Tuesday, July 8, 2014

ටූත් මදින බුරුසුව සහ තවත් කතා




මේ සති දෙකතුනකට කලින් ලියපු එකක් හොඳේ....


පොසොන් පෝයත් අල්ලලා සිකුරාදත් නිවාඩුවක් හෙම දාල බස්සි බදාදා හවසම ලෑන්ඩ් කලා නෙව ගෙදරට. ඔය යන අතරමගදි අර ගාලුවාවත් සැට්උනාලු අහම්බෙන්. ඔන්න බ්ලොග් ගෙට්ටු වලට සහභාගි වීමේ ප්‍රතිපල. පිටකොටුවේ මහා ජන ගංගාවක් මැද්දෑවේ හේයි බස්සී...බස්සී... යනුවෙන් ආමන්ත්‍රණයක් ලැබීමත්, ඒ අසන ජනතාව බස්සෙකේ යන බස්සන්ව හොයන විමසිලිමත් බැල්මට හසුවීමේ විලිලැජ්ජාව අත්විඳීමේ භාග්‍යය.
අයියෝ සල්ලි.






ඔන්න ඉතින්  පොසොන් මහෝත්සවයත් සමරලා පහුවදා සිකුරාදත් ෆුල් ෆන් එකේ හිටියා කියන්නකෝ ගෙදරට වෙලා. සිකුරාදා රෑ දොයියන්නයන්නත් පමා උනා ඔය හින්දම. අපේ අම්මට ඔය නිදිවැරීම කියන එක පත්තියන් කරගන්න බොහොම අමාරුයි. ඒ නිසා ඔන්න අම්ම ඉන්නව සාලෙට වෙලා නිදිකිරමින්.

හදිස්සියේම අම්ම ඉද්ද ගැහුවා සේ  නැගිට්ටා.

"අක්කී"

"ඇයි අම්මා"

"මට අර ටූත් මදින බුරුසුව ගෙනත් දෙන්න."


අපේ අම්මා ඇස් පොඩිකර කර කියපි නැතෑ. අපිට හිනා කෝටියයි.








ඔව් ඉතින් අහන්න දෙයක් නෑනෙ. බස්සිගෙම අම්මනෙ.

ඔන්න  කමෙන්ට් වල වැටෙන්න කලින් ඒ ටික මම ම කිවුව.


හැබැයි ඉස්සර  අපේ අම්ම මට බනිද්දි කියන්නෙම මේකි නං ඉස්පිරිතාලෙදි මාරු වෙලා ගෙනත් කියලමයි. හැබැයි මේ කියන්න යන සිද්දියෙනුත්මට තහවුරු උනා එහෙම මාරුවීමක් වෙලා නැති විත්තිය.



ඔන්න එදා මං පාන්දර එක විතර වෙනකම් මලක් කඩ කඩා ඉඳල නිදාගන්න ලෑස්තිය.. තාත්තත් පහුවදා කොළඹ  වැඩ වගේකට යන්න කියලදොළහමාර විතර වෙනකම් මොනමොනාද ලියකියවිලි වගයක් හදහදා හිටියෙ. නිදාගන්න කියල ඇස් පියවුනා විතරයි කන් දෙක කඩාගන අම්මලාගෙ කාමරෙන් ෆෝන් එකක් රින්ග් වෙනව ඇහුන.

"කවුද  යකෝ මේ මහ රෑ කෝල් කොරන්නෙ. (මං ඇරෙන්න.) එහෙම හිතල මං අනිත් පැත්ත හැරිල නිදාගත්ත.

ඔන්න කුස්සියෙ ලයිට් එක වැටුන.


ටිකකින් ඇහෙනව දඩිබිඩි සද්ද.  ඔන්න තේ හදනවත් ඇහෙනව. හැන්ද වදින සද්දෙ  වොලියුම් එක වෙනදට වඩා ඉහළයි. ඒ කියන්නෙ අම්මගෙ රතු කට්ට පැනලා.






මං හරි. ඔන්න ඇහෙනව කාමරෙන් හයි පිච් එලාම් එක.

"තාත්තාආආආ..... නැගිටින්නෙ නැද්ද අද??? බලන්න වෙලාව කීයද කියල. අද කොළඹ යන්නෙ නැද්ද....???"

"අක්කී. .... නැගිටිනවා. ක්ලාස් යන්නැද්ද අද??? තේත් නිවෙනවා!!"

"චූටී. . . ඇහැරෙනවා ළමයෝ....... ඉස්කෝලෙ යන්න."

"ඇහැරෙන්නෙ නැද්ද. මං තනියම සේරම කරන්නෝන. හුම්ම්හ්!!"

අනේ ඉතින් මට ටිකකින් ඇහෙනව තාත්තගෙ තෙහෙට්ටු කටහඬ.

"දැන්මම එළි වෙලාද? මං ඇඳට වැටුන ඉතරයි අනිත් අතට ඇහැරුනා."

මටත් මේ වෙන්නෙ මොකද්ද කියල එලෝ මෙලෝ නෑ. නිදිමරගාතෙ වැනි වැනි කුස්සියට සම්ප්‍රාප්ත වෙනකොට මගෙ අතටත් වැටුන කෝපි මග් එකක්.

