාජනයට දමා එළියෙන් තියපන්ය. මම ආපු වෙලාවට අරන් යන්නම්ය. එහෙනම් බායිය ..... ඊළඟ සැරේ ෆුල් එනජිටික් එකක් ලියපම්ය .

    ReplyDelete
    Replies
    1. //අනික කතාවේ උඹ කියන්න හදන දේ මටනම් තේරුනෙත් නැත//

      චැහ්. මේ වගේ සරල සුගම කෙලින්ම ලියල තියන එකක් තේරුනේ නෑ?
      මං නම් ඔය මාතලන්වගේ වටෙන් ලියල තියන සංකීර්ණ උබතෝකෝටික ලියවිලි කියවල මහින්සි වුනාම කියවන්නෙ මේක.
      එතකොට අර කවි? බොහොම දුර්වලයි ඉවාන්.
      බටර් සුරංගනාවියක්වත් දැකල නැද්ද?

      Delete
    2. psst. ඉවාන්, මේක දේශපාලන ලිපියක් .... Rally ගැන

      Delete
    3. ප්‍රා - මට ඔය කෙලින් කියනේ දේවල් තේරෙන්නෙම නෑ අප්පා.. ඔන්න ව්‍යන්ජනාර්ථයෙන් (ව්‍යංගයෙන් නෙවෙයි හොඳේ) කියන ඒවා තේරෙන්නෙම නෑනේ .
      බටර් සුරංගනාවියෝ නේන්නම් ඉන්න තරමක් ඉන්නේ . කතාකරොත් බටර් නාවනවා ..

      නුගේගොඩ රැලි වගේ රැලිද ප්‍රා ...?

      Delete
    4. ඉවාන්,
      බටර් ගාන්නේවත්, මූනිච්චාවට සුපිරියි කියා අත පිහදා ගන්නේවත් නැතුව ඇත්ත ඇති සැටියෙන් කීම ගැන බොහෝ සතුටු වෙනවාය. මේ ළඟදිත් මට කෙනෙක් කිවුවේ "U better be a poet, ur prose really sucks කියලාය.

      ලියන මට මේ තරම් කම්මැලි නම් කියවන උඹලාට කම්මැලි නොහිතුනොත් ඒක ලෝක පුදුමයක් ය. අනික මනෝ විකාර කියවන්න කැමති උදවිය බොහොම දුර්ලභය. උඹ මගේ අර "ශීත පිළිස්සුම්" කතාවටත් අනිවා කම්මැලි හිතන්ඩම ඇති ය.

      හිහිහි... දැන් ඉතින් වැරදි පෙන්නලා ඒවා හදාගන්න හැටි කියා දීපිය.

      Delete
    5. ප්‍රා :

      මේ ironically මට පහර දෙනවාද කියලා confuse වී සිටිමි. වහා පහදා දෙන්ටකො.

      Delete
    6. Someone with so much literary talent as you (no irony or sarcasm there) should not be so sensitive about irony and sarcasm.

      Yes I AM laughing at your convoluted creations. But, most of the real poetic people write like that. So, my laughter is directed more at myself - at my inability to comprehend poetry and poetic prose. (I seem to be in good company though. Ivan doesn't seem to be much better than me, does he? ;-D )

      Delete
    7. යකෝ ප්රා්රා.. තේරෙන හිංගලෙන් කියාංකේ අපිටත් හිනාවෙන්න. .හැක්

      Delete
    8. අනේද කියන්නෙ, සිංහලෙන් කියාංකො.
      :P

      hehehe thankz a lot for the explanation pra. I really appreciate if u guys could point out the "to be devolped" points in my writings.

      Delete
  11. කම්මැලියි අප්පා දැන් කියවන්න ..පස්සේ බලනවෝ ...
    මට මතක් උනේ දනපාලගේ "සුරංග නාවි "...

