Wednesday, September 9, 2015

බොරුවක් ගැන ඇත්ත කතාවක් (Fun with Science)






බොරුකාරයෝ' කියන නම ඇහෙනකොටම අපේ නහය හැකිලිලා, කට කරත්තෙට අහුවුන කජු ලෙල්ල වගේ වෙලා, උපරිම අප්‍රසාදයක් පිළිබිඹු වීම නිරායාසයෙන්ම සිදුවෙන දෙයක්. මොකද, අපි හැමවෙලාවෙම "ඇත්ත තිත්තයි" කියල කිවුවට, අපි කැමති 'ඇත්ත' දැනගන්න මිසක බොරුවලට රැවටෙන්න නෙමෙයි නෙව. ඒ කොයි හැටි වෙතත්, ජීවිතේට 'බොරුවක් නොකියපු මනුස්සයෙක් හොයාගන්න එකනම් අද කාලෙ කළුනික හොයන්නැහේ දුර්ලභයි. මොකද, අපි හැමෝම, අපේම ගැලවිජ්ජාවට පොඩි බොරුවක් දෙකක් හරි කියලා තියෙනවා අනිවාර්යයෙන්ම. හා නැද්ද හොඳයි?


ඉතින් අද බස්සි කියාදෙන්ට යන්නේ බොරු කීම ගැන ඇත්ත කතාවක්!


ඩුං ටුරු ටුං 
ඩු ටුං ඩු ටුං ඩුං!





බොරු කියද්දි මොලගෙඩියයි
හරි හරියට වැඩකරන්නෙ
වැර වීරිය උපදවගෙන
මරුවට බොරු ඔතල දෙන්නෙ


ලලාට ඛන්ඩිකාව ඉස්ටාර්ට් කරන්නේ
තලා ඇත්ත කතාව යටපත් කරලන්නේ



අස්ථි - පේශි පද්ධතියේ
වැඩ කිඩ පාලන පෙදෙසම
විස්කි වගේ ලහිලහියේ
පිස්සු නටයි මුලු දවසම


බොරුව හගිස්සන්න ගොහින් කලබල දැනුනා
අත පය රූකඩ වාගේ දස අත වැනුනා



ශංඛක කණ්ඩිකාවෙන්ය
මතක කේතනය වෙන්නේ
මනෝ රූපවල වරදක්
තිබුනොත් හරිගස්සන්නේ


බොරුවෙ මනෝ රූප කෑලි කෑලි මැවෙනවා
ඒව එකතු කරගන්නට එයා නැහෙනවා



අනේ ඉතින්, බොරුවක් ගොඩනගන්න අපේ මොලේ දාඩිය මුගුරු දාගෙන, හති හලාගෙන මහන්සි වෙනව. හැබැයි ඇත්තක් කියද්දි, වැඩේ සහමුලින්ම වෙනස්. ඒ වෙලාවට අපේ මොලගෙඩියේ ලයිප් එක පුල් මාවලස්. බොහෝම කූල් එකේ වැඩ කරන්නෙ. 


අහසේ පාවෙවී හීන දකින මිනිස්සූ
බොරුවෙන් ජීවිතේම ගැට ගහන මිනිස්සූ
මේ කැටගරි දෙකටම පොදු ලකුණු සැලැස්සූ
ශ්වේත ද්‍රව්‍ය මොළයේ වැඩි වෙච්ච මිනිස්සූ


ඒ කියන්නෙ පින්වතුනි, නිරන්තර සිහින දකින්නන්ගේ වගේම, ගල් පැලෙන කෙප්ප කියන්නන්ගෙත් මොළේ ශ්වේත ද්‍රව්‍ය, ධූසර ද්‍රව්‍ය වලට වඩා 26%ක් විතර වැඩියෙන් පිහිටලා තියෙනවා.




මේ ඇස් දිහා බලන්


"මගෙ ඇස් දිහා බලන් කියන්න!" කියලා සමහර වෙලාවට ඉස්කෝලෙ ටීචර්, අම්මා, තාත්තා, සුපෙම්වතා හෝ වතී අපිට ඇඟ කිලිපොලා යන නියෝග නිකුත් කරනව නෙව. එහෙම වෙන්නෙ සාමාන්‍යෙන් 'මූ මේ අඹරන්නෙ අමුම අමු කෙප්පයක් තමයි' කියලා උන්දැලාගේ ටිකිරි මොළගෙඩිවලට මීටර් උනාමයි.


ඇස් වලින් අපි හිතන දේ කියන්නෙ කොහොමද හැබෑටම! අන්න ඒ ගැනයි දැන් අපි කතාකොරන්න හදන්නෙ. 


වමට සහ ඉහළට




මනසේ කල්පිත රූප ගොඩනගද්දී ඇස් වමට සහ ඉහලට යොමුවෙලා තියෙනවා. අදින් පස්සෙ අර බස්සි කියන එකී මිතුරු කඟවේනෙක් ගැන හරි, වයලට් පාට එලහරකෙක් ගැන හරි, ඉරිදා පොහොට්ටු ගැන හරි කතාවක් කියනකොට මොකද කරන්න ඕනෙ කියල දැන් ඔයාල දන්නවා.