නගාත් පෙරළි පෙරළි බාත් රූම් එක දිහාට යනව නිදිමරගාතෙ.
අම්ම දේශනාව දෙනව නොකඩවාම.


"මේ වෙලාව කීයද ඕයි අක්කියා." තාත්ත හොරෙන් වගේ ඇහුව.

"දෙකට විතර ඇති තාත්තා. මොකද මෙතන වෙන්නෙ?"

"බලන්න ෆෝන් එකක් අරන් එනව."

මන් කාමරේට යද්දි අපේ නගාත් ඇවිත් කිරි එක අරන් පුටුවකට සැපත් උනා.

වෙන්ඩ බෑ!

මගෙ ෆෝන් එකේ වෙලාව පාන්දර එකහමාරයි.

වෙන්නම බෑ

තාත්තගෙ ෆෝන් එකේ වෙලාවත් එකහමාරයි.

හම්මේ...!!

අම්මගෙ ෆෝන් එකේ වෙලාව පහමාරයි. ඒක බලන් අපිට දෝස්මුරේ දාන එකත් අසාධාරණ නෑ එක අතකට.

ඔව් ඉතින් ඊට පස්සෙ අපි අර හදපු තේ කෝපි බීලා ආය පාන්දර පහමාර වෙනකම් දොයියගත්තා.



*****************



අපේ අම්මලාගෙ ඔෆීසියෙ ඇන්ටියෙක් හිටියා ඩොක්ටර්.අර්ස්ලා කියල. එයා ජොබෙන් අස් වෙලා ගියා රට. ඔන්න දවසක් මට හෙම්බ හැදිලා තාත්තයි මායි ගියා බේයියන් ගන්න. බේයි අරන් එනගමන් මාරකැට්ටුවට ගොඩවුන වෙලාවෙ අපිට මුනගැහුනා ඔය අර්ස්ලා ඇන්ටිව, නිවාඩුවකට ලංකාවට ඇවිල්ලා.


ඉතින් අපි හිතුවා ගෙදර ගියාම ඔය විස්තරෙත් අම්මට වාර්තා කොරන එක අපේ පරම යුතුකමක් මෙන්ම අනුපමේය වගකීමක් කියල. ඔන්න ඉතින් තාත්ත ගෙදර ඇවිල්ලා කියනවා,


“අපිට මීගමුවෙදි ඩොක්ටර්.අර්ස්ලා හම්බුනානෙ.”

“ඉතින් බෙහෙත් ගත්තද?”

“බෙහෙත් ගන්න නේන්නම් ගියෙ, එ විස්තරෙ කිව්වෙ ආපු ගමන්.”

“එහෙනම් ඔය කියන්නෙ?”

“ඩොක්ටර්.අර්ස්ලා හම්බුනා.”

“ඉතින් ඩොක්ටර්ස්ලා තමයි මාත් අහන්නෙ. 
බෙහෙත් දුන්නද?”

“එහෙ හිටියෙ, ඩොක්ටර්.අර්ස්ලා”

“එහෙ කොහෙද ඩොක්ටර්ස්ලා”




අම්මයි බස්සියි





100 comments:

  1. කාලෙකට පස්සේ ගොඩ වැදුනේ බ්ලොග් එකට අක්කේ ....
    ජය වේවා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්. මට හිතුනා මල්ලි බිසී ඇති කියල. වෙල්කම් බැක් වේවා!! :

      Delete
  2. මේ සති දෙකතුනකට කලින් ලියපු එකක් හොඳේ.... // publish කරන්න හෙන ඩේටා ගොඩක් යනවා ඇති නේ :p

    ReplyDelete
    Replies
    1. අසාදාරණයි හැමදාම 2 නේ :/

      Delete
    2. "හුදෙකලා මිඔයැසිය" කතාවෙ කොටස් අතරෙ මේක පබ්ලිශ් කරන්න ගිහින් පාඨක ජනතාව මට වෙඩි කෙටුවොත් කවුද වගකියන්නෙ? ඔයාද? :P

      Delete
    3. 2 කියන්නේ අනුශූරතාවය නෙ.

      Delete
  3. හයියෝ....

    මෙහෙමයි කියල හිතුනට ඇත්තතතයි කියල දැනගත්තේ අදයි..............................................................................

    සුන්දර නිවසක්...
    ජ ය වේ වා!!!

