Monday, July 15, 2013

විසිඑක්වෙනි කොටස : කවුද එයා? - 2




"අදවත් කියනවකො කව්ද එයා කියලා.... අනේ අප්පා... මොකද්ද අනේ...." බස්සි බස්සට බටර් පාර ගාන්නයි ලෑස්ති උනේ.



"හ්ම්ම්ම්... අද කියන්නම ඕනෙද? ඔයාම හොයාගන්නකම් හිටියොත් තමයි අගේ." බස්ස ඒ පාර ගනන් උස්සනව.



"කැම්පස් එකේ නේද?" බස්සි ගේමට බැස්සා.



"හ්ම්ම්ම්..."



"ෆිසිකල් සයන්ස් ද?"



"නෑ බයෝ."



"මොනාද කරන සබ්ජෙක්ට්ස්?" වැඩේ ලේසි වේගෙනයි එන්නෙ. බයෝ එකේ කට්ටියව බස්සි ටිකක් අඳුනනවනෙ.



"ආපෝ ඒකනම් කියන්න බෑ බබා. සබ්ජෙක්ට්ස් කීවොත් අහු වෙනවා.!" බස්ස කිවුවා.



"ඔයාලගෙ බැච් එකේ නේ?"



"හ්ම්ම්ම්.... මේ ප්‍රශ්නෙට විතරමයි උත්තර දෙන්නෙ ඔන්න. නෑ. එයා එන්න ඉන්නෙ දෙක වසරට."



ම්ම්ම්ම්.... බස්සි බස්සා කියපු හෝඩුවාවල් ටික ගැන කල්පනා කරන්න පටන් ගත්තා.



'බයෝ - දෙක වසරෙ - සබ්ජෙක්ට්ස් කිව්වොත් අහු වෙනවා....'

බස්සිගෙ අත් දෙක සීතල වේගෙන ගියා.



ඒත් එක්කම බස්සිට තවත් දෙයක් මතක් වුනා.

"බස්සි කැමතිද හැමදාමත් මේ බස්ස ලඟට වෙලා ඔහොම හ්ම්ම්ම්හ්ම්ම්ම්කියකියා ඉන්න?



දැන් මොකද කරන්නෙ කියලා හිතාගන්න බැරුව බස්සි ඔහේ බලාගෙන හිටියා. මෙතනම නවතිනවද? ඉස්සරහට යනවද?



බස්සිගෙන් සද්දයක්වත් නැති තැන බස්සා සුපුරුදු පරිදි කෑ ගැහුවා.

"oගියෝ.....!!!"



"ඇයි?" බස්සි ඇහුව.



"මොකද සද්දයක් නැත්තෙ?"



"හ්ම්ම්ම්.... බස්සෝ, මම තව එක ප්‍රශ්නයක් අහන්නද?" බස්සි ඇහුව.



"බෑ බෑ. අවසාන ප්‍රශ්නයට අවස්ථාව ලබාදී අවසානයි."



"අනේ බස්සෝ. හොඳ අයියනේ..."



"හා හා, ඔන්න තව එකම එකයි හොඳේ!"



ඒ ප්‍රශ්නෙ අහන්න බස්සි හිත හදාගත්තා.

"බස්සියෙක්ද?"



"හ්ම්ම්ම්....." උත්තරේ ලැබුනා.




බස්සගෙයි බස්සිගෙයි ආදර අන්දරයේ සමාරම්භය සනිටුහන් වුනේ ඔන්න ඔහොමයි.




13 comments:

  1. හ්ම්ම්...හ්ම්ම්ම්... :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්ම්ම්... :P

      Delete
  2. Replies
    1. හැබැයි අක්කේ "බස්සියෙක්ද?" කියල අහන්නේ නැතිව " බස්සිද? " කියල ඇහැව්වන......

      Delete
    2. නෑ කිවුවනම් ලැජ්ජාවයි නෙ මල්ලි. මම හිතන් හිටියේ නෑ කිවුවානම් එහෙම "අපරාදෙ ඔයා රෑ එලි වෙනකම් වැඩ කරන එකේ ඔයාට හරියන්නෙ බස්සියෙක්" කියලා මොකක් හරි ටෝක් එකක් දාලා ලැජ්ජාව වහගන්න.

      Delete
  3. අප්පා ෆුල් රොමැන්ටික් .....!

    ReplyDelete
  4. Replies
    1. අලේ රෙහානි අක්කිට ලැජ්ජ හිතිලද මන්ද.... ;)

      Delete
  5. හ්ම්ම් හ්ම්ම්ම් :D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්..... හ්ම් හ්ම්ම්ම්.... :)

      Delete
  6. යිප්පී, සන්තෝසයි :D :D :D :D

    ReplyDelete