    ඈ නීල වරල පිරලා ඈ යන ගමන හැඩවෙලා
    ගම්මානේ මිහිරියාව ගමම එළි කලා
    පුන් සද රැස්‌ කැලුම් හෙලා ඈ සුර දෙවොලියක්‌ වෙලා
    කුසුම් නටයි පවන් සල සලා

    සුරංගනාවි සුරංගනාවි සුපෙම් බරාවි ගම්බද විලාසිතාවි... //
    වසන්ත සමය ලංවෙලා කෝකිල නදින් මත්වේලා
    සිසිල් සුළන් යාවි පාවේලා දඟ උකුලුල් උකුල සල සලා
    ඈ යන්නේ මග හිනහිලා නිල් නෙත් යුග මහද මත් කලා... //
    ඈ නීල වරල පිරලා......
    හැඩ වැඩ ගමන ලලිත වේ ඔබ මුලු ගමට මැණික වේ
    සිනහ මුවින් හදක්‌ සැනසුවේ සාමය සතුට රැදි ලොවේ
    කුමරිය ඔබ සිතේ මැවේ නොබලා හදවත දුකින් තැවේ...
    ලස්‌සන මල් කුමාරියේ ගම එළිකල මනාලියේ
    ඔබ දුටු මගේ හද පිනා ගියේ සුර ලොකේ සුරගනාවියේ
    මගේ හද දිනු දයාවියේ සිරිදෙව්දුව ඔබ ප්‍රියාවියේ...
    ඈ නීල වරල පිරලා.....

    පුන්සද වන් මනාලියේ සම්පත ඔබ ප්‍රියාවියේ
    සමන් සුගන්දය හමා ගියේ මගේ හද වන්දනාලියේ
    යනවද මන්දමාලියේ ඔයා ලගයි මං දයාවියේ...
    ඈ නීල වරල පිරලා.....

    ගායනය - ධනපාල උඩවත්ත

    ReplyDelete
    Replies
    1. ටිකක් කම්මැලි කතාවක් සින්දු ඇනෝ... හෙමිහිට කියවන්නකෝ නිවාඩු පාඩුවේ.

      Delete
  12. මේක කියවන්න ගුලියක්වත් කාල එන්න ඕනේ ... . .

    ReplyDelete
    Replies
    1. හෙහ්! ආ එහෙනං එහෙමවත් බලන්නකෝ.

      Delete
  13. සුපිරියි... මේ වගේ ඒවා කියවන්න තමයි මම ආසම ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගෝ...!

      Delete
  14. දෙපාරක් කියවන්න අරං නතර කරා.. තව පාරක් කියෙව්ව කළබලෙන්.. වැඩිය වැදුනෙ නෑ.. දැන් නිදහසේ ආයි කියෙව්ව. දැන් කියන්න තියෙන්නේ.. "ෂා.. නියමයි.. එළකිරි සහ ජලය".. කලින් මගෙ මීටරෙ අවුලක්.. නිදහසේ කියවනකොට කියවන්න ආසයි.

    //කුඩා සුරඟන සිය දෙපා හංකිති කැවෙන බව පවසමින් එක තැන උඩ පනින්නී මහ හඬින් සිනා පිපිරෙව්වාය// ඕ හිස ගස්සා ආඩම්බර පාන්නී නෙත් කොනින්...// ගිලුණු නැවේ කතාව කොටස් වශයෙන් කියා දෙන්නේ රැලි පැටවුන්ගේ ඇස් විස්මයෙන් විසල් කරවීය.// මේ ශෛලියට මං ආසයි. කේ.ජී. කරුණාතිලක මතක් වෙනවා. සූට්ටක් විතර මෙතන ඔවර් යූස් ද කියලත් හිතුණා ලඟ ලඟම වගේ.. අවසානය සුඛාන්තයක් වීමට කැමතියි.

    ජය ශ්‍රී!




    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කලා කාර්යබහුල වුනත් නිවාඩුපාඩුවේ කියවන්න කාලය වැය කිරීමත් ඇගැයීමත් දෙකම වෙනුවෙන්.

      ඒ ශෛලියෙන් මේ ලිව්වාමද කොහෙද. පළමු උත්සාහය නිසා අඩුපාඩු ගොඩක් ඇති.

      Delete
  15. කලින් වතාවේ කිවුවා වගේම කතාව සුපිරියි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉඳිකටු අයියා!!

      Delete
  16. මරු බං.. අර ඉවානයට මොකක් හරි ඉරිසියාවක් ඇවිත් ඒකයි ඌ බනින්නේ.. හැක්..

    ReplyDelete
    Replies
    1. හෙහෙ තැන්කූ බං. නෑ කතාවෙ කම්මැලි ගතියක් තියෙනව වගේ නේද?