    ReplyDelete
    Replies
    1. හහා... මෙවුවා ජාන ගතව එන එවුවා මෙයා... :D

      Delete
  4. ඒ යශෝ අම්මාට මාර වැඩක් නොවැ බං කොරලා තියෙන්නේ.ඉස්සර අපේ ආච්චිත් ඔහොම උදේ පාන්දර නැගිටලා උයනවා.තේ එහෙමත් හදලා අපිවත් ඇහැරවනවා.පාන්දර 4.00ටවත් නැහැ වේලාව බලනකොට.
    ඕකට හේතුව වෙනවා ඇත්තේ එයලා අපිට දක්වන අසීමිත ප්‍රේමය වෙන්න ඇති.පවුලේ වැඩ වලදී එයලා වේලාව ගැන තැකීමක් කරන්නේ නැහැ.කියට හරි,මැරීගෙන හරි,කොහොම හරි තමන්ගේ යුතුකම් කියලා හිතෙන දේවල් ඉටු කරන්නයි එයලා වෙහෙසෙන්නේ..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මවයි පියයි එකතුවෙලා 
      ගහයි වැලයි සේ
      මල් වැව්වා ලොව මැව්වා
      ඉරයි හඳයි සේ … 

      හඳ පානේ ඉකි බිඳ බිඳ 
      නිදි වැරුවා දරු නොදනී
      හිරු පානේ දුක්විඳ විඳ 
      බත සෙව්වා දරු නොදනී … 

      මව් සෙනෙහස අහස වැනිය
      දන් දුන්නා දරු නොදනී
      පිය සෙනෙහස සයුර වැනිය
      දන් දුන්නා දරු නොදනී … 

      මවයි පියයි ඉරයි හඳයි සේ !!!!!!!!

      Delete
    3. අවුලක් නෑ මනෝ අපේ අම්මත් මේ බ්ලොග බලනව. ඔය කියවලා හිනා වෙයි.
      බයවෙන්න දේකුත් නෑ ආය ගෙදර යන්නෙ තව ටික දවසකින්නේ.... එතකොට සේප්!

      සහතික ඇත්ත. ලෝකය පවතින්නෙත් ඒ නිසාමනේ....

      Delete
    4. පත්තරේ ගැලපෙනම සිංදුවක් දාලා තියෙන්නෙ. :)

      Delete
    5. ආයේ පත්තරයට සෙකන්ඩ් වෙයි අපි එහෙනම් ඔන්න

      සුරතල් නංගියෙ අපෙ අම්මා
      ඇඟ ලේ කැටි කිරි කර නම්මා
      පොඩි අවධියෙ අපහට පෙව් හින්දා
      අම්මට මම වැන්දා

      අයියා කීවා මට හරි නෑ
      තාත්තා අම්මට වැඩිය අගෙයි
      නිතරම අප ගැන වෙහෙසෙන හින්දා
      පියාට මම වැන්දා

      නංගී එය හිතුවොත් වැරදී
      එතකොට නංගිට පවු සිදුවෙයි
      ඔබ පොඩි කාලේ හුරතල් බල බල
      අම්මා දුක් වින්දා

      තාත්තා මුදලුත් දෙන්නේය
      දුන්නම අයියත් ගන්නේය
      මදිවී තව ඉල්ලන්නෙත් අයියයි
      බැන්නෙත් අද අයියයි

      දොදොල් කියා මොනවා දුන්නත්
      මෝඩියෙ කොපමණ උඩ පැන්නත්
      අම්මා පියාට වැඩිය හොඳයි මට
      නංගියෙ ඔබ බැන්නත්

      නැටුම් බලන්නට එදා ගොසින්
      මිනිස්සු අතරේ හිටිය නිසා
      මාව වඩාගෙන පෙන්නුවෙ අයියේ
      තාත්තා නොවෙද මගේ

      නංගිගෙ තාත්තා කළුම කළුයි
      අපෙ අම්මා නම් සුදුම සුදුයි
      එබැවින් අම්මා පියාට වැඩියෙන්
      සුදු පාටින් ඉහළයි

      අයියේ සුදු නම් ලස්සණ ද?
      පොල් බෑයත් හරි සුදු නේද
      එහෙනම් අයියට සැමටම වැඩියෙන්
      ලස්සණ පොල් බෑයයි

      නංගී හොඳ නෑ දඟ කෙල්ල
      කොයි දේකටවත් නැහැ මෙල්ල
      අම්මා ඔබ හට ලෙඩ සෑදුන විට
      කඳුළු සලා හැඬුවා

      ඔය වචනය අයියේ හරියෑ
      අඬන්න නම් කාටත් බැරියෑ
      දවසක් අයියත් දොර ළඟ වැටිලා
      හූ තිය තිය ඇඬුවේ

      අපි මෙය දැන් බේරා ගනිමු
      සිරි අයියාගෙන් ගොස් අසමූ
      අම්මද තාත්තද හොඳ කියලා
      එතකොට සිරි අයිය කියයි

      ඔව් ඔව් මම ඒකට කැමතී
      සිරි අයියල මේවා දනිතී
      යමු යමු අයියේ යමු යමු අයියේ
      සිරි අයියා ළඟටා

      සිරි අයියේ කරුණක් අසමී
      අම්මද තාත්තද වැඩිය අගේ
      කරුණාවෙන් සිරි අයියා අපහට ‍
      බේරා දෙනවාද?

      අම්ම හොඳයි කිවුවත් වැරදී (හී)
      තාත්ත හොඳයි කීවත් වැරදී (හූ)
      එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි
      දෙන්නම හොඳය කියා

      ගායනය: ටලීෂියා ගුණවර්ධන, විජය සමග යූ. ඒ. එස්. රෛ්රා (සිරි අයියා)
      පද: යූ. ඒ. එස්. රෛ්රා

      Delete
    6. දිගටම ටයිප් කොරලා මාන්සි ඇති නේද මාමා? බොමුද සීතල වතුර වීදුරුවක්?