වමට 




"බාත් ටබ් එකක ගිල්ලවපු බලු පැටව් දාහත් දෙනෙක් පුරුපුරු ගාන මිහිරි හඬයි, මිතුරු කඟවේනෙක්ගේ හිනා හඬයි බොහොම දුරට එක සමානයි" කියලා බස්සි කියනකොට, බසු ඇස් යොමු වෙන්නේ වමට ලු. ඒ කියන්නේ; මනස තුල කල්පිත ශබ්ද ගොඩනගනකොට ඇස් යොමුවෙන්නේ වමට.



වමට සහ පහලට




කලින් මනසේ සටහන්ව තිබුනු රසක්, ගන්ධයක් හෝ ස්පර්ශයක් ගැන ස්මරණය කරද්දි ඇස් වමට සහ පහලට යොමුවෙනවා. අළුත කැපූ තණකොලවල සුවඳ, උඳුනෙන් බාපු ගමන් චොකලට් කේක් ගෙඩිය රස්නෙ පිටින් අල්ලන්න ගිහින් ඇඟිලි තුඩු පුළුස්සා ගැනීම, පැනි පුඩිමක රස වගේ කටට කෙල උණන උදාහරණයක් දෙකක් ලියන්න හිතුන එක ගැන අමනාපයක් නෑනේ?



දකුණට සහ ඉහලට




මතකයේ සටහන් වූ රූප ස්මරණය කරද්දි ඇස් යොමුවෙන්නෙ දකුණු පස ඉහළට.



දකුණට




ඔයාගේ අම්මගේ කටහඬ කොයිවගේද? ඔන්න ඔබ අම්මගෙ කටහඬ මතක් කරගන්නවා. ඒ වෙලාවෙදි ඇස් යොමුවෙන්නෙ දකුණට. මින් පෙර අසා ඇති හඬක් ස්මරණයේදී ඇස් දකුණු පසටයි යොමුවෙන්නේ.



දකුණට සහ පහළට




තමන් තමන්ටම කතා කරගෙන තියෙනවද? මම නම් ජීවිතේ වැඩිපුරම කතා කරල තියෙන්නෙ මාත් එක්ක. ඔය හෘද සංවාද කියන්නෙ අන්න එව්වා. ඒ වෙලාවට ඇස් දෙක දකුණුපස පහළට යොමුවෙලා තියෙනවා.



බොරුවේ ජෛව රසායනේ


බොරුවක් ගොතනා කවුරුත්
ගැලවිජ්ජාවම හිතන්නෙ
බොරුව අතේ පැලවුනොතින්
විලිලැජ්ජාවෙනි මැරෙන්නෙ


ගහනවාද දුවනවාද කියල හිතනවා
ආතති හෝමෝන හෙමින් ඉහල නගිනවා


බොරුවක් මාට්ටු වුනොත්, විලිලැජ්ජාවෙ සන්තෝසෙ බැරිවෙන බව දන්න නිසාම, බොරුවක් කියද්දි අපි ටිකක් නොසන්සුන් වෙනවා. මෙතැනදි ඇඩ්‍රිනලින්, ඊස්ට්‍රජන්, ටෙස්ටොස්ටෙරොන් සහ කෝටිසෝල් කියන හෝමෝනවලින් සුලු බලපෑමක් ඇතිවෙනවා. (මේ බලපෑම, අපේ පස්සෙ මී හරකෙක් එලවගෙන එන ඒ අති සුන්දර සහ ආහ්ලාදජනක අවස්ථාව තරම් බලවත්ව නොදැනෙන නිසා මේක mini fight and flight mode එකක් විදියට හඳුන්වනවා)


හදේ ගැස්ම වැඩිවෙන්නේ
ඇහිපිය වේගෙන් වැදුනේ
ප්‍රතිශක්තිය අමතක කර
ශ්වේතානුත් නිදියන්නේ


දැක්ක නේද වෙච්චි වැඩේ? බොරු කීමෙන් ඇතිවෙන අමතර ආතතිය නිසා බොරු කීම ජීවිතය පවත්වා ගැනීමේ අත්‍යාවශ්‍ය අංගයක් විදියට සලකන උදවියට පසුකාලීනව විවිධ අතුරු ආබාධ වැළඳෙන්නත් පුලුවන්. මේ අමතර ආතතියේ ප්‍රතිඵලයක් විදියට (බොරු කීම මේ ආතතියට බලපාන එක හේතුවක් විතරයි හොඳේ!) කොන්දේ පහළ කොටසේ කැක්කුම, හිසරදය සහ හදගැස්මේ වෙනස්කම් ඇතිවෙන්න පුලුවනි.


සාමාන්‍ය පුද්ගලයෙක් මිනිත්තුවට වාර 15 - 20 අතර ප්‍රමාණයක් ඇසිපිය හෙලනවා. නමුත් බොරුවක් ගොඩනගද්දි ඇතිවෙන ආතතිය නිසා මේ වාර ගණන මිනිත්තුවට ඇසිපිය හෙලීම් 31 - 50 දක්වා ඉහල යනවා.


ඔන්න ඔය කියන කාරණා කාරණා සැලකිල්ලට අරගෙන, අපූරු උපකරණයක් හදලා තියෙනවා 'පොලිග්‍රාෆ්' එහෙමත් නැත්නම් 'බොරු මීටරේ' කියලා. 




