Sunday, February 2, 2014

රෝමියෝ............






මම සාමාන්‍යයෙන් මේ වගේ එවුවා මීට කලින් බස්සිගේ නවාතැනේ පල කරලා නැහැ. ඒත් මේ සින්දුව ඇහුවාම මාව අමුතුම ලෝකෙකට පාවෙලා ගියා වගේ දැනුනා.  ඒ හැඟීම ඔයාටත් දැනේවිද බලන්න.


අහලා බලන්න මෙන්න සන්ඩේ නයිට් ඉස්පෙසල්.....




 
වේදිකාවේ අසුනකට බරවී
දහසක් නෙතු අතරේ.. අතරමංවී
ආදරේ කියාදෙන්න බෑ
රෝමියෝ.........


ශිෂ්ඨාචාරේ මානවයා හා,
ශිෂ්ඨාචාරේ ගැහැණී එක්වෙලා...... //
අනාගතේ ඉතිහාසය ගොඩනගනා දා
වැගිරී දියවෙයි ආදරේ......
රෝමියෝ............





දෙතොලේ ඔබෙ රැදී
 
දහසක චුම්භන පිසදා

කොපුලේ ඇගෙ තැවරුනු
දහසක ඛේඨය පිසදා


සිපගනිමින් දහසකුත් පළමු නැවුම් චුම්භනයෙන්........
ගොඩ ගනින් ආයෙමත් මැද ඉඳන් ජීවිතේ.......

රෝමියෝ............




46 comments:

  1. මම නම් මෙවුව්වා වෙලා ගියේ නෑ ඈ බස්සි..... මොනා උනත් මියුසික් නම් ලස්සනයි

    බස්සි ලින්ක් එක එවපු වෙලාවේ මම ආසම සින්දුවක් අහන ගමන් හිට්යේ එකද මන්දා... මොනාඋනත් මේක නම් ගොඩාක් වෙලාවට මම එක දිගට අහන සින්දුවක් https://www.youtube.com/watch?v=s98UD4B2cLM&feature=youtube_gdata_player

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බොරලු ඔයා එවාපු ලින්ක් එකට. ඒකත් මම ආස සිංදුවක්. ඒත් මට මේකෙ මියුසික් නියමෙට දැනෙනව. අපි එකිනෙකාගෙ රසවිඳීම් වෙනස් නෙව. සින්දු විතරක් නෙමෙයි කෑම බීම, ඇඳුම් පැළඳුම් වල ඉඳන් හැම දේකදිම අපිට ආවේණික taste එකක් තියෙනව.

      Delete
  2. මම නම් මෙවුව්වා වෙලා ගියේ නෑනොවැ...)))

    ReplyDelete
    Replies
    1. හෙනං කොවුව්වා වෙලාද ගියෙ ඈ...? ;)

      Delete
  3. Replies
    1. දුලාගෙ අඩවියට නම් මම ඉස්සර ඇවිත් ගිහින් තියෙනො.... :D සාදරෙන් පිළිගන්නවා බස්සිගේ නවාතැනට!!!

      Delete
  4. ගිටාර් වාදනය නම් සුපිරි බස්සියේ......සින්දුවත් නරකම නෑ මන් මේ සින්දුව මීට කලින් අහලා තීයුනේ නෑ....ගිටාරයේ කම්බි හොල්ලන්න මාත් ඉගෙන ගන්නවා යු ටියුබ් බලන් හැක් ඒක හිතන තරම් ලේසි නෑ..........මන් ආදරෙයි රෝමියෝට....

    ReplyDelete
    Replies
    1. ගිටාරේ තියෙන අර හීනි කම්බි ටික ගලවලා කොහුලනු වගේ සයිස් කම්බි ටිකක් දාගනිං මචෝ , ... :D

      Delete
    2. මාත් ගිටාර් කම්බි හොල්ලන්න ඉගෙනගත්තා යාලුවෙක්ගෙන්, දැන්නම් වැඩේට කොමාවක් වැටිලා. ආයෙ පටන් ගන්න ඕනෙ. ඔව් අක්කෝ ලේසියි කියල හිතුනට පට්ට අමාරුයි ඉගෙනගනිද්දි.