      Delete
    7. ඩෙංගු මදුරුවා වැඩේ දිලා මුට ලෙසටම හිකිස්....බොමුඩ ශිතල වටුර විදුරුවක් 2

      Delete
    8. මොළේට මදුරුව විද්දම ඔහොම වෙනව. :D

      Delete
  5. පිස්සු පීකුදු කිව්වලු බස්සියේ... උඹ මේ ලියන ක්‍රමයනං උඹටම ආවේනික එකක්. කතාවේ හරයට වඩා උඹ ලියන මේ ක්‍රමයට මං කැමතියි.
    දැන් මට ගැටලුවක්. බස්සි මීගමුවේ...( කතාවේ හැටියට) ගාලුවා ගාල්ලේ... එතකොට බස් නැවතුමේ කොහොමද දෙන්නා එකට හමුවුණේ.. මේ තැන් දෙකට බස් නවත්තන්නේ පිටකොටුවෙනම් දෙපොළක.

    ReplyDelete
    Replies
    1. ආ දෙමුකෝ උත්තර ...........

      Delete
    2. ගාලුවා කෙල්ලගෙ ගෙදර යනව. ගාලුගෙ ගෑල්ලමය අපේ ඉක්කෝලෙ ෆිට් එකක්නේ....

      Delete
    3. මැලේ : උත්තරේ ලැබුනද? ලංකාව පුංචි රටක් අනේ...

      Delete
  6. අර පාන්දර නැගිටපු එක මරූ ඈ,ගෙදර එකම පික්ශු ලොකයක් වගේ නේ ....අඩේ අපේ එහෙම නෑනේ :((

    ReplyDelete
    Replies
    1. හහා... අපේ ගෙදර උදවියත් මං වගේම තමයි අනේ. අපේ නගාගෙ කතන්දර ටික කියෙව්වැයි?

      Delete
  7. පට්ට ඈ උඹේ කතා අහලා අපි හැමදාම හිනා වෙනවනේ...අපේ අම්මත් ඔහොම පාන්දර නැගිටලා තේ දානවා අපිට ඉස්කෝලේ යන්න ඇහැරනවා...හම්මේ ඉටිම් අම්මලා ඔහොම තමා බන්......මම නම් අපේ අම්මට සමහර දවස් වලට කෝල් කරලා "මිසිස්,වයෝද කතා කරන්නේ" කියලා අහනවා. අපේ අම්මා "ඔව් මිස් කව්ද මේ"කියනවා. මට ඉතින් බකස් ගාලා හිනා යනවා.ඕවගේ කතා එමට....ලියමු දවසක

    ReplyDelete
    Replies
    1. හිහිහි අම්මලත් අපේ තාලෙම තමයි නේද අක්කියා.... ලියන්නකො අනේ ඒ කතා ටිකත්. ආසයි කියවන්න. :)

      Delete
    2. ශානුවා නම් ඉස්පිරිතාලේදී මාරුවෙලා ෂුවර් එකටම

      Delete
    3. අනිවා ලියනවා බන් ලගදිම.....

      සුදු අයියා සිරාවට මන් අපේ අම්මගේ නෙවේ ටමා ඇයි බන් මන් වගේ පිස්සු තියෙන එකෙක් අපේ හත්මුතු පරම්පරාවටම නෑ...හිකිස්

      Delete
  8. එකහමාරට අහරිච්ච සීන් එක නම් මාරු. අපේ ගෙදරත් ඔය වගී සීන් දෙක තුනක් වෙලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ෆෝන් එක අරන් වෙලාව වෙනස් කලා කියල අන්තිමේ මම අභූත චෝදනාවකුත් ලැබුවලු ඉතින්.

      Delete
  9. ‍ක‍තා ‍පුං‍‍චි ‍උ‍නා‍ට ‍හ‍රි‍ම ‍‍ලස්‍‍ස‍න‍යි ‍හ‍රි‍ම ‍‍ර ස‍වත්‍ ‍අප්‍‍පා , ‍ම‍ට ‍ප‍ල‍වෙ‍නි ‍ක‍තා‍ව ‍කි‍ය‍ව‍න‍කො‍ට ‍අ‍පේ ‍අම්‍‍මත්‍ ‍නි‍දි ‍කි‍ර‍න ‍හැ‍ටි ‍ම‍තක්‍ ‍උ‍නා . ‍එ‍යත්‍ ‍හි‍ටි ‍ග‍මන්‍ ‍ඇ‍හැ‍ර‍ලා ‍ඔ‍ය ‍ව‍ගේ ‍ඒ‍ව ‍කි‍ය‍න‍වා . ‍ක‍ලින්‍ ‍යා‍ලු‍වෙක්‍ ‍කි‍ය‍ලා ‍තිබ්‍‍බා ‍ව‍ගේ ‍ඔ‍යා ‍ලි‍ය‍න ‍වි‍දි‍ය ‍වෙ‍නස්‍ ‍ර‍ස‍වත්‍ . ‍ත‍ව ‍නැත්‍‍ද ‍මේ ‍ව‍ගේ ‍ඒ‍වා :))

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බිනොල්... අපේ නංගි ගැන කතා, ඉස්කෝලෙ යාලුවො ගැන කතා, මට වෙච්ච සීන් එහෙම ගොඩක් ලියල තියනව. "බස්සිගේ පිස්සු කතා" කැටගරියෙ වැඩිහරියක් තියෙන්නෙ මේ වගේ එවුවා තමයි. හවසට ලින්ක් ටිකක් කමෙන්ට් කරන්නම් හොඳේ...