හැබැයි මෙතනදි අනාවරණය වෙන්නේ පුද්ගලයෙක් ආතතියෙන් පෙලෙනවද නැද්ද කියන එකයි. බොරුවක් කියනකොට ඒකෙ ප්‍රතිඵලයක් විදියට ආතතිය ඇති වුනත්, හැමවෙලේම ආතතියට හේතුවෙන්නේ බොරුවක් කියන එක විතරක් නොවෙන නිසා පොලිග්‍රාෆයේ නිරවද්‍යතාවය 60% - 90% අතර විචලනයක් පෙන්වනවා. මේ නිසාම උසාවි සහ පොලීසිවල කටයුතු සඳහා පොලිග්‍රාෆ් යොදාගන්නේ නැහැ.


එහෙනම්, ඔන්න අද 'බොරුවක් ගැන ඇත්ත' විද්‍යා කතාව කියල අහවරයි. ආයෙමත් අලුත් විද්‍යා විනෝද කතාවකින් මුණගැහෙමු හොඳේ!!









101 comments:

  1. ///ඒ කියන්නෙ පින්වතුනි, නිරන්තර සිහින දකින්නන්ගේ වගේම, ගල් පැලෙන කෙප්ප කියන්නන්ගෙත් මොළේ ශ්වේත ද්‍රව්‍ය, ධූසර ද්‍රව්‍ය වලට වඩා 26%ක් විතර වැඩියෙන් පිහිටලා තියෙනවා.///

    මේ මං වගේ අය ගැන :(( නියමයි බස්සි අමතක වෙලා තිබ්බ සමහර ඒවා පෝස්ට් එක කියෝගෙන එද්දී මතක් වෙනවා.. ඔයාටම තමයි ඉතින් පුළුවන් මෙහෙම ලියන්න

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ ඔමා, බ්ලොග් අවකාශයේ ඉන්න බහුතරයක් අයගේ මොලේ ශ්වේත ද්‍රව්‍ය ධූසරද්‍රව්‍යවලට වඩා වැඩියි. ඒ නිසානෙ අපිට ගොඩක් නිර්මාණශීලී සහ සිහින කල්පනා පිරුණු පෝස්ට් කියවන්න ලැබෙන්නෙ.

      අද නම් ලීවෙ ඒ ලෙවල් බයෝ පාඩමක්ම නෙමෙයි. මේ මම කියවපු ආර්ටිකල් වගේකින් හොයාගත්තු කරුණු. ගොඩක් ස්තූතියි ඔමා!

      Delete
  2. බොරුකියන්නන් නොවන්නට ඇත්ත කියන අයට කැපී පෙනිය නොහැක. එබැවින් ඔවුන්ගේ සේවය අගය කළයුතුයි.

    ReplyDelete
  3. ඒ විජ්ජා පාඩම ඔබ වෙත ගෙන ආවේ

    බවුතික විජ්ජා විසාරොද බට කොස්සී විසිනි...

    ReplyDelete
    Replies
    1. අන්න කකා නොකරන දෙයක් ඔයා කළා. බස්සිට බට කොස්සි කිව්වා.

      Delete
    2. ඒක නේ එයාගෙ නම....

      Delete
    3. හැක් හැක් :D බට කොස්සි නෙමෙයි එහෙනං අපි කොට බස්සි කියමු !!

      Delete
    4. නෑ එයා උස ,කෙට්ටු බස්සි ... අම්මප ඔයි

      Delete
    5. ස්තූතියි මාතලන්!

      Delete
    6. නලින් :

      කකා නොකරන තව දෙයක් මාතලන් කරනවා. අපි ලියන පිස්සු විකාර පෝස්ට් අගය කරලා තව අලුත් දේ ලියන්න දිරිමත් කරන එක. :)

      Delete
    7. සමහරු වෙනත් අයගේ ශාරීරික අඩුපාඩු විවේචනය කරන්නේ අනිත් මනුස්සයාව පාගලා දාන චේතනාවෙන්. හැබැයි, ශාරීරික අඩුපාඩු නොවෙන, නමුත් කැපී පෙනෙන ශාරීරික විශේෂතාවක් ඇසුරෙන් නික්නේම් වැටෙන එක සමහරුන්ට අවුල් උනාට මට ඒක අවුලක් නෑ.

      මෙහෙම හිතමු, මට කියනවා 'බටකොස්සි' කියල. ඒත් අඩි පහක් කියන උස ගැන මම සතුටු නිසා මට ඒක අවුලක් නෑ. කොහොමත් කැම්පස්වල කාඩ් වැටෙන්නෙත්, ගෙදරදි ලමයින්ට ආමන්ත්‍රණය කරන සුරතල් නම් (සුදුපුතා, චූටිමැණික, ටයිනි...) වැටෙන්නෙත් ඒ දරුවන්ගේ ශාරීරික සුවිශේෂතා මත තමයි ගොඩක් වෙලාවට.

      මම නම් වද වෙන්නේ කවුරුහරි තව කෙනෙකුට අපහාසයක් විදියට හෝ බුලින් සඳහා ශරීරයේ හෝ මානසික අඩුපාඩුවක්, එයාගෙ අකමැත්ත නොතකා ඉස්මතු කරනවානම්. කොර මාටින්, බීරි විමල්, මෝඩ ජෝන්, පිස්සු විලියම් වගේ.

      කොහොමත් අපි සලකන්න ඕනෙ මිනිස්සුන්ට වල කපන්නෙ නැතුව, අපි හැමෝම මිනිස්සු කියල හිතල වැඩ කරන්නෙ කොහොමද කියන එක ගැනයි. එහෙම නැතුව ආමන්ත්‍රණ පදය ගැන විතරක් මහ බරක් තැබීම මට නම් වැදගත් නෑ.