      Delete
  17. හුගක් කතා කියවලා තියෙන පණ්ඩිතයෙක් නොවුනත්....කතාවනම් මනස්කාන්ත විදිහට ගලාාාාාගෙන ගියා....හරිම ලස්සනයි...තැනෙකදි සතුටු වුණා...තව තැනෙකදි හදාවත කඩාාාාාගෙන වැටුනාතතඉතින් බස්සී...මටනම් හරිම ලස්සනයි මේ කතාව ඒ වගේම මනරම්....නමුත් අන්තිම මොහතේදි ටිකක් අපැහැදිලි තත්ත්වයක් උද්ගත නොවුනාම නොවෙයි....මං හිතන්නේ ඒ තරුණ යුවතිය නැවතත් සිතුම් පැතුම් අහිමි වී ගිය බැවින් තම කුඩාකාලයට එහෙමත් නැත්නම් ඒ හුදකලා ස්වබාව සෞන්දර්යයෙන් පිරි ජීවිතයට ඇලුම් කරන බවයි.....ජයවේවා....

    ReplyDelete
    Replies
    1. ///ඕ නූස් ය. බුහුටි ය. බටර් පැහැතිය. දුඹුරු පැහැ වටකුරු දෙනෙත් ය.///// මේ පටන් ගැන්මේ ළදරියගේ ඇස් වල වර්ණය ....


      ///ඔහු පැහැපත්ය. පුෂ්ඨිමත්ය. අක්බඹරු හිසකේ ය. නිල් පැහැති ගැඹුරු දෙනෙත් ය.////
      මේ බෝයිෆ්‍රෙන්ඩ් ගේ ඇස් වල වර්ණය.

      ///වෙනසකට තිබුනේ ඇගේ ගැඹුරු නිල් පැහැ දෙනෙත පමණක්ම ය. ඔව්. එපමණමය.///

      මේ අවසාන දැරියගේ ඇස් වල වර්ණය....මට දැනුනේ නම් අයියේ මේ නුස්ගේ දුව.... හි හි දුඹුරු සහ නිල් ඇස් අතරින් දුඹුරු ප්‍රමුඛයි කියලා මං දැනන් උන්නේ...

      Delete
    2. අයියෝ නංගි මේ මෝඩයාට ඒක තේරුම් ගන්ඩ බැරි වුණානෙ.. ඇත්තටම ඔයාට ස්තූතියි තේරුම් කරල දුන්නට ඔමා

      Delete
    3. බොහොම ස්තූතියි වැවෝ...

      Delete
    4. කමෙන්ට් කරන්න බැරුව බිසී වෙලා හිටපු වෙලාවෙ වැවාට කතාව තේරුම් ගන්න හෙල්ප් කලාට ඔමාටත් තැන්කූ...

      Delete
  18. කතා පොතක් ගැහුවොත් නරකද මන් අහන්නේ පට්ටයි අහ :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ හොරා! කතා පොත් ලිවීම ලොකු වැඩක්නෙ. මං තාම පොඩි වැඩියිලු ඒවට,

      Delete
  19. අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ බොලං...වෙනදා වගේම පංකාදුයි...උපමාව උපමේය වලට යොදාගන්න නැවුම් පද තමයි ඔබේ ලියවිලි වල තියෙන අපූර්වත්වය...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිරා අයියේ....

      Delete
  20. හම්මේ........හ් යන්තම් තුන් පාරක්ම කියෝලා ටිකක් පැහැදිලි කරගත්ත කියමුකෝ අක්කෝ...ඒත් මට සැකයි මට හරියටම තේරුනාද කියල.මං ඔයාගේ මනෝ විකාර කතා වලටත් ආසයි.ඒත් අද ආපු වෙලාවේ වරදක්ද මන්ද අවංකවම පොඩ්ඩක් අව්ල් ගියා...

    ReplyDelete
    Replies
    1. හිහිහි... නෑ නංගා මේ පාර කතාවෙ අවුලකුත් තියේ. එක්කෙනෙක්ගේ විශේෂ ඉල්ලීමක් වෙනුවෙන් එයාගෙ ටේස්ට් එකට ගැලපෙන්න ලීවෙ. ඉතින් ගොඩාක් අයට කතාව කම්මැලි හිතිලා තියෙනවා.

      Delete
  21. මුලින් කියවන්න කම්මැලි වගේ වගේ උනා.. එත් අකුරු කරපු ලස්සනට නවත්තන්න හිතුනෙම නෑ.. ලස්සනායි... ;-)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුල්!

      Delete