      Delete
  10. බලාගෙන යද්දී බං, උඹට අපි හිතනවට වැඩිය පිස්සුනේ... හික්ස්..

    ReplyDelete
    Replies
    1. දැන් හිතාගෙන ඉන්න තරමටත් වඩා තව ටිකක් පිස්සු තියනවා මං හිතන්නෙ. :D

      Delete
  11. හා අපේ තාත්තා ඇවිල්ල මගෙ බොක්ක ඈ..මගෙ ඉස්සර රෑට ගමං බිමං ජනේලෙන්නේ බං.. මොකක් හරි බෝලයක් බස්සලා රෑට ගෙදරින් පැන්නට පරක්කුනං පොර ගේට්ටුව වහනවා.. මං අවලමේ ගිහිං ඔය තියන බජව් ,සංගීත ,මළගෙවල් කටින පිංකං ,පිරිත් ගෙවල් වල ලැගලා මහ පාන්දර ගෙදර එන්නෙ තාප්පෙං..

    අල්ලපු ගෙදර එක්ක ඇග්‍රිමන්ට් එකක් තිබ්බා මගෙ එහෙම දවසට බයික්කෙ නයිට් පාක් එහෙ..මොකෝ එහෙ ගේට්ටුවක් නෑ :D අපේ තාත්ත උදේ පහට නැගිටලා මල් වලට වතුර දානවා බටේ ගහගෙන.. මං කෝමහරි ට්‍රයි කරන්නෙ ඊට කලිං ගෙට පයින්ඩ .. ඇහුවොත් කියන්නෙ රෑ 1 වෙද්දි මං ඇඳේ ඔයාල නිදිනෙ කියලා..

    ඕං දවසක් මං බල්ලට මචං කියන් ලෙවෙල් එකෙං ඇවිල්ලා තාප්පෙන් බඩගාල මිදුලට පයිද්දිම අතේ මාට්ටු :D

    "කොහෙද මිනිහෝ ගේට්ටුව ඇරල තියෙද්දි තාප්ප දිගේ බඩගාන්නේ ??? " අපේ තාත්තා. :D

    ReplyDelete
    Replies
    1. ඔය තාප්පෙන් පනින්න ගිහුන් නේද උඹේ ඔළුව වැදුනෙ. :D

      Delete
    2. හයියූ පත්තරේට වෙන වැඩ! හිනා කෝටියයි. මරු කතාව අනේ.

      අපේ තාත්තගෙත් යාලුවෙක් ඉන්නව පාර්ටි ඉවරවෙලා යනකොට බල්ලට "බලුමචන්" කියල උම්ම දීල තමයි යන්නෙ. හික්ස්!

      Delete
    3. මටත් කතාවක් මතක් වුනා ඔය පැනිල්ල අහලා .. ඔන්න ... එක්කෝ ඕනේ නෑ පොස්ට් එකක්ම දානවා ...හැබැයි කවදා ලියයිද කියලනම් දන්නේ නෑ

      Delete
    4. ප්‍රියෝ , උඹ කියන්නෙ බං අං දෙක හින්දා ඔලුව බේරුනා නැත්තං ඔලුව පැලෙනවා :D

      බස්සි මචං. ආන්න යුතුකං දන්න මිනිස්සු :D අපේ තාත්තගෙයි මගෙයි ආතල් කතා කෝටියයි බං.. කියන්නංකො

      Delete
    5. ආ උඹ අර කොටු පයින්ඩ ගිහිං මාට්ටු වෙච්ච එකදෑ.. ? ? :D
      අර බල්ලො පස්සෙං එලවද්දි ලයිට් කණුවක බඩගෑවෙ.. තව පොඩ්ඩෙං වවුල වගෙ කම්බියක තමා අවසං ගමං යන්නෙ.

      Delete
    6. //බල්ලො පස්සෙං එලවද්දි ලයිට් කණුවක බඩගෑවෙ//
      පත්තරේ ඔයා ලියන්ඩ ඒ කතාව. මං දෙන්නම් නියම මාර්කටින් පාරක් ලූෂාට දුවන්න.

      Delete
    7. @ බස්සි, පත්තරේ
      ඉවානයට මඩ පාරක් නම් ඉතින් මමත් ඉන්නවා ඕන දේකට..........! ඕ... යේස්...!

      Delete
    8. නියම කතාව පත්තරේ!!!!!!

      Delete
  12. අම්මයි නංගියි වගේ බෝල සබන්ද ගාන්නේ?