      Delete
    8. මම කොල්ල කාලේ (ඒ කියන්නේ මීට ශත වර්ශයකට පමණ පෙර ) සමාන්‍ය සම්මතය අනුව නැත්නම් හැමෝටම වෙනව වගේ මම යාළු වෙන්න බලගෙන පස්සෙන් ගිය කෙල්ලොත් මගේ පස්සෙන් ආපු කෙල්ලොත් යන වර්ග දෙකක් හිටියා. දැන් හිතනකොට තේරෙනවා මම බොහොමයක් පස්සෙන් ගිහිල්ල තියෙන්නේ අඩි පහේ හෝ අඩු කට්ටිය ගැන කියල. සමාන්‍යයෙන් උස යැයි සැලකෙන කොල්ලන් අතරේ ලොකුම 'ඉල්ලුමක්' තිබුනේ මේ අයට. පවුල් බලපැම් නිසා කැඩීගිය මගෙ සිත වඩාත් පෑරුණ ප්‍රේමය ගැන මම ලියපු සින්දුවක් (මගේ lankanian.blogspot.com බ්ලොග් එකේ ඇත) ලිව්වෙත් අන්න ඒවගේ අඩි පහට අඩු පැත්තේ කෙනෙක් ගැන. එම නිසා පිරිමින්ගේ ආකර්ශණය වැඩිම එවැනි අයට යන්න මගේ අත්දැකීම් මත නිගමනයයි.

      Delete
    9. ඒකනේ උස බස්සා මේකි පස්සෙන්ම ගියේ..

      Delete
  4. මම මගේ බිලොග් එකේ වැඩිපුර ලියන්නේ මානසික රෝග ගැන නිසා වැඩිපුර නිතර බොරැ කීම සමිබන්ධයෙන් පවතින මානසික රෝගයක් ගැන තමයි කියන්න වෙන්නේ.ඒ කියන්නේ විහිලුවට වාසියට ජොලියට ඉදලා හිටලා බොරැ කීම නෙවෙයි.සමහරැ ඉන්නවනේ බොරැ කිවෙ නැත්නමි කෑවෙ නැ වගේ උදවිය.කොහොම උනත් කිසිදු පදනමක් නැතිව බොරු කීම මානසික ආබාධයක් ලෙසට හදුනාගෙන තියනවා..මෙය ව්‍යාධික මුසාවාදය හෙවත් Pathological lying වශයෙන් මනෝ වෛද්‍ය විද්‍යාවෙහි දක්වන අතර Pseudologia fantastica, Mythomania යන නම්වලින් ද එය හඳුන්වනවා. මෙම රෝගය පිළිබඳව මුලින්ම අනාවරණය කර ගනු ලැබුවේ 1891 වසරේදී ඇන්ටන් ඩෙල්බෘක් (Anton delbruck) නම් මනෝ වෛද්‍යවරයෙකි.මෙහිදී සිදු වන්නේ කිසිදු දේකට සම්බන්ධ නැති මනඃකල්පිත දේවල් සහ සිද්ධීන් පරිකල්පනය කර වෙනත් අයට ඒවා සත්‍ය ලෙසින් හැඟෙන පරිදි පවසන එක. මෙහිදී රෝගියා තමා කියන්නේ බොරුවක් බව හොඳින් දැන සිටිය හැකි සේම එසේ නොදැන හිඳින්නටත් පුළුවන. එසේ බොරුවක් බව නොදැනෙන්නේ ඔහු තමන් කියන්නේ ඇත්තක් බවට විශ්වාස කරන නිසා.මෙ පිලිබද සමිපූර්ණ ලිපයක් මම ඉදිරියේදි පලකරන්න බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. මනෝ පුළුවන් වෙලාවක නාර්සිසම් පර්සනැටිලි ඩිසෝර්ඩර් ගැනත් ලියන්න. ඔබ කිවූ ව්‍යාධික මුසාවාදය මෙම මානසික තත්ත්වයේ එක ලක්ශණයක් කියල මම අහල තියෙනවා. ඒ වගේම තමන්ගේ පරපුර, දක්ෂතා ගැන අතිශයෝක්තියෙන් සිතීම සහ පුරාජේරු වැඩ, කීම, පුද්ගලයන් ප්‍රයෝජනයට ගෙන අනවශ්‍ය විට අතහැර දැමීම, තමන්ට හිතවත්ව සිට වෙන් වන අයගෙන් දරුණු ලෙස පළිගැනීම වගේ දේවල් මම දන්න විදිහට මේ සුවකල නොහැකි ව්‍යාධියේ රෝග ලක්ශන කියාද අසා ඇත්තෙමි. මේ රොඉගය ගැන කියවන විට අපි හිටපු ලොකු කෙනෙක් ගැන මතක් වෙනවා.

      Delete
    2. අඩේ... මමත් දන්නා එකියක් ඉන්නවා නෙව ඔය කියන මහා ජාතියේ ලෙඩකින් පෙලෙන. බේතක් තමයි ඕනේ...