      Delete
  5. නියමයි. මේ වගේ සින්දු ගොඩක් නෑ අපිට අහන්න. එත් කීපයක් තියෙනව කිසිම ප්‍රශ්නයක් නැතිව අහන්න පුළුවන්. වැඩිය සද්ද බද්ද නැති ව නිවිසැනසිල්ලේ කියල තියෙන සහ නිවී සැනසිල්ලේ අහන්න පුළුවන් සින්දු ජාතියක්. නදීක මේ style එකට ගොඩක් ප්‍රසිද්දයි. මමත් නදීක ගේ සින්දු අහල තියෙනව. එත් මේක මට මීට කලින් හම්බ වෙලා නෑ. thank you මේ වගේ දෙයක් දැම්මට. YOUTUBE එකේ "අජිත් කුමාරසිරි" ,"අමිල සඳරුවන්" කියල search කලොත් මේ වගේ ගීත තව කීපයක් හොයා ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඊයෙ රෑ දොළහත් පහු වෙනකම් සිංදුව ඇහුව ආයේ ආයෙමත්. මියුසික් නම් පට්ටයි. ඒ නිසාම හිතුන බ්ලොගේ ශෙයා කරන්න වටිනවා කියල. :)

      Delete
  6. මේක මං අහන්න කැමතිම සිංදු වලිං එකක්...

    ReplyDelete
    Replies
    1. තන්තෝසයි තිලින අයියේ...

      Delete
  7. යූටියුබ් වීඩියෝ එක ලෝඩ් වෙන්නෙ නෑනෙ :o

    ReplyDelete
    Replies
    1. හපුයි.... බෑඩ් ලක්. බුකියෙත් ශෙයා කලා එතනින් ගන්න බලන්න සසිඳු.

      Delete
  8. සිංදුව දෙපාරක්ම ඇහුවා. ඒත් අමුත් කික් එකක් නම් ආවෙ නෑ...:(

    දැන් comment නම් කියවන්න ලේසියි...:D

    ReplyDelete
    Replies
    1. ඔමාට සහ කුමාට පින්සිද්ද වෙන්න මමත් කොමෙන්ට් වල ෆොන්ට් සයිස් වැඩි කොරගත්තා.

      Delete
  9. තාම පොඩි කොල්ල හින්දද මන්ද ...ම්හු...කිසි...
    ලොකු වෙලා අහන්න තියා ගන්නවා :)

    ReplyDelete
    Replies
    1. ශොට් එකක් දාල ඉන්නකොට අහල බලන්ට කෙන්ජියෝ.... එතෝට දැනෙයි සමහරවිට. :P

      Delete
  10. නදීක ගුරුගේ ගේ සින්දු තියෙනවා පිස්සු හැදෙන.. ඒ වගේම තමයි ඒ වගේම තමයි චින්තක ගීතදේව ....

    ReplyDelete
    Replies
    1. චින්තක ගිතදේව කවුද බං..?අදමයි එහෙම කෙනෙක් ගැන ඇහුවෙත්..

      Delete
    2. //____ කවුද බං..? අදමයි එහෙම කෙනෙක් ගැන ඇහුවෙත්..//
      අපේ විකල්ප කලා'කාරයොන්ගෙ ගොඩට කැටගරි කරන්න පුලුවං පිරිසෙන් ගොඩක් අය ගැන, ගොඩාආආආක් අය අහන ප්‍රශ්නයක් තමා ඕක...
      ඒ ගැන මං ලිව්ව පොඩි මෙව්ව'එකක් තියෙනවා. කැමති කෙනෙක් කොටා බලත්වා..!
      ප්‍රසිද්ධිය කන්නද ඕයි !!!

      Delete
    3. තැන්කුයි පවුලූශෝ ලින්ක් වලට. තිලින අයියාගෙ ලිපියත් කියවන්ට ඕනෙ.

      මේකනෙ සීන් කෝන් එක. අපේ රටේ මාධ්‍ය ආයතන වලිනුත් චින්තක ගිතදේවව අඳුරන්නේ නැතිව ඇති. නිතරම ප්‍රමෝට් වෙන්නෙ එක රැල්ලකට යන උදවිය පමණයි. ඔය ප්‍රබුද්ධයැයි කියාගන්නා කලාකාරයොත් තමන්ගෙ ආවේණික රටාවෙන් මිදිලා අලුත් යමක් කරන්නේ කොයි තරම් කලාතුරකින්ද.