    ReplyDelete
  13. අහෝ මට දුක බස්සා ගැනයි....

    ReplyDelete
    Replies
    1. රත්තරං කොල්ලා.. ඌ ඉවරයි !!!

      Delete
    2. බස්සා ගැන මොකටෑ දුක් වෙන්නෙ? ඌ මට වඩා පිස්සානෙ. "බස්සිගේ ආදර අන්දරය" කියෝල බලන්ටකෝ.

      Delete
    3. @ප්‍රියා, පත්තරේ,
      උබලටත් තේරුණාද බස්සාට වෙලා තියෙන දේ...! නිරපරාදේ අහිංසක ජිවිතයක්. :P

      Delete
  14. තනි ඇහට ඇඬෙනවා අප්පා... ඩොක්ටර්ස්ලා....

    ReplyDelete
    Replies
    1. ඔය වගේ මිස් කමියුනිකේශන් අනන්තවත් වෙනවා අපේ ගෙදර අයට!

      මේ තියෙන්නේ ඒ වගේ එකක්.
      කන ඇතුලේ වංගු වංගු

      Delete
  15. හිකිස්...
    ලිවිල්ල නං පට්ට ...
    පට්ට කියන්නෙ පටේ පටිට
    කියවන්න පුළූවං කම්මැලි කමක් නැතිව

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහේෂ්!

      Delete
  16. පාන්දර එක දෙක වෙනකල් මල් කැඩීමේ අතුරු ඵලයක් විදියට නම් මාත් ඔවට මූණ දෙනව. මොකද පාන්දරම ක්ලාස් යන්න තියන දවසට ඔක්කොම පැටලෙනව. විලිලැජ්ජාවේ බෑ අම්මටයි අප්පච්චිටයි මාට්ටු උනාම.

    ReplyDelete
    Replies
    1. මල් කැඩුවත් නැතත් අපරාදෙ කියන්න බෑ මටනම් ශිශිරතරණය කරන ඉත්තෑවෙක්ට වගේ මලාක් මෙන් නින්ද යනව. ඉස්කෝලෙ යන කාලෙ නම් වතුර පාරකුත් කාල තමයි ඇහැරෙන්නෙ.

      Delete
    2. සික් ලැජ්ජා නැද්ද බන් ඔහොම නිදියන්න......!!!

      ඒකට බලපල්ලකො මම..... නිදියගත්තට පස්සේ, වෙහෙරක් විහාරයක් උගුල්ලලා ගැහුවත් මම නම් නෙමෙයි හෙල්ලෙන්නෙවත්..... හේ....හේ.....

      Delete
    3. හැක්! අන්න නියම නිදිකුම්බරයෝ...

      Delete
  17. ඊයේ කියෙවුවා කමෙන්ට් කරන්න අමතක වුණා. යකෝ අපි හොදයි නේ....

    ReplyDelete
    Replies
    1. කියවලා කමෙන්ට් අමතක වෙන්න තරම් කචල් උනා කියන්නෙ කතා ටික හොඳ ඇති නේද!! ශෝයි ශෝයි!
      :D

      Delete
  18. පට්ටයිනෙ බොලේ.

    ඔය වේලපහ නැඟිටින එක ඉස්සර අපිටත් වෙලා තියෙනවා. වැඩේ කියන්නෙ ඒ වෙලාවට අපෙ අම්මා බනින්නෙත් අපිටම තමා. කවුරු හරි ඕනකමින් ඕන්නැති වැඩක් කරලා කියලා.

    අර ගාලු බස් එකේදි බස්සි කියපු එක නම් පට්ටම වැඩේ. :) :D

    ReplyDelete
    Replies
    1. අනිවා අපේ අම්මත් අභීතව නැගී සිටියා අපි දෙන්නගෙන් එකෙක් තමයි වෙලාව මාරු කලේ කියල. අනේ මම නම් ඔන්න මාරු කලා නම් කරන්නෙ අනිත් පැත්තට.

      Delete
  19. ගාලුවා මුනුගැහුණු නිසා උඹ බස්සි කියලා අහගෙන බේරුනා ,කොහොමද මම හරි ශානුවා හරි මුන ගැහිලා කෑගැහුව නම් පිටකොටුවේදී ....උඹට සොරි ඩොට් කොම් තමා

    හිටු දෙන්නම් වෙලාවක බැස්ටිය.

    ReplyDelete
    Replies
    1. හම්මේ... උඹල දෙන්න ඒවගේ තැනක හම්බවෙනව කියන්නෙ ඉතින් නයිට්මෙයාර් එකක් තමයි! අර ලස්සන නම කියලැයි කෑ ගහන්නෙ? ඒක කිවුවොත් නම් පුතෝ මාත් අනික් අතට උඹලගෙ අප්‍රසිද්ධ නම් කියලා කෑ ගහනව හරිද ඩබ්ලිව්.පී. ?

      Delete
    2. මචන් බස්සි ඔය ගෙබිලුශට බය නොවී ඉදහන්...! ඕකගේ කයිය විතරයි. වැඩ නෑ...!