      Delete
    3. මමත් දන්න එකෙක් ඉන්නවා ඉවාන් කියලා. ඌ ඇත්තක් කීවදාට එක්කො ගං වතුරක් නැත්තං නාය යෑමක් :D

      Delete
    4. උපේක්ශා දන්න කෙනා දැන් මෙතන ඉන්න ගොඩක් අය දන්නවා නේද

      Delete
    5. අපේ ගෙදර වැඩට ආව බාස් කෙනෙක් හිටියා ඔය ලෙඩෙ තියන.දවසක් නිවුස් බලන වෙලාවෙ රාජාංගනය වැව පිටාර ගලනවා පෙන්නුවා.මිනිහා ඔක දැක් විතරයි කීවනේ ඔය වැවි බන්ටි එක හදනකොට මිනිහා තමයි හෙඩි බාස් විදියට වැඩ කරේ කියලා.ඔය වැව හදන කාලේ මෙ යකා පොඩි එකෙක්.ඔන්න ඔහොමයි බොරැ කියන ලෙඩෙ හැදුනම

      Delete
    6. මනෝ කියපු කරුණු මම කලින් දැනගෙන හිටියෙ නෑ. ඔයාගෙ ලිපි සිංහල බ්ලොග් අවකාශයට ලොකු වටිනාකමක් එකතු කරනවා. මේ ගැන ලියන්න. අපි මග බලාගෙන ඉන්නවා කියවන්න.

      Delete
    7. ඉයන් , උපයා :

      උපයගෙ කතාව නිසාම මම නාර්සිසම් පර්සනැටිලි ඩිස්ඕඩර් ගැන ලියවුනු ලිපි හොය හොයා කියෙව්වා. :)

      Delete
  5. අර ඇස් යොමුවෙන එකනං හරියටම හරි බං. මම ටැස් කොරලත් බැලුවා.

    ReplyDelete
    Replies
    1. ඒ අර බොරු කියනකොට කනට ගහන මැසිම ගැන කවියක් ලියහන්කෝ.. පොලිග්‍රාෆ් එක ගැන නෙවෙයි.. අර 'පුතාත් තාත්ත වගේමයි' කියුවම අම්මගේ කනට ගැහුවයි කියාපු මැසිම ගැන..

      Delete
    2. /'පුතාත් තාත්ත වගේමයි' කියුවම අම්මගේ කනට ගැහුවයි කියාපු මැසිම ගැන../

      හිනා කාල මැරෙනවා යකෝ :D

      Delete
    3. හැක් හැක් ලියමු ලියමු

      Delete
    4. හිහී! එල එල මධුවෝ!

      Delete
    5. මේ තියෙන්නෙ බස්සි ලියපු "කනට ගහන රොබෝගෙ" කතාව.

      බොරු කියන්නෙ පරෙස්සමෙන්

      Delete
  6. මේ බෝල වගේ තියන බකුසු ඇස් හැසිරෙන්නෙත් මෙහෙමද?

    ReplyDelete
    Replies
    1. ටෙස්ට් කරල බලලනෙ ලිව්වෙ. :)

      Delete
  7. මේක කියවද්දි ඔන්න පොඩ්ඩිගේ ඇස් වමට සහ ඉහලට, වමට, වමට සහ පහලට ගියා. ඊලඟට දකුණට සහ ඉහලට, දකුණට, දකුණට සහ පහලට ගියා.

    කියවලා ඉවරවුනාට පස්සේ, දැන් ආතතිය හැදිලා ඇඳේ වැටිලා ඉන්නවලු. :P

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද අං බස්සගේ උකුලේ. හා කියන්න දැන් මගේ ඇස් කොහෙටද ගියේ කියලා.

      Delete
    2. හිහී! කස්ටියම කරල බලල වගේ.

      පොඩ්ඩි අක්කා ඇස් කරකෝපු සීඝ්‍රතාවය වැඩි උනාද? නැත්නම් වේගෙන් බොරු ගොතලා ටෙස්ට් කරන්න ගිහින් ඇහිපිල්ලම් සටසට ගාල වැදෙන්න අරන් හිසරදේ ආවද?

      Delete
  8. Replies
    1. බොරු කියකිය ඉන්නෙ නැතුව ගිහින් වත්සලා සිසිරව ඇඳෙන් බිමට ඇදල දාල කනෙන් ඇදගෙන කාරෙකට විසික්කරල දාල අම්මලාව බලන්න මගුල්ගෙදර ගිය හැටි ලියපම් ලියපම් ඉක්මනට.

      Delete
  9. බස්සි, මේ බොරු නෙවෙයි නේද? හරි හරි. මේවා ටෙස් කරලා බලමු.

    ReplyDelete
  10. මෙහෙම බැලුවම අර උන්දැලා දෙසිය ගානෙන් වැඩි හරියක් ලෙඩ්ඩු වෙන්න එපායැ.

    ReplyDelete
    Replies
    1. හරියට බැලුවොත් ඒකෙන් බේරෙන්නෙ සෙංකෝලෙ විතරයි මුලු පාර්ලිමේන්තුවටම :D

      Delete
    2. ඒකනෙ මෙයා එයාලට කොන්දෙ අමාරුව නිසා නැමෙන්න, බිම ඉඳගන්න එහෙම බැරිවෙලා තියෙන්නෙ.