      අනික තමයි සමහර රැඩිකල් සිංදු විකාශය කරන්න මාධ්‍ය ආයතන බයයි. ප්‍රසිද්ධිය කන්නද කියලා මේ වගේ වෙනස් හදවතට දැනෙන යමක් කරන කලාකරුවෝ වාසනාවන්!

      Delete
    4. යුරෙකා...... මම මෙ හොයහොය හිටියෙ කොහොමද උබට පිස්සු හැදුනෙ කියල.දැන් හරි

      Delete
    5. මෙතන 4 දෙනෙක් ඉන්නවනෙ? පිස්සා කවුද?

      Delete
    6. //නදීක ගුරුගේ ගේ සින්දු තියෙනවා පිස්සු හැදෙන..//

      Delete
    7. තෑන්ක්ස්.... දැනුයි තේරුනේ පිස්සු හැදෙන්න හේතුව. :D

      Delete
  11. පා උන එක නම් හරි කියමුකො. ඒත් පාවෙලා අන්තිමට සිංදුව ඉවර උන ගමන් ඇදන් වැටුන එක තමා අවුල. හි… :-D

    ඇසුවේ අදමය.

    ReplyDelete
    Replies
    1. හෆොයි කොහෙටද වැටුනෙ? ගොඩක් තුවාලද? ;)

      Delete
    2. වැඩිය අවුලක් නෑ අප්පො. කොන්ද චූට්ටක් රිදෙනවා. :-D

      Delete
  12. නදිකගේ සුපිරි හැකියාවෙන් බිදක්...

    ReplyDelete
    Replies
    1. :) හිතේ කරදර මදකට සමහන් කරන්න පුලුවන් ගීත කීපයෙන් එකක්.

      Delete
  13. ///දෙතොලේ ඔබෙ රැදී
    දහසක චුම්භන පිසදා///

    මේකෙ තේරුම මොකද්ද බන්...

    ReplyDelete
    Replies
    1. කාපුව කට වටේ කියල පිහා ගන්න කියනව බං. :P

      Delete
  14. මමනම් කැමතිම නදීකගේ ගිටාර් පාර්ට් වලට..

    ReplyDelete
    Replies
    1. පිස්සු හැදෙන ගිටාර් පාර්ට්..... මමත් එසේමයි.

      Delete
  15. මාවනම් ඔන්න පා.....වේලා ගියේ නැහැලු.හැබයි ඉතින් මිට කලින් අහලා නැති සරල වචන ටිකක් සහා ලස්සන සංගීතයක් බව නම් නොකියම බැරුවා..

    ReplyDelete
    Replies
    1. මම මේක ලිවුවෙ රෑ දොළහට නිදිමතේ නෙ. ඒකයි මාව පාවෙන්න ඇත්තෙ. ;)

      Delete
  16. සින්දුව කලින් අහල නම් නෑ.. ගිටාර් පාර්ට් වලට මාත් කැමතියි.

    ReplyDelete
    Replies
    1. මම ආසම සංගීත භාණ්ඩ 3න් එකක් ගිටාරය.

      Delete
  17. බස්සී ශොට් එකක් දාලද මේක ඇහුවේ?

    හෙහ්, විහිළුවක් කලේ.. මම නම් නදීකගේ හැම සිංදුවකටම වගේ ආසයි.. ඒකේ වෙනස්ම රසයක් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කොෆී ශොට් එකක් දානවනෙ රෑට ඇහැරලා ඉද්දි. :P

      Delete
  18. සංගීතෙ නං ලස්සනයි.. වචනත් සරල නිසා හිතට අල්ලලා ගියා ඒත් පාවුනේ නෑනෙ.. මේ පැත්තෙ අවුලක් වෙන්නැති නේ. හික්ස්

    ReplyDelete
    Replies
    1. හී.... ගුරුත්වය වැඩි ඇති. මමනම් වැඩිහරියක් ඉන්නෙ හඳේ.... :D

      Delete