      Delete
    3. හැක තෝ ආපහු වැටියන් බයිසිකලෙන්

      Delete
    4. අනේ පල යන්න...... *%!%#@
      ඔන්න මම ආපහු බයිසිකලෙන් වැටුනොත් මූ තමා.. බොලන්ලා ඔක්කොම සාක්කි.....!

      Delete
    5. @බස්සියා & සුදු අයියා මම නම් ශිතුවේ මාව ප්‍රසිද්ධ තැනක හමුවුනොත් තොපි දෙන්නගෙම අවසානේ කියලයි ....හැක් හැක් හිකිස්.......

      Delete
    6. ස්ක්‍රීන් ශොට් එකක් අරන් තියාගන්නම් උඹව වැටුනම සාක්කි දීල ඉවානයව කූඩුවට දාන්න.

      Delete
    7. ඉවානෝ මේක හරියන්නෙ නෑ අපේ නම් වගේ මුන්දැටත් දාමු නමක්!

      Delete
  20. හි හි .. ජොලි කතාව බස්සියෝ....

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ දිලිනි!!

      Delete
  21. අම්මෝ බං... අර වෙලාව වැරදිච්ච සීන් වෙලා හෙන කුජීත උනා දවසක් මම.. හිටිං මතක් උනා ලියල දාන්න ඕන.. තැන්කුයි

    ReplyDelete
    Replies
    1. ඒක හොඳා... ලියන්නකෝ එහෙනම් අපිටත් බලන්න! දේශාට උනා නම් ඉතින් හිනායන කතාවක් වෙන්නම ඕන!

      Delete
  22. මමනම් ඉක්කොලේ යන්න කම්මැලි උනාම කරන වැඩක් අම්මගේ 4න් එකේ වෙලාව වෙනස් කරන එක..අම්ම ගේ ලග ඉස්කෝලෙක නිසා 7ත ඇහැරුනත් එය ඉස්කෝලේ...හැබැයි එහෙම දාට කුස්සිය මට බාරදීලා යනවා උයනවට වඩා ඉස්කෝලේ යන එක ලේසි නෙහ්...එක නිසා පහු කාලීනව පුරුදු උනා මම ඉස්කෝලේ ගිහින් ෂෝර්ට් ලිව් දාලා ගෙදර එන්න...

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් අනේ.... කුස්සිය බාරගන්නවට වඩා ඉක්කෝලෙ යන එක දාහෙන් සම්පතයි නේ....

      Delete
  23. නියම කතා සාගරයක්. මම වවුනියාවේ හමුදා කඳවුරක සේවය කරද්දී දවල්ට කාලා පොඩි නින්දක් ගැහුවා නිල ඇඳුම ගලවලා දාලා. (එහෙම කරන්නේ රැය පුරා නිදිවර්ජිතව ඉන්න වෙන අවස්ථා නිතරම එන නිසා) නින්දෙන් ඇහැරුණු මට නිනව් නැතුව ගියා මේ උදේද රෑද කියන එක ගැන, හුටා උදේ නේන්නම් කියලා හිතුනා. සම්පූර්නයෙන් මූණ හෝදන්න වෙලාව මදි කියලා හිතුනා. දැනටමත් ලොක්කා ඔෆිස් එකට ඇවිත් ඇති කියලා හිතුනා. යුනිෆෝම් එකේ උඩ කෑල්ල නැතුව අනික් ටික ඇඳගෙන දත් මදින්න පටන්ගත්තා. දඩි බිඩියේ දත් මැද මැද බැස්සා එලියට, බලනකොට අනික් එවුන් මා දිහා පුදුමයෙන් බලා ඉන්නවා. අම්මෝ.....මේ උදේ නෙවෙයි හවස. සද්ද නැතුව කට හෝදගෙන මාරු වුනා.

    ReplyDelete
    Replies
    1. හහා.... ඒක නියම කතාව විචාරකතුමා.. බොහොම ස්තූතියි!.
      ඔය උදේ හවස මාරුවෙන වැඩේ නම් මටත් ඉඳහිට වෙනවා. එකපාරක් සෙනසුරාදා දවසක ඔහොම උතුර දකුණ මාරුවෙලා දඩිබිඩියේ ඉස්කෝලෙ යන්නත් ලෑස්ති වෙලා යුනිෆෝම් අයන් කලා.

      Delete
  24. අනේ බන් කියන්න දෙයක් නෑ පික්සු බක්සිගේ පික්සු ඉට්ටයිල් එකට තියෙනවා....!
    බොලන්ලගේ නංගිත් පුදුම මෝටාර් එකක් නෙව......

    හැබැයි විලිලැජ්ජා සම්පන්න වැඩේ නම් අර බස්සට ලොරි ටෝක් දීලා හොට බිම ඇන ගත්ත එක.....!
    අනේ මේ කොට ජිවිතේ නිසා පව් අහිංසකයෙක්ට (බස්සට) උන දෙයක්....!

    ReplyDelete
    Replies
    1. නිමෝ කමෙන්ට් එකේ තියන ලින්ක් ටික සේරම බලල නේ....
      හිහිහි.... බස්සිගෙ ගෙදර කස්ටියටම සුට්ට සුට්ට තියනව බස්සිගෙ පිස්සුව.
      කාලයක් ඉන්නකොට බස්සටත් බෝ වෙලා තියෙන්නෙ.