      Delete
  11. බස්සි හරි උසයි
    ලව්පූස් අහිංසකයි
    PM ගෑණුන්ට බය නෑ
    මෙන්ඩා බොන්නෙ නෑ

    මට බස්සි ලියන කවි ඕන එකක් තේරෙනව

    ReplyDelete
    Replies
    1. /PM ගෑණුන්ට බය නෑ. /

      මගේ ඇස් බෝල දෙක නිකං පිස්සංකොටුවට බෝම්බ ගැහුව වගේ ඒ මේ අත දුවනවා :D

      Delete
    2. //මගේ ඇස් බෝල දෙක නිකං පිස්සංකොටුවට බෝම්බ ගැහුව වගේ ඒ මේ අත දුවනවා //
      එහෙ සමර් එකේදි නේද?
      මෙහෙ ඇවිල්ල කලොත් පිස්සට බෝම්බෙ වදිනව කොච්චර බය නැති වුනත්

      Delete
    3. සමර් එක ඉවර වේගෙන යන්නෙ. දුකේ බෑ අප්පා :D වින්ටර් එකේ නිකං සවුදි අරාබිය වගේ මෙලෝ රහක් නෑ. හැක්

      Delete
    4. යන්තං ප්‍රා ඇත්ත කියලා

      Delete
    5. ඇස් දෙක කැරකෙන පැත්ත ටෙස්ට් කරනවද ප්‍රා?

      Delete
  12. ඔෆිස් එකේ උන් බලනවා මට පිස්සුද කියලා ඇස බෝල එහෙ මෙහෙ කරකවන්නේ.. හැක හැක..

    අම්මප.. බොරුවක් හෙම නොවෙයි ඔන්න..

    කරුමේ කීම නොහිටියේ මේ වගේ ටීචර්ලා.. :'(

    ReplyDelete
    Replies
    1. //"ඔෆිස් එකේ උන් බලනවා මට පිස්සුද කියලා"// මම හිතුවේ උන් කලින්ම දන්නවා කියලා .. හැක

      Delete
    2. ඔෆිස් එකේ ෆොටෝවකුත් ෆේස්බුකේ දාල තියෙනව දැක්ක නිසා කොහොමට තියෙන්න ඇත්ද කියල හිතාගන්න පුලුවනි. හිහී!

      Delete
  13. මලක් නෙලාගෙනවිත් බුදු සාදුට පිදුවා
    ඒ දැක බුදු සාදු මදෙස හෙමිහිට බැලුවා
    බොරුවක් නොව මේ කියන්නෙ ඇත්තම ඇත්තයි
    මේ මල මම නෙලා ගත්තෙ මගෙ මල් ගසකින්…

    නොදැනෙන නොහැඟෙන හින්දයි මේ විමසන්නේ
    ඉතින් තවම ඇයි ඔබ මා දැක හිනැහෙන්නේ

    ගිය ඉරිදා ඉස්කෝලෙ එන්න බැරි උනේ
    ලොකු අම්මා එක්කලා මම නුවර ගියානේ
    බොරුවක් නොව මේ මම ඇත්තයි පවසන්නේ
    ඉතින් තවම ඇයි හිමි මා දැක හිනැහෙන්නේ…

    අමුතු හිනාවකි හිමි ඔබ මවෙත හෙලන්නේ
    මා ගැන හොඳ හැටි දන්නා බවකි කියන්නේ
    සමා වෙන්න හිම්‍යනි බොරු නොකියමි හිතකින්
    නෙලාගත්තෙ මේ මල නංගිගෙ මල් ගසකින්

    දරුවන් වෙත දෙනෙත් හෙලා හිමි වැඩ ඉන්නේ
    හොර බොරු කිසි දින නොකරනු මැනවි ළමයිනේ …

    ReplyDelete
    Replies
    1. මම මේ පෝස්ට් එක ලියන්න කලින් පෙරේදා දවසම කල්පනා කලා බොරු කියන එක ගැන තියෙන සින්දුවක්. කල්පනා උනේ නෑනෙ මේක. අපරාදෙ!

      Delete
  14. බස්සි අක්කේ National Geographic channel එකේ Brain Games හොයාගෙන බලන්නකෝ කියලා ආරාධනා කරනවා.එක වැඩසටහනක දී මේ බොහොමයක් කරුණු ලස්සනට විග්‍රහ කරලා video clips කිහිපයක් ලබා දීලා අපේ "lie detecting skills" කොහොමද කියලත් බලනවා.මම නම් ඒ කරුණු අනුව බොරුකාරයෝ අඳුන ගත්තා කියලත් කිව්වෙ නැත්නම් හරි නැහැ නෙව.හිහී... සෝයි ලිපියයි විරිඳු සෙට් එකයි.

    ReplyDelete
    Replies
    1. මම බලන්නම්කො අනේමන්දා! ස්තූතියි ඔත්තුවට!!

      Delete
  15. එළස්. බස්සි බැලුවද Liar Liar Liar කියන මූවී එක. නැතිනම් බලන්න. ඔන්න මමත් ඒක ආයෙම බලන්න ඩවුන්ලෝඩ් කරන්න ගත්තා මේක කියවලා.

    ReplyDelete
    Replies
    1. බලලා නෑනෙ ඩූඩ්. ඩවුන්ලෝඩ් කොරන්නම වෙනවා එහෙනම්. දැන් නම් බැලිය යුතු ෆිල්ම් ලිස්ට් එක එන්න එන්නම වැඩි වෙනවා. :)

      Delete
  16. හැබැයි ඉතින් ඔය බොරු කියද්දි මුහුණේ, ඇස් වල, අත පයේ සිද්ද වෙන වෙනස් කම් නියම විදිහට පාලනය කරන්න පුරුදු වෙලා, අපි එක්ක කතා කරන කෙනාගෙ ඉරියව් අනුව නියම වෙලාවට වචන හා හඬ පාලනය කරගෙන කතා කරනවා නම් ඕනෙ බොරුවක් ඇදලා අරින්න පුළුවන්. මේ ඇත්දැකීමෙන් කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. පුහුල් හොරා කරෙන් දැනේ … ඕ යේස් !!

