Monday, July 29, 2013

බස්සි බිසී වෙයි



බස්සිගේ බ්ලොග් නවාතැන ආරම්භ වී තවම මාසයක්වත් ගතවී නැත්තේය. නමුත් නවාතැනට ගොඩවැදුනු කුරුල්ලන්ගේත් කිරිල්ලියන්ගේත් අඩි සළකුනු කියාපාන්නේ බස්සිගේ නවාතැනට ආදරේ කරන්නන් බොහොමයක් සිටිනා බවය.

බස්සී බ්ලොග් ලිවීම පටන් ගන්නේ අමාරුවෙන් ඇදගෙන ආ ජොබ් කට්ටට තිත තැබූ නිසාවෙන්ය. ජොබක් සෙට් වෙන තුරු බස්සිගේ පාලුව මැකුනේ මේ බ්ලොග් නවාතැනින්ය. ජොබ් කට්ටට තිත තැබීමේ කතන්දරයත් දවසක කියන්නම්ය. ඒ බස්සිගේ ආදර කතාව ලියා අහවර වූ දිනකදීය.

කෙසේ හෝ බස්සිට නැවතත් ජොබක් සෙට් වී ඇත්තේය.අද සිට බස්සී නව ජොබ් කට්ටේ වැඩ ඇරඹුවේය. ඒ නිසා 
අනාගතයේදී බස්සීට තරමක් දුරට බිසී වෙන්නට සිදුවනු නොඅනුමානය.

අපොයි දෙයියනේ ඉතින් මට බනින්නට නම් එපාය. බ්ලොගය වසා දමන්නේ නැත්තේය. හෙටත්, අනිද්දාත්, ඉන් අනිද්දාත් ලියන්නම්ය. පුලුවන් හැම මොහොතකම ලියනවාය. වෙනදා පුරුදු ටයිම් එකට පබ්ලිස් කිරීම නම් සුවර් නැත. මන්ද යත් වැඩ අහවර වෙන්නේ හතහමාරටය. ඒ නිසා සිදුවන්නට නියමිත ප්‍රමාද දෝසයට සමාව භාජනේකට දමන්නය.

හැමදාමත් ලියන්නට පුලුවන් උපරිම උත්සාහය යොදනවාය. අතරින් පතර දිනක බස්සිට ඇවිත් යන්න එන්නට බැරි වුනොත් ඒ ගැන තැවෙන්නට එපාය. නැට්ට පිටින් අලි මැරෙන රටේ ඕවත් ප්‍රස්නද කියා හිත හදා ගන්නය.

ජොබ නිසා බ්ලොග ලිවීම නැවැත්තුවොත් බලාගන්නට පුලුවන් යැයි පෙරේදා ෆාති අක්කා මට මරණීය තර්ජනයක්ද එල්ල කලාය. එය මම භාර ගත්තේ හද පිරි සතුටින්ය. දැන්ම මැරෙන්නට මගේ හිතේ කිසිම බලාපොරොත්තුවක් නැත්තේය. මලත් ෆාති අක්කා අතින් නම් ඒ ටිකට් එක එපාමය. ඒ නිසා රෑ දෙගොඩහරියේ හරි ලියන එකත් ලියනවාමය.

කාලෙකට පසු නැවතත් කොළොම්පුරේ එන්නට හැකිවීම නිසාත් බස්සාගේ මූනු පොඩිය දැකගත් නිසාත් හිත සතුටින් පිරී ඉතිරී ගිහින්ය. ඒ නිසා අද කතා මතක් වෙන්නේ නැතිය. හෙට රෑට අලුත් එපිසෝඩ් එක ලියන්නම්ය.

එතෙක් කුරුලු යාලුවෝ සියල්ලන්ටම ටටා බායි වේවාය.

10 comments:

  1. අහම්බෙන් දැක්ක බ්ලොග් එකක් නිසා ගොඩ වැදුනා.කතා නම් එල අවා කියලා යන්න මෙන්න මේ සටහන තියලා යනවා ඔන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. ආයෙත් වෙලාවක බස්සිගෙ නවාතැනට ගොඩවෙලා යන්න එන්නකෝ.

      Delete
  2. පලමුව රස්සාව.දෙවනුව බ්ලොග.ඉතුරු ඒවා ඕනෙ වෙලාවක.

    ReplyDelete
  3. සුබ පැතුම් බස්සි {:)

    ReplyDelete