      Delete
  25. නියම කතා සෙට් එක...ටූත් මදින බුරුසුව වගේ එකක් තමයි බ්‍රෙඩ් කපන පිහිය. ඕක ඉස්සර මගේ වයිෆ්ට වුනේ. මායි දුවයි ඒ අස්සේ හිනාවෙනවා. අරයට මල පැනලා.

    ReplyDelete
    Replies
    1. අපේ අම්මටත් හිනා වෙද්දිනම් මලේ මල තමයි. හැබැයි අද නම් පෝස්ට් එක දැකලා හිනා වෙවී කෝල් කලා. හැම ගෙදරකම ඔය වගේ හිනා යන සීන් වෙනව නේද :)

      Delete
  26. මට මතක් වුනේ මල්ලිගෙ විත්ති පොතෙ හොස්ටල් එකෙ බෙල් එක ගහන එකාගෙ ඔරලොසුවෙ වෙලාව වරද්දල පාන්දර එකටද කොහෙද පහ මාරට ගහන්න ඔන බෙල් එක ගහපු කතාව.

    ReplyDelete
    Replies
    1. මං කියෝල නෑනෙ දමිත් ඒක. :)

      Delete
  27. බස්සිගෙයි අම්මගෙයි ෆෝටෝ එක දැක්කාම මගේ හිතට ආවේ මේ සිතුවිල්ල.
    Aha. that's where mom got her good looks from...
    හුටා. මේක කියවෙන්න ඕනෙ අනිත් පැත්තට නේද හරි නම්? ඒත් අරෙහෙම තමයි මට හිතුනේ.

    ඔය අලාම් එක වැරදිලා කලින් ඇහැරෙන එක වගේම ආතල් එකක් තවත් තියනවා නම් ඒක තමයි අලාම් එකට ඇහැරුනාට පස්සේ එදා නිවාඩි දවසක් බව දැනගන්න එක.

    ReplyDelete
    Replies
    1. බස්සි වැඩිපුරම තාත්ත වගේලු. තාත්ත ගැනත් "පිස්සු කතා" පෝස්ට් එකක් ලියන්න ඕන.
      හහා.... මටත් වෙනව ඔය වැඩේ. වැඩිපුරම වෙන්නෙ සතිය මැද නිවාඩුවක් වැටුනම තමයි. :D

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. සමහරු ඉන්නවා ඒ ආතල් එක ගන්නම නිවාඩු දවසට කලින් දවසේ අලාම් එක සෙට්කරලා නිදාගන්නවා...

      Delete
    4. සමහරු = බීට්ල් ද?

      Delete
    5. කරලම බලන්නකෝ ඒකෙ ආතල් එක :D

      Delete
    6. ආයෙ මොනාද ලෙසටම අත්විඳලා තියෙනෝ. වැඩේ කියන්නෙ සතියෙ දවස්වල අපූරුවට හීනෙන් එලාම් එක පොලවෙ ගහලා නිදාගත්තට නිවාඩු දවසට එලාම් එක ඇහිච්ච ගමන් මෙන්න බොලේ මලක් වගේ ඇහැරෙනවා.

      Delete
  28. කලිං ඇහැරුණු සිද්ධිය නම් මරු ඈ.. හැක්.. :D

    ReplyDelete
    Replies
    1. හිහිහි... ස්තූතියි සංචාරකයෝ....

      Delete
  29. ඇන්ටිවත් දන්න කියන එකේ මොකුත් කියන එක හරි නෑ නොවෑ... :D ඔය පාන්දර ඇහැරුණු සීන් එක මරු ඈ..

    ReplyDelete
    Replies
    1. මරු තමයි , පැය දෙකහමාරක් තුනක් විතරක් නිදාගන ඉඳලා පහුවදා හවස හයහමාර වෙනකම් කලාස් එකේ ඉන්න උනාම මොන සැපද!!

      Delete
  30. මට මතකයි ඉතිං බස්සි ඇන්ටි ව.. ඉස්සර ක්ලාස් එක ඉවර වෙනකම් එළියේ පුටුවකට වෙලා පොතක් කියව කියවා ඉන්නවානේ!

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව... නාඩිගෙ අම්මත් අපේ අම්ම එක්ක ඉන්නෙ එහාපැත්තට වෙලා ක්ලාස් ඇරෙනකම්.

      Delete
  31. අපේ අයියණ්ඩි පාටි එකකට ගිහිං ආපු වෙලාවක එයත් නැගිටින ගමන් මන්ඥන් වෙලා මගෙන් අහපි ... "මේ හලෝ....දැන් උදේද රෑ ද" කියලා ..හික්ස්...

    ReplyDelete
    Replies
    1. අයියත් රෙහානි අක්කා වගේම ඇති එහෙනම්.
      අපේ ගෙදරත් ට්‍රිප් ගිහින් පාන්දර ඇවිත් නිදාගත්තම නම් ඔය වගේ සෙල්ලමුත් වෙනව.

      Delete