      Delete
    2. ඔය lie detector එකකට සම්බන්ධ කරලා තරඟකාරයො බොරු කියන තරඟයක් ඉස්සර Star World එකේ පෙන්නුවා. American Idol පෙන්නුවෙත් ඒකෙමනේ.

      Delete
    3. බොරුව ඇත්තක් බවට හරවා ගත්තම (ඒ කියන්නෙ බොරුව ඇත්තක්ම බව බොරුව කියන එකාත් විස්වාස කරන්න ගත්තම.) එහෙම ආතතියක් දැනෙන්නෙ නැතුව ඇති කැමා. හැබැයි බොරුවෙන් ජීවත්වෙන අයටනම් ආතතියක් නොදැනෙනවා කියන්න බැහැ නේද?

      Delete
    4. ඩූඩ් :

      ඒකනම් මරු ඇති. යූ බටේ තියෙනව ඇති නේද? බලන්න ආසයි ඒ තරඟෙ.

      Delete
  17. බොරුවක් නෙමේ ඇස් දෙක ඒ මේ අත කරකවලාම මගේ ඔලුවත් කැරකෙනවා බං දැන්.

    අර වගේ බොරුවක් කියලා,බොරුව අතේ සාක්‍ෂි එක්කම මාට්ටු වෙලා ආතතිය වැඩි වෙලා,ඇසිපිය හෙලීම් වැඩි වෙලා,උද්දමනය ඉහළ ගිහිල්ලා මරු වැඩක් උනා හිටින්කෝ ඒ ගැන ලියන්න වෙලාවක,

    ReplyDelete
    Replies
    1. හප්පේ ලියපං ලියපං. මනෝ ලියන්නෙ යලට මහට නිසා, මෙහෙම මාතෘකාවකුත් අතටම ලැබිච්ච වෙලාවෙනම් කම්මැලිකමට නොලියා ඉන්න එහෙම එපා!

      Delete
  18. මේක වෙන අයට පෙන්නන්න හොඳ ලිපියක් නෙවෙයි. එහෙම වුනොත් ඉතින් බොරුවක්වත් කියාගන්න විදිහක් නැතුව යනව.

    ReplyDelete
    Replies
    1. මේව ගැන දන්න කෙනෙකුට මේකේ තියෙන අක්ශන් දදා ඇත්තක් කියල බැලුවොත් කොහොමද

      Delete
    2. MPP :
      ඒ වුනාට මේක පෙන්නුවම එයාලට ආයෙ බොරුවක් අඳුනගන්නම බැරිවෙන විදියට ඔයා ගැන ලොකූඌඌඌ විශ්වාසයක් ගොඩනැගුනොත් හෙම?

      Delete
    3. ඉයන් :

      අන්න ඒකනම් මරු අදහස!

      Delete
  19. මම කවදාවත් බොරු කියලා නෑ. මම කියන ඒවට කියන්නේ සම්‍යක් ප්‍රයෝග කියලා. හ්ම්..................

    ReplyDelete
  20. ඊයේ බයෝ පාඩමක් ඉල්ලුවටද අක්කේ මේ? ඔය කරුණු කාරනා ගුරුවර ගුරුවරියන්ට නම් බොහොම වැදගත්.

    ReplyDelete
    Replies
    1. ඔව් අඟහරු මල්ලි. හැබැයි ඉතින් මේක බයෝ පාඩමක්මත් නෙමෙයිද මන්දා, විද්‍යා පාඩමක් කියමුකො.

      බොහොම අමාරුවෙන් ලියන්න මාතෘකාවක් හිතාගත්තෙ. ටිකක් ඉන්ටරෙස්ටින් සයන්ස් කෑල්ලක් දෙකක් මතක් උනොත් කියන්නකො අනේ තව පෝස්ට් එකක් දෙකක් ලියන්න.

      Delete
  21. මෙන්න වැඩ.. ප්‍රිස්න් බ්‍රේක් මතක් උනා
    ජයවේවා..!!

    ReplyDelete
  22. අපි බොරුවක් දිගටම කියාගෙන ගියාම ඒක ඇත්තක් කියලා අපිටම හිතෙන්නේ ඇයි..


    ඉස්තරං බ.කො..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ විදානේ!

      බොරු පත්තියම් වෙනවා කියන්නෙ ඒකට වෙන්න ඇති නේද?

      Delete
  23. බොරැවෙත් විවිධ විදියට හදුන්වනවා.මෙන්න ඉන් කිහිපයක්.තව දන්න ඒවා තියනවනමි එකතු කරන්න බලන්න
    බොරැව
    අලි බොරැව
    බෙගල්
    ගජබින්න
    කෙබර
    පච
    මුසාව

    ReplyDelete
    Replies
    1. කෙප්ප
      ටොම්පච

      වගේ ඒවත් ඔය ලැයිස්තුවටම එකතු කලෑකි.

      Delete
  24. මෙකි මාර ටීචර් කෙනෙක් නේ...

    කමෝන් ටීච කමෝන්...

    --------
    සුපිරියි බස්සියෝ...

