Sunday, July 7, 2013

9. හයවෙනි කොටස : ඉඟිය



දවසින් දවස බස්සා මගේ ජීවිතේම කොටසක් බවට පත් වුනා. නැතුවම බැරි යාලුවෙක්. යාලුවෙකුටත් වඩා බස්සා මගේම අයියා කෙනෙක් වගේ මට දැනෙන්න පටන් ගත්තා.

මගේ ෆේස්බුක් එකවුන්ට් එක හැක් කරපු දවසට පස්සෙ බස්සා මට ගොඩාක් දේවල් කියලා දුන්නා. මිනිස්සු ගැන, සමාජෙ ජීවත් වෙන්නෙ කොහොමද කියන එක ගැන, කැම්පස් එකේදි අවුල් හදා ගන්නෙ නැතුව ඉන්න විදිය වගෙ ගොඩාක් දේවල්.  හැම වෙලේම එයා මගේ ගැන හෙව්ව බැලුව. හැමදාම රෑට මම එදා දවසෙ කරපු කියපු දේවල් එයාට කියන්නත් මම පුරුදු උනා. අදටත් ඒ පුරුද්ද එහෙමමයි.

කාගෙන් හරි බැනුම් අහලා අවුලෙන් ඉන්න දවසට බස්සා මගේ හිත හදන විදිහට තමයි මම වැඩිපුරම කැමති වුනේ. ගොඩාක් අය ඒ වගේ වෙලාවට කරන්නෙ අපිත් එක්ක එකතුවෙලා ප්‍රශ්නෙ හදාගත්තු කෙනාට පතුරු යන්න බනින එකයි. ඒත් බස්සා කවදාවත් එහෙම කලේ නෑ. බස්සා කිව්වෙ අපි ප්‍රශ්නයක් දිහා බලනකොට හැම පැත්තෙන්ම බලන්න පුරුදු වෙන්න ඕනෙ කියලයි.

“ඔයාට මෙහෙම දෙයක් වුනා කියල හිතන්න. ඔයාටත් ඒ වෙලාවට ටිකක් තරහ යයි. එයා වගේ කෑගහල බැන්නෙ නැතත්,ඔයත් හිත යටින් හරි එයාට බනීවි. එහෙම නේද?”

බස්සා ඒ විදිහට තේරුම් කරනකොට මගෙ ප්‍රශ්න සේරම අතුරුදහන් වෙලා යනව.



*************************************************************************


ඔහොම ඉන්න අතරෙ දවසක් බස්ස මට කියනව මෙන්න මෙහෙම.

“ඔයා දන්නව නේද අර බස්ස(මේ වෙලාවෙ පාවිච්චි කලේ බස්සගෙ ඇත්තම නම.) කියන හාදයව?”

“ඔව්. ඉතින්”

“අන්න එයාට ඕනෙලු තමන්ගෙ ජීවිතේ වෙනසක් කරගන්න.”

බස්ස මේ මොකක්ද කියන්න හදන්නෙ! “මොකද්ද අනේ වෙනස?”

“එයාට ඕනෙලු තමන්ගෙ ජීවිතේ තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න.”

ආව් ආව්!! බස්සාට crush එකක්. “කව්ද අනේ ඒ ලකී ගර්ල්?” මම ඇහුවෙ මාරම කුතුහලෙන්.
මමත් ඉතින් රොයිටරේනෙ. ඔහොම නිව්ස් එකක් හම්බ උනාම මාරම ෆන්.

“දැන් වැඩේ ගොඩද බස්ස අයියෙ?”

“හ්ම්ම්ම්ම් සීයට පනහක් හරි.”

එලමකිරිනෙ. බස්සා මටත් හොරෙන් වැඩේ කරගෙන නේද කියලා හිතට පොඩී දුකක් වාගෙ එකකුත් දනුනා. ඒත් කුතුහලය ඊට වඩා වැඩීනෙ.

“කව්ද එයා? එයා මොකද කිවුවෙ?”

“එයා ඒක දන්නෙවත් නෑනෙ.” බස්සා කියපි.

“එහෙනම් හලෝ දැන් සීයට පනහක් හරි කිවුවෙ”

“ඔව්. ඒ මගේ සීයට පනහනෙ.”

හපොයි මොකටද මේව ගැන කතා කරලා. කෙල්ලගෙන් සීයට බිoදුවයි එහෙනම්. බස්සගෙ පන්තියෙම අක්කා කෙනෙක් වෙන්න ඇති. එයාව සෙට් උනාම බස්සට මාව නිකම්ම අමතක වෙලා යාවි.

කෙල්ල එදා හිටියෙ සීයට බිoදුවෙම තමයි.

6 comments:

  1. ඔව් ඉතින් බස්සිගෙ ටියුබ් ලයිට් එක ඒ දවස්වල පත්තු වෙන්නෙම නෑනෙ

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බස්සි ඉලෙක්ට්‍රොනික්ස් කරන බස්සෙක්ව හොයා ගත්තෙ. දැන් ටියුබ් ලයිට් එක ඉස්සරට වඩා පත්තු වෙනව නේද?

      Delete
  2. ආදරය ගැන 1% වත් විස්වාසයක් නැතුව කරන් වසර 5ක ආදර කතාව නවතපු සෝ දුකින් ඉන්න phone off කරන් වෙලාවක මගේම අතීත මතකයන් මතක් කර දෑස තෙත් කල බ්ලොග් කොලමට පින්!

    ReplyDelete
    Replies
    1. සoවේදීව හදවතට කතා කරන්න බස්සිගෙ බ්ලොග් පිටුවට හැකිවුන එක සතුටක්. ආදරේ අපි ළඟට එන්නෙත්, අපෙන් ඈත් වෙන්නෙත් අපි නොහිතන වෙලාවට. ලැබුන වෙලාවට හිත පිරෙන්න මතක එකතු කරගන්න එක තමයි කරන්න ඕනෙ. :)

      Delete
  3. අනේ මන්ද .....
    මේක කියවගෙන යද්දී මටම හිනා යනවනේ...
    :)
    ලස්සනට ලියල තියෙනවා

    ReplyDelete
    Replies
    1. අනේ මෙන්න මෙයා බස්සිගෙ ටියුබ් ලයිට් භාවයට හිනා වෙනවලු..... ඔය 50% කතාව අපේ අල අයියලා අතරෙ ගොඩක් ප්‍රසිද්ධ බව මම දැනගත්තෙ පස්සෙ.

      Delete