    ReplyDelete
  25. දැන් ඉතින් අපි දන්නවා බොරු කියද්දි ඇස් තියන් ඉන්න ඕන විදිය දැන් ඉතින් ප්‍රැක්ටිස් කරතැකි වගේ. හි හි ! http://syberheartblog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් ප්‍රැක්ටිස් කලාට නිරායාසයෙන්ම ඇස් දෙක නියමිත පැත්තට යොමුවෙනවලු බොරු කියද්දි. ඔන්න අපි දන්නෑ අපායෙ යයි හොඳේ!

      Delete
  26. මට නං බොරු කියන එක මාවලස් ප්‍රි හිට් එකක්. හැක්..

    අඩනවට වඩා බොරු කියන එක ලස්සනයි.. (තේරුනාද මන්දා) හැක්.. ජය

    ReplyDelete
    Replies
    1. හැක් හැක් තේරුනා.
      හැබැයි බොරුව අතේ පැල වෙලා කන් දෙක පිරෙන්න අහගන්නවට වඩා ඇත්ත කියන එකත් ලස්සනයිලු.

      Delete
  27. //"ජීවිතේට 'බොරුවක් නොකියපු මනුස්සයෙක් හොයාගන්න එකනම් අද කාලෙ කළුනික හොයන්නැහේ දුර්ලභයි"//
    බස්සිට මාව මීට් වෙලාම නැද්ද කොහෙද හැක .....

    ඉස්සර ටියුෂන් ඇරලා ගේට්ටුව ලඟට වෙලා ඉන්නකොටනම් ඇස්දෙක කැරකෙනවා 3D වලම අංශක 360 ම.

    ReplyDelete
    Replies
    1. දැං කියල වෙනසක්‍යෑ :D

      Delete
    2. //"ජීවිතේට 'බොරුවක් නොකියපු මනුස්සයෙක් හොයාගන්න එකනම් අද කාලෙ කළුනික හොයන්නැහේ දුර්ලභයි"//
      මම නමි කවදාවත් බොරැවක් කියලා නැ කියලා කවුරැ හරි කීවොත් ඒ කියන්නෙත් බොරැවක්නේ මචං.එ උනාට මම නං ඇත්තමයි මෙ වෙනකමි බොරැවක් කියලම නැ.

      Delete
    3. මනෝ ... එකනේ බං මාත් කියන්නේ

      Delete
    4. අඩේ සොරි. මට මතක තිබුනෙ මේ පෝස්ට් එකේ කමෙන්ට් සේරටම උත්තර ලිව්ව වගේ. බලද්දි බාගයයි ලියල තියෙන්නෙ.

      හිහී! ඔය කමෙන්ට් එක ටයිප් කලේ අර ඇස් කැරකෙන පැත්ත ටෙස්ට් කරන්නද ඉවානයො?

      Delete
    5. මනෝ මනෝ, ඉවානයට තියෙන මානසික රෝගෙ ගැනත් හොයලා ලිපියක් ලියන්නකො. මූ ජීවිතේට බොරුවක් කියලම නෑ කියන්නෙ.

      Delete
  28. සමහර බොරු ලස්සන නිර්මාණ ලෝකෙට උපද්දනවා.... ^_^ මගෙත් අර ශ්වේත ද්‍රව්‍ය වැඩිද මන්දා

    ReplyDelete
  29. අපි බොරු කියන්නේ නෑ හරි..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්. එසේය එසේය.
      ආර්චී පල්ල කියහං :P

      Delete
  30. බස්සිගේ බොරුවේ ඇත්ත නොදැනයි.... මගේ බොරුව ලිව්වේ. ඒක මිට ටිකක් වෙනස් ..... මේ ඔයාගේ බොරුව ලස්සනයි බස්සි ඉදිරිපත් කිරීම..... මේ ඔයාගේ style එක .
    අනෙක් අය මට ඇනල කිව්වමයි බස්සිගේ නවාතැනට ආවේ.

    ReplyDelete
    Replies
    1. //බස්සිගේ බොරුවේ ඇත්ත නොදැනයි.... මගේ බොරුව ලිව්වේ. ඒක මිට ටිකක් වෙනස් ..... මේ ඔයාගේ බොරුව
      අනෙක් අය මට ඇනල කිව්වමයි බස්සිගේ නවාතැනට ආවේ.//
      මේ කමෙන්ටුවේ අගක් මුලක් නොවැටහේ නිහින්සෝ? :D

      Delete
  31. මගේ ඇස් දෙක මෙරිගෝ රවුමක වගේ කැරකිලා ගියා!

    ReplyDelete
    Replies
    1. හිහී! නියමෙටම අත්හදා බලල තියෙනව වගේ!

      Delete
  32. බස්සියෝ, ඔය කියලා තියෙන විදිහට හතර වටේටම ඇස් කරකවලා බැලුවා. එතකොට උඩ බලාගෙන කතා කරන අය, බිම බලාගෙන කතා කරන අය, කෙළින්ම ඉස්සරහා බලාගෙන කතා කරන අය හිතන්නේ මොනවා ගැනද? :P ටීචර්ගේ පරණ පාඩම් ඔක්කොම මම කියවලා තියෙනවා. ඒ හැම එකක්ම වාගේම මේකත් හරිම අපූරුයි. :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි සිතුවිලි! සාදරයෙන් පිලිගන්නවා ඔයාව බස්සිගේ නවාතැනට